ඩොක්ටර් ඇවිත් දේවාන්ශිගෙ නලලෙ තුවාලෙට බෙහෙත් දැම්මා.ඩොක්ටර් දීපු ඉන්ජෙක්ෂන් එක නිසා දේවාන්ශිට නින්ද ගිහින්.
“මෙයාට තව ටිකකින් සිහිය එයි මිස්ටර් විරේන්.මේ බේත් ටික දෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්……………….”
“හරි ඩොක්ටර්.තැන්ක්යූ වෙරි මච්………………”🤝
වෛද්‍යවරයා ගිය පසු විරේන් දේවාන්ශි අසලින් වාඩි වී සිටියා.නලලෙන් වැඩි හරියක් බැන්ඩේජ් එක නිසා ආවරණය වී ඇත.මුහුණ පුරා ඇත්තේ විඩාබර ගතියකි.විරේන්ගේ සිතට ඇය ගැන දුකක් සේම විශාල කෝපයක්ද දැනෙයි.
ඇය නිසා තමාට අද ලක්ෂ ගානක පාඩුවක් සිදු විය.දේවාන්ශි කවදා වෙනස් වේවිද?ඇගේ සිත තවමත් ඇත්තේ රොෂාන් ළඟය.රොෂාන්ගේ සැබෑ තත්වය දේවාන්ශි හට පැවසුවත් ඇය එය කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත.කෙසේ හෝ රොෂාන්ගේ සත්‍යය ඇයට සාක්කිත් සමඟ ඔප්පු කර පෙන්විය යුතුය.
ඔහුගේ සියලු තතු ඇය දැන ගත් විට තමාට ආදරය කරනු ඇත. එතෙක් තමා ඉවසිය යුතු බව විරේන් සිතුවාය.අද සිදු වූ ලක්ෂ ගානක පාඩුවටත් වඩා විරේන්ගේ සිතේ ඇති වේදනාව නම් දේවාන්ශි තමාව දිනෙන් දිනම දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමයි.අද කෙසේ හෝ ඇගේ අයිතිය බලෙන් ලබා ගත්තා නම් ඇය සිය දිවි හානි කරගන්නට වුවත් පෙළඹේ.
එවෙලේ තමා සිටියේ පාලනය කර ගත නොහැකි අන්දමේ කේන්තියකිනි. දේවාන්ශිගේ සිතේ තමා ගැන ආදරයක් උපදිනා තෙක් ඉවසිය යුතු යැයි විරේන් සිතා ගත්තාය.රොෂාන් ගැන ඇත්ත ඇය දැන ගත් විට සියල්ල ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනස් වේ.
දේවාන්ශි අවදි වන බව විරේන්ට පෙනුනි.ඔහු ඇගේ හිස අතගෑවාය.ඇය බිය වී තමා දෙස බලා සිටින වග විරේන්ට පෙනුනි.අමාරුවෙන්ම නැගිට ඇඳ වියලට හේත්තු වී දේවාන්ශි තම නලල අත ගා බැලුවාය.විරේන් ඔහුගේ ෆෝන් එකේ සෙල්ෆි කැමරාව ඔන් කර දේවාන්ශිට පෙන්වුවාය.
“දැන් සතුටුයිද?……………..”😠
“මට තමුසෙගෙන් අහන්න තියෙන්නෙත් ඒකම තමයි.පාඩුවෙ ඉන්න බැරුව මගෙ වැඩ වලට ඇඟිලි ගහන්න ආවනෙ……………..”😠
“තමුසෙ මහ ජරා මිනිහෙක් විරේන්.මීට වඩා හොඳයි තමුසෙ මාව මරලා දැම්මා නම්………………”
“නිකන් බොරුවට බෙරිහන් දෙන්න එපා ගෑනියෙ.මං තමුසෙට මොකුත් කරේ නෑ.ඉස්සෙලා මං හිටියෙ ගොඩාක් කේන්තියෙන්.මං උඹට මේ හොඳින් කියන්නෙ දේවාන්ශි.උඹ මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එන්න එපා. එහෙම වුනොත් උඹට ගොඩාක් පසුතැවිලි වෙන්න සිද්ද වෙයි……………..”😡
“බොරුවටයි වංචාවටයි හැමදාම ආයුෂ නෑ විරේන්.ඔයා අනුන්ගෙ ඉඩමක් නේද තමුන්ගෙ වගේ හොර ඔප්පු හදාගෙන විකුණන්න ගියේ.ඇයි ඔයා ඒ වගේ පහත් වැඩක් කරේ.සල්ලි නැති මිනිහෙක් නෙවෙයිනෙ ඔයා………………”
“නොදන්න දේවල් වලට කට නොදා ඉන්නවා තමුසෙ.සේනක කියන්නෙ කව්ද කියලාවත් තමුසෙ දන්නවද?……………..”
“කවුරු වුනත් ඔයා කරන්න ගියේ වංචාවක්,අපරාධයක්………………”
“තමුසෙ මගෙ වයිෆ්නෙ.ඉතින් මං තමුසෙට ඇත්තම කියන්නම්.සේනක කියන්නෙ මගෙ තාත්තගෙ අයියගෙ පුතා.අපේ සීයා ඔය ඉඩම ලිව්වෙ මටයි සේනක අයියටයි සම අයිතියට.ඉඩමෙ වැඩි කොටස තියෙන්නෙ මට.සේනකට තියෙන්නෙ පොඩි කොටසක්…………….”
“ඒ වුනත් ඔයා කරන්න ගියේ මුලු ඉඩමෙම අයිතිය තියෙන්නෙ ඔයාට කියලා බොරුනෙ.ඒකනෙ හොර ඔප්පුවක් හැදෙව්වෙ…………….”
“හිටපන් යකෝ මං තාම කතා කරලා ඉවර නෑ.සේනක කියන්නෙ එච්චර හොඳ මිනිහෙක් නෙවෙයි.උගෙ ගෑණිගෙ ඔපරේෂන් එකට ඌ ලක්ෂ පහලවක් මගෙන් ඉල්ල ගත්තා දැනට අවුරුදු දෙකකට කලින්.
ඌ මට ආපහු ඒක දුන්නෙ නෑ.කිසිම ලියවිල්ලක් නැතුව මං ඒ සල්ලි දීපු හින්දා ඌට කියන්න පුලුවන් ඌ සල්ලි ගත්තෙ නෑ කියලත්.ඒ හින්දායි මං උගෙ කොටසත් මගෙ වගේ විකුණන්න හැදුවෙ…………….”
“ඒත් ඇත්ත දැන ගත්තොත් ඔයාට නවතින්න වෙන්නෙ හිරේ කියලා අමතක වුනාද?……………”
“මං හිරේ ගියාම තමුසෙට මොකෝ?……………”
“මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ.ඒත් මං පාරෙ බැහැලා යන්න ඕනි.පත්තර වල ලොකුවට ඔයාගෙ පින්තූරෙත් එක්ක ඔය හොර වැඩ ගැන යද්දි මං කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ?……………..”
විරේන් හිටියෙ ගොඩාක් තරහින්.රෑ අටට විතර කාමරෙන් එලියට ගියපු විරේන් ආපහු ආවෙ බත් පිඟානකුයි වතුර වීදුරුවකුයි අරන්.
“කෝ නැගිටලා මේක කනවා……………”
“මට කන්න බෑ.බඩගිනි නෑ……………….”
“බෙහෙත් ටික බොන්න තියනවා.ඒ හින්දා කාලා ඉන්නවා…………….”😠
මං එපා කියලා කියද්දිම බලෙන් වගේ විරේන් මට බත් කටවල් හතරක් පහක්ම කැව්වා.වතුර පොවලා ඉවර වෙලා පිඟානයි වීදුරුවයි අරගෙන විරේන් කාමරෙන් ගියා.
නිදා ගන්න හැදුවත් ඔලුව රිදෙන නිසා නින්ද යන්නෙම නෑ.මගෙ බෙහෙත් ටික තෝරලා වතුර වීදුරුවකුත් එක්කම විරේන් මගෙ අතට දුන්නා.ඒ ටිකත් බීලා මං කල්පනා කර කර හිටියා.මේ රටේ මෙච්චර ලස්සන කෙල්ලෙ ඉන්නවා.ඒත් විරේන්ට බැරි වුනානෙ ඒ වෙන කෙල්ලෙක්ව යාලු කරගන්න. අඩුම තරමෙ මෙයාට ගෑණු යාලුවොවත් නෑනෙ.
මොකට මාත් එක්ක ජීවත් වෙනවද මන්දා.කසාද බැඳලා දැන් මාස දහයකුත් වුනා.ඒත් මේ යකාට මාව එපා වෙන්නෙම නෑනෙ. පුදුම ඉවසීමක් තියෙන්නෙ.
“මොනවද කල්පනා කරන්නෙ?ඊළඟට මට රිටන් එක දෙන්නෙ කොහොමද කියලද?
“විකාර කියවන්න එපා විරේන්.මගෙ ඔලුව රිදෙනවා ඉන්න බෑ……………….”
“කෝ එනවා මෙහාට.ඔලුව ටිකක් මසාජ් කරන්නද?………………”
“අනේ එපා.රිදෙනවා ඉන්න බෑ………………”
“එහෙනම් දුවනවා ගේ වටේ………………”
“ඔයාට විහිලු.මනුස්සයෙක්ට තවත් මනුස්සයෙකුගෙ වේදනාව තේරෙනවා. තිරිසනෙක්ට නම් තේරෙන්නෙ නෑ…………….”
විරේන්ගෙ මූණ කේන්තියෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මට ඕනි විරේන්ට රිද්දන්න.පත්තරේ සිටූල් එක උඩින් දාලා මගෙ කට මිරිකලා අල්ල ගත්තා.
“ඈ බොල හු### යෙ තෝ මටද තිරිසනා කිව්වෙ?අම්මපා මං උඹට නිල් වෙන්නෙ දෙන්නෙ.පව්නෙ කියලා නිකන් හිටියෙ. ඊගාව පාර ඔහොම නෙවෙයි කකුලක් අතක් හරි කඩලා දානවා……………..”
ඔව් ඉතින්.මෙයාට පුලුවම් චන්ඩි කම් පෙන්නන්න විතරයිනෙ.කට මිරිකපු පාර හොස්ස හැපිලා ලේත් එනවා.මං අමාරුවෙන්ම ඇඳත් අල්ලගෙනම නැගිටලා බාතෲම් එකට ගිහිල්ලා කට හෝදගෙන ආවා.
“එනවා නිදා ගන්න………………”
නිදා ගන්න ඇඳට ආවත් මට ගොඩාක් වෙලා යනකල් නින්ද ගියේ නෑ.විරේනුත් මට නින්ද යනකල් නිදා ගත්තෙ නෑ. එකොළහත් පහු වුනා මට නින්ද යද්දී.
තුවාලෙ වේදනාව නිසා මං උදේ පරක්කු වෙලා නැගිට්ටෙ.විරේන් කිරි එක ගෙනල්ලා මට ඇහැරෙව්වා.ඊයෙ මට බැනපු විදියට ගහපු විදියට මං හිතුවෙ විරේන් ආපහු මගෙ මූණවත් බලනෙකක් නෑ කියලා.
“තුවාලෙ තෙමාගන්නෙ නැතුව මූණ කට හෝදගෙන මේ කිරි එක බොනවා. කාලා ඉවර වෙලා බොන්න බේත් තියනවා……………..”
“හ්ම්ම්………………”
දත් මැදලා කට හෝදගෙන තුවාලෙ නොතෙමෙන්න මූණත් හෝදගෙන ඇවිත් කිරි එක බිව්වා.විරේන් කොහෙදෝ මන්දා යන්න ලෑස්ති වෙලා හිටියා.සුදු අත් දිග ටී ෂර්ට් එකකට කළු පාට ටී ෂර්ට් එකක් ඇඳලා හිටපු විරේන් ගොඩාක් කඩවසම් පෙනුමක් තිබුනා.පුදුමයි මෙච්චර ලස්සන වෙලා මෙයාගෙ පස්සෙන් කෙල්ලො එන්නෑ කිව්වම.
එනවා ඇති ඕනතරම් කෙල්ලො නම්.ඒත් මෙයා කෙල්ලො පස්සෙ යන්නෙ නෑනෙ.ඒ කවුරු හරි කෙල්ලෙක් එක්ක මෙයා යාලු වුනා නම් මම නිදහස්නෙ.ඒත් ඉතින් මගෙ කරුමෙට විරේන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලාවත් බලන්නෑනෙ.මාවම පතාගෙන ඇවිල්ලද කොහෙද.
“මම පොඩි ගමනක් යනවා.තමුසෙට මොනවා හරි ගේන්න ඕනිද?………………”
“කාටුන් පීස් එකක් ගේන්නකො…………….”
“හ්ම්ම්……………..”
ඇඳටම වෙලා ඉන්නැතුව මං පල්ලෙහාට ඇවිත් මිදුලෙ ඇවිද්දා. උදෑසන හින්දා දැඩි මීදුමින් මුලු පරිසරයම මීදුමින් වෙලාගෙන තිබුනා. පාරේ යන වාහන පවා පෙනුනේ අපැහැදිලිවයි.
සීතල වැඩිපුර දැනුනු හින්දා ජැකට් එකේ අත් දෙල ටිකක් දිගට දා ගත්තා.සීතල නිසා නලලේ තියන තුවාලෙ කැක්කුමක් දැනෙන්නට වුනා.මං කුස්සියට ගිහින් දොඩම් බීම එකක් හදාගෙන බිව්වා.
“තුවාලෙ ගොඩාක් කැක්කුමයිද ලොකු බේබි?………………”
“අනේ ඔව් දයාවතී නැන්දෙ.ඔලුව හෙලවෙනකොටත් රිදෙනවා.මේක නම් මගේ කරුමෙ අප්පා.උපන් දා ඉඳලාම හිතේ කිසිම සතුටක් නෑ.පණ තියන හින්දා ජීවත් වෙනවා මිසක් උවමනාවකින් සතුටින් මං ජීවත් වෙන්නෑ………………….”
“දැන් මොනවා කරන්නද ලොකු බේබි. මේක තමන් ලබා උපන්න හැටි කියලා හිතලාවත් හිත හදාගන්න බලන්න. අකමැත්තෙන් කසාද බැන්දා වුනත් ඒ තමන්ගෙ කසාද මනුස්සයනෙ.බේබිගෙ හිතේ විරේන් මහත්තයා ගැන ආදරයක් නැති වුනත් විරේන් මහත්තයා බේබිට ආදරෙයිනෙ.එක අතකින් බලද්දී බේබි වාසනාවන්තයි.
අනේ මං මෙහෙම කිව්වා කියලා ලොකු බේබි හිතන්න එපා මං විරේන් මහත්තයාගෙ පැත්තට කතා කරනවා කියලා.වදපු අම්මා ජීවතුන් අතර ඉඳලත් බේබි ජීවත් වුනේ අම්මා අප්පා නැති අනාථයෙක් ගානට. තමන්ගෙ කියලා ආදරේ කරන්න බේබිට කාත් කවුරුවත් හිටියෙ නෑ. බේබි ගැන හොයලා බලන්න,ආදරේ සෙනෙහස දක්වන්න,ලෙඩක් දුකක් හැදුනාම ලඟට වෙලා රැක බලා ගන්න අම්මා කවදාවත් බේබි ගාවට ආවෙ නෑ.
ඒත් විරේන් මහත්තයා බේබිට අසනීපයක් හැදුනම බේබිව හොඳට බලා ගන්නවා.එයා බේබිට ගොඩාක් ආදරෙයි.බේබි ගැන ගොඩාක් හිතනවා. දැන් ටිකකට කලිනුත් එලියට ගියේ මට බේබිව හොඳට බලා ගන්න කියලා දහයක් උපදෙස් දීලයි…………………”
දයාවතී නැන්දා කියපු දේවල් වලට උත්තරයක් නොදීම මං කාමරේට ආවා. උදේට කාලා බෙහෙත් ටික බීලා මං ඇඳට වැටුනා.පැයක් විතර යද්දී විරේන් ගෙදර ආවෙ මට කාටුන් වල ඩීවීඩී තැටි ගොඩාක් අරන්.
ස්කූබිඩූ,චන්ඩි,බෙන් ටෙන්,කඩියයි තඩියයි,සුපර් ශිවා, ක්‍රිශ්ණා,රපුන්සල්,පින්ක් පැන්තර්, ගිරිපුර ඇත්තෝ,සූටින් මාටින්,අයිස් ඒජ් සොනික්……….. ඇතුලුව විවිධ වර්ගයේ කාටූන් තැටි ගොඩාක් තිබුනා.අම්මො පිස්සු හැදෙනවා ඒ ටික දකිද්දී.😍🤩😱
“තැන්ක්යූ විරේන්………………..”
මං සිනහවෙන්ම විරේන් දිහා බලලා එහෙම කිව්වා.
“යුව’ර් වෙල්කම් මැඩම්………………..”
එයා එහෙම කිව්වෙ මගෙ නහයට තට්ටුවකුත් දාලයි.
නැවත හමුවෙන තුරු විරාමයක්❤️❤️
අද නම් කාලගුණය හොඳයි ළමයි