අම්මාගේ මරණෙන් තුන් මාසයක් ගෙවිලා ගියත් මගෙ හිතේ තාම අම්මගෙ රූපෙ මැවිලා පේනවා.එයා මට මොන තරම් වෛර කරත් මං අම්මට හැමදාම ගොඩාක් ආදරේ කරා. මං කොහෙත්ම දැනගෙන හිටියෙ නෑ මගෙ අම්මා හදවත් රෝගියෙක් කියලා. මීට මාස තුනකට කලින් එදා මං අම්මගෙ මිනිය බදාගෙන පිස්සියක් වගේ.
මැරෙන්න මොහොතකට කලින් අම්මගෙ කටින් මට මගෙ දුවේ කියලා අහගන්න තිබුනු වාසනාව නැතුව ගියානෙ.ඒකට වැරදි කාරයා බාප්පා. අම්මා ජීවත් වෙලා හිටපු අන්තිම කාලෙ මාව දකින්න හුඟාක් ආසාවෙන් ඉඳලා තියෙන්නෙ.අම්මගෙ ඒ ආසාව බාප්පා ඉශ්ඨ කරලා නෑ.මොකද මට අම්මව බලන්න එන්න කියන්න තරම් බාප්පගෙ හිත ශක්තිමත් නෑ.එයා ඒ ගැන සෑහෙන්න දුක් වුනා.
“මට සමාවෙන්න දුවේ.අම්මා ඔයාගෙ මූණ දකින්න ආසාවෙන් හිටියෙ.ඒත් මං කොහොමද ඔයා ළඟට ඇවිත් එයාගෙ ඒ ඉල්ලීම ඉශ්ඨ කරන්න කියලා කියන්නෙ?එයා ඔයාට මොන තරම් වෙනස්කම් කරාද?වදපු අම්මා වෙලත් ඔයාට සළකපු විදියට මං කොහොමද පුතේ ඔයා ගාවට ඇවිත් ඉල්ලීම් කරන්නෙ එයාව බලන්න කියලා.මට සමාවෙන්න දුවේ…………………”
බාප්පගේ මුවින් පිට වූ ඒ වදන් මට හැම වෙලේම මතකයට නැගුණා.ඒත් දැන් හැම දෙයක්ම සිද්ද වෙලා ඉවරයි. ඒ මත්තෙ හඬා වැටුනත් ඉතුරු වෙන්නෙ දුක විතරයි.
“දේවාන්ශි……………..”
“ආ විරේන් ඔයා දැන්ද ආවෙ?……………..”
“ටව්න් එකේ හැම තැනකම ඇවිදලා හොයාගත්තෙ.මේ බේසම හොඳයි නේද අපේ කොල්ලො දෙන්නව නාවන්න?…………….”
“මේක හොඳයි විරේන්.මහා ලොකු කාලයක් බේසමේ නාවන්නෑනෙ ඉතින්………………”
විරේන් නිල් පාට ලොකූ බේසමක් ගෙනත් තිබුනා බබාලා දෙන්නව නාවන්න.මං බේසම අල්මාරිය අයිනෙන් තියලා කුස්සියට ගියා.යද්දී දයාවතී නැන්දා රෑට කෑම උයනවා.
“මොනවද නැන්දෙ රෑට කන්න උයන්නෙ?……………..”
“බතුයි කිරි කොස් මාළුවයි,චිකනුයි, පරිප්පුයි,මැල්ලුමයි………………”
“ශා මරුනෙ……………..”
දයාවතී නැන්දා හදලා දීපු තේ එකත් බීලා මං කාමරේට ඇවිත් ක්ෂණිකව ආපු සිතුවිල්ලකට ෆෝන් එක අතට ගත්තා.ඩයරියෙ තිබුනු මගෙ හොඳම යාලුවා දුලාරිගෙ ෆෝන් නම්බර් එකට කෝල් එකක් ගත්තා.හොඳ වෙලාවට නම්බර් එක තාමත් වැඩ.
“හෙලෝ……………….”📲
“හෙලෝ දුලාරී ඉන්නවද?මම දේවාන්ශි කතා කරන්නෙ………………….”📲
“දේවාන්ශි ඔයා😱ගොඩ කාලෙකට පස්සෙනෙ.දැන් ඔයා කොහෙද ඉන්නෙ? මං මේ ළඟඳි ඔයාලගෙ ගෙදරත් ගියා. ළඟදි කිව්වට මාස තුනකට වගේ කලින්………………..”📲
“ඒ හැම දෙයක්ම හීනයක් වගේ දුලාරි. ඔයා දැන් මොකද කරන්නෙ?මැරි කරලද ඉන්නෙ?…………….”📲
“නෑ බන්.ලබන අවුරුද්දෙ අන්තිමට වෙඩින් එක ගන්න හිතාගෙන ඉන්නෙ. උඹට කොහොමද දැන්?බාප්පා කිව්වා උඹ මැරි කරා කියලා……………..”📲
“ඔව් දුලාරි මං මැරි කරලා අවුරුදු තුනක් විතර ඇති……………….”📲
“බබාලා එහෙම ඇති එහෙනම්…………………”📲
“ඔව් දුලාරි.ලබන සතියෙ දින තියෙන්නෙ හොස්පිටල් ඇඩ්මිට් වෙන්න.කොල්ලොම දෙන්නෙක්………………..”📲
“ශෝක්නෙ බන් කොල්ලොම දෙන්නෙක් නම්.මං අනිවාර්යෙන්ම එනවා උඹේ කොල්ලො දෙන්නව බලන්න නුවරඑළි………………..”📲
“වරෙන් වරෙන්.උඹව දැක්කෙත් නෑ ගොඩ කාලෙකින්.මං එහෙනම් තියන්නම් බං.බුදු සරණයි…………………”📲
“බුදු සරණයි…………………..”📲
“දුරකථන සංවාදෙ ඉවරද මැඩම්?එහෙනම් බත් කමු.තමුසෙ බඩගින්නෙ හිටියොත් මගෙ කොල්ලො දෙන්නා පව්………………..”
එහෙම කියාගෙන බත් පිඟානකුත් අරගෙන විරේන් මං ගාවින් වාඩි වුනා. නපුරා ළමයි දෙන්නට විතරයි ආදරේ. මට ආදරේ නෑ.මං තරහ වෙලා වගේ හිටියා.
“මොකද අප්සට් මූඩ්?……………….”
“ඔයා දැන් මට ආදරේ නෑ විරේන්…………………”
“කව්ද බන් විභාගෙ ලිව්වට පස්සෙත් පාඩම් කරන්නෙ?………………”
විරේන් ඒක කිව්වෙ විහිළුවට වුනාට මට ඇත්තටම ඇඬුනා.මං කඳුලු පෙර පෙර ඇඬුවා.විරේන් හිතුවෙ මං අඬන්නෙ බොරුවට කියලා.
“ඒයි මෝඩ ගෑණි ඔහොම අඬන්න එපා ඕයි.බලනවා මේ බත් එකටත් කඳුලු වැටෙනවා.තව වැඩිවෙයි ලුණු රහ……………….”
“දැන්ම ඉඳන්ම මෙහෙම නම් ළමයි දෙන්නා හම්බුනාට පස්සෙ මං දිහා බලනෙකක්වත් නෑ.මුලදි කොහොමද කිව්වෙ දැන් කොහොමද කියන්නෙ?…………………..”😭😭
“දේවාන්ශි……පිස්සුද මැණික තමුසෙට? මං විහිලුවක් කරේ.මං ඔයාට එදා වගේම අදත් ආදරෙයි.ඒ ආදරේ හැමදාම එහෙම්මමයි.ළමයි දෙන්නෙක් නෙවෙයි දුසිමක් ලැබුනත් මගෙ ආදරේ වෙනසක් වෙන්නෙ නෑ.දැන් ඔය කඳුලු පිහදාගෙන මේ බත් ටික කන්න………………..”
“ආයෙ විහිලුවටවත් ඔහොම කියන්න එපා විරේන්.මට හරියට දුක හිතුණා. කවුරුවත් මට ආදරේ නෑ.ඔයාගෙ ආදරේ මට මහ මෙරක් වගේ.මට මගේම කියලා ඉන්නෙ ඔයයි දරුවො දෙන්නයි විතරයිනෙ…………………”😥😥
“අනේ මැණික ඔයාට මෙච්චරටම දුක හිතුණද?ආයෙ මං එහෙම කියන්නෙ නැහැ වස්තුවෙ.කෝ හිනාවෙනවකො පිස්සියෙ………………..”
කොහොම හරි අන්තිමට විරේන් මාව හිනස්සවලයි නැවතුනෙ.
“ගොඩාක් අමාරුයි නේද තමුසෙට ඇවිදිනකොට.දෙන්නෙක්නෙ ඉන්නෙ බණ්ඩියෙ………………..”
මගේ කුස අතගාමින් විරේන් එහෙම ඇහුවා.වෙනදාට නොදැනෙන අපහසුතාවයන් ටිකෙන් ටික දැනෙන්නට වුනා.ඒ දින ළඟ නිසා වෙන්න ඇති.
“හරි අමාරියි විරේන් ඇවිදිනකොට එහෙම.කකුලුත් ඉදිමෙනවා.කොන්දත් රිදෙනවා…………………”
“මෙච්චර කාලයක් දරාගෙන හිටියා වගේ මේ ටික දවසත් ඉවසන්න දේවාන්ශි.කොහොමත් තව සතියක් යන්න කලින් පැටව් දෙන්නා අපි ගාවට එනවනෙ………………”
සති දෙකකට පසුව👇👇👇🤱🤱
දීපු දිනයට දවස් තුනකට කලින් මගේ පුංචි පැටව් දෙන්නා මෙලොව එළිය දැක්කා.රෝසම රෝස පාට පොහොට්ටු දෙකක් වගේ.විරේන් නම් හිටියෙ මුලු ලෝකෙම ජය ගත්තා වගේ සන්තෝශයකින්.පුතාලා දෙන්නව අත් දෙකට වඩාගෙන එයා ඇවිදිනවා.මේ ලෝකේ වටිනාව වස්තුව අපි දෙන්නට ලැබුනා.
“මේ දෙන්නා ඇවිදින වයස වෙද්දී පස්සෙන්ම ඉන්න වෙයි……………….”
“ඒක තමයි.දොර ගාවින් වැටක් ගැහුවා නම් හරි ඒ කාලෙ වෙද්දි.නැත්නම් මෙයාලා දෙන්නගෙ පස්සෙන්ම ඉඳලා මට ගෙදර වැඩක්වත් කරගන්න බැරි වෙයි………………..”
“මුල් තැනයි අවධානෙයි දෙන්න ඕනි ළමයි දෙන්නට.ගෙදර වැඩ ඊට පස්සෙ කරනවා…………………”😠
“නපුරා ඔය මට බනිනවද?…………………”
“බනිනවා නෙවෙයි ඔලුව පලනවා කොල්ලො දෙන්නාව හරියට බලා ගත්තෙ නැත්නම්………………….”
“ඔව් ඉතින්.මගෙ ඔලුව පලලා මෙයාට හොඳට පුරුදුයිනෙ.බලන්න ඒ තුවාල කැලල තාමත් නලලෙ තියනවා මේ……………….”
මං කොණ්ඩෙ පිටිපස්සට කරලා නලලෙ තියන තුවාල කැලල පෙන්නුවා.
“පිස්සු ගෑණි.ඔලුව පැලෙන්නෑනෙ ඉතින්.මට ඒ කාලෙම ඉඩ දුන්නා නම්. කොහෙද ඉතින් ඒ කාලෙ මෙයාගෙ තිබුනු නපුරුකම………………”
“ඒ කාලෙ ගැන මතක් වෙද්දි නම් මං ගොඩාක් පසුතැවෙනවා විරේන්.මං ඔයාට කොච්චර වද දුන්නද?………………..”
“දැන් ඒවා මතක් කරන්න එපා දේවාන්ශි.මාත් වැරදි කරානෙ………………”
“මාස තුනක් ගියාට පස්සෙ අපි මේ දෙන්නව එක්කරගෙන කතරගම යමු………………”
“ඔව් ඒක හොඳයි.අපේ අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි සිහි කරලා දානයක් දෙමු ලබන අවුරුද්ද දිහාට………………..”
“ඒක හොඳයි විරේන්.අපෙ අම්මගෙ අවුරුද්දෙ පිංකම දවසෙ දෙමු……………….”
“කෝ එන්න මගෙ චණ්ඩි පැටව් දෙන්නා……………….”
එහෙම කියමින් විරේන් පුතාලා දෙන්නව ඔඩොක්කුවෙන් තියා ගත්තා. මාවත් එයාගෙ උරහිසට වාරු කරගත්තා.එයාගෙ කම්මුලක් සිපගෙන ඇස් දිහාම බැලුවා.
“ආදරෙයි උපදින හැම ආත්මෙකමදීම……………….”🤱🤱😘😘❤️❤️🌹🌹😍😍😀😀අවසානයි