13 කොටස
අඳුරෙහි ගිලුණු💔🔥
“පොඩි පුතා……😡මේ ලොකු පුතා කියන කතාව ඇත්තද?කතා කරනවා. තමුන්ගෙ අතින් මහීමා දූට වරදක් වුනාද?…………………..”😡
රෝද පුටුවේ සිටි සුරේෂ්ගේ අම්මා ඔහුගෙන් විමසුවා.සෙනේෂ්ගේ පහරවල් හමුවේ ඔහුගේ තොල පැලී කටින් ගලන ලේ අතින් පිස දා ගත් සුරේෂ් අම්මා දෙස බලා බලා නිහඬව සිටියා.
“කතා කරන්න පොඩි පුතා.තමුන්ගෙ අතින් මේ කෙල්ලට අසාදාරණයක් වුනාද?………………….”😡
“ඔ…..ඔව් අම්මෙ………………….”
“තමුන්ට පොඩ්ඩවක් හිතන්න බැරි වුනාද සුරේෂ් මේ ඉන්නෙ තමුන්ගෙ සහෝදරයගෙ බිරිඳ වෙන්න ඉන්න කෙනා කියලා.උඹ අපේ පව්ලෙ නම්බුව කෑවා සුරේෂ්.උඹට මේ ලෝකෙ වෙන ගෑණු නැද්ද යකෝ අයියගේ ගෑණිවම තියා ගත්තෙ?කොහොමද තමුං මේ අහිංසක කෙල්ලට මෙහෙම අපරාදයක් කරේ?…………………..”😡
“අපිට වෙන්න ඕනි මෙච්චරයි අපේ දුවට සාදාරණයක් කරන්න.එහෙම නොවුනොත් අපිට සිද්ද වෙනවා නීතිය ඉදිරියට යන්න…………………….”
අප්පච්චී සැරෙන් තරහව පිරුනු හඬින් එහෙම කිව්වා.ඒත් මං හිටියෙ ගොඩාක් අසරණ වෙලා.අප්පච්චි එයාලට කිව්වට මට සාදාරණයක් ඉෂ්ඨ කරන්න කියලා එහෙම වුනොත් මට සුරේෂ්ව කසාද බඳින්න කියලා කියයිද?
“අංකලුයි ආන්ටියි කිසිම දේකට බය වෙන්න එපා.මං මහීමාව තනි කරන්නෙ නෑ.කවුරු මොනවා කිව්වත් මට මහීමාගෙ කිසිම අඩුවක් දැනෙන්නෙ නෑ. මං එයාට පොරොන්දු වුනා මොන ප්‍රශ්නෙ වුනත් එයාව දාලා යන්නෑ කියලා.මං ඒ පොරොන්දුව හැමදාම රකිනවා……………………….”
සෙනේෂ් මගෙ ඔලුවෙ අත තියලා දැඩි ස්ථීර හඬකින් එහෙම කිව්වා.මට සෙනේෂ්ගෙ ගතිගුණ අදහගන්න බැරුව ගියා.මෙච්චර දෙයක් වෙලත් සෙනේෂ් මාව කිසිම අහිතක් නැතුව බාර ගන්න ලෑස්ති වුනා.
මේ වගේ උතුම් ගතිගුණ තියන මනුස්සයෙකුගේ ජීවිතේට හව්ල් වෙන්න මට පින නෑ.මං හරිම අවාසනාවන්තයි.එක පාරක් හිත හදාගත්තට මට ආයෙමත් හිත හදාගන්න පුලුවන් කමක් නෑ.මට බෑ සෙනේෂ්ට එච්චර ලොකු අසාදාරණයක් කරන්න…………………….”
“නෑ සෙනේෂ්.මට බෑ ඔයාගෙ ජීවිතේට එච්චර ලොකු අසාදාරණයක් කරන්න. මං වගේ අපිරිසිදු වෙච්චි ගෑණියෙක්ව ලං කරගෙන ඔයාගෙ පිරිසිදු ජීවිතේට කැලලක් එකතු කරගන්න එපා.මං මෙහෙමම මැරිලා යනකල්ම තනියම ජීවත් වෙන්නම්.මෙච්චර කාලයක් ඔයා මගෙ ජීවිතේ සතුටින් පිරෙව්වා.ඒකට ගොඩාක් පිං.😢🙏පලවෙනි පාරට හිත හදාගත්තට මට ආයෙමත් වතාවක් මට හිත හදාගන්න බෑ සෙනේෂ්.මේක මගෙ කරුමෙ…………………….”😭😭🙏
ඇය ඔහුගේ දෑතම අල්ලන් කඳුලු සලමින් එලෙස පැවසුවා.මවත් පියාත් ඇය දෙස බලා සිටියේ ඉතාමත් අසරණ දෑසිනි.තම එකම දියණියගේ අනාගතය අඳුරු වී ඇත.ඇයගේ ජීවිතයට කිසිදාක ආලෝකයක් නොලැබෙයිද?
“එහෙම කියන්න එපා මහීමා.මට බෑ ඔයාව තනි කරන්න.ඔයාව නැතුව මට ජීවිතයක් නෑ.මට ඔයාව ඕනි.හැම දෙයක්ම මං වෙනුවෙන් අමතක කරන්න මහීමා.අපි දෙන්නා අලුත් ජීවිතයක් පටන් ගම්මු.
කවුරු මොනවා කිව්වත් මට ඒවයෙන් කිසිම වැඩක් නෑ. මට ඕනි ඔයාගෙ ආදරේ විතරයි.අම්මෙ ප්ලෑන් කරපු විදියටම මැයි මාසෙ මහීමාගෙයි මගෙයි කසාදෙ සිද්ද වෙනවා එච්චරයි………………………”
මගෙ අතිනුත් අල්ලගෙන සෙනේෂ් කියපු විදියට මට එයා ගැන සෑහෙන පුදුම හිතුණා.එයා මගෙ කාලකණ්ණි වෙච්චි ජීවිතේට ආලෝකයක් වෙන්න හදනවා.ඒත් මට හිත හදාගන්න බෑ. මට සෙනේෂ්ව අමතක කරලා එයාගෙන් ඈත් වෙලා හිත හදාගෙන ජීවත් වෙන්න බෑ.ඒත් මට ආපහු සෙනේෂ්ගෙ ජීවිතේට එන්න බෑ.
“මට ඔයාගෙ හිත ගැන හරිම පුදුමයි ලොකු පුතේ.ගෑණියෙකුට ගරු කරන්න ඔයා දන්නවා.ඔයාගෙ ගතිගුණ ගැන මට හරිම ආඩම්බරයි පුතේ.ඔයා මහීමා දූව බාර ගන්න හදන එකට මගෙ කිසිම අමනාපයක් නෑ.මේ අහිංසක දරුවා විඳලා තියෙන්නෙ සුලු පටු දුකක් නෙවෙයි.හෙටම උනත් කමක් නෑ තව මාස හයකින් නෙවෙයි පුලුවන් තරම් ඉක්මනට මහීමා දූගෙ කසාදෙ සිද්ද වෙන්න ඕනි.හැබැයි ඒ සෙනේෂ් පුතාත් එක්ක නෙවෙයි සුරේෂ් පුතාත් එක්ක…………………..”
අනේ දෙවියනේ😱සෙනේෂ්ගෙ අම්මා මේ මොනවද කියන්නෙ?මං කොහොමද සුරේෂ්ව කසාද බඳින්නෙ?මේ අවලං මිනිහා මගෙ ජීවිතේ තියන තුරාවටම මගෙන් පලි ගනියි. සෙනේෂ්ට පුදපු ආදරේ තවත් කෙනෙකුට පුදන්න මගෙ හිතේ ඉඩක් නෑ.මගෙ ජීවිතේ විනාශ කරපු මාව කාලකණ්ණි කරපු මිනිහව කොහොමද මං කසාද බඳින්නෙ?😭😭
“අනේ අම්මෙ මට නම් බෑ සුරේෂ්ව කසාද බඳින්න.ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.සුරේෂ්ව කසාද බඳින්න බෑ කිව්වට මං සෙනේෂ් ගාවට එන්නෙ බෑ. මං ඔයාගෙ ලොකු පුතාගෙ ලස්සන ජීවිතේට ඇවිත් ඒ ජීවිතේට කැලලක් වෙන්නෙ නෑ.මං සෙනේෂ්ගෙන් ඈත් වෙලා යන්නම්.ඒත් මට සුරේෂ්ව නම් බඳින්න නම් බෑ අම්මෙ……………..”😭😭
මං සෙනේෂ්ගෙ අම්මගෙ කකුල් දෙක බදාගෙන ඇඬුවා.මං දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා අම්මා මගෙ ඔලුව අත ගෑවා.
“පොඩ්ඩක් හිතලා බලන්න දුවේ,මං ඔයාට අසාදාරණයක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ.ඔයා සුරේෂ් පුතාව බඳින්න ඕනි.මේක ඔයාගෙ දෛවය කියලා හිතන්න.ඔයා මුලු ජීවිත කාලෙම තනියමම ඉන්නවා කියලා තීරණයක් ගන්න එපා.ඒක ඔයාගෙ අම්මයි තාත්තයි කොහොමද දරා ගන්නෙ?එයාලට තවත් දුක් දෙන්න එපා දුවේ.
ඔයාගෙ ඇස් පේන්නෙ නැති කාලෙ එයාලා ඔයා නිසා කොයි තරම් දුක් විඳින්න ඇත්ද?ඔයාව තනි වුනොත් එයාලා හැමදාම විඳව විඳව ඉඳියි.මේවා පිට මිනිස්සු දැන ගත්තු දාට මේ මිනිස්සු කොහොමද පාරෙ බැහැලා යන්නෙ?දෙමව්පියන්ව සතුටින් තියන එක දරුවන්ගෙ යුතුකමක්.හිත හදාගෙන සුරේෂ් පුතාව කසාද බඳින්න කැමති වෙන්න දුවේ………………………”
සෙනේෂ්ගෙ අම්මා මොන තරම් දේවල් කිව්වත් මට නම් බෑ සුරේෂ්ව කසාද බඳින්න හිත හදාගන්න.මං කොහොමද දෙයියනේ හිත හදාගෙන මේ අවලං මිනිහව කසාද බඳින්නෙ?ඌ මාව මරයි. මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙන එක.
“අම්මෙ,ඇයි ඔයා මගෙයි මහීමාගෙයි කසාදෙට අකමැති?ඔයා අපි දෙන්නට ආශිර්වාදත් කරා නේද?ඇයි දැන් මහීමාට සුරේෂ්ව කසාද බඳින්න කියන්නෙ?අම්මෙ මහීමා මගෙ ජීවිතේ. මට එයාව නැතුව ජීවත් වෙන්න බෑ අම්මෙ.අනෙ මෙහෙම කරන්න එපා අම්මෙ……………………”😢
“මල්ල කරපු දේට අයියා දඬුවම් විඳින්න ඕන්නෑ පුතේ.සුරේෂ් මේ කරපු දේට එයා මේ කෙල්ලව කසාද බඳින්නම ඕනි.එයා නිසා මහීමා තවත් දුක් විඳින්න ඕන්නෑ…………………..”
සෙනේෂ්ගෙ අම්මා කැමති වුනේ නෑ සෙනේෂ්ව මාව කසාද බඳිනවට.අම්මා එයාගෙ තීරණේ වෙනස් කරේ නෑ.දිගු නිහැඬියාවකින් කාලය ගෙවිලා ගියා. මෙතෙක් වේලා නිහඬව් සිටි අප්පච්චි කටහඬ අවදි කරා.
කවුරු මොන තීරණේ ගත්තත් අන්තිමට මට සිද්ද වෙන්නෙ හූල්ල හූල්ල අඬන්නයි. හැමදාම සිද්ද වුනේ ඒකමනෙ.මේ ජීවිතේ කවදාවත්ම මට සැනසීමක් නම් ලැබෙන එකක් නෑ කියලා මට හිතුණා.
“මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මාසයක් ඇතුලත පුලුවන් තරම් ඉක්මනට මගෙ දූගෙයි සුරේෂ්ගෙයි කසාදෙ සිද්ද වෙන්න ඕනි එච්චරයි…………………….”
“මිස්ටර් උදයන්ත කිසිම දේකට බය වෙන්න එපා.පුලුවන් තරම් ඉක්මනට මේ දෙන්නගෙ කසාදෙ සිද්ද වෙනවා. මට මහීමා දූ මගේම දරුවෙක් වගේ. ඒකෙ කිසිම වෙනසක් නෑ……………………”
සෙනේෂ්ගෙ අම්මයි මගේ අප්පච්චියි මගේ ජීවිතේ අවසන් තීරණේ ගත්තා. ඒක මගේ ජීවිතේ අවසානෙ කියලයි මට හිතුනෙ.මං ඉවත බලාගෙන කඳුලු හැලුවා.මං දැක්කා සුරේෂ් මං දිහා බලාගෙන කට කොනකින් හිනා වෙනවා.ඒ අවලං හිනාව මගෙ හිත ඇතුලෙ ඇති කරේ මහා විශාල බියක්.
මගෙ මුලු ජීවිතේම මේ නරුමයා බිලි ගනියි කියලා මට හිතුණා.තව දුරටත් මට එතන ඉන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.මං දුවගෙන එලියට ආවා.මිදුලෙ ගල් බංකුව උඩ ඉඳගෙන මං සෑහෙන වෙලාවක් ඇඬුවා.කවුරු හරි මං ගාවින් ඇවිත් වාඩි වුනා.මං ඒ දෙස නොබලා හිටියත් ඒ කෙනා මගෙ උරහිසට අත තිබ්බා.එතකොට මං ඔලුව උස්සලා ඒ කෙනා දිහා බැලුවා.මං ලඟ හිටියෙ සුරේෂ්.මට ඇති වූ කේන්තියට වඩා අසරණ බව වැඩි වුනා.මං සුරේෂ්ගෙ අත ගසලා අහකට දැම්මා.
“කොහොමද මැඩම් මං කිව්වෙ අන්තිමට සිද්ද වෙන්නෙ මේක කියලා. තමුන්ව ගැළපෙන්නෙ සෙනේෂ්ට නෙවෙයි සුරේෂ්ට…………………….”
“වල් බල්ලා උඹට හොඳක් නම් සිද්ද වෙන්නෙ නෑ.සෙනේෂ්ගෙන් කාපුවා මදි වෙලාද උඹ දඟලන්නෙ?……………………”
“වහපිය පරට්ට බැල්ලි කට.බැන්දට පස්සෙ මං තෝව ගානට ගානට හදලා ගන්නම්කො…………………….”😡
“උඹ මාව කසාද බැන්දට කව්දාවත් සෙනේෂ්ව මගෙ හිතින් ඈත් කරන්න ලැබෙන්නෙ නෑ.ඒ වගේ රත්තරං මිනිහෙක්ට පුදපු ආදරේ උඹ වගේ අවලං මිනිහෙකුට දෙන්න මට බෑ…………………..”😭
එසේ පැවසූ ඇය එතනින් නැගිට යන්නට හැදුවා.කෝපයෙන් සිටි සුරේෂ් ඇගේ කම්මුලට පහරක් දෙන්නට අත ඉස්සුවා.ඔහු දුටුවා බැල්කනියට වී තමන් දෙස බලා සිටින සෙනේෂ්ව.අත ඉවතට ගත් ඔහු එතනින් ඉවත්ව ගියේ ඇයට බැන වදිමින්.
********************
“දැන් හූල්ල හූල්ල ඇඬුවා කියලා වැඩක් නෑ මයෙ දුවේ.හිත හදා ගන්න බලන්න.සුරේෂ් පුතාගෙ අම්මා කෝල් කරලා කිව්වා තව මාස දෙකකින් කසාදෙ ගම්මු කියලා.එයා හොඳ නැකත බලවලා……………………”
වෙනදා සෙනේෂ් පුතාගෙ අම්මා දැන් සුරේෂ් පුතාගෙ අම්මා වෙලා.මට හිත හදා ගන්න බෑ සුරේෂ්ගෙ බිරිඳ වෙන්න. මගෙ හිතින් සෙනේෂ්ව ඈත් කරන්න කවදාවත්ම බෑ.
මීට වඩා හොඳයි මගෙ දෑස් වලට ආලෝකය නොලැබිලා මං සදාකාලිකවම අන්ධ වෙලාම හිටියා නම්.මගෙ ඇස් වලට ලැබුනු ආලෝකය මට දරා ගන්න බෑ.වාහනයක හඬක් ඇහුනු නිසා මං පල්ලෙහාට ගියා. සෙනේෂ්ව දැකලා මගෙ හිතට සහනයක් දැනුනා.
“සෙනේෂ් ඔයා?………………..”
“සෙනේෂ් පුතා ඔයා ඇයි මෙහෙ ආවෙ?………………..”
මං කතා කරන්න කලින් අප්පච්චි සෙනේෂ්ට කතා කරමින් සාලෙට ආවා.
“අංකල් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනි.ප්ලීස් මාව තේරුම් ගන්න. මේ කසාදෙ නවත්තන්න.මට මහීමාව නැතුව ජීවත් වෙන්න බෑ………………..”
“දැන් කරන්න දෙයක් නෑ පුතා.මහීමාව අයිති වෙන්න ඔයාගෙ මල්ලිට.වරද කරපු කෙනයි දඬුවම් විඳින්න ඕනි. ඔයාගෙ අම්මා වුනත් කැමැති නෑනෙ පුතා ඔයා මගෙ දූව මැරි කරනවට.දැන් කරන්න දෙයක් නෑ.පුතා ආපහු මහීමාව බලන්න එන්න එපා.දැන් යන්න……………………”
ඒක අප්පච්චීගෙ අවසන් තීරණේ වුනා. මං දිහා ටිකක් වෙලා බලන් හිටපු සෙනේෂ් යන්න ගියා.මේක තමයි මහේ උරුමය කියලා මං හිත හදාගන්න හැදුවා.
නැවත හමුවෙන තුරු විරාමයකට