දේවාන්ශිගේ මුවින් පිට වූ වදන් විරේන් අසා සිටියේ සිහිනයෙන් මෙනි.ඔහුගේ සිතට එය අදහගත නොහැකි විය.”මං ඔයාට ආදරෙයි විරේන්”කියා ඇය කීවේ සැබෑවටමද?මෙය සිහිනයක්ද?ඇය තවමත් සිටින්නේ බිමට නෙත් යොමාගෙන.

“මොකක්ද?ආයෙ කියනවා බලන්න තමුසෙ කියපු දේ?……………..”

“මෙ…..මං…..මං…..ඔයාට…..ආදරෙයි. මාව ඔයාගෙන් ඈත් කරන්න එපා විරේන්………………..”

“තමුසෙ මට විහිළු කරනවද දේවාන්ශි? බය වෙන්න එපා මගෙ තාත්තගෙ මරණෙ ගැන කියලා මං තමුසෙගෙ අම්මව හිරේට යවන්නෑ.මගෙන් ඈත් වෙලා තමුසෙ කැමති විදියකට නිදහසේ ජීවත් වෙනවා.ඒකට මගෙන් ප්‍රශ්නයක් වෙන්නෑ…………………”

දෙයියනේ විරේන්ට මගෙ ආදරේ විශ්වාස නැද්ද?මං අඬාගෙන විරේන්ගෙ කකුල් දෙක බදාගත්තා.ඒ දෙපතුල් සිපගෙන කඳුලු හැලුවා.ඒ ඇඟිලි තුඩු මත හිස තබාගෙන අඬමින් සමාව අයැදුවා.

“මට සමාව දෙන්න විරේන්.මං ඔයාට ගොඩාක් වැරදි කරා.ඔයාගෙ හිත මං ගොඩාක් රිද්දුවා.ඒත් මං දැන් ඔයාට ආදරෙයි විරේන්.මට ඇත්තටම ආදරේ කරන්නෙ ඔයා කියලා මට තේරෙනෙවා.මෙච්චර කාලයක් තිස්සෙ බොරු ආදරේකට රැවටිලා මං ඔයාට නොසෑහෙන්න වද දුන්නා විරේන්.අනේ මාව දාලා යන්න එපා.මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ මට සමාව දෙන්න මගෙ රත්තරං……………….”😭😭

මගෙ කඳුලු වලට විරේන්ගෙ දෙපතුල් තෙමිලා ගියා.ඒ සීතල දෙපතුල් අල්ලගෙන මං කඳුලු වැගිරෙව්වා.අනේ විරේන් මට සමාවක් දෙන්නැතිවෙයිද?අවුරුදු එකහමාරක් තිස්සෙ මං විරේන්ගෙ හිත මොන තරම් රිද්දුවද?ඒ වැරදි වලට කවදාවත් විරේන්ගෙන් සමාවක් ලැබෙන්නෙ නැති වෙයිද?

“දේවාන්ශි දැන් අඬන එක නවත්තන්න කෝ මෙහාට එන්න……………….”

මං ඔලුව උස්සලා විරේන් දිහා බැලුවා. එයා අත් දෙක දිගු කරලා ඇස් වලින් මට කතා කරා.මං විරේන්ගෙ පපුව මත හිස තියා ගත්තා.

“ආයෙ කියන්න දේවාන්ශි ඉස්සෙල්ලා කියපු වචනෙ?……………….”

“මං ඔයාට ආදරෙයි විරේන්.ඔයා කැමති දඬුවමක් මට දෙන්න.මං තරහ නෑ.මාව ඔයාගෙන් ඈත් කරන්න එපා විරේන්. මට ඔයා නැතුව ඉන්න බෑ.මේ දවස් හතරත් මං හිටියෙ පිස්සු හැදිලා වගේ………………..”

“ඒකද මගෙ ටීෂර්ට් ඇඳගෙන හිටියෙ?……………….”

“හ්ම්ම්.ඔව්………………..”

“ඉතින් ඇයි මට කෝල් එකක්වත් නොදුන්නෙ?……………….”

“ඔයාට මෙච්චර වැරදි කරලා ඔයාගෙ හිත රිද්දපු මට ඔයාට මුහුණ දෙන්න බැරුව ගියා විරේන්.මට සමාවෙන්න විරේන්………………”

“දැන් ඒ ගැන හිතන්න එපා.මං තමුසෙව ඩිවෝස් කරන්නෑ………………..”

“නෑ විරේන් මගෙ හිත හැදෙන්නවත් එක සැරයක් ඔය කටින් කියන්න මට සමාව දෙනවා කියලා කියන්න………………….”

“අඬන්න එපා පිස්සියෙ.මං තමුසෙට සමාව දීලා ඉවරයි.කෝ බලනවා මෙහෙ………………..”

විරේන් මගෙ මුහුණ එයාගෙ මුහුණ පැත්තට හරවගෙන නලල සිප ගත්තා. ඉන් නොනැවතී ඒ සීතල දෙතොල් වලින් මගෙ දෙතොල් අල්ල ගත්තා. වෙනදා නම් ඔහුගේ මේ සිප ගැනීම් වලට මගෙන් ඉඩක් ලැබෙන්නෙ නෑ.මං කොහොම හරි විරේන්ව අහකට තල්ලු කරලා දානවා.ඒත් අද මං එහෙම කරේ නෑ.ඒ කම්මුල්,බෙල්ල තද කරලා උමතුවෙන් වගේ සිප ගත්තා.බෙල්ලෙ පැත්තක් ලාවට වගේ චුට්ටක් විතර හැපුවා.

“ආව්………………”

“ඇයි රිදුනද?ගනන් ගන්න එපා. ආදරේටනෙ.දැන් නිදා ගන්න. එකොලහත් පහු වෙලා………………..”

වෙනදා වගේ මගේ පැත්තට හැරිලා විරේන් මාව තුරුල් කරගන්න හැදුවත් බඩේ තුවාලෙයි අතේ තුවාලෙයි හින්දා එයාට මාව තුරුල් කර ගන්න බැරි වුනා.ඒ හින්දා මං එයාගෙ පැත්තට හැරිලා එයාව තුරුල් කරගෙන නිදා ගත්තා.


දයාවතී නැන්දත් නැති නිසා මම තමයි ගෙදර උයන්නෙ.උදෙන්ම නැගිටලා රයිස් හදලා කංකුන් බැදුමකුත් හැදුවා. චිලි පේස්ට් හදලා අන්නාසි කරියකුත් හැදුවා.කෑම ටික මේසෙට යවලා විරේන්වත් එක්කරගෙන පල්ලෙහාට ආවා.

“වයිෆ් ආදරෙන් හදපු පළවෙනි කෑම එකනෙ.මරු මරු………………”

“අන්නාසි මාළුව නම් ඔයා එදා හදපු එක තරම් රස නෑ විරේන්………………..”

“පිස්සු කෙල්ල තාම දන්නෑ මේ හබියා ගැන.සනීප වුනාට පස්සෙ මං රසට කෑම වේලක් හදලා දෙන්නම්කො……………….”

“හ්ම්ම් හ්ම්ම්.එහෙනම් ඉක්මනට සනීප වෙන්නකො………………”

😘😘

“විරේන් මේ බලන්නකො…………………”

“මොකක්ද?ලියුමක් නේද?………………..”

“ඔව්.මන් එදා ගිය ඉන්ටව් එකෙන් පාස් වෙලා.ලබන සතියෙ පත්වීම් ලැබෙනවලු.මෙහෙ ළඟම මොන්ටිසෝරියට පත්වීම ලැබිලා තියෙන්නෙ………………”

“ඒ කියන්නෙ මගෙ චූටි වයිෆ් දැන් මොන්ටිසෝරි ටීචර් කෙනෙක්……………….”

“ආසාවෙ බෑ විරේන්.කොයි වෙලේද මේ ලියුම එන්නෙ කියලා බලාගෙන හිටියෙ.ලබන සතියෙ සඳුදා කියන්නෙ තව දවස් හතරයි………………..”

“දේවාන්ශි,සුරංගයටයි හර්ෂයටයි අද ඩිනර් එකට මෙහෙ එන්න කියමුද?උන් දෙන්නා සෑහෙන ගේමක් දුන්නා ඩිවෝස් එක නවත්තන්න…………………”

“එහෙනම් ඔයා කෝල් කරලා කියන්න. හැබැයි එකක් කියන්නම්……………….”

“මං දන්නවා කියන්න හදන දේ……………….”😁

විරේන් කට කොනකින් හිනා වෙලා එහෙම කිව්වෙ මගෙ නහය මිරිකන ගමන්.

“මොකක්ද?………………”

“මට බොන්න එපා කියලනෙ කියන්නෙ. බය වෙන්නැතුව ඉන්නවා.මං බොන්නෙ නෑ……………….”

“එහෙනම් කමක් නෑ.සනීප වෙනකල් බොන්න තහනම්. තේරුනානෙ?……………..”

“යර්ස් මැඩම්.හොඳට තේරුනා.ඒත් ඉතින් බයික් එක පෙරලුනෙ මං බීලා ඉඳලා නෙවෙයිනෙ………………”

“බොන්න එපා එච්චරයි.ආයෙ මගෙන් අහන්න එපා………………..”😠

මං ටිකක් සැරට කිව්වා.මට රවලා විරේන් අහක බලා ගත්තා.මට නම් හිත යටින් හොඳටම හිනා.මගේ නපුරු කුමාරයා.රවනකොටත් අමුතු ලස්සනක් තියනවා.පිස්සු පූසා.

“විරේන් යමු නාන්න……………….”

“මට නම් නාන්න බෑ දේවාන්ශි.තමුසෙ නා ගන්නවා.සීතලයි වගේ අප්පා………………..”

“විකාර කියවන්න එපා විරේන්. නාන්නැතුව කුණු කම්මැලිකමේ ඉන්නද හදන්නෙ?ඊයෙත් නෑවෙ නෑනෙ. මෙහාට එනවා නාවන්න…………………”😠😠

බලෙන්ම වගේ විරේන්ව බාතෲම් එකට එක්කන් ගියා.පුදුම කුණු කම්මැලිකමක් තියෙන්නෙ මේ මිනිහගෙ.තුවාලෙ තෙමෙන්නෙ නැති වෙන්න නාවන්නත් එපායැ.විරේන්ව බංකුවක් උඩ වාඩි කෙරෙව්වා.මං පුටුවෙන් වාඩි වෙලා එයාගෙ ඔලුව මගෙ ඔඩොක්කුවෙන් තියාගෙන නෑව්වා.

“සීතලයි අප්පා.තමුසෙ නම් හරිම නපුරුයි.උණු වතුරෙන්නෙ මාව නාවන්න තිබුනෙ…………………”

“උණු වතුර ඕන්නෑ.වෙනදා නාන්නෙත් උණු වතුරෙන් නෙවෙයිනෙ…………………..”

“දුෂ්ඨ ගෑණි…………………”😁😆

“දන්නෑ මගෙ හැටි තවම තමුසෙ………………”😆😚

“ආ ඒ මොකෝ?………………”

“කට වහගන්නවා නාවන්න දීලා. නැත්නම් කඩනවා අනික් අතත්………………”😁😉

කෝලං කර කර පැයක් විතර අරගෙන විරේන්ව නෑව්වා.ටවල් එකත් අන්දෝලා කාමරේට යැව්වා. කලිසමකුයි,ටී ෂර්ට් එකකුයි ඇඳ ගන්න උදව් කරා.

රෑ හයට විතර විරේන්ගෙ යාලුවො දෙන්නා ආවා.

“දැන් කොහොමද බන් තුවාලෙ හොඳයිද?……………….”

“යකෝ ඊයෙ තුවාල වෙලා බෙහෙත් දාලා අද වෙනකොට හොඳ වෙන්නෑනෙ……………….”😆😁

“පරිස්සම් වෙයන් තුවාලෙ පාරගන්න එපා.නේද නංගි?……………..”😉

සුරංග දේවාන්ශිට එහෙම කිව්වෙ විරේන් දිහා බලලා ඇහැක් වහලා ඉඟි මරන ගමන්.දේවාන්ශිට නොපෙනෙන්න විරේන් සුරංගට රැව්වා.

“අඩෝ අඩෝ රවන්න තරම් දෙයක් කිව්වෙ නෑනෙ.අපිට තමයි මුගෙ ගෑස්. බලන්න එපෑයැ පහු ගිය දවස් ටිකේ………………”

එහෙම කියලා සුරංග ඉතුරු ටික නොකියා නතර කරා.අනිවාර්යෙන් මෙයාලගෙ මොකක් හරි හොර කපටි වැඩක් වෙන්න ඇති.

“මොකක්ද අයියෙ පහු ගිය දවස් ටිකේ කියලා කිව්වෙ?………………”

“මොකුත් නෑ දේවාන්ශි මුන් දෙන්නට පිස්සු………………..”

එහෙම කියපු විරේන් සුරංගගෙ කකුලක් පෑගුවා.උන් දෙන්නට මැරෙන්න හිනා විරේන් දිහා බලලා.

“කොහොම වුනත් මොකෝ.මූ දැන් සතුටින්නෙ.පහු ගිය කාලෙ නහයෙන් අඬ අඬානෙ හිටියෙ නංගි මූට ආදරේ නෑ කියලා.දැන් සතුටු වෙයන් මචං හැම දෙයක්ම හරිනෙ…………………”

“ඔව් බන්.වෙලාවකට මේක හීනයක් වගේ…………………”

විරේන් එහෙම කියලා මගෙ දිහා බැලුවා.මං ලැජ්ජාවෙන් අහක බලා ගත්තා.

“ඒක නෙවෙයි බං.මේ දවස් දෙක තුනේ හොටෙල් එකේ වැඩ ගැන පොඩ්ඩක් බලපන්.මේ තුවාල ටික හොඳ වුනාම මං එන්නම්.කොහොමත් අනිද්දා දිහාට මං හොටෙල් එකට එන්නම්………………..”

“උඹ බය වෙන්න එපා විරේන් මං ඒ ගැන බලන්නම්.උඹ සනීප වෙලාම වරෙන්.තාම උඹට මහන්සි වෙන්න හොඳ නෑනෙ……………..”

එහෙම කිව්වෙ හර්ෂ.

“අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑනෙ බන් මූට.රෑට රෑට මූ හොඳට මහන්සි වෙනවා ඇතිනෙ.නේද බන්?……………..”

“කට වහගෙන හිටහන් හු### තො………………”

“ඇයි මන් කිව්වෙ බොරුද?උඹනෙ නිකන් ඉන්න එකා.ඒ අවුරුදු එකහමාරට ඇති වෙන්න අර කෙල්ලව මරන්න ඇති………………..”

“දැන් උඹලා දෙන්නා කට වහනවද නැද්ද?……………….”😁😁

“ඇයි අපි කියන්නෙ බොරුද බන්.ආ නේද නංගි?මූ හෙන කුකුළා ඈ. බලාගෙන……………….”😂😆

විරේන්ගෙ යාලුවො දෙන්නට තියෙන්නෙ නම් පුදුම කටවල් දෙකක් තමයි.මට ලැජ්ජාවෙ බෑ අහන දේවල් වලට.මං සද්දෙ නැතුව කුස්සියට ගිහින් කෑම ටික මේසෙට ඇරියා.

“කට්ටියම එන්න කෑම කන්න………………”

කෑම කාලා රෑ දහයයි තිහ විතර වුනා විරේන්ගෙ යාලුවො දෙන්නා ගෙදර යද්දි.ඒ දෙන්නා බිව්වත් මගේ ඉල්ලීම නිසා විරේන් බිව්වෙ නෑ.මට ලොකු සතුටක් දැනුනා විරේන් මං කියපු දේ අහපු නිසා.

“අරුන් දෙන්නා කියපු දේවල් වලට ඔයාට ලැජ්ජ හිතුනද?……………….”

“මාර කටවල් දෙකක් තමයි ඒ දෙන්නට තියෙන්නෙ.ඔයා කුකුළා කියලා කිව්වෙ……………….”

මං එහෙම කිව්වෙ විරෙන්ගෙ උරහිසට වාරු වෙන ගමන්.

“උන් ඒ විහිලුවට කිව්වෙ.පොඩි කාලෙ ඉඳන්ම මාත් එක්ක හිටපු එකම යාලුවො දෙන්නා තමයි උන් දෙන්නා. තාමත් එහෙම්මමයි………………..”

“විරේන්,මං හෙට දවල් වෙලා ටව්න් එකට යනවා.සඳුදාට ඇඳන් යන්න සාරි දෙක තුනක් ගන්න ඕනි………………..”

“මගෙ කාඩ් එක තියනවා.ඒකෙන් ගන්නවා…………………”

“කමක් නෑ විරේන්.මං ගාව සල්ලි තියනවා…………………”

“තමුසෙ මොන්ටිසෝරි ගියාම මට පාලු හිතෙයි………………..”

“ඉතින් මං එකහමාර විතර වෙද්දි ගෙදර එනවනෙ.ඔයත් වැඩි වෙලාවක් ගෙදර නෑනෙ.හොටෙල් එකට යනවනෙ…………………”

“හ්ම්ම්.තමුසෙගෙ හිතේ මං ගැන ආදරයක් ඇති වුනේ කොයි කාලෙ වගේද?………………”

“ම්ම්ම්🤔🤔දැනට මාසෙකට වගේ කලින්……………..”

“එච්චර කල්?තමුසෙ මට මොකුත්ම කිව්වෙ නෑනෙ දේවාන්ශි.කොහොමද ඔච්චර දෙයක් හිර කරගෙන හිටියෙ?……………”😱😱

“කියාගන්න බැරි වුනා.ලැජ්ජ හිතුනා. බයකුත් දැනුනා………………”

මං තොලකුත් හපාගෙන එහෙම කිව්වා.එයා මගේ උරහිසක් සිපගෙන ඇඳුමෙ පටියෙන් අල්ලලා උරහිසින් පල්ලෙහාට ඇද්දා.වෙනදා වගේ තරහක් ආවෙ නැතත් හිත ලැජ්ජාවකින් බර වුනා.හෙමින් හෙමින් පාත් වෙලා පපුවේ එක් පැත්තක් ඒ තොල් පෙති වලින් අල්ලා ගනිද්දී මං ගෙල බදාගෙන හාදු තැවරුවා.

“දැන් ඇති විරේන්.තුවාලෙ පෑරෙයි ඔයාගෙ……………….”

“එහෙනම් ඉන්නවකො මේ තුවාල ටික හොඳ වෙනකල්.තමුසෙට මං හොඳ පාඩමක් උගන්නන්නම්…………………..”

“ආයෙත් සැරයක් මට ඔලුව පලාගන්න වෙයිද දන්නෑ.මතකයිනෙ එක සැරයක්. අම්මෝ මං හිතුවෙ එදා………………”

“ඇයි මොකද හිතුවෙ එදා?……………..”

“මට සිහි නැතුව ගිය වෙලේ ඔයා මාව………………”

“පිස්සි මං එච්චර නරක නෑ.හැබැයි තමුසෙ එදා මගෙන් බේරුනෙ ඔලුව හැප්පිච්ච හින්දා………………….”

“මං දන්නවා.ඔයාගෙ ඉවසීම ගැන මට හරිම පුදුමයි විරේන්…………………..”

“හැබැයි දැන් නම් ඉවසන්නෙ තුවාල ටික සනීප වෙනකල් විතරයි. හාද?……………..”

“හා ඉතින්.ඉක්මනට සනීප වෙන්නකො………………..”

මතු සම්බන්දයි