12 කොටස
අඳුරෙහි ගිලුණු🔥🔥
මහීමාගේ අම්මයි තාත්තයි සෙනේෂුයි සාලෙ ඉඳන් දොර ගාවට දුවගෙන ආවා. දොරකඩ ලඟ වැටී උන් මහීමාව දැක ඔවුන් බිය වුනා.
“දෙයියනේ මගෙ දුවේ……………………”😱
මහීමාගේ අම්මා පපුවට අත තබාගෙන කෑ ගැසුවා.වහා ඉක්මනින් මහීමාව දෝතට වඩා ගත් සෙනේෂ් ඇයව සාලෙ සෙටිය උඩින් තැබුවා.
“මහීමා……මහීමා කතා කරන්න මැණික ඔයාට මොකද වුනේ?මහීමා කතා කරන්න ළමයෝ මගේ පුතේ කතා කරන්න………………..”😭😭
අම්මයි තාත්තයි සෙනේෂුයි තුන් දෙනාම මහීමාට කතා කරත් ඇය නැගිට්ටෙ නෑ.ඉක්මනට වතුර වීදුරුවක් ගෙනත් එයින් මදක් මහීමාගේ මුහුණට ඉසපු අම්මා ඇයට කතා කරා.විනාඩි කිහිපයකින් ඇය ප්‍රකෘති තත්වයට පත් වූවා.
“අනේ මගෙ රත්තරං දුවේ ඔයාට මොකද වුනේ?ඔයා කොහෙද හිටියෙ?අපි ඔයාව් හැම තැනකම හෙව්වා.අනේ මගෙ රත්තරං දුවේ ඇයි මේ ඇඳුම්…………………”
මහීමා උදේ ඔෆිස් ඇඳන් ගියේ නිල් පාට අත් රහිත ඩෙනිම් ගව්මක්.නමුත් දැන් ඇය ඇඳන් ඉන්නෙ කොට ඩෙනිම් කලිසමකුත් බැනියමකුත් ය.අම්මාත් තාත්තාත් මහීමාගෙන් කෙතරම් ප්‍රශ්න ඇසුවත් ඇයට කතා කරගන්නවත් පුලුවන් කමක් තිබුනෙ නෑ.ඒ වෙනුවට ඇය නොනවත්වාම හඬමින් කඳුලු සලන්නට වූවා.සෙනේෂ් ඇය අසලින් වාඩි වෙලා ඇගේ හිස අත ගෑවා.
“මහීමා,කියන්න ඔයාට මොකද වුනේ? ඔයා ඔෆිස් ඇරිලා කොහෙද ගියේ?මේ ඔයාගෙ කම්මුල් ඉදිමිලා රතු වෙලා ඇඟිලි පාරවල් හිටලා.කව්ද ඔයාට මෙහෙම කරේ?……………………”
“කියන්න පුතේ ඔයාට මේ මොකද වුනේ?කව්ද ඔයාට මෙහෙම ගැහුවෙ?ඔෆිස් ඇරිලා ඔයා ඇයි ගෙදර නාවෙ?……………………..”
“මං…….ජීවත් වෙලා වැඩක් නෑ……….අම්මෙ.ඒ මිනිහා මාව…….. මාව……….විනාශ කරා……………….”😭😭
බොහොම අපහසුවෙන් ඇය වචන කිහිපයක් ගැට ගහ ගත්තා.අම්මා ඇයව වැලඳගෙන හඬ නගා හැඬුවා. පියාටත් සෙනේෂ්ටත් හිතා ගන්න බෑ මොනවද සිද්ද වුනේ කියලා.
“මගෙ රත්තරං පුතේ කියන්න,ඔයාට මේ අපරාදෙ කරේ කව්ද?ඔයා ඔෆිස් එකේ ඉඳන් ගෙදර එන්න පරක්කු වුනු නිසා අපි සෙනේෂ් පුතාට කෝල් කරලා ඇහුවෙ…………………..”
තිදෙනාම මහීමාගෙන් සිදු වූයේ කුමක්දැයි විමසුවා.නමුත් ඇය සිටියේ වචන වලට පෙරලගන්න බැරි තරම් වේදනාවකින්.ඇගේ ජීවිතය විනාශ වී හමාරයි.ඇය කෙසේද ඉදිරියට ජීවත් වෙන්නෙ?
“මං……මං ඔෆිස් එකේ ඉඳන් එනකොට වැස්සක් වැහැගෙන ආවා.කුඩයක් ගෙනාවෙ නැති නිසා බෑග් එකෙන් ඔලුව වහගෙන මං පාර පනිද්දි එකපාරටම වෑන් එකක් ඇවිත් පාර හරහා නැවැත්තුවා.ඒකෙ හිටපු මිනිස්සු දෙන්නෙක් මාව බලෙන්ම වෑන් එකට දාගෙන කොහේද මන්දා ගෙදරකට ගෙනිච්චා අම්මෙ.ඒ කාලකණ්ණි මිනිහා මාව……………………”😭😭
ඇය මහ හයියෙන්ම හඬාගෙනම අම්මාගේ පපුවට තුරුල් වුනා.
“මට කියන්න පුතේ කව්ද ඔයාට මේ අපරාදෙ කරේ?ඇයි ඔයා කතා නොකරන්නෙ?කව්ද ඒ මිනිහා?මං ඕකව ඉතුරු කරන්නෑ මේ කරපු දේට?…………………..”
මවත් පියාත් ඇගෙන් කෙතරම් විමසුවද ඇයට ඔහුගේ නම කියා ගන්නට තරම් ශක්තියක් තිබුනේ නැහැ.ඇය උන්නේ තවත් කඳුලු හලමින්.ඇගේ ජීවිතය අඳුරේ ගිලී අවසන්.
වසර පහකට පමණ පෙර ඇයව විනාශ කල පුද්ගලයාම නැවතත් ඇයව විනාශ වූයේ ජීවිතයේ අඳුරු බව නැවත නැවත ඇයට කියා දෙමින්.තමා ජීවතුන් අතර සිටියා දැන් ඇතියි කියා ඇයට සිතෙයි.
“ඇයි මහීමා ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?කව්ද ඔයාට මේක කරේ?කියන්න.ඇයි මැණික ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?ඌ ඔයාව බය කරාද?ඔයා කිසිම දේකට බය වෙන්න එපා.මං ඔයත් එක්ක හැමදාම ඉන්නවා. කියන්න කව්ද මේක කරේ?…………………..”
දෝතින්ම කඳුලු වලින්ම නැහැවුනු මගෙ කම්මුල් අල්ලාගෙන සෙනේෂ් එහෙම ඇහුවා.එයාගෙ මුහුණෙ තිබුනෙත් ලොකු අසරණ දුක්බර සේයාවක්.මං කොහොමද කියන්නෙ සෙනේෂ් ඒ අපරාධකාරයා ඔයාගෙ මල්ලි කියලා.ඔයා විශ්වාස කරනෙකක් නෑ ඔයාගෙම සහෝදරයා අතින් මගෙ ජීවිතේ දෙපාරෙම විනාශ වුනේ කියලා. මං මහා කාලකණ්ණි කෙල්ලෙක් සෙනේෂ්.😭😭
“කියන්න මහීමා.ඇයි ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?ඔයා කාටවත්ම බය වෙන්න එපා.ඔයත් එක්ක මං ඉන්නවා ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා.කව්ද ඒ මිනිහා?………………….”
“සුරේෂ්……ඔයාගෙ මල්ලි………………….”
“මොකක්?………………….”
සෙනේෂ්ට එය විශ්වාස කර නොහැකි විය.ඔහු ඇය අසලින් නැගිට ඇය දෙස බැලුවේ දෙනෙත් විසල් කරමිනි.සිය සහෝදරයා කියන දේ අහන්නැති මුරණ්ඩු අයෙක් බව ඔහු දනී.නමුත් ඇය තමාගේ බිරිඳ වන්නට සිටින මහීමාගේ ජීවිතයට මෙවන් අනතුරක් කරාවිද?
“මට බොරුවක් කියන්න උවමනාවක් නෑ සෙනේෂ්.මගෙ ජීවිතේ විනාශ කරේ ඔයාගෙ සහෝදරයා.ඌ මහා ජරා මිනිහෙක්.ඔයා මං කියන දේ විශ්වාස කරේ නෑ කියලා මං ඔයාට දොස් කියන්නෙ නෑ.සෙනේෂ්.
එදා ඔයා මාව ඔයාලගෙ ගෙදරට එක්කන් ගිය වෙලාවෙ මං අම්මට කිරි එකක් හදන්න කුස්සියට ගියා.එවලෙත් සුරේෂ් කුස්සියට ඇවිත් මට නරක කතා කිව්වා.මං බැරිම තැන එයාගෙ කම්මුලට ගහලා එතනින් පැන ගත්තෙ.
මේ ලඟදි දවසකත් ඌ මේ පාර ගාවට ඇවිත් මට ඒ විදියෙම නරක යෝජනාවල් කරා.මං ඉවසුවා සෙනේෂ්. මොනවා වුනත් ඒ ඔයාගෙ සහෝදරයා. මං හින්දා අයියයි මල්ලියි රණ්ඩු වෙනවට මං කැමති නෑ.ඉවසලා ඉවසලා බැරිම තැන මං හිමීට ඔයාට මේ දේවල් ගැන කියන්නයි හිතුවෙ.
ඒත් අද ඔයාගෙ මල්ලි මිනිස්සු කට්ටියක්ව දාලා මාව පැහැර ගත්තා.ඌ මට තිරිසනෙකුට වගේ ගැහුවෙ.මගෙ මුලු ඇඟම රිදෙනවා.මං සුරේෂ්ගෙ කකුල් දෙක අල්ලලා වැන්දා මේක කරන්න එපා කියලා.ඒත් ඌ දෙවනි පාරටත් මාව විනාශ කරා……………………”😭😭
සිදු වූ සෑම දෙයක්ම මං කඳුලු අතරින්ම පැවසුවේ ජීවිතයම එපා වී තිබෙද්දීයි. ඒත් මං කියපුවා සෙනේෂ් විශ්වාස කරාද කියලා මං දන්නෙ නෑ.මාව සෙනේෂ්ට මුණ ගැහිලා අවුරුද්දක් සම්පූර්ණ වෙලා නෑ.ඒත් අවුරුදු විසි අටක් තිස්සෙ තමන්ගෙ එක කුස උපන්න සහෝදරයව එයා මං හින්දා සැක කරනෙකක් නෑ කියලා මට හිතුණා.
“මොනවා ඔයාට මේක කරේ සෙනේෂ් පුතාගෙ මල්ලිද?………………….”😡
අප්පච්චී තරහින්ම පුටුවෙන් නැගිටලා මගෙන් එහෙම ඇහුවා.එයා හිටියෙ ගොඩාක් කේන්තියෙන්.අම්මා තාමත් මාව තුරුල් කරන් අඬනවා.මොන අම්මටද පුලුවන් තමන්ගෙ දුවගෙ ජීවිතේට මෙහෙම දෙයක් වුනාම සද්දෙ නැතුව ඉන්න.
“ඔව් අප්පච්චී…………………”😭
“සෙනේෂ් පුතා,අපි දෙන්නා කවදාවත් ඔයාගෙ මල්ලිව දැකලා නම් නෑ.ඒත් දැන් පේනවනෙ ඔයාගෙ මහ ලොකු සහෝදරයා මගෙ දුවට කරලා තියන දේ?
අපි දරුවො හැදුවෙ කොහෙවත් යන පාදඩ බල්ලන්ගෙ අවලංකම් සංසිඳුවන්න නෙවෙයි.කරුණාකරලා මගෙ දුවට සාදාරණයක් කරන්න. එහෙම නොවුනොත් මං ඌට යහතින් ඉන්න දෙන්නෙ නෑ…………………..”
සෙනේෂ් හිටියෙ බර කල්පනාවක. එයාට සුරේෂ් ගැන ලැජ්ජ ඇති.සෙනේෂ් කවදාවත්ම හිතන්න නැතුව ඇති සුරේෂ් මට මෙහෙම් දෙයක් කරයි කියලා.මං දන්නවා සෙනේෂ් මාව දැන් එයාගෙ ජීවිතෙන් ඈත් කරලා දායි.
එහෙම කරාට කමක් නෑ.මං වගේ අපිරිසිදු වෙච්චි ගෑණියෙකුට සෙනේෂ් වගේ බෝසත් ගතිගුණ තියන මිනිහෙක් ගාවට යන්න බෑ.මට බෑ සෙනේෂ්ට එච්චර ලොකු අසාදරණයක් කරන්න.අප්පච්චියි අම්මයි සුරේෂ්ට ගොඩාක් බැන්නා.ඒත් එකපාරටම කලබලෙන් වගේ සෙනේෂ් මං ගාවට ආවා.
“ඔයා……ඔයා දැන් කිව්වා නේද මහීමා සුරේෂ් දෙවෙනි පාරටත් ඔයාව විනාශ කරා කියලා.ඒ කියන්නෙ මීට කලිනුත් මල්ලිගෙ අතින් ඔයාට මෙහෙම දෙයක් වුනාද?…………………..”
“ඔව් සෙනේෂ්.ඒත් ඒ අද ඊයෙ වගේ ලඟක නෙවෙයි.මීට අවුරුදු පහකට කලින්.එතකොට මගෙ ඇස් දෙකම පේන්නෑ.මං අන්ධයි.එදා මාව ගැහැණියෙක් කරේ මගෙ හැම දෙයක්ම විනාශ කරේ ඒ කෙනා ඔයාගෙ මල්ලි සුරේෂ් කියලා මං අදයි දැන ගත්තෙ.ඔයාගෙ මල්ලිට මෙච්චරටම මාත් එක්ක තියන හතුරුකම මොකක්ද සෙනේෂ්?😭😭ඇයි එයා මට මෙහෙම කරේ?එදා මගෙ ඇස් නොපෙනුන නිසා මට එයාව හඳුනා ගන්න බැරි වුනා.ඒත් එයාම මාව අඳුර ගත්තා…………………….”
සෙනේෂ් කල්ප්නා කරන්නට වූයේ වසර පහකට කලින් අතීතය ගැන. එතකොට සුරේෂ්ගෙ වයස අවුරුදු විසි තුනයි.සෙනේෂ්ට අවුරුදු විසි පහයි.ඒ කාලෙ හදිස්සියෙම වගේ සුරේෂ් රට ගියා කියලා කිව්වෙ සුරේෂ්ගෙ හොඳම මිතුරෙක්.හරියටම අවුරුද්දකට.ඒත් සුරේෂ් හිරේ ගියා කියලා සෙනේෂ්වත් ඔහුගේ අම්මාවත් එකල ජීවතුන් අතර සිටි අප්පච්චීවත් දන්නෙ නෑ.
“එතකොට ඒත්…….මල්ලි අවුරුද්දකට ඇමරිකා ගියා කියලනෙ ගියා කියලනෙ කිව්වෙ.එයා හිරේ ගිය බවක් නම් අපි දන්නෙ නෑ……………………”
“ඌ රට ගියේ නෑ.අවුරුද්දකට හිරේ ගියා.ඒ නඩුවට කතා කරපු ලෝයර් මම.ඌව හිරේට යවන්න අසාදාරණේට කතා කරපු නිසා ඒ කාලකණ්ණියා මගෙ කෙල්ලව විනාශ කරා.එතකොට මහීමාට අවුරුදු දාසයයි……………………”
“අපි දැන් මොකද කරන්නෙ උදයන්ත? අනේ මගෙ අහිංසක දරුවා.මේ අවුරුදු විසිඑකට මොන තරම් දුක් ගින්දරක්ද ඉහිලුවෙ…………………..”😥😥
අම්මා තව තවත් කඳුලු හැලුවේ මහීමාගේ අනාගතය ගැන සිතමිනි.සිය දියණියගේ අනාගතය අඳුරු වේවිද?එසේ වුවහොත් ඇය නම් ජීවත් වෙන එකක් නෑ.
“වැරදිකාරයා ඉස්සරහම කතා කරලා මේ ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.ලෑස්ති වෙන්න අපි මේ දරුවගෙ ගෙදරට යමු. දැන් එලි වෙන්නත් කිට්ටුයිනෙ…………………”
මහීමාගේ පියාත් සෙනේෂුත් සාලෙට වී කතා බහ කරනා අතරතුර අම්මා මහීමාව කාමරේට එක්කන් ගිහින් ඇඳුම් මාරු කෙරෙව්වා.ඇයට ඇවිදගන්නවත් පණ නෑ.සිය දියණියගේ පපු පෙදෙසේ ඇති හැපුම් තුවාල පාරවල් දුටු රුවන්තීගේ නෙතට කඳුලු ඉනුවා.
*****************
පැය කිහිපයකට පසු ඔවුන් සිව් දෙනා සෙනේෂ්ගේ නිවසට පැමිණියා.ඒ වන විටත් වේලාව අලුයම හයයි තිහ වී තිබුනි.ගෙට ගොඩවූ සෙනේෂ් මෙහෙකාරිය වූ විමලාට අඬ ගසා සිය මවව පහලට එක්කන් එන්නැයි පැවසුවා.විනාඩි කිහිපයකට පසු මව රෝද පුටුවත් තල්ලු කරගෙන පහලට ආවේ කලබල මුහුණකින් යුතුවය.
“ඇයි පුතා මොකද මේ කට්ටියම කලබලෙන් වගේ?පුතා ඊයෙ රෑ කොහෙද ගිහිල්ලා හිටියෙ?…………………”
“අම්මෙ කෝ මල්ලි?………………..”
“මල්ලි පාන්දර ගෙදර ආවෙ මයෙ හිතේ.තාම නිදි ඇති?ඇයි පුතේ මොකද වුනේ?ඇයි මල්ලිව හොයන්නෙ කලබලෙන් වගේ?…………………”
“සුරේෂ්……සුරේෂ්……මේ දොර ඇරපන් යකෝ.මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කරුණාකරලා මේ දොර ඇරපන්……………………”😡😡
සෙනේෂ් කෝපයෙන්ම මහ හයියෙන් දොරට ගහන්නට වුනා.ඔහු මෙතරම් කේන්තියෙන් සිටිනවා මහීමා කිසි දිනෙක දැක නෑ.සෙනේෂ්ගේ කෝපය දුටු මහීමාද සිටියේ බියෙනි.
විනාඩි කිහිපයකින් සුරේෂ් සිටි කාමරයේ දොර ඇරුනා.ගත වූයේ තප්පර කිහිපයකි. සුරේෂ්ගේ ටීෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලා ඇදපු සෙනේෂ් ඔහුගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කරා. ඔහුගේ ඇඳුමෙන් ඇද පහරවල් කිහිපයක් එල්ල කල සෙනේෂ් ඔහුව මහීමාගේ දෙපා මුලට තල්ලු කරා.
“පාහර බල්ලා.උඹ මගෙ සහෝදරයා කියන්නත් ලැජ්ජයි යකෝ.මං හිතුවෙ නෑ තෝ මගෙ මහීමාට මෙහෙම කරයි කියලා.යකෝ මේකි මගෙ පණ.මට මේකි මගෙ ජීවිතේටත් වැඩිය වටිනවා. කතා කරපන් සුරේෂ් ඇයි උඹ මෙහෙම කරේ?…………………”
“ලොකු පුතා මොකද මෙතන වෙන්නෙ? ඇයි ඔයා මල්ලිට ගහන්නෙ?මොකක්ද එයා මහීමා දූට කරේ?………………….”
“අම්මේ මේ කාලකණ්ණියා මගෙ මහීමාව විනාශ කරලා අම්මෙ.මට මූව මැරුවත් මදි යකෝ.මං උඹට අද………………….”😡😡
සෙනේෂ්ව නවතන්නට කිසිවෙකුටත් හැකි වූයේ නෑ.ඔහු සිටියේ කෝපයෙන් වියරු වැටුනු රාක්ෂයෙකු සේය.ඔහු සුරේෂ්ට හොඳටම පහර දුන්නා.නමුත් සුරේෂ් සෙනේෂ්ට එක පහරක්වත් ගැහුවෙ නෑ.
“ඕක නවත්තන්න සෙනේෂ්.දැන් ඇති ඔය.මං හින්දා ඔයා රණ්ඩු වෙන්න එපා. මේක මගෙ කරුමෙ.එදා මගෙ ඇස් දෙකම පෙනුනෙ නෑ.ඊට පස්සෙ මං අමාරුවෙන් හරි හිත හදාගෙන ජීවත් වුනේ කවදාවත්ම කසාද බඳින්නෙ නෑ කියලා හිතලා.
ඒත් ඔයා මාව ඔයාගෙ ජීවිතේට තෝර ගත්තු වෙලාවෙ මං ගොඩාක් සතුටු වුනා මට ආපහු ජීවිතේ අලුති දකින්න පුලුවන් කියලා හිතලා. දුකින් පිරුනු මගෙ ජීවිතේට ඔයා ඇවිත් ඒ ජීවිතේ සතුටින්ම පිරෙව්වා සෙනේෂ්. ඔයාට ගොඩාක් පිං මාව සතුටින් තිබ්බට.ඒත් මට ආපහු හිත හදාගන්න බෑ සෙනේෂ්.ඔයා සතුටින් ඉන්න……………………..”😥😥
නැවත හමුවෙමු