උඹ හෙට උදෙන්ම ගෙදර ගිහිල්ලා දේවාන්ශිත් එක්ක කතා කරලා බලපන්.අවුරුදු එකහමාරක් ඉවසපු එකේ මේ පොඩ්ඩත් ඉවසලා බලපන් විරේන්………………”
සුරංග සහ හර්ෂ උත්සහ කරේම මෙම දික්කසාදය නවත්තන්නටය.ඔවුන් දෙදෙනාම විරේන් දේවාන්ශිට කෙතරම් ආදරේද කියා හොඳින්ම දනී.දේවාන්ශිට විරේන් තරම් ආදරේ කරන කිසිම කෙනෙක් නැත.පුරා අවුරුදු එකහමාරක් තිස්සේ විරේන් දේවාන්ශිගෙන් සිදු වූ සියලු දුක් ගැහැට ඉවසුවේ ආදරයේ නාමයෙන් ය.ඉතින් තව මදක් ඉවසා ඔවුන් දෙදෙනා එක් කර යුතුය.
සුරංගත් හර්ෂත් කතා කර ගත්තේ විරේන් සමඟ නුවරඑළියට යාමටය. වැඩ සියල්ල අවසන් කර විරේන් සහ සුරංගත් හර්ෂත් පසුදා දහවල් එකහමාරට පමණ නුවරඑළියට පිටත් විය.එදින තද වැසි ඇති වූ නිසා ඔවුන්ගේ ගමන අසීරු විය.නුවරඑළියට පිවිසෙන ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී තිබුනු නිසා ඔවුන් පැමිණෙන විටදී හවස හයහමාර පමණ විය.ඔවුන් තිදෙනා මුලින්ම පැමිණියේ විරේන්ට අයිති නුවරඑළියේ පිහිටි හෝටලයටය.
“මචං,උඹ දැන්මම ගෙදර යනවද?නැත්නම් හෙට උදෙන්ම යනවද?………………..”
“දැන්ම යනවා බන්.මන් බයික් එකේ යන්නම්.උඹලා දෙන්නා කාරෙකේ පලයන්……………….”
“හරි මචං පරිස්සමින් පලයන්.අද මොකුත් කියන්න එපා.හෙට කතා කරලා බලපන්……………….”
“හරි බන්.මම යනවා……………….”
හෝටලයෙන් පිටතට පැමිණි විරේන් සිය මෝටර් සයිකලයෙන් නිවස බලා පිටත් වන්නට සූදානම් විය.වේලාව රාත්‍රී නවයට ආසන්නව තිබූ නිසා වටපිටාව අන්ධකාරව තිබුනත් පාරේ විදුලි පහන් වල ආලෝකය නිසා නිසා ඒ අන්ධකාරය එතරම් නොදැනුනි.තාමත් යාන්තන් වර්ෂාව ඇදහැලුනු නිසා විරේන් මෝටර් රථය පැදවුයේ මදක් සෙමිනි.නිවසට කිලෝමීටර් එකහමාරක් පමණ ආසන්නයේදී ඇති වූ වර්ෂාව නිසා එක්වරම බයික් රථය ලිස්සා ගොස් අසළ ගසක වැදුනි. අන්ධකාරය නිසා එම අනතුර වැඩිය කිසිවෙකුට නොපෙනුන නමුත් පාරේ ගිය දෙතුන් දෙනා ඒ ගැන විමසිලිමත් වූහ.
“මහත්තයා ලෙස්සුවා නේද බයික් එක. ගොඩාක් තුවාලයිද?මේ පොඩ්ඩක් එන්නකෝ කවුරු හරි උදව් කරන්න……………….”
වර්ෂාව අතරින්ම කුඩයක් ඉහලාගෙන විරේන් අසලට පැමිණි එම වයසක මිනිසා අසල සිටි දෙතුන් දෙනෙකුට කෑ ගසා අඬ ගැසීය.එම කෑ ගැසිල්ල ඇසුනු කිහිප දෙනෙකු පැමිණ විරේන්ව නැගිට්ටවූවා.
“මහත්තයට ටිකක් තුවාලයි වගේ නේද?ඉක්මනට හොස්පිටල් ගෙනියමු. ඔය වාහනේකට කතා කරන්න………………..”
ළඟ සිටි මිනිසෙකු පාරේ ගිය කාර් රථයකට විරේන්ට රෝහලට ගෙන යාම සඳහා අත දැමීය.ඔවුන් එලෙස අත දමා තිබුනේ සුරංග සහ හර්ෂ පැමිණි කාරෙකටය.
“ඇයි අංකල් මොකද?ඇක්සිඩන්ට් එකක්ද?………………..”
රියදුරු අසුනේ සිටි සුරංග එම වයසක මිනිසාගෙන එලෙස විමසීය.
“අනේ මහත්තයා කව්ද මහත්තයෙක්ගෙ බයික් එකක් ලෙස්සලා පෙරලුනා මෙතනදි.ඒ මහත්තයට ටිකක් තුවාලයි වගේ.අනේ ඉක්මනට හොස්පිටල් එකට ගෙනියමු…………………”
සුරංග වහා බිමට බැස අනතුර සිදු වූ පුද්ගලයා දෙස බැලුවේය.ඔහු විරේන්ව අඳුරා ගත්තේය.සුරංග බිය වුනි.
“විරේන්…..මචං උඹට මොකද වුනේ?ගොඩාක් අමාරුද?…………………”
“නෑ බං.අත ටිකක් තුවාලයි………………”
සුරංග සහ හර්ෂ විරේන්ව පිටුපස අසුනට ගොඩ කරවා ගනු ලැබීය.
“හර්ෂ උඹ බයික් එක හොටෙල් එකෙන් දාලා හොස්පිටල් එකට වරෙන්.මං විරේන්ව හොස්පිටල් එකට එක්කන් යන්නම්………………..”
“හරි බන්………………..”
සුරංග විරේන්ව හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන ආවා.විරේන්ගේ අතේ වැලමිට පෙදෙස සහ කුස පෙදෙස තුවාල වී තිබුනි.නලලද සීරී තිබුනි.
රෝහලට පැමිණි පසු වෛද්‍යවරයා විරේන්ගේ තුවාල වලට බෙහෙත් දැමීය.අත වැදුනු පාරට කැක්කුම දැනුනි.
“ඩොක්ටර් විරේන්ව ගෙදර එක්කන් යන්න පුලුවන්ද?……………..”
“එක්කන් යන්න.හැබැයි දවස් දෙක තුනක් යනකල් රෙස්ට් කරන්න.උණු වතුරෙන් නාන්න තුවාල තෙමෙන්නෙ නැති වෙන්න……………”
“හරි ඩොක්ටර්………………”
සුරංග විරේන්ව රැගෙන එලියට ආවා. කුසේ ඇති තුවාල නිසා ඔහුට දැවිල්ලක්ද දැනුනි.වැටුනු පාරට ඔහුගේ කමිසයද ඉරී ගොස් තිබුනි.
“උඹට ගොඩාක් අමාරුයිද බන්?………………”
“නෑ බන්.තුවාල දැවිල්ලයි……………..”
“එහෙනම් ඉක්මනට ගෙදර යමු.හර්ෂත් ආවා කාරෙක අරන්……………….”
පැයක් ඇතුළත ඔවුන් දෙදෙනා විරේන්ව රැගෙන නිවසට පැමිණියා. ගේට්ටුව ඇරගෙන වාහනය මිදුලට දමා විරේන් කාරෙකෙන් බැස්සා.
“උඹලා පලයන් බං.මං යන්නම් දැන් දහයත් පහු වෙලානෙ.මට ලොකු අමාරුවක් නෑ.මං ගාව ගෙයි යතුරක් තියෙනවා………………”
සුරංග සහ හර්ෂ ගිය පසු විරේන් දොර ඇරගෙන ගෙට ඇතුල් වුනා. අමාරුවෙන් වගේ අඩිය තියලා කාමරේ ළඟටම ආවා.දොරට තට්ටු කරලා දේවාන්ශිට කතා කරන්න හැදුවත් ඔහු නිකමට වගේ දොරේ අගුල කරකවලා බැලුවා.ඒක තිබුනේ ලොක් කරලා නෙවෙයි.දොර ඇරපු විරේන් කාමරේ ලයිට් එක දැම්මා.දේවාන්ශි හිටියේ නිදාගෙන.ඇය දෙස බලා දොර ලොක් කර විරේන් ඇඳ අසලට පැමිණියා. උවමනාවෙන් බලද්දියි විරේන් දැක්කෙ දේවාන්ශි ඇඳන් ඉන්නෙ තමන්ගෙ ටීෂර්ට් එකක් බව.ඔහුගේ මුහුණට හිනාවකුත් නැගුනා දේවාන්ශි ඇඳ බදාගෙන නිදාගෙන සිටින හැටි දැකලා.
අත් දෙකයි කකුල් දෙකයි හතර අතේ දාගෙන ඇය නිදාගෙන සිටින්නේ හරියට කුඩා දැරියක ලෙසටයි.සෙමින් සෙමින් පහත් වෙලා ඇඳ මතින් වාඩි වූ විරේන් දේවාන්ශිගෙ අතක් සහ කකුලක් සෙමින් පසෙකට කරමින් ඇඳෙන් හාන්සි වුනා.නැවතත් අතක් සහ කකුලක් විරේන්ගේ ඇඟ මතින් දා ගත්තු දේවාන්ශි නින්දෙන්ම ඔහුට තුරුල් වුනා.දේවාන්ශිගෙ අතක් විරේන්ගේ කුස මත ඇති තුවාලයේ වදිනා විටදී ඔහුට තරු පෙනුනා.ඇයව අවදි කර තමා පැමිණි බව කිව යුතුය. නැතිනම් රාත්‍රියේදී ඇය නින්දෙන් ඇහැරී තමාව දුටුවොත් බිය වෙයි.
“දේවාන්ශි…..දේවාන්ශී………………..”
සිහිනෙන් වගේ මට විරේන්ගේ කටහඬ ඇහුනා.ඇස් ඇරලා බලද්දී විරේන් මං ගාව.මට පුදුම හිතුණා.මං ඇස් පිහදාලා ආයෙමත් බැලුවා.හීනයක් නෙවෙයි ඇත්තටම විරේන් ගෙදර ඇවිල්ලා.මට පුදුම හිතුනා.මං ඇඳෙන් නැගිටලා විරේන්ව බදා ගත්තා.
“දේවාන්ශි ඇයි මේ?හරියට අවුරුදු ගානකින් මාව දැක්කා වගේ?……………..”
විරේන්ගෙ තුරුලෙන් ඈත් වෙලා බලද්දියි මං දැක්කෙ එයාගෙ බඩයි අතයි තුවාල වෙලා තියනවා.
“අනේ විරේන් මේ මොකද මේ?මක් වෙලාද ඔයාව තුවාල වුනේ?……………..”
“බයික් එක ලෙස්සුවා මගදි.මට ටිකක් තුවාක වුනා.ලොකු අවුලක් වුනේ නෑ…………….”
“ඔයා කොළඹ ඉඳන්මද බයික් එකේ ආවෙ?………………”
“නෑ.මායි සුරංගයි හර්ෂයි තුන් දෙනාම ආවෙ කාර් එකේ හොටෙල් එකට.උන් දෙන්නට කාරෙකේ ගෙදර යන්න කියලා මං බයික් එකේ ආවා.මගදි වැස්සනෙ එකපාරටම බයික් එක ලෙස්සුවා……………….”
“අනේ ගොඩාක් තුවාල වුනාද විරේන්?……………….”
විරේන් හිතුවෙ තමාව තුවාල වෙලා තියනවා දැක්කම දේවාන්ශි සතුටු වෙයි කියලා.ඒත් සිද්ද වුනේ ඒකෙ අනික් පැත්ත.සතුටු වෙනවා වෙනුවට දේවාන්ශිගෙ ඇස් වල කඳුලු පිරිලා. විරේන්ට නම් පුදුමයි දේවාන්ශිගෙ ඇස් වල කඳුලු දැකලා.ඔහු ඇය දෙසම ඇසි පිය නොහෙලා බලාගෙන සිටියා.
“බඩ හරියෙ හීරුනා.අත ටිකක් තුවාලයි එච්චරයි.අත නම් ටිකක් කැක්කුමයි………………..”
“ඔයාව හොඳටම තෙමිලා විරේන්. ඇඳුමක් මාරු කරගම්මු.මේ කමිසෙත් ඉරිලා…………………”
මං ඉක්මනට ඇඳෙන් නැගිටලා ගිහින් අල්මාරිය ඇරලා ටී ෂර්ට් එකක් අරන් විරේන් ගාවට ගියා.
“ඔයාට තිබ්බෙ සුරංගයි හර්ෂයි එක්ක කාරෙකේම එන්න.එහෙම ආවා නම් මේ මොකුත් වෙන්නෑනෙ.ඔයා කිව්වෙ සති දෙකක්ම කොළඹ ඉන්නවා කියලනෙ.ඇයි කලින් ආවෙ?……………….”
විරේන්ගෙ කමිසෙ ගලෝලා ටීෂර්ට් එක අන්දන ගමන් මං එහෙම ඇහුවා.ඒකට විරේන් මොකුත්ම කිව්වෙ නෑ.
“ඔයාට කන්න මොනවා හරි අරන් එන්නද විරෙන්?…………….”
“එපා මං හොටෙල් එකෙන් කෑම කාලා ආවෙ……………….”
“දැන් නිදා ගන්න විරේන්………………..”
“ඇයි මගෙ ටීෂර්ට් එකක් ඇන්දෙ?……………….”
විරේන් එහෙම අහද්දියි මට මතක් වුනේ මං ඇඳන් ඉන්නෙ විරේන්ගෙ ටී ෂර්ට් එකක් කියලා.මං බිම බලාගෙන නිහඬවම හිටියා.විරේන් මගෙ නිකටෙන් අල්ලලා ඉස්සුවා.මාව වෙව්වලනවා වගේ දැනුනා.
“ඇයි මේ ගොලු වෙලා?අද ඔයා ගොඩාක් වෙනස්.මං හිතුවෙ මාව තුවාල වෙලා තියනවා දැක්කම තමුසෙ සතුටු වෙයි කියලා……………….”
“කවදාවත්ම නෑ විරේන්.ඔයාට කරදරයක් වුනොත් මට හිනා වෙලා ඉන්න බෑ.දැන් නිදා ගන්න.උදේට කතා කරමු……………….”
“මට නිදිමත නෑ………………..”
“ඒ ඇයි?දවල් නිදා ගත්තද?………………”
“නෑ………………”
“එහෙනම්?ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නෙ විරේන්?……………..”
“දැන් අවුරුදු එකහමාරක් වුනා දේවාන්ශි.මං ඔයාට ලොකු දුකක් දුන්නෙ.මට බෑ තවත් ඔයාට දුක් දෙන්න.මං ගොඩාක් හිතලා මේ තීරණේ ගත්තෙ.මං අමාරුවෙන් හරි හිත හදාගන්නම් දේවාන්ශි.අපි ඩිවෝස් වෙමු.ඔයා කැමතියිනෙ ඒකට.ඔයාගෙ සතුට,නිදහස මං ආපහු ඔයාට දෙනවා. මං තව දුරටත් ඔයාට ප්‍රශ්නයක් කරදරයක් වෙන්නෙ නෑ………………..”
දෙයියනේ විරේන් හදන්නෙ මාව ඩිවෝස් කරන්නද?අනේ දෙයියනේ මං කොහොමද විරේන්ගෙන් ඈත් වෙන්නෙ?මං එයාට ලං වෙන්න හදනකොට එයා මගෙන් ඈතට යන්න හදනවා.මට බෑ විරේන් නැතුව ජීවත් වෙන්න.
“ඇයි සද්දෙ නැතුව ඉන්නෙ?බය වෙන්න එපා දේවාන්ශි.මං ඔයාගෙන් ඩිවෝස් වුනත් ඔයාගෙ අම්මව හිරේ යවන්නෑ. බය වෙන්නැතුව ඉන්නවා.මං හෙටම ඩිවෝස් පේපර් ගේන්නම්………………”
“අනේ එපා විරේන්……………….”😭😭
“ඒ ඇයි එපා කියන්නෙ?ඔයා කැමති නැද්ද ඩිවෝස් වෙන්න?……………….”
“නෑ………………”
“ඒ මොකෝ?………………”
“මං කැමති නෑ ඩිවෝස් එකට?…………….”
“මොකක්ද හේතුව?ඇයි අකමැති?………………”
“මං…..මං ඔයාට…..ආදරෙයි විරේන්………………..”
නැවත හමුවෙමු😘😘😘
තරහ වෙන්න එපා යාලුවනේ.ටිකයි ටයිප් කර ගන්න පුලුවන් වුනේ