හතර වටින්ම අඳුර ගලා එමින් තිබුනි. විරේන් තාමත් ගෙදර ආවේ නැත. වෙනදා නම් මෙතරම් පරක්කු වන්නේ නැති නිසා මගේ සිතට බියක්ද දැනුනි. මොකක් හරි කරදරයක්ද දන්නෑ.කෝල් කරලා බලන්නත් හිතයි.

එක්කො ඕන්නෑ.කෝල් කර කර හොයන්න හැදුවොත් හිතේ තවත් බලාපොරොත්තු ඇති වෙයි.මාව අමතක කරනවා නම් ඒකට මං උදව් කරන්න ඕනි.

මෙච්චර පරක්කු වෙන්නෙ සමහර විට යාලුවෙක්ගෙ ගෙදරක ගිහිල්ලා බොනවා ඇති.මං එදා කිව්වනෙ මේ ගෙදරට යාලුවො ගෙන්නලා බොන්න ලෑස්ති වෙන්න එපා කියලා.ඕන වෙලාවක ගෙදර එන්නතෑ.

එහෙම හිතපු මං ජනේල් ටික වහලා නිදා ගත්තා.

විරේන් නිවසට පැමිණීම පරක්කු කෙරුවේ හිතාමතාමය.ඔහුට උවමනා වූයේ තමා තවමත් ප්‍රමාද වූ නිසා දේවාන්ශි කලබල වී දුරකථන ඇමතුමක් ලබා දී බලයි කියා.ඒත් ඇය එසේ කරේ නැත.

අඩුම මැසේජ් එකක්වත් එව්වේ නැත.ඔහු කල්පනා කරමින් උන්නාය.විරේන් මේ වන විට සිටින්නේ නුවරඑළියේ ඔහුගේ මිතුරෙකු සමඟ නිවසකය.

“මචං,උඹට හොඳටම වැඩියි දැන්. ඉක්මනට ගෙදර පලයන්.දේවාන්ශි මිස් උඹට කොස්ස ගනියි උඹ ඔහොම ඩ්‍රින්ක් අරන් ගියොත්……………..”

“තෝ……හිතුවෙ මං……ඒකිට බයයි කියලද?………………”

“නෑ නෑ උඹ ඒකිට බය නෑ.ඒකි උඹට බයයි.දැන් පලයන් ගෙදර.ඒකි උඹ එනකල් බලාගෙන ඇති……………….”

ඉන් පසුව විරේන් සිය මෝටර් රථයේම නිවසට පැමිණියා.දොරත් ඇරගෙන එහාට මෙහාට විසි වෙමින් පඩිපෙළද නැග ඔහු කාමරේට ආවා.දේවාන්ශි සිටින්නේ තද නින්දකය.ඇයට නොදැනෙන්නට සයනය මතට පැමිණි ඔහු ඇය දෙස බලා නිදා ගත්තා.

මත් පැන් ගඳක් දැනුනු නිසා මන් ඇස් ඇරලා බැලුවා.ඇඳේ අනික් පැත්ත හැරිලා බලද්දියි දැක්කෙ විරේන් නිදාගෙන ඉන්නවා.ඉවසගන්න බැරි තරම් අරක්කු ගඳයි.ගෙදර බොන්න එපා කිව්වම ඒ පාර පිටින් සිහියක් නැති වෙන්න හොඳටම බීලා එනවා.

උදේට හොඳවයින් දෙකක් කියලා දෙන්න ඕනි.දැන් මෙලෝ සිහියක් නෑනෙ.කනමදයා වගේ බීගෙන එනවා මටත් මෙතන හරියට නිදා ගන්න නෑ.

උදේම නැගිටලා මං ලෑස්ති වුනා.අද තමයි පාඨමාලාවෙ අන්තිම දවස. විරේන් තාම නිදි.කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔලුව පීරගත්තා. ටිකක් වෙලා යද්දී විරේනුත් නැගිට්ටා. මං දිහා බැලුවත් මං තරහෙන්ම අහක බලා ගත්තා.

“මොකෝ උදේ පාන්දරම රවන්නෙ?…………….”

“මේ විරේන් මං එකක් කියන්නම්.මීට පස්සෙ ඔය විදියට බීලා මගේ ගෙදරට නම් එන්න එපා.එහෙම ආවොත් නිදා ගන්න වෙන්නෙ එලියෙ……………..”😠😠

“ඊයෙ ටිකක් වැඩි වුනා දේවාන්ශි……………..”

“ටිකක් නෙවෙයි හොඳටම වැඩියි……………..”

“අද අන්‍තිම දවස නේද කෝස් එකේ?…………….”

“ඔව් අද අපිට සහතික දෙනවා.මං යනවා……………”

“හ්ම්ම්.හවස මං එන්නම් තමුසෙව ගන්න……………..”

මාස හයක පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව සාර්ථකව ඉවර කරලා මං ඒ සඳහා ලබා දෙන වටිනා සහතික පත්‍රය ලබා ගත්තා.උත්සව සභාවේ වැඩ කටයුතු ඉවර වෙද්දී හවස තුනයි විස්ස වුනා.විරේන් එන්නෙ හතරට නිසා මං එයා එනකල් බලන් ඉන්නැතුව ත්‍රී විලර් එකකින් ගෙදර ආවා.

“ලොකු බේබි අද කලින්ම.මහත්තයා කෝ?……………..”

මං ගෙට ගොඩ වෙද්දිම දයාවතී නැන්දා එහෙම ඇහුවා.

“විරේන් එන්නෙ හතරටනෙ.මං එයා එනකල් බලන් ඉන්නැතුව ත්‍රී විලර් එකකින් ආවා……………..”

දේවාන්ශි එන තෙක් විරේන් එම ආයතනයේ ගේට්ටුව අසලට වී පැයක් පමණ බලාගෙන සිටියා.ඇගේ ජංගම දුරකථනයට කිහිප විටක්ම ඇමතුම් ලබා ගත්තක් එය තිබුනේ ක්‍රියා විරහිතවයි.

විරේන් බිය වූයේ ඇයට කුමක් හෝ අනතුරක් සිදු වී ඇත්දැයි සිතාය.පැය එකහමාරක් පමණ බලා සිට ඔහු හවස හය වන විට ගෙදර ආවේ ඇය නිවසට පැමිණ ඇත්දැයි බැලීමටයි.

“තමුසෙ කාත් එක්කද දේවාන්ශි ගෙදර ආවෙ?……………..”

“ත්‍රීවිලර් එකකින් ආවෙ……………….”

“කීයටද ඕෆ් වුනේ?මං එතන පැය එකහමාරක් තිස්සෙ බලාගෙන ඉඳලා ආවෙ තමුසෙ ගෙදර ආවද කියලා බලන්න ආවෙ.මං බයෙන් හිටියෙ තමුසෙට කරදරයක් කියලා.ඒ මදිවට ෆෝන් එකත් ඕෆ් කරගෙන……………”

“තුනයි විස්සට ඕෆ් වුනේ.ඔයා එනකල් මට එතන රස්තියාදු වෙන්න බෑ.ඒ නිසා මං ගෙදර ආවා…………….”

“ආ එතකොට තමුසෙ එනකල් මං එතනට වෙලා පැය එකහමාරක් රස්තියාදු වුනා.ඒකට කමක් නැද්ද?………………”

“මං කිව්වෙ නෑනෙ ඔයාට මං එනකල් එච්චර වෙලා බලාගෙන ඉන්න කියලා. ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්න විරේන්…………….”

“මගේ වැඩක් ගැන තමයි මං බලා ගත්තෙ.තමුසෙත් මගේනෙ……………..”

විරේන් එහෙම කියලා මගේ ඉන වටේට අත් දෙක යවලා තුරුල් කර ගත්තා.

“එහාට යන්න විරේන්.මට වොශ් එකක් දාන්න යන්න ඕනි……………..”

“මටත් ඕනි.දෙන්නත් එක්ක වොශ් දාමු…………….”

එයා මාවත් ඇදගෙන බාතෲම් එකට ගියා.බාත් ටබ් එකට බැහැලා මාවත් ඇදලා ගන්න හැදුවා.

“මං ශවර් එකෙන් නා ගන්නම් විරේන්. විකාර කරන්න නම් ලෑස්ති වෙන්න එපා……………….”😡

බොහොම අමාරුවෙන් විරේන්ගෙන් මිදිලා මං ශවර් එක යටට ඇවිත් කර්ටන් එක දැම්මා.සීතල වුනත් කමක් නෑ කියලා හිතලා ශවර් ඇරලා ඒක යටට ගියා.නාගෙන ඉවර වෙලා ඔලුව පිහදාගෙන ටවල් එකත් ඇඳගෙන බාතෲම් එකෙන් එලියට ආවා.විරේන් හිටියෙ ලැප් එකේ මොකක්ද වැඩක් කරමින්.

කොණ්ඩෙ ගුලියකට ගැට ගහගෙන අල්මාරිය ඇරලා දණිස්ස ගාවට කොට කලිසමකුයි ස්කිනි එකකුයි ඇඳ ගත්තා.මෙයා ඉස්සරහ ඇඳුම් මාරු කරාට මොකද ඉතින්. මොකුත් නොකලාට එයා මගෙ හැම දෙයක්ම දැක්කනෙ.රෑට කාලා ඉවර වෙලා මං ෆෝන් එකත් අරගෙන ඇඳෙන් වාඩි වෙලා හැමදාම කියවන නවකතාවෙ අදට නියමිත කොටස කියවලා ඉවර කරා.

“තමුසෙ ගාව සුවඳයි…………….”

එහෙම කියපු විරේන් මගෙ ඔඩොක්කුව උඩින් එයාගෙ ඔලුව තියා ගත්තා.මං හිටියෙ ඇඳ වියලට හේත්තු වෙලා.ඊට පස්සෙ මගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා.මං අහක බලා ගත්තා.

“හෙට පන්සල් යමුද?……………..”

“ඒ ඇයි ?……………..”

“ඇයි කියන්නෙ ගෑණියෙ හෙට පෝයනෙ.හේතුවක් ඕනිද පන්සල් යන්න?……………..”

මට අමතක වුනානෙ හෙට පෝය කියලා.විරේන් මතක් කරද්දියි ඒක මතක් වුනෙත්.පුදුමයි මෙයාට පන්සල් යන්න මතක් වුනා.

“හ්ම්ම් යමු…………….”

“පුදුමයි…………….”

“ඒ ඇයි පුදුම?……………..”

“නෑ ඉතින්.තමුසෙ මාත් එක්ක ගමන් බිමන් යන්න කැමති නෑනෙ…………….”

“පන්සල්නෙ යන්නෙ.පිනක් කරගන්නනෙ.මං ආසයි පන්සල් ගිහින් මලක් පහනක් පූජා කරන්න…………….”

“හොඳ ගුණ යහපත් වයිෆ් කෙනෙක්නෙ මට හම්බෙලා තියෙන්නෙ.ආදරෙයි තමුසෙට……………”

විරේන් එහෙම කිව්වෙ මගෙ අතක් අල්ලලා එයාගෙ මුවට තියලා සිප ගන්න ගමන්.මගේ ඔඩොක්කුව උඩින් නැගිටපු එයා මගෙ උරහිසින් හිස තියා ගත්තා.රිමෝට් එක අරගෙන ටීවි එක ඔන් කරා.

“ටැමිල් ෆිල්ම් එකක් යන්නෙ බලමුද?…………….”

“හ්ම්ම්…………….”

ඒකෙ ඉන්න දුෂ්ඨයාත් විරේන් වගේ කියලා මට හිතුණා.ඒ ෆිල්ම් එක මං මීට කලින් බලලා තියනවා කියලා මට මතක් වුනා.ඒකෙ කොල්ලා හරිම දුෂ්ඨයි ඒ වගේම නපුරුයි.කෙල්ල කොල්ලට කැමති නෑ.කොල්ලා පෝසත්. කෙල්ල ටිකක් දුප්පත්.කොල්ලගෙ ආදරේට කෙල්ල කැමති නැති හින්දා හොරෙන්ම ගෙදරින් පැනලා ගිහින් එයාගෙ නැන්දා කෙනෙකුගෙ ගෙදර නවතිනවා.ඒත් කොල්ලා හැම තැනකම කෙල්ලව හොයනවා.

අන්තිමට කෙල්ල ඉන්න තැන කොල්ලා දැන ගන්නවා.ඊට පස්සෙ තමන්ගෙ මැරයො ටික දම්මලා කෙල්ලව කිඩ්නැප් කරනවා.හොඳටම බය වුනු කෙල්ල කොල්ලා ගාවින් පැනලා යන්න හදනවා.ඒත් කොල්ලා ගාව ඉන්න ආරක්ෂක භටයො හින්දා කෙල්ලව අහු වෙනවා.එක දවසක් රෑ කොල්ලා කෙල්ලට හොඳටම ගහනවා.ගුටි කාලා ගුටි කාලා කෙල්ලට පණ නැති වෙනවා. අන්තිම කෙල්ල ඇඳන් හිටපු ඇඳුම් ටික කෑලි කෑලි වලට ඉරලා විසික් කරපු කොල්ලා පැයක් තිස්සෙ කෙල්ලව රේප් කරනවා.

කොල්ලා කෙල්ලට මෙහෙම රිද්දන්නෙ වෛරයක් පිරිමහ ගන්න නෙවෙයි.පහුවදා කොල්ලා බලෙන්ම කෙල්ලව කසාද බඳිනවා.මුලදි වගේ නෙවෙයි කෙල්ලත් කොල්ලට ටික කාලයක් යද්දී ආදරේ කරනවා.

ෆිල්ම් එකේ කොල්ලා කෙල්ලව කිස් කරන සීන් එකක් තිබ්බා.ඒක යද්දී විරේන් ඇස් කොනකින් බැලුවා දේවාන්ශි දිහා.ඇය තොලත් හපාගෙන අහක බලන් ඉන්නවා.

“ඕක වහන්නකො අනේ.මට නිදි මතයි……………..”

“නිදිමතයිද එහෙම නැත්නම් තමුසෙට මේ සීන් එක බලන්න බැරිද?…………….”

“විකාර කියවන්න එපා විරේන්.දැන් දහයත් පහු වෙලානෙ……………….”

ඊට පස්සෙ විරේන් ටීවි එක ඕෆ් කරා.

“නිදි මතයි කිව්වෙ බොරුවට නේද?…………….”

“ඔයාට පිස්සු විරේන්…………….”

“මටත් පිස්සු තමයි.තමුසෙව ළඟ තියාගෙන මෙහෙම සිල් ගත්තා වගේ ඉන්න ගියාම…………….”

එහෙම කියපු විරේන් මගෙ ස්කින් එකේ පටි දෙක උරහිසින් පහලටම ඇද්දා.මාව බිත්තියට හේත්තු කරගෙන මගේ දෙතොල් ඒ දෙතොල් වලින් අල්ලා ගත් විරේන් දෑඟිලි මගේ ළමැද පුරා ගෙන ගියා.මගේ දෙතොල් වලින් ඈත් වෙලා ගෙල දෙපස හාදු තැවරුවා.

මට මාවම පාලනය කර ගත නොහැකි වද්දී විරේන් මාව සයනය මත සතපවාගෙන මගේ ස්කින් එක තව ටිකක් පහතට ඇද්දා.ඒ දෙතොල් වල පහස ලැබෙද්දී මං හිටියෙ මත් වෙලා වගේ.

එක්වරම විරේන්ගෙ දුරකථනයට කෝල් එකක් ආවා.ඉලෙක්ට්‍රික් ශොක් එකක් වැදුනා වගේ මං ටක් ගාලා විරේන්ව අහකට තල්ලු කරලා ඇඳුමත් හදාගෙන ඇඳෙන් බැහැලා බැල්කනියට ආවා.

දෙයියනේ මට මොකද එකපාරටම වුනේ.ඇයි මං විරේන්ට එච්චර ඉඩ දුන්නෙ.එයා මාව අවුස්සද්දි මටත් ඉන්න බෑ.මගේ සීමාවෙ මං ඉන්න ඕනි. කෝල් එක ආන්සර් කරලා කතා කරලා ඉවර වෙලා විරේන් බැල්කනියට ආවා.

“මොකෝ තමුසෙට එකපාරටම වුනේ? අපරාදෙ වෙලාවටම කෝල් එක ආවනෙ……………..”

“ප්ලීස් මාව අවුස්සන්න එපා විරේන්………………”

“මං ආසයි තමුසෙව අවුස්සන්න.ඊට පස්සෙ මාත් ඇවිස්සෙන්න……………..”

“මට නිදිමතයි.ඔය දොර වහලා එන්න නිදා ගන්න……………”

එහෙම කියලා මං ඇඳට ඇවිත් නිදා ගත්තා.

මතු සම්බන්දයි