අපේ නම් කිසිම අකමැත්තක් නෑ පුතා. පුතාගෙ අම්මා මේකට මොනවා කියයිද?…………………”

“ඒ ගැන බය වෙන්න එපා ඇන්ටි.අපේ අම්මා මගෙ සතුටට බාධ කරන්නෑ. අම්මා කැමතියි මහීමාට…………………”

“අපේ දරුවාගේ අනාගතේ සාර්ථක වෙනවා දකින එකයි අපි දෙන්නගෙ එකම සැනසීම.පුතා මගෙ දුවගෙ අඳුරු වෙච්චි ජීවිතේට ආලෝකය අරන් ආපු එක ගැන මට ගොඩාක් සතුටුයි පුතේ…………………..”

අප්පච්චි සෙනේෂ්ව සර්ව වැළඳ ගත්තා.මට තාමත් මේ දේවල් ගැන හිතා ගන්න බෑ.මං හිතුවෙ මට වෙච්චි දේ ගැන සෙනේෂ් සර්ට කිව්වට පස්සෙ එයාගෙ තීරණේ වෙනස් වෙයි කියලා. ඒත් එහෙම වුනේ නෑ.මං පිරිසිදු කෙල්ලෙක් නෙවෙයි කියලා දැන දැනත් සෙනේෂ් සර්ගෙ හිතේ මං ගැන ඇති වෙලා තිබුණු ආදරේ වෙනසක් වෙලා තිබුනෙ නෑ.එයා මොන තරම් උතුම් හදවතක් තියන කෙනෙක්ද?

“පුතා දවල් කෑමටත් එක්කම ඉඳලා යන්න………………..”

“අනේ අද නම් බෑ ඇන්ටි.ගොඩාක් වැඩ තියනවා.මං වෙනින් දවසක එන්නම්. මං එහෙනම් ගිහින් එන්නම්…………………..”

සෙනේෂ් සර් අම්මටයි අප්පච්චිටයි වැඳලා යන්න එළියට බැස්සා.මාත් සෙනේෂ් සර් එක්කම එයාගෙ කාරෙක ගාවට ගියා.

“මහීමා,දැන් ඔයා ඔයාගෙ අනාගතේ ගැන හිතලා කිසිම දෙයක් ගැන දුක් වෙන්න එපා.මං ඔයත් එක්කම හැමදාම ඉන්නවා.අතීතය සදහටම අමතක කරලා දාන්න.තමන් වරදක් නොකර කිසිම දේකට දඬුවම් විඳින්න ඕන්නෑ………………….”

“මං හිතුවෙ මට වෙච්චි දේවල් අහලා සර්ගෙ හිතේ තිබුණු අදහස් වෙනස් වෙයි කියලා.කමක් නෑ සර් ඔයා ගත්තු තීරණේ ගැන ආයෙමත් සැරයක් හිතලා බලන්න.කවදා හරි දවසක සර්ට හිතුනොත් මං කිසිම වැඩකට නැති ගෑණියෙක් කියලා.මට හිතෙනවා මං සර්ගෙ වටින ජීවිතේට කැලලක් වුනා කියලා………………….”

“එහෙම හිතන්න එපා මහීමා.මං ඔයාට ආදරේ කරේ අතරමගදි ඔයාව දාලා යන්න නෙවෙයි.ඔයාට වෙච්චි දේවල් මට ප්‍රශ්නයක් නෙවෙයි.ඒ හින්දා ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්නත් එපා. අතීතය අතීතයටම එකතු කරලා අපි වර්ථමානෙත් එක්ක අපේ අනාගතේ ගැන හිතමු.මීට පස්සෙ ඔය දේවල් ගැන හිතලා දුක් වෙන්න බෑ ඔන්න.මං එහෙනම් ගිහින් එන්නම්.හෙට නිවාඩුයිනෙ.මං එන්නම් උදේට.අපි දෙන්නා පොඩ්ඩක් ඇවිදින්න යමුද?………………..”

මං හිනා වෙලා හා කියලා ඔලුව වැනුවා.සෙනේෂ් සර් කම්මුලට තට්ටුවක් දාලා කාරෙකට නැගලා ගියා. කාරෙක නොපෙනී යන තුරුම මං බලාගෙන ඉඳලා ගෙට ආවා.අම්මයි අප්පච්චියි හිටියෙ හුඟාක් සතුටින්. මගේ අනාගතේ දිහා සුබවාදීව බලන්න ලැබුනු නිසා එයාලාගේ හිත් වල තිබුනු බර නැති වෙලා යන්න ඇති.ඉපදුනු දා ඉඳලා මං වෙනුවෙන් දුක් උහුලපු මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි හිත් වලට සතුට සැනසුම ලැබුනු එකට මං ගොඩාක් සන්තෝශ වුනා.

“හිතේ තිබුනු ලොකූ බරකින් නිදහස් වුනා කියලා වගේ දැනෙනවා.ඒ දරුවා අපේ දුවව කසාද බඳින්න කැමති වුනු එක ගැන මට පුදුමත් හිතුණා.ඒ වගේ උතුම් බෝසත් ගතිගුණ තියන පිරිමියෙක් අපේ බෑණා වෙන්න හදන එක ගැන මට හරිම සතුටුයි.ඒ දරුවා අපේ දුවව හැමදාම සතුටින් තියයි………………….”

“මේ දේවල් ඉක්මනට පිළිවෙලක් කරලා දාමු නෝනෙ.මේ දරුවටත් දැන් ඉතින් අවුරුදු විස්සක්නෙ………………….”

“ටික දවසක් ඉඳලා අපි ඒ දරුවගෙ අම්මාව මුණ ගැහෙන්න යමු මේ දේවල් ගැන කතා කරගන්න…………………..”

“ඔව් එහෙම කරමු.මේක අපේ දුවගෙ වාසනාව…………………”

ටික වෙලාවකින් මං අම්මයි අප්පච්චියි ගාවට ආවා.එයාලා කතා කර කර හිටියෙ මමයි සෙනේෂ් සරුයි ගැන.

“දූ ඒ ළමයගෙ සහෝදර සහෝදරියො එහෙම ඉන්නවද පව්ලෙ?……………….”

එහෙම අසමින් අම්මා මං ගාවින් වාඩි වුනා.

“මල්ලි කෙනෙක් විතරයි ඉන්නෙ අම්මෙ………………”

“තාත්තාත් නෑ කිව්වනෙ.අම්මත් එක්තැන් වෙලානෙ ඉන්නෙ.ඒ හින්දා එයාලට මෙහෙ එන්න බැරි වෙයි.කමක් නෑ තව ටික දවසකින් අපි එහෙ යමු……………..”


අද නම් හිතට ලොකු සතුටක් දැනුනෙ. මුලු හිතම සතුටින් පිරිලා.උදෙන්ම නැගිටලා මං ඇඟ හෝදගත්තා. සෙනේෂ් සර් එනවා කිව්වෙ උදේ අටට විතර.තේ බීලා උදේ කෑමත් කාලා මං නිල් ඩෙනිම් කලිසමකට දම් පාට ශල්වාර් ටොප් එකක් ඇඳ ගත්තා.

“දුවේ,දවල් කෑමට ඒ ළමයත් එක්කම මෙහාට එන්න………………”

“හා අප්පච්චි.අම්මා බලන්නකො අනේ අප්පච්චි දැන් මටත් වඩා බෑණාට ආදරෙයි වගේ………………”

මං නෝක්කාඩුවෙන් වගේ එහෙම කියලා අම්මගෙ උරහිසට හිස තබා ගත්තා.අප්පච්චිට නම් හිනා මං කියපු එකට.

“ඕන් ඉතින් මෙයාගෙ තියන ඉරිසියාව. සෙනේෂ් පුතාගෙ අම්මත් දූට මේ වගේ ආදරෙන් ඉඳියි……………….”

අපි කතා කර කර ඉන්නකොට සෙනේෂ් සර්ගෙ වාහනේ සද්දෙ ඇහුනා.මං අම්මටයි අප්පච්චිටයි වැඳලා එළියට බැස්සා.

“අද නම් ඔයා මාර ලස්සනයි.ගිලින්න හිතෙනවා.මොකක්ද ගාපු සෙන්ට් එක. පුදුම සුවඳක් තියෙන්නෙ………………..”

මං කාරෙකට නැග්ගට පස්සෙ සෙනේෂ් සර් එහෙම කියාගෙනම වාහනේ ඉස්සරහට ගත්තෙ.අද නම් මටත් වඩා එයා ලස්සනයි කියලා මට හිතුණා.කළු ඩෙනිමට නිල් පාට ටී ෂර්ට් එක ඇඳලා හිටපු සෙනේෂ් සර්ගෙ තිබුනෙ මාර ලස්සනක්.

“මොකෝ මං දිහා බලාගෙන බාවනා කරනවද?………………..”

“න්…..නෑ සර්.ඔය ඇඳුමට ඔයා ගොඩාක් ලස්සනයි……..………….”

“ඒකනෙ පාරෙදි කෙල්ලො හැරි හැරි බලනවා මං දිහා…………………..”😁😉

“අපොයි ඒ මොකටද දන්නෑ…………………”

“දැන් ඉතින් බැලුවට වැඩක් නෑනෙ…………………..”

සෙනේෂ් සර් එහෙම කියලා මගෙ අතක් කෙනිත්තුවා.එයා වාහනේ ඉස්සරහට පදවගෙන ගියාට කොහේ යනවද කියලා මං දන්නෙ නෑනෙ.

“අපි කොහෙද දැන් යන්නෙ සර්?…………………”

“මුලින්ම මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නකො.මං ඔයාගෙ කව්ද?……………….”

අනේ අපොයි ඇයි සෙනේෂ් සර් එහෙම අහන්නෙ?මං ඒ ප්‍රශ්නෙට කොහොම උත්තරයක්ද දෙන්නෙ?එයා තාමත් මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.

“මං කව්ද ඔයාගෙ?………………..”

“මෙ…..මේ…..සර් දන්නවනෙ ඒක ඉතින්…………………”

“ඔව් මන් දන්නවා.මහීමාගෙ කටින්ම මට ඒක අහන්න ඕනි.මං කව්ද ඔයාගෙ?…………………..”

“මේ…………මං…………මේ……………සර්ගෙ මේ ප්‍රයිවට් සෙකට්‍රි……………….”

ඕන් කිව්වා එකක්.ගොං ගහක් මේ මළ හෝන්තුව.ලැජ්ජාවෙ වගේ ඒක කියන්නත්.හිටපන්කො හොඳ වැඩක් කරන්න.

එහෙම හිතපු සෙනේෂ් පාර අයිනෙ වාහනේ නවත්තලා සීට් එකට් හේත්තු පපුවට අත තියාගෙන හුස්ම ගන්න අමාරුවෙන් වගේ බොරුවට කෙඳිරි ගෑවා.ඒක දැකපු මහීමා නම් හොඳටම බය වුනා.

“අනේ සර් ඔයාට මොකද වුනේ?අනේ කතා කරන්නකො සර්?අනේ ඔයාට මොකද දෙයියනේ මේ වුනේ?………………”😭😭

මහීමා අඬමින්ම සෙනේෂ්ගෙ මූණට අත තියලා කතා කරා.ඒත් සෙනේෂ්ගෙ කතාවක් නෑ.

“මගෙ පපුව රිදෙනවා මහීමා.අනෙ අම්මෝ ඉන්න බෑ අයියෝ මං මැරෙයිද දන්නෑ………………”

“අනේ නෑ මං ඔයාට මැරෙන්න දෙන්නෑ මගෙ සර්.අනේ මං මොකද කරන්නෙ දෙයියනේ.අනේ ගොඩාක් රිදෙනවද සර්?………………..”

අඬමින් බිය වී උන් මහීමා සෙනේෂ්ගෙ ටීෂර්ට් එකේ බොත්තම් දෙක ගලෝලා පපුව පල්ලෙහාට ටිකක් වෙලා අත ගෑවා.ඇය හිටියෙ හොඳටම බය වෙලා. ඇස් දෙක දිගේ කඳුලු බේරෙනවා. එක්වරම සෙනේෂ් ඇයගේ අතින් අල්ලලා පපුවට තද කරගෙන ඒ මුහුණ දිහා බලලා ඇහැක් ගැහුවා.ඒ පාර නම් මහීමාට අසූරාදාහට මළ පැන්නා.

“ඔයා…………ඔයා මෙච්චර වෙලා බොරුවක්ද කරේ?ඔයා නම් සෙනේෂ් සර්.මං හොඳටම බය වුනා…………….”😡

“පිස්සු කෙල්ල මං විහිලුවක් කරේ ඔයාට.මේ දැන් ඔය සර් සර් කියන එක නවත්තන්න වෙයි ඔන්න.සෙනේෂ් කියලා විතරක් කතා කරන්න.ඔයා මට සර් කියලා කතා කරනකොට මොකක්දෝ මන්දා දුරස්ථ බවක් දැනෙනවා.සෙනේෂ් කියලා ආදරෙන් කතා කරන්න………………..”

“හ්ම්ම්.හරි………මං එහෙම කතා කරන්නම්.ඒත් ආයෙ ඔය වගේ විහිළු කරන්න එපා.මං හොඳටම බය වුනා. පපුවත් හොඳටම ගැහෙනවා බය වෙච්චි පාරට…………………”

“මොනවා😱කෝ බලන්න………………..”

සෙනේෂ් සර් මගෙ පපුවට අත තියලා බැලුවා.

“අනේ සොරි පැටියො.සොරි.වෙරි සොරි. මං ඔයාව බය කරන්න හිතුවෙ නෑ.මට ඕනි වුනේ ඔයා මට අසනීපයක්ද හිතලා ඇත්තටම බය වෙනවද කියලා බලන්න…………………”

“එහෙම පරීක්ෂා කරලා බලන්න ඕන්නෑ.මං ඇත්තටම ආදරෙයි ඔයාට………………..”

මං අහක බලාගෙන හිනාව තද කරගෙන එහෙම කිව්වා.සෙනේෂ් මං දිහා පුදුම වෙලා වගේ බැලුවා.එයාගෙ ඇස් වලින් ලොකූ ආදරයක් මට පෙනුනා.

“ආයෙ කියන්න බලන්න ඒක……………..”

“ඇයි………ඇහුනෙ නැද්ද?………………..”

“නෑනෙ……………….”

“මං ඇත්තටම………ඔයාට………ආදරෙයි කියලා කිව්වෙ………………..”

“මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මහීමා……………………”

සෙනේෂ් මගෙ මුහුණ එයාගෙ පැත්තට හරවගෙන මගෙ නළල සිප ගත්තා.ඒක මං එයාගෙන් ලබපු පලමු සිප ගැන්ම. ඒක මගෙ මුලු ආත්මෙටම කා වැදුනා. මගෙ හිත නුහුරු නුපුරුදු හැඟීම් ගොන්නකින් පිරීලා ඉතිරිලා ගියා.මගෙ නලල මතින් දෙතොල් මෑත් කරපු සෙනේෂ් ඒ දෙතොල් වලින් මගෙ මුහුණත් ගෙල පුරාත් හාදු තැවරුවා.

“මෙ…….දැන් ඇති සෙනේෂ්.අපි මේ……… ඉන්නෙ පාර අයිනෙ.කවුරු හරි දැක්කොත් එහෙම හොඳ නෑනෙ…………………”

“මට නම් මදි වගේ.කොච්චර වෙලා මේ පපුවට තුරුල් වෙලා හිටියත් මට ඇති වෙන්නෑ………………….”

සෙනේෂ්ගෙ මේ ආදරේ මගේ හිත පිස්සු වට්ටනවා.මං ගැන හැම දෙයක්මා දැනගෙනත් එයාගෙ ආදරේ කිසිම වෙනසක් වෙලා නෑ.මට පණ වගේ ආදරේ කරනවා.මං හීනෙකින්වත් හිතුවෙ නෑ මෙහෙම ආදරයක් මගේ ජීවිතේට ලැබෙයි කියලා.

“අපි දැන් කොහෙද යන්නෙ සෙනේෂ්?………………….”

“මුලින්ම අපේ ගෙදර ගිහින් අම්මත් එක්ක කතා කරලා ඊට පස්සෙ ලවර්ස් පාර්ක් එකට යමු………………..”

“හ්ම්ම්………………..”

අපි දෙන්නා ගෙදරට එද්දී වෙලාව උදේ නවයට විතර ඇති.ඊයෙට වඩා අද ගෙදර ලොකු වෙනසක් මට පෙනුනා. ගෙට ඇතුල් වෙලා අපි දෙන්නා මුලින්ම ගියේ සෙනේෂ්ගෙ අම්මා ලඟට.එයා හිටියෙ වීල් චෙයාර් එකේ.

“අම්මෙ මෙන්න මං අම්මගෙ ලේලි වෙන්න ඉන්න කෙනාව එක්කන් ආවා………………”

සෙනේෂ් මාව එයාගෙ අම්මට හඳුන්වලා දුන්නා.මං අම්මට දණ ගහලා වැන්දා.එයා මගෙ හිසට අත තියලා ආශිර්වාද කරා.

“මොකක්ද දූගෙ නම?………………”

“මහීමා………………..”

“දූගෙ දෙමව්පියො මේ ගැන දන්නවද?………………..”

“ඔව් අම්මෙ.සෙනේෂ් ඒ අයත් එක්ක ඊයෙ කතා කරා.අම්මයි අප්පච්චියි මෙහෙ එනවා කිව්වා ළඟදීම…………………”

මං ඒ වීල් චෙයාර් එක පාමුල වාඩි වෙලා එහෙම කිව්වා.අම්මා කට පුරා හිනා වීගෙන මං දිහා බලාගෙන හිටියා.

“චාරිත්‍රානුකූලව නම් අපියි හරි නම් මුලින්ම එහාට එන්න ඕනි.ඒත් කමක් නෑ මට යන්න එන්න බෑනෙ.දුවගෙ දෙමව්පියන්ට මෙහාට එන්න කියන්නකො………………….”

“හා අම්මෙ.මං එයාලට කියන්නම්………………..”

“දූගෙ පව්ලෙ වෙන කව්ද ඉන්නෙ?……………….”

“අප්පච්චියි අම්මයි මමයි විතරයි………………..”

“දුව නම් දන්නවානෙ.සෙනේෂ්ගෙ තාත්තා නම් ජීවතුන් අතර නෑ.මට ඉන්නෙ සෙනේෂ් පුතායි සුරේෂ් පුතා‍යි විතරයි.සෙනේෂ් තමයි ලොකු පුතා.දුව පොඩි පුතාව දැකලා තියනවද?………………..”

“අ…..මං ඊයෙ එක සැරයක් දැක්කා……………….”

“ආ ඔය එන්නෙ කියනකොටම………………”

සෙනේෂ්ගෙ මල්ලි අපි ඉන්න පැත්තට ආවා මොකක්දෝ මන්දා පාර්සලයකුත් අතේ තියාගෙන.එයා ඒ පාර්සලේ ස්ටූල් එක උඩ තියලා අපි දිහා බැලුවා.

“මල්ලි ෆැක්ට්‍රිය පැත්තෙ ගියේවත් නෑ කියකා පෙරේරා කිව්වනෙ………………..”

“මේ දවස් වල වැඩ වැඩියි අයියෙ.ඒකයි යන්න බැරි වුනේ.හෙට දිහාවට යනවා………………”

එහෙම කියපු සෙනේෂ්ගෙ මල්ලි පුටුවකින් වාඩි වෙලා අම්මගෙ බෙහෙත් ටික තෝරලා වතුර වීදුරුවකුත් අතට දුන්නා.

“සුරේෂ් පුතා,මේ ඉන්නෙ මහීමා දූ. ඔයාගෙ නෑනා.මේ පව්ලෙ ලොකු ලේලි. දුවේ මේ සුරේෂ් පුතා………………”

මට සෙනේෂ්ගෙ අම්මා සුරේෂ්ව අඳුන්වලා දුන්නා.සුරේෂුත් මං දිහා බලලා හිනා වුනා.සෙනේෂ් වගේ නෙවෙයි එයාගෙ මල්ලි හරිම අමුතුයි. මං දිහා මහ කෑදර විදියට බැලුවෙ. කුපාඩිකම මූණෙන් උතුරනවා. ටිකක්වත් මනුස්සකමක් නෑ වගේ.මං දිහා කන කොනකින් හිනා වුනු සුරේෂ් පල්ලෙහාට ගියා.

නැවත හමුවෙන තුරු විරාමයකට