මහීමා මං පොඩි ගමනක් ගිහින් එනකල් ඔයාට ඉන්න පුලුවන්ද?………………….”

“ඔයා කොහෙද යන්නෙ?………………..”

“ඔෆිස් එකට ගිහින් ටක්ගාලා දුවලා එන්නම්.විනාඩි පහලවෙන් එනවා.ඔයා බය නැතුව ඉන්නකො……………….”

“අනේ ඉක්මනට එන්න සෙනේෂ්………………..”

“හරි මැණික මං ඉක්මනට එනවා……………….”

මාව ගෙදර තියලා සෙනේෂ් කාරෙකේම ඔෆිස් එකට ගියා.මට පාලුවක් කම්මැලිකමක් දැනුනා.පැය කාලක් කියලා කිව්වට පැය බාගයක්වත් යයි සෙනේෂ් එද්දි.

“පුතා ඉක්මනට එයි.දුව එතකල් කුස්සියට ගිහින් විමලාට කියලා මොනවාහරි හදාගෙන බොන්නකො…………………”

“මොකුත් ඕන්නෑ අම්මෙ.අම්මා උදේට කෑවද?………………..”

“කෑවා දුවේ…………………”

“මං අම්මට තේ එකක් හදාගෙන එන්නද?…………………”

“හ්ම්ම් හා…………………”

පඩිපෙළ බැහැලා මං කුස්සියට ගියා. එතකොටමයි ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනා බෑග් එකක් අරන් කොහෙදෝ යන්න ලෑස්ති වුනේ.

“නෝනෙට මොනවහරි ඕනිද?………………..”

“අනේ එපා නැන්දෙ.මං මේ අම්මට තේ එකක් හදන්න ආවෙ.නැන්දා කොහෙ හරි යන්නද?…………………..”

“අනේ නෝනෙ මං මේ එළවළු ගේන්න මාකට් එකට යන්න හැදුවෙ………………..”

එහෙම කියලා ඒ ගෑණු කෙනා ඒ මල්ලත් අරන් කුස්සියෙන් ගියා.මං උණු වතුර බෝතලෙන් වතුර අරන් අම්මට කිරි එකක්ම හදන්න ගත්තා.ටික වෙලාවකින් පිටි පසින් අඩි සද්දයක් ඇහුනා.සෙනේෂ්ගෙ මල්ලි කුස්සියෙ දොර ගාවට වෙලා මං දිහා බලාගෙන ඉන්නවා.ඒ බැල්මෙ මහ අමුත්තක් මට දැනුනා.මං මගෙ පාඩුවෙ කිරි එක හදලා ට්‍රේ එක උඩින් තිබ්බා.

“නෑනා තේ හදනවා වගේ………………..”

“ඔව් මල්ලි………………..”

මං සුරේෂ්ට මල්ලි කියද්දි එයා හයියෙන් හිනා වුනා.මං එයාට මල්ලි කියලා කිව්වෙ එයා සෙනේෂ්ගෙත් මල්ලි නිසායි.ඒ වුනාට හැබැයි සුරේෂ් මට වඩා වැඩිමහල් ඇති.

“මේ මං සෙනේෂ්ට මල්ලි වුනාට ඔයාට අයියා හරිද?අපේ අයියා මට වඩා අවුරුදු දෙකයි බාල………………..”

මං ඒකට මොකුත් කිව්වෙ නෑ.සුරේෂ් එක්ක දිගටම කතා කරන්න මට හිතුනෙ නෑ.එයාගෙ තිබුනෙ මහ වනචර කුපාඩි බැල්මක්.කාමරේට ගිහිල්ලා මං කිරි එක අම්මගෙ අතට දුන්නා.අපේ ගෙදරයි මේ ගෙදරයි එක්ක බලද්දී මෙහෙ මහා නිහඬ පාලු බවක් දැනුනා.අම්මාට වුනත් ඇවිදින්න බැරි නිසා එයා මුලු දවස තිස්සෙම ඉන්නෙ උඩ කාමරේට වෙලා තනියම. මෙහෙකාරිය වුනත් කුස්සියටම වෙලා තියන වැඩක් පලක් කරගෙන ඔහේ ඉන්නවා.

හිස් කිරි වීදුරුවත් අරගෙන මං කුස්සියට ඇවිත් ඒක හෝදලා රාක්කෙන් තියලා එන්න හදද්දිම සුරේෂ් කුස්සියට ආවා.මං අහක බලාගෙන යන්න හදද්දී එයා මගේ අතින් අල්ල ගත්තා.දැනුනු කෝපයට මට හිතුණා සුරේෂ්ගෙ කම්මුලට හොඳ පාරක් දෙන්න.කිසිම චාරයක් නැති මිනිහෙක්.

“මගෙ අත අතාරිනවා සුරේෂ්.චික්………… තමුසෙ මේ වගේ වනචර මිනිහෙක්ද?මං කව්ද කියලා අමතක වුනාද තමුසෙට?………………..”😡

මම සුරේෂ්ට රවා දත්මිටි කාගෙන එලෙස කීවෙමි.එහෙත් ඔහු මගෙ අත අතෑරියේ නැත.කවුරු හරි කුස්සියට ආවොත් එහෙම මං ගැන වැරදියට හිතයි.මගෙ හිතට බියකුත් දැනෙන්නට වුනා.

“සුරේෂ්,අතාරිනවා මාව.තමුසෙට ලැජ්ජ නැද්ද බලෙන්ම මගෙ අතින් අල්ලගෙන ඉන්නෙ?………………….”😡

“ඔයා හරියන්නෙ මේ ෆැමිලි එකේ ලොකු ලේලි වෙන්න නෙවෙයි පොඩි ලේලි වෙන්න.ඒ කිව්වෙ ඔයාව ගැලපෙන්නෙ සෙනේෂ්ට නෙවෙයි සුරේෂ්ට……………………”

මූ නම් වැරදීමකින්ද කොහෙද සෙනේෂ්ගෙ සහෝදරයෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ.සෙනේෂ්ගෙ ගතිගුණ එකක්වත් මූට පිහිටලා නෑ.

“අතාරපිය වනචරයා මගෙ අත…………………”😡👋

මගේ වම් අත වේගයෙන් ගොස් සුරේෂ්ගෙ කම්මුලක් මත පතිත වූයේත් ඔහු අල්ලාගෙන උන් මගේ දකුණු අත අතෑරුනේත් එක් ඇසිල්ලකින් ය.තවත් එතන නොරැඳි මන් ඉක්මනින් සාලෙට දිව ආවෙමි.

කම්මුලත් අල්ලාගෙන කෝපයෙන්ම සුරේෂ් මහීමා දිව ගිය දෙස බලා උන්නේය.ඔහුගේ සිතේ ඇය ගැන දැනුනේ විශාල ආශාවකි.මේ ඉන්නේ මතු යම් දිනෙක තමන්ගේ එකම සහෝදරයාගේ බිරිඳ වන්නට සිටින තැනැත්තිය බව සුරේෂ් මොහොතකටවත් සිතුවේ නැත.

පරට්ට බැල්ලි තෝ මගෙ කම්මුලටත් ගැහුවා එහෙනම්.බලාගෙන ඉඳින්කො සෙනේෂ්ට කලින් මං තෝව ඇඳට ගත්තෙ නැත්නම් මම සුරේෂ් නෙවෙයි. උඹ තාම මේ සුරේෂ් ගැන හරියට දන්නෙ නෑ.

සුරේෂ්ට මොහොතකටවත් සිතුනේවත් දැනුනේවත් නෑ මේ ඉන්නෙ මීට වසර හතරකට පහකට පමණ පෙර තමන් අතින් අනාථ වූ ලෝයර් උදයන්තගේ දියණිය මහීමා බව.ඔහුට ඇයව හඳුනා ගන්නට නොහැකි වුනා.ඇයටද ඔහුව හඳුනා ගන්නට බැහැ.

විනාඩි විස්සක් විතර යද්දී සෙනේෂ් ගෙදර ආවා.ඇවිත් ටිකක් වෙලා ඉඳලා අපි දෙන්නා අම්මටත් කියලා ගියා.

“අපි දැන් කොහෙද යන්නෙ සෙනේෂ්?……………….”

“ඇයි මෝඩියෙ මන් කිව්වෙ ලවර්ස් පාර්ක් එකට යමු.ලව් කරන කොල්ලන්ට කෙල්ලන්ට එතන මරු තැන………………..”

“ඔයා කලිනුත් ගිහිල්ලා තියනවද එතනට?……………….”

ඇඟට පතට නොදැනී මං එහෙම ඇහුවේ එයාට කලින් එෆෙයා එකක් එහෙම තිබුනද කියලා දැන ගන්නයි. සෙනේෂ් හිනා වෙනවා.

“දෙපාරක් ගියා……………….”

“කාත් එක්කද?……………….”

“ඔෆිස් එකේ කොල්ලෙක්ගෙ වෙඩින් එකේ ෆ්‍රී ෂූට් එකේ ෆොටෝස් ගන්න එක සැරයක් ගියා.ඊළඟ පාර ගියේ අපේ නැන්දගෙ දුවගෙ වෙඩින් එකේ ෆොටෝස් ටික ගන්න………………..”

“හ්ම්ම්……………….”

“බය වුනා නෙහ් මං කෙල්ලෙක් එක්ක එතෙන්ට ගිහින් ඇති කියලා.පලවෙනි පාර තමයි කෙල්ලෙක් එක්ක මෙහෙම ගමනක් යන්නෙ………………..”

“ඇත්තද?………………..”

“ඔව්.මං මොකටද මහීමාට බොරු කියන්නෙ?කලින් නම් මගෙ එෆෙයාර් එකක් තිබුනා.අවුරුදු විසි තුනේදි විතර තාත්තගෙ යාලුවෙකුගෙ දුවෙක් එක්ක……………….”

මගේ සිතට සියුම් ඉර්ෂ්‍යාවක්ද දැනුනි.

“දැන් කෝ ඒ ගර්ල්?………………”

“එයා වෙන කොල්ලෙක්ව මැරි කරා.අපි අවුරුදු දෙකහමාරක් විතර ආදරේ කරා.එයාට අපේ අම්මත් සෑහෙන ආදරෙන් හිටියෙ.මොකද එයාගෙ අම්මා ජීවතුන් අතර හිටියෙ නෑ.එයා ඉපදෙද්දිම අම්මා නැති වෙලා………………….”

එසේ පවසමින් උන් සෙනේෂ් මහීමාගේ මුහුණ දෙස බැලුවා.ඇය උන්නේ නිහඬව ඈත බලාගෙනය.

පව්.කෙල්ලට ජෙලස් වගේ ඇති.

“ඊට පස්සෙ මොකද වුනේ සෙනේෂ්?ඇයි එයා ඔයාව අත් හැරියෙ?………………”

“ඒ කාලෙ අපේ තාත්තගෙ බිස්නස් මේ වගේ සරුවට තිබුනෙ නෑ මහීමා. සදීෂාට ඒ දවස් වල ප්‍රපෝසල් එකක් ඇවිත් තිබුනා මැණික් බිස්නස් කාරයෙකුගෙන්.මට වඩා ඒ මනුස්සයාට හොඳට සල්ලි තිබුනා. සදීෂා අන්තිමට මාව මුණ ගැහෙන්න ආවෙ ඒ දෙන්නගෙ වෙඩින් එකට ඉන්වයිට් කරන්න………………..”

“ඉතින් ඔයා ගියාද ඒ දෙන්නගෙ වෙඩින් එකට?………………..”

“ඔව් ගියා.මගෙ අතේ වරදක් තිබුනෙ නෑනෙ.ගිහින් විශ් කරලා ආවා වතුර උගුරක්වත් තිබුනෙ නෑ…………………”

මට සෙනේෂ් ගැන දැනුනේ දරා ගන්නට තරම් අමාරු තදබල දුකකි.එදා සෙනේෂ් සදීෂා නිසා මොන තරම් දුකක් උහුලන්න ඇතිද?එයා අඬන්නත් ඇති. තමන් පණ වගේ ආදරේ කරපු ගෑණු ළමයා වෙන කෙනෙක්ව මැරි කරනකොට කාටද ඒක ඉවසගෙන දරාගෙන ඉන්න පුලුවන්?

“මොනවද කල්පන කරන්නෙ මහීමා?…………………”

“ආපහු එෆෙයා එකක් පටන් ගන්න බය හිතුනෙ නැද්ද?…………………..”

“ඔයත් සදීෂා වගේ මාව දාලා යනවද?………………..”

“කවදාවත්ම නෑ සෙනේෂ්. හීනෙකින්වත් එහෙම හිතන්න එපා. මැරුනොත් මිසක් මං ඔයාව දාලා යන්නෙ නෑ.ඔයා වගෙ උතුම් අවංක ගතිගුණ තියන පිරිමි අද කාලෙ හොයාගන්න අමාරුයි.මේ වගේ ආදරයකට පයින් ගහන්න තරම් මං මෝඩ නෑ සෙනේෂ්……………….”

මහීමාගේ මුවින් පිට වූ ඒ සෑම වචනයක් වචනයක් පාසාම සෙනේෂ්ගේ සිතේ ඇය ගැන ඇති වූ ආදරය තව තවත් වැඩි වුනි.ඔහු අපමණ භක්තියකින් ඇගේ අත රැගෙන තමන්ගේ මුවට තබා සිප ගත්තා.

“බලාගෙන වාහනේ ඩ්‍රයිව් කරන්න මහත්තයා.නැත්නම් අපි දෙන්නට පාර්ක් නෙවෙයි යන්න වෙන්නෙ හොස්පිටල්…………………”😆

“මගේ ඩ්‍රයිවින් හොඳයි මැඩම්……………..”

ලවර්ස් පාර්ක් එකට ඇවිත් අපි දෙන්නා අත්වැල් පටලගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා.තැන තැන ජෝඩු ජෝඩු පිරිලා.ගස් අස්සෙ ගල් අස්සෙ මුල් අස්සෙයි හැම තැනකම.

“මට නම් ඔය ගස් මුල් අස්සෙ රිංගන්න බෑ මහීමා………………..”

“අනේ ඔව් සෙනේෂ් මටත් බෑ.අපි දෙන්නා මෙහෙන් වාඩි වෙමු……………….”

හෙවන තියන ලොකූ ගහක් පාමුල අපි දෙන්නා වාඩි වුනා.ටිකක් එහාට වුනු සෙනේෂ් මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා.මං සෙනේෂ්ගෙ හිස මත ඇඟිලු තුඩු යැව්වේ වටපිට බලමින්. මෙහෙම ඉන්න මට ලැජ්ජාවකුත් දැනුනා.වටපිට කපල්ස් හිටියත් එයාලාට අපිව ගානක් වුනේ නෑ.එයාලා හිටියේ වෙනම ලෝක වල.

“මොකෝ මේ ලැජ්ජාවෙන් වගේ වට පිට බලන්නෙ?…………………..”

“ම්……මොකුත් නෑ………………….”

“ඉක්මනට මැරි කරමුද?තව කාලයක් හිටියොත් මං නාකි වෙයි………………..”

“ඉතින් මාත් වයසට යනවනෙ……………….”

“නෑ බන් මම කිව්වෙ මට දැන් තිහයි වයස.ඔයාට විස්සයි.ඔයා හිතුවොත් ඔයාට අවුරුදු විසිපහේදි බඳින්න ඕනි කියලා එතකොට මට තිස්පහයි…………………”

“ඉතින් මං කිව්වෙ නෑනෙ සෙනේෂ් මට අවුරුදු විසි පහක් වෙනකල් ඉන්න ඕනි බඳින්න කියලා………………..”

“එහෙනම් මේ අවුරුද්දෙ අන්තිමට බඳිමු………………”

“හ්ම්ම්…………………..”

“බැන්දට පස්සෙ ඔයා ගෙදර නවතින්න. වැඩට යන්න ඕන්නෑ……………….”

“හ්ම්ම්.ඒත් මං ආසයි වැඩට යන්න……………….”

“තමන්ගෙ මනුස්සයා කියන දේ අහන්න පුරුදු වෙනවා.නැත්නම් දෙන්නෙ ගුටි……………….”🤣😂

“මං බය නෑ…………………”😁😉

“ආ එහෙමද මැඩම්.ඉන්නවකො මං තමුසෙව උස්සලා ගහනවා පොලවෙ…………………..”😁

“පුලුවන්ද?…………………”😆

“පුලුවන් තමයි.තමුසෙ කෙට්ටුයිනෙ බර නෑනෙ වැඩිය.බඩගිනියි අප්පා දැන් නම්………………….”

“අම්මා කිව්වා ලන්ච් එකට අපි දෙන්නටම එන්න කියලා………………..”

“එතකල් ඉන්න බෑ.මොනවහරි කමුකො අප්පා බඩගිනියි…………………”

“ආ පොඩ්ඩක් ඉන්නකො.මගෙ බෑග් එකේ බිස්කට් පැකට් එකක් තියනවා…………………”

මගෙ හෑන්ඩ් බෑග් එකේ තිබුනු චොක්ලට් බිස්කට් එක අරන් කැඩුවා. අපි දෙන්නා ඒක කාලා ඉවර වෙලා වතුර බීලා ඉවර වෙනකොට අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් අපි ගාවින් යනවා දැක්කා.

“අයිස්ක්‍රීම් කමුද?………………..”

“හ්ම්ම්.මොනවද ඕනි?චොක්ලට්ද වැනිලාද?…………………”

“චොක්ලට්………………..”

සෙනේෂ් දුවලා ගිහින් චොක්ලට් අයිස්ක්‍රීම් දෙකක් අරන් ආවා.

“ආ කනවා පෙරේති…………………”

සෙනේෂ් විහිලුවට වගේ එහෙම කියලා අයිස්ක්‍රීම් එක මට දුන්නා.මං රවලා ඒක අතට ගත්තා.මගෙ උරහිසට හේත්තු වුනු සෙනේෂ් අයිස්ක්‍රීම් එක කන්න පටන් ගත්තා.මං කකා හිටපු අයිස්ක්‍රීම් එක උදුරගෙන කෑල්ලක් කාලා මගෙ අතට දුන්නා.වෙලාවකට මට හිනා ඉතින් මෙයාගෙ වැඩ වලට.

“ඕක හලා ගන්නැතුව කනවා.වෙන එහෙම අරන් දෙන්න බෑ………………..”

“අප්පෝ ඔයාගෙ තියන ලෝබ කම සෙනේෂ්.මේ රුපියල් අනූවෙ අයිස්ක්‍රීම් එකටද ඔයා මැරෙන්න හදන්නෙ?………………..”

මං එහෙම කිව්වෙ සෙනේෂ් දිහා බලලා එයාව අවුස්සන්න හිතාගෙන.මං කකා හිටපු අයිස්ක්‍රීම් එකේ චොක්ලට් පතුරක් ගැලවිලා මගෙ බෙල්ල ගාවින් චුට්ටක් පල්ලට වැටුනා.මං ඒක අරන් විසික් කරන්න හදද්දී සෙනේෂ් මගෙ අත අහක් කරලා එයාගෙ මුව ලං කරලා දිවෙන් ඒ චොක්ලට් කෑල්ල ඇදලා අරන් කෑවා.

“මොකෝ ලැජ්ජ හිතුනද ආ?මං රස බැලුවෙ චොකලට් කෑල්ල විතරයිනෙ.මෙයා ලැජ්ජ වෙන්නෙ හරියට වෙන දේවල් වල රස බැලුවා වගේනෙ…………………”

“අනේ ඔහොම කියන්න එපා සෙනේෂ්. මට ලැජ්ජ හිතෙනවා………………..”🙈😚

මං අත් දෙකෙන්ම මුහුණ වහගෙන එහෙම කිව්වා.ඒ පාර සෙනේෂ් මගෙ අත් දෙක ඇදලා පල්ලට කරා.

“මූණ රතු වෙලා කෙල්ලට ගොඩාක් ලැජ්ජ හිතිලා වගේ.ආ අර මොකක්ද අර? ………………..”

සෙනේෂ් අත දිගුකරලා මට මොනවදෝ පෙන්නුවා.මං ඒ දිහා බලද්දී එකපාරටම මගේ මූණට කිට්ටු වුනු සෙනේෂ් මගෙ කම්මුලක් සිප ගත්තා.

“සෙනේෂ් ඔයා නම්……කවුරු හරි දැක්කා නම් එහෙම ලැජ්ජාවෙ බෑ……………….”

“කවුරු දැක්කත් මට මොකෝ………………….”

“දැන් අපි යමුද?……………….”

නැවත හමුවෙන තුරු විරාමයක්