තමුසෙ මොනවද මළ ජරාවක්ද ඕයි කෑවෙ මෙච්චර වමනෙ යන්නෙ?උදේත් වමනෙ ගියා නේද?………………….”😠

මං අසනීපෙන් ඉන්න එක ගැන සුරේෂ්ට ගානක්වත් වුනේ නැහැ.එයා කලේ මට බනින එකමයි.අඩුම තරමෙ මගෙ අසනීපෙ ගැන එයාගෙ හිතේ පුංචිවත් දුකක් තිබුනෙ නෑ.වමනෙ ගිහිල්ලා ගිහිල්ලා මගෙ උගුරත් දැවිල්ලයි.කටත් සෙවලයි වගේ හරිම අප්පිරියයි.

කාරෙකට ඇවිත් වාඩි වෙලා මං ඇස් දෙකේ කඳුලු පිහ දා ගත්තා.

“හුඟක් අමාරුයිද තමුසෙට?………………….”

“එච්චර අමාරුවක් නෑ.ඇඟට පණ නෑ අප්පා.වෙව්ලනවා වගේ………………….”

විනාඩි විස්සක් විතර යනකොට සුරේෂ් මාව ප්‍රයිවට් හොස්පිටල් එකකට එක්කන් ආවා.මං ඩොක්ටර් ගාවට ගියෙත් සුරේෂ්ගෙ ඇඟට වාරු වෙලා. කෙලින් හිට ගන්න බැරි තරමට ඇඟට පණ නෑ.මාව පරීක්ෂා කරපු වෛද්‍යවරයා බෙහෙත් තුණ්ඩුවක් ලියලා ඒක සුරේෂ්ගෙ අතට දුන්නා.

“එහා පැත්තෙ තියන තුන් වෙනි රූම් එකට යන්න………………….”

ඊට පස්සෙ සුරේෂ් මාව ඒ රූම් එකට එක්කන් ගියා.රිපෝට් එක එනකල් පැය බාගයක් විතර අපි දෙන්නා එලියෙ පුටුවකින් වාඩි වෙලා හිටියා. ඉවසගන්න බැරිම තැන මං සුරේෂ්ගෙ උරහිසට හිස තියා ගත්තා.මොන වගේ දරුණු ලෙඩක්ද දන්නෑ මට හැදීගෙන එන්නෙ.මුලු ඇඟම තලලා දාලා වගේ රිදෙනවා වෙව්ලනවා.ටික වෙලාවක් යද්දී නර්ස් කෙනෙක් ඇවිත් රිපෝට් එක සුරේෂ්ගෙ අතට දීලා ඩොක්ටර් ගාවට යන්න කිව්වා.

“තමුසෙ ඔතනින් වාඩි වෙලා ඉන්නවා. මං ගිහින් මේක ඩොක්ටර්ට කියලා බලවගෙන එන්නම්…………………..”

සුරේෂ් ඩොක්ටර්ගෙ කාමරේට ගිහින් පැය කාලක් විතර යද්දී ආපහු ආවා. එයාගෙ මුහුණෙ තිබුනෙ සතුටුදායක පෙනුමක්.ඒ සතුට වෙනුවට මට දැනුනෙ පුදුම බයක්.ඩොක්ටර් මොනවා කිව්වද දන්නෑ.සුරේෂ් මෙහෙම සතුටින් ඉන්නෙ මට මොකක් හරි ලොකු ලෙඩක් ඇති සමහර විට.ඒකනෙ මෙහෙම ඇඟට අමාරු දැනෙන්නෙ වමනෙ ගියේ.

“ඩොක්ටර් මොකද කිව්වෙ සුරේෂ්?………………..”

“යමුකො මැණික කාරෙකට.මං කියන්නම්…………………”

ඉස්සෙලා මට බැනපු මනුස්සයා මේන් මට මැණික කියලා ආදරෙන් කතා කරනවා.මොකක්ද මේ එකපාරටම වුනු වෙනස්වීම.ඇඟට වාරු කරගෙන බොහොම පරිස්සමට මාව කාරෙකෙන් වාඩි කරවපු සුරේෂ් අනික් පැත්තෙන් වාඩි වුනා.විනාඩි දහයකට විතර පස්සෙ වෙළඳ සැලක් ගාව කාරෙක නතර කරපු සුරේෂ් මට ඉන්න කියලා කාරෙකෙන් බැහැලා ඇතුලට ගියා.

අනේ මන්දා මේ මනුස්සයාට එකපාරටම මොනවා වුනාද කියලා.මං අහලත් ඩොකටර් මොනවද කිව්වෙ කියලා සුරේෂ් මට කිව්වෙ නෑ.සීට් එකට ඔලුව තියාගෙන මං ඇස් පියාගෙන හිටියා.ඇඟට දැනුනු රෝගී බවේ නම් අඩුවක් තිබුනෙම නෑ.පැය කාලක් විතර යද්දී සුරේෂ් ආපහු ආවේ බඩු පුරවපු ලොකූ මල්ලකුත් අරගෙනයි.වාහනේට නැගලා ඒක සුරේෂ් මගෙ අතට දුන්නා.

“ආ මේ ඔක්කොම ජාති මැණිකට කන්න.බලන්නකො…………………”

“මෙච්චර ගොඩාක්?…………………..”😱

මං ඒ බෑග් එක ඇරලා බැලුවා.යෝගට්, අයිස් ක්‍රීම්, ඇපල්, නාරං, අඹ,මිදි, චීස්, බිස්කට් වර්ග,රට ඉඳි,ඇඹුල් රස චුයින්ගම්,දොඩම්, වටලප්පන්,බීම ජාති,චොක්ලට් ගොඩාක් තිබුනා ඒකෙ.මට හිතා ගන්න බැරි වුනා සුරේෂ් ඇයි මට මෙහෙම සළකන්නෙ කියලා.මෙච්චර කෑම බීම ජාති ගොඩාක් මට එකපාර කවදාවත් ලැබිලා නෑ.ඇයි සුරේෂ් මට මේවා අරන් දුන්නෙ🤔කට තිත්ත වගේ දැනුනු නිසා මං ඇඹුල් රස චුයින්ගම් දෙකක් කෑවා.

“මට ඇත්ත කියන්න සුරේෂ්.ඩොක්ටර් මොනවද කිව්වෙ?ඇයි ඔයා මෙහෙම දේවල් අරන් දුන්නෙ?………………….”

“ඇයි පුදුමයිද මං ඔයාට මෙහෙම කෑම ජාති ගොඩාක් අරන් දුන්නම?……………….”

“හ්ම්ම්………………..”

“ඇයි ඒ පුදුම?………………..”

“ඔයා හින්දා මං අවුරුදු දාසයේ ඉඳන් දුක් වින්ඳෙ.මං මොන තරම් අඬලා දුක් වෙලාඇත්ද?ඔයට කවදාවත් මගෙ සතුට වැදගත් වුනේ නෑ.ඉස්සෙල්ලා මට වමනෙ ගිය වෙලේත් ඔයා කරේ මාව අඬවපු එක මිසක් සනසපු එක නෙවෙයි.ඉතින් එකපාරටම ඔයා මෙහෙම වෙනස් වුනාම මට පුදුම හිතෙන්නැද්ද සුරේෂ්?…………………”

මං කියපු දේවල් නිහඬව අහගෙන හිටපු සුරේෂ් පාරෙ අයිනට වෙන්න කාරෙක නතර කරා.මේ පැත්ත ටිකක් විතර වගේ පාලුයි.වැඩිය වාහන යන්නෙත් නෑ.මේ මනුස්සයා හදන්නෙ මාව මරන්නද මේ වගේ තැනකට ඇවිල්ලා?එහෙම බියකරු සිතුවිලි පවා මගෙ හිතට දැනුනා.මගෙ ඔඩොක්කුවෙ තිබුනු බෑග් එක අරන් පිටි පස්සෙ සීට් එකෙන් තියපු සුරේෂ් මගේ ඔඩොක්කුවෙන් හිස තියා ගත්තා. සුරේෂ්ගෙ මේ හැසිරීම මට ලොකු ප්‍රෙහෙලිකාවක්.මං මොනවා ඇහුවත් සුරේෂ් ඒවට උත්තර දුන්නෙ නෑ.මං ඇඳන් හිටපු බ්ලව්ස් එක උඩට උස්සලා සාය ටිකක් පහත් කරපු සුරේෂ් මගේ හෙමින් හෙමින් මගේ කුස අත ගෑවා.

“ඇයි සුරේෂ් මේ?ඔයාට අද මොකද මේ වෙලා තියෙන්නෙ?…………………..”

ඒත් සුරේෂ් නිහඬයි.මං අහපු ප්‍රශ්නෙ ඇහුනෙ නෑ වගේ හිටපු එයා මගේ කුස පුරාවටම දෙතොල් ගෙන ගියා.

“ඔයා මාත් එක්ක තවමත් තරහයිද මහීමා?…………………”

මගෙ ඇස් දෙක දෙස බලමින් සුරේෂ් එහෙම ඇහුවා.

“උත්තරේ දැන දැනමත් ප්‍රශ්න අහන්න එපා සුරේෂ්………………….”

අහක බලාගෙනම මං එහෙම උත්තර දුන්නා.සුරේෂ් ගැන මගෙ හිතේ කවදාවත් ආදරයක් ඉපදෙන්නෙ නෑ. එයා මගෙ ජීවිතේ සතුට,සැනසුම හැම දෙයක්ම විනාශ කරලා දැම්මා.මට සුරේෂ් හින්දා උරුම වුනේ සදාකාලික කඳුලයි.ඒක මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.

“මාත් එක්ක තරහ වෙනවා ඒකට කමක් නෑ.තමුසෙ හොඳටම දන්නවනෙ මහීමා මං ගැන.ඒ හින්දා මාත් එක්ක තමුසෙට වෙන සෙල්ලම් බෑ.තමුන්ට මාත් එක්ක මොන තරහක් ප්‍රශ්නයක් තිබ්බත් මගෙ දරුවගෙ ජීවිතේට මොකුත් අනතුරක් කරලා තිබ්බොත් එදාට තමුසෙ ජීවත් වෙලා ඉවරයි කියලා හිතා ගන්නවා……………………”😠

මගෙ දරුවා🔥⚡දෙයියනේ සුරේෂ් මේ මොනවද කියන්නෙ?මොන දරුවෙක් ගැනද එයා මේ කියන්නෙ?සුරේෂ් ඒ ටික කිව්වෙ මගෙ කුස අතගාන ගමන්. ඒ කියන්නෙ මං……………….🤔

“ඔයා…..මේ…..මොනවද කියන්නෙ….. සුරේෂ්?……………………”

කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටපු මං සුරේෂ්ගෙන් එහෙම ඇහුවා.එයා මගෙ ඔඩොක්කුවෙන් නැගිටලා මගේ උරහිසට හිස තියා ගත්තා.

“තමුසෙ මගෙ දරුවගෙ අම්මා වෙන්න යන්නෙ.දැන් මාස එකහමාරක් විතර වෙනවා කියලා රිපෝට් එක බලලා ඩොක්ටර් කිව්වා.මං එකක් කියන්නම් මහීමා ඔයා මාත් එක්ක මොන තරහ තිබ්බත් මට කොයි තරම් වෛර කරත් මගෙ දරුවගෙ ජීවිතේට අනතුරක් කරන්න හිතන්නවත් එපා.එහෙම කරලා තිබ්බොත් ඒක තමුසෙගෙ ජීවිතේ අවසානෙ තමයි.මගෙ අත් දෙකෙන්ම මං තමුසෙව ඉවරයක් කරලා දානවා…………………..”😠

සුරේෂ් ඒ කියපු වචනයක් වචනයක් ගානෙම මගෙ හිත ගැස්සුනා.මගෙ කුසේ සුරේෂ්ගෙ දරුවෙක් වැඩෙනවා කියලා දැන ගත්තම මට සතුටක් නම් ඇති වුනේ නැහැ.මට ඇති වුනේ දුකක්. ඒත් සුරේෂ් නම් හිටියෙ සතුටින්.එයා පුදුම විදියට සතුටු වුනේ.මේ විවාහය සිද්ද වුනේ මගේ අකමැත්තෙන් නිසා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තම මගෙ හිතට සතුටක් ඇති වුනේ නෑ.සුරේෂ් එක්ක මං ජීවත් වුනේ අකමැත්තෙන් වුනත් මං දරුවාට වෛර කරේ නෑ.මොන තරම් ජරා මිනිහෙක් වුනත්,ඒ මිනිහා මගෙ ජීවිතේ කාලකණ්ණි කරත් මං කොහොමද මගෙ බඩේ හැදෙන මේ දරු පැටියට වෛර කරන්නෙ?ඒත් මං ගොඩාක් අසරණයි.

“පරිස්සමින් බහින්න.අම්මා ගොඩාක් සන්තෝෂ වෙයි මේක දැන ගත්තම……………………”

ගෙදරට ඇවිත් කාරෙකෙන් බැහැලා සුරේෂ් මගෙ අතින් අල්ලගෙන ගෙට ඇතුල් වුනා.අම්මා නම් පේන්න හිටියෙ නෑ.විමලාට කතා කරනකොට එයා ටක්ගාලා දුවගෙන ආවා.

“අම්මා කාමරේද විමලා?……………………”

“ඔව් පුංචි මහත්තයා.සෙනේෂ් මහත්තයා ලොකු නෝනට කෑම කවනවා…………………….”

සුරේෂ් මගෙ අතිනුත් අල්ලගෙන පඩිපෙළ නැගලා අම්මගෙ කාමරේට ගියා.සෙනේෂ් හිටියේ අම්මට කෑම කව කව.සෙනේෂ්ව දැක්කම මගෙ හිතට ඇති වුනේ දරා ගන්න බැරි තරම් දුක් කන්දරාවක්.මං ප්‍රාර්ථනා කරේ හීන මැව්වෙ සෙනේෂ්ගෙ බිරිඳ වෙන්න. එයාගෙන් දරු පැටියෙක්ව මගෙ කුසේ හැදෙනවා දකින්න.එයත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න.ඒත් ඒ හැම සිහිනයක්ම දෑස් ඉදිරිපිටම බොඳ වෙලා ගියා.

“ආ පුතාලා ඉක්මනට ආවද?මං හිතුවෙ හවස් වෙලා එයි කියලා.ඇයි දූ මේ අසනීපෙන් වගේ?………………….”

අම්මා එහෙම අහද්දී සුරේෂ් අම්මගෙ ඇඳේ පැත්තකින් වාඩි වුනා.මට බැලුනේ සෙනේෂ්ගෙ දිහා.සෙනේෂ් මං දිහා බලලා දුකින් වගේ අහක බලාගෙන අම්මට තව බත් කටක් කෑවා.

“අම්මට සුබ ආරංචියක් තියනවා කියන්න…………………..”

“ඒ මොකක්ද පොඩි පුතා?…………………..”

“මහීමාට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ඔන්න අම්මා ආච්චි කෙනෙක් වෙන්නයි යන්නෙ.අයියෙ තමුසෙ එතකොට මහප්පා කෙනෙක්…………………..”

සිනහව පිරුනු මුහුණකින් සෙනේෂ්ගෙ උරහිසට අත තියපු සුරේෂ් එහෙම කිව්වා.අම්මාගේ මුහුණ පුරාම පැතිර ගියේ ලොකූ සන්තෝෂයක්.සෙනේෂ් මං දිහා හිනා වෙලා බැලුවත් ඒ සිනහව බලෙන්ම මුහුණට නගා ගත්තු සිනහවක් කියලා මට තේරුම් ගන්න අපහසු වුනේ නැහැ.මට ලඟින් වාඩි වෙන්න කියපු අම්මා මගෙ ඔලුව අත ගෑවා.මගෙ ඇස් වලට කඳුලු පිරුනා.ඒ සතුටට නම් නෙවෙයි.හැමෝම සතුටු වුනත් මගෙ හිතට දැනුනේ දරා ගන්න බැරි තරම් දුකක්.ඒ හැම දුකක්ම ඇති වුනේ සුරේෂ් නිසා.

“අනේ වාසනාවන් දුවේ.දැන් ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි කාලෙ. කන්න ආස දෙයක් තියනවා නම් බය නැතුව කියන්න මං දූට හදලා දෙන්නම්.මොනවද දූට ඕනි?………………………”

“එහෙම……මොකුත්……එපා අම්මෙ. සුරේෂ් මට……කෑම ජාති ගොඩාක් අරන් දුන්නා………………………”

සෙනේෂ් හිස් බත් පිඟානත් අරගෙන කාමරෙන් එලියට ගියා.සුරේෂුත් ටිකක් වෙලා කතා කර කර ඉඳලා එතනින් ගියා.මහීමා හිටියෙ දුක්බරව ලොකු කල්පනාවක.ඒක අම්මාට හොඳට තේරුනා.ඇය එලෙස දුක් වේවි කියලා සුරේෂ්ගෙ අම්මා හිතුවෙ නෑ.ඇය තවමත් ආදරේ සුරේෂ්ට නෙවෙයි සෙනේෂ්ට කියලා අම්මා දන්නවා.

අම්මා සෙනේෂ් ගැනත් හිටියෙ හොඳ සෝදිසියෙන්.වෙනදා සතුටින් දුවලා පැනලා මහන්සියෙන් ඔෆිස් එකේ වැඩ කරන සෙනේෂ් දැන් ඉන්නෙ මලානික වෙලා වගේ.දින ගනනාවකින් නොකැපූ රැව්ල කොණ්ඩය හොඳටම වැවිලා. තමා සිය වැඩිමහල් පුත්‍රයාගේ මේ වෙනස් වීම කිසිසේත්ම අපේක්ෂා කරේ නෑ.ඇය සිතුවේ මහීමාව සුරේෂ්ට විවාහ කරලා දෙන්න තීරණය කරාට පස්සෙ සෙනේෂ්ගෙ එයාගෙ හිත ටික ටික හදා ගනියි කියලා.නමුත් සිදු වූයේ සෙනේෂ්ගෙ මුලු හිත පුරාම දුක පැතිරීමයි.

“දුව මොනවද කල්පනා කරන්නෙ?………………..”

ඇගේ හඬට මහීමා එකපාරටම ගැස්සුනා.මහීමාගෙ ඇස් වල කඳුලු කැට දිලිසෙනවා.ඇය පිටි අත්ලෙන් එය පිසදා ගත්තා.

“මෙ……මේ……ඇඟට හරිම……අමාරුයි අම්මෙ……දෙපාරක්ම වමනෙත් ගියා…………………..”

“දුක් වෙන්න එපා දුවේ.මේ කාලෙ පුලුවන් තරම් සතුටින් ඉන්න ඕනි.ඔයා ඔහොම කල්පනා කර කර දුකින්ම කාලය ගත කරොත් ඒක ලැබෙන්න ඉන්න දරුවට හොඳ නෑ.මට තේරෙනවා දුවේ ඔයාගෙ හිත.ඒත් අතීතය ගැන හිතන්න එපා.අමාරුවෙන් හරි හිත හදාගෙන අනාගතේ ගැන හිතන්න.දැන් ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. දෙන්නා අම්මයි තාත්තයි වුනාම ලොකු වගකීමක් තියෙන්නෙ දරන්න.හැම දේකටම වැඩිය වටින්නෙ දරුවගෙ අනාගතේ…………………….”

අම්මා මොන තරම් දේවල් කිව්වත් මගෙ හිතේ දුක් ගින්න නිවුනෙ නෑ.මං ප්‍රාර්ථනා කරපු හැම දෙයක්ම මට නොලැබී මගෙන් ඈතට ගියා.පලවෙනි වතාවෙ මං අමාරුවෙන් හරි හිත හදා ගත්තා.ඒ සෙනේෂ් නිසා.එයා මාව රැක්කෙ ඇස් දෙක වගේ.හැම දෙයක්ම දැනගෙනත් එයා මාව බාර ගන්න ලෑස්ති වුනේ කිසිම දේකින් මගෙ හිත රිද්දන්නෙ නැතුව.

කඳුලු පිහදාගෙන කාමරෙන් යන මහීමා දිහා අම්මා බලාගෙන හිටියා. ඇයට මහීමා ගැන දුකයි.ඇගේ ජීවිතේ තිබුනු සතුට උදුරා ගත්තේ තමා නේද කියලා ඇයට හිතුණා.මීට මාස දෙකහමාරකට පමණ එදා මහීමාව බාර ගන්න සෙනේෂ් කැමති වුනු වෙලාවෙ තමා එයට අකමැති නොවී සිටියා නම් අද මහීමා මොන තරම් සතුටින්ද ඉන්නෙ?මහීමාට දොස් කියලා වැඩක් නෑ.

සෙනේෂ්ගෙන් මහීමාව ඈත් කරලා සුරේෂ්ට බන්දලා දුන්නත් ආදර හිතක් කඩන්න ලේසියෙන් බෑ.විවාහය කියන බැම්මට බෑ දෙන්නෙක්ගෙ හිතේ තියන බැඳීම කඩලා දාන්න.මහීමාගේ හිතේ සෙනේෂ් ගැන තියන ආදරේ කවදාවත්ම නැති වෙන එකක් නෑ කියලා ඇයට හිතුණා.


“මහීමා බලන්න මේවා ඔයාට ඇතිද කියලා……………………”

සුරේෂ් ටව්න් ගිහිල්ලා මට බබාලා හම්බෙන්න ඉන්න අම්මලා අඳින ගව්ම් ගොඩාක් ගෙනල්ලා තිබුනා.පාට පාට ගව්ම් හරිම ලස්සනයි.මං ඒ ඇඳුම් ටික අරගෙන බැලුවා.

“මොනවද කල්පනා කරන්නෙ?ඔහොම දුකින් කල්පනා කරන්න එපා මහීමා. ඒක දරුවට හොඳ නෑ.ඔයාට ඕනි දෙයක් කියන්න.මං ගෙනල්ලා දෙන්නම්.අම්මත් දැන් ටික දවසක ඉඳලා බලාගෙන ඉඳලාලු තියෙන්නෙ. ඔයාගෙ වැඩේම පැත්තක් අල්ලගෙන කල්පනා කරන එකලු……………………”

මහීමා දෙස බලාගෙන සුරේෂ් එහෙම කිව්වත් ඇය ඒකට පිළිතුරක් දුන්නෙ නෑ.සුරේෂ්ට නම් ඇය ගැන බයක් දැනුනා.මේ විදියට ගියොත් ඇයට මානසික අසනීපයක් වුවත් හැදෙන්න පුලුවන්.සුරේෂ් ඇය දෙස බලාගෙනම කල්පනා කරා.

මං හිතුවෙ නෑ මහීමා මෙහෙම අප්සට් වෙයි කියලා.ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තාම වත් හිතේ සතුටක් නෑ.වැඩේ මෙච්චර දරුණු වෙයි මට නිකමටවත් හිතුණෙ නැහැ.මේ විදියට ගියොත් මහීමා එයාගෙ ජීවිතේට අනතුරක් කරගන්න වුනත් බැරි කමක් නෑ.

“මට මේ දරුවව එපා…………………”⚡⚡

එක්වරම ඇය කියූ ඒ වදනට සුරේෂ්ගේ හිස මත අකුණු දහසක් කෙටුවා සේ දැනුනා.ඔහු හිස හරවා ඇය දෙස බැලුවේ විමතිය මුසු දෑසින්.ඔහුගේ ඇස් වල ඇති විමතිය කේන්තියට සහ කෝපයට හැරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.සයනයෙන් නැගිට ඇය අසලට ගිය ඔහු ඇගේ දිගු කෙස් වැටිය මත ඇඟිලි යවා තද කර අල්ලා ගත්තා.

“මොකක්ද කිව්වෙ උඹ.ආයෙමත් කියාපිය බලන්න පට්ට බැල්ලි?……………………”👹️😡

“ඔයාගෙ කන් දෙකට ඇහිච්චි දේ තමයි මං කිව්වෙ සුරේෂ්.මට තමුසෙව අප්පිරියයි.මාව අතෑරපන් මනුස්සයො. රිදෙනවා දෙයියනේ ආව්……………………”😭😭

කොණ්ඩයෙන් ඇද ඇගේ කම්මුලට පහරක් ගැසූ ඔහු ඇගේ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලගෙන ඇයගේ මුහුණට එබුනා.

“මං තොට සුද්ද සිංහලෙන්,ඒ වගේම හොඳින් කිව්වා මහීමා.උඹට මේ දරුවව එපා වුනාට මට ඕනි.ආයෙ උඹේ ඔය කටින් මගෙ දරුවට ඔහොම කතාවක් කියලා තිබ්බොත් මං තොගෙ කට තලනවා පට්ට වේ##…………………”😡😡

කාමරේ ඉඳන් පල්ලෙහාට ආපු සෙනේෂ්ට සුරේෂ්ගෙ මේ සද්දෙ ඇහුනා. මහීමා අඬනවා ඇහුනු සෙනේෂ් කලබල වුනා.දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දී ඇයට මේ විදියට අඬලා කෑ ගහන්න හොඳ නෑ.ඔහුට ඇහුනා සුරේෂ් ඇයට පහර දෙන සද්දෙ.එක්වරම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගිය සෙනේෂ් දුටුවේ ඇඳ වියලට හිස තබාගෙන අඬන මහීමාව.

“නවත්තපන් යකෝ මේක.උඹට හෙන ගහයි මිනිහො ඔය බඩදරු අම්මට ගහන්න එපා.උඹට ලැජ්ජ නැද්ද මේ ගෑණි ඉන්න තත්වෙ දැන දැනත් ඒකිට අත උස්සන්නෙ?…………………….”😡

සෙනේෂ්ගෙ කෝපය පිරුනු එම හඬට සුරේෂ්ගේ තරහ තරහ තවත් වැඩි වුනා.දත් මිටි කාගෙන සුරේෂ් සෙනේෂ් ලඟට ගියා.

“මේක මගෙයි මහීමාගෙයි ප්‍රශ්නයක්. කරුණාකරලා අපි දෙන්නගෙ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්නැතුව ඉන්නවද?…………………..”😡

“උඹේ ප්‍රශ්න වුනාට උඹට ලැජ්ජ නැද්ද ගෑණියෙකුට අත උස්සන්නද?සිංහල තේරෙන්නෙ නැද්ද සුරේෂ්?……………………”😡

“මහීමා උඹේ ගෑණිද?මගේ ගෑණිද?……………………”😡

එවර නම් සෙනේෂ් පසු බැස්සා.ඔහුට උවමනා ඇගේත් සිය සොහොයුරාගේත් පව්ල් ජීවිතය විනාශ කර දමන්න නෙවෙයි.දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දීත් සුරේෂ් ඇයට පහර දීපු එකට ඔහුට කේන්ති ගියා.

“මට සමාවෙයන් සුරේෂ්.මහීමා උඹේ ගෑණි වුනාට බඩ දරු අම්මා කෙනෙකුට අත උස්සන්න එපා………………………”

නැවත හමුවෙමු🌹🌹🌹🔥🔥🔥⚡⚡⚡🌷🌷🌷🥀🥀🥀😘😘😘😚😚😚😃😃😃🙂🙂🙂😊😊😊❤️❤️❤️👹️👹️👹️

මේ දවස් ටිකේම මං ගැන හොයලා බලලා මට මැසේජ් කරලා දුක සැප අහපු හැමෝටම ගොඩාක් ස්තූතියි යාලුවනේ.