ඇගේ කුසෙන් මදක් පහලින් දකුණු පැත්තට වන්නට ඇති උපන් ලපය දුටු සුරේෂ්ගෙ මුහුණ අමුතු වුනා.ඔහුගේ සිතට වසර වසර පහකට පමණ පෙර සිදු වූ සිදුවීමක් මතකයට නැගුණා.ඔහු කල්පනා කරේ ඒ ගැනයි.

එදා ඒ කෙල්ලගෙත් මේ විදියටම මෙතනම ඒ ලපයක් තිබුනා.මේකිගෙත් කොහොමද එතනම ඒ විදියටම ලපයක් තියෙන්නෙ?🤔🤔

“මේ…..තමුසෙගෙ නම මොකක්ද?…………………….”

“මහීමා……………………”😭

ඇය හඬමින්ම පිළිතුරු දුන්නා.

“මං ඇහුවෙ සම්පූර්ණ නම………………..”

“ඒක මොකටද තමුසෙට?…………………..”

“මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියපන් උඹේ සම්පූර්ණ නම…………………..”😡

“මහීමා……නිම්නාදිනී…….ෆර්ණෑන්ඩු…………………”😭

ඇය හඬමින් ඔහුට සිය සම්පූර්ණ නම පැවසුවා.ඒ නම ඇසූ ඔහුගේ කුතුහලය තවත් වැඩි වුනා.ඇඳ වියලට හේත්තු වෙලා ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේ මේ ඇයමද කියලා.

ෆර්ණෑන්ඩු කියන්නෙ මේකි ලෝයර් උදයන්ත ෆර්නෑන්ඩුගෙ දුවද?නෑ ඒක වෙන්න බෑනෙ.ඒ කෙල්ලගෙ ඇස් දෙකම පේන්නෑනෙ.අනික මට තාම ඒකිගෙ මුහුණ හොඳට මතකයි.ඒ මුහුණයි මේ මුහුණයි සෑහෙන වෙනස්නෙ.සමහර විට මේකි ඒ කෙල්ලගෙ අක්කෙක් හරි නංගියෙක් හරි වෙන්න ඇතිද?

“තමුසෙ ලෝයර් උදයන්ත ෆර්නෑන්ඩුගෙ දුවද?………………..”

“ඔව්……………….”

“තමුසෙට අක්කලා නංගිලා ඉන්නවද?…………………”

“ඇයි අහන්නෙ?හිටියා නම් ඒ අයටත් උඹේ අවලංකම් පෙන්නන්නද?…………………”😭😠

“කට වහපන් යකෝ.මං අහපු දේට උත්තර දීපන්.උඹට අක්කලා නංගිලා ඉන්නවද?…………………….”😡

“නැහැ……………………..”

“මං අහන දේට හරියට උත්තර දීපන්. උඹේ පිරිසිදුකම නැති වුනේ කොහොමද?කාගෙ අතින්ද උඹ ගෑනියෙක් වුනේ?…………………”

“මට බෑ.මං තමුසෙ අහන දේවල් වලට උත්තර දෙන්න ලෑස්ති නෑ.උඹට ඕනි දේ සිද්ද වුනානෙ.දැන්වත් මාව ගෙදර ගිහින් දාපන් සුරේෂ්………………….”😭😭

ඇය මහ හයියෙන් හඬා වැටෙමින් ඔහු ඉදිරියේ බැගෑපත් වුනා.නමුත් ඔහු සිටියේ දැවෙන කෝපයෙන්.සයනයෙන් නැගිටගත් ඔහු කබඩ් එක ඇර එහි ඇති පිස්තෝලයක් අතට ගත්තා.එය ඇයගේ හිසට තබා ඔහුගේ හඬ අවදි කරා.

“තොගෙ ඔලුව කුඩු වෙන්න තියන්න කලින් මං අහපු දේට උත්තර දීපන්. කාගෙ අතින්ද උඹ ගෑණියෙක් වුනේ?…………………..”😡

“ම…..මං දන්නෙ නෑ……………………”😭

“දන්නෑ කියන්නෙ?ඇයි උඹේ ඇස් පෙනුනෙ නැද්ද එතකොට?………………….”

“ඔව්.මගෙ ඇස් දෙකම ඒ කාලෙ පෙනුනෙ නෑ.මං එතකොට අන්ධයි.ඒ කාලකණි මිනිහා හිතක් පපුවක් නැති විදියට මගෙ ජීවිතේ විනාශ කරා.ඌත් උඹ වගේ තිරිසනෙක්……………………”😭

දැන් ඔහුට විශ්වාසයි මේ ඇයම බව. ඒත් ඔහුගේ සිතේ එක් ප්‍රශ්නයක් ඇත. එය ඔහු ඇගෙන් ඇසුවේය.

“මේ පින්තූරෙ ඉන්නෙ තමුසෙද එතකොට?………………….”

මීට වසර පහකට පමණ පෙර ඒ අඳුරු රාත්‍රිය දා ඔහු ජංගම දුරකථනයෙන් ලබා ගත් ඇගේ චායාරූපයක් පෙන්නුවා.

“ඔව්.මං තමයි.ඒත් තමුසෙට කොහෙන්ද මේ පින්තූරෙ?………………….”

“මට කියනවා මේ පින්තූරෙ ඉන්නෙ තමුසෙ නම් මේ මුහුණු වෙනස් වුනේ කොහොමද?මට බොරු නොකර ඇත්ත කියපන්………………….”😡

ඇයගේ මුහුණට සිදු කල ප්ලාස්ටික් සැත්කම ඇය කඳුලු අතරින්ම සුරේෂ්ට පැවසුවා.එය අසා සිටි ඔහු පිස්තෝලය කබඩ් එකට දමා නැවතත් පැමිණ ඇඳ වියලට හේත්තු වුනා.දැන් ඔහුට සියලු සැකයන් හැර විශ්වාසයි මේ සිටින්නේ මීට වසර පහකට පෙර තමා අතින් අනාථ වූ ලෝයර් උදයන්තගේ දියණිය බව.නමුත් ඔහුගේ සිතට කිසිඳු පසුතැවීමක්වත් දුකක්වත් ඇති වුනේ නෑ.සත්‍ය ඇයට පැවසිය යුතු යැයි ඔහිට සිතුණා.

“තමුසෙ මොකද ඔය අඬන්නෙ?……………..”

“අඬන්නෙ නැතුව උඹ කියන්නෙ මට හිනා වෙන්න කියලද?තමුසෙ මගෙ ජීවිතේ විනාශ කරා.මං සෙනේෂ් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න මොන තරම් හීන දැක්කද.තමුසෙ ඒ හැම හීනයක්ම විනාශ කරලා දැම්මා.උඹට නම් හොඳක් සිද්ද වෙන්නෙ නෑ සුරේෂ්. මට කරපු අපරාධෙට උඹට දඬුවම් ලැබෙන්නම ඕනි…………………..”😡😭

ඇගේ ඒ විලාපයන් හමුවේ ඔහු හඬ නගමින් සිනා සුනා.ඒක මහාම මහා වලං සිනාවක් කියලා ඇයට සිතුණා. එක් වරක් අඳුරු වූ ඇගේ ජීවිතේට ආලෝකය රැගෙන ආවෙ සෙනේෂ්.ඔහු කෙතරම් උතුම් අවංක හදවතක් තියන කෙනෙක්ද කියනවා නම් ඇයගේ ජීවිතයට ආලෝකයක් වන්නට දෙවරක් සිතුවේ නෑ.ඔහු ආදරේ කරේ ඇගේ හදවතට මිසක් රූපයටවත් මංගල රාත්‍රිය දා සොයන පිරිසිදු කමටවත් නෙවෙයි.එක වරක් සිදු වූ ඒ වරද අමතක කර ඔහු ඇයත් සමඟ නව දිවියකට එලඹෙන්න සූදානම් වුනා.නමුත් මේ නරුම පාපතරයා ඒ සියලු සිහිනයක්ම සුනු විසුනු කර දැමුවා.දැන් ඇයට ජීවිතයක් නැත.

“තමුසෙට කොහොමත් දැන් සෙනේෂ් ගාවට යන්න බෑනෙ.මේ පාර නම් අයියා තමුසෙව බාර ගන්නෙ නෑ.තමුසෙ එනවා මං ගාවට………………….”

“උඹ මාව මැරුවත් මං උඹ ගාවට නම් එන්නෙ නෑ.උඹ වගේ තිරිසනෙක් ලඟට එනවට වැඩිය හොඳයි ජීවිතේ නැති කරගන්නවා.උඹ නම් මනුසයෙක් නෙවෙයි තිරිසනෙක්…………………”😭😭

“වහපිය කට පරට්ට බැල්ලි.මෙච්චර දෙයක් වෙලත් උඹේ ඔය කට අඩු කරගන්න බැරි වුනාද තාම?………………….”😡😡

අත දිග හැර ඇගේ කම්මුලට පහරක් ගැසූ ඔහු ඇගේ කෙස් වැටියෙන් තද කරලා අල්ලා ගත්තා.දැන් නම් ඇය ඔහුගෙන් ගුටි කා හෙම්බත් වී ඇත. ඇඟට කිසිම පණක් නැත.කම්මුල් පාරවල් නිසා මුහුණ රත් පැහැ ගැන්වී වී ඉදිමී ඇත.මීට වඩා සැපයි මිය යනවා නම් කියා ඇයට සිය දහස් වතාවක් සිතුණි.

“මාව මරලා දාපන් සුරේෂ්.මෙහෙම මැරි මැරී විඳවනවාට වඩා හොඳයි මැරිලා යන එක…………………….”😭😭

ඇය කෑ ගසා හඬා වැටුනි.ඇයට ජීවත් වීම පවා එපා වී තිබුණි.

“ඉතින් තමුසෙට එදා රෑම මැරෙන්න තිබුනනෙ…………………..”

“මාව ගෙදර ගිහින් දාපන් සුරේෂ්.මට ගෙදර යන්න ඕනි…………………..”😭😭

“තමුසෙ ගෙදර ගියා කියලා මොනවා කරන්නද?දැන් කොහොමටවත් සෙනේෂ් තමුසෙව බාර ගන්නෙ නෑ. තමුසෙ ජීවත් වෙන්න ඕනි මාත් එක්කනෙ.තමුසෙව ගෑණියෙක් කරේ මන්……………………..”

“මොකක්…………………..”

ඇයට එය පැහැදිලි නැත.තමා ගැහැණියක වූයේ මීට වසර පහකට පෙරය.ඒ මෙවන්ම වූ අපරාධකාරයෙකු අතිනි.එහෙත් මොහු මේ පවසන්නේ කුමක්ද?

“ඒ දවස් වල ඉතින් තමුසෙ අන්ධයිනෙ. කොහොම මාව අඳුරගන්නද?තමුසෙගෙ තාත්තා නිසා මං අවුරුද්දක් හිරේ හිටියා.ඒ පලියයි මං තමුසෙගෙන් ගත්තෙ.හැබැයි මට නිකමටත් හිතුනෙ නෑ කැරකිලා කැරකිලා තමුසෙම මගෙ නෑනා වෙන්න එයි කියලා.දෙවියො තමුසෙව මවලා තියෙන්නෙ මටමද කොහෙද.ඒකනෙ මටම තමුසෙවම අහු වුනේ……………………”

දෙයියනේ ඒ කියන්නෙ මීට අවුරුදු පහකට කලින් මගෙ ජීවිතේ විනාශ කරපු ඒ අපරාධකාරයා සුරේෂ්ද?මගෙ සැනසීම නැති කරපු මගෙ ජීවිතේ අඳුරට ඇදලා දැම්මෙ සුරේෂ්ද?මට හිතා ගන්නවත් බැරි වුනා.ඒක තමයි මට දැකපු හැම වෙලාවකම මහ අමුත්තක් දැනුනෙ.ඒ කටහඬ අහලා හුරු පුරුදු ගතියක් මට හැම වෙලේම දැනුනා.මේ තිරිසන් මිනිහා දෙවනි වතාවටත් මගෙ ජීවිතේ කාලකණ්ණි කරා.මේක නම් මං පූරුවෙ කරපු කරුමයක්.අඬලා අඬලාම මගෙ ඇස් වල කඳුලු වේලිලා ගිහිල්ලා.

“තමුසෙ සෙනේෂ්ගෙ සහෝදරයෙක් කියලා කියන්නවත් බැහැ.මටම පුදුමයි අර වගේ රත්තරං මනුස්සයෙකුට මේ වගේ තිරිසන් සහෝදරයෙක් ඉන්නවා කිව්වම………………….”

ඒ වදන් හමුවේ සුරේෂ්ගේ කේන්තිය තවත් ඇවිලුණි……මෙතරම් දෙයක් වෙලත් තාම මේකිගෙ ලොකුකම අඩු වෙලා නෑ.පට්ට බැල්ලි.

“වහපිය පට්ට වේ## තොගෙ කට.ආයෙ තෝ කට ඇරියොත් අම්මපා තොගෙ දත් ඇන්දම ගලෝලා දෙනවා අතට……………………”😡

“මාව ගෙදර ගිහින් දාපන් සුරේෂ්………………….”

ඇය තම නිරුවත් ශරීරය පොරෝනයෙන් පොරවාගෙන හඬමින් කියා සිටියේ තමාව ගෙදරට ගිහින් දාන ලෙසයි.එහෙත් සුරේෂ් ඇගේ වදන් ගනන් ගත්තේවත් නැත.නැවතත් ඇයව තමා වෙතට ඇදගෙන අඩ හෝරාවක් පමණ ඇගේ සිරුරෙන් බලහත්කාරයෙන්ම සිය ආශාවන් සංසිඳුවා ගත් ඔහු ඇගේ නිරුවත් ගත පොරෝනයෙන් වසා සිය ඇඳුම් ඇඳ ගත්තා.ඔහු සූදානම් වන්නේ ඇයව නිවසට ඇරලවන්නයි.නමුත් ඇය ඇඳගෙන යන්නේ කුමක්ද?ඇය ඇඳ උන් ගව්මත් ඔහු කෑලි කෑලි ඉරා දැමුවනෙ. කල්පනා කර බලා සුරේෂ් ඔහුගේ ඩෙනිම් ශෝටක් සහ ටී ෂර්ට් එකක් ගෙන ඇය අසලට ආවා.

“නැගිටලා මේක ඇඳගන්නවා තමුසෙට ගෙදර යන්න ඕනි නම්…………………….”

නමුත් ඇයට නැගිටගන්නවත් ඇඟට පණ නෑ.ඇයගේ මුවින් නැගෙනා කෙඳිරිලි හඬවල් කියා පෑවේ ඇය සිටින්නේ ඉවසගන්න තරම් අමාරු වේදනාවකින් බවයි.සයනයේ වාඩි වූ ඔහු ඇයව ඔසවා සයනය මතම ඉන්දවා ඇයට තම ටීෂර්ට් එක සහ කලිසම ඇන්දෙව්වා.

“එනවා ගෙදර යන්න…………………..”

සයනය මතින් ඇය නැගිට යන්නට හැදුවත් ඇය දෙපා වාරු නැතුව බිමට ඇදගෙන වැටුනා.

“මට……හරිම……අමාරුයි…………………”

ඇයට ඇවිදගන්නවත් පණ නෑ.ඇය වෙත නැඹුරු වූ ඔහු ඇයව හරහට ඔසවාගෙන පහලට ගෙන ගියා.වෑන් රියේ ඉදිරිපස දොර ඇර ඇයව අසුනේ ඉන්දවූ ඔහු රියදුරු අසුනට ගොඩ වූයේ තම ගෝලයෙකු වූ රෙජී ට කතා කරමින්.

“රෙජී…………………….”

“ඇයි බොස්?…………………..”

“මං මේකිව ගෙදරට ගෙනිහින් දාලා එන්නම්…………………….”

“හා බොස් හරි…………………..”

වාහනය ඉදිරියට ඇදුනි.මහීමා සිටින්නේ බාගෙට පණ ගියාක් මෙනි. ඇය දවල් එකොළහට ඔෆිස් එකේදි කෑම කෑවායින් පසු ඇය තවමත් සිටින්නේ නිරාහාරවය.අධික කුසගින්න නිසා ඇය උන්නේ වෙව්ලමිනි.

“තමුසෙට බඩගිනියිද?…………………..”

“නෑ…………………”

ඇය සිටින්නේ ඔහුත් සමඟ තරහෙනි.

“ගෙදර ගිහින් මොනවා හරි කනවා.මේ වෙලාවට කෑම කඩ ඇරලා නැතුව ඇති………………….”

ඔහු එලෙස පැවසුවේ ඇය කුසගින්නෙන් සිටින බව සිතාගෙනය. නමුත් ඔහු ඇයට කෑම අරන් දුන්නත් ඇය නොකන බව ඔහු දනියි.

“මට…..වතුර ටිකක්………………….”

ඇය අමාරුවෙන් මෙන් වචන ටිකක් ගැට ගසා ගත්තාය.ඔහු වාහනේ පාර අයිනකින් නතර කරා.පිටුපස අසුනේ ඇති වතුර බෝතලය රැගෙන ඇයට දුන්නා.

“ආ බොනවා…………………….”

මූඩිය ගලවන්න හදනවාත් සමඟම ඇගේ අතින් වතුර බෝතලය බිමට වැටුනා.

“ශික්……තමුසෙට පණ නැද්ද ඕයි…………………….”😠

බිමට නැවී වතුර බෝතලේ අතට ගත් ඔහු එහි මූඩිය ඇර ඇයට වතුර උගුරු කිහිපයක් පෙව්වා.එක්වරම ඇයට කැස්සක් ඇති වුනා.ඇගේ පිට අත ගෑ ඔහු නැවතත් රිය ධාවනය කරා.
*

පැය කිහිපයකට පෙර👇👇👇

සිය දියණිය වූ මහීමා රැකියාව නිම වී සවස හය වන තුරුත් නිවසට නොපැමිණි නිසා ඇයගේ දෙමව්පියන් මදක් කලබල වුනා.හවස හයහමාරට පමණ මහීමාගේ පියා මහීමාගේ දුරකථනයට ඇමතුමක් ගත්තද ඒ වන විට ඇගේ ජංගම දුරකථනය තිබුනේ ක්‍රියා විරහිතවය.දිගින් දිගටම උත්සහ කරද ඔවුන්ට ඇය හා සම්බන්ද වීමට නොහැකි විය.මද වේලාවක් බලා ඔහු රාත්‍රී හතට පමණ සෙනේෂ්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේය. එයත් තිබුනේ ක්‍රියා විරහිතවය.කිහිප වරක්ම උත්සහ කර හතයි කාලට පමණ සෙනේෂ් සමඟ දුරකථනයෙන් සම්බන්ද වීමට හැකි විය.ඒ වන විට සෙනේෂ් සිටියේ නිවසේය.

මහීමා තවත් නිවසට නොපැමිණි බව ඇසූ සෙනේෂ් කලබල විය.ඔහු ඉක්මනින් මහීමාගේ නිවසට යාමට සූදානම් විය.ඔහුගේ මෝටර් රථය ගරාජ් එකේ ඇති නිසා ඔහු ටැක්සියකින් ඉක්මනින් මහීමාගේ නිවසට පිටත් විය.

ඔහු එහි යන විටත් මහීමාගේ මවත් පියාත් සිටියේ හඬමින් ය.කලබල සිතින් යුතුව ඔවුන් මහීමාව සෑම තැනකම සෙව්ව නමුත් හෝඩුවාවක් සොයා ගත නොහැකි විය.ඔවුන් කිහිප වරක්ම මහීමාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් එය තිබුනේ ක්‍රියා විරහිතවය.

          **************************

“බහිනවා.ගේ ගාවට ආවා………………….”

වාහනය මහීමාගේ නිවස අසළ නතර කර පසු සෙනේෂ් මහීමාට බහින්නැයි පැවසුවා.නමුත් ඇයට වාහනෙන් බහින්නවත් පණ නෑ.දොර ඇර බිමට බැස්ස සුරේෂ් ඇයව ඔසවා බිමින් තැබුවා.

“දැන් යනවා……………………”

ඇය අපහසුවෙන් මෙන් අඩි දෙක තුනක් ගමන් කරත් එක්වරම ඇයව වැටෙන්නට ගියා.නමුත් සුරේෂ් ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තා.

ශික්…..මේකිට ඇවිදගන්නවත් පණ නැද්ද?දැන් මොකද කරන්නෙ?මේකිව අරන් ගේට් එකෙන් ඇතුලට ගියොත් මහ ජෝඩුව මාව අඳුර ගනියි.එහෙම වුනොත් වැඩේ අවුල් වෙනවා.මේකිව ගේට් එක ගාවට දාලා එනවා.

එහෙම හිතපු ඔහු ඇයව ඔසවාගෙන ගේට් එක ලඟට ගියා.

“මෙන්න තමුසෙගෙ ගේ ගාවට ඇවිත් ඉන්නෙ.දැන් පණ ඇතුව යනවා.මං යනවා………………..”😠

එසේ පවසා ඔහු වෑන් එක වෙත ගියා. අමාරුවෙන් ගේට්ටුවෙන් ඇතුලු වූ ඇය නිවසේ දොර වෙත ගමන් කරේ විසික් වෙමින් ය.ඒ වන විටත් දොර විවෘතව තිබුනි.දොර අසලට ලං වනවාත් සමඟම ඇය ඇදගෙන වැටුනි.

නැවත හමුවෙන තුරු විරාමයකට