ටවල් එකෙන් ඔලුවත් පිහ දදා බාතෲම් එකේ ඉඳ කාමරේට ආපු විරේන් දුටුවේ ඔලුවෙ ඉඳන් සීට් එක පොරවන් නිදා සිටින දේවාන්ශිව.ඇය නිදා සිටින විලාශය දුටු විරේන්ගෙ මුවට සිනහවක් නැගුනා.ටීෂර්ට් එකක් සහ ෂෝටක් ඇඳ ගත් ඔහු සයනය මතට ගොඩ වී ඇය පොරවන් උන් සීට් එකෙන් ඇද්දා.

“අනේ එපා විරේන්.ඔයාට මොකද වෙලා තියෙන්නෙ.සීතලයි අනේ……………”😠

“ඔහොම ඉන්නවකො.මං තමුසෙගෙ සීතල නැති කරන්නම්……………”

එහෙම කියපු විරේන් සීට් එක පැත්තකට දාලා මාව මැදි වෙන්න ඇඳේ දෙපැත්තට අත් දෙක තියලා මගෙ ඇඟට බර වුනා.

“අනේ එපා විරේන්.අනේ එහාට යන්නකො…………..”

“බෑ බෑ.ඇයි දැන් තමුසෙට සීතලයි කිව්වෙ……………”

“ඒ ගැන මං බලා ගන්නම්.ඔයා පැත්තකට වෙලා ඉන්න……………”😠

“තමුසෙගෙ පණ්ඩිතකම වැඩියි.මං කව්ද කියලා අමතක වුනාද?……………”

“නෑ……………”

මගේ සිරුරෙන් මදක් ඈත් වුනු විරේන් මගේ පපුව උඩින් ඔලුව තියා ගත්තා. මං විරේන්ව අහකට තල්ලු කරන්න හැදුවත් එයා ගියෙ නෑ.පුදුම වදයක් මට නම් මේ මනුස්සයව.

“මෙහෙම ඉන්න දෙනවා.මට බෝවෙන ලෙඩක් නෑ……………”😠

තර්ජනාත්මක හඬකින් එහෙම කියපු විරේන් අපි දෙන්නටම සීට් එක පෙරෙව්වා.මං ඇඳන් ස්කිනි එකට උස්සලා ඒකට යටින් අත දැම්මා.මං අත අහකට දාන්න හැදුවත් එයා ඒකට ඉඩ දුන්නෙ නෑ.

“අත අහකට ගන්න විරේන්…………..”

“මට බෑ.තමුසෙ මගෙ වයිෆ්.ඉතින් මට අයිතියක් නැද්ද?…………..”

“ආදරේ බලෙන් ලබා ගන්න බෑ විරේන්……………”

“තමුසෙ මට ආදරේ කරයි දේවාන්ශි.මං ඒක දන්නවා…………….”

“කවදාවත්ම නෑ විරේන්.බොරු බලාපොරොත්තු තියා ගන්න එපා.ඒවා කවදාවත් ඉශ්ඨ වෙන්නෑ………………”

“ඒවා හැබෑ කරගන්න හැටි මං දන්නවා දේවාන්ශි.තමුසෙගෙ ඔය කටේ සද්දෙ අඩු කරගන්නවා.එහෙම නොවුනොත් තමුසෙට දුක් වෙන්න සිද්ද වෙයි………………”😠

අම්මා ගැන කියලා විරේන් මාව බය කරගෙන ඉන්නෙ.අම්මට මොනවා හරි වුනොත් ඒක මට දරා ගන්න බෑ.එයා මොන තරම් වෙනස්කම් කරත් ඒ මගෙ අම්මා.මගේ දුර්වලකමින් විරේන් ප්‍රයෝජන ගන්නවා.

“හැබෑ නොවෙන බව දැන දැනත් හීන මවන්න එපා විරේන්……………”

“කට වහගෙන නිදා ගන්නවා……………”😠


උදේ මං ඇහැරිලා බලද්දී විරේන් නම් හොඳටම නිදි.මගෙ ඇඟ උඩින් දාගෙන හිටපු අතයි කකුලයි අයින් කරලා කොණ්ඩෙත් ගුලියකට ගැට ගහගෙන ඇඳෙන් නැගිට්ටා.උදේ අට වෙද්දී යන්න තියන නිසා මං බාතෲම් එකට ගිහිල්ලා දත් මැදලා මූණ කට හෝදගෙන කාමරේට ආවා.

“තමුසෙ කොහෙ හරි යන්නද?…………..”

“ඔව්……………”

“කොහෙද?…………….”

“කෝස් එකේ වැඩ පටන් ගන්නෙ අද…………….”

“ලෑස්ති වෙනවා.මං ගිහින් දාන්නම්……………”

“මට තනියම යන්න පුලුවන්……………”

“පණ්ඩිතයා වෙන්නැතුව ඉන්නවා.මං ගිහින් දාන්නම්.මගෙ ස්වීට් වයිෆ් දිහා කොල්ලො එහෙම බැලුවොත්……………”

මගෙ නහයට තට්ටුවක් දාලා එහෙම කියපු විරේන් ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියා.අල්මාරිය ඇරලා නිල් ඩෙනිම් ජින්ස් එකකුයි දම් පාට ශල්වාර් ටොප් එකකුයි ගත්තා.

ඒක ඇඳගන්න ස්කිනි එක ගලවද්දියි මං දැක්කෙ පපුව පුරාම රතු වෙලා පැල්ලම් වගේ හිටලා තියන හැටි.ඉන්න බෑනෙ එක විදියක.ඇඳගෙන ඉවර වෙලා ජැකට් එකත් දාගෙන දයාවතී නැන්දටත් කියලා මං පල්ලෙහාට ආවා. විරේනුත් එක්ක කාර් එකේ ගිහිල්ලා එස් ජේ ආයතනය ළඟින් බැස්සා.

“කීයටද ඕෆ් වෙන්නෙ?……………”

“හතරට……………”

“මං වෙලාවට එන්නම්.තමුසෙ එතකල් ඉන්නවා.පරිස්සමින් වැඩ ටික කරගන්නවා.මං යනවා…………..”

එහෙම කියලා විරේන් කාරෙකත් පදවගෙන ගියා.මං කොරිඩෝව දිගේ ඇවිත් එස් ජේ ආයතනයට ඇතුළු වුනා. පාඨමාලාවට ළමුන් පහළවක් සහභාගී වුනා.පාඨමාලාව මෙහෙයවූයේ පෙරපාසල් අධ්‍යක්ෂකතුමියක්.එතුමිය අපිට ගොඩාක් සරලව පැහැදිලිව හැම දෙයක්ම කියලා දුන්නා.

“ඔයාව උදේ ඩ්‍රොප් කරන්න ආවෙ ඔයාගෙ හස්බන්ඩ්ද?………….”

විවේක කාලයේදි එක් මිතුරියක් මගෙන් එහෙම ඇහුවා.ඇගේ නම මාධවී.

“ඔව් මාධවී……………”

සිනහවෙන්ම මං එහෙම පිළිතුරු දුන්නා.

“මං මැරි කරන්න ඉන්න තරින්ද වැඩ කරන්නෙ විරේන් සර්ගෙ හොටෙල් එකේ.සර් හරිම හොඳයි කියලා තරින්ද කිව්වා.මට නම් හරිම පුදුමයි මෙච්චර ලොකු කෝටිපතියෙකුගෙ වයිෆ් කෙනෙක් ජොබ් එකක් කරන්න මෙහෙම කෝස් එකක් කරනවා කිව්වම……………”

විරේන් ගැන මාධවී කොයි තරම් හොඳ කිව්වත් මගෙ හිතේ නම් එයා ගැන පැහැදීමක් ඇති වුනේ නැහැ.ඒත් අපි දෙන්නා අතරේ බැඳීමක් නැහැ කියලා පිටට අඟවන්න මට බෑ.

“විරේන්ගෙ කැමැත්තක් තිබුනෙ නෑ මං ජොබ් එකක් කරනවට.ඒත් මං පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටියෙ මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වෙන්න. ඒකයි විරේන් මගෙ කැමැත්තට ඉඩ දුන්නෙ……………”

“ඔයා ගොඩාක් ලකී ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න.දැන් අපි යමු ඉන්ටවල් එකත් ඉවරයි……………”

හවස හතරට ඕෆ් වුනාට පස්සෙ මං අනික් අයත් එක්කම එලියට එනකොට මගෙ ඉස්සරහට ආවේ ගොඩාක් හුරු පුරුදු කෙනෙක්.ටිකක් වෙලා කල්පනා කරද්දියි මට ඒ කෙනා කව්ද කියලා මතක් වුනේ.

“මාව මතකද මැඩම්?………….”

එයා වෙන කවුරුවත් නෙවෙයි ස්කෝලෙ ගිය කාලෙ මගෙ හොඳම යාලුවා දුලාරිගෙ අයියා දුල්හාන්.

“ඔව් මතකයි……………”

“මෙහෙ මොකද?…………….”

“පිට්ටු තම්බන්න ආවා…………..”😂

“මැරි කරලද ඉන්නෙ දැන්?…………..”

“ඔව්.ඇයි?…………….”

“හ්ම්ම්.ගුඩ් ගුඩ්.මාත් මැරි කරා.මං දැන් වැඩ කරන්නෙ ලැවැන්රා හොටෙල් එකේ.මං ඒකේ ඇසිස්ටන් මැනේජර්…………….”

දුල්හාන් එහෙම කියද්දි අපි ගාවට ආවෙ විරේන්.විරේන්ව දැකලා දුල්හාන් පුදුම වුනා.

“ආ මේ සර්නෙ.මේ මගෙ යාලුවෙක් සර්. දේවාන්ශි මේ ඉන්නෙ මං වැඩ කරන හොටෙල් එකේ බොස් විරේන් සර්……………”

කිසිම දෙයක් නොදන්න දුල්හාන් මට විරේන්ව අඳුන්වලා දුන්නා.මට නම් හිත යටින් හිනා හොඳටම.

“ආ ඇත්තද දුල්හාන්.මේ ඉන්නෙ මගෙ වයිෆ්.අපිට පරක්කු වුනා.යමු දේවාන්ශි…………..”

මගෙ අතින් අල්ලගෙන විරේන් කාරෙකට ආවා.

“දුල්හාන් මොනවද කිව්වෙ තමුසෙට?…………..”

“එහෙම මොකුත් විශේෂ දෙයක් කිව්වෙ නෑ.මැරි කරලද ඉන්නෙ කියලා ඇහුවා. මෙහෙ ආවෙ මොකටද කියලා ඇහුවා එච්චරයි…………….”

“තමුසෙ ඌත් එක්ක ආයෙත් කතාවට එහෙම යන්න එපා.ඌ එච්චර හොඳ මිනිහෙක් නෙවෙයි.ගෑණු පෙරේතයෙක් මහ වනචර කුපාඩියෙක්……………”😠

විරේන් එහෙම කියද්දී මට මතක් වුනේ එදා වැස්ස දවසෙ දුලහාන් එයාලගෙ ගෙදරදී මට කරදර කරන්න හදපු හැටියි.ඒක මතක් වෙලා මට බයකුත් දැනුනා.

“මට ඌත් එක්ක කතාවක් නෑ…………..”

“හ්ම්ම්…………..”

ගෙදර ආපු හැටියෙම මං නාගෙන ඉවර වෙලා රෑට කෑමත් කාලා කාමරේට ආවා.ආයෙ හෙටයි අනිද්දයි විතරයි කෝස් එකේ වැඩ තියෙන්නෙ.සතියට දවස් තුනක් විතරක් හින්දා ඉතුරු දවස් ටික නිවාඩු.

“මොනවද මගෙ ආදරණීය බිරිඳ කල්පනා කරන්නෙ?………….”

පිටු පසින් ඇවිත් මාව තද කරලා හිර කරගන්න ගමන් විරේන් එහෙම ඇහුවා.

“මාව අතාරින්න විරේන්.මගෙ ඔලුව කැක්කුමයි……………”

ඊට පස්සෙ විරේන් මගෙ ඔලුවටයි නලලටයි අත තියලා බැලුවා.

“බොරු කියන්න එපා.තමුසෙට මොකුත් අසනීපයක් නෑ.මං ළඟට එයි කියලනෙ තමුන් බොරු කියන්නෙ…………….”

විරේන්ගෙ ප්‍රශ්න වලට උත්තර නොදී මං අහකට ගියා.විරේන් නම් මගෙ ජීවිතේට පුදුම වදයක්.

“මං හෙට කොළඹ යනවා.ආයෙ එන්නෙ සතියකින්.එතකල් තමුසෙ බය නැතුව ඉන්නවා.උවමනාවක් උනොත් මට කෝල් එකක් දෙනවා……………..”

“මං කාටවත් බය නෑ……………”

“ඒක හොඳයි.මගෙ වයිෆ් කාටවත් බය නැති චණ්ඩි රැජිනක්නෙ.හරියට එයාගෙ මහත්තයා වගේ……………”

ඇති යාන්තං.සතියක් හරි මට මගෙ පාඩුවෙ සැනසීමෙන් ඉන්න පුලුවන්. කොළඹදී මෙයාට කොහෙන් හරි හොඳ කෙල්ලෙක් හම්බුනොත් හොඳයි. එතකොටවත් එයාට තේරෙයි මගෙත් එක්ක ජීවත් වුනා කියලා එයාට කිසිම සතුටක් නෑ කියලා.

“හෙට ඉඳන් සතියක්ම තමුසෙගෙන් වෙන් වෙලා ඉන්න වෙනවා කියලා දැන ගත්තම එපා වෙනවා ඕයි.කොහොම ඉන්නද මේ උණුසුම නැතුව.මට පිස්සු හැදෙයි දේවාන්ශි සතියක්මනෙ…………..”

විරේන් එහෙම කිව්වේ මගේ මගේ පපුතුරුලේ හිස හොවාගනිමින්.

පිස්සු හරි හැදුනොත් හොඳයි.එතකොට පිස්සන් කොටුවට ගිහින් දාලා මට මගෙ පාඩුවෙ සැනසීමෙ ඉන්න පුලුවන් වෙයි.එයා මානසිකව වැටෙන එක මට හොඳයි.එතකොටවත් තේරුම් ගනියි මාව කසාද බැන්ද එක ලොකු මෝඩකමක් කියලා.

දින තුනකට පසු👇👇👇

විරේන් කොළඹ ඉන්නෙ.තව දවස් හතරකින් එයා ආපහු එනවා.දවසට දෙතුන් පාරක් එයා මට කෝල් කරලා දුක සැප අහනවා.මගෙ අම්මවත් කවදාවත් මං ගැන මෙහෙම හොයලා නෑ.මාත් එක්ක බැඳීමක් ඇති කරගන්න විරේන් ගොඩාක් උත්සහ කරනවා.

ඒත් මට කවදාවත් බෑ විරේන්ට ලං වෙන්න. එයා බලෙන්ම මාව කසාද බැන්දෙ මගෙ අම්මා කරපු වරදට මගෙන් පලි ගන්න. අම්මගෙ ජීවිතේට තියන ආදරේ හින්දයි මං මේ විදියට ඉන්නෙ.අද මං මගේ ගෙදර ඉඳලත් එයාගෙ හිර කාරියක් වෙලා.😥😥

කොළඹ පිහිටි සිය නිවසේ සිටි විරේන් හට සෑම මොහොතකදීම දේවාන්ශිව මතකයට නැගෙනවා.ඇය තමාව මෙතරම් පිළිකුල් කරන්නේ,මෙතරම් ප්‍රථික්ෂේප කරන්නෙ තමා ඇයව බලෙන්ම විවාහ කරගත් නිසාත්, රොෂාන්ව ඇගෙන් වෙන් කර නිසාත් ය. නමුත් රොෂාන් ඇයව රවටා ඇයට බොරු කෙරූ බව ඇය දන්නේ නැත. රොෂාන් විවාහකයෙක් බව ඇය නොදනී.

තමා ඇයට ඒ බව ප්‍රකාෂ කරත් ඇය ඒ බව විශ්වාස කරේ නැත.ඇයගේ සිතේ සිටින්නේ තමා නොව රොෂාන් ය. නමුත් රොෂාන් ගැන සත්‍ය වටහා ගත් දිනෙක ඇයගේ සිත තමා හට සෙමින් සෙමින් ලං වනු ඇත.සයනයේ ඒ මේ අත පෙරලුනත් විරේන්ට නින්ද ගියේ නැත.ඇයගේ උණුසුම නොමැතිව ඔහුගේ සිත පිස්සු වැටී ඇත.

මතු සම්බන්දයි