මීදුම් වරුසා
“දේවාන්ශි මගෙ ටීෂර්ට් එකක් අයන් කරලා දෙනවකො.මට දවල් වෙලා පොඩි ගමනක් යන්න තියනවා…………….”
ෆෝන් එකත් ඔබ ඔබ මං ගාවට ඇවිත් විරේන් එහෙම කිව්වා.අල්මාරිය ඇරලා නිල් පාට ටීෂර්ට් එකක් අයන් කරලා ඇඳෙන් තිබ්බා.විරේන් හිටියෙ බැල්කනියට වෙලා කාටදෝ මන්දා කෝල් කරමින්.ඒක ගොඩාක් වටින වැදගත් කෝල් එකක් කියලා මට හිතුණා එයා කතා කරන හැටියටම. විරේන්ට නොදැනෙන්න ජනේලෙ අයිනට ගිහින් මං අහගෙන හිටියා.
“මේ අහපන් සුරංගයා මං උඹට කියපු විදියටම වැඩේ කරපන්.හර්ෂටත් කියපන්.මේ බිස්නස් එක ගැන දැනගෙන ඉන්න ඕනි අපි තුන් දෙනා විතරයි.සේනකයාවත් උගෙ ගෝලයොවත් මේ ගැන මොකුත්ම දැන ගන්න බෑ තේරුනානෙ.ඌට මොනවා හරි ඉව වැටුනොත් අපිට සෑහෙන ලොකු පාඩුවක් වෙන්නෙ.දෙකයි තිහ වෙද්දි උන්ට සමනල රෙස්ටුරන්ට් එකට එන්න කියපන්.අපි ලොකු අවධානමක් මේ ගන්නෙ.සේනකයා දැන ගත්තොත් අපිට කූඩුවෙ තමයි ඉන්න වෙන්නෙ.මං කියපු විදියට වැඩේ කරපන්……………….”
විරේන් මොකක්ද මේ කරන්න හදන්නෙ?මොන වගේ බිස්නස් එකක් ගැනද එයා කතා කරේ.මොකක් වුනත් මේක අනිවාර්යෙන්ම ලොකු හොර වැඩක් වෙන්න ඇති.ඒකයි කිව්වෙ සේනකයා දන ගත්තොත් කූඩුවෙ ඉන්න වෙයි කියලා.හොඳයි මං බලා ගන්නම්කො.කෝල් එක කට් කරලා විරේන් කාමරේට ඇවිත් අල්මාරිය ඇරලා ෆයිල් එකක් අරන් අරගෙන ඒක පෙරලලා ගොඩාක් උවමනාවෙන් බැලුවා.ඊට පස්සෙ ඒ ෆයිල් එක අරන් ලාච්චුවට දාලා ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියා.
ඊට පස්සෙ මං ටක්ගාලා ලාච්චුව ඇරලා ඒ ෆයිල් එක අරන් පෙරරලා බැලුවා.ඒකෙ තිබුනෙ ඉඩමක් විකුණන එකක ලියකියවිලි වගයක්.ඉඩම තියෙන්නෙ විරේන්ගෙ නමට.ඒත් ඇයි විරේන් ඉඩම එයාගෙ නමට තියනවා නම් අර සේනක කියන මනුස්සයාට හොරෙන් මේක කරන්නෙ?මෙතන මොකක් හරි ලොකු රහසක් තියනවා. සමහර විට මේක හොර ඔප්පුවක්ද දන්නෑ.
මං ටක්ගාලා විරේන්ගෙ ෆෝන් එකේ ඒ සේනක කියන මනුස්සයගෙ ටෙලි ෆෝන් නම්බර් එක තියනවද කියලා බැලුවා.හොඳ වෙලාවට ඒ නම්බර් එක තිබුනා.මං ටක්ගාලා කොල කෑල්ලක ඒ ටෙලිෆෝන් නම්බර් එක ලියාගෙන ඒ ෆයිල් එකයි ෆෝන් එකයි තිබුනු තැනින්ම තිබ්බා.
“මං තව පැයකින් විතර පොඩි ගමනක් යනවා.තමුසෙට මොකුත් ගේන්න ඕනිද?……………..”
“මට මොකුත් එපා.ආපහු ගෙදර එනවා නම් හොඳ සිහියෙන් එන්න……………..”
“පිස්සියෙ මං යන්නෙ බොන්න නෙවෙයි බිස්නස් වැඩකට.මගෙ වයිෆ් මං ගැන ගොඩාක් හිතනවා වගේ.මොකෝ මේ ආදරේ හිතුනද?………………”
එයා එහෙම ඇහුවෙ මගෙ මූණට එබිලා වගෙයි.
“ඔයාට පිස්සුද විරේන්.මං කැමති නෑ ඔය ජරාව බීලා ලස්සනට පිරිසුවට තියාගෙන මගේ ගෙදර අපිරිසුදු වෙනවට……………….”😠
“කාගෙද මේ ෆොටෝ එක?………………”
මගෙ ඩයරිය අස්සෙ සුදු පාට ලියුම් කවරෙක දාලා තිබුනු රොෂාන්ගෙ ෆොටෝ එක විරේන් දැක්කා.ඒ ෆොටෝ එක අතට අරගෙන විරේන් මං දිහා බැලුවෙ කෝපයකින්.මං ටක්ගාලා ඉක්මනට ඒ ෆොටෝ එක විරේන්ගෙ අතින් උදුරගන්න හැදුවත් විරේන් මට ඒක ගන්න දුන්නෙ නෑ.
“තමුසෙ තාමත් මූ ගැන හිතනවද දේවාන්ශි?………………”😡
“ඔව්.තමුසෙ මාව බලෙන්ම කසාද බැඳ ගත්තට මගෙ හිතින් කවදාවත් රොෂාන්ව ඈත් කරන්න බෑ.තමුසෙ මගෙ ජීවිතේ කෑවා විරේන්.මාවයි රොෂාන්වයි ඈත් කරලා තමුසෙ මගෙ හැම සතුටක්ම නැති කරා.රොෂාන් මං ගාව හිටියා නම් මං අද මොන තරම් සතුටින්ද ඉන්නෙ……………….”
ෆොටෝ එක කෑලි කෑලි වලට ඉරලා දාපු විරේන් මං ගාවට ආවෙ දත් මිටි කාගෙන.මට බය හිතුණා විරේන්ගෙන් ගුටි කන්න වෙයි කියලා.
“තොට මෙච්චර කියලත් සිංහල තේරෙන්නෙ නැද්ද ගෑනියෙ මූ බැඳලා දරුවෙකුත් ඉන්නවා.මූ උඹව රැවැට්ටුවා යකෝ………………”😡
“නිකන් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා විරේන්.මට තමුසෙට වඩා සිය දහස් ගුනේකින් මගෙ රොෂාන්ව විශ්වාසයි.තමුසෙට හෙන ගහලත් මදි ඔය වගේ බොරු කියනට.තමුසෙ මොන දේ කරත් මගෙ හිතින් රොෂාන්ව ඈත් කරන්න කවදාවත්ම බෑ……………….”😠
විරේන්ව අහකට තල්ලු කරලා ඉරලා දාපු ෆොටෝ එකේ කෑලි ටික ඔක්කොම එකතු කරලා ගත්තා.මගෙ හිතට දරා ගන්න බැරි දුකක් ඇති වුනා රොෂාන්ගෙ පින්තූරෙ ඒ විදියට කෑලි කෑලි වලට ඉරලා තියනවා දැක්කම. විරේන් මගෙයි රොෂාන්ගෙයි මැද්දට ආවෙ නැත්නම් අද රොෂානුයි මායි මොන තරම් සතුටින් ජීවත් වෙනවද. කවදාවත් රොෂාන්ව මගෙ හිතින් ඈත් කරන්න කාටවත්ම බෑ.
“කෝ දීපන් ඔය ටික මෙහාට……………..”
මගෙ අතේ තිබුනු පින්තූර කෑලි ටික උදුරලා ගත්තු විරේන් කාමරේ මැද්දෙම ඒ ටික පුච්චලා දැම්මා.එපා කියලා කොච්චර ඇඬුවත් විරේන්ට මගෙ කඳුලු ගානක්වත් වුනේ නෑ.මගෙ ඩයරිය අරන් එයා කොලයක් කොලයක් ගානෙ පෙරලලා බැලුවා.ඒ පොත පුරාවටම ලියලා තිබුනේ රොෂාන්ගෙයි මගෙයි ආදරේ ගැන.විරේන් මිදුලට ගිහින් හිතත් පපුවක් නැතුව ඒ ඩයරියත් පුච්චලා දැම්මා.මට දැනුනෙ මාව පුච්චලා අළු කරලා දානවා වගේ හැඟීමක්.
“අනික් දවසෙ මූ ගැන මතක් කරලා තිබ්බොත් උඹවත් මේ වගේ පුච්චලා දානවා අන්න ඒක දැන ගනින්……………….”😡
මං ගොඩාක් වෙලා ඇඬුවා.මගේ ගෙදරත් මට ඉන්න සිද්ද වෙලා තියෙන්නෙ හිරකාරියක් වගේ.ආසාවට එක දවසක් සතුටින් ඉන්න ලැබුනෙ නෑ. මං ආපහු කාමරේට එද්දී විරේන් අර කියපු ගමන යන්න ලෑස්ති වෙලා හිටියා.එකයි දහය විතර වෙද්දී විරේන් එයාගෙ කාර් එකේ නැගලා ගියා.මං ටක්ගාලා මගෙ ෆෝන් එක අරගෙන අරගෙන බැල්කනියට ගියා.සේනක කියන මනුස්සයගෙ ටෙලි ෆෝන් නම්බර් එකට කෝල් එකක් ගත්තා.
“හෙලෝ කව්ද කතා කරන්නෙ?……………..”📲
“මට මිස්ටර් සේනකට කතා කරන්න පුලුවන්ද?………………”📲
“ඔව් සේනක තමයි කතා කරන්නෙ……………..”📲
“මිස්ටර් සේනකට මං කව්ද කියලා කිව්වට ඒක වැදගත් වෙන්නෙ නෑ.ඒත් ඔබතුමාට වැදගත් පණිවිඩයක් දෙන්නයි මං කතා කරේ.රාගල විශාකා මාවතේ ඔබ තුමාට අයිති ඉඩමක් තියනවද?……………….”📲
“ඔ…..ඔව්.අක්කර දෙකක් ඉඩමක් තියනවා මට අයිති.ඒත්……ඔයා
……ඒ ගැන ඇයි ඒ ගැන අහන්නෙ?………………”📲
“මේකයි මිස්ටර් සේනක ඒ ඉඩම විරේන් සචින්ත කියලා කෙනෙක් ඔබ තුමාට හොරෙන් ඒ ඉඩමත් එක්ක මොකක් හරි ගණුදෙනුවක් කරන්න හදනවා………………”📲
“මොනවා??ඒ කියන්නෙ විරේන්…😠මට කියන්න මොකක්ද සිද්ද වෙන්නෙ?විරේන් මොකක්ද කරන්න හදන්නෙ?……………..”📲
“විරේන් ඒ ඉඩම විකුණණවද කියලා මං හරියටම කියන්න දන්නෑ.ඒත් දෙකයි තිහ වෙද්දී ඒ ඉඩම ගැන මොකක් හරි දෙයක් කතා කරගන්න විරේන් තව දෙන්නෙක් එක්ක කට්ටියකට සමනල හොටෙල් එකට එන්න කිව්වා……………..”📲
“ඔබතුමියට ගොඩාක් ස්තූතියි මට මේ කරපු උදව්වට.මං ඉක්මනට සමනල හොටෙල් එකට යන්නම්………………”📲
මගෙ හිතට ලොකු සතුටක් දැනුනා.අද විරේන්ගෙ සෙල්ලම් ඉවරයි.තමුන් මට ගොඩාක් පාඩු කරා විරේන්.මගෙ හැම සතුටක්ම මගෙන් උදුර ගත්තා.මං තමුසෙගෙන් පලි ගන්නවා විරේන්. බලමුකො දැන් මොකද වෙන්නෙ කියලා.
විරේන් සිය සගයින් දෙදෙනා සමඟ සමනල හොටෙල් එකේ කතා බහ කරමින් සිටියා.විරේන්ගෙ අතේ රාගල විශාකා මාවතේ පිහිටි එම ඉඩමේ ඔප්පුවත් එය විකුණා දැමීමට අවශ්‍ය ලියකියවිලිද තිබුනා.එම ඉඩම තිබෙන්නෙ විරේන්ගේත් සේනකගෙත් සම අයිතියටයි.විරේන්ගේත් සේනකගේත් පියවරුන් දෙදෙනා සහෝදරයින්ය.එම සහෝදරයින් දෙදෙනාගේ පියා(විරේන්ගේත් සේනකගේත් සීයා)එම ඉඩම සිය මුණුපුරන් දෙදෙනාට සම අයිතියට ලියා තිබුනත් විරේන් හොර ඔප්පුවක් සාදා එම ඉඩම විකුණන්නට සූදානම් විය.ඒ ලක්ෂ පනහකටයි.ඒත් විරේන්ගේ බලාපොරොත්තු සුන් කරමින් සේනක එතනට පැමිණියේ සිය මිතුරන් දෙදෙනෙකු සමඟය.
“මල්ලී……උඹ හදන්නෙ මටත් අයිතිය තියන ඉඩම හොර ඔප්පු හදලා විකුණලා දාන්නද?මං උඹව අල්ලලා දෙනවා පොලීසියට.හොඳ වෙලාවට උඹේ හොර වැඩේ ගැන මට කලින්ම ඔත්තුව ලැබුනෙ.දීපන් මෙහාට ඉඩමෙ ඔප්පුව………………”😡
එසේ පැවසූ සේනක විරේන්ගෙ අතේ තිබුනු ඔප්පුව උදුරා ගන්නට හැදුවත් විරේන්ගෙන් එයට ඉඩක් ලැබුනේ නෑ. හොරට සෑදූ ඔප්පුවත් රැගෙන සේනකට බැන වැදුනු විරේන් සිය මිතුරන් දෙදෙනා සමඟ හෝටලයෙන් පිටතට පැමිණියා.විරේන් සිටියේ දැවෙනා කෝපයෙනි.
“සුරංග,උඹ අර යකාට කෝල් කරලා කියපන් වැඩේ කැන්සල් කියලා………………”
“හරි මචං මං කියන්නම්……………..”
“මට හිතා ගන්න බෑ බං කව්ද සේනකයට ඔත්තුව දුන්නෙ කියලා.මේ ගැන දැනගෙන හිටියෙ අපි තුන්දෙනා විතරයිනෙ……………….”
“විරේන් උඹ හොඳට කල්පනා කරලා බලපන් වෙන කාටහරි උඹ මේ ගැන කිව්වද?………………..”
“මට හොඳට මතකයි යකෝ මං කාටවත් මේ ගැන කිව්වෙ නෑ.ඒත් හරියටම කොහොමද බං සේනකයට ඔත්තුව දීපු කෙනා දන්නෙ අපි මෙතෙන්ටම එනවා කියලා.මං උඹලා දෙන්නටත් මෙතෙන්ට එන්න කියලා කිව්වෙ දොළහට විතර වගේනෙ………………”😡
“මචං මේ……මට මෙහෙම හිතෙනවා. දේවාන්ශි ඉන්නෙ උඹත් එක්ක තරහින්නෙ.මේක දේවාන්ශිගෙ වැඩක් වෙන්න බැරිද?උඹේ කෝල් එක දේවාන්ශි හොරෙන් අහගෙන ඉඳලා සේනකයාට ඔත්තුව දෙන්න ඇති……………..”
සුරංග එසේ පවසන විට විරේන්ට මතක් වූයේ තමා සුරංගට දුරකථන ඇමතුම දෙන විටදී දේවාන්ශි සිටියේ කාමරේ බව.ඉන් පසු තමන් අල්මාරිය ඇර ඔප්පුව රැගෙන එය ලාච්චුවට දමා බාතෲම් එකට ගිය අතරේ දේවාන්ශි ඔප්පුව බලන්න ඇති.තමන්ගෙ ෆෝන් එක අරන් ඒකෙ තිබුනු සේනකගේ දුරකථන අංකයට තමා ගිය පසුව ඇමතුමක් දී සියල්ලම පවසන්නට ඇති.
පට්ට බැල්ලි මං හිතුවට වඩා තෝ කපටියි.හිටපන්කො මං ගෙදර ආවට පස්සෙ උඹ ගැන බලා ගන්නම්.😡😡
“සුරංග,උඹේ ෆෝන් එකෙන් දේවාන්ශිට කෝල් එකක් අරගනින්.උඹ සේනක වගේ කතා කරලා දීපු ඔත්තුවට තෑන්ක්ස් කරපන්කො………………”
“ඕකේ හරි මචං.මේ……ඒත් විරේන්,අපි දන්නෑනෙ බං දේවාන්ශි සේනකට කතා කරේ මොන නම්බර් එකෙන්ද කියලා……………..”
“ඒකිගෙ ෆෝන් එකේ තියෙන්නෙ එක සිම් එකයි.ඒකට ගනින්……………….”
“හරි බං……………..”
සුරංග දේවාන්ශිගේ දුරකථනයට ඇමතුමක් රැගෙන ස්පීකර් ඔන් කරා.
“හෙලෝ…………….”📲
“හෙලෝ…..මං සේනක කතා කරන්නෙ.ඔබතුමිය නේද මට ඉස්සෙල්ලා කෝල් කරේ?…………….”📲
“ආ ඔව් මිස්ටර් සේනක.ඒත් මේ නම්බර් එකට නෙවෙයිනෙ මං ගත්තෙ…………….”📲
“ඔව් ඔව්.මේක මගෙ ප්‍රයිවට් නම්බර් එක.ඔබතුමියට ගොඩාක් ස්තූතියි මට කරපු උදව්වට.විරේන්ට ඒ ඉඩම විකුණන්න ලැබුනෙ නෑ.එයා හොර ඔප්පුවක් හදලා ඒක විකුණන්න හැදුවෙ.ඔබතුමිය නිසා තමයි ඒක මට නතර කරගන්න ලැබුනෙ.මට මිස්ගෙ නම දැන ගන්න පුලුවන්ද?මට මේ උදව්ව කවදාවත් අමතක වෙන්නෑ……………….”📲
“මං……දේවාන්ශි……………….”⚡📲
“තැන්ක්‍යූ මිස් දේවාන්ශි.උදව්වක් ඕනි වුනොත් මේ නම්බර් එකට කෝල් එකක් ගන්න…………….”📲
ඇමතුම විසන්ධි කෙරූ සුරංග විරේන් දෙස බැලුවා.ඔහු සිටියේ දත් මිටි කමින් දැඩි කෝපයකින් යුතුවය.ඔහුගේ දෑස් පවා රතු වී තිබුණි.අද නම් දේවාන්ශි ඉවරයි කියා සුරංගට සිතුණි.වාහනයේ නැගි තිදෙනා පිටත් විය.සුරංගව සහ හර්ෂව ඔවුන්ගේ නිවෙස් අසලින් බැස්සවීය.
“අද නම් මූ ගෑණිව මරයි වගේ…………….”
සුරංග හර්ෂට එලෙස පැවසුවා.
“ඒක තමා බං.මොනවා කර ගනියිද දන්නෑ………………..”
කෝපයෙන් යුතුව කාරෙකේ දොර වසා දමා පඩිපෙල නැග කාමරේට ගිය විරේන් දේවාන්ශිට කතා කරා.ඇය සිටියේ කුස්සියේය.
“ඇයි විරේන් කෑ ගහන්නෙ?……………..”
කාමරේ දොර ලොක් කර දැමූ විරේන් දේවාන්ශි අසලට පැමිණියා.ඇයගේ මුහුණේ තිබුනේ ප්‍රශ්නාර්ථයක බැල්මකි.තෝව මැරුවත් මදි යකෝ. පට්ට බැල්ලි.
“මොකෝ මේ?…………….”
ඇයගේ කටහඬේ තිබුනේ උපහාසාත්මක බවකි.එය විරේන්ට හොඳින්ම තේරුනි.පරට්ට බැල්ලි හිත යටින් මට හොඳටම හිනා වෙනවා ඇති මේ වෙච්චි දේට.උඹට මෙහෙම වෙලා මදි කියලා හිතනවා ඇති.දත් මිටි කාගෙන විරේන් ඇගේ කෙස් වැටියෙන් අල්ලා ඇදලා ගත්තා.
“ආව්…..අනේ අතාරින්න විරේන්. රිදෙනවා අනේ.ඔයාට මොකද වෙලා තියෙන්නෙ.අනේ මගෙ කොණ්ඩෙ අතාරින්න විරේන්……………..”
“පට්ට බැල්ලි මං හිතුවට වඩා තෝ කපටි ගෑණියෙක්.මගෙ කෝල් එකට ඇහුම්කන් දීගෙන ඉඳලා සේනකයට කතා කරලා හැම දෙයක්ම කිව්වා නේද?පට්ට හු### තෝ හින්දා මට සෑහෙන පාඩුවක් වුනේ යකෝ.ලක්ෂ ගානක සල්ලියක් උඹ එහෙම් පිටින්ම මට නැති කරා.අද නම් උඹව ඉතුරු කරන්නෑ……………….”😡😡
ඇයගේ කෙස් වැටිය අත හැරි විරේන් ඇගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කරා.ඒ පහරට ඇය ස්ටූල් එකත් පෙරලගෙන වැටුනා.ඉන් නොනැවතුනු ඔහු ඇගේ අතේ බාහුවෙන් අල්ලා නැගිට්ටවා නැවතත් ඇගේ කම්මුලට පහරක් එල්ල කරා.
“අනේ ගහන්න එපා විරේන්.අනේ එපා දෙයියනේ ආව්…………….”😭😭
“උඹ මං කව්ද කියලා දැනගෙනත් මෙහෙම කරන්න කොහෙන්ද උඹට හයියක් ආවෙ?ආ කියපන් දේවාන්ශි…………….”😡😡
“අනේ ගහන්න එපා විරේන්.මට සමාවෙන්න…………….”😭😭🙏
“මං උඹට සමාවක් දෙන්නෑ.මං මෙච්චර දවසක් ඉවසුවා.අද නම් ඉවසන්නෑ……………..”
එසේ පැවසූ විරේන් ඇයව ඔසවා ඇඳ මතට අත හැරියා.ඉන් පසු තමා ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා පැත්තකට විසික් කරා.සිදු වන්නට යන දෙය දේවාන්ශිට වැටහුනා.ඇය සිටියේ අධික බියකින්.
“අනේ වඳින්නම් විරේන් මේක නම් කරන්න එපා.අනේ මට සමාවෙන්න දෙයියනේ.අනේ මට මොකුත් කරන්න එපා විරේන්.මං ආයෙ ඔයා කියන විදියටම ඉන්නම්.ඔයා එපා කියන දෙයක් මං ආයෙ කරන්නෑ විරේන්……………..”😭🙏
අඬමින්ම මං කියපු කිසිම දෙයක් විරේන් ගනන් ගත්තෙ නෑ.එයා හිටියෙ ඒවා වැටහෙන තත්වෙක නෙවෙයි. උතුරා යන තරමේ කේන්තියකිනුයි විරේන් හිටියෙ.බෙල්ට් එක ගලවලා පැත්තකට දාපු විරේන් කලිසමේ බට්න් එකත් ගැලෙව්වා.
මං අත් දෙකෙන්ම මූණ වහගෙන කෑ ගහලා ඇඬුවා. නැගිටලා දුවන්න උත්සහ කරත් මාව ඇදලා ගත්තු විරේන් එයාගෙ ශක්තිමත් දේහයට මාව යට කරගත්තා.අත පය හොලවලා බේරෙන්න කොච්චර උත්සහ කෙරුවත් මට හෙලවෙන්නවත් නොහැකි වුනා.
“අනේ මාව අතාරින්න විරේන්.මට මොකුත් කරන්න එපා දෙයියනේ…………….”😭😭
මගේ කෑගැසීම් ඇඬීම් කනකට නොඇසූ විරේන් මං ඇඳන් හිටපු ගව්ම ඉන ගාවටම ඇද්දා.මගෙ අත් දෙක ඇඳට තියලා තද කරලා මගේ දෙතොල් උමතුවෙන් වගේ සිප ගත්තා.මං කොච්චර එපා කිව්වත් විරේන් මාව අතෑරියෙම නෑ.එයාගෙ රළු සිපගැනීම් හමුවේ මට දැනුනේ ලොකු වේදනාවක්. ඒ දත් වලට මගෙ ළමැද අසු වෙද්දී මට හිතුණා මේක තමයි මගෙ ඉරණම කියලා.
අද මට විරේන්ගෙන් බේරෙන්න බැරි වෙයි කියලා දැනුනා.පුලුවන් තරම් වෙර යොදලා විරේන්ව අහකට තල්ලු කරලා මං නැගිට්ටා.අහකට තල්ලු වුනු විරේන් මගෙ අතින් ඇද්දා.ඒ ඇදපු පාරට මගෙ නලල දඩාස් ගාලා ඇඳ වියලෙ හැප්පුනා.මුලු කාමරේට කලුවර වෙලා පෙනෙද්දී මාව පණ නැතිවීගෙන ගිහින් විරේන්ගෙ ඇඟට වැටුනා.
“මයි ගෝඩ්.මේකිට මොකද වුනේ?ලේ එනවා නේද නලලෙන්…………….”
දේවාන්ශිගෙ නලල තුවාල වෙලා ලේ ගලන්නට වුනා.බියට පත් වූ විරේන් ලේනුසුවක් ගෙන තුවාලෙ ගැට ගැසුවා. ඇයට කතා කරත් ඇය සිටියේ සිහි නැතිවය.නලලෙන් තවත් ලේ මතුවී එයි.විරේන් ඉක්මනින් සුරංගට ඇමතුමක් ගත්තා.
“මචං සුරංග ඉක්මනට ඩොක්ටර් රෝහිතට එන්න කියපන්කො…………….”📲
“හරි මචං.ඇයි උඹට මොකද උනේ?…………….”📲
“මට මොකුත් උන්නෑ යකෝ.දේවාන්ශිට සිහිය නෑ.කතා කරන්නෑ බං…………….”📲
“උඹ මාර මිනිහෙක්නෙ බං.යකෝ මෙච්චර කාලයක් ඉවසපු උඹට තව ටිකක් ඉවසන්න බැරි වුනාද?සිහි නැති වෙන්නම උඹ ඒකිට…………….”📲
“එහෙම දෙයක් නෙවෙයි හු### තො. මේකිගෙ ඔලුව හැප්පුනා.දැන් සිහිය නෑ තුවාල වෙලා ලේත් එනවා…………….”📲
“හරි බං.මං ඩොක්ටර්ට එන්න කියන්නම්…………….”📲
දුරකථනය විසන්ධි කරපු විරේන් දේවාන්ශි දිහා බැලුවා.ඇය සිටියේ කෙඳිරි ගාමින්.ඇයට සිහිය නෑ.නලලෙන් මතු වුනු ලේ කම්මුල පුරාම ගෑවිලා.ඇගේ උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත්.අල්මාරිය ඇරපු විරේන් සායක් සහ බ්ලව්ස් එකක් ගෙන දේවාන්ශිට ඇන්දෙව්වා.කලිසම සහ ටී ෂර්ට් එක ඇඳ ගත් විරේන් ඇය දෙස බලාගෙන සිටියා.පැය කාලක් යන විටදී ඩොක්ටර් ආවා.
නැවත හමුවෙමු