“මේ මොකද දුවේ වුනේ?මොනවා වෙලාද ඔයාගෙ නලල තුවාල වුනේ?…………………….”

ගේ ඇතුළට ආපු ගමන්ම අම්මා බය වෙලා වගේ මං ගාවට දුවගෙන ඇවිත් එහෙම ඇහුවේ පුදුමයෙන් වගේ මං දිහායි සුරේෂ් දිහායි මාරුවෙන් මාරුවට බලමින්.

“මෙ……මේ……කාරෙකේ දොරේ වැදිලා තුවාල වුනේ අම්මෙ……………………..”😥

“වාඩි වෙන්න පුතේ.මං ඔයාලට බොන්න මොනවහරි හදාගෙන එන්නම්………………………….”

එහෙම කියලා අම්මා කුස්සියට ගියා. මාත් අම්මා පස්සෙන්ම කුස්සියට යන්න හදද්දී සුරේෂ් මගෙ අතින් අල්ලලා නතර කරා.

“ගිහින් ඇඳුම් ටික අරන් එනවා ගෙදර යන්න……………………..”

ඒත් මං කාමරේට ගියේ නෑ.සුරේෂ් මං දිහා බලාගෙන හිටියා.

“කණ ඇහෙන්නෙ නැද්ද තමුසෙගෙ?මං කොහොමටත් තමුසෙගෙ කකුල් ගාවට එන්නෙ නෑ එක්කන් යන්න.දරුවා ගැන හිතලයි මං තමුසෙව එක්කන් යන්න ආවෙ………………………”😠

සුරේෂ්ට ඊට වඩා වැඩි යමක් කියන්න හම්බුනේ නෑ.අම්මා බීම බන්දේසියකුත් අරන් සාලෙට ආවා.

“ආන්ටි,මං ආවෙ මෙයාව ගෙදර එක්කන් යන්න.ඔයාවත් මෙයාට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න.හරිම මුරණ්ඩුයි අප්පා…………………….”

“මං මෙයාට මේ දවස් ටිකේම තේරුම් කරලා දුන්නා පුතේ.නොදැනුවත්ව හරි අපේ දූගෙ අතින් වරදක් සිද්ද වුනා නම් සමාව දෙන්න පුතේ.දරුවා ගැනවත් හිතලා ඔයාලා දෙන්නා සමගියෙන් ඉන්න පුතේ.තියන ප්‍රශ්න ඔයාලා දෙන්නා කතා බහ කරලා විසඳගන්න……………………..”

අම්මයි සුරේෂුයි මොන දේ කතා කරත් මට අන්තිමට සුරේෂ් එක්ක ගෙදර යන්න සිද්ද වෙනවා කියලා තේරුණා. ඇස් දෙකේ කඳුලු පුරවගෙන මං පඩිපෙළ නැගලා කාමරේට ගියා.ටික වෙලාවකින් අම්මත් කාමරේට ආවා.

“හිත හදාගන්න දුවේ.කොහොම හරි අන්තිමට සුරේෂ් පුතා ඔයාව එක්කන් යන්න ආවනෙ.එයා ආයෙ ඔයාට කරදර කරනෙකක් නෑ.හැම ප්‍රශ්නයක්ම අමතක කරලා ඔයාලා දෙන්නා සතුටින් එක වහලක් යට ජීවත් වෙන්න………………………”

අකමැත්තෙන් වුනත් මං ඇඳුම් ටික බෑග් එකට දාගත්තා.ටික වෙලාවක් යද්දී සුරේෂුත් කාමරේට ආවා.

“මොකෝ යන්න බෑ වගේද?……………………..”

“නෑ……………………..”

“මේ දවස් ටිකේම තමුසෙව නැතුව මං හිටියෙ පිස්සුවෙන් වගේ………………………”

සුරේෂ් ඇගේ අතින් අල්ලගෙන මුහුණට මුහුණ කං කරගෙන එහෙම කිව්වා.ඒ සුසුම් හඬ පවා ඇගේ කම්මුල් වලට වැදුනා.ඇය නිහඬයි.ඒ නිහඬ බව හමුවේ ඔහු ඇගේ දෙතොල් මත තම දෙතොල් වල සිසිලස පැතිරුවා. අඩවන් වූ ඇගේ නෙත් සඟල මත සිය තොල් වල පහස රැන්දූ ඔහු ඇයගේ උරහිස මත නිකට තබා ගත්තා.දොරට තට්ටු කරන සද්දයක් ඇහුනු නිසා ඇය ඉක්මනින් ගොස් දොට ඇරියා.

“පුතාලා අද ඉඳලා යන්නකො.මං මේ කෑම ලෑස්ති කරන්න හැදුවෙ…………………….”

“බෑ ආන්ටි.මේ දවස් ටිකේම ඔෆිස් යන්නත් තියනවනෙ.අපි එහෙනම් යමු මහීමා……………………..”

කාරෙක එලවන ගමනුත් ඔහු වරින් වර බැලුවේ ඇය දෙසයි.ඇය උන්නේ දිගු කල්පනාවකයි.ඔහුට සුසුමක් හෙලුනා. කෙසේ හෝ ඇයගේ මෙම හැසිරීම නැවතිය යුතුයි.නැතිනම් අන්තිමට සිදු වන්නේ ඇය රෝගියෙකු බවට පත් වීමයි.

“මොනවද කල්පනා කරන්නෙ?…………………….”

එම හඬට ඇය ගැස්සී මෙන් ඔහු දෙස බැලුවා.

“මොකුත්……නෑ………………………”

“මොනවද කන්න ඕනි?…………………….”

“එහෙම මොකුත් කන්න බෑ අප්පිරියයි……………………..”

“කන්න ආස දෙයක් තියනවා නම් කියන්න.මං ගෙනත් දෙන්නම්.පලතුරු එහෙම මොනවද ආස කන්න?……………………”

“ෆෘට් ජූස් වලට නම් ආසයි…………………..”🍹😋

“හ්ම්ම්……………………”

කඩයක් ලඟ වාහනේ නවත්තපු සුරේෂ් වාහනෙන් බැහැලා ගිහින් පලතුරු බීම බෝතල් තුන හතරක්ම මට ගෙනල්ලා දුන්නා.

“මෙච්චර ගොඩක්?…………………..”😱

“එකසැරේ බොන්න කිව්වෙ නෑනෙ ඔය ටික.ෆ්‍රිජ් එකේ දාලා තියලා හිතුනු හිතුනු වෙලාවට බොන්න……………………”

සුරේෂ් මාව ගෙදර එක්කන් ආපු එක ගැන සුරේෂ්ගෙ අම්මා ගොඩාක් සතුටු වුනා.මං හිතුවෙ සුරේෂ්ගෙ අම්මා මාත් එක්ක තරහෙන් ඇත්තෙ කියලා.ඒත් අම්මා මට ආදරෙන් හැම දෙයක්ම තේරුම් කරලා දුන්නා.ඒ මොන දේ සිද්ද වුනත් මගෙ හිතේ සුරේෂ් ගැන කිසිම පැහැදීමක් ඇති වෙන්නෙ නෑ.කාමරේට ඇවිත් බලනකොට අල්මාරියේ බබාලගෙ බඩු වගයක් තිබුනා.බබාලා නාවන බේසමක්,මදුරු දැලක් එහෙම තව ගොඩාක් බඩු තිබුනා.ඒත් පෙනුමෙන් නම් පෙනුනෙ ඒවා ලංකාවෙ බඩු නෙවෙයි කියලා.මං සුරේෂ් දිහා බැලුවා.

“පුදුම වෙන්න එපා.ඕස්ට්‍රේලියාවෙ ඉන්න අපේ බබාගෙ මහප්පා මේවා එව්වෙ…………………..”

මගේ කුසට අත තියලා සුරේෂ් එහෙම කිව්වේ උවමනාවෙන්ම මගේ ඇස් දිහා බලාගෙනයි.දෙයියනේ ඒ කියන්නෙ මේ බඩු එව්වෙ සෙනේෂ්ද?මං හරිම ආසාවෙන් ඒ බඩු සේරම ටික අතට අරන් බැලුවා.

අම්මපා මට නම් හිතෙනවා මේ බඩු ටික පුච්චලා දාන්න.මං දෙයක් අරන් දුන්නම නම් මහීමා මේ විදියට සතුටු වෙන්නෑ.ඒත් සෙනේෂ් ගෙනත් දීපු බඩු ටික දැක්කා විතරයි පුදුම සතුටක් මූණෙ තියෙන්නෙ.

සුරේෂ්ට බෑ මහීමාගේ හිත තේරුම් ගන්න.ඇගේ හිත තවමත් බැඳී ඇත්තේ සෙනේෂ් ලඟය.නමුත් ඇය දන්නවා ඇයට සෙනේෂ්ට ලං වන්නට බැරි බව. අමාරුවෙන් හරි ඇය ඒ අතීතය අමතක කරලන්නට හැදුවත් සුරේෂ් ඇයට නොසලකා හරින විටදී ඇයට මතක් වන්නේ සෙනේෂ්ගේ ආදරණීය ගති ගුණමය.තදින් බැඳුනු ආදර හිතක ඇති ශක්තිමත් භාවය සුරේෂ් නොදනී. ඔහු සූදානම් වන්නේ කෙසේ හෝ ඇගේ සිතින් සෙනේෂ් එලවා දැමීමටයි.තවත් මාස කිහිපයකින් සෙනේෂ් ලංකාවට පැමිණෙයි.ඊට ප්‍රථම ඔහුට මනාලියක් සොයා දෙන්නටයි අම්මාට පැවසිය යුතුය.එවිට ඇගේ සිතින් සෙනේෂ් ටිකෙන් ටිකෙන් ඈත් වනු ඇත.

දිය නාගෙන කාමරේට පැමිණි මහීමා සයනය මත වාඩි වී පොතක් කියවමින් උන්නාය.

“මොකක්ද කියවන පොත?……………………..”

සෙනේෂ් ඇය අසලින් වාඩි වූයේ ඇගේ කරටද අතක් දමා ගනිමින්.

“මේක නවල් එකක්……………………….”

“පොත් කියවන්න ආසයිද?…………………….”

“හ්ම්ම්……………………..”

පොතේ පිටු කිහිපයක් කියවා දැමූ ඇය පොත පැත්තකින් තබා ඇඳෙන් නැගිට්ටා.

“කොහෙ යන්නද ඒ පාර නැගිට්ටෙ?……………………..”

“මල් කඩන්න……………………..”

“කාත් එක්කද?……………………….”😠

ඔහු එය ඇහුවේ මදක් සැරෙන්.

“කාවවත් මොකටද බුදු පහන තියන්න මල් කඩන්න?………………………”
“අහ්……එහෙමද එහෙනම් කමක් නෑ……………………….”

රාත්‍රී ආහාරයෙන් පසුව ඇය පැමිණියේ නිදා ගන්න.නමුත් සුරේෂ් පැමිණියේ නැහැ.මිනිත්තු කිහිපයක් බලා සිට ඇය ඔහු සොයා යන්නට ඇඳෙන් බහින්න හැදුවා.එවිටම වාගේ සුරේෂ් කාමරේට ආවා.

“කොහෙ යන්නද නැගිට්ටෙ?………………….”

“ඔයා කොහෙද ගියේ කියලා බලන්න………………….”

“ඇයි……කෙල්ලට මං නැතුව නින්ද යන්නෙ නැද්ද?…………………..”

මගේ මුහුණට බර වෙලා සුරේෂ් එහෙම ඇහුවා.මං හිමිහිට පාත් වුනා.මාව මැදි වෙන්න අත් දෙක දෙපැත්තට තියා ගත්තු සුරේෂ් මං පෙරවගෙන හිටපු සීට් එක පහතට ඇදලා දැම්මා.මට බය හිතුණා.සුරේෂ් ඉන්නෙ මගෙ ඇඟට බර වෙලා අත් දෙකේ වාරුවෙන්.

“මොකෝ මේ බය වෙලා?………………….”

“මො……මොකුත් නෑ සුරේෂ්.එහාට යන්නකො.මට බයයි අනේ…………………”

“බය වෙන්න එපා.චුට්ටක් ලඟට ආවට මොකුත් කරන්නෑ…………………..”

“අනේ එහාට යන්නකො සුරේෂ්………………….”

මං කියපු දේ ඇහුනෙ නෑ වගේ හිටපු සුරේෂ් පපුව හරහා වැටී තිබුනු කෙස් රොද පසෙකට කරලා මං ඇඳන් හිටපු ගව්මේ පටි දෙක පහලට ඇද්දා.

“ඔයා……මොකද……මේ කරන්න…… හදන්නෙ?අනේ එපා සුරේෂ්…………………….”😥

“මෙතනින් චුට්ටක් ඔලුව තියාගෙන ඉන්නද?ඔයාට අමාරුයි නම් කමක් නෑ…………………..”

මං එපා කියලා කිව්වොත් සුරේෂ්ට කේන්ති ගිහින් මට ගහයි.ඒ හින්දා මං හා කියලා ඔලුව වැනුවා.සුරේෂ් මගෙ හිතට ලං වෙන්න හැදුවත් කවදාවත් මගෙ හිත සුරේෂ්ට ආදරේ කරන්න නම් ලෑස්ති නෑ.ගව්ම ඉන ගාවටම ඇදපු සුරේෂ් මගේ පපු තුරුලෙන් හිස තියා ගත්තා.අහේතුවකටද මන්දා මට මතක් වුනේ සෙනේෂ්ව.අද මෙතන මගේ ජීවිතේ සුරේෂ් වෙනුවට සෙනේෂ් හිටියා මං ඉන්නෙ කොයි තරම් සතුටින්ද?ඒත් මං ඒ ගැන බලෙන්ම වගේ ඒ ගැන නොහිතා ඉන්න උත්සහ කරා.ටිකක් වෙලා හිටපු සුරේෂ් මගේ පපුවෙන් ඔලුව ඈත් කරලා උරහිස හරියෙන් ඔලුව තියා ගත්තා.මං හැදුවේ ගව්ම උඩට කරගන්න.

“ඔහොම තිබිච්චාවෙ මං විතරයිනෙ මෙතන ඉන්නෙ.මොකෝ ලැජ්ජ හිතුනද?………………………”

එහෙම කියපු සුරේෂ් මගේ නිරුවත් කුස හෙමින් හෙමින් අත ගෑවා.දකුණු අතින් මං ළමැද වසා ගනිද්දී සුරේෂ් මං දිහා බැලුවේ තොලත් හපාගෙන මනමාල හිනාවකින් මුව සරසාගෙන.

ඒකට නම් මට හොඳටම ලැජ්ජ හිතුණා.

“මොකෝ වහගත්තෙ?බබාගෙ කුක්කු ටික මං මං බොයි කියලා හිතුවද ආ?………………………”

“අනේ නිදිමතයි සුරේෂ්.දැන් නිදා ගම්මුකො……………………….”

“කපටි කෙල්ල බොරුවට නෙහ් නිදිමතයි කියන්නෙ?……………………….”

“නැහැ.ඇත්ත කිව්වෙ………………………”

“එහෙනම් නිදා ගන්න…………………….”

මං ඇඳුම හදාගෙන නිදා ගත්තත් සුරේෂ් ගව්මෙ පටියට යටින් අත දාගෙන පපුවේ එක් පැත්තක් අල්ල ගත්තා.මට හිතුණා ඒ අත අහකට කරන්නත්.ඒත් මං එහෙම නොකරෙ ඒකටත් සුරේෂ්ට කේන්ති ගියොත් අන්තිමට සිද්ද වෙන්නෙ මට ගුටි කන්නයි.පොඩ්ඩ ඇත්නම් සුරේෂ්ට හරියට කේන්ති යනවා.ඒත් මං එයාගෙ මෙහෙම හැසිරීම් වලට අනුබල දුන්නොත් සුරේෂ් වැරදියට තේරුම් ගනියි මගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති වෙලා කියලා.

💮💮

උදේ මං නැගිටිද්දි සුරේෂ් ඔෆිස් යන්නත් ලෑස්ති වෙලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඔලුව පීරනවා.පොරවගෙන හිටපු බෙඩ් සීට් එක අහක් කරද්දියි මං දැක්කෙ පපුව පුරාම රතු පාට වෙලා තියනවා.මං ඒ මතින් ඇඟිලි තුඩු යවමින් කල්පනා කරා.මගෙ ජීවිතේම මට ගෙවෙන්න සිද්ද වෙලා තියෙන්නෙ මං අකමැති මනුස්සයෙක් එක්ක.මට මහාම මහා දුකක් ඇති වුනා.

පපුවත් අත ගගා ඇය කල්පනා කරන හැටි සුරේෂ් කණ්ණාඩියෙන් දැක්කා. ඔහුගේ මුවට නැගුනේ පැණි බේරෙන මනමාල හිනාවක්.ස්ටූල් එකෙන් නැගිටපු ඔහු සයනය මතට ගොඩ වී ඇයට අසළට කිට්ටු වුනා.

“මොකෝ මේ?කොල්ලගෙ දඟ වැඩ වලට ලැජ්ජ හිතිලා වගේද?තව ටිකක් රතු වෙනකල් ඉඹින්නද?…………………….”😁😚

මං ටක්ගාලා ඇඳුමෙ පටිදෙක හදාගෙන ඇඳෙන් නැගිටලා බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන එලියට ආවා.

“ආ මේ කිරි එක බීලා උදෙන්ම කෑම කන්න.බඩගින්නෙ ඉන්න එපා…………………….”

“මට සුදු කිරි බොන්න බෑ සුරේෂ්. අප්පිරියයි වමනෙ යනවා…………………..”

“එහෙනම් ෆෘට් ජූස් එකක්වත් බොන්න…………………….”

“හ්ම්ම්……………………”

“එහෙනම් මං ගිහින් එන්නම්…………………..”

මගේ නලල සිපගෙන කුසට අත තබපු සුරේෂ් වැඩට ගියා.

නැවත හමුවෙමු💮💮💮

ළමායි මොකද කියන්නෙ සුරේෂ්වයි මහීමාවයි එකතු කරලා සෙනේෂ්ව ඇක්සිඩන්ට් කරලා මරන්නද?