අදුරෙහි ගිලුණු🔥🔥
“දුව……දුව නැගිටින්නකො ළමයො.දැන් වෙලාවත් හරි…………………..”
අම්මා ඇවිත් පාන්දර එකට විතර මාව බලෙන්ම ඇහැරෙව්වා.ඇස් පොඩි කර කර මං නැගිට්ටෙ සෑහෙන ලොකු නිදිමතකින්.බාතෲම් එකට ගිහින් ඇඟ හෝදගෙන ලෑස්ති වෙලා කිරිබත් කෑල්ලක් කාලා කිරි එකක් බීලා අම්මයි මමයි ලෑස්ති වුනා සැලූන් එකට යන්න. අප්පච්චී නම් කලින්ම සූදානම් සුරේෂ්ගෙ ගෙදරට ගිහිල්ලයි හිටියෙ. අපිව ගන්න ඇවිත් තිබුනෙ සුරේලගෙ ගෙදර ඩ්‍රයිවර් අංකල්.සැලූන් එක ගාවින් අපි බහිනකොට වෙලාව දෙකයි හතලිහයි.
ලස්සනම ලස්සන සුදු පාට දිගු ගව්මක් අන්දවලා මේකප් දාලා මාව හැඩ කෙරෙව්වෙ සැලූන් එකේ නාලිකා අක්කා.ඔලුවට ලස්සන පුංචි ඔටුන්නක් දාලා සුදු පාට මල් බොකී එකක් මගෙ අතට දුන්නා.සැලූන් එකේ වැඩ ටික ඉවර වුනාට පස්සෙ අම්මයි මමයි සුරේෂ්ලගෙ නෑදෑ වෙන අක්කා කෙනෙකුයි එක්ක සුරේෂ්ලගෙ ගෙදරට ආවා.වෙලාව උදේ හයයි.ගේට්ටුවෙන් වත්තට ඇතුල් වුනායින් පසුව මගේ ඇස් මටත් නොදැනීම හතර වටේටම කරකැවුනා.
ඒ ඇයි කියලා මං දැන උන්නත් දැන් පරක්කු වැඩියි.මුලු වත්තම උත්සවයට ලස්සනට සරසලයි තිබුනෙ.ගේත් හරියට හොටෙල් එකක් වගේ.පාට පාට ලයිට් වැල් එල්ලෙනවා හරිම ලස්සනයි.අම්මයි මායි ගේ ඇතුලට ගියා.ගෙට ඇතුල් වෙද්දි මගෙ ඇස් දෙකට මුලින්ම අසු වුනේ සෙනේෂ්ව.මගෙ හදවත මොහොතකට නතර වුනා වගෙයි දැනුනෙ.
කළු පාට කලිස මට සුදු පාට අත් දිග කමිසෙ ඇඳලා සෙනේෂ්ගෙ පුදුමාකාර ලස්සනක් තිබුනෙ.ඒ වගේම ඒ හදවතත් හරිම පිරිසිදුයි ලස්සනයි.මාව දැකපුවම සෙනේෂ්ගෙ ඇස් දුකින් බර වුනා කියලා මට පෙනුනා.එයා අපිව මගෑරලා එලියට ගියා.ඊට පස්සෙ නැකැත් වෙලාව ලං වෙනකල් මං සෙනේෂ්ව දැක්කෙ නෑ.
නැකත ලං වෙන්න විනාඩි පහලවක් තියෙද්දී සුරේෂ් ලෑස්ති වෙලා ආවා.නෑදෑ හිතවතුන් යහළු මිත්‍රයො ඇතුලු පිරිසක් අපිට ආශිර්වාද කරන්න සුබ පතන්නට ඇවිත් හිටියා.සුරේෂ් මට එක එක විකාර දේවල් කියනවා.මං ඒවා අහන් හිටියෙ ගොඩාක් අමාරුවෙන්.මං දැක්කා සුරේෂ්ගෙ අම්මාගෙ ඇස් තිබුනෙ මං ගාව.එයාගෙ ඇස් වල තිබුනෙ ලොකූ අසරණකමක්.
සුරේෂ්ගෙ අම්මා දන්නවා මේ විවාහයට මං කැමති නෑ කියලා.මගෙ ආදරේ හැමදාම අයිති වෙන්නෙ සෙනේෂ්ට විතරයි.අම්මාගේ රෝද පුටුවට පිටුපසින් හිඳ දෑත් බැඳගෙන අසරණ දුක් බර විලාශයකින් මං දිහා බලාගෙන හිටියා.මේ ආත්මෙදි බැරි වුනත් ඊලඟ ආත්මෙ ඉඳන් උපදින හැම ආත්මයක් ආත්මයක් ගානෙම මට ඔයාවම ලැබෙන්න ඕනි සෙනේෂ්.😥😥
උදෑසන හතයි දහතුනට යෙදුනු සුභ මොහොතින් සුරේෂ්ගෙයි මගෙයි විවාහය සිදු වුනා.අපි දෙන්නා මුලින්ම සුරේෂ්ගෙ අම්මාට දණ ගහලා වැන්ඳා. අම්මා අපේ අනාගතය සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරා.
සුරේෂ්ගෙ තාත්තගෙ සුදු මල් මාලයක් දාපු ෆොටෝ එකටත් වැඳලා ඊලඟට වැන්දේ මගේ අම්මයි අප්පච්චිටයි. අම්මයි අප්පච්චියි අපි දෙන්නව වැලඳගෙන ආශිර්වාද කරා.ඊට පස්සෙ මං බැලුවෙ සුරේෂ්ගෙ මුහුණ දිහා.එයා හිනා නොවී බැරි කමට මාත් එක්ක හිනා වුනා.මගෙ අතින් අල්ල ගත්තු සුරේෂ් ඊගාවට ගියේ සෙනේෂ් ගාවට. සෙනේෂ්ගෙ ඇස් වල තිබුනු දුක් කන්දරාව හඳුන ගන්න මට අපහසු වුනේ නෑ.මේ වගේ දරා ගන්න බැරි දුක්බර අවස්ථාවක් නම් කාටවත්ම එලඹෙන්න එපා.අපි දෙන්නාම සෙනේෂ්ට දණ ගහලා වැන්දා.
“දෙවියන්ගෙ පිහිටෙන් හැමදාම ඔයාලා දෙන්නා සන්තෝශෙන්,සමගියෙන් ජීවත් වෙන්න ඕනි………………….”🙏🙏
ඒ ආශිර්වාදය මගේ හිත තව තවත් පෑරුවා.හිත ගොඩාක් හඬා වැටුනා. පපුව හිර වුනා වගේ දැනුනා.ඒ ඇස් මගේ ඇස් වලට යා වෙද්දී මගේ දෑස් කඳුලුන් බර වෙද්දී මං බිම බලා ගත්තෙ තව දුරටත් ඒ දෑස් දෙස බලා සිටියොත් මගේ කඳුලු කම්මුල් දිගේ ගලගෙන වැටෙන නිසා.
කාලය තප්පර විනාඩි පය ගනන් ගෙවිලා ගියා.ගෙදර හැමෝම උත්සවයේදී නට නටා කකා බිබී සන්තෝශ වෙනවා.සුරේෂුත් එයාගෙ යාලුවො එක්ක බිබී නටනවා.මං එයාට කිසිම ගානක් නෑ.ඒකට කමක් නෑ.මගෙ හිතේ එයා ගැන කිසිම හැඟීමක් නැහැනෙ.
ඉවසන්න බැරි කංකරච්චලේ.කන් දෙදරවන තරම් බෆල් වල සද්දෙ.බැරිම තැන මං ගේ ඇතුලට ඇවිත් වාඩි වුනා. සුරේෂ්ගෙ නැන්දා කෙනෙක් මං ගාවට ආවා.
“ඇයි දුවේ මේ පැත්තකට වෙලා.එන්න අපි යමු ඇඳුම් මාරු කරගන්න.දැන් සාරිය අඳිමු………………….”
රෝස පාට දිලිසෙන ඉන්දියන් සාරිය මට නැන්දා ලස්සනට ඇන්දෙව්වා. මේකප් දාලා කොණ්ඩෙත් ලස්සනට හැදුවා.මල් බොකී එක අරන් මං සුරේෂ් එක්ක ඉස්සරහට ආවා.
උදේ ඉඳන් ෆොටෝ වලට ඉඳලා මහන්සි වෙලා මං හිටියේ පැත්තකට වෙලා පුටුවක වාඩි වෙලා.සුරේෂ් අඩුම තරමෙ මං කෑවද බිව්වද කියලාවත් හොයලා බැලුවෙ නෑ.එයා හිටියෙ වෙනම ලෝකෙක.රෑ නවය විතර වෙද්දී පාර්ටියේ සියලූම වැඩ කටයුතු ඉවර වුනා.සුරේෂ් නම් හිටියෙ කෙලින් හිටගන්නවත් බැරි තරම් බීමතින්.වැනි වැනීම කාමරේට ඇවිත් එයා ඇඳෙන් ඇල වුනා.
“මහී…..මා එන…….වකො ලඟ…….ට……………………”
සුරේෂ් මගෙ අතින් ඇදලා එයා ලඟට ගත්තා.මං එයාගෙන් ගැලවෙන්න උත්සහ කරත් මට ඒක කරගන්න බැරි වුනා.ඒ හැඩි දැඩි දෑත් මගේ පිට වටා එතෙද්දී මට හෙලවෙන්නවත් නොහැකි වුනා.මාව ඒ සිරුරට තෙරපවා ගත් සුරේෂ් මාව සයනයේ අනික් පැත්තට පෙරලා දෙපැත්තෙන් අත් දෙක තියලා මගෙ ඇඟට බර වුනා.සුරේෂ් ගාවින් එන මත්පැන් ගඳ නම් මට උහුලගන්න බෑ.මෙච්චර බීලා ඉන්නැද්දී සුරේෂ්ට කොහොම මෙච්චර ශක්තියක් තියනවද මන්දා.
“අනේ එහාට යන්නකො සුරේෂ් මට පාඩුවෙ ඉන්න දීලා………………….”
“පාඩුවෙ…….ඉන්………..න ඔහොම හිටපන්………………..”
“අනේ මාව අතාරින්න සුරේෂ්.මට නාගන්න ඕනි.උදේ ඉඳන් නෑවෙ නැතුව එපා වෙලා ඉන්නෙ………………….”
“හෙට……..නාපන්……………….”😠
හැකි තරම් වෙර යොදලා සුරේෂ්ව අහකට තල්ලු කරන්න හැදුවත් එයා ආවෙ මගෙ ඇඟටමයි.රෑට කෑවෙත් නැති නිසා මගෙ ඇඟටත් පණ නෑ. දවල්ටත් චුට්ටයි කෑවෙ.මගෙ ඇස් වලින් කඳුලු හෝ ගාලා කඳුලු වැටෙනවා.ඇඟ අත පය රිදෙනවා ඉවසන්න බෑ.හෝරාවක් පමණ සිය ආශාවන් මගේ සිරුරෙන් ඉශ්ඨ කරගත් සුරේෂ් පැත්ත්කට වූයේ මත්පැන් බෝතලයෙන් අඩක් පමණ හිස් කරමින් ය.ගතේ සෑම තැනකම හැපුම් තුවාල පාරවල්.ඉන්න බෑ දැවිල්ලයි.
බෙට් ශීට් එකත් ගත දවටා ගත් මම ටවල් එකත් රැගෙන අමාරුවෙන්ම බාතෲම් එකට ගියේ නාගැනීමටය.නාගෙන කාමරේට එන විටදී සුරේෂ්ට නම් හොඳටම නින්ද ගිහින්.එක කකුකල් ඇඳෙන් බිම අනික් කකුල ඇඳේ හරහට දාගෙන.මත්පැන් බෝතලේ ඉතුරු ටික මං බාතෲම් එකට හැලුවා.නින්දෙන් වෙරි මර ගාතෙ සුරේෂ් මොන මොනවදෝ කියෝනවා.
මං ඔලුව පිහදාගෙන ඇඳුමක් ඇඳගෙන කුස්සියට ගිහින් දෙගි ගෙඩියක් දෙකට කපාගෙන කාමරේට එන්න හදද්දීම මගෙ ඉස්සරහට ආවෙ සෙනේෂ්.මට විශ්වාස කරගන්න බැරි වුනා. අදහගන්න බැරි වුනා.සුරේෂ්ගෙ ඇස් හොඳටම රතු වෙලා.ඇස් රතු වෙලා තිබ්බෙ අඬලා කියලා තේරුම් ගන්න මට අපහසු වුනේ නෑ.මගේ දෑස් බිමට බර වෙද්දී සෙනේෂ් කටහඬ අවදි කරා.
“දැන් දොළහටත් කිට්ටුයි.නංගි ගිහින් නිදා ගන්න…………………..”
වෙනදා මං එයාගෙ ආදරණීය මහීමා. අද මාව එයාට නංගි වෙලා.හැම දෙයක්ම සුලු මොහොතකින් කවදාවත්ම වෙනස් නොවන විදියට වෙනස් වෙලා.ඇස් වල කඳුලු පුරවගෙන ඔලුව වනලා හා කියලා එතනින් ආවා.
මහීමා යන දිහා සෙනේෂ් බලන් හිටියෙ දැඩි ශෝකයකින්.තමාට අයිති වන්නට තිබුනු වස්තුවක් නේද මේ කියලා ඔහුට සිතුණා.නොකීවාට ඔහු දන්නවා මහීමා සුරේෂ්ව කසාද බැන්දත් ඇය තවමත් ආදරේ කරන්නේ තමාට බව.එහෙත් දැන් ඇයට ලං වෙන්නට තමාට බෑ. නීතියෙන් ඔවුන් අතර කඩා බිඳ නොහැකි බැම්මක් බැඳ දමලා.
තමා කාමරේට වී පැය ගනනාවක් කඳුලු සලමින් හැඬුවා.නමුත් ඇය නොමැති දුක නම් කිසිදාක නැති වන්නේ නැති බව ඔහුට විශ්වාසයි.සුරේෂ් ඇයව ආදරයෙන් රැක බලා ගනියිද?තමා ඇයව රැක්කේ ප්‍රාණය සේය.නමුත් සිය සොහොයුරා ඇයව කේසේ රකීවිද?කෙසේ වූවත් ඇය නම් සිටින්නේ දුකින් බව ඔහුට වැටහුනි.ඇයට සතුට ලැබේවායි ඔහු පැතුවාය.
මට උදේ ඇහැරෙද්දී නවයත් පහු වෙලා.සුරේෂ් නම් තවමත් හොඳටම නිදි.කොණ්ඩෙ ගුලියක් වෙන්න බැඳගෙන සීට් එක නවලා තියලා මං ඇඳෙන් නැගිට්ටා.බාතෲම් එකට ගිහින් දත් මැදලා මූණ කට හෝදගෙන මං කුස්සියට ගියා.
“ආනේ නෝනෙ නැගිට්ටද?ඉන්න මං ටක්ගාලා නෝනෙට තේ එක හදලා දෙන්නම්………………….”
“එපා විමලා නැන්දෙ.මං හදාගන්නම්. අම්මා තේ බිව්වද?…………………..”
“ඔව් නෝනෙ.නෝනා උදේට දැන්ම කනවද?…………………..”
“තව ටිකකින් කමු නැන්දෙ………………….”
එහෙම කියපු මං මගෙයි සුරේෂ්ගෙයි කිරි වීදුරු දෙක හදාගෙන කාමරේට ගියා.එතකොට නම් සුරේෂ් නැගිටලා හිටියෙ.මං කිරි වීදුරු දෙක ස්ටූල් එක උඩින් තිබ්බා.
“ගුඩ් මෝනින් මගෙ මැණික…………………..”
සුරේෂ් මාව තුරුල් කරගෙන ගුඩ් මෝනින් කිව්වා.
“ගුඩ් මෝනින්.මූණ කට හෝදගෙන මේ කිරි එක බීලා ඉන්න…………………..”
මං එහෙම කියද්දී සුරේෂ් ටක්ගාලා ටවල් අරගෙන බාතෲම් එකට ගිහිල්ලා නාගෙනමයි ආවෙ.ඇවිත් කිරි වීදුරුව බීලා අල්මාරිය ඇරලා ඇඳුමක් තෝර තෝර හිටියා.
කලිසමයි ටී ෂර්ට් එකකුයි අරගෙන දොර වහලා බලද්දී මහීමා කාමරේ හිටියෙ නෑ.සුරේෂ් මහීමාව හොයන්න වටපිට බලද්දී බාතෲම් එක පැත්තෙන් අඬන සද්දයක් ඇහුනා.ඇඳුම් දෙක ඇඳෙන් තියලා සුරේෂ් ටක්ගාලා බාතෲම් එකට දුවද්දී මහීමා පාත් වෙලා පපුවට අත තියාගෙන හොඳටම වමනෙ දානවා.
“මහීමා…..මොකෝ වුනේ එකපාරටම?ඇයි මේ?…………………”
ඇයට කිසිවක් කතා කරගන්නට නොහැකි වුනා.එක්වරම ඇය ක්ලාන්තය වී ඔහුගේ ඇඟට කඩන් වැටුනා.වහා ක්‍රියාත්මක වූ සුරේෂ් ඇයව දෝතින්ම ඔසවාගෙන ගොස් ඇඳ මත තැබුවා.වතුර බිඳක් මුහුණට ඉහලා ඔහු මහීමාට කතා කරා.තප්පර කිහිපයක් යද්දී ඇය ප්‍රකෘති තත්වයට පත් වූවා.
“මොකද එකපාරටම හැදිච්චි අසනීපෙ? ඇයි වමනෙ ගියේ?ගොඩාක් අමාරුද?…………………..”
“ඇඟට පණ නෑ සුරේෂ්.හරි අමාරුයි. කොන්දත් රිදෙනවා……………….. “
ඇය අමාරුවෙන් මෙන් පවසා කඳුලු පිස දමා ගත්තා.
“ලෑස්ති වෙන්න කාලා ඉන්න.යමු ඩොක්ටර් ගාවට…………………….”
ඩොක්ටර් ගාවට යන්න කැමැත්තක් නොතිබුනත් දින කිහිපයකම සිට ඇයට ඇති වූ මෙම රෝගී තත්වය නිසාම ඇය ඇඳ පැලඳ සූදානම් වූයේ රෝහලට යාමටය.
“පුතාලා උදෙන්ම කොහෙ හරි යන්නද? ගිහින් ඇවිදලා එන්න………………..”
“අපි ගිහින් ඉක්මනට එන්නම් අම්මෙ……………….”
“අනේ ඉක්මනට වාහනේ නවත්තන්න සුරේෂ්…………………”🤢
මං කියන පමාවට සුරේෂ් වාහනේ නැවැත්තුවා.මං ටක්ගාලා දොරත් ඇරගෙන බැස්සා.කාපුවා සේරම ටික වමනෙ ගිය.මේක නම් පුදුම කරුමයක්. මේ මනුස්සයාව දැක්ක දවසෙ ඉඳන් මට කරදරම විතරයි.මේක නම් මං කරපු ලොකු පාපකර්මයක්.
නැවත හමුවෙමු