මේ……ඊයෙ ලවර්ස් පාර්ක් එකේ මාර ලව් සීන් එකක් තිබුනලු නේද?………………”
මං ඔෆිස් එක ඇතුළට යනකොටම දිල්හාරා හැමෝටම ඇහෙන්න එහෙම කිව්වා.මගෙ බඩ පපුවත් එක්කම රත් වෙලා ගියා ඒක ඇහුනම.දෙයියනේ ඒ කියන්නෙ මෙයාලා කවුරුහරි සෙනේෂ්වයි මාවයි දැකලාවත්ද?දැන් ඉඳලා ඉවරයි ඉතින්.
මුන් මාව බයිට් එකට ගනියි.මට දැනුනු ලැජ්ජාවට පොළව පලාගෙන යන්න තරම් හිතුණා. ඔෆිස් එකේ හැමෝගෙම දෑස් යොමු වෙලා තිබුනෙ මා වෙතටයි.දිල්හාරා මං ගාවට ඇවිත් මගෙ අතකින් අල්ල ගත්තා.අරෝෂ,මයුමි,කවිඳු,තෙනුජ හැමෝම මං ගාවට ආවා.
“ඒක නෙවෙයි මහීමා දැන් කවද්ද අපිට වෙඩින් කේක් කෑල්ලක් කන්න පුලුවන්?………………..”😃
අරෝෂ සිනහවෙන්ම මගෙන් එහෙම ඇහුවා.
“වෙඩින් කේක් නම් කඩවල් වලත් තියෙන්නෙ අරෝෂ.අරගෙන කන්නකො ඉතින්…………………”😆
“ඕං කිව්වා එකක්.මං ඇහුවෙ ඔයාගෙයි
සෙනේෂ් සර්ගෙයි වෙඩින් එක කවද්ද කියලා…………………”
“වෙඩින් ගන්න තව කල් තියනවා.ඒක නෙවෙයි ඔයාලා කව්ද අපි දෙන්නව දැක්කෙ?…………………..”
“ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. අරෝෂ දැකලා තියෙන්නෙ.ඌත් උගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක පාර්ක් ගිහිල්ලා………………..”
දිල්හාරා අරෝෂගෙ පිටට තට්ටුවක් දාලා එහෙම කිව්වා.හැමෝම මූණ පුරා හිනා වෙද්දී මං හිටියේ හිත පුරා පැතිරී ගිය ලොකූ ලැජ්ජාවකින්.
“ඉතින් අරෝෂ ඔයාට තිබුනනෙ ඇවිත් අපි දෙන්නත් එක්ක කතා කරන්න. දැකලාත් දැක්කෙ නෑ වගෙ හිටියනෙ. පුදුම යාලුවො තමයි ඔයාලා නම්…………………..”
මම නෝක්කාඩු ස්වරයෙන් අරෝෂට එහෙම කිව්වා.ඇත්තටම ඇයි අරෝෂ සෙනේෂ්වයි මාවයි පාර්ක් එකේදි දැකලාත් සද්දෙ නැතුව හිටියෙ?ඇයි දන්නෑ කතා නොකරෙ?🤔🤔
“අයියෝ එහෙම කියන්න එපා මහීමා මායි නිරූෂායි ඔය දෙන්නත් එක්ක කතා කරන්න තමයි ආවෙ.ඒත්…..ළඟට ඇවිත් ආපහු හැරිලා ගියා…………………”
“ඒ ඇයි ආපහු හැරිලා ගියේ?………………..”
මං ඇහුවේ පුදුමයකින් වගේ.කතා කරන්න ළඟට ඇවිල්ලත් ඇයි මුන් දෙන්නා කතා නොකර ගියේ?🤔
“නෑ නිකන් මේ………………..”
අරෝෂ මොනවා හරි කියන්න හදලත් නොකියා ගිල ගත්තා.ඇත්තටම අරෝෂ අද නැගිටලා තියෙන්නෙ ඇඳේ වැරදි පැත්තෙන්ද?මූට අන්දකයිප්පුවත් කැවිලද?🤣😂
“ඇයි ඒ නිකන් කිව්වෙ?ඇත්තටම ඇයි අරෝෂ මොකද වුනේ?………………..”
“නෑ මං ඔයාලා දෙන්නත් එක්ක කතා කරන්න කියලා හිතාගෙන ළඟට ආවෙ. එතකොට ඔයාලා……….දෙන්නා………… අයිස්ක්‍රීම්……. කකා………..හිටියෙ.ඉතින් අපි දෙන්නා ආපහු ගියා………………..”
ඇදලා පැදලා වගේ කට ඇරලා අරෝෂ එහෙම කියද්දියි මගෙ ඇස් උඩ ගිහින් වෙච්චි දේ සිහියට ආවෙ.ඒ කියන්නෙ මූ ඒකත් දැකලාද?හැමෝම බකස් බකස් ගාලා හිනා වෙද්දි මං අරෝෂට බෑග් එකෙන් පාරක් ගහලා මගේ රූම් එකට ආවා.දැන් ඉතින් වස ලැජ්ජාවයි. සෙනේෂ් මේක දැන ගත්තොත් මොනවා කියයිද දන්නෑ.
“මහීමා එන්නකෝ………………..”
“ඇයි සර්?………………..”
මං සර් කියනකොට සෙනේෂ් පුදුම වෙලා වගේ මං දිහා බැලුවා.මං කිසිම වෙනසක් නොපෙන්වා හිටියා.
“මෙච්චර ඉක්මනට මං කියපුවා අමතක වුනාද?…………………”
“මේකයි සර් මේක ඔෆිස් එකනෙ. රාජකාරි වෙලාවෙදි ඔයා මං ඔයාට සර් කියන්නම්.රාජකාරි වෙලාවෙන් පිට මං ඔයාට සෙනේෂ් කියලා කතා කරන්නම්………………….”
“ඕකේ මිස් මහීමා.එහෙනම් ඔයා මට මේ ෆයිල් එක රෙඩි කරලා මේ ලියුම් දෙක ටයිප් කරලා ගෙනත් දෙන්නකො…………………”
“හා සර්………………….”
හිනාව තද කරගෙන මං හා කියලා ඒ ෆයිල් එකයි ලෙටර් එකයි අරගෙන මගේ ටේබල් එකට ආවා.මං දැක්කා සෙනේෂ් කීප වතාවක්ම මං දිහා බලනවා.මං ඒක දැක්කෙ නෑ වගේ ඉඳලා මගේ වැඩේ කරා.
හවස වැඩ ඕෆ් වුනාට පස්සෙ වෙනදා වගේම සුපුරුදු පරිදි සෙනේෂ්ගෙ කාරෙකේම ගෙදර එන්න පිටත් වුනා.
“ඒක නෙවෙයි මහීමා අරෝෂ ඇහුවනෙ මගෙන් කවද්ද වෙඩින් එක කියලා.ඌ ඊයෙ අපි දෙන්නව පාර්ක් එකේදි දැකලා…………………..”
“ඒකනේ මගෙනුත් උදේ ඇහුවා.කට්ටිය සෑහෙන බයිට් කරා මාව………………….”
“අම්මයි තාත්තයි මොකද කියන්නෙ මහීමා මං ගැන?…………………..”
රියදුරු අසුනේ හිඳ වාහනේ පදවන ගමන්ම සෙනේෂ් මගෙන් එහෙම ඇහුවා.
“ඔයා ගැන හොඳමයි කියන්නෙ එයාලා දෙන්නා.කොටින්ම කියනවනම් එයාලා දෙන්නා මටත් වඩා ඔයාට ආදරෙයි………………….”
“අපේ ගෙදරත් එහෙමයි.අම්මා මටත් වැඩිය ඔයාට ආදරෙයි.මහීමා දුව,මගේ දූ කියලමයි මාත් එක්ක ඔයා ගැන කතා කරන්නෙ………………….”
“එහෙනම් නැන්දම්මා ලේලිට ගොඩාක් ආදරෙයි………………..”
“හ්ම්ම් ඔව්…………………”
“අම්මා මල්ලිට වඩා ඔයාට නේද ආදරේ?………………..”
“එහෙමමත්ම නෑ මහීමා.අම්මා මටයි මල්ලිටයි දෙන්නටම ආදරෙයි.ඒත් මල්ලි මට වඩා ගොඩාක් වෙනස් කියලා හැමෝම කියනවා.එයා හුඟක් සෙල්ලක්කාර චරිතයක්.හරිම මුරණ්ඩුයි.තාත්තා ජීවතුන් අතර ඉන්න කාලෙ වුනත් එයා කියන කිසිම දෙයක් මල්ලි අහන්නෙ නෑ.හරිම හිතුවක්කාරයි මල්ලි.ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නෑ එයාට……………………”
“අයියා උපාසකයෙක් මල්ලි ත්‍රස්ථවාදියෙක් එහෙමද?…………………”😁😆🤣
මං හිනාවෙමින්ම සෙනේෂ්ගෙන් එහෙම ඇහුවා.අනේ මගෙ උපාසකයා.
“මං උපාසකයෙක් නෙවෙයි.දන්නෑ මගෙ හැටි තාම……………………”
සෙනේෂ් එහෙම කිව්වෙ එක අතකින් මගෙ ඉන කොනිත්තලා.
“අම්මෝ බයේ බෑ……………………”
“තාම බය වුනේ නෑ.ඔහොම ඉන්නවකො මැරි කරනකල්.ඊට පස්සෙ මං පෙන්නන්නං උපාසකයගෙ තරම…………………….”😆😁
“හරි හරි බලමුකො මහත්තයො.දැන් වාහනේ නවත්තන්න.ගේ ළඟටම ආවා……………………”
මං කිව්වෙ නැත්නම් සෙනේෂ්ට ඒ ඉස්සරහයින් වාහනේ නවත්තන්න අමතක වෙනවා.ඒ තරමටම සිහිය විකල් වෙලා මෙයාගෙ.
“ඒයි ඔහොම ඉන්නවා……………………”
දොරත් ඇරගෙන කාරෙකෙන් බහින්න හදද්දී සෙනේෂ් මාව නැවැත්තුවා.
“ඇයි සෙනේෂ්?…………………….”
“ගේ ගාවට ආවා විතරයි ගාල කඩා ගත්තු වැස්සි වගේ මෙලෝ සිහියක් නැතුව දුවන්න හදනවා.ඔහොම ඉන්නවා………………….”
“මං වැස්සි නම් ඔයා වස්සා…………………”😁😂
“හිටපිය එළදෙණ ඔහොම.ආ මේකත් අරන් යනවා.කෙල්ලො කැමතියිනෙ චොක්ලට් කන්න.කාලා ඉවර වෙලා දත් මදිනවා.නැත්නම් දත් පණුවො කයි…………………”
“හානේ……තැන්ක්‍යූ සෙනේෂ්.චොක්ලට් වලට නම් මං ගොඩාක් ආසයි.අනේ තැන්ක්‍යූ……උම්ම්ම්මා………………….”
සෙනේෂ් දීපු ලොකූ චොක්ලට් එකත් අතට අරන් එයාගෙ කම්මුලට තද කරලා කිස් එකක් දීලා මං කාරෙකෙන් බැහැලා ආවා.
මහීමා කාරෙකෙන් බැහැලා යන දිහා සෙනේෂ් බලාගෙන හිටියේ ඇය කිස් කරපු කම්මුලත් අතගගා පැණි බේරෙන හිනාවකුත් දාගෙනමයි.ඉන් පසු සෙනේෂ් කාරෙක ආපස්සට හරවගෙන ඔහුගේ නිවසට ආවා.ඔහු ගේ ඇතුලට එද්දී අම්මා හිටියේ පල්ලෙහා තට්ටුවේ සාලෙට වෙලා.ඒ අසලම නිවසේ මෙහෙකාරිය වූ විමලාත් හිටියා.
“අම්මා තේ බිව්වද?…………………..”
සෙනේෂ් අම්මා ලඟට ගිහින් කර වටේට අත් දෙක දාගෙනම එහෙම ඇහුවා.
“ඔව් පුතා.විමලා පුතාටත් තේ එකක් හදාගෙන එන්නකො………………….”
විමලා සෙනේෂ් දිහා බලලා අමුතු විලාසයකින් හිනා වෙලා කුස්සියට ගියා.ඒ හිනාව නම සෙනේෂ්ට එතරම් ඇල්ලුවෙ නෑ.ඒත් සෙනේෂ් දන්නෙ නෑ විමලා ඇයි සෙනේෂ් දිහා බලලා හිනා වුනේ කියලා.අම්මාත් සෙනේෂ්ගෙ මුහුණ දිහා බලලා කට තද කරගෙන හිනා වුනා.
“ඇයි අම්මා ඔහොම හිනා වෙන්නෙ?අර විමලා ඇන්ටිත් අමුතු තාලෙකට හිනා වුනා…………………”
“පිස්සු කොල්ලා.යන්න කාමරේට ගිහිල්ලා කණ්ණාඩියෙන් මුහුණ බලන්න………………….”
සෙනේෂ් ඉක්මනට පඩිපෙළ නැගලා කාමරේට ගියා.කමිසෙ බොත්තම් ගලවන ගමන් කණ්ණාඩියෙන් මුහුණ බැලුවා.එතකොටයි ඔහුට වැටහුනේ ඇයි අම්මයි විමලා ඇන්ටියි තමන් දෙස බලලා හිනා වුනේ කියලා.ඉස්සෙල්ලා මහීමා තමාව කිස් කරද්දී ඇගේ ලිප්ස්ටික් ගාපු තොල් වල පාර හොඳට කම්මුලේ මැදම හිටලා.සෙනේෂ්ට ඇති වුනේ ලැජ්ජාවක්.
හොඳ වෙලාවට මං කාරෙකෙන් බැහැලා වෙන කොහෙවත් නොගියෙ. පාරෙ වෙන කවුරු හරි දැක්කා නම් වස ලැජ්ජාව.ඔහු ඒ ලිප්ස්ටික් පාර අතින් පිසදා ගත්තා.
දින සති ගනන් ගෙවිලා ගියා.සෙනේෂ් එයාගෙ අම්මත් එක්ක අපේ ගෙදර ආවා අපේ කසාදෙ ගැන කතා කරගන්න.ඊට කලින් සෙනේෂ් අපේ අම්මටයි අප්පච්චිටයි කිව්වා මගෙ අතීතයේ සිදු වුනු ඒ අමිහිරි සිදුවීම එයාගෙ අම්මට කියන්න එපා කියලා. මට දැනුනේ සෙනේෂ් ගැන අසීමිත ආදරයක්.මේ වගේ ආදරයක් ලබන්න මං ගොඩාක් පිං කරලා තියනවා කියලා මට දැනුනා.
“අපි දෙගොල්ලොම මේ කසාදෙට කැමති එකේ තව මොකටද මේවා කල් දාන්නෙ.ලඟම හොඳ දිනයක් දාගෙන මේ කටයුතු එකලාසයක් කරලා දාමු………………….”
එහෙම කිව්වෙ සෙනේෂ්ගෙ අම්මා. සෙනේෂ් කාටවත්ම නොපෙනෙන්න මං දිහා බලලා ඇහැක් ගැහුවා.
“ඔව් ඔව්.ඒක නම් ඇත්ත තමයි.ලබන මැයි මාසෙ නම් හොඳ නැකත් තියනවා.ඒ මාසෙන් හොඳ නැකතක් බලවගම්මු. තව මාස කීපයක්මත් තියනවනේ…………………”
අප්පච්චිගෙ ඒ තීරණේට අපි ඔක්කොම කැමති වුනා.මැයි මාසෙට තව මාස හයක් විතර තියනවා.
“ඒක නෙවෙයි අහන්නත් අමතක වුනා තව පුතෙක් ඉන්නවා කිව්වා නේද?මේ දරුවගෙ මල්ලි.කෝ ඒ ළමයා ආවෙ නැත්තෙ ඇයි?…………………..”
“පොඩි පුතා එන්න තමයි හිටියෙ.ඒත් හදිස්සි වැඩක් යෙදුනු නිසා එයා ආවෙ නෑ…………………..”
සුරේෂ් නම් එන්න නැතුව ඇත්තෙ ඉරිසියාවටම තමයි.හොඳයි ඌ ආපු නැති එකම.සෙනේෂ්ගෙ මයිලක්වත් තරම් වටින්නෙ නෑ සුරේෂ්.
අම්මලා දෙන්නයි අප්පච්චියි කතා කරන අතරේ සෙනේෂ් මාත් එක්ක එළියට ආවා.අපි දෙන්නා ඔංචිල්ලාව උඩ වාඩි වුනා.එයා මගෙ කරට අතක් දා ගත්තා.
“මල්ලි ආවෙ නැත්තෙ හදිස්සි වැඩක් නිසා කියලා කිව්වෙ බොරුවට නේද සෙනේෂ්?………………..”
මං සෙනේෂ්ගෙන් එහෙම අහද්දි එයා අමුතු වුනා.ඒකෙන්ම මට තේරුණා සෙනේෂ්ගෙ අම්මා කිව්වෙ බොරුවක් කියලා.
“හ්ම්ම්.ඔයා කොහොමද ඒක දන්නෙ?…………………”
“නෑ ඉතින්.තමන්ගෙ එකම සහෝදරයගෙ ජීවිතේ මේ වගේ වැදගත් අවස්ථාවකට වඩා එයාට මොකක්ද ඔච්චරට තිබුනු හදිස්සිය?…………………”
“මල්ලි එදා ඔයාට මොනවහරි කිව්වද මහීමා?…………………”
“න්….නෑ සෙනේෂ්.ඇයි එහෙම ඇහුවෙ?………………..”
“නෑ ඔයා කතා කරන්නෙ මල්ලිත් එක්ක මොකක්දෝ මන්දා තරහකින් වගේ. ඔයා කා ගැනවත් එහෙම තරහකින් කතා කරනවා මං දැකලා නෑ………………..”
“අනේ මං මොකටද මල්ලිත් එක්ක තරහක් ඇති කරගන්නෙ?එයා ඔයාගෙ වගේම මගෙත් සහෝදරයා දැන්……………….”
“හ්ම්ම්.හොඳ ළමයා.තමන්ගෙ හස්බන්ඩ්ගෙ පව්ලෙ අයත් තමගෙම පව්ලෙ අය කියලා හිතනවනෙ.තව මාස හයයිනෙ.ඊට පස්සෙ ඉතින් බරපතල වැඩ සහිතව ජීවිතාන්තෙ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරා වගේ තමා…………………”😁😂😆
“ආ……ඇත්තද සෙනේෂ්?ඔයා හිතන්නෙ බැන්දට පස්සෙ ගෙදර හැම වැඩක්ම මං ඔයාට කියලා කරවගන්න හදනවා කියලද?………………….”😠
“ඒයි මං විහිලුවක් කරේ හලෝ.ඕකට ඉතින් ඔච්චර කේන්ති ගන්න ඕනියැ. කෝ මෙහාට හැරෙනවා.ඔහොම කේන්ති ගියොත් තමුසෙ ඉක්මනටම නාකි වෙයි………………….”
මාව එයාගෙ පැත්තට හරවගෙන සෙනේෂ් මගෙ කම්මුලක් සිප ගත්තා. අනෙ අම්මපා මූට ඉන්න තැනවත් මතක නෑනෙ ඔහේ ඉඹිනවා.
“ඒයි කවුරු හරි දකියි සෙනේෂ්.ඔයාට නම් දෙන්න හිතෙනවා දෙකක්.ලැජ්ජ නැද්ද?………………….”
“කාටවත් පේන්නෙ කොහෙද ඊරියෙ.ගේ වටේට අලි තාප්පයක් තියෙද්දි.අනික තමුසෙගෙ මූණ කිස් කරන්න මං මොකටද ලැජ්ජ වෙන්නෙ?……………………..”
“කිසිම හැදියාවක් නෑ මෙයාට නම්………………….”
මං තොලත් හපාගෙන එහෙම කියලා නැගිටලා යන්න හදද්දී සෙනේෂ් මගෙ අතින් ඇද්දා.ඒ ඇදපු පාරට මාව ගිහින් සෙනේෂ්ගෙ ඔඩොක්කුව උඩටම වැටුනා.මං නැගිටින්න හැදුවත් සෙනේෂ් මට නැගිටින්න දුන්නෙ නෑ. මගෙ බඩ වටේට අත්දෙක යවලා මාව චප්ප වෙන් සයිස් එකට තද කරලා තුරුල් කරගෙන මගෙ මූණ දිහා ඇසි පිය නොහෙලා බලාගෙන හිටියා.
“අනේ මාව අතාරින්න සෙනේෂ්.අම්මා හරි අප්පච්චි හරි එළියට ආවොත් දකියි.අනේ අතාරින්නකො ඔහොම මිරිකන්න එපා මාව චප්ප වෙයි……………………”
“එහෙනම් කිස් එකක් දෙනවා. එතකොට මං ඔයාව අතාරින්නම්…………………..”
“අනේ මෙතන ඉඳගෙන කොහොමද මං ඔයාව කිස් කරන්නෙ?අනේ කවුරු හරි එයි සෙනේෂ් මාව අතාරින්නකො………………….”
“එහෙනම් අපි දෙන්නා යමු…….ඔයාගෙ බෙඩ් රූම් එකට.එතෙන්ට ගිහිල්ලා කිස් කරමු.එතකොට කාටවත් පේන්නෑනෙ හාද?…………………..”
සෙනේෂ් මහීමාගෙ මූණට ලං වෙලා එහෙම ඇහුවෙ ලැජාවෙන් ඇගේ මුහුණ රතු වෙද්දී.බලන් ඉන්නැද්දිම මහීමාගේ මුහුණ රතු වුනා.
“ආස ඇති………………….”
ඇය එහෙම කිව්වෙ අහක බලාගෙන ලැජ්ජාවෙන් වගේ.
“ආසයි තමයි එන්න දෙනවා නම්. එන්නද?…………………..”
“සෙනේෂ් ඔයා නම්.අනේ මාව අතාරින්නකො.යමු කෑම කන්න.මට නම් දැන් හොඳටම බඩගිනියි……………………”
“හොර කෙල්ල බය වුනා නෙහ් මං බෙඩ් රූම් එකට රිංගයි කියලා……………………”
“යමු කෑම කන්න……………………”
නැවත හමුවෙන තුරු විරාමයකට