සතියකට පස්සෙ විරේන් ආපහු ආවා. එයා නම් මේ දවස් ටිකේම කොළඹට වෙලා ඉඳලා ආපහු ගෙදර ආවට පස්සෙ මට දැනුනෙ මගේ නිදහස සැනසුම සීමා වුනා වගේ හැඟීමක්.හැබැයි මේ දවස් ටිකේ නම් විරේන්ගේ බාහිර පෙනුමෙන් වෙනසක් මං දැක්කා.

රැව්ලත් ටිකක් වැවිලා.කොණ්ඩෙත් කපලා නෑ.වෙනදා නම් එයා රැව්ල කපලා ලස්සනට පිළිවෙලට ඉන්නවා.ඇයි දන්නෑ අද මෙහෙම ඉන්නෙ.මාත් එක්ක එක වහලක් යට ජීවත් වෙලා වැඩක් නෑ කියලා එයාට හිතෙනවා ඇති.අනේ එහෙම හිතිලා හරි මගෙන් ඈත් වෙනවා නම් ලොකු දෙයක්.මට සැනසීමෙ මගෙ පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන්.

“එපා උනා ඕයි සතියක් තමුසෙ නැතුව ඉන්න ගියාම.පාලුවෙ හිටියෙ.මට හැම තිස්සෙම තමුසෙව මතක් වුනා. තමුසෙට මාව මතක් වුනේ නැද්ද?…………….”

“නෑ…………….”

කෙටියෙන්ම මං එහෙම පිළිතුරු දුන්නා.විරේන් මගෙ මුහුණ දිහා බැලුවෙ කලකිරීමෙන් වගේ.මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු විරේන් බැල්කනියට ගියා.

හෝදන්න තියන රෙදි ටික වොශින් මැෂින් එකට දාලා නාගෙන ඉවර වෙලා මං කාමරේට ආවා.කාමරේ අතු ගාලා අස් කරලා ඉවර වෙලා දයාවතී නැන්දට දවල්ට කෑම උයන්න උදව් වෙන්න ගියා.බටු බැදලා සොසේජස් හදලා පරිප්පු හදලා ගෝවා කොළ මැල්ලුමකුත් හැදුවා.කෑම ටික මේසෙට යවලා කාමරේට ගියා විරේන්ට කතා කරන්න.

“විරේන් එන්න කෑම කන්න……………..”

“කවන්න බැරිද?……………”

“ඔයාගෙ අත් දෙක හොඳට තියෙන්නෙ? මොකටද මං කවන්නෙ?……………”

“එහෙනම් මං කන්නෑ.තමුසෙ කනවා……………”

විරේන් නොකා ඉද්දී මට විතරක් කන්න හිතුනෙ නෑ.මගේ අකමැත්තෙන් මේ කසාදෙ සිද්ද වුනත් විරේන් මගෙ සැමියා.මං එයාට මගේ අයිතිය නොදුන්නත් බිරිඳක් හැටියට මගේ අතින් ඉශ්ඨ වෙන්න ඕනි හැම යුතුකමක්ම ඉශ්ඨ කරනවා.මං එහෙම අධිෂ්ඨාන කර ගත්තා.කුස්සියට ගිහින් පිඟානකට බත් බෙදාගෙන මං කාමරේට ආවා.

“විරේන් එන්න.මං කවන්නම්……………..”

“දේවාන්ශි,තමුසෙ මොනවහරි කිව්වද මට දැන්?………………”

යකෝ මූට මෙච්චර හයියෙන් කියලත් ඇහුනෙ නැද්ද?ඔච්චර පුදුම වෙන්න දෙයක්ද මං කිව්වෙ?

“මං කෑම කවන්නම් එන්න කියලා කිව්වෙ………………”

මං එහෙම කියද්දි විරේන් පුටුවක් ඇදගෙන මං ගාවින් වාඩි වුනා.බත් කටවල් කිහිපයක්ම මං අනලා විරේන්ට කැව්වා.ඊට පස්සෙ විරේන් බත් එක අතට අරගෙන බත් කටක් අනලා මගෙ කට ලඟට ලං කරා.

“කනවා මගෙ මූණ දිහා බලන් ඉන්නැතුව.මූණෙ පෙරහැරක් යනවා කියලා හිතුවද?……………..”😄😆

විරේනුත් බත් එකෙන් කටවල් කිහිපයක්ම මට කැව්වා.කාලා ඉවර වෙලා බාතෲම් එකෙන් අත හෝදගෙන පිඟානත් හෝදලා කුස්සියෙන් තිබ්බා.

“හවසට ඇවිදින්න යමුද?තාම තමුසෙයි මායි කොහෙවත් ගියෙත් නෑනෙ.මේ සීතල නුවරඑළියෙ කොච්චර ඇවිදින්න යන්න තැන් තියනවද?…………….”

“හ්ම්ම්.යමුකො හතරට විතර වගේ…………….. “

හවස හතරට විතර අපි එලියට යන්න ලෑස්ති වුනා.කාරෙකේ යන්නැතුව පයින්ම අපි දෙන්නා ඇවිදගෙන ගියා. ටික දුරක් යද්දී විරේන් මගෙ අතින් අල්ල ගත්තා.අත ගසා දාන්න හිතුනත් මං සද්දෙ නැතුව හිටියා.

“මොකෝ සද්දෙ නැතුව ඉන්නෙ?මොනවා හරි කියනවකො.කම්මැලියි වගේනෙ………………”

“මොනවා කියන්නද විරේන්?මං ඔයා ගැන වැඩි දෙයක් දන්නෙ නෑනෙ.ඔයාගෙ ගැන මොනවා හරි කියන්න.මං අහගෙන ඉන්නම්……………..”

“ඔකේ.මං ගැන ඕනම දෙයක් අහන්න. මං කියන්නම්……………”

“ඔයා මොනවද කරන බිස්නස්?…………….”

“මට හොටෙල්ස් දෙකක් තියනවා. එකක් මෙහෙ තියෙන්නෙ.අනික තියෙන්නෙ කොළඹ.කොළඹ ඔෆිස් එකක් තියනවා ඒ ගැන තමුසෙ දන්නවනෙ.තව ජා ඇළ ගාමන්ට් ෆ්‍රැක්ට්‍රි එකක් තියනවා……………….”

“ඔයාගෙ කලින් එෆෙයාර්ස් එහෙම තිබ්බද?……………..”

“ඇයි තමුසෙට ජෙලස් වගේද?……………”

“අනේ මට නම් ජෙලස් නෑ……………”

“මං මොකටද තමුසෙට බොරු කරන්නෙ?මට එහෙම එෆෙයා එකක් තිබුනෙ නෑ.කෙල්ලො කීප දෙනෙක්ම ළඟින් ආශ්‍රය කරා.හැබැයි තමුසෙට ලං වුනු තරම්වත් උන්ට ලං වුනේ නෑ……………….”

අපරාදෙ එහෙම ලං වෙච්චි කෙල්ලෙක්ට ආදරේ කරන්න තිබුනෙ. මොකට මාව කසාද බැන්දද මන්දා.

“තමුසෙගෙ කෝස් එක කොච්චර කාලයක් තියෙනවද?……………..”

“මාස හයයි………………”

“ඊට පස්සෙ අපි යමුද ට්‍රිප් එකක්.අපි දෙන්නා විතරක්………………”

“කොහෙද?………………”

“නුවර යමු දළදා මාලිගාව වඳින්න……………..”

“හ්ම්ම් යමුකො………………”

විරේනුයි මායි ඇවිදගෙන පාර දිගේම ඉස්සරහට ආවා.කන්දක් නැගලා ඉස්සරහට ඇවිත් තණකොළ බිස්සක වාඩි වුනා.විරේන් මං ගාවින් වාඩි වෙලා මගේ උරහිසට අත තියාගත්තා.

“දේවාන්ශි…………….”

“ම්ම්ම්………………”

“අර බලන්නකො අර ළමයා කියන දේ අහන්නම නෑ වගේ.හරිම හුරතල් පාටයි…………….”

අපෙන් ටිකක් එහාට වෙන්න අවුරුදු තුනක විතර පෙනුමක් තියෙන චූටි දුවෙක් සෙල්ලම් කර කර හිටියා. එයාගෙ අම්මයි තාත්තයි වෙන්න ඇති ළඟින් ඉන්නෙ.ඒ ළමයා දුව දුව සෙල්ලම් කරනවා.හරිම හුරතල් බබෙක්.මාත් ඒ කාලෙ මේ වගේම ඉන්න ඇති.ඒත් මගේ ඒ කාලෙ මේ ළමයගෙ වගේ සෙල්ලමින් විනෝදයෙන් ගෙව්නෙ නෑ.මං ටිකක් වෙලා ඒ ළමයා දිහා බලාගෙන හිටියා.ඒ චූටි බෝනික්කිගෙ වැඩ වලට මටත් හිනා.

“ඔයත් ඒ කාලෙ බෝල ගෙඩියක් වගේ ඉන්න ඇති මේ වගේ.හරි හුරතල් බබෙක් නේද?……………..”

“ඔව් විරේන්.හරිම ලස්සනයි.හරිම හුරතල්……………..”

“මාත් ආසයි ඒ වගේ දුවෙකුට.මොකද කියන්නෙ ට්‍රයි කරමුද?……………”

විරේන් එහෙම ඇහුවෙ මගෙ මුහුණට එබිලා.කවදාවත් මගෙ හිතේ විරේන් ගැන ආදරයක් හැඟීමක් නම් ඇති වෙන්නෙ නෑ කියලා මට හොඳටම විශ්වාසයි.මගේ කුසේ කවදාවත් විරේන්ගෙ දරුවෙකුට නම් ඉඩක් ලැබෙන්නෙ නෑ.

“මොකෝ තමුසෙ කල්පනා කරන්නෙ?ඔච්චර කල්පනා කරන්න දෙයක්ද මං ඇහුවෙ?මං ආසයි තමුසෙ වගේ කටකාර හැඩකාර දුවෙකුට.තව පුතෙකුටත් ආසයි……………….”

“ඉතින් මට කියන්නෙ?……………..”

“තමන්ගෙ ගෑණිට කියන්නෙ නැතුව අල්ලපු ගෙදර ගෑණිට කියන්න කියලද තමුසෙ මට කියන්නෙ?……………..”

“අල්ලපු ගෙදර ගෑණිට හරි කමක් නෑ කියනවා විරේන්.මගෙ බඩේ නම් කවදාවත් තමුසෙගෙ ළමේකුට ඉඩක් නෑ.මං තමුසෙට කැමති නෑ විරේන්.පින් සිද්ද වෙයි තමුසෙ ඒක තේරුම් ගන්නවා………………”😠😠

“උඹ මට කැමති නෑ කියලා මං දන්නවා දේවාන්ශි.හැබැයි උඹ ඔහොම මාව පිළිකුල් කරනකොට මගෙ යකා ඇවිස්සෙනවා.උඹට ආපහු මතක් කරලා දෙන්න ඕන්නෑනෙ මං කියපුවා……………….”😡😡

“ඔයා මාව කසාද බැන්දෙ මගෙ අම්මා ඔයාගෙ තාත්තව මරපු පලිය ගන්න මිසක් මට ඇති ආදරේකට නෙවෙයි කියලා මං දන්නවා.කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න විරේන්………………..”

මං එහෙම කිව්වෙ විරේන්ට රිද්දන්නයි. මං දන්නවා විරේන් මට ආදරෙයි.එයා මගෙ අම්මගෙන් පලි ගන්න එක අතෑරියෙ මට තියන ආදරේ හින්දා.ඒත් මගෙ හිත කවදාවත් විරේන්ට ආදරේ කරන්න ලෑස්ති නෑ.

“මට තමුසෙගෙ අම්මගෙන් පලි ගන්න ඕන්නම් තමුසෙව කසාද බැඳලා හිර කරගෙන මෙහෙම නිකන් ඉන්න ඕන්නෑනෙ.මොකද එයාගෙ හිතේ තමුසෙ ගැන කිසිම ආදරයක් කරුණාවක් නෑ කියලා මං හොඳටම දන්නවා.එයාගෙන් පලිගන්න ඕන්නම් මං තමුසෙව නෙවෙයි තමුසෙගෙ නංගියි හරි මල්ලි හරි ඉන්නෙ උන් දෙන්නගෙන් එකෙක්ව කිඩ්නැප් කරලා මරනවා.මට එහෙම පලි ගන්න ඕන්නෑ. මං තමුන්ට ගොඩාක් ආදරෙයි.අන්න ඒ හින්දයි මං තමුසෙගෙ අම්මා මගේ තාත්තගෙ මිනී මරුවා කියන එකත් අමතක කරේ.ඒ දේ කරේ මගෙ හිතේ තමුසෙ ගැන තියන ආදරේ හින්දා.මට තමුසෙව නැතුව ඉන්න බෑ දේවාන්ශි. ප්ලීස් ඇයි තමුසෙ මාව තේරුම් ගන්නෙ නැත්තෙ?……………..”

“ඔයත් මාව තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි විරේන්?……………”

“මෙච්චර ඉවසපු මට තමුසෙ මට ආදරෙයි කියනකල් ඉවසන්න පුලුවන් දේවාන්ශි.කවදාහරි ඔයා මාව තේරුම් ගනියි……………….”

කවදාවත් ඔයා මාව තේරුම් ගන්නෙ නෑ විරේන්.ඔයාටම දවසක තේරෙයි මට ආදරේ කරලා ඔයා කර ගත්තෙ ලොකු මෝඩකමක් කියලා.

“අපි දැන් ගෙදර යමු.රෑ වෙන්නත් ආවා. මට බඩගිනියි වගේ…………..”

“හ්ම්ම් යමු.ආ මට ඔයාට කියන්න අමතක වුනා.ලබන මාසෙ මට රට යන්න වෙනවා.ඇමරිකාවට.බිස්නස් වැඩකට.ඒත් මං යන්නෙ නෑ……………….”

“ඒ ඇයි?අපරාදෙනෙ නොගිහින් ඉන්නෙ?ඔයා ඇමරිකා යන්න විරේන්. බිස්නස් වැඩ පාඩු කරගන්න එපා………………”

“මං ඒ වැඩේට සුරංගව යවනවා.ඌ තමයි එකම විශ්වාසවන්තයා මේ වැඩේට යවන්න.මට තමුසෙව දාලා යන්න බෑ……………….”

“මං ගැන හිතන්න එපා විරේන්.ඔයා ඇමරිකා යන්න.මං හින්දා බිස්නස් වැඩ අතපසු කරගන්න එපා………………”

“මට මේ බිස්නස් වලට වඩා තමුසෙව වටිනවා දේවාන්ශි……………..”

ගෙදර ඇවිත් මං රෑට කෑම කාලා නිදා ගන්න ආවා.විරේන් හිටියෙ කෝල් එකක.එයා බැල්කනියට වෙලා කතා කර කර හිටියා.

වෙනදා වගේම මං ගාවට ඇවිත් මගෙ ඇඟට අතකුයි කකුලකුයි දාගෙන විරේන් නිදා ගත්තා.මේ විදියට මාව තුරුල් කරගෙන නිදා ගන්න මෙහෙම ඉඩ දීමෙන් සිද්ද වෙන්නෙ විරේන්ගෙ හිතේ තව තවත් බලාපොරොත්තු ඇති වෙන එක නේද?එහෙම වෙන්න දෙන්න කොහෙත්ම බෑ.ඒ හින්දා මං විරේන්ව අහකට තල්ලු කරා.

“මොකද තමුසෙට වෙලා තියෙන්නෙ?……………..”

“අනේ අහකට යන්න විරේන්……………..”

“ඒ මොකද?මං තමුසෙට කියපුවා මතකයිනෙ.මං කියන විදියට නොහිටියොත් මට සිද්ද වෙන්නෙ………….😡😡

“අනේ ඇති විරේන් මට ඔය කතාව අහලා ඇති වෙලා තියෙන්නෙ……………”

මං එහෙම කියද්දී විරේන් අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.

මතු සම්බන්දයි

Advertisment