මට නම් ගෙදර යන්න බෑ වගේ ඕයි………………………….”

“අනේ මහත්තයා ගෙදර නොගිහින් අපි කොහෙ යන්නද?මෙතෙන්ට වෙලා ඉන්න බෑනෙ.මට නම් හරිම බයයි වගේ මහත්තයා…………………………….”😢

“තමුසෙ මටද බය ආ?මට බය වෙන්න එපා ඕයි.මං තමුසෙට මොකුත් කරන්නෑ…………………………”

මේ යකා ගෙදර යන්නැතුව මේ පාර අයිනෙ කාරෙක නතර කරගෙන මොන මගුලක් කරන්න හදනවද මන්දා. අනුරාග් මහත්තයගෙ හිතේ මං ගැන විශේෂයක් තියනවා කියලා මට එයාගෙ හැසිරීමෙන් කතා බහෙන් තේරෙනවා.

ඒත් එයාගෙ හිතේ තියන දේවල් වලට කැමති වෙන්න මට පුලුවන් කමක් නැහැ.මොන අම්මද කැමති වෙන්නෙ තමන්ගෙ පුතාට ගෙදර වැඩකාරිව කසාද බන්දලා දෙන්න.මේ මැටි හරකාට ඒක තේරෙන්නෑනෙ.😂

ගෙදර යමු කිව්වත් අනුරාග් මහත්තයට ගෙදර යන්න උවමනාවක් නැහැ.සීට් එකට හේත්තු වෙලා කකුල් දෙක හොලව හොලව මට වැලමිටෙන් අනිනවා.

“මට ආදරෙයිද කියනවකො ඕයි?…………………………..”😃😚

අනුරාග් මහත්තයා ඒක ඇහුවෙ මගෙ මුහුණට එබිලා මගෙ කම්මුලක් මිරිකන ගමන්.මට හිනා මේ යකාගෙ කෝලම් වලට.

“කවදාවත් හැබෑ වෙන්නැති හීන මවන්න එපා මහත්තයා………………………….”

“තමුසෙ කොහොමද කියන්නෙ මේ හීන කවදාවත් හැබෑ වෙන්නෙ නෑ කියලා?මට ඕනි දේ මං කොහොම හරි කරලා මිසක් නවතින්නෙ නැහැ.තමුසෙ අන්න ඒක හොඳට මතක තියා ගන්නවා…………………………”😠

මට එක දෙයක් නම් තේරෙනවා. අනුරාග් මහත්තයා මට ඇත්තටම ආදරෙයි නම් එයා ලොකු නෝනයි මහත්තයයි කොහොම විරුද්ධ වුනත් මාව එයාගෙ කර ගන්නවා.ඒත් මං කොහොමද ලොකු නෝනට විරුද්ධ වෙන්නෙ?මං හරිම අසරණයි.

“අනේ මහත්තයා අපි දැන්වත් යමුකො ගෙදර.මට හරිම බඩගිනියි…………………………….”

“තමුසෙට බඩගිනි නෑ.තමුසෙ ගෙදර යන්න බොරු කියන්නෙ කියලා මං දන්නවා.ආ වතුර ටිකක් බොනවා…………………………..”

කාරෙකේ පිටිපස්සෙ සීට් එකේ තිබුනු වතුර බෝතලයක් අරන් අනුරාග් මහත්තයා මගෙ අතට දුන්නා.යාන්තං වගේ බඩගින්නක් දැනුනු නිසා මං ඒ වතුර බෝතලේ තිබුනු වතුර ටික බිව්වා.

පව් බඩගින්නෙ ඇත්තෙ.ඒකයි වතුර ටික ඔක්කොම බිව්වෙ.පිස්සු කෙල්ල. ගෙදර යන්න කලින් කොහොම හරි ආදරෙයි කියලා කියව ගන්න ඕනි.

“ගෙදර යන්න ඕනි නම් මං කියන දේ කරනවද?………………………….”

මගෙ කන ළඟට කිට්ටු වෙලා අනුරාග් මහත්තයා එහෙම අහද්දි මට තේරුණා මූ මොකාටද එන්න හදන්නෙ කියලා. මොනවා කරන්න කියලා කියයිද දන්නෑ මූ මට.

“මොකක්ද මහත්තයා මං කරන්න ඕනි?………………………..”

“අද අම්මාත් ගෙදර නැති එකේ මං රෑට තමුසෙ ගාවින් නිදා ගන්නද?………………………….”

⚡මගෙ අම්මෝ මූ ඒක අහපු හැටි.හත් දෙයියනේ මූට කිසිම ලැජ්ජාවක් නැති හැටි.මගෙ බඩ පපුවත් දැවිල්ල ගත්තා මූ ඒක කියද්දි.මං ගාවින් නිදා ගන්න, වරෙන්කො.ආවොත් නිදාම ගනියි මූ.මං දන්නවනෙ මුගෙ හැටි.😁😉

“අනේ……මහත්තයා මොනවද මේ කියන්නෙ?…………………………”

“ඇයි?නිදා ගන්න විතරයි මං අවසර ඉල්ලුවෙ.වෙන මොකුත් කරන්නෙ නැහැ.බය වෙන්න එපා…………………………..”☺️😉

“මහත්තයා මහත්තයගෙ කාමරේ නිදා ගන්න.මගේ කාමරේට එන්නෙ මොකටද?ලොකු නෝනා දැනගත්තොත් මං ගැන මොනවා හිතයිද?…………………………..”

“මොනවා හිතන්නද?එයා ළඟදීම තමුසෙගේ නැන්දම්මා වෙනවා බලනවකො……………………….”

අනුරාග් මහත්තයා තට්ටු පිට තට්ටු හීන මාලිගා හදනවා.ඒ හීන කවදාවත් හැබෑ වෙන්නෑ කියලා මං එයාට කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් වුනේ නැහැ.අනුරාග් මහත්තයා නිසා කවදා හරි දවසක මට සිද්ද වෙන්නෙ ලොකු නෝනගෙන් නොසෑහෙන්න බැනුම් අහන්න.

මං ඒ ගෙදර වැඩකාරි වුනත් ලොකු නෝනා මට සළකන්නෙ දරුවෙකුට වගේ. එහෙම සැළකුවත් එයා කවදාවත් මාව එයාගෙ පොඩි ලේලි කරගන්න කැමති වෙන්නෙ නැහැ.

ඒත් අනුරාග් මහත්තයගෙ ආදරේ ප්‍රතික්ෂේප කරන්න තරම් මට හිත හදා ගන්න බැහැ.මගෙ හිතේ එයා ගැන තියෙන්නෙ මහා අමුතු ආදරණීය හැඟීමක්.එයාගෙ දඩබ්බරකමට,හිතුවක්කාරකමට, මුරණ්ඩුකමට මහ පුදුම විදියට මගෙ හිත බැඳුනා.

“තමුසෙ ඔහොම කල්පනා කරන්න එපා සකුණි.මං දන්නවා තමුසෙ මට ආදරෙයි කියලා.ඒක තමුසෙ මට කියන්න බයයි.ඒකයි ඔය සද්දෙ නැතුව ගොලුවෙක් වගේ ඉන්නෙ.තමුසෙ මට ආදරේ කරොත් අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුම් අහලා මහා ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා අන්තිමට දුක් විඳින්න වෙයි කියන බය තමුසෙගෙ හිතේ තියනවා.එහෙම නේද?…………………………….”

මගේ හිතේ තිබුනු දේ හරියටම අනුරාග් මහත්තයා කිව්වා.එයාට මේ දේවල් සුළු දේවල් වුනාට මට හරිම බයයි.කාරෙකේ තිබුනු පුංචි ඔරලෝසුවේ වෙලාව රාත්‍රී දහයයි පහ ලෙස සටහන්ව තිබුනා.අනුරාග් මහත්තයට ගෙදර යන්න උවමනාවක් නැහැ වගේ.

“මහත්තයා දහයත් පහු වෙලා.මට බඩගිනියි.ගොඩාක් නිදිත්මතයි.අනේ අපි ගෙදර යමු…………………………..”

එවර නම් අනුරාග්ට සකුණි ගැන අනුකම්පාවකුත් දැනුනා.දවල් කාපු ගමන් ඇය මේ ඉන්නෙ.ගොඩක් බඩගිනිත් ඇති.

එහෙම හිතපු අනුරාග් රිය ධාවනය කරා.එහෙත් ඔහුගේ නෙතු තියෙන්නෙ සකුණි ළඟ.ඇය ඉන්නෙ අහක බලාගෙන.ඔහුට හිතුණා ඇයව ටිකක් බය කරන්න.එකපාරටම මහ හයියෙන් බ්‍රේක් ගහලා පාරෙ අයිනෙ කාරෙක නවත්තපු අනුරාග් පපුව අල්ලගෙන හයියෙන් කෙඳිරි ගෑවා.

“අනේ දෙයියනේ……අනුරාග් මහත්තයා ඔයාට මොකද වුනේ?අනේ ඇයි කෑ ගහන්නෙ?………………………..”😢

පපුවත් අල්ලගෙන අනුරාග් මහත්තයා කෑ ගහන විදියට මං හොඳටම බය වුනා.එකපාරටම මේ මනුස්සයට මොකද වුනේ?අනේ දෙයියනේ මෙච්චර වෙලා හොඳට හිටියනෙ.

“මට……ඉන්න බෑ……අයියෝ සකුණී…… මගෙ පපුව…….කැක්කුමයි….. ආ………………….”🤣😂😉

අනේ දැන් මොකද කරන්නෙ.පපුවෙ කැක්කුම වැඩි වෙලා අනුරාග් මහත්තයා……..නෑ….නෑ අනේ අනුරාග් මහත්තයට මොකුත්ම වෙන්න එපා. ඇස් දෙකෙන් කඳුලු ගලද්දී මං අඬ අඬා අනුරාග් මහත්තයගෙ පපුව අතගෑවා.

ඒත් වැඩ වුනේ නැහැ.කිසිම දෙයක් කරගන්න බැරුව මං ෆෝන් එක අතට ගත්තෙ ලොකු නෝනට කෝල් එකක් දීලා බලන්න.ඒත් මේ වගේ ෆෝන් වලින් කෝල් ගන්න මං දන්නෙ නැහැ. පාරෙ කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න හිතාගෙන නැගිටිද්දී එකපාරටම කෙඳිරි ගගා හිටපු අනුරාග් මහත්තයා පපුවත් අල්ලගෙම මගෙ ඇඟට වැටුනා.

“අනේ කතා කරන්න මහත්තයා.අනේ මොකද දෙයියනේ මේ සිද්ධ වුනේ?අනේ කතා කරන්න මගෙ රත්තරනේ.ඔයාට මොකුත් වෙන්න මං ඉඩ තියන්නෑ.මං ඔයාව කොහොම හරි හොස්පිටල් එකට එක්කන් යනවා……………………………”😭😭

අනුරාග් මහත්තයව සීට් එකේ ඉන්දෝලා මං දොරත් ඇරගෙන එළියට යන්න හැදුවෙ කාගෙන හරි උදව්වක් ඉල්ලන්න.ඒත් දොර අරින්න හදනකොට එකපාරටම අනුරාග් මහත්තයා මගෙ අතින් අල්ල ගත්තා.

මං ඉබේටම පිටි පස්ස හැරුනා.අනුරාග් මහත්තයා බඩ අල්ලන් හොඳටම හිනා වෙනවා😂🤣😆අනේ දෙයියනේ මේකා මෙච්චර වෙලා බොරුවක්ද කරේ?😠😠

“අනුරාග් මහත්තයා ඔයා……😠ඔයා බොරුවක්ද කරේ?මෙච්චර වෙලා පපුවත් අල්ලගෙන කෑ ගැහුවෙ බොරුවටද?……………………………”😠

“මොකද මේ කේන්ති ගිහින් මගෙ මැණිකෙට?ඉස්සෙලා ඔයා මගෙ රත්තරනේ කියලා කිව්වා නේද මට?මං ඔයාගෙ රත්තරංද?………………………….”😘😚

අනුරාග් මහත්තයා මගෙ මූණට කිට්ටු වෙලා එහෙම අහද්දී නම් මට පොළව පලාගෙන යන තරමට ලැජ්ජාවක් ඇති වුනා.ඉස්සෙල්ලා මේකාට මොනවා හරි වුනා නම් මටයි ඇත්තටම හාට්ටැක් එකක් හැදෙන්නෙ.

“මං…..එහෙම…..කිව්වෙ නැහැ මහත්තයා…………………………”

“බොරු කියන්න එපා මට හොඳට ඇහුනා.ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මගෙ පපුව අතගාලා මගෙ රත්තරංට මොකද වුනේ කියලා ඇහුවා නෙහ්.😁…………………….”

“ඇහුවා තමයි…………………………”

“දැන් වත් කියනවකො මට ආදරෙයි කියලා…………………………”

“මාත් එක්ක තරහ වෙන්න එපා මහත්තයා.මං ඒ ගෙදර වැඩකාරි. කවදාවත් මාව ඒ ගෙදර ලේලි කරගන්න ලොකු නෝනගෙ කැමැත්තක් ලැබෙන්නෙ නැහැ. මහත්තයා හොඳ ලස්සන නෝනා කෙනෙක්ව බඳින්න……………………..”

“වෙන එකෙක්ව බඳින්න ඕන් නම් මං තොට ආදරෙයි කියනවද හු### යෙ.මං මෙච්චර වෙලා තොට තේරෙන සිංහලෙන් කට කැඩෙනකල් කිව්වා අම්මලාගෙ අකමැත්තෙන් මට වැඩක් නෑ කියලා………………………..”😡😡

“ඒ වුනාට මට වැඩක් තියනවා……………………….”😭😡

“මොකක්ද තොට තියන වැඩේ?සකුණී, මං හොඳට හොඳයි නරකටත් අන්තිම නරකයි.මට ඕනි දේ නොලැබුනොත් මං ඒක බලෙන් හරි ලබා ගන්නවා……………………….”

නැවත හමුවෙමු🐉👹️🔥😡

ළමායි,මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩියි.කතාව ටයිප් කරගන්නත් වෙලාවක් නෑ.චුට්ටයි කියලා තරහා වෙන්න එපා ඉතින්.