අඳුරෙහි ගිලුණු🔥🔥🔥

“ඔහොම අඬ අඬ හූල්ලන්න එපා මයෙ දුවේ.හිත හදා ගන්න බලන්න.සුරේෂ් පුතා මුරණ්ඩු හිතුවක්කර කෙනෙක් තමයි.ඒත් ඔයාට පුලුවන් එයාව යහ මගට ගන්න.දෙන්නත් එක්ක හොඳින් ජීවත් වෙන්න බලන්න…………………….”

“අනේ මට එයාව හදාගත්තා කියලා වැඩක් නෑ අම්මෙ.සුරේෂ් එක්ක ජීවත් වෙන්න මට බයයි අම්මෙ.එයාගෙ හිතේ මං ගැන ආදරයක් නෙවෙයි අම්මෙ තියෙන්නෙ ආසාවක් විතරයි. සෙනේෂ් වගේ රත්තරං ගතිගුණ තියන මනුස්සයෙක් මට ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ…………………..”

“හිත හදාගන්න මගෙ දුවේ.ඔයා සෙනේෂ්ව බඳිනවට එයාගෙ අම්මා කැමති නෑනෙ.ඔයාව අයිති වෙන්න ඕනි සුරේෂ්ට………………..”

මං මොන මොන දේවල් කිව්වත් අන්තිමට සිද්ද වෙන්නෙ මාව සුරේෂ්ගෙ බිරිඳ වෙන එක.ඒත් දෙයියනේ මං කොහොමද හිත හදාගෙන සෙනේෂ් ඉන්න ඒ ගෙදර සුරේෂ් එක්ක ජීවත් වෙන්නෙ.නීතියෙන් මාව සුරේෂ්ට අයිති වුනත් මගෙ හදවතේ හැමදාම ඉන්නෙ සෙනේෂ් විතරයි.කාමරේටම වෙලා හූල්ල හූල්ල ඉඳලා මට එපා වෙලා තියෙන්නෙ දැන්.

මිදුලට ඇවිත් මල් ගස් වටේට තියන වල් පැළ ගලවලා මිදුල අතු ගාන්න පටන් ගත්තා.ගේට්ටුවෙන් ඇතුළට එන බයික් හඬක් නිසා මං හැරිලා පිටි පස්ස බැලුවා.ඒ ආවෙ සුරේෂ්.මං අහක බලගෙන මගෙ වැඩේ කරා.සුරේෂ්ව දකින එකත් මට මහා වදයක් වෙලයි තිබුනෙ.බයික් එක පැත්තක නවත්තලා සුරේෂ් මං ගාවට ආවා.මං එයාව ගනං ගන්නෙ නැතුව මගෙ පාඩුවෙ හිටියා.

“මොකෝ කරන්නෙ?…………………”

“ඇයි ඇස් පේන්නෙ නැද්ද?……………….”

“පේනවා.මං ආවෙ ඔයත් එක්ක ටිකක් කතා කරන්න…………………”

“අප්පච්චි ගෙදර නෑ.අම්මා විතරයි ඉන්නෙ.කතා කරන දෙයක් එයත් එක්ක කතා කරන්න……………………”

එහෙම කියලා මං මල් පෝච්චි ටික සුද්ද කරලා කොල රොඩු ටික එක තැනකට දාලා අතු ගාන්න පටන් ගත්තා.

“මං බඳින්නෙ අම්මව නෙවෙයි තමුසෙව.මට කතා කරන්න ඕනි තමුසෙත් එක්ක.වෙඩින් එකට තව සති දෙකයි තියෙන්නෙ.තාම අපි දෙන්නට මොකුත්ම කතා කරගන්නත් බැරි වුනානෙ………………….”😠

මොනවා කතා කරන්නද?මොන දේ මොන විදියට කතා කරත් අන්තිමට සිද්ද වෙන්නෙ මාව සුරේෂ්ට අයිති වෙන එකනෙ.ඉතින් මොනවා කතා කරන්නද?මං සද්දෙ නැතුව හිටියා. එතකොටම වගේ අම්මාත් අපි ගාවට ආවා.

“ආ පුතා දැන්ද ආවෙ?………………….”

“ඔව් ආන්ටි.මේ දැනුයි ආවෙ.කෝ අනකල් ගෙදර නැද්ද?…………………”

“එයා වැඩකට එලියට ගියා.එන්න පුතා

ගේ ඇතුළට.දූ සුරේෂ් පුතාට බොන්න මොනවහරි හදාගෙන එන්නකො…………………..”

මං ඉදල පැත්තකින් තියලා එලියෙ ටැප් එකෙන් අත හෝදගෙන කුස්සියට ඇවිත් සුරේෂ්ට කූල් ඩ්‍රින්ක් හැදුවා. අම්මා සාලෙ වාඩි වෙලා සුරේෂ් එක්ක කතා කර කරයි හිටියෙ.මං බිත්තිය අයිනට වෙලා ඒ කතා බහට ටිකක් කන් දුන්නා.එයාලා කතා කරේ මං ගැන.

“ආන්ටි බය වෙන්න එපා මං මහීමාට වරදක් කරන්නෙ නෑ.මං එයාට ගොඩාක් ආදරෙයි.එයා හිමීට හිත හදා ගනියි……………………..”

“මහීමා හරිම අහිංසකයි පුතේ.එයා පුංචි කාලෙ ඉඳලා ජීවිතේ සෑහෙන දුක් කරදර වින්ඳා.තවත් එයාට දුක් විඳින්න දෙන්න බෑ.පුතා දන්නවනෙ එයා ඔයාගෙ අයියට සෑහෙන ලං වෙලා හිටියෙ.එයාගෙ හිත රිද්දන්න එපා පුතා.එයාට හිත හදාගන්න ටික කාලයක් දෙන්න………………….”

“මට තේරෙනවා ආන්ටි.මගෙ අතින් මහීමාට ගොඩාක් වැරදි සිද්ද වුනා. තවත් මං එයාට දුක් දෙන්නෙ නෑ.එයා හිමීට හිත හදාගනියි.එයාව සතුටින් තියන්න මං ඕනම කැපකිරීමක් කරන්න ලෑස්තියි…………………..”

අම්මගෙ හිත දිනාගන්න සුරේෂ් ලස්සනට රඟපානවා.එයා මට නෙවෙයි ආදරේ කරන්නෙ මගෙ ඇඟට.ඒ වගේ ආදරයක් නෙවෙයි ගෑණියෙකුට ඕනි. සෙනේෂ් වගේ කෙනෙකුට සුරේෂ් වගේ සහෝදරයෙක් ඉන්නවා කියන්නත් පුදුමයි.මං කූල් ඩ්‍රින්ක් එක සුරේෂ්ට දීලා එලියට යන්න හැදුවා.ඒත් අම්මා මට කතා කරා.

“දූ ඔයා වෙඩින් එකේදි අඳින්න කැමති කොයි විදියටද?………………….”

“සාරියක් හොඳයි………………….”

මං ඔහේ ඕනවට එපාවට කිව්වා.ඒක අම්මට වුනත් තේරෙන්න ඇති. සුරේෂ්ගෙ පතිනිය වෙලා ජීවත් වෙනවාට වඩා මරණය සැපයි කියලා මට හිතුණා.

“ඔයාලා දෙන්නා එහෙනම් කතා කර කර ඉන්නකො.මං ලන්ච් එක ලෑස්ති කරන්නම්………………..”

අම්මා අපි ගාවින් ගියාට පස්සෙ සුරේෂ් මං ගාවින් වාඩි වුනා.

“එනවකො එලියට යන්න.එලියෙන් වාඩි වෙමු………………….”

අකමැත්තෙන් වුනත් මං සුරේෂ් එක්ක එලියට ගිහින් බංකුවෙන් වාඩි වුනා. සුරේෂුත් මගේ ඇඟේ ඇලීගෙන වගේ වාඩි වුනා.මං ටිකක් එහාට ගියා.

“මොකද අහක් වෙන්නෙ?මට බෝවෙන ලෙඩක් නෑ එනවා ලඟට.කොහොමත් ඉතින් තව සති දෙකකින් තමුසෙ හැමදාම මගේ තුරුලෙ තමයි. එතකොට නම් ඔය වගේ ඉන්න බෑ……………………”

ඔව් මට හැමදාම මුගෙ වහලෙක් වෙලා ඉන්න තමයි වෙන්නෙ.කවදාවත්ම මට සතුටින් න්ම් ඉන්න ලැබෙන්නෙ නැති වෙයි.හැමදාම මට උරුන කඳුල විතරයි.

“ඔයා අකමැති හින්දා ලොකුවට වෙඩින් එක ගන්න අම්මත් කිව්වා ගෙදරම උත්සවේ ගම්මු කියලා.වත්තත් ලොකු නිසා හොඳට ඉඩ තියනවනෙ.එහෙම හොඳයි නේද?…………………….”

“හ්ම්ම්.හොඳයි……………………”

“තමුසෙ තාමත් අපෙ අයියා ගැන හිතනවද?…………………”

“අනේ පින් සිද්ද වෙයි සුරේෂ් මට මෙහෙම කරන්න එපා.ඇයි ඔයා මගෙ හිත මේ විදියට රිද්දන්නෙ?මං කවදාවත් ඔයාට කිසිම වරදක් කරලා නෑ.සෙනේෂ් ගැන මතක් කරලා මගෙ හිත රිද්දන්න එපා දෙයියනේ………………….”😥

“අයැම් සොරි මහීමා.ඔයාගෙ හිත රිදුනා නම් මට සමාවෙන්න…………………”

“බොරුවට සමාව ඉල්ලන්න එපා. කැඩිච්ච හිතක් ලේසියෙන් හදන්න බෑ…………………”

“මං ඔයාට වරදක් කියන්නෙ නෑ මහීමා. ඔයා කැමති තරම් කාලයක් ඉඳලා හිමිහිට හිත හදා ගන්න…………………”

“මගෙ හිත එහෙම ලේසියෙන් හැදෙන්නෙ නෑ සුරේෂ්.ඔයා ඒක කෑලි කෑලි වලට කඩලා දැම්මා…………………”

“මට තමුසෙගෙ විකාර අහන්න වෙලාවක් නෑ.මං යනවා යන්න.තව සති දෙකයි තියෙන්නෙ.එතකල් ඔහොම පාඩුවෙ ඉන්නවා.ඊට පස්සෙ මේ ස්වීට් හාට් මගේනෙ…………………….”

බලෙන්ම මගෙ කම්මුලක් සිප ගත්තු සුරේෂ් එහෙම කියලා බයික් එකේ නැගලා යන්න ගියා.ටික වෙලාවකින් අම්මා මං ගාවට ඇවිත් වාඩි වුනා.

“සුරේෂ් පුතා ඔයාව හොඳට බලා ගනියි. ටික කාලයක් යද්දි ඔයාට පරණ දේවල් ඉබේම අමතක වෙලා අලුත් ජීවිතේකට හුරු වෙයි.හැම දෙයක්ම හොඳින් විසඳෙයි…………………….”

කාලය ගෙවිලා ගිහින් මගෙයි සුරේෂ්ගෙයි විවාහයට දිනත් ලං වුනා. හෙට තමයි අපි දෙන්නගෙ කසාදෙ තියෙන්නෙ.අම්මයි අප්පච්චියි සතුටින් හිටියත් මගේ හිතේ අහලකවත් සතුටක් තිබුනේ නැහැ.

හෙට මගෙ සැමියා වෙන්නෙ මගෙ හිතේ සිහිනෙකින්වත් ආදරයක් නොහිතුණු කෙනෙක්ව.මගෙ ආදරේ පුද කරපු සෙනේෂ් ඇරෙන්න වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න මං හීනෙකින්වත් පැතුවෙ නැහැ.මගෙ හිතට ආවෙ දරා ගන්න නොහැකි තරම් දුකක්. අමාරුවෙන් හරි හිත හදා ගන්න උත්සහ කරත් සෙනේෂ්ගෙ මුහුණ මතක් වෙන හැම වාරයක් වාරයක් ගානෙ මගෙ පපුව පිච්චිලා යනවා වගේ මට දැනෙනවා.

ඒ වෙලාවට මගෙ ඇස් වලට උනන කඳුලු මට කොහෙත්ම පාලනය කර ගන්න බැහැ.හැම දෙයක්ම සිද්ද වෙන්නෙ මගේම අවාසනාවට.සුරේෂ් එක්ක මට නීතියෙන් මොන බැඳීමක් ඇති වුනත් සෙනේෂ්ට පුද කරපු ආදරෙන් බිඳක්වත් මට සුරේෂ්ට පුද කරන්න බැහැ.මගෙ බර්ත්ඩේ එක දවසෙ සෙනේෂ් මට දුන්නු මාලය මං අරන් මගේ බෙල්ලට තියලා බැලුවා.

හෙට මේ වෙද්දී මට ඉන්න වෙන්නෙ මං අකමැතිම කෙනාත් එක්ක.තමන්ගෙ කසාදෙ ලං වෙද්දී කලින් දවසෙ රෑ අනික් ගෑණු ළමයි නම් මොන තරම් සතුටු වෙනවද?ඒත් මං හිටියේ ගොඩාක් දුක් ගිනි කන්දරාවක් හිත දරාගෙන.

මහීමා වගේම සෙනේෂ් හිටියෙත් හෙට දවස ගැන වේදනාවෙන්.තමා සිය ප්‍රාණය සම කොට ආදරය කල ඇය හෙට මනමාලියක් වෙයි.ඒ තමාගේ මනාලිය නොව තම එකම සහෝදරයාගේ මනාලියයි.තමාගේත් ඇයගේත් ආදරය සිහිපත් වන හැම මොහොතකදීම ඔහුගේ නෙත් වලට කඳුලු උනයි.ඇය හා තමා පසු වූයේ කෙතරම් ආදරයෙන්ද?

තමන් ඇයව මුලින්ම දුටුවේ සිය ආයතනයට රැකියාවට පැමිණි මුල් දිනයේදීය.එදින ඇය ලස්සන සාරියකින් සැරසී පැමිණ සිටියේ දෙව් දුවක් ලෙසිනි.ඇයව දුටු මුල්ම මොහොතේ ඔහුගේ සිතට අමුතුමාකාරයේ හැඟීමක් ඇති වුනි.එය ආදරයකට පෙරලීමට වැඩි දවසක් ගත වූයේ නැත.වසර පහකට පෙර ඇයට සිදූ වූ ඒ ඛේදවාචකය ය එදා හඬා වැටෙමින් තමාට පැවසූ ආකාරය ඔහුට සිහිපත් විය.ඔහු ආදරය කරේ ඇගේ හදවතට මිසක් ඇගේ කන්‍යාභාවයට නොවේ.ඒ අහිංසක සොඳුරු හදවතට ඔහු ප්‍රාණය මෙන් ආදරය කරේය.

නමුත් ඒ ආදරේ හෙටින් අවසක් වේ.හෙට සිට ඇය තමාගේ ආදරවන්තිය නොව තම සොහොයුරාගේ බිරිඳ බවට පත් වේ. නමුත් ඇය ගැන ඇති ආදරය නම් කිසිදාක තම සිතෙන් ඈත් නොවන බව ඔහුට විශ්වාසය.සුරේෂ් ඇය හා විවාහ වී හෙට සිට මෙම නිවසේ පදිංචි වේ. නමුත් තමා කෙසේද ඇගේ රූපය දැක දැක මෙහි හිත හදාගෙන ජීවත් වෙන්නෙ?

එම නිසා සෙනේෂ් තීරණයක් ගත්තා. මීට ටික කලකට ඉහතදී ඔහුට ඕස්ට්‍රේලියාවට යෑමට අවස්ථාවක් ලැබුනා.ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කරේ මහීමාව දමා යන්නට නොහැකි නිසාවෙනි.පරක්කු වී හෝ සිය මව තමාට මහීමා සමඟ විවාහ වෙන්නට කැමැත්ත දේවි යැයි සිතුවා.නමුත් එය සිදු වූයේ නැහැ.ඒ නිසා සෙනේෂ් තව සතියකින් ඕස්ට්‍රේලියාව බලා යන්නේ මාස හතක පුහුණු වැඩමුලුවක් සඳහායි.

නැවත හමුවෙමු