“පොඩි පුතා,ඔයා දැන් මොකක්ද මේ ප්‍රශ්නෙට කරන්නෙ?…………………….”
සවස් යාමයේ තේ පානය කරමින් සිටි සුරේෂ් අසලට රෝද පුටුව තල්ලු කරමින් පැමිණි මව එලෙස විමසුවා.
“මොන ප්‍රශ්නෙටද අම්මා?…………………….”
කිසිම ගානක් නැතුව සුරේෂ් එලෙස ඇසුවත් ඔහුගේ යටි හිත දන්නවා අම්මා මේ අහන්නෙ මහීමා ගැන කියලා.
“මං අහන්නෙ මහීමා දූ ගැන.ඒ දරුවා ගිහින් දැන් සතියක් වෙනවා.ඔයා එක සැරයක්වත් ඒ දරුවව එක්කරගෙන එන්න උත්සහ කරේ නෑනෙ.අඩුම තරමෙ ගිහින් ඒ දරුවව බලලාවත් එන්න.ඔහොම මුරණ්ඩු වෙන්න එපා පුතේ………………………”
සුරේෂ්ගේ සිතට මව පිළිඹඳව කේන්තියක්ද දැනුනි.හැමෝම කතා කරන්නෙ මහීමාගේ පැත්ත අරන්.තේ කෝප්පය පැත්තකින් තියලා ඔහු පුටුවෙන් නැගිට්ටා.
“බොහොම අපූරුයි ප්‍රශ්නයක් වුනාම ඒකෙන් පැනලා යන හැටි.මට ඇවිදගන්න පුලුවන්කමක් තිබ්බ නම් මං ගිහින් ඒ කෙල්ලව එක්කන් එනවා…………………..”😠
“අනේ අම්මෙ,අම්මට පුලුවන් වුනාට එයා ඉස්සරහ බාල්දු වෙන්න මට ඒක කරන්න බෑ.මහීමා මේ ගෙදරින් ගියේ අපි කවුරුවත් එයාට යන්න කියලා නෙවෙයිනෙ…………………….”😡
“ඒ වුනාට ඒ දරුවා ආසාවට ගෙදරින් ගියේ නෑනෙ.ඒ ළමයට ගෙදරින් යන්න සිද්ද වෙන තැනට වැඩ සිද්ද කරේ ඔයයි පුතේ.එක්කන් එන්න බැරි නම් අඩුම තරමෙ ගිහිල්ලා බලලාවත් එන්න.පිට කෙනෙක් නෙවෙයිනෙ.ඒ ඔයාගෙ කසාද ගෑණි.ඔයාගෙ දරුවගෙ අම්මා වෙන්න ඉන්න කෙනා……………………….”😠
අම්මාගෙ කියපු දේ අහගෙන හිටපු සුරේෂ් කාමරේට ආවෙ තරහෙන්.ඔහුට හිතුණා මහීමාට කෝල් එකක් දීලා බලන්න.ඇයව ගෙදරට එක්කන් එනකල් අම්මාගෙන් බේරුමක් නෑ කියලා ඔහුට හිතුණා.දුරකථන අතට ගත් ඔහු මහීමාගේ අංකයට ඇමතුමක් ලබා ගත්තා.
“හෙලෝ……………………..”📲
“කියන්න……………………..”📲
ඇගේ කටහඬ ඇතුලේ ඔහුත් සමඟ තරහව වෛරය පිරිලා තියනවා කියලා ඔහුට දැනුනා.අපරාධෙ කෝල් එකක් ගත්තෙ.දැන් මේකිගෙ ලොකුකම් අහන්න වෙයි.
“මේ මං තමුසෙගෙ ලොකුකම් බලන්න නෙවෙයි කතා කරේ.අම්මගෙන් බේරෙන්න බෑ තමුසෙව ගෙදර එක්කන් එන්න කියලා……………………”😠📲
“මම එන්නෙ නෑ.මට එන්න බෑ……………………”📲
“මං තමුසෙට එන්න කියන්න නෙවෙයි කෝල් ගත්තෙ.මෙහෙමවත් කතා කරන්නෙ නෑ මගෙ දරුවා ගැන හිතලයි කතා කරේ හොඳින් ඉන්නවද කියලා බලන්න……………………..”😠📲
“ඔව්.හොඳින් ඉන්නවා……………………..”😠📲
මේ හු## ති කතා කරන්නෙම ගහගන්න වගේ.ෆෝන් එකෙන් මෙහෙම චණ්ඩි රැජිනක් වගේ කතා කරාට ළඟට ගියාම බලන්න ඕනි හා පැටියෙක් වගේ.
“කෑවද?…………………..”📲
“ඔව්…………………..”📲
“ආ ඒක නෙවෙයි සෙනේෂ් අයියා කතා කරා.මිනිහා එහෙ සෑහෙන සන්තෝශෙන් ඉන්නෙ.මං හිතන්නෙ අයියාට සුද්දියෙක් සෙට් වෙලා වගේ. ලඟඳි බඳින අදහසකුත් තියනවා කියලා මට කිව්වා…………………..”📲
සුරේෂ් එහෙම කිව්වෙ මහීමාගෙ හිත රිද්දන අදහසින්.තප්පර කිහිපයක් ගත වෙද්දී මහීමා එක්වරම දුරකථනය විසන්ධි කරා.සුරේෂ්ගේ සිතට දැනුනේ සතුටකි.කෙසේ හෝ ඇයගේ සිතින් සෙනේෂ්ව ඈත් කර යුතුය.කෙදිනක හෝ සෙනේෂ් විවාහ වූවොත් නම් මහීමාගේ සිත වෙනස් වෙයි.
දෙයියනේ මොනවද ඒ සුරේෂ් කිව්වෙ. සෙනේෂ් ඇත්තටම සුද්දියක් එක්ක යාලු වෙලාද?එයා එහෙම කිව්වෙ ඇත්තටමද එහෙම නැත්නම් මාව අවුස්සලා මගෙ හිත රිද්දන්නද?😭අනේ මං කොහොමද සෙනේෂ්ව වෙන කෙනෙකුට අයිති වෙනවා බලාගෙන ඉන්නෙ.කාට මොනවා කිව්වත් මං සෙනේෂ්ට තවමත් ආදරෙයි.ඒ ආදරේ මොනවා කරත් මගෙ හිතින් ඈත් කරලා දාන්න බෑ.
මං බාතෲම් එකට ගිහින් සෑහෙන වෙලාවක් කඳුලු හැලුවා.කොයි තරම් වෙලාවක් ගත වුනාද කියලාවත් මට දැනුනෙ නෑ.මං පියවි සිහියට ආවෙ අම්මාගෙ කටහඬින්.අම්මා ඇවිත් මාව නැගිට්ටවනකල් මට දැනුනෙ නෑ.
“අනේ ඇයි පුතේ මේ ඔයා අඬන්නෙ?මොකද වුනේ?අනේ කියන්න පුතේ ඔයාට අසනීපයක්වත්ද?……………………”
“නැහැ……අම්මෙ……………………..”😭
“එහෙනම් ඇයි මේ අඬන්නෙ?ඔයාට මෙහෙම අඬලා මහන්සි වෙන්න හොඳ නෑ…………………….”
“අනේ අම්මෙ සෙනේෂ්…………………..”😭
“ඇයි……ඇයි සෙනේෂ් පුතාට මොකද වෙලා තියෙන්නෙ?……………………”
“එයා සුද්දියෙක් එක්ක යාලු වෙලාලු. එයාව බඳින්න හදනවා කියලා මට සුරේෂ් කිව්වා…………………….”😭😭
අම්මාගෙ උරහිසට හේත්තු වෙලා හිටපු මාව අම්මා එයාගෙ මුහුණට කෙලින් හරවා ගත්තා.මගෙ ඇස් දෙකේ කඳුලු පිස දාපු අම්මා මගෙ ඔලුව අත ගාලා මාව කාමරේට එක්කන් ආවා.
“සෙනේෂ් පුතා ඉතින් සුද්දියෙක්ව හරි වෙන ගෑණු ළමේක්ව හරි කසාද බඳින්න එපායැ.ඒකෙ වැරැද්දක් නෑනෙ ඉතින්………………………”
ඇය මහීමාට එලෙස පැවසුවේ ඇගේ හිත රිද්දවන අදහසකින් නෙවෙයි. කරුණු කාරණා ඇයට තේරුම් කර දිය යුතුය.
“මට මේ මොකුත් තේරෙන්නෙ නෑ අම්මෙ.සෙනේෂ්ව වෙන කෙනෙකුට අයිති වෙනවා මට බලාගෙන ඉන්න බෑ………………………”😭😭
“මට තේරෙනවා දූ ඔයා සෙනේෂ් පුතාට ඇත්තටම ආදරෙයි කියලා.ඒත් ඔයා ඇත්ත තේරුම් ගන්න ඕනි.ඔයා එයාට ඇත්තටම ආදරෙයි නම් මේ වෙලාවෙ කරන්න ඕනි එයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා සුබ පතන එක.එයත් හොඳ කෙනෙක්ව කසාද බැඳලා සතුටින් ලස්සනට ජීවත් වෙන්න ඕනි. ඒක එයාගෙ අයිතිය.සෙනේෂ් පුතා ඔයා මත්තෙම නැහි නැහි මුලු ජීවිත කාලෙටම දුක් විඳ විඳ ඉඳලා මැරිලා යනවා දකින්නද ඔයාට ඕනි?මට කියන්න පුතේ ඔයාට ඒකද දකින්න ඕනි?……………………..”
“අනේ මං තුන් හිතකින්වත් එහෙම හිතන්නෙ නෑ අම්මෙ.මාව අහිමි වුනත් එයා සන්තෝශෙන් ඉන්න ඕනි……………………….”😭
“ඔයා එයාට ඇත්තටම ආදරෙයි නම් මේ වෙලාවෙ එයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නයි ඕනි.එයාගෙ සතුට නැති වෙන්න කියලා පැතුවොත් ඔයාගෙ ආදරේ බොරුවක් වෙයි.ඇත්තටම ආදරේ කරන කෙනෙක් කවදාවත් අනික් කෙනාගෙ දියුණුව සතුට සැපත දැකලා දුක් කඳුලු හලන්නෙ නෑ…………………….”
අම්මා කියන දේ ඇත්ත කියලා මට හිතුණා.මාව අහිමි වුනත් සෙනේෂ් හැමදාම සතුටින් ඉන්න ඕනි. අමාරුවෙන් හරි මං හිත හදා ගන්නවා. මේක මගෙ උරුමය වෙන්න ඇති.
*************
“දුව ඔයා ලෑස්තියි නේද?ඉක්මනට ගියොත් අපිට මුල් නොම්මරයක් ගන්න පුලුවන් වෙයි.අද පළවෙනි දවසනෙ………………………”
උදෙන්ම අම්මයි මමයි ලෑස්ති වුනා ක්ලීනික් යන්න.අදයි පලවෙනි ක්ලීනික් එකට සහභාගී වෙන්නෙ.උදේ හයහමාරට විතර මමයි අම්මයි ත්‍රීවිලර් එකකින් හොස්පිටල් එකට ගියා.මං ඇඳන් ගියේ සුරේෂ් අරන් දීපු නිල් පාට ගව්මක්.පාන්දරින්ම වගේ ආපු නිසා අපිට ලේසි වුනා.
බඩදරු අම්මලා ගොඩ දෙනෙක් ඒ සායනයට සහභාගී වුනා.ඒ හැමෝම වගේ ඇවිත් එයාලගෙ මහත්තලයත් එක්ක.මං විතරයි තනියම ඇවිත් තිබුනෙ.මගෙ හිතට දුකක් දැනුනා එයාලා දිහා බලද්දී.සුරේෂ් ගාව හිටියා නම් එයා අනිවාර්යෙන්ම මාව ක්ලීනික් එක්කන් එයි.ඒ අම්මලාගෙ මුහුණෙ තිබ්බ සතුට වෙනුවට මගෙ මුහුණෙ තිබ්බෙ දුකක්.
“පුතේ අප්පච්චි කෝල් කරානෙ………………………”
“ඇයි අම්මෙ මොකක් හරි හදිස්සියක්වත්ද?……………………..”
“එහෙම ලොකූ හදිස්සියකුත් නෙවෙයි. අප්පච්චිට හදිස්සියෙන්ම ගාල්ලෙ යන්න වෙලා.එයා දැන් ගෙදර ඇවිත් තියෙන්නෙ………………………”
“එහෙනම් අම්මා දැන් යන්න.ක්ලිනික් එක තව ටිකකින් ඉවර වෙයි.මං ත්‍රීවිලර් එකකින් ගෙදර එන්නම්.අම්මා බය වෙන්න එපා……………………….”
අම්මා මාව ක්ලීනික් එකේ තනියම දාලා ගෙදර යන්න බෑම කිව්වා.ඒත් මං බොහොම අමාරුවෙන් වගේ අම්මාව ගෙදරට පිටත් කරේ.ඊට විනාඩි විස්සකට විතර පස්සෙ ක්ලීනික් එක අවසන් වෙලා මං හෑන්ඩ් බෑග් එකත් අරන් පාරට ආවා.පාර පනින්න හිතාගෙන හොස්පිටල් එක ගාව තියන කඩේ ලඟට ආවා.
ඔෆිස් එකේ ඉඳන් ගෙදර යන්න ආපු සුරේෂ් දැක්කා මහීමා හොස්පිටල් එක ගාව කඩේ ලඟ ඉන්නවා.ඔහුට ඇයව දුටුවේ සති එකහමාරකට විතර පස්සෙයි.
අද ක්ලීනික් වෙන්න ඇති.තනියම වගේ ඇවිත් තියෙන්නෙ.අඩුම තරමෙ අම්මාටවත් බැරි වුනාද මහීමාගෙ තනියට.බැරි වෙලාවත් කලන්තයක් එහෙම හැදිලා වැටුනනම්.
තනියෙන්ම මුමුණ මුමුණ ඔහු කාරෙක මහීමා ගාවින්ම නවත්තලා දොර ඇරගෙන ඇය අසලට ගියා.ඔහුව දුටු ඇය පුදුම වුනා.
“ක්ලීනික්ද?……………………”
“ඔ…..ඔව්……………………”
“මොකෝ මේ හුලං ගිහින් ඇකිලිච්චි බැලුමක් වගේ.එදා ෆෝන් එකෙන් නම් මාත් එක්ක කතා කරේ හරියට ගහ ගන්න වගේ………………….”
ඇය ඔහුත් සමඟ මුහුණට මුහුණ දී කෙලින් කතා කරේ නෑ.ඇය හිටියේ අහක බලාගෙනයි.ඇය වේගයෙන් හුස්ම ඉහලට පහලට ගන්නා ආකාරය අනුව ඔහුට වැටහුනා ඇය සිටින්නේ තමාත් සමඟ තරහින් බව.
“නගිනවා කාරෙකට.මං ගිහින් දාන්නම්.අව්වෙ පයින් යන්න එපා…………………”
“නෑ එපා.මං ත්‍රීවිලර් එකකින් යන්නම්…………………”
මේ හු#### ගෙ තියෙන්නෙ පුදුම අහංකාරකමක් තමයි.අනින්න හිතෙනවා දත් ටික බඩට යන්න.තියන ලොකු කම.එදා මං කියපු දේ හින්දා අප්සට් එකේ ඇත්තෙ.සෙනේෂ්ව ඉක්මනට බන්දලා දාන්න කියලා අම්මට කියන්න ඕනි.නැත්නම් මේකි ඌ මත්තෙම මැරිලා යයි.
“මගෙ යකා අවුස්සන්නෙ නැතුව නැගපන් කාරෙකට.වටපිට බලන්න දෙයක් මෑ මහීමා මං මේ උඹට කියන්නෙ වරෙන්……………………….”😡
මගේ අතින් ඇදලා වාහනේට මාව දා ගත්තු සුරේෂ් රියදුරු අසුනට ගොඩ වුනා.
“මොකද තනියම ක්ලීනික් එකට ආවෙ? අම්මත් එක්ක එන්නනෙ තිබ්බෙ…………………….”
“අම්මත් එක්ක ආවෙ.ඒත් හදිස්සියක් වෙලා අම්මට ගෙදර යන්න වුනා.මං කිව්වා මං ත්‍රීවිලර් එකක එන්නම් කියලා………………………”😠
ඇය කතා කරේ අහක බලාගෙනයි. සුරේෂ්ට නම් කේන්තියි ඇය මේ හැසිරෙන විදිය ගැන.
“ක්ලීනික් එකේදි ඩොක්ටර් මොකද කිව්වෙ?……………………”
“මොකුත් කිව්වෙ නෑ……………………..”😠
“තමුසෙ මොකද මේ ගහගන්න වගේ කතා කරන්නෙ?කඩන්න හිතෙනවා අණ්ඩක්.තමුසෙගෙ තියන ලොකුකම……………………….”😡
“මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න සෙනේෂ්……………………..”
අනේ දෙයියනේ😕😟😩ඇය හිටියේ සෙනේෂ් පිළිඹඳව මතකයෙන්.ඒ නිසයි ඇයට සෙනේෂ්ගෙ නම කියවුනේ.ඒ පාර නම් සුරේෂ් ඇය දෙස බැලුවේ කේන්තියෙන් මුහුණ රකුසු කරගෙන. ඔහු පාර අයිනට වෙන්න වාහෙනේ නතර කරා.ඇය බිය වී ඔහුගේ මුහුණ දෙස බැලුවා.ඇගේ තොලුත් වෙව්ලනවා.
“උඹට මාව පේන්නෙ සෙනේෂ් වගේද?ආ කියපිය යකෝ.මං ඉස්සරහදිත් උඹට මතක් වෙන්නෙ ඌවද?තමුන්ගෙ මිනිහා පැත්තක ඉන්නැද්දි තොට හොර මිනිස්සුද මතක් වෙන්නෙ?……………………”😡
“අනේ ආව්……සුරේෂ් මගෙ අත අතාරින්න දෙයියනේ.වැරදීමක් වුනේ……………………”😭
නමුත් ඔහු ඇයගේ අත අතෑරියේ නෑ. ඇය ඔහුගෙන් මිදෙන්න එහාට මෙහාට දඟලමින් උත්සහ කරා.එක්වරම ඔහු ඇයව අත හැරිය විටදී ඇයගේ හිස දොරේ වැදුනා.
“ආව්………අනේ……………………”😭😭
සුරේෂ් කලබල වුනා ඇය කෑ ගහපු විදියට.වහාම සීට් බෙල්ට් එක ගලවපු සුරේෂ් ඇයව අල්ල ගත්තා.ඇයගේ නලල පැලී ලේ එනවා.ඇය හිසට අත තියාගෙන හඬා වැටුනා.
“මහීමා අනේ මට සමාවෙන්න රත්තරං. කෝ බලන්න ලේ එනවද ගොඩක්?…………………..”
“ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ සුරේෂ්?මොකක්ද ඔයාට මාත් එක්ක තියන හතුරුකම?……………………”😭
ලේන්සුව නලලට තියාගෙන හඬමින් ඇය එලෙස ඇහුවා.ඔහු වහාම ආපස්සට රිය හරවාගෙන හොස්පිටල් එකට ඇවිත් ඇගේ නලලට බෙහෙත් දමා ගත්තා.
“ගොඩාක් රිදෙනවද තුවාලෙ?…………………….”
“ඔව්.ගොඩාක් දැවිල්ලයි, කැක්කුමයි…………………….”😥
“මට සමාවෙන්න.මං හින්දනෙ මෙහෙම වුනේ…………………….”
“වැරදි කරලා සමාව ඉල්ලන්න නම් ලේසියි.ඒත් හිතක් ලේසියෙන් හැදෙන්නෑ සමාව ඉල්ලුවා කියලා……………………..”😥
“පොඩ්ඩක් මාව තේරුම් ගන්නවකො මහීමා.මං තමුසෙව හිතලා තුවාල කරේ නෑනෙ……………………”
“ඔයා තුවාල කරේ නම් හිතලා නෙවෙයි තමයි.ඒත් අනික් හැම දේම කරේ හිතලානෙ……………………..”
මොන රෙද්දක්ද මන්දා මේ හු### ති හැම තිස්සෙම පරණ දේවල් ඇදගෙන කියෝනවා.අම්මපා මට මේ වෙලාවට නම් යකා නගිනවා.👹️😡
ඔහු තනියම එලෙස මුමුණමින් ඇය දෙස බැලුවා.ඇය උන්නේ දුර ඈත බලාගෙන.ඔහුට ඇය ගැන පුංචි දුකකුත් ඇති වුනා.
“මහීමා………………..”
“හ්ම්ම්………………….”
“අපි අපේ ගෙදර යමු.මං තමුසෙට කරදර කරන්නෑ…………………”
“මට බෑ…………………..”
“ඒ ඇයි?………………….”😡
“මට බෑ තවත් ගුටි කන්න…………………”
“මං තමුසෙට ගැහුවෙ ආසාවට නෙවෙයිනෙ.මාව කසාද බැඳලා ඉන්නැද්දී තමුසෙ සෙනේෂ් ගැන හොඳ කියවද්දී මට කේන්ති යන සාදාරණ නැද්ද?මං තමුසෙව ගෙදර එක්කන් යන්නෙ දරුවා ගැන හිතලා…………………….”😡
“මට බෑ සුරේෂ්.මං ඔයත් එක්ක ගෙදර යන්න එන්නෙ නෑ……………………..”
“තමුසෙ ගෙදර යන්න ආවෙ නැත්නම්…………………..”😡
“ඇයි මට මොනවා කරන්නද?…………………..”
“වරෙන්කො යන්න………………….”
මහීමාගෙ නිවස අසල කාරෙක නැවැත්තූ ඔහු ඇයගේ අතින් ඇදගෙන මෙන් නිවස තුලට ගියා.නිවසේ උන්නේ මහීමාගේ මව පමණි.
නැවත හමුවෙන තුරු විරාමයක්