මං ජීවත් වුනා ඇති කියලා ඔයාට හිතෙනවා නම් මාව මරලා දාන්න සුරේෂ්.ඔයාට කරන්න පුලුවන් ලොකුම දේ ඒකනෙ……………………”😭

කඳුලු අතරින්ම ඇය පැවසූ වදන් නිසා ඔහුගේ කේන්තිය තවත් වැඩි වුනා. ඇගේ සිනිඳු කොපුල් මත ඔහුගේ සුරතේ ඇඟිලි පහම සටහන් වී තිබෙන අයුරු ඔහු දුටුවා.තමාට මීට වඩා ඉවසන්නට තිබුනා කියා ඔහුට සිතුණා. මේ කාලෙදි ඇයව ඉතා හොඳින් රැක බලා ගත යුතු බව වෛද්‍යවරයා සේම තමාගේ මවද පැවසුවා.ගැබිනි මවක් දෙස නපුරු ලෙස රවා බැලීම පවා පාපයකි.

ඇය කුස දරා සිටින්නේ තමාගේ ප්‍රාණය සේ සම තම දරුවා නේද?එය තමාගේ ජීවය බඳුයි.ඇය තමාත් සමඟ කෙතරම් තරහකින් වෛරයකින් සිටියත් තමාගේ ලෙයින් උපන්නට සිටින දරු පැටියාව කුසේ තබාගෙන රකියි.තමා ඇයට කෙතරම් වධ හිංසා පැමිණුවාද?අවුරුදු දාසයේ පටන් ඇය තමා නිසා දුක් විඳියි.ඇගේ කේන්තිය වෛරය සාදාරණ බව ඔහුට සිතෙයි.

“මගෙ යකා අවුස්සන්නෙ නැතුව කට වහගෙන නිදා ගන්නවා මහීමා.තව ගුටි කන්න ආස නම් කියෝපන්……………………”😠

තවත් මට නම් බෑ සුරේෂ් එක්ක ජීවත් වෙන්න.මේ මනුස්සයා කොයි වෙලේ හරි ගහලා ගහලා මාව මරලා දායි. දරුවට ආදරෙයි වගේ හිටියට ඇත්තටම ආදරෙයි නම් මට මෙහෙම ගහයිද?මං හෙට උදෙන්ම අම්මා ගාවට යනවා.මට බෑ මේ ගෙදර ඉඳන් මෙහෙම ගුටි කන්න.

රෑ එකොලහ විතර වෙද්දී මහීමාට නින්ද ගියා.සුරේෂ් නම් හිටියේ නිදාගෙන නෙවෙයි.දොළහ,එක විතර වෙනකල් බැල්කනියට වෙලා සිගරට් බිබී හිටියා.ආපහු කාමරේට ඇවිත් බලද්දී මහීමා හිටියේ තද නින්දක කියලා ඔහුට තේරුණා.සයනය මතට ගොඩ වූ ඔහු ඇයට නොදැනෙන්නට රතු වී තඩිස්සි වී තිබුනු ඇගේ කම්මුලක් සිප ගත්තා.මුහුණට වැටී තිබුනු කෙස් රොදක් පසෙකට කර ඔහු දාඩිය නිසා ෆෑන් එක ක්‍රියාත්මක කර ඇය අසලට ලං කර ඇයට තුරුල් වී නිදා ගත්තා.

🥀🥀

උදෙන්ම මං ඇහැරිලා බලද්දී සුරේෂ් ඔෆිස් ගිහින් හිටියෙ.බාතෲම් එකට ගිහිල්ලා දත් මැදලා මූණ කට හෝදගෙන මං ලා නිල් පාට ගව්මක් ඇඳ ගත්තා.කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බලද්දියි මං දැක්කෙ කම්මුලේ එක පැත්තක් රතු වෙලා තඩිස්සි වෙලා තියනවා.

මූණ පිහදාගෙන පව්ඩර් පොදක් මුව තවරාගෙන මං ඇඳුම් ටික බෑග් එකකට දා ගත්තා.ටැක්සි එකකට කෝල් කරලා මං බෑග් එකත් අරගෙන එලියට ආවා.සුරේෂ්ගෙ අම්මා රෝද පුටුවත් තල්ලු කරගෙන මං ගාවට ආවෙ පුදුමයෙන් වගේ.

“මොකද දුවේ මේ?බෑග් එකකුත් අරගෙන ඔයා කොහෙද මේ යන්න හදන්නෙ?…………………….”

“මං……මං අම්මලාගෙ ගෙදර යනවා අම්මෙ…………………….”

“අම්මලාගෙ ගෙදර යනවා මේ හදිස්සියෙන්ම?සුරේෂ් පුතාත් ඔෆිස් ගියානෙ.අනික මෙච්චර ලොකු බෑග් එකකුත් අරන්?ඔයා තනියම යන්න එපා දුවේ……………………”

“මට අම්මලාගෙ ගෙදර යන්න සුරේෂ්ව ඕන්නෑ අම්මෙ.මට බෑ තවත් ගුටි කන්න……………………..”😭

ඇස් දෙකට කඳුලු පිරීගෙන එද්දී මං බිම බලාගෙන එහෙම කිව්වා. සුරේෂ්ගෙ අම්මගෙ මුහුණෙ තිබ්බෙ කලබලකාරී බවක්.අම්මා රෝද පුටුව තල්ලු කරගෙන මං ලඟටම කිට්ටු වුනා.

“ගුටි කන්න කිව්වෙ?පුතා ඔයාට ගැහුවද දුවේ මේ තත්වෙන් ඉන්නැද්දීත්. ඔයාලා දෙන්නා අතර ඇති වෙච්චි ප්‍රශ්නෙ මොකක්ද?මට කියන්න දුවේ මං ඒක විසඳලා දෙන්නම්.ඒත් මෙහෙම තමුන්ගෙ මිනිහට නොකියා ගෙදරින් යන්න එපා.ගෙයි ප්‍රශ්න ගේ ඇතුලෙදිම විසඳගන්න ඕනි…………………….”

සුරේෂ්ගෙ අම්මා තව එක එක දේවල් කියන්න පටන් ගත්තා.එතකොටම වගේ ටැක්සි එක ගේ ළඟට ඇවිත් හෝන් කරා.මං බෑග් එක අරන් ලෑස්ති වුනා එලියට යන්න.

“මං යනවා අම්මෙ.මට සමාවෙන්න මෙහෙම තීරණයක් ගත්තට.මට සුරේෂ් හින්දා තවත් නම් දුක් විඳින්න බැහැ………………………”😥

අම්මට වැඳලා මං ඒ ටැක්සි එකේ නැගලා ගේ ගාවට ඇවිත් බැස්සා.හයර් එක ගෙවලා ගේට්ටුවත් ඇරගෙන මං ගේ ඇතුලට ගියා.අම්මයි තාත්තයි හිටියෙ සාලෙ පත්තරයක් බලමින්.මාව දැක්කම එයාලා පුදුම වුනා.

උපන්න දා ඉඳන්ම මාව ඇස් දෙක වගේ රැක බලාගත්තු මගේ ආදරණීය අම්මගෙයි තාත්තගෙයි ඒ මුහුණු දැක්කම හිතේ තිබුනු බර ගතිය මදක් අඩු වෙලා ගියා වගේ මට දැනුනා.මෙච්චර දවසක් සුරේෂ්ගෙන් විඳපු දුක් කන්දරාව මතක් වෙලා හිතේ හංගගෙන හිටපු කඳුලු ගංඟාව මහා හයියෙන් පිට වුනා.මං කෑ ගහලා අඬාගෙන අම්මගෙ පපුවට හේත්තු වුනා.

“අනේ මගෙ දුවේ මොකක්ද සිද්ද වුනේ? ඇයි ඔයා මෙහෙම අඬන්නෙ?කෝ සුරේෂ් පුතා ආවෙ නැද්ද?මොකද උනේ පුතේ කියන්න……………………….”

අම්මා වගේම අප්පච්චීත් මගෙන් සිද්ද වුනේ මොකක්ද කියලා ඇහුවා.ඒත් ඒවට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් මට තිබුනෙ නෑ. විනාඩි ගනනාවක් මං අම්මගෙ ඇඟට හේත්තු වෙලා හැම දුකක්ම කඳුලු වලින් පිට කරා.

“අනේ මගෙ රත්තරං දුවේ අඬන්නෙ නැතුව කියන්න දුවේ.ඇයි මේ ඔයාගෙ කම්මුල් රතු වෙලා.සුරේෂ් ඔයාට ගැහුවද?මොකක්ද ඔයාලා අතර සිද්ද වුනු ප්‍රශ්නෙ?……………………….”

“අනේ😭මට බෑ අම්මෙ සුරේෂ් එක්ක ජීවත් වෙන්න.එයාට පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා.ඒ වෙලාවට මට ගහන්නෙ තිරිසනෙකුට වගේ.මාත් මනුස්සයෙක්,දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් කියලා එයාට හිතන්න බැරි ඇයි?මෙහෙම ගුටි කනවට වඩා මැරිලා ගියා නම් මීට වඩා හොඳයි.ඒත් දරුවා ගැන හිතලයි මං ජීවත් වුනේ.ඇයි අම්මෙ මටම මෙහෙම වුනේ?………………………..”😭😭

“ඔයා මෙහෙ ආවා කියලා සුරේෂ් පුතා දන්නවද?…………………….”

“නෑ අම්මෙ සුරේෂ් ඔෆිස් ගියා.අම්මා විතරයි දන්නෙ මං ආවා කියලා. හැමෝම එකතු වෙලා මගෙ සැනසීම නැති කරා අම්මෙ………………………”😭😭

“ඔයා බය නැතුව ඉන්න පුතේ.ඔයාට අපි දෙන්නා ඉන්නවා.මං සුරේෂ් පුතා එක්ක කතා කරන්නම්.එයා මොන තරම් චන්ඩියෙක් වුනත් තමන්ගෙ ගෑණිට වුනත් මෙහෙම ගහන්න දෙන්න බෑනෙ………………………..”😠

“අනේ එපා අප්පච්චි.මට නම් ආයෙ සුරේෂ් ගාවට යන්න බෑ.ඊට වඩා සැපයි මැරෙන එක.අනේ අම්මෙ අප්පච්චිට කියන්න මාව සුරේෂ් ගාවට නම් යවන්න එපා……………………….”😭😭

මං අම්මව බදාගෙන අඬලා අප්පච්චිව නතර කරන්න හැදුවා.අප්පච්චි සුරේෂ් එක්ක කතා කරලා ආපහු මාව එයා ගාවට යැව්වොත් සිද්ද වෙන්නෙ කලින් වගේ ගුටි කාලා කාලා අන්තිමට මැරිලා යන්නයි.ඒ තරම්ම තිරිසනෙක් සුරේෂ් කියන්නෙ.

“නෑ දුවේ.මොනවා වුනත් අපි සුරේෂ් පුතා එක්ක කතා බහ කරලා මේ ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.ඔයා බය නැතුව ඉන්නකො අපිට ඔයාව වැඩි නෑ. අනික බඩදරු අම්මා කෙනෙකුට අතක් උස්සන්න තරම් මේ යකා තිරිසනෙක් වුනේ කොහොනද?අපි ඔයාව ඌට කසාද බන්දලා මෙහෙම දුක් විඳින්න නෙවෙයි………………………”😠

“මට තේරෙනවා අම්මෙ.ඒත් සමහර විට මේ වෙද්දි සුරේෂ්ගෙ අම්මා සුරේෂ්ට කෝල් කරලා කියලත් ඇති මං ගෙදරින් ගියා කියලා……………………..”😭

“එහෙනම් අපි බලමුකො ඌ මෙහෙ එයිද කියලා.ඔයා බය නැතුව ඉන්න දුවේ.මොන ප්‍රශ්නෙ සිද්ද වුනත් අපි ඉන්නවා ඔයත් එක්ක.ඔයා උදේට කාලද ඉන්නෙ?……………………”

“කන්න බෑ අම්මෙ.කිරි වීදුරුව බීගත්තෙත් බොහොම අමාරුවෙන්. කන්න බෑ හරිම අප්පිරියයි………………….”

“කාමරේට ගිහිල්ලා විවේක ගන්නකො. මං ඔයාට කන්න මොනවහරි අරන් එන්නම්.මේ කාලෙ බඩගින්නෙ ඉන්න එපා.ඒක දරුවට හොඳ නෑ………………….”

💐💐

සුරේෂ්ගෙ අම්මා කිහිප වතාවක්ම උත්සහ කරා සුරේෂ්ගෙ ෆෝන් එකට කෝල් එකක් ගන්න.ඒත් සුරේෂ් ෆෝන් එක ආන්සර් කරේ නෑ.විනාඩි විස්සක් විතර උත්සහ කරලා කරලා අන්තිමට අම්මාගෙ උත්සහය හරි ගියා.සුරේෂ් ෆෝන් එක ආන්සර් කරා.

“ඇයි අම්මෙ………………………”📲

“අනේ පුතේ ඇයි ෆෝන් එක ආන්සර් නොකරෙ?මං කී සැරයක් කෝල්ස් ගත්තද?…………………….”📲

අම්මා ඉන්නෙ ගොඩාක් කලබලෙන් කියලා සුරේෂ්ට තේරුනා.මොකක් හරි දෙයක් සිද්ද වෙලා තියනවා ගෙදර. මහීමාට අනතුරක්වත් වෙලාද?සුරේෂ් ගොඩාක් කලබල වෙලා බිය වුනා මහීමයි ඇගේ කුසේ ඉන්න තමාගෙ දරුවා ගැනයි සිහි වෙලා.

“ඇ……ඇයි අම්මෙ ඔයා ගොඩාක් කලබලයෙන් වගේ?මොකද උනේ?……………………..”📲

“අනේ පුතේ දැන් ටිකකට කලින් මහීමා දූ ගෙදරින් ගියා එයාගෙ ඇඳුම් ටිකත් බෑග් එකකට දාගෙන.මං එයාව නවත්තගන්න හැදුවත් වැඩක් වුනේ නෑ.දුව හොඳටම ඇඬුවා පුතේ.අනේ ඔයා ඉන්න තැනකින් ඉක්මනට ගෙදර එන්න………………………”📲

“හරි අම්මෙ මං ඉක්මනට එන්නම්……………………….”

දුරකථනය විසන්ධි කටපු සුරේෂ් හැකි ඉක්මනින් සිය මෝටර් රථය පදවාගෙන නිවසට ආවා.ඔහුගේ හිත පුරාම පැතිරී ගියේ මහීමාගේ අහිංසක මුහුණයි.ඇය මෙලෙස නිවසින් පිටව යයි කියලා ඔහු සිතුවෙ නෑ.

“අම්මෙ මොකද වුනේ?ඇයි මහීමා ගෙදරින් ගියේ?…………………….”

“ඉස්සෙල්ලා කියන්න මොකක්ද ඊයෙ ඔයාලා දෙන්නා අතර සිද්ද වෙච්චි ප්‍රශ්නෙ?ඇයි ඔයා ඒ දරුවට ගැහුවෙ. එයා ඉන්න තත්තෙ දැන දැනත් ඇයි පුතේ ඔයා එහෙම පහත් වැඩක් කරේ?………………………..”😥😠

මහීමාගේ හිතේ තාමත් ඉන්නෙ සෙනේෂ් කියලා සුරේෂ් අම්මාට කිව්වෙ නෑ.එහෙම වුනොත් අම්මාගෙ හිතේ මහීමා ගැන තියන යහපත් ආකල්පය බිඳිලා යයි කියලා ඔහුට හිතුණා.දැන් මහීමා තමාගේ බිරිඳ.තව මාස කිහිපයකින් ඇය අම්මා කෙනෙක්. නමුත් ඇය හිතුවක්කාර විදියට ඔහුව හැරදා ගිය එකට නම් ඔහුගේ සිතෙහි ඇය ගැන කේන්තියක් ඇති වුනා.😠😠

“එයා හරිම හිතුවක්කාරයි අම්මෙ.මං කියන කිසිම දෙයක් අහන්නෙ නෑ. කොයි වෙලේ බැලුවත් පැත්තක් අල්ලගෙන කල්පනා කරන එකමයි වැඩේ.ඔහොම කල්පනා කරන්න ගිහින් එයා ලෙඩෙක් වෙයි කියලා මට බයයි අම්මෙ…………………..”

“මට තේරෙනවා පුතේ.ඒත් පුතේ අපි පොඩ්ඩක් මහීමා දූගෙ පැත්තෙනුත් හිතලා බලන්න ඕනි නේද?එයාටම වැරැද්ද පටවලා වැඩක් නෑ.මේ හැම දේකම මුල්ම වැරදිකාරයා ඔයා.මහීමා දූ ආදරේ කරේ තමන්ගෙ එකම අයියට කියලා දැන දැනත් ඔයා ඒ කෙල්ලගෙ ජීවිතේ දෙවෙනි පාරටත් විනාශ කරා. ආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න බෑ පුතේ.ඔයාට ටිකක් හිතන්න තිබුනා පුතේ…………………..”😠

“දැන් ඔය දේවල් කියලා වැඩක් නෑනෙ අම්මෙ.මහීමා යද්දි අම්මට කියලද ගියේ?…………………..”😠

“මහීමා දු බෑහ් එකත් අරගෙන එලියට බහිද්දි මං හිටියෙ සාලෙ.එතකොටයි විස්තරේ මං අහගත්තෙ.දැන් කරන්න දෙයක් නෑනෙ.පුතේ ඔයා ගිහින් දුවව එක්කන් එන්න……………………..”

“එක්කන් එන්න මං එයාව ගෙදරින් පැන්නුවෙ නෑනෙ අම්මෙ.එයා ගියා නම් ගිය විදියට ඉන්න තැනක ඉඳියි.ඕන වෙලාවක එන්නෙ නැතෑ.මම නම් යන්නෙ නෑ එයාගෙ කකුල් දෙක ගාවට………………………”😡

“එහෙම කියන්න එපා පුතේ.දරුවා ගැනවත් හිතලා ඔයා ගිහින් මහීමා දූව එකක්න් එන්න.මෙතන ඔයත් වැරදි කරානෙ……………………….”

ඊලඟ කොටසින් නැවත හමුවෙමු