අඳුරෙහි ගිලුණු👁️👁️🔥🔥

“අර දරුවා එයාගෙ සහෝදරයත් එක්ක මොකක් හරි අමනාපයක් තියනවද දූ?………………….”

සෙනේෂුයි එයාගෙ අම්මයි ගෙදර ගියාට පස්සෙ අප්පච්චි මගෙන් එහෙම ඇහුවා.

“ඇයි අප්පච්චි එහෙම ඇහුවෙ?………………….”

“නෑ ඉතින්.මේ වගේ දවසක තමන්ගෙ සහෝදරයත් එක්ක මෙහෙ එන්න ඕනිනෙ.තමන්ගෙ පව්ලෙ වැඩකට වඩා වැදගත් වෙන දේවල් තියනවද?……………………”

අප්පච්චි කියන කතාව හරි කියලා මට හිතුණා.මල්ලිට අයියත් එක්ක මේ ගමන එන්න බැරි වෙන්න තරම් වැදගත් වුනාද ඒ වැඩේ?

“එහෙම අමනාපයක් නෑ අප්පච්චි. හැබැයි සෙනේෂ් වගේ නෙවෙයි එයාගෙ මල්ලි සෑහෙන වෙනස් ගතිගුණ අතින් එහෙම.සෙනේෂ්ගෙ මල්ලි හරිම මුරණ්ඩුයි හිතුවක්කාරයිලු පුංචි කාලෙ ඉඳන්ම.අද නාවට කමක් නෑ එයා වෙඩින් එක දවසටවත් එන්නතෑ…………………”

“එදාටත් මිනිහට වැදගත් වැඩක් යෙදෙයිද දන්නෑ එන්න බැරි වෙන්න…………………”😆😄

අම්මවයි මාවයි සිනහ ගස්වමින් අප්පච්චි එහෙම කිව්වා.හැබැයි ඉතින් එහෙම වෙයිද දන්නෙත් නෑ.

සුරේෂ් අද සෙනේෂ් එක්ක මෙහෙ එන්න නැතුව ඇත්තෙ එදා මං ගහපු කම්මුල් පාර නිසා වෙන්න ඇති කියලා මට හිතුණා.එයා ආපු නැති එකත් හොඳයි.තමන්ගෙ සහෝදරයගෙ බිරිඳ වෙන්න ඉන්න කෙනා කියලා හිතන්නෙවත් නැතුව එදා මගෙන් අතින් අල්ලලා කියපු දේවල් මතක් වෙද්දී මට සුරේෂ් ගැන දැනුනේ කේන්තියක්.

කවදා හරි මං සෙනේෂ් එක්ක විවාහ වුනාම පදිංචි වෙන්න වෙන්නෙ සුරේෂ් ඉන්න ඒ ගෙදරමයි කියලා දැනුනම මගෙ හිතට බයකුත් දැනුනා.ඒත් මගෙ හිතට සුරේෂ්ව දකින හැම මොහොතකම මහාම මහා අමුත්තක් දැනෙනවා.ඒක බයක්ද තරහක්ද එහෙනම් නැත්නම් කුතුහලයක් වගේ දෙයක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා.

මේ විදියට දින කිහිපයක්ම ගෙවිලා ගියා.සුපුරුදු පරිදි හැමදාම උදේම නැගිටලා සෙනේෂ්ගෙ කාරෙකේම ඔෆිස් යනවා.හවසට ඕෆ් වුනාමත් සෙනේෂ් මාව ගේ ගාවින් ගෙනත් බස්සනවා.ඔෆිස් එකේ හැමෝමත් අපේ සම්බන්දෙ දැනගෙන හිටියා.ලබන වසරෙ මැයි මාසෙ අපි දෙන්නා විවාහ වෙන්න සූදානමිනුයි ඉන්නෙ.අද අපේ අම්මයි අප්පච්චියි දෙන්නා සෙනේෂ්ගෙ ගෙදර යන්න ලෑස්ති වෙනවා.මාත් ඉතින් එයාලත් එක්ක යන්න ලෑස්ති වුනා.උදේ අට විතර වෙනකොට අපි තුන් දෙනාම සෙනේෂ්ලාගෙ ගෙදරට ආවා.

“අපි මේ ඔයාලා එනකල් බලාගෙන හිටියෙ.කෝල් කරපු වෙලාවෙ හැටියට අපි හිතුවෙ මීට වඩා කලින් එයි කියලා…………………….”

“කලින් එන්න තමයි හිටියෙ කෝ ඉතින් මෙයා ලෑස්ති වෙන්න ගියාම පැය ගානක් ගත වෙනවනෙ……………………”

අම්මා මාව පෙන්නලා සෙනේෂ්ගෙ අම්මට ඒ විදියට කියද්දි මට ලැජ්ජත් හිතුණා.වටපිට බැලුවත් සෙනේෂ් පේන්නවත් හිටියෙ නෑ.මට එන්න කියලා මේ මනුස්සයා කොහෙද ගියේ?

“පුතා පොඩ්ඩක් එළියට ගියා දුවේ.දැන් මග එනවත් ඇති.වාඩිවෙන්නකො කට්ටියම………………….”

සෙනේෂ්ගෙ අම්මට තේරුණා මං වටපිට බල බල කාවද හොයන්නෙ කියලා.මං ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා පුටුවකින් වාඩි වුනා.අපි තේ බිබී ඉන්න අතරතුර සෙනේෂ් ආවා.

“ආ පුතා……මල්ලි කෝ?අදවත් මේ ළමයා ගෙදර නැද්ද?…………………”

“මල්ලි ආවා අම්මෙ ගේට් එක ගාවට එනකල්ම.මොකක්ද වැඩක් කියලා ආපහු ගියා.එන්න පරක්කුයි කියලා ගියා……………………”

“අනේ මන්දා මේ ළමයා නම්.මේ කට්ටිය තාම පොඩි පුතාව ඇහැටවත් දැකලා නෑ………………….”

සෙනේෂ්ගෙ අම්මා දුක් වුනා සුරේෂ් ගෙදර ආපු නැති එකට.ඒත් මට නම් දුකක් දැනුනෙ නෑ.සෙනේෂ් මට ඔලුවෙන් කතා කරා එළියට යමු කියන්න.මමත් සෙනේෂ් එක්ක මිදුලට ඇවිත් බංකුවෙ වාඩි වුනා.

“ආපු වෙලාවෙ ඉඳන් බලාගෙන හිටියෙ ඔයා කීයටද එන්නෙ කියලා…………………”

“මං ඇක්සිඩන්ට් වෙලා හිටපු යාලුවෙක්ව බලන්න එයාගෙ ගෙදරට ගියා මැණික.ඔයාලා උදේ එනවා කියපු ඉක්මනට ගිහිල්ලා ආවා……………………”

“මේ ඒක නෙවෙයි.ඔයාගෙ මල්ලි අපේ වෙඩින් එකටවත් එයිද?…………………”

“අහ්……වෙඩින් එකටනම් කොහොමත් එයාට එන්න වෙනවනෙ.හැබැයි ඉතින් එදාටත් එයාට හදිස්සි වැඩක් යෙදෙයිද දන්නෑ…………………..”😆😄

“අපේ අප්පච්චි කිව්වෙත් ඕකම තමයි…………………..”

අපි ටික වෙලාවක් එක එක දේවල් කතා කර කර හිටියා.අපේ වෙඩින් එක ගන්න ඕනි විදිය අපේ අනාගතේ ගැන ගොඩාක් දේවල් අපි කතා කරා.

“ඔයා මේ ඇඳුමට මාර ලස්සනයි මහී. ඔයාට ශල්වාර්,සාරි එහෙම මාර විදියට මැච් වෙනවා……………….”

“මේක අරන් දුන්නෙ ඉන්දියා වල අපේ නැන්දා.එතකොට මට අවුරුදු දාහතයි. මේකෙ ලස්සන බලන්න මට එතකොට ඇස් පෙනුනෙ නෑ……………………”

මගෙ හිතට දුකක් දැනුනු බව සෙනනේෂ්ට තේරුණා.එයා උරහිස වටේට අත යවලා මට තුරුල් වුනා.මං කලින් ආත්මෙක මොකාක් හරි ලොකුම ලොකු පිනක් කරලා තියනවා.ඒකයි මට මෙච්චර උසස් රත්තරං ගතිගුණ තියන මනුස්සයෙක්ව හම්බුනේ.

එහෙම නැත්නම් මං වගේ මේ තත්වෙට පත් වුනු කෙල්ලෙක්ව බාර ගන්නෙ කව්ද?සෙනේෂ්ට මං මගෙ මුලු ජීවිත කාලෙටම ණයයි.එයා හින්දයි අද මං මේ තරම් සන්තෝශෙන් ඉන්නෙ.

“මොනවද කල්පනා කරන්නෙ?අපි දෙන්නගෙ අනාගතේ ගැනද?…………………”

මගෙ උරහිසේ ඔලුව තියාගෙනම සෙනේෂ් එහෙම ඇහුවා.

“හ්ම්ම්……………………”

“කල්පනා කරන්න දෙයක් නෑ.අපේ අනාගතේ ගොඩාක් ලස්සනයි.තව මාස පහකින් අපි දෙන්නා මැරි කරලා මේ ගෙදරට එනවා.මං ඒ ෆැමිලි එකේ බෑණා වෙද්දී ඔයා මේ ෆැමිලි එකේ ලොකු ලේලි වෙනවා.අපි දෙන්නටම අලුත් පව්ලක් ලැබෙනවා.මේ ගෙදර තියන පාළු නිහඬ ගතිය නැති වෙයි පුංචි පුංචි පැටව් දෙතුන් දෙනෙක් කෑ ගගහා ගේ වටේටම දුවනකොට.මට මැවි මැවි පේනවා.අම්මෝ අයියෝ ආ………මට මැවිලා පේනවා…………………”😂🤣😆😀

අත පය හොලව හොලව සෙනේෂ් හයියෙන් කියවන විදියට මට පුදුමත් හිතුණා.එකපාරටම මේ මනුස්සයට මොකද වුනේ?😱😱

“සෙනේෂ්,ඔයාට මොකද මේ වුනේ?මොනවද ඔයාට මැවිලා පේන්නෙ?කියන්නකො අනේ……………………”

මං සෙනේෂ්ගෙ උරහිසට පහරක් ගසමින් ඇහුවා.ඒත් මේ යකා බඩත් අල්ලගෙන කැකිරි පලනවා.😃😃

“ඔයාට පිස්සු හැදීගෙන එනවද සෙනේෂ්.මොනවද ඔයාට මැවිලා පේන්නෙ?…………………….”😠

“ඔයා ලොකු බණ්ඩියකුත් උස්සගෙන කෝටුවකුත් අතේ තියාගෙන අපේ පොඩි උන් දෙතුන් දෙනා පස්සෙන් සැර කර කර පන්නනවා.ගෙදර එකම යුද්ධ පිට්ටනියක් වගේ තියෙයි එතකොට නම්…………………..”

“අම්මෝ සෙනේෂ් ඔයා හිතලා තියන දුර.තාම වෙඩින් එකවත් ගත්තෙ නෑ. මෙයා පැටව් ගොඩකුත් හදලා ඉවරයි…………………”

“ඇයි ඔයා කැමති නැද්ද?……………….”

“කැමතියී………………….”

“එහෙනම් යමු………………….”

“කොහෙද?…………………..”

“උදේට කන්න.මට බඩගිනියි…………………..”

          **************************

මැයි මාසෙ පහලොස් වෙනි සඳුදා තමයි අපේ වෙඩින් එක තියෙන්නෙ.හරියටම තව මාස පහක් තියනවා.අප්‍රේල් මාසෙ අන්තිම වෙනකොට මට රස්සාවෙන් අයින් වෙන්න කියලා සෙනේෂ් කිව්වා. අඩුම තරමෙ අවුරුදු දෙකක්වත් සම්පූර්ණ වෙනකල් මං ජොබ් එක කරන්නද කියලා මං සෙනේෂ්ගෙන් ඇහුවා.එයා ඒකට මොකුත්ම කිව්වෙ නෑ.රවලා නපුරුම නපුරු විදියට මං දිහා බැලුවා විතරයි.ඊට පස්සෙ ඒ ආසාව මං අතෑරගත්තා.

එක දවසක් මං හවස් වෙලා ටව්න් ගිහින් එනකොට අපේ ගෙවල් වලට හැරෙන ප්‍රධාන පාරෙ කාරෙකක් නවත්තලා තිබුනා.මං අයින් වෙලා යන්න හදද්දී එකපාරටම ඇතුලෙ හිටපු කෙනා කාරෙකේ දොර ඇරගෙන එළියට බැස්සා.ඒ වෙන කවුරුවත් නෙවෙයි සෙනේෂ්ගෙ මල්ලි සුරේෂ්.මට එකපාරටම ඇති වුනේ නොරිස්සුම් සහගත හැඟීමක්.මෙයා මොනවද මේ පාරෙ කරන්නෙ?

“ආ නෑනෝ……කොහෙද යන්නෙ?…………………..”

සුරේෂ් ගාවින් අරක්කු ගඳක් ආවා.මූ බීලා ඉන්නෙ.

“ගෙදර යන්නෙ.ඇයි අහන්නෙ?…………………..”😠

“අම්මෝ……මෙයාගෙ තියන සැර. ඔහොම කේන්ති ගන්න එපා.ඔයා ඉක්මනටම නාකි වෙයි සුදූ…………………”

මූ එහෙම කියලා මගෙ මූණ අල්ලන්න හැදුවා.මං ටක්ගාලා පිටි පස්සට ගියා. කිසිම හැදියාවක් නැති අවලං මිනිහෙක්.තමන්ගෙ සහෝදරගෙ බිරිඳ වෙන්න ඉන්න කෙනා කියලා හිතන්නැතුව හැසිරෙන හැටි.

“මේ මට තමුං එක්ක කතා කරලා මගෙ කාලෙ නාස්ති කර ගන්න බෑ.මම යනවා………………….”

“යන්න එපා පැටියෝ………ඔහොම ඉන්නකෝ.ඔයා කියන්න ගෙදරට සෙනේෂ්ව……..මැරි කරන්න බෑ කියලා…………………..”

“ඒ මොකද?………………….”

“ඔයාව දැක්ක දවසෙ ඉඳලා මගෙ හිත…………. පිස්සු වැටිලයි තියෙන්නෙ……..අයියා ඕන්නෑ.මාත් එක්ක එනවකො…………………..”

ශික්……මේ වගේ අවලං මිනිහෙක්.මට මූව මරලා දාන්න තරම් කේන්තියි දැන් නම්.මං යන්න හදද්දී සුරේෂ් මගේ අතින් අල්ල ගත්තා.හිත හිතා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.වටපිටාවෙ ඉන්න කවුරුහරි දැක්කොත් එහෙම හොඳ නෑනෙ.මං අත දිගෑරලා සුරේෂ්ගෙ කම්මුලට ගහලා ඌව තල්ලු කරා.මං තල්ලු කරපු පාරට සුරේෂ් කන්ට්‍රෝල් නැතුව කාරෙකේ දොරේ හැප්පිලා බිම වැටුනා.ඊට පස්සෙ මං ටක්ගාලා ගෙදරට දිව්වා.

බිම වැටුනු සුරේෂ් නැගිටලා වැලිත් පිහදාගෙන කම්මුලත් අල්ලගෙන දුවගෙන මහීමා දිහා කේන්තියෙන් බැලුවා.

බලමුකො උඹ සෙනේෂ් එක්ක මඟුල් කන හැටි.අයියට කලින් මං උඹව මං ගාවට ගන්නවා.මේ සුරේෂ් කොහොම කෙනෙක්ද කියලා උඹ තාම දන්නෙ නෑ. උඹේ සෙල්ලම් ළඟදීම ඉවරයි.හොඳින් බැරි නම් නරකින් හරි මට ඕනි දේ මං කරනවා කරනවාමයි.😡😡

නැවත හමුවෙන තුරු විරාමයක්

Advertisment