අම්මා තාත්තා ඉස්සරහවත් මං කවදාවත් කිසිම දේකට ඔලුව නවලා නෑ.හැබැයි ඕනි නම් මං තමුසෙගෙ කකුල් දෙක ගාව වැඳ වැටිලා වුනත් කියන්නම් මගෙ දරුවගෙ ජීවිතේට අනතුරක් නම් කරන්න එපා.තමුසෙට වටින්නෙ නැති වුනාට මේ දරු පැටියාව මට වටිනවා.මේ මගේ ලේ,මගේ පණ. වඳින්නම් මහීමා මාත් එක්ක තියන මගෙ දරුවගෙ පිටින් යවන්න නම් එපා. අපේ ප්‍රශ්න වලට මේ අහිංසකයා පලි නෑ…………………..”
මගේ උරහිසට අත තියලා අමාරුවෙන් වගේ කේන්තිය පාලනය කරගෙන සුරේෂ් එහෙම කිව්වා.එයාගෙ හඬේ තිබුනේ දුක්බර බවක්.එයා දරුවට මහා පුදුම විදියට ආදරේ කරා.සුරේෂ් ඉස්සරහ “මට මේ දරුවව එපා” කියලා මං කිව්වෙ සුරේෂ් එක්ක තියන තරහට මිසක් ඇත්තටම දරුවගෙ ජීවිතේට අනතුරක් කරන්න හිතාගෙන නෙවෙයි.
මොනවා සිද්ද වුනත් මට බෑ දරුවට අනතුරක් කරන්න.කවදාවත් කිසිම කෙනෙක් ඉස්සරහ දෙකට නැවුනෙ නැති,බැගෑපත් නොවුනු සුරේෂ් මගෙ ඉස්සරහ බැගෑපත් වුනා දරුවට මොකුත් කරන්න එපා කියලා.
මගෙන් පලි ගන්න හදපු,රාගයෙන් මත් වෙලා මං දිහා බලපු සුරේෂ් මෙහෙම හැසිරෙයි කියලා මට හීනෙකින්වත් හිතුවෙ නෑ.එයාගෙ මේ හැසිරීම් මට මහා ලොකු ප්‍රහෙලිකාවක් වුනා.දරුවට මොන තරම් ආදරේ කරත් මගෙ හිතේ සුරේෂ් ගැන ආදරයක් ඇති වෙන්නෙ නෑ.
“මං……මං දරුවට මොකුත් කරන්නෑ සුරේෂ්.ඔයා බය වෙන්න එපා…………………….”
“හ්ම්ම්.මං තමුසෙව විශ්වාස කරනවා. ඒ විශ්වාසෙ රැක්කෙ නැත්නම් බලා ගම්මුකො……………………..”😠
මගෙ කම්මුලට දබර ඇඟිල්ල තියලා එහෙම කියපු සුරේෂ් කාමරෙන් එලියට ගියා.මට වඩා දරුවාට පණටත් වැඩිය ආදරේ කරන සුරේෂ් ගැන මට කිසිම ආදර බර හැඟීමක් ඇති වුනේ නෑ.මං සුරේෂ් හින්දා දුක් විඳින්න පටන් ගත්තෙ අද ඊයෙ ඉඳන් නෙවෙයි.එයා හිරේ ගිය එකට අවුරුදු දාසයේදී මගෙන් පලි ගත්තා.
එතකොට මං අන්ධයි.එදා ඉඳන් මං ජීවත් වුනේ ජීවත් වෙන්න ඕනි නිසා මිසක් උවමනාවකින්,ආසාවකින් නෙවෙයි. වෙච්චි දේවල් ගැන කල්පනා කර කර මං හැමදාමත් දුක් වින්දා.මොන තරම් කඳුලු හලලා ඇත්ද?එදා ඒ සිද්දියෙන් පස්සෙ මං සතුටින් හිටියා නම් ඒ සෙනේෂ් මගෙ ජීවිතේට ආවට පස්සෙ විතරයි.එයා හින්දා මං මොන තරම් සතුටින් හිටියද?
ඒත් හිතක් පපුවක් නැති විදියට සුරේෂ් ඒ හැම සතුටක්ම නැති කරා.අදටත් මගෙ හිතේ සෙනේෂ්ගෙන් ලැබුනු ඒ ආදරේ පරිස්සමින් රැකිලා තියනවා.
දවල් දෙකට විතර මං නාගෙන ඉවර වෙලා සුරේෂ් අරන් දීපු රෝස පාට ලස්සන ගව්මක් ඇඳලා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ටිකක් වෙලා බලාගෙන හිටියා.වෙනදාට වඩා මං ටිකක් මහත් වෙලාද කියලා හිතුණා.ඒ ගව්මට මං ගොඩාක් ලස්සනයි කියලාත් මට හිතුණා.කුසට අත තියාගෙන මං දෙතුන් පාරක් හැරි හැරි හැඩ බැලුවා.
ආපහු හැරිලා එලියට යන්න හදද්දියි දැක්කෙ දොර ගාව ඉඳන් අත් දෙකත් බැඳගෙන මං දිහා සිනහා මුසු මුහුණින් බලාගෙන ඉන්න සුරේෂ්ව.මගේ දෑස් ඉබේටම බිමට හැරුනා.සුරේෂ් මං ගාවට ඇවිත් මගෙ කුසට අත තියලා නලල සිප ගත්තා. කණ්ණාඩිය පැත්තට මාවත් හරවගෙන එයාත් හැරිලා නොරිදෙන විදියට මගෙ කන් පෙත්තක් එයාගෙ දත් වලින් ඇල්ලුවා.
මගේ කොණ්ඩෙ පැත්තකට කරලා මගේ මුහුණ පුරාම ඒ දෙතොල් වල සිසිලස පැතිරෙව්වා. කණ්ණාඩියෙන් බලාගෙන මට ඇහැක් ගහපු සුරේෂ් එයාගෙ දෑත් වලින් මගේ කුස පුරාම අත ගෑවා.ඊට පස්සෙ එයාගෙ ෆෝන් එක අරගෙන සෙල්ෆි ෆොටෝස් දෙක තුනක්ම ගත්තා.
“පොඩ්ඩක් හිනා වෙන්නකො මහීමා. බලන්න ඔයා බුම්මගෙන ඉන්න හැටි…………………….”
ෆොටෝ එකට විතරක් මං අමාරුවෙන් වගේ හිනා වුනා.
💐💐
හවසට පහන තියන්න මං මල් වට්ටියත් අරගෙන මිදුලෙ තියන සුදු මල් ගහ ගාවට ගියා මල් කඩන්න.ඇස් පේන කාලෙ ඉඳන් ගෙදරදීත් පහන තියන්න මල් කැඩුවෙ මමමයි.සුදු වතුසුදු මල් ගහ ගාවින් එහා පැත්තෙ තියන නමිනන් ගහේ කහ පාටට ගෙඩි දෙක තුනක්ම ඉදිලා තියනවා මං දැක්කා.මල් වට්ටිය ගහ උඩ කරුවක් තියලා මං ඒ නමිනන් ගෙඩි දෙක තුනම කඩලා ටැප් එකෙන් හෝදලා කෑවා.
බැල්කනිය උඩ හිටපු සෙනේෂ් මහීමා දිහා බලාගෙන හිටියා.ඉනට අත තියාගෙන පාත් වෙලා ගහෙන් නමිනන් කඩාගෙන ටැප් එකෙන් හෝදලා කනවා ඔහු බලාගෙනයි හිටියෙ.
රෝස පාට ගව්මට මහීමා ගොඩාක් ලස්සනයි, බෝනික්කියක් වගේ කියලා ඔහුට හිතුණා.ඇයත් සමඟ ආදරයෙන් ගත කරපු දවස් ඔහුට සිහිපත් වුනා.ඒ දවස් වල මහීමා හිටියේ හරිම සතුටින්.
ඔෆිස් එකේ රැකියාවට ආපු දවස් වල ඇය උන්නේ කිරිල්ලියක සේ පියා සලමින් ගිරවියක් වගේ කතා කරමින් දවස ගත කරේ සතුටින්.ඒත් අද ඇය ඉන්නෙ සතුටින් නෙවෙයි කියලා සෙනේෂ් දන්නවා.ඇය හා ආදරය කරන දින වලදී ඔහු අසලදී ඇය කුඩා දැරියක් සේ හුරතල් වෙයි.
ඇයගේ ආදර වදන් වලින් ඔහුගේ තුන් හිතම පිරී ඇත. නමුත්………………දැන් ඇය අයිති තමාට නොව සුරේෂ්ට ය.තමා ප්‍රාණය සේ ආදරය කල ඒ වස්තුව අද වෙනකෙකුට සදාකාලිකවම අයිති වී ඇත.ඔහුගේ ඇස් වලට කඳුලක් ඉනුවේ ඔහුටත් නොදැනීය.මෙතෙක් වෙලා අතීතය හා සිරව සිටි ඔහු නැවතත් පහල ඇති වතුසුදු ගස දෙස බැලුවා.තවමත් ඇය එහි මල් කඩනවා.
මල් වට්ටියක්ම ලස්සනට අහුරනවා.ඇයත් මලක් වගේම ලස්සනයි කියලා ඔහුට සිතෙනවා.නමුත් නැවතත් ඔහුගේ මතකයට නැගෙන්නේ ඇයව තමාට හිමි නැති බවයි.බැල්කනියෙන් නික්මී කාමරේට පැමිණි ඔහු සයනය මත හිඳගෙන ඔහු ළඟ සුරක්ෂිතව ඇති ම
හීමාගේ පින්තූරය අරගෙන එය පපුවට තබාගෙන සෑහෙන වෙලාවක් ඉකි බින්දා.
මට උඹව අමතක කරන්න බෑ මගෙ රත්තරං.ඔය මූණ දකින දකින වාරයක් වාරයක් ගානෙ මගෙ පපුව පැලෙන්න එනවා වගේ වෙනවා මහීමා.ආත්ම ගානක් ගියත් මට ඔය රත්තරං මූණ ඔය හිතෙන් ලැබුනු ඒ ආදරේ අමතක කරන්න බෑ.හෙට මං ඕස්ට්‍රේලියාවට යනවා.ආයෙ එන්න මාස හයක් හතක් විතරයයි.
එතකොට ඔයා අම්මා කෙනෙක් වෙලාත් ඉඳියි.දැන් දුකින් හිටියත් ඔය කුසේ ඉන්න කිරිකැටියගෙ මුහුණ දැක්කට පස්සෙ ඔයා සතුටින් ඉඳියි.මං ප්‍රාර්ථනා කරන්නෙත් ඔයාගෙ ඔය සතුට විතරමයි මහීමා.මට අයිති නොවුනත් මක් තුන් හිතකින්වත් ඔයාගෙ පව්ල් ජීවිතේ කැඩිලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ නෑ.ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි.ඔයාගෙන් ලැබුනු ආදරේ හිත දරාගෙන මං හැමදාම තනියෙන්ම ඉන්නවා.😢😢
🥀🥀
පහුවදා උදේ පාන්දර හයට විතර ලෑස්ති වෙලා සෙනේෂ් පහලට ආවා. ඔහු රට යන බවක් තාම දන්නෙ අම්මා විතරයි.ඇය ඒ බව මහීමාට පැවසුවෙ නැත්තෙ ඇය තවත් දුක් වේවි කියලයි.
“නෝනා…………………..”
“ඇයි විමලා නැන්දෙ?……………………”
“ලොකු නෝනා කතා කරනවා.සෙනේෂ් මහත්තයා පිටත් වෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ……………………”
“පිටත්……වෙන්න……ඒ කිව්වෙ නැන්දෙ?අයියා කොහෙද යන්නෙ?…………………….”
“ඇයි නෝනා දන්නෙ නැද්ද?සෙනේෂ් මහත්තයා රට යන්නනෙ හදන්නෙ. ආයෙ එන්නෙ මාස හය හතකින් විතරලු……………………”
අනේ දෙයියනේ සෙනේෂ් රට යනවා කියලා මං දන්නෙ නෑනෙ.එයා මට ඒ බවක් කියලා තිබ්බෙ නැහැනෙ.සමහර විට සෙනේෂ්ට හිතෙන්න ඇති මට මොකටද ඒවා කියන්නෙ කියලා.😥😥මගෙ ඇස් කඳුලින් තෙත් වුනා.ටවල් එකෙන් මුහුණ පිහදාගෙන මං සාලෙට ආවා.සෙනේෂ් හිටියෙ ලස්සනට කළු කෝට් එකයි කලිසමයි ඇඳලා.හරිම ලස්නයි එයා.ඒ ලඟින්ම අම්මයි සුරේෂුයිත් හිටියා.සුරේෂ් හිටියෙ නම් සතුටින් වගේ.මගේ දිහා බලලා සමච්චල් සහගත හිනාවක් දාපු සුරේෂ් පුටුවෙන් නැගිටලා මං ගාවට ආවා.
“මහීමා……අයියා රට යන්න හදන්නෙ. ඕස්ට්‍රේලියාවෙ.ආයෙ එන්න මාස හයක් හතක් විතර යනවා……………………”
සුරේෂ් එහෙම කිව්වෙ මගෙ හිතේ තියන දුක තව තවත් වැඩි කරන්න කියලා මට හොඳටම තේරුණා.මගෙ ඇස් සෙනේෂ්ගෙ ඇස් එක්ක යා වුනා. අමාරුවෙන් වගේ මුහුණට හිනාවක් එක ගත්තු මං සෙනේෂ්ගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.මට නැමෙන්න නොදී මගෙ උරහිස් වලට අත් දෙකම තියලා එයා මාව නැගිට්ටෙව්වා.
“පරිස්සමින් ගිහින් එන්න අ….අයියෙ………………….”😫😫
“හොඳයි නංගි.ඔයාලත් පරිස්සමින් ඉන්න.මං එනකොට දරුවට ඕනි දේවල් එහෙම ගෙනත් දෙන්නම්…………………”
මං ඔලුව වනලා හා කිව්වා.කතා කරන්න වචන පිට වුනේ නෑ.සෙනේෂ් ගියාට පස්සෙ මං කාමරේට ඇවිත් ඇඳෙන් වාඩි වෙලා හොඳටම ඇඬුවා.
මොහොතකට පසුව කාමරේට ආපු සුරේෂ් දැක්කෙ ඇඳ වියලට ඔලුව තියාගෙන ඉකි ගගහා කඳුලු හලන මහීමාව.ඔහුගේ සිතට ඇය ගැන දැනුනේ කේන්තියක්.
“තමුසෙ මොකද ඔය අඬන්නෙ?……………………”😠
සුරේෂ් එහෙම අහද්දී මහීමා ගැස්සිලා වගේ බැලුවා.ඇගේ මුහුණ පුරාම කඳුලු වලින් සේදිලාම ගිහිල්ලා.ඇය ටක්ගාලා අහක බලාගෙන කඳුලු පිහදා ගත්තා.
“සෙනේෂ් ගියාට තමුසෙ මොකද අඬන්නෙ?තමුසෙට බැහැ දැන් සෙනේෂ් ගැන හිතන්න.ඇයි මේ දවස් ටිකේ ඌ තමුසෙගෙ හොර මිනිහා වෙලාවත් හිටියද?…………………..”
“අපරාධ කතා කියන්න එපා මනුස්සයො.සෙනේෂ් මොන වගේ කෙනෙක්ද කියලා තමුසෙ හොඳටම දන්නවනෙ.තමුසෙට හොර ගෑණු හිටියට මට එහෙම නෑ……………………..”
හිතා මතා නොකිව්වට ඇගේ මුවින් පිට වූ වචනෙ බරපතළ බව ඇයවත් දන්නෙ නෑ.සුරේෂ් කෙතරම් සෙල්ලක්කාර දඩබ්බර කෙනෙක් වුවත් ගැහැණුන් ලඟින් ආශ්‍රය කර තිබුනේ නෑ.සුරේෂ් ගැහැණියක් හා කයින් එක් වූවා නම් ඒ මහීමා සමඟ පමණයි.ඔහු මහීමාට කෙතරම් ආදරය කරත් ඇය තමාව නොසලකා හරින විටදී,තමාව රිදවනා විටදී ඔහුගේ සිතට දුකක් දැනෙනවා.ඒ දුක කේන්තියක් බවට පත් වන්නට වැඩි වෙලාවක් යන්නෙ නැහැ.
“මොකක්ද හු#### යෙ උඹ කිව්වෙ?කොහෙද යකෝ මට හොර ගෑණු හිටියෙ?කියපිය බලන්න කොහෙද මට හොර ගෑණු හිටියෙ?……………………..”😡
ඇගේ අතේ බාහුවෙන් රිදෙන්නම අල්ලාගෙන සුරේෂ් එහෙම ඇහුවා.
“අනේ මගෙ අත අතාරින්න සුරේෂ් රිදෙනවා.ආව අනේ මගෙ අත කැඩෙයි අනේ……………………….”😭😭
“මේක අහපන් මහීමා උඹ මට ආදරේ නොකරාට මාව ගනන් ගත්තෙ නැති වුනාට මං වෙන ගෑණු පස්සෙන් ගිහිල්ලා නෑ.ආයෙ තොගෙ කටින් ඔහොම කියලා තිබ්බොත් ළමේක් හම්බෙන්ම ඉන්නවා කියලා බලන්නෙ නෑ ගලෝනවා උඹේ දත් ඇන්දම……………………..”😡
ඊට පස්සෙ සෙනේෂ් මගෙ අත අතෑරියා. අත වටේටම ඇඟිලි පාර හිටලා රතු වෙලා.මට රිදුනාට එයාට ගානක්වත් නෑ.අතත් අත ගගා මං ඇඳෙන් නැගිට්ටා.
💐💐
රෑට නිදා ගන්න යද්දී සුරේෂ් පේන්නවත් කාමරේ හිටියෙ නෑ.මං නිකමට වගේ බැල්කනියට ගිහින් බැලුවත් සුරේෂ් බැල්කනියෙ හිටියෙත් නෑ.අනේ මන්දා මේ මනුස්සයා කොහේ ගියාද මන්දා. ටික වෙලාවකින් සුරේෂ් කාමරේට ආවෙ කොර ගගහා වගේ.මං උවමනාවෙන් බලද්දියි දැක්කෙ සුරේෂ්ගෙ කකුලෙ පැත්තක් සුදු පාර රෙදි කෑල්ලකින් ගැට ගහලා තියනවා. අමාරුවෙන් අඩිය තිය තියා ඇවිත් සුරේෂ් ඇඳෙන් වාඩි වුනා.
“ඇයි මේ?මොකද සුරේෂ් ඔයාගෙ කකුළට වුනේ?……………………”
“වීදුරුවට කැපුනා ඕයි කකුල.ඉන්න බෑ දැවිල්ලයි අප්පා……………………”
“කෝ බලන්න.ගොඩක් කැපිලද?බෙහෙත් ටිකක් දාමුකො තුවාලෙට………………….”
සුරේෂ්ගෙ කකුල මගෙ උකුල උඩින් තියාගෙන මං ඒ රෙදි කෑල්ල ගැලෙව්වා. තුවාලෙ ගැඹුරට කැපිලා නොතිබුනත් ටිකක් වැඩිපුර ලේ ඇවිල්ලා තිබුනා. පුලුන් කෑල්ලක පොඟවලා සර්ජිකල් වලින් පිහදාලා තුවාලෙට බෙහෙත් දැම්මා.
“මොකෝ මේ දුක හිතුනද මගෙ කකුල කැපිලා තියනවා දැක්කම?…………………..”
සුරේෂ්ට හිතෙනවා ඇති මං එයාගෙ කකුල තුවාල වෙලා තියනවා දැක්කම බෙහෙත් දැම්මෙ එයාට ආදරේ හිතිලා කියලා.මගෙ හිතේ එයා ගැන ආදරයක් නැහැ.ඒත් අකමැත්තෙන් සිද්ද වුනත් මං දැන් සුරේෂ්ගෙ බිරිඳ.ආදරේ නොකරත් මං බිරිඳකගෙන් ඉෂ්ඨ වෙන්න ඕනි යුතුකම් සියල්ලම ඉශ්ඨ කරන්න හිතා ගත්තා.
“නෑ…………………..”
“මං හිතුවෙ මං ගැන තමුසෙට ආදරයක් ඇති වෙලා කියලා………………….”
“විකාර කියවන්න එපා සුරේෂ්.ඔයා මට කරපු දේවල් එක්ක බලද්දී ආත්ම සීයක් ගියත් මගෙ හිතේ ඔයා ගැන නම් ආදරයක් ඇති වෙන්නෙ නෑ………………..”😠
එහෙම කියලා මං අනික් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවා.සුරේෂ් මගෙ දිහා බලාගෙනම හිටියා.මං ඇඳන් හිටපු ගව්මෙ පපුව ගාව ඉඳන් ඉන ගාවටම බට්න් ටික ගැලෙව්වා.
“ඇයි සුරේෂ් මේ?ප්ලීස්……මට නිදා ගන්න දෙන්නකො.මට ගොඩාක් නිදි මතයි අනේ…………………..”
“බොරු නොකියා ඉන්නවා තමුසෙ දවල් දෙකේ ඉඳන් හවස හතර වෙනකල් නිදා ගත්තෙ……………………”
ගව්ම දෙපැත්තට කරලා මගෙ බඩ උඩින් සුරේෂ් එයාගෙ අත තිබ්බා.ඊට පස්සෙ ඒ සීතල දෙතොල් වලින් මගෙ කුස පුරාම සිප ගත්තා.
“බබා දඟලන්නෙ කොයි කාලෙ වෙනකොට මහීමා?…………………..”
“තව මාස එකහමාරයිනෙ සුරේෂ්.බබා දඟලන්න තව ගොඩාක් කල් තියෙනවා………………….”
“තමුසෙ දුකින් ඉන්න එපා.සතුටින් ඉන්නවා.මං කැමති නෑ තමුසෙ දුක් වෙනවට…………………….”
“ඔයා මගෙ මුලු ජීවිතේම අඳුරට ඇදලා දාලා මගෙ සතුට එහෙම් පිටින්ම උදුරගෙන දැන් කියනවද සතුටෙන් ඉන්න කියලා?……………………”
මක් ඒක ඇහුවෙ තරහින්.මට ඒ තරමටම සුරේෂ්ව එපා වෙලයි තිබුනෙ.
“මගෙ යකා අවුස්සන්න ලෑස්ති වෙන්න එපා මහීමා.මං උඹට ඇති තරම් කාලය දුන්නා පරණ දේවල් අමතක කරන්න. උඹව අයිති මට මිසක් සෙනේෂ්ට නෙවෙයි……………………..”😡
“ඔයා කාලෙ දුන්න පලියට හිතන්න එපා සුරේෂ් මට හැම දෙයක්ම අමතක කරන්න පුලුවන් කියලා.මාත් හැඟීම් දැනීම් තියන ඇට ලේ මස් නහර වලින් හැදිච්ච මනුස්සයෙක්.හිතට තදින්ම දැනුනු ආදරයක් එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ.ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බෑ සුරේෂ්.ඒක ඔයාට තේරෙන්නෙ නෑ…………………..”😥
“ඒ කියන්නෙ උඹ තාමත් ආදරේ කරන්නෙ සෙනේෂ්ටද?උඹ මාව බැන්දට පස්සෙත් ඌත් එක්ක සම්බන්දකම් තියා ගත්තද?කියපිය බැල්ලි…………………….”😡
“අනේ නෑ සුරේෂ්😭දෙයියන්ගෙ නාමෙට මගෙ කොණ්ඩෙ අතාරින්න.රිදෙනවා අයියෝ අනේ…………………….”😭😭
ඇයට පහර දෙන්න අත ඉස්සුවත් සුරේෂ් ඇයට ගැහුවෙ නෑ.දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඔහු ඉවසුවා. නමුත් ඔහුගේ සිතේ ඇති කෝපය නම් නිවුනේ නැහැ.ඇය කෙතරම් හඬා වැලපුනත් ඔහු ඇයට බැන්නා මිසක් ඇයව සැනාසුවේ නැහැ.
“පින් සිද්ද වෙයි සුරේෂ් මට දැන්වත් සැනසීමෙ ඉන්න දෙන්න.මං ඔයාව කසාද බැන්දෙ හිතේ සතුටකින් නෙවෙයි තමයි.ඒත් සෙනේෂ් ගැන හිතන්න මට දැන් අයිතියක් නෑ කියලා මං දන්නවා.ඔයාව කසාද බැන්දට පස්සෙ මං සෙනේෂ්ට කතා කරේ අයියෙ කියලා.එයා මට කතා කරේ නංගි කියලා.එයා සැලකුවෙ මට සහෝදරියකට වගේ…………………”😥😥
“විකාර කියවන්නෙ නැතුව ඉඳපන් යකෝ.මං නොදන්න උගෙ සහෝදරකම්.මට අයිති වෙලා තියන දෙයක් තව එකෙකුට අයිති වෙන්න මං ලේසියෙන් ඉඩ තියන්නෙ නෑ.මීට පස්සෙ උඹ සෙනේෂ් ගැන මගෙ කන් දෙකට ඇහෙන්න කියලා තිබ්බොත් මං උඹේ කට තලනවා…………………..”😡
“මං නෙවෙයි සුරේෂ් ඔයයි විකාර කියවන්නෙ.ඔයා මාව සෙනේෂ්ගෙන් උදුර ගත්තට සෙනේෂ් මාව ඔයාගෙන් ඈත් කරන්න කවදාවත් උත්සහ කරේ නෑ.එයා මනුස්සයෙක් තිරිසනෙක් නෙවෙයි……………………”
“එතකොට මමද හු### යෙ තිරිසනා?ආ කියපිය වේ##.කව්ද තිරිසනා?😡අද මං උඹට……………………..”😡😡
ඇගේ කෙස් වැටියෙන් ඇල්ලූ ඔහු ඇගේ කම්මුලට පහර දුන්නේ තිරිසනෙකු ගානට.ඇය විලාප තබමින් කෑ ගහද්දී ඔහු ඇගේ කට දෙපැත්තෙන් අල්ලලා තද කරලා මිරික ගත්තා.තොල පැලිලා රුධිරය ගලද්දී ඇය ඔහුගෙන් මිදෙන්න දැඟලුවා.
“අම්මපා මගේ දරුවා උඹේ බඩේ ඉන්න නිසායි මං මෙච්චර ඉවසුවෙ.නැත්නම් මං උඹව මරලා දානවා…………………….”😡
සුරේෂ්ට ඇති වෙලා තියන කේන්තිය සුලු පටු එකක් නෙවෙයි කියලා මට තේරුනා.
නැවත හමුවෙමු❤️