මීදුම් වරුසා
“ලොකු බේබි……………..”
“ඇයි දයාවතී නැන්දෙ?මොකක් හරි හදිස්සියක්ද?………………”
“අපේ අක්කා ලියුමක් එවලා තියනවා. අම්මට දැන් හොඳටම අමාරුයිලු.මං ගිහින් බලලා එන්නම් බේබි……………..”
“අනේ ගොඩාක් අමාරුයිද නැන්දෙ?නැන්දා එහෙනම් අදම යන්න.මං සල්ලි දෙන්නම්.මෙහෙ ගැන හිතන්න එපා. නැන්දා ටික දවසක් එහෙ ඉඳලා එන්න……………….”
දයාවතී නැන්දට සල්ලි වගේකුයි එයාගෙ අම්මට ගෙනියන්න කිරි පිටි ටින් එකකුයි අරන් දුන්නා.උදේ දහයයි විස්සට තිබුනු කෝච්චියෙන් දයාවතී නැන්දා ගමට යන්න පිටත් වුනා.මගෙ නලලෙ තුවාලෙ තාම හටියකට සනීප නැති හින්දා මේ දවස් ටිකේම මට නාගන්න උදව් කරේ දයාවතී නැන්දා.
අද ඉඳන් තනියම නා ගන්නවා.වාහන සද්දයක් ඇහුනු නිසා මං බැල්කනියට ගිහින් බැලුවා කව්ද ආවෙ කියලා. විරේන් ඇවිත් හිටියෙ.එයාගෙ අතේ එළවළු මල්ලකුයි තව පාර්සල් දෙක තුනකුයි තිබුනා.අද දවල්ට කඩෙන් මොනවාහරි ගෙනත් කාලා රෑට මං උයනවා කියලා හිතා ගත්තා.
“දයාවතී ඇන්ටි ගියාද?…………….”
“ඔව් විරේන්.අම්මට ගොඩාක් අමාරුයිලු.මං කිව්වා ටික දවසක් ඉඳලාම එන්න කියලා…………….”
“කෝ එනවා තමුසෙගෙ නලලට බෙහෙත් දාන්න……………….”
“අනේ එපා විරේන් මං දාගන්නම්……………..”
“තමුසෙට ඔතන පේනවද බෙහෙත් දාන්න?පිස්සු නැතුව මෙන්න මෙහෙ එනවා ඕයි……………….”
මාව ඇදලා අරන් ඇඳෙන් වාඩි කරවපු විරේන් නලලෙ බැන්ඩේජ් එක ගැලෙව්වා.
“ආව්…….රිදෙනවා……………….”
“කෑ ගහන්න එපා යකෝ බොරුවට. තාම ප්ලාස්ටෙරේ ගැලෙව්වෙත් නෑ. අනිනවා ඔලුව හිල් වෙන්න එකක්. මොංගල් ගෑණි.හිටපන් ඔහොම දඟලන්නෙ නැතුව………………”
හිමින් හිමින් ප්ලාස්ටරෙත් ගලවපු විරේන් පුලුන් කෑල්ලක් අරගෙන ස්ර්ජිකල් පොඟවලා තුවාලෙ පිසදැම්මා.ඉන්න බෑ දැවිල්ලට නම්.මං විරේන්ගෙ අත් මිරිකලා අල්ල ගත්තා. ඇස් වලින් කඳුලුත් වැටෙනවා වේදනාවට.බෙහෙත් දාලා ඉවර වෙලා විරේන් ප්ලාස්ටර් පටි දෙකක් ඇලෙව්වා.
“තව දෙතුන් පාරක් විතර බෙහෙත් දැම්මම ඇති……………..”
“අද දවල්ට කඩෙන් මොනවා හරි ගෙනත් කමු.රෑට මං උයන්නම්……………..”
“හ්ම්ම්………………”
දවල්ට කඩෙන් බත් පාර්සල් දෙකක් ගෙනල්ලා කෑවා.තුවාලෙ තෙමෙන්නෙ නැති වෙන්න බාතෲම් එකට ගිහින් නා ගත්තා.
අවුරුද්දයි මාස දෙකකින් විතර මං අම්මව දැක්කෙ නෑ.මට ලොකු ආසාවක් ඇති වුනා අම්මව දකින්න.ඒත් මට ඒ ගැන විරේන්ට කියන්න බෑ.එයා මගෙ අම්මත් එක්ක ඉන්නෙ ලොකු තරහකින්.ඒ තරහ කවදාවත් නිවෙන එකක් නෑ.
“මොනවද කල්පනා කරන්නෙ දේවාන්ශි?තමුසෙ නෑවද පණ්ඩිතයා වගේ තනියම?……………..”
“මට පුලුවන් තනියම නාන්න……………..”
“මොන දේ වුනත් තවම තමුසෙගෙ ඔය මුරණ්ඩුකමයි ලොකු කමයි අතෑරගත්තෙ නෑ නේද?………………”
“මං මුරණ්ඩු නෑ.ඒ ඔයාට පේන හැටි………………”
“අපොයි ඔව්.මොකට කියනවද ඒ ගැන………………”
හවස හයට විතර තේ බීලා මං ටීවි දාගෙන බැලුවා.පස්සෙයි මතක් වුනේ අද දයාවතී නැන්දා ගෙදර නෑ කියලා. පත්තරේ පැත්තකින් දාලා මං කුස්සියට ගියා මොනවහරි උයන්න.කුස්සිය ළඟටම යනකොට බැදුම් සුවඳක් ආවා කුස්සියෙන්.හිමිහිට වගේ කුස්සියට ඔලුව දාලා බලද්දියි මට පෙනුනේ විරේන් කෑම උයනවා.
මාර සුවඳක් එන්නෙ විරේන් උයපු කෑම වල.මටවත් බෑ මෙහෙම සුවඳ එන්න කෑම උයන්න. මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුනා.මං කාමරේ සැපට ටීවි බලද්දී විරේන් උයනවා.මං හිමිහිට කුස්සියට ගියා.අද නම් විරේන් මට බැන්නත් මං ඉවසන්න ඕනි.මගෙ අතේනෙ වැරැද්ද.
“දේවාන්ශි,අද මං කෑම ඉව්වෙ. බලන්නකො ඔයාගෙ මහත්තයගෙ කෑම රසයිද කියලා.බතුයි,කරවල බැදුමයි,ගොටුකොළ මැල්ලුමයි, අන්නාසි මාළුවයි,පොල් සම්බෝලෙයි. හොඳයිද බලන්නකො…………………”
“සොරි විරේන්.මට අමතක වුනා අද දයාවතී නැන්දා ගෙදර නෑ කියලා. මතක් වෙච්චි වෙලාවෙයි මං ආවෙ උයන්න……………….”
“තමුසෙ උයන්න ඕන්නෑ තාම සනීප නෑනෙ තුවාලෙ.එනවා කෑම කන්න……………….”
මමයි විරේනුයි කෑම මේසෙන් වාඩි වුනා.බලමුකො මෙයාගෙ කෑම කොහොමද කියලා.එහෙම හිතපු මම බත් කටක් අනලා කෑවා.
“කොහොමද හබීගෙ කෑම රසයිද?ඔන්න හැමදාම නම් මට චෙෆ් වැඩේ කරන්න බෑ දේවාන්ශි.තමුසෙගෙ තුවාලෙ හොඳ වෙනකල් විතරයි ඔන්න…………….”
එයා එහෙම කිව්වෙ හිනා වෙලාමයි. ඇත්තටම කියන්න වචන නෑ විරේන්ගෙ කෑම නම් සුපිරි.දයාවතී නැන්දාටවත් මෙහෙම රසට උයන්න බෑ.අන්නාසි මාළුව නම් පට්ට රහයි. හොඳි චුට්ටක් ගෑවුනත් බත් පිඟානක් වුනත් කන්න පුලුවන්.කරවල බැදුමත් මාර රසයි.
“ඇත්තමයි විරේන් ඔයාගෙ කෑම නම් මරු.දයාවතී නැන්දාටවත් මේ වගේ රසට උයන්න බෑ.හොඳි ටිකක් ගෑවුනත් ඇති බත් කන්න.මෙච්චර රහට උයන්න ඉගන ගත්තෙ කොහෙන්ද?……………..”
“අම්මගෙන් තමයි ඉතින් උයන්න ඉගන ගත්තෙ.පව්ලෙ කොල්ලටත් කෙල්ලටත් හිටියෙ මම විතරයිනෙ.අම්මා උයද්දි මං බලාගෙන හිටියා.අපේ අම්මට රසට කෑම උයන්න පුලුවන්………………”
“අම්මගෙ අත් ගුණේ තමයි පුතාට ඇවිත් තියෙන්නෙ.මං හිතුවෙ ඔයා කුකරි ක්ලාස් ගිහින් උයන්න ඉගන ගෙන තියෙන්නෙ කියලා……………..”
“කුකරි ක්ලාස් ගානෙ ගිහින් උයන්න ඉගන ගන්න මට පිස්සුයැ බන්.මගෙ ගෑණි මට උයලා දෙනවනෙ කන්න…………………”
එයා එහෙම කිව්වෙ බත් කටක් කටේ දාගෙන මං දිහා ඇස් කොනකින් බලන ගමන්.මං නිහඬව අහක බලාගෙන කෑම කෑවා.වෙනදා වගේ නෙමෙයි.අද නම් දෙපාරක්ම කෑම කෑවා.දැන් නම් ඉස්මුරුත්තාවට වගේ.කාලා බීලා පිඟාන් කෝප්ප හෝදලා වලන් ටිකත් හෝදලා කාමරේට ආවා.
දැන් නම් මගෙ නලලෙ තුවාලෙ සනීපයි.හෙට පෝය දවස නිසා විරේන් කිව්වා කැළණි යමු කියලා.ගොඩ දවසකින් පන්සලකටවත් ගියෙ නැති නිසා පාන්දරම අපි කැලැණියට එන්න පිටත් වුනා.
ලා නිල් පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්චි දිග සායකුයි,සුදු පාට බ්ලව්ස් එකකුයි මං ඇන්දෙ.විරේන් ඇන්දෙ නිල් පාට ඩෙනිම් කලිසමයි සුදු පාට අත් දිග ටී ෂර්ට් එකයි.ඒකට එයා ගොඩාක් ලස්සනයි.නෙලුම් මලුයි,ඕලු මලුයි මානෙල් මලුයි ලොකු මිටි කිහිපයක්ම විරේන් මට අරන් දුන්නා. පෝය දවසක් නිසා කැළණි විහාර පුද බිමේ සැදැහැවතුන් පිරිලා හිටියා.
අපි මල් පූජා කරලා බුදුන් වැඳලා,පහන් පත්තු කරා.බුදුන්ට මල් පූජා කරලා විරේන් ටිකක් වෙලා වැඳගෙන හිටියා. මොනවද දන්නෑ මෙයා ප්‍රාර්ථනා කරන්නෙ.අහන්නත් හිතයි.එක්කො බෑ.මට මොකද එයා මොනවා ප්‍රාර්ථනා කරත්.
බෝ මලුවෙ ටිකක් වෙලා ඇවිදපු අපි දෙන්නා පඩිපෙළ බැහැලා පල්ලෙහාට ආවා.වතුර මල ගාව බැම්ම ගාවට වෙලා අපි දෙන්නා ටිකක් වෙලා හිටියා. මං ගාවට ලං වෙලා විරේන් සෙල්ෆි චායාරූප කිහිපයක් ගත්තා.
“දේවාන්ශි තමුසෙට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නද?………………”
අයිස්ක්‍රීම් එකක් කන්න නම් මටත් ආස හිතුණා.ඉතින් මං හා කියලා කිව්වා. විරේන් අයිස්ක්‍රීම් ලොරිය ගාවට ගියා. එයා අයිස්ක්‍රීම් ගන්න අතරෙ මං නිකමට මගේ වටපිට බලදි මගෙ ඇස් වලට දැක්කෙ කැළණි විහාරයේ පඩිපෙළ බැහැලා සෙනඟ අතරෙ එන රොෂාන්ව.
රොෂාන් විතරක් නෙවෙයි එයා ගාව ඒ වයසෙම විතර ගෑණු කෙනෙක් හිටියා.රොෂාන්ගෙ අත් අල්ලගෙන අවුරුදු පහක හයක විතර පිරිමි ළමයෙකුත් හිටියා.ඒ ගෑණු කෙනාගෙ අතේ අවුරුදු තුනක විතර ගෑණු ළමේකුත් හිටියා.මගෙ පපුවට මොකක්ද මන්දා වුනා වගේ දැනුනා. දෙයියනේ විරේන් කියපු කතාව ඇත්තක්ද?ඇත්තටම රොෂාන් කසාද බැඳපු කෙනෙක්ද?එහෙනම් ඇයි රොෂාන් මට බොරු කරේ?
“ආ චොක්ලට් අයිස් අරන් ආවෙ…………….”
විරේන් චොක්ලට් අයිස් එකක් දේවාන්ශි දෙසට දිගු කරා.ඒත් ඇයට ඒක ඇහුනෙ නෑ.දේවාන්ශි තවමත් ඉන්නෙ ගල් ගැහිලා වගේ රොෂාන් දිහා බලාගෙන.රොෂාන්ලාව විරේන් දැක්කෙ නෑ.විරේන් කිහිප සැරයක් කතා කරත් දෙවාන්ශිට ඇහුනෙ නෑ.විරේන් දේවාන්ශිගෙ ඇඟට තට්ටු කරනකොට ගැස්සිලා වගේ දේවාන්ශි විරේන් දිහා බැලුවා.
“තමුසෙ කොයි ලෝකෙද හිටියෙ?කොහෙද ගල් ගැහිලා වගේ බලාගෙන හිටියෙ?……………..”
එහෙම කියලා විරේන් දේවාන්ශි අතට චොක්ලට් අයිස්ක්‍රීම් එක දුන්නා.අයිස් කෝන් එකත් අතට අරන් දේවාන්ශි රොෂාන්ලා ඉන්න දිහා බැලුවා. උවමනාවෙන්ම විරේන් දේවාන්ශිගෙ නෙත් යොමු වී තිබෙන දිහා බැලුවා. එතකොටයි විරේන් දැක්කෙ රොෂාන්වයි එයාගෙ වයිෆුයි ළමයි දෙන්නයි.
ඕකට තමයි කියන්නෙ දෙන දෙයියො එලව එලව දෙනවා කියලා.දැන්වත් මේ එළදෙන මුගෙ ඇත්ත ත්ත්වෙ තේරුම් ගත්තොත් ලොකු දෙයක්.මුගෙ ඇත්ත දේවාන්ශිට ඔප්පු කරන්න මට වෙන දෙයක් කරන්න ඕන්නෑ.මේ දැන් ඇස් ඉදිරිපිටම ඔප්පු වෙලා තියෙන්නෙ.
“පේනවා නේද තමුසෙගෙ මහ ලොකු ආදරවන්තයගෙ තරම.දැන්වත් තේරුම් ගනින් එළදෙන ඌ බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්න මිනිහෙක්.කසාද බැඳලත් මට තමුසෙගෙ අයිතිය නොදී මෙච්චර දවසක් හිටියෙ මූ වෙනුවෙන්නෙ.බලනවා තමුසෙගෙ ඇස් දෙකෙන්ම මං කියපු දේවල් ඇත්ත නේද කියලා……………..”
විරෙන් එහෙම කියලා දේවාන්ශිට බනිද්දි දේවාන්ශි හැදුවෙ රොෂාන් ඉන්න පැත්තට යන්න.ඒත් විරේන් දේවාන්ශිගෙ අතින් අල්ල ගත්තා.
“තමුසෙ ඔය හදන්නෙ එතෙන්ට ගිහිල්ලා ඌට බැනලා ඒ පව්ල කඩලා දාන්නද?පව්කාර වැඩ කරන්න හදන්න එපා දේවාන්ශි.මේක පන්සල……………….”
“නැහැ විරේන්.මට රොෂාන්ට බනින්න ඕන්නෑ.ඒ පව්ල කඩන්න මට උවමනාවක් නෑ………………..”
“එහෙනම් එනවකො යන්න……………..”
විරේන් මගෙ අතිනුත් අල්ලගෙන රොෂාන්ලා ඉන්න පැත්තට ගියා. රොෂාන්ගෙ වයිෆ් පුතාවත් එක්කරගෙන ගඟ අයිනට ගිහින් හිටියෙ.රොෂාන් දුවට වඩේ කවනවා.
“ආ මිස්ටර් රොෂාන් කොහොමද ඉතින්?……………….”
එහෙම අහගෙන විරේන් රොෂාන් ගාවට ගියා.මාව දැකලා රොෂන් ගැස්සුනා.ඒ ඇස් වල තිබුනෙ බියක්ද ලැජ්ජාවක්ද කියලා තේරුම් ගන්න අමාරු වුනා.
“මේ කව්ද තාත්ති?……………….”
ඒ දුව අපිව පෙන්නලා රොෂාන්ගෙන් එහෙම ඇහුවා.ඒත් රොෂාන් කතා කරේ නෑ.
“පන්සල්…..ආවද…..දෙන්නා?………………
කැඩුනු හඬින් රොෂාන් එහෙම ඇහුවා.
“නෑ අපි මේ දේවාලෙට ආවා පොල් ගෙඩියක් ගහන්න………………..”
“කාටද?මට වෙන්නැති……………….”😆
කට කොනකින් හිනා වෙලා රොෂාන් එහෙම ඇහුවා.මාව රවට්ටපු එකට මට රොෂාන් ගැන දැනුනෙ කේන්තියක්.
“වෙන්න පුලුවන්………………”
“දේවාන්ශි අපි යමු……………..”
“පොඩ්ඩක් ඉන්නකො විරේන්.මට කියන්න රොෂාන් ඇයි ඔයා මාව රැවැට්ටුවෙ?………………..”😥😥
“දෝණි මෙතනින් වාඩි වෙන්නකො………………”
රොෂාන් කෙල්ලව බැම්ම උඩින් වාඩි කෙරෙව්වා.
“වෙච්චි දේට මට සමාවෙන්න දේවාන්ශි.සයුරියි මගෙයි අතර ගොඩාක් ප්‍රශ්න තිබුනා.අපි දෙන්නා ඩිවෝස් වෙන්නයි හිටියෙ.ඒත් දරුවො දෙන්නා ගැන හිතලා අපි ආපහු එකතු වුනා.මට ඕනි වුනේ සයුරිගෙන් නොලැබුනු ආදරේ ඔයාගෙන් ලබා ගන්න………………..”
“ගොරවන අකුණු ගහන වෙලාවට එළියට යන්න එපා තමුසෙ.පරිස්සමින් ඉන්නවා.අපි යමු විරේන්………………..”
මායි විරේනුයි ඇවිත් කාරෙකට නැග්ගා.මං අත් දෙකෙන්ම මූණ වහගෙන ඇඬුවා.මං හිතුවෙ නෑ රොෂාන් මට මෙහෙම කරයි කියලා. දෙයියනේ මං රොෂාන්ව මොන තරම් විශ්වාස කරාද?😭😭
“දැන් අඬන්නැතුව ඉන්නවා දේවාන්ශි. තමුසෙ ඇඬුවා කියලා ඌ දුක් වෙන්නෑනෙ.උගෙ ඇත්ත තත්වෙ තමුසෙ දැන් දන්නවනෙ……………….”
“ඔයාට ගොඩාක් සතුටු ඇතිනෙ දැන්. නේද විරේන්?මට වැරදුනු එක විතරයි වුනේ.මං රොෂාන්ව මොන තරම් විශ්වාස කරාද?……………….”
“තමුසෙට රොෂාන්ගෙ අතින් මොකුත් වුනාද?බය නැතුව කියනවා.එහෙම දෙයක් වුනා කියලා මං තමුසෙව දාලා යන්නෑ.තමුසෙ උගෙ මත්තෙම නැහෙන්නෙ ඇයි මෙහෙම?……………..”
“ඔයාට පිස්සුද විරේන්?මාව රවට්ටලා එහෙම දෙයක් වෙලා තිබ්බා නම් මං ඌව මරාගෙන මැරෙනවා.මං ආදරේ කරේ සීමාවක ඉඳන්………………”
“දැන් ඌව අමතක කරලා දානවා දේවාන්ශි………………”
ගෙදරට ආවත් කොහේ ගියත් මොනවා කරත් මගෙ හිතේ තිබුනෙම රොෂාන් මාව රැවැට්ටුවා කියන සිතුවිල්ලමයි. එක අතකින් මං මෙහෙම දුක් වෙන්නෙ ඇයි?
මං රොෂාන් ගැන මතක් කර කර හූල්ල හූල්ල ඇඬුවා කියලා රොෂාන් දුක් වෙන්නෑනෙ.එයා නෝනයි දරුවො දෙන්නයි එක්ක සතුටින් ඉන්නවා ඇති.
එහෙම හිතලා මං හිත හදා ගත්තා.
දේවාන්ශි රොෂාන්ගෙ ඇත්ත දැන ගත්තට පස්සෙ වෙනස් වෙයි කියලයි විරේන් හිතුවෙ.ඒත් දේවාන්ශි වෙනස් වුනේ නෑ.ඇය විරේන් දෙස ආදරෙන් බැලුවෙ නෑ.විරේට ඇයට ලං වෙන්න උත්සහ කරත් ඇය ඔහුව මැගෑරියා. වෙනදා වගේමයි කිසිම වෙනසක් වුනේ නෑ.
“මං හොටෙල් එකට ගිහින් එන්න යනවා දේවාන්ශි.තමුසෙ දවල්ට උයන්න එපා.මං කෑම අරන් එන්නම්……………….”
“හා විරේන්……………….”
විරේන් හොටෙල් එකට ගියාට පස්සෙ මං කාමරේ අස් කරලා අතු ගාලා දැම්මා.කුස්සියට ගිහිල්ලා තේ එකක් හදාගෙන බීලා කාමරේට ඇවිත් හෝදන්න තියන ඇඳුම් ටික වොශින් මැෂින් එකට දැම්මා.බැල්කනියට ඇවිත් අරමුණකින් තොරව ඈත් මීදුම් නිම්නය දිහා බලාගෙන හිටියා.
මීදුම් ගලන් සීතල කඳු යායෙන් හමා ආ සිහිල් පවන් රැල්ලක් ඇගේ ගත වෙලාගනු ලැබුවා.දෙව්ර හකුලුවා ගත් දේවාන්ශි කාමරේට ඇවිත් විරේන්ගේ ෆොටෝ එක අතට ගත්තා.
තමාට ඇත්තටම ආදරේ කර ඇත්තේ රොෂාන් නොව විරේන් බව පළමු වරට ඇයගේ හදවතට දැනුනා.ෆොටෝ එක පපුවට තුරුල් කර ගත් ඇය ඇඳ මතට වැටුනා.
විරේන් මගේ ආදරේ ලබා ගන්න මොන තරම් කැප කිරීම් කරාද?මං එයාට කොයි තරම් රිද්දුවද?මං එයාට ගොඩාක් වද දුන්නා.එයාගෙ හිත නොසෑහෙන්න රිද්දුවා.අවුරුදු එකහමාරක් තිස්සෙ එයා ඉවසපු ඉවසීම මටවත් ඉවසන්න බෑ.වෙන කෙනෙක් එහෙම මෙලහකටත් මාව ඩිවෝස් කරලා.
මගෙ හැම වැරැද්දක්ම දරාගෙන මං කරපු හැම දෙයක්ම දරාගෙන විරේන් මාව බලා ගත්තා.මට මෙච්චර ආදරේ කරපු මනුස්සයට නේද දෙයියනේ මං අර ජරා මිනිහා හින්දා දුක් දුන්නෙ?මගෙ හිත මටවත් සමාවක් දුන්නෙ නෑ.පිස්සුවෙන් වගේ විරේන්ගෙ ෆොටෝ එක ඉඹගෙන ඉඹගෙන ගියා.
ආදරෙයි කියන්න හිත හදා ගන්න බෑ විරේන්.මං ඔයාට දීපු ගින්දර මගෙ පපුව ඇතුලෙ පත්තු වෙනවා.ඒක ලේසියෙන් නිවෙන්නෙ නෑ.ඔයා මට මෙච්චර ආදරේ කරලත් මට ඔයාව තේරුම් ගන්නම බැරුව ගියානෙ.
විරේන්ගෙ කාරෙකේ සද්දෙ පල්ලෙහායින් ඇහුනා.ෆොටෝ එක ස්ටූල් එක උඩුන් තියලා මං ඇස් දෙකේ කඳුලු පිහදාගත්තා.විරේන් කාමරේට ආවෙ කෑම පාර්සල් දෙකකුත් අරන්.
“දේවාන්ශි මං වොශ් එකක් දාගෙන එන්නම්.කෑම බෙදලා තියන්නකො. බඩගිනියි ගොඩාක්………………”
කෑම ටික කුස්සියට අරන් ඇවිල්ලා පිඟානට බෙදුවා.විරේනුත් ආවට පස්සෙ දෙන්නත් එක්කම කෑම කෑවා.
“මං ලබන සතියෙ කොළඹ යනවා. එන්න සති දෙකක් විතර යයි.තමුසෙට පුලුවන්නෙ තනියම ඉන්න……………..”
“මට පුලුවන් විරේන්…………….”
වෙනදා වගේ නිදා ගනිද්දී විරේන් මාව තුරුල් කරගත්තෙ නෑ.ඇඳේ අනික් පැත්තට හැරිලා එයා නිදා ගත්තෙ. මගෙ හිත දුකින් පිරිලා ගියා විරේන් අනික් පැත්තට හැරිලා නිදාගෙන ඉද්දී. වෙනදා වගේ විරේන්ගේ උණුසුමට මගෙ හිත ආයාචනා කරා.මට ගොඩාක් වෙලා යනකල් නින්ද ගියේ නෑ.
සතියකට පස්සෙ විරේන් කොළඹ ගියා. පළවෙනි පාරට විරේන් නැතුව මං හිටියෙ ගොඩාක් පාලුවෙන්.ගොඩාක් දුකින්.මගෙ හිත පිස්සු වැටිලයි තිබ්බෙ විරේන් නැතුව.සති දෙකක් කොහොම ඉවසන්නද?
කෝල් එකක් දෙන්නවත් බෑ.මෙච්චර කාලයක් තිස්සෙ මං විරේන්ට දීපු දුක් ගින්දර හැටියට මට එයාට කෝල් කරන්න හිත හදාගන්න බෑ.ඒත් විරේන්වත් මට කෝල් කරේ නෑ.වෙනදා නම් එයා දවස දෙක ඉන්න ගමනක් ගියොත් දහ වතාවක් විතර කෝල් කරනවා.බැරිම තැන මං අල්මාරිය ඇරලා විරේන්ගෙ ටී ෂර්ට් එකක් අරන් ඇඳ ගත්තා.
එයා ලඟ හිටියෙ නැතත් මේ ටී ෂර්ට් එකේ රැඳිලා තියන විරේන්ගෙ සුවඳ විරේන් ආපහු එනකල් මට ඇති කියලා හිතුණා.
ඒත් දේවාන්ශි දන්නෑ විරේන් කොළඹ ගියේ ඩිවෝස් එක ගැන කතා කරගන්න කියලා.සුරංගයි හර්ෂයි හැදුවෙම මේ ඩිවෝස් එක නවත්තන්න.
“බෑ මචං.මං දේවාන්ශිට එයාගෙ ජීවිතේට යන්න නිදහස දෙනවා.අවුරුදු එකහමාරක් තිස්සෙ එයා මාත් එක්ක ජීවත් වුනේ කැමැත්තකින් නෙවෙයි. මට බෑ බං ඒකිට තවත් දුක් ගින්දර දෙන්න.එයා සතුටින් හිටපුවාවෙ.මං හින්දා දේවාන්ශි තවත් දුක් විඳින්න ඕන්නෑ………………..”
“මේ අහපන් විරේන්.උඹට තේරෙන්නෙ නෑ බන්.රොෂාන් ගැන ඇත්ත දේවාන්ශි දැන ගත්තට පස්සෙ කෙලින්ම උඹට ආදරෙයි කියන්නෑනෙ බන්.සමහර විට ඒකිට උඹට මුහුණ දෙන්න බැරුව ඇති. මං කියන්නෙ තව එක පාරක් එකම එක පාරක් උඹ දේවාන්ශි ගාවට පලයන්.අවුරුදු එකහමාරක් ඉවසපු උඹට මේ ටික ඉවසන්න බැරි කමක් නෑනෙ.
සති දෙකක් ඉන්නැතුව උඹ හෙටම පලයන් නුවරඑළියෙ.ගිහින් මේ ගැන දේවාන්ශිත් එක්ක හිමීට කතා කරපන්.ඩිවෝස් පේපර් පෙන්නන්න එපා.ඒකි ඩිවෝස් එකට කැමතියි කියලා කිව්වොත් උඹ පේපර් දීපන්………………..”
නැවත හමුවෙන තුරු විරාමයක්