අනේ අම්මෙ මේ මම නම් යන්නෙ නෑ මහීමාව එක්කන් එන්න.එයාට මං යන්න කියලා නෙවෙයිනෙ එයා මේ ගෙදරින් ගියේ.එයාට ඕනි දවසක එයා ආපහු එන්නතෑ……………………..”
“ඔහොම මුරණ්ඩු වෙන්න එපා පුතේ. පොඩ්ඩක් ඒ දරුවගෙ හිතලා බලන්න. අර ලැබෙන්න ඉන්න දරු පැටියා ගැනවත් හිතලා ගිහින් කරුණු තේරුම් කරලා දීලා මහීමා දූව එක්කන් එන්න. ඔහොම මුරණ්ඩු වෙලා කැත්තට පොල්ල වගේ ඉඳලා බෑ පව්ල් ජීවිතයක් ගත කරන්න………………………”
අම්මා මොන තරම් තේරුම් කරලා දෙන්න හැදුවත් සුරේෂ් එයාගෙ තීරණේ වෙනස් කරේම නෑ.ඔහුගේ හිතේ මහීමා ගැන හට ගත් කේන්තිය තවත් වැඩි වුනා.
මේ හු#### ගෙ තියෙන්නෙ පුදුම හිතුවක්කාරකමක් තමයි.ගෙදරින් යන්න ඇත්තෙ ඒකයි.එතකොට හිතන්න ඇති ඊට පස්සෙ මාව ඒකිගෙ කකුල් දෙක ළඟට ගෙන්නගෙන සමාව ගන්න.උඹට බෑ මේ සුරේෂ්ව තම්බන්න. බලමුකො උඹට ඇති වෙච්චි දවසකම උඹම මාව හොයාගෙන එයි.😡😡
“අම්මෙ මං යන්නෑ මහීමාව එක්කන් එන්න.එයා ගියා නම් ආපහු එයි.එයාට ඕනි විදියට මං නටන්න ලෑස්ති නෑ…………………..”
ඒක සුරේෂ්ගෙ අවසන් තීරණේ වුනා. ටයි ගැටයත් බුරුල් කර කර ඔහු කාමරේට ගියා.ඔහු නිකමට වගේ කබඩ් එක ඇරලා බැලුවා.ඇඳුම් සේරම ටික ඇය අරන් ගිහින් නෑ.ඩෙනිම් කලිසම් ටිකකුයි බ්ලව්ස් ටිකකුයි දාලා ගිහින් තියෙන්නෙ.
ටයි එකයි කමිසෙයි බෙල්ට් එකයි ගලවලා දාපු සුරේෂ් ඇඳෙන් ටිකක් ඇල වුනා.නිකමට වගේ මහීමා ඔලුව තියන කොට්ටෙ අරන් තුරුල් කර ගත්තා.ඒකෙන් වහනය වන ඕඩි කොලෝන් සුවඳ ඔහුට දැනුනා. කොට්ටෙ නහයට තියාගෙන ඒකෙන් ගලායන ඒ සුවඳ ඔහු විඳ ගත්තා. වචනයෙන් නොකිව්වට මහීමා ගෙදරින් ගිය එක ගැන ඔහුගෙ හිතේ කොනක දුකකුත් ඇති වුනා.
🎀🎀
අම්මා හදලා දීපු ඇඹරැල්ලා මාලුවත් එක්ක නම් බත් ටිකක් කන්න පුලුවන් වුනා.මේ දවස් ටිකේම කිසිම දෙයක් හරියකට කන්න පුලුවන් වුනේ නෑ.කන කන හැම දේම වමනෙ යනවා.අද තමයි චුට්ටක් හරි මෙහෙම කෑවෙ.දවල් දෙකට විතර නාගෙන ඇවිත් මං ෆෝන් එක අතට අරන් නිකමට වගේ බැලුවා. මං හිතුවා මම ගෙදරින් ආපු එක ආරංචි වෙලා සුරේෂ් මාව හොයාගෙන එයි කියලා.
එහෙම නැත්නම් කෝල් එකක් හරි දෙයි කියලා.හැබැයි එහෙම වුනේ නැහැ.ඒක මට ලොකු සැනසීමක් වුනා.එයා ආවා නම් අනිවාර්යෙන්ම අප්පච්චියි අම්මයි ඉස්සරහ බොරු රඟපෑමක් රඟපාලා මාව එක්කන් යයි. ඊට පස්සෙ වෙන්නෙ මට තවත් ගුටි කන්න.සුරේෂ් ආපු නැති එක හොඳයි.
“නෑවද දූ?………………..”
“ඔව් අම්මෙ.ටිකක් සීතලයි වගේ. වහින්නද මන්දා…………………”
“මේ දවස් ටිකේම හවස් වෙලා හොඳටම වැස්සා.අදත් වහියි වගේ.මං දූට කෝපි එකක් හදාගෙන එන්නද?………………….”
“එපා අම්මෙ දැන්ම.කෝ අප්පච්චි?…………………”
“එයා ගමනක් ගියා.තව පැයක් දෙකක් යද්දි එයි…………………..”
අප්පච්චි ගමනක් ගියා🤔එහෙනම් අනිවාර්යෙන්ම අප්පච්චි යන්න ඇත්තෙ සුරේෂ්ව හම්බවෙන්න.අනේ දෙයියනේ එහෙම වුනොත් සුරේෂ් මාව හොයාගෙන එයි නේද?මට බෑ ආපහු ඒ අපායට යන්න.
“අප්පච්චි ගියේ සුරේෂ් පුතාව හම්බෙන්න.ඔයා බය නැතුව ඉන්න දුවේ.අපි මේ ප්‍රශ්නෙ කොහොම හරි විසඳලා දෙන්නම්……………………”
“ඔයාලට මාව වදයක්ද අම්මෙ?මං මෙහෙම ඔයාලා ගාවට ආපු එක ඔයාලට බරක්ද?…………………..”
බැරිම තැන මං අම්මගෙන් එහෙම ඇහුවා.අම්මයි අප්පච්චියි හදන්නෙම මාවයි සුරේෂ්වයි ආපහු එකතු කරන්න.මං කොහොමද හිත හදාගෙන සුරේෂ් ගාවට යන්නෙ?ඒ තිරිසන් මිනිහා හින්දා මං විඳපු දුක් කන්දරාව මතක් වෙද්දී මට ජීවිතෙත් එක්ක එපා වෙනවා.
“ඔයා මොනවද දුවේ මේ කියන්නෙ?අපිට ඔයාව කවදාවත් බරක් නෙවෙයි. ඒත් මගෙ දුවේ ඔයාගෙ හිතේ ආදරයක් ඇති නොවුනාට නමට හරි සුරේෂ් ඔයාගෙ සැමියා.මේ ලැබෙන්න ඉන්න දරුවගෙ තාත්තා.ඔයාලා දෙන්නා වෙන් වෙලා ජීවත් වුනොත් මේ දරුවගෙ අනාගතේට මොකද වෙන්නෙ?ඔයාලගෙ ප්‍රශ්න නිසා මේ උපදින්න ඉන්න කිරි කැටියගෙ අනාගතේ විනාශ කරන්න එපා.අමාරුවෙන් හරි හිත හදාගන්න බලන්න දුවේ.පව්ල් ජීවිතේ රැක ගන්න බලන්න මේ දරුවා ගැනවත් හිතලා…………………..”
“අම්මා කියන් දේ මට නොතේරෙනවා නෙවෙයි අම්මෙ.සුරේෂ් මට සළකපු විදිය අම්මා දැක්කා නම් පුදුම වෙයි. මගෙ හිත එයාට කවදාවත්ම තේරුම් ගන්න බෑ………………….”
“දැන් ඔය ප්‍රශ්නෙ අමතක කරලා දාලා සතුටින් ඉන්න බලන්න.අපි ඉන්නවනෙ ඔයත් එක්ක………………….”
🎀🎀
“අංකල් අපි දෙන්නා පොඩ්ඩක් එළියට යමුද මේ ගැන කතා කරන්න.මං කැමති නෑ මහීමා ගැන අම්මගෙ හිතේ තියන යහපත් ආකල්පෙ නැති වෙනවට.මේ ප්‍රශ්නෙ අම්මා නැති තැනයි මට අංකල් එක්ක කතා කරන්න ඕනි.ඒකයි එළියට යමුයි කිව්වෙ………………….”
මිදුලේ ඇති මේසය අබියස පුටු දෙකකින් සුරේෂ් සහ මහීමාගේ පියා වාඩි වුනා.සිය දියණියගේ අනාගතය ගැන උදයන්ත සිටියේ බියෙනි.තමා මීට වසර හයකට පමණ පෙර අසාදාරණය උදෙසා හඬ නගා මොහුව හිරේ නොයැව්වේ නම් අද තම එකම දියණිය සතුටින් සිටිනවා නේද කියා ඔහුට සිතුණි.
“මුලින්ම අංකල් කියන්නකො.මහීමා මං ගැන මොනවා කිව්වද දන්නෑනෙ ඇවිත්……………………”
“මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. මගෙ දුවට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන දැනත් ඇයි ඒ අහිංසක කෙල්ලට තිරිසනෙකුට වගේ ගැහුවෙ?මොකක්ද මහීමා කරපු වරද ඔය විදියට සළකන්න?…………………..”😠
“මං එයාට කවදාවත් නිකරුනේ ගහලා බැනලා නෑ අංකල්.මාව කසාද බැන්දත් එයා තාම හිතන්නෙ සෙනේෂ් ගැන.මං ඉසරහම,මේ මං ඉස්සරහම එයා මට තිරිසනා කියලා සෙනේෂ් ගැන හොඳ කියද්දි මං කොහොමද ඉවසන්නෙ?
මං මහීමාට ආදරේ නැතුව නෙවෙයි අංකල් මං එයාට පණටත් වැඩිය ආදරෙයි. ඊටත් වඩා එයාගෙ බඩේ ඉන්න මගෙ දරුවට ආදරෙයි.මං මොන තරම් ආදරේ කරත් මහීමා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ අංකල්.අඩුම තරමෙ එයා මං දිහා ආදරෙන් තියා හිනා වෙලාවත් බලන්නෙ නැහැ.දවස තිස්සෙම පැත්තකට වෙලා කල්පනා කරන එකමයි එයාගෙ වැඩේ.
මං කීප වතාවක්ම තේරුම් කරලා දෙන්න හැදුවා ඔහොම කල්පනා දුකින් ඉන්න එපා ඒක දරුවට හොඳ නෑ කියලා.අඩුම තරමෙ මහීමා තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැනවත් හිතන්නෙ නෑ.හරිම මුරණ්ඩුයි හරිම හිතුවක්කාරයි……………………..”😠
සුරේෂ් පමණක් නොව මේ ප්‍රශ්නය උඩ තම දියණියද වැරදිකාරියක බව මහීමාගේ පියාට සිතුණි.නමුත් ඇය මේ තත්වෙට පත් වූයේ මෙවැනි ප්‍රශ්ණ වැලක ආරම්භය සිදු වූයේ සුරේෂ් නිසා බව ඔහුට සිතුණි.සෙනේෂ් සහ මහීමා අතරට සුරේෂ් නොපැමිණියේ නම් අද මෙවැනි තත්වයක් උදා වන්නේ නැත. සුරේෂ් හා විවාහ වුවත් තම දියණියගේ සිත තුළ තවමත් ඇත්තේ සෙනේෂ් ය.
ඇයට ඔහුව අමතක කල නොහැකි වුවත් උද්ගත වී ඇති තත්වය ඇයට තේරුම් කර දිය යුතුයි.ඇය සෙනේෂ් ගැන සිතනවා නම් එයට ඇයටම දොස් පැවරිය නොහැකියි.තදින් බැඳී තිබුනු ආදර සිතක් දෙකඩ කර වෙන් කිරීම කල නොහැකියි.
“මට තේරෙනවා පුතා ඔයා කියන දේ. නමුත් මෙතන මගෙ දුවටම වැරැද්ද පටවන්න එපා.මගෙ දුවගෙයි ඔයාගෙ අයියගෙයි මැද්දට ඔයා ආවෙ නැත්නම් අද මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.මේ හැම ප්‍රශ්නයක්ම ඇති වුනේ ඔයා නිසයි සුරේෂ්………………………”
එයට නම් සුරේෂ්ගේ සිතෙහි දැඩි කෝපයක් හට ගැනුනි.ඔහුට මුල මතක් කර දිය යුතු යැයි ඔහුට සිතුණි.
“මේ අංකල් මං මෙච්චර වෙලා ඉවසගෙන කතා කරේ තමුන් මහීමාගෙ තාත්තා නිසයි.මේ හැම දෙයක්ම මගේ වැරැද්දෙන් නෙවෙයි තමුන්ගෙ වැරැද්දෙනුයි.අවුරුදු හයකට කලින් තමුන් මාව හිරේ යැව්වා මතක ඇතිනෙ.එදා තමුන් එහෙම නොකරා නම් අද තමුන්ගෙ දුවට ගෑණියෙක් විදියට නෙවෙයි කෙල්ලෙක් විදියට සෙනේෂ් ගාවට යන්න පුලුවන්………………………..”😡
“අසාදාරණයට මං එදා වගේම අදත් විරුද්ධයි.මට මෙච්චරයි කියන්න තියෙන්නෙ තාත්තා කෙනෙක් විදියට මං මේ ඉල්ලන්නෙ කරුණාකරලා මගෙ දුවව ගෙදරට එක්කන් එන්න……………………”
“මං මහීමාව ගෙදරින් පැන්නුවෙ නැහැ. එයා ගියා නම් ගිය විදියට ආපහු එන්න කියන්න.මං එයාගෙ කකුල් දෙක ගාවට එන්නෑ……………………..”
එසේ පැවසූ ඔහු නිවස තුළට නික්මී ගියා.ඔහු යන දෙස බැලූ මහීමාගේ පියා සුසුමක් හෙලමින් ආපසු හැරුනා.
🎀🎀
“මොකද වුනේ උදයන්ත?සුරේෂ් පුතා මොකද කියන්නෙ?…………………..”
නිවසට පැමිණි උදයන්තගෙන් බිරිඳ එසේ විමසද්දී ඔහු නිහඬව සාලෙ පුටුවක් උඩින් වාඩි වුනා.ඔහුගේ මුහුණ දෙස පරීක්ෂාකාරීව බැලූ ඇය තේරුම් ගත්තා ගිය ගමන සාර්ථක නොවී ඇති බව.ඇය නිහඬවම මුලුතැගෙට ගොස් බීම වීදුරුවක් පිළියෙල කර ඔහුට ගෙනවිත් දුන්නා.ඔහු එය බීමෙන් අනතුරුව හිස් වීදුරුව ස්ටූල් එක මත තබා දැඩි කල්පනාවක යෙදුනා.
“මොකද වුනේ උදයන්ත?සුරේෂ් පුතා මොකද කියන්නෙ?……………………”
ඇය නැවතත් එලෙසම විමසුවා.
“අපි සුරේෂ් පුතාටම බැන්නට අපේ දූගෙත් වැරැද්ද තියනවා රුවන්ති.ඒත් ඉතින් ඒකට කෙල්ලටම දොස් කියලා වැඩක් නැහැ.මේ දරුවා ඒ තත්වෙට පත් කරේ සුරේෂ්නෙ.වැරැද්දෙන් බාගයක් එයත් බාර ගන්න ඕනි……………………”
“අපේ දුව මොකක්ද කරලා තියන වැරැද්ද?……………………”
“සුරේෂ් පුතා කියන්නෙ අපේ දුව තාම සෙනේෂ් පුතා ගැන හිතනවලු.සුරේෂ්ට තිරිසනා කියලා බැනලා සෙනේෂ්ව ලොකු කරගෙන කතා කරනවලු.හරිම හිතුවක්කාරයිලු මුරණ්ඩුයිලු.සුරේෂ් පුතා කියන කිසිම දෙයක් අපේ දූ අහන්නෙ නැතිලු…………………….”
“ගිය දේවල් ගියා.අතීතයේ සිද්ද වෙච්චි පරණ දේවල් දැන් අවුස්සලා මතක් කරා කියලා පලක් නෑනෙ.කොහොම හරි මේ පව්ල කැඩෙන්න නොදී එකතු කරන්න ඕනි.අපි දූත් එක්ක මේ ගැන කතා කරමු………………………..”
රාත්‍රී ආහාරයෙන් පසුව ඔවුන් දෙදෙනා මහීමාගේ කාමරේට පැමිණියේ මේ ප්‍රශ්නය ගැන කතා කිරීමටය.ඇය උන්නේ සයනය මත වාඩි වී පොතක් කියවමිනි.
“දූ තාම නිදි නැද්ද?……………………..”
“නෑ අම්මෙ.තාම අටයි විස්සයිනෙ වෙලාව………………………”
අම්මයි අප්පච්චි මගෙ කාමරේට ආවෙ සුරේෂ්ගෙයි මගෙයි මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න කියලා මට තේරුණා.මං නිහඬව බිම බලාගෙන හිටියා.දවල් අප්පච්චි සුරේෂ්ව හම්බෙන්න ගිහින් මොනවා වුනාද දන්නෑ.සමහර විට සුරේෂ් අප්පච්චිට කියන්න ඇති මාව එක්කන් යන්න එන්න බෑ කියලා. එහෙම නම් හොඳයි.
“දුවේ මට මේක කියන්න.ඔයාගෙ හිතේ තාමත් සෙනේෂ් පුතා ඉන්නවද?……………………”
අම්මගෙ ඒ ප්‍රශ්නෙට මගෙ හිත ගැස්සුනා.එහෙනම් සුරේෂ් අප්පච්චිට කියන්න ඇති මං තාමත් සෙනේෂ්ට ආදරේ කරනවා කියලා.ඌ අප්පච්චිට තව මොන මොන බොරු කියලද දන්නෑ.
“අම්මෙ……මෙ……මේ මං දන්නවා අම්මෙ මං……සෙනේෂ් ගැන හිතුවට මට එයාව ලැබෙන්නෙ නෑ කියලා……………………”
“ඒ කියන්නෙ ඔයා තාමත් සෙනේෂ් පුතාට ආදරෙයි.එහෙම නේද?…………………..”
“අම්මෙ සෙනේෂ් මොන වගේ කෙනෙක්ද කියලා ඔයා හොඳට දන්නවා.සුරේෂ් එක්ක බලද්දි සෙනේෂ් කියන්නෙ දෙවියෙක් වගේ මනුස්සයෙක් අම්මෙ.මගෙ හිතෙන් සෙනේෂ්ව ඈත් කරන්න අමාරුයි අම්මෙ.මගෙ හිතේ ඒ ආදරේ කවදාවත් නැති වෙන්නෙ නෑ………………………”😭
“ඔයාගෙ හිත මට තේරෙනවා දුවේ.ඒත් ඔයාව දැන් අයිති සුරේෂ් පුතාට.සුරේෂ් පුතා ඔයාගෙ සැමියා.කවදාවත් තමන්ගෙ මනුස්සයගෙ ගතිගුණ තවත් මනුස්සයෙක්ගෙ ගතිගුණත් එක්ක මනින්න එපා.
අමාරුවෙන් වුනත් හිත හදාගන්න දුවේ.ගෑණු අපි හුඟක් ඉවසන්න පුරුදු වෙන්න ඕනි.පහුගිය දේවල් ගැන දැන් මතක් කරා කියලා වැඩක් වෙන්නෙ නෑ.ඒකෙන් සිද්ද වෙන්නෙ තවත් දුක ඇවිස්සෙන විතරයි.අතීතය මතක් කරලා හඬා වැලපෙන්න එපා ඒකෙන් කඳුලු ඇරෙන්න වෙන දෙයක් ලැබෙන්නෙ නෑ. සුරේෂ් ඔයාගෙ කසාද මනුස්සයා.එයත් එක්කයි ඔයා ජීවත් වෙන්න ඕනි.
තමුන්ගෙ මනුස්සයට ගරු කරන්න පුරුදු වෙන්න.එයාගෙ අතෙත් වැරදි තියනවා තමයි.ඒත් සුරේෂ් පුතා ඔයාට ආදරෙයි.එයාට කේන්ති යන එක අතකින් බැලුවම සාදාරණයි පුතේ කිසිම පිරිමියෙක් කැමති නෑ තමන්ගෙ ගෑණි තවත් මිනිහෙක් ගැන හොඳ කියලා තමන්ව බාල්දු කරනවට.ඔයා ඉවසන්න පුරුදු වෙන්න පුතේ.මේ ලැබෙන්න ඉන්න දරුවා ගැන හිතලා සුරේෂ් පුතා එක්ක හොඳින් ජීවත් වෙන්න.
ඔය දෙන්නගෙ පව්ල් ජීවිතේ විනාශ වුනොත් මේ දරු පැටියට මොකද වෙන්නෙ කියලා ටිකක් හිතලා බලන්න.දරුවෙකුට අම්මා වගේම තාත්තත් ඕනි.මිනිස්සුන්ගෙ අතින් තමයි වැරදි සිද්ද වෙන්නෙ.ඒත් ඒ වැරදි හදාගෙන අපි නිවැරදි විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනි
පුතේ…………………….”
අම්මාත් කතා කරන්නෙ සුරේෂ්ගෙ පැත්ත අරන්ද කියලා මට හිතුණා.ඒත් අම්මා කියන කතාවෙත් ඇත්තත් තියනවා කියලා දැනුනා.මේ ප්‍රශ්නෙ නිසා මගෙ දරුවට එයාගෙ තාත්තව අහිමි වෙයිද?එහෙම දෙයක් වුනොත් කවදා හරි දවසක ඒකය වැරදිකාරයා වෙන්නෙ මමයි.ඒත් මට හිත හදාගෙන ආපහු සුරේෂ් ගාවට යන්න බෑ. එයාගෙන් විඳපු හිරිහැර ගුටි කාපුවා මතක් වෙද්දී ආපහු ඒ ගෙදරට යන්න මට බය හිතුණා.
“එතකොට අම්මා කියන්නෙ සුරේෂ් මට ගහපු එක හරි කියලද?එයා මට ඇත්තටම ආදරෙයි නම් දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දීත් මට මේ විදියට තිරිසනෙක් වගේ ගහයිද?………………….”😭😭
ඇස් දෙකෙන් කඳුලු විසිරෙද්දී මං අම්මගෙන් එහෙම ඇහුවා.අම්මා මගෙ ඔලුව අතගාලා මාව එයාගෙ පපුවට හේත්තු කර ගත්තා.
“මේ අහන්න දුවේ,පව්ල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා තමයි ඒක සාමාන්‍ය දෙයක්.ඒ ප්‍රශ්න වැඩි වෙන්න නොදී දෙන්නාම කතා බහ කරලා විසඳගන්න ඕනි.ඔයාගෙ අම්මගෙයි මගෙයි අතරත් ප්‍රශ්න ඇති වෙලා තියනවා.
එයා කවදාවත් ඒ ප්‍රශ්න වලින් පැනලා ගිහින් නෑ.මාත් එක්ක රණ්ඩු කරගෙන එයා කවදාවත් එයාගෙ අම්මලාගෙ ගෙදර ගිහින් නෑ.අපි අතර වෙන ප්‍රශ්න අපිම කතා බහ කරලා විසඳ ගත්තා. අනාගතේ සතුටින් සමගියෙන් ඉන්න අපි දෙන්නා හැම දෙයක්ම කරේ…………………….”
අම්මා වගේම අප්පච්චීත් මට ගොඩාක් උපදෙස් දුන්නා.එයාලා කියන දේවල් ඇත්ත කියලා මට හිතුණත් ආපහු මට සුරේෂ් ගාවට යන්න නම් හිත හදාගන්න බෑ.ඒ ගැන හිතෙද්දිත් මට බියක් මුසු හැඟීමක් දැනෙනවා.
“ඔයාලා කියන දේවල් මට හොඳට තේරෙනවා අම්මෙ.ඒත් මං සෙනේෂ් ගැන නොහිතා ඉන්නයි හැම වෙලේම උත්සහ කරන්නෙ.ඒ ආදරේ අමතක කරන්න මං සෑහෙන උත්සහ කරනවා. ඒත් මට ටික කාලයක් දෙන්න අම්මෙ……………………….”
“හිමීට හිත හදාගන්න දුවේ.ඔයා ටික දවසක් මෙහෙට වෙලා ඉන්න.ඊට ප්සසෙ අප්පච්චියි මමයි ඔයාව සුරේෂ් පුතා ගාවට එක්කන් යන්නම්……………………..”
“මං කොහොම හරි හිත හදාගන්නම් අම්මෙ.ඒත් මට බෑ සුරේෂ් ගාවට යන්න.එයා ඇවිත් මාව එක්කන් යනකල් මං එයා ගාවට යන්නෙ නෑ……………………”
මං එහෙම කිව්වෙ කොහොමටවත් සුරේෂ් මාව එක්කන් යන්න මෙහාට එන්නෙ නෑ කියලා දන්න නිසායි.
“දැන් නිදා ගන්නකො දුවේ.සුරේෂ් පුතාට දුක හිතිලා එයාම එයි ඔයාව එක්කන් යන්න……………………”
නැවත පැමිණෙන තුරු විරාමයක්