තාත්තී අම්මි ඇම තිස්සෙම බබාත ගානවා.අම්මි බබාත ආදලේ නෑ………………………..”

ඕන් පටන් ගත්තා කේලම් කියන්න. සෙනේෂ් ඔෆිස් ඇරිලා ගෙදර ආවා විතරයි කෙල්ල දුවගෙන ගිහින් කේලම කනේ තිබ්බා.වැරැද්දකට පුංචියට පාරක් ගැහුවත් මෙයා ඒක ඇඟෙන් කෑල්ලක් ගිය සයිස් එකට කියන්නෙ.

“අම්මි බබාට ගොඩාක් ආදරෙයි මැණික.ඔයා ඉතින් අම්මිට කරදර කරනවනෙ දවස තිස්සෙම දඟ වැඩ කරලා. ඉතින් අම්මිට කේන්ති යනවනෙ.බබා මීට පස්සෙ දඟ වැඩ කරන්න බෑ ඔන්න.එහෙම කරොත් තාත්ති චොක්ලට් ගෙනත් දෙන්නෙ නෑ බබාට………………………..”

සෙනේෂ් කෙල්ලට එහෙම කියද්දී කෙල්ල තරහ වෙලා වගේ හිටියා. සෙනේෂ් කෙල්ලගෙ කම්මුලක් සිපගෙන බෑග් එකේ තිබුනු ලොකු චොක්ලට් එකක් කෙල්ලගෙ අතට දුන්නා.කට ඇරගෙන හිනා වෙලා ඒ චොක්ලට් එක අරන් දෝණි දුවගෙන සාලෙට ගියා.

“ඔයා තමයි දෝණිව නරක් කරන්නෙ සෙනේෂ්.හැමදාම චොක්ලට් අරන් දීලා දත් පණුවො කයි අනේ.දත් මදින්න ගියාම හැමදාම දෙකක් දීලයි මද්දන්නෙ.කියන දේ චුට්ටක්වත් අහන්නෑ………………………”

“ඔහොම තමයි මහීමා තාම හුරතල් වයසනෙ ඉතින්.ඔය වයසට කොයි ළමයත් ඔහොම දඟ වැඩ කරනවා ඉතින් ගනන් ගන්න එහෙම එපා………………………”

“ඔයා නම් කියයි ඉතින් මමනෙ දවස තිස්සෙම මෙයාගෙ වදේ විඳින්න ඕනි. හරියට මුරණ්ඩුයි කියන දෙයක් අහන්නෙම නෑ.ලොකු වෙනකොට කොහොම හැදෙයිද දන්නෑ………………………”

“දෙයක් කියන්න අප්සට් යනෙකක් නෑනෙ………………………..”

“මොකක්ද?……………………….”

“නෑ එක්කො ඕන්නෑ………………………”

“මං දන්නවා සෙනේෂ් ඔයා කියන්න හදපු දේ.දෝණි පෙනුමෙන් මං වගේ වුනාට එයාට තියෙන්නෙ සුරේෂ්ගෙ ගති ගුණ.හරිම මුරණ්ඩුයි කියන දෙයක් අහන්නෙත් නෑ………………………”

“දුක් වෙන්න එපා මහීමා.තාම දුවට අවුරුදු තුනයිනෙ.මේ වයසෙ හැටිනෙ. ලොකු වෙනකොට මේ ගතිය වෙනස් වෙයි.ඔයා බය වෙන්න එපා………………………..”

💐💐

“මහීමා මං කිව්වෙ නැද්ද කෙල්ලගෙ මුරණ්ඩුකම් නවතියි කියලා.අර බලන්නකො………………………..”

සෙනේෂ් මගෙ අතින් අල්ලගෙන කාමරේට ගියා.දෝණි එයාගෙ මල්ලි ගාවට වෙලා එයාට සිංදු කියලා දෙනවා.කතන්දර කියනවා.මල්ලිගෙ චූටි කම්මුල් ඉඹිනවා.දෝණි හරිම ආදරෙයි එයාගෙ මල්ලිට.

“දෝණි මල්ලිට නිදා ගන්න දෙන්න පැටියො………………………”

මං එහෙම කිව්වම දෝණි පුතාට පොඩි නෙට් එක දාලා මං ගාවට ආවා.පුතාට තාම මාස දෙකයි.දෝණිට දැන් අවුරුදු තුනහමාරක් වෙනවා.

දෝණිවත් නාවලා ඉවර වෙලා මං කාමරේ තිබුනු කබඩ් එකයි අස් කරා. පුංචි වුනාට දෝණිත් ඇවිත් මට ඒකට උදව් කරා.

“තාත්ති මේ කව්ද?තාත්ති වගේමයි…………………….”

මොකක්දෝ මන්දා ෆොටෝ එකක් සෙනේෂ්ට පෙන්නලා ඒකෙ ඉන්නෙ කව්ද කියලා දෝණි ඇහුවා.මගෙ හිතට මොකක්දෝ මන්දා වුනා වගේ දැනුනා. මං නැගිටලා ගිහින් ඒ ෆොටෝ එක බැලුවා.ඒක සුරේෂ්ගෙ ෆොටෝ එකක්.

“මේ තමයි ඔයාගෙ බාප්පා……………………..”

“බාප්පි කෝ දැන්?………………………..”

“බාප්පි ඉන්නෙ රට.ඔයා පැහිච්ච ආච්චියෙක් දෝණි.හැම දෙයක්ම හොයනවා.යන්න ගිහින් ආච්චිගෙන් කතන්දරයක් අහ ගන්න………………………”

කෙල්ලගෙ අතින් ෆොටෝ එක අරන් ස්ටූල් එක උඩින් තියපු සෙනේෂ් මහීමා ගාවට කිට්ටු වුනා.ඇගේ දෑස් වල කඳුලු. ඇය දුකින් සිටිනවාට ඔහු කැමති නැහැ.ඔහු ඇගේ ඇස් වල කඳුලු තම ඇඟිලි තුඩු වලින් පිස දැම්මා.

“සුරේෂ්ව මතක් වුනාද මැණික?……………………”

“ඔව් සෙනේෂ්………………………”

“දුක් වෙන්න එපා රත්තරං.සමහර විට එයා කොහේ හරි හොඳ තැනක ඉපදිලා ඇති………………………”

සෙනේෂ්ගේ ගතිගුණ ගැන මට පුදුමත් හිතුණා.මගෙ ඇස් වලට සුරේෂ් වෙනුවෙන් උනපු කඳුලු වලට එයා මගෙ හිත රිද්දුවෙ නැහැ.මගෙ හිත සෙනේෂ් හොඳට තේරුම් ගත්තා.

මගේ අම්මයි අප්පච්චියි සති තුනක සංචාරයක් සඳහා සිංගප්පූරු ගියා. අම්මලා ගියාම පාලු නිසා මායි සෙනේෂුයි දුවයි පුතයි අපේ ගෙදරට ගියා.මායි සෙනේෂුයි ආදරේ කරන්න ගත්තු මුල් දවස් වලදී සෙනේෂ් නිතරම අපේ ගෙදර ආවා.ඒත් සුරේෂ්ගෙයි මගෙයි විවාහයෙන් පස්සෙ සෙනේෂ් මේ ගෙදරට ආපු මුල්ම වතාව තමයි මේක.ඉස්සර මං සෙනේෂ්ගෙ ඔෆිස් එකේ වැඩ කරන කාලෙ වැඩ ඕෆ් වුනාම සෙනේෂ් මාව ගේට්ටුව ලඟටම ගෙනත් බස්සනවා.මට ඒ අතීතයේ සිදුවීම් එකින් එක මතක් වුනා.

සුරේෂ් මාව සෙනේෂ්ගෙන් වෙන් කරන්න හදපු හැටි මට බලහත්කාරකම් කරපු හැටි මගෙයි සෙනේෂ්ගෙයි ආදරේට කන කොකා හඬපු හැටි අපේ ආදරේ නිසා මං අඬපු හැටි සුරේෂ් මාව කසාද බැඳපු හැටි එයා මට සළකපු හැටි සුරේෂ් හොඳ මනුස්සයෙක් වුනු හැටි එයා අපි හැමෝමව දාලා ගිය හැටි සෙනේෂ් මාව විවාහ කරගත්තු හැටි ඒ හැම දෙයක්ම මට මතක් වුනා.ඒ හැම මතකයක්ම මගෙ හිතට දුකක් ගෙන දුන්නා.

සුරේෂ් මට මොන තරම් නරක විදියට සැළකුවත් මගෙ හිතේ එයාගෙ මරණය ගැන අදටත් මතක් වෙද්දී දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා. මොන දේ කරත් එයා අන්තිමට හැම නරක වැඩක්ම අතෑරලා හොඳ මනුස්සයෙක් වුනානෙ.කලින් ආත්මෙක කරපු මොකාක් හරි ලොකු පවක් එයාට මේ ආත්මෙදි පල දුන්නෙ.එයා හොඳ තැනක ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරා.

“ලොකූ කල්පනාවක වගේ……………………..”

සෙනේෂ් ඇවිත් මං ගාවින් වාඩි වෙනකල් මං දැක්කෙ නෑ.

“පොඩි උන් දෙන්නා නිදිද සෙනේෂ්?……………………..”

“දෙන්නම නිදි.ගමන් මහන්සිය නිසාම හොඳට නිදි.ඔයා මොනවද කල්පනා කර කර හිටියෙ?………………………”

“මට අපි දෙන්නගෙ අතීතෙ මතක් වුනා සෙනේෂ්.අපි මුණ ගැහිච්චි හැටි ආදරේ කරපු හැටි වෙන් වෙච්චි හැටි ආයෙත් එකතු වෙච්චි හැටි එහෙම මතක් වුනා……………………….”

“ඒ දුක්බර අතීතෙ ගැන කල්පනා කරාම දුක ඇරෙන්න වෙන දෙයක් ලැබෙන්නෙ නෑ මහීමා.අපි දැන් හිතන්න ඕනි අපේ දරුවන්ගෙ අනාගතේ ගැන……………………….”

“ඔයා ඉන්නකල් මං කිසිම දේකට බය වෙන්නෑ සෙනේෂ්…………………………”

මම සෙනේෂ්ගෙ පපු තුරුලේ හිස තබා ගත්තා.මගේ හිස මත සෙමින් ඇඟිලි තුඩු යැවූ සෙනේෂ් මදක් පහත් වී මගෙ දෙතොල් ඒ දෙතොල් වල ග්‍රහණයට නතු කර ගත්තා.ඉන් නොනැවතුනු ඔහු ඒ තොල්පෙති වල පහස මගෙ ගෙලෙහිත් උරහිස් වලත් රැන්දුවා. සයනය මත මා සැතපවූ ඔහු මගේ නෙත් තුලට එබුනා.ඒ නෙත් වල තිබූ ආකර්ෂනීය බව ආදරණීය බව එදා සේම අදත් එලෙසමයි.කිසිදිනෙක මා තනි නොකල ඔහු මට විශාල රැකවරණයක් වුනා.

“ආදරෙයි මැණික………………………”❤️❤️

සමාප්තයි❤️

Advertisment