මීදුම් වරුසා
උදෑසන ඇති දැඩි මීදුම නිසා පාර පවා නොපෙනේ.මේ දින කිහිපයේම සවස් යාමයේ ඇදහැලෙනා දැඩි වර්ෂාව නිසා උදෑසන හිරිගඩු පිපෙන තරමටම දැඩි සීතලක් ගෙන දේ.උදෑසනින්ම අවදි වන්නට කම්මැලි සිතුන නිසා මම හිසේ සිට පාදාන්තය දක්වා පොරෝනය පොරවා ගතිමි.
“ඒයි මොකෝ මේ සීතලද?…………..”
විරේන් පැමිණ මගේ පොරෝනයෙන් ඇද්දා.කාමරයේ ජනේලය හරහා හමා ආ සුළං රැල්ලක් මගේ ගත වෙලා ගන්නට විය.මට දැනුනේ අධි ශීතකරණයක් තුලට දමා දොර වසා දැමූ කලෙක මෙන් ඇති වූ සීතලකි.ඒ සීතලෙන් මාව වෙව්ලන්නටද විය.
“ඔව් අනේ.අර ඇරියෙ ඇයි අප්පා මෙච්චර මීදුමයි සීතලයි තියෙද්දි…………”
මං එහෙම කියද්දි විරේන් ඒ ජනේල් ටික වහලා දාලා මං ගාවින් වාඩි වුනා. මං ඇස් පියාගෙන සීට් එක පොරව ගත්තා.
“ඉක්මනට නැගිටලා ලෑස්ති වෙනවා. පොඩි වැඩක් තියනවා……………”
“මොකක්ද?……………”
“ඒකෙන් තමුසෙට වැඩක් නෑ දේවාන්ශි. මගෙ යකා අවුස්සන්නෙ නැතුව නැගිටලා ලෑස්ති වෙයන්…………..”
“තමුසෙ ඕන රෙද්දක් කරගන්නවා විරේන් මට මගෙ පාඩුවෙ ඉන්න දීලා……………”😠
විරේන්ගේ කෝපය ඇවිස්සෙන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත.දේවාන්ශි වෙතට ඇතුළු වූ ඔහු බලෙන්ම පොරෝනය ඇඳ දමා ඇයව බාතෲම් එකට රැගෙන ගියා.දැඩි සීතලෙන් ඇය දෙවුර හකුලුවා ගත්තා.
“ඉක්මනට දත් මැදලා මූණ කට හෝදගෙන එළියට වරෙන්…………..”
විරේන්ට මොකද මේ වෙලා තියෙන්නෙ?කොහෙ යන්නද එයා මට ලෑස්ති වෙන්න කිව්වෙ?එහෙම හිත හිතාම මං ලෑස්ති වෙලා බාතෲම් එකෙන් එලියට ආවා.ඒ එද්දී ඇඳ උඩ සාරියක් තිබුනා.
“මේක ඇඳ ගන්නවා…………..”
“මට බැහැ……………”
“මේක ඇඳ ගනින් යකෝ.උඹට මං කියපු දේ ඇහුනෙ නැද්ද?……………”😡
“මේ විරේන්,මේක මගේ ගෙදර.තමුන්ට ඕනි විදියට නටන්න මං ලෑස්ති නෑ. තමුසෙ තමුසෙගෙ වැඩක් බලා ගන්නවා…………….”😠
විරේන්ගෙ මූණ දිහා බලාගෙන මං එහෙම කිව්වා.
“ආ එහෙමද මැඩම් මං ආපහු කාමරේට එද්දී උඹ ලෑස්ති වෙලා නොතිබුනොත් මං බලා ගන්නම්……………”
ඒ සාරියත් අරන් මගෙ මූණට දමලා ගහපු විරේන් කාමරෙන් ගියේ ලොකු කේන්තියකින්.සාරිය පැත්තකට දාලා දිග සායකුයි අත් කොට බ්ලව්ස් එකකුයි ජැකට් එකකුයි ඇඳගෙන මං කුස්සියට ගියා.යද්දී දයාවතී නැන්දා කෑම උයනවා.
“ආ ලොකු බේබි,කලින්ම නැගිට්ටද?මං මේ දැනුයි කෑම හදන්න ගත්තෙ………….”
“විරේන් මොනවහරි නැන්දට කිව්වද?……………”
“අනේ නෑ ලොකු බේබි.මට නම් මොකුත්ම කිව්වෙ නෑ…………….”
“මට නම් තේරෙන්නෙ නෑ නැන්දෙ.මට නම් බෑ මේ යකා එක්ක ජීවත් වෙන්න……………”
“බේබිගෙ දෙමව්පියන්ගෙ වැරදිනෙ මේවා.එයාලා කරපු දේවල් හින්දා අද දුක් විඳින්නෙ අසරණ දරුවො…………….”
“හැමදාම මං වින්දෙ දුක විතරයි නැන්දෙ…………….”
එහෙම කියලා මං කාමරේට ආවා. විනාඩි විස්සක් විතර යද්දී විරේන් තව මිනිස්සු තුන් දෙනෙක් එක්ක ගෙදරට ආවා.මේ මනුස්සයා ඒ පාර මොනවා කරන්න හදනවද?විරේන් කාමරේට එද්දි මං අහක බලා ගත්තා.
“තමුසෙ ලෑස්ති වුනේ නැද්ද?කමක් නෑ ඔහොම වරෙන්……………”
විරේන් මගේ අතේ බාහුවෙන් ඇදගෙන පල්ලෙහාට ගියා.අර මිනිස්සු තුන් දෙනාත් සාලෙ හිටියා.
“මොනවද විරේන් මෙතන සිද්ද වෙන්නෙ?කව්ද මේ මිනිස්සු?……………”
“උඹේ අම්මා පණ පිටින් ඉන්නවා දකින්න කැමතියි නම් කෑ ගහන්නෙ නැතුව මං කියන දේ කරපන් දේවාන්ශි. මං උඹව නීත්‍යානුකූලවම මට අයිති කර ගන්න හදන්නෙ…………….”
අනේ දෙයියනේ විරේන් හදන්නෙ මාව කසාද බඳින්නද?අනේ මේ මොන අපරාධයක්ද?මේ මනුස්සයා මං නොකරපු වරදකට නේද මට මේ දඬුවම් කරන්නෙ.මට බෑ කියලා මං කෑ ගහලා ඇඬුවා.ඒවාට හම්බවුනේ රිදෙන්නම කම්මුල් පාරවල්.
“අත්සන් කරපන් ඒ ඇති…………….”😡
දත් මිටි කාගෙනම එහෙම කියපු විරේන් බලෙන්ම මගෙ අතට පෑන දුන්නා.මං අත්සන් නොකර කඳුලු වගුරවමින් ඇඬුවා.😭😭
“මගෙ යකා අවුස්සන්නෙ නැතුව අත්සන් කරපන් දේවාන්ශි.මං මේ උඹට හොඳින් කියන්නෙ.අත්සන් කරනවද නැද්ද?……………..”😡
අඬමින් වෙව්ලමින්ම මං ඒ කොළ වලට අත්සන් කරලා කාමරේට දුවගෙන ආවා.ටික වෙලාවකට පස්සෙ විරේනුත් කාමරේට ආවා.මං කොට්ටෙ බදාගෙන මහ හයියෙන් ඇඬුවා.විරේන් මගෙ ඔලුව අත ගෑවා.මට තවත් හයියෙන් ඇඬුනා.
විරේන්ට දේවාන්ශිගෙ කඳුලු දැක්කම දරා ගන්න බැරි තරම් දුකක් ඇති වුනා. ඒත් දේවාන්ශි කවදා හරි තමන්ගෙ ආදරේ තේරුම් ගනියි කියලා හිතලා හිත හදා ගත්තා.ඔහු ඕනෑ තරම් තරුණියන් දැකලා තියනවා.ඒත් මේ වසර විසිඅටට ඔහුගේ මේ සිත හොල්ලන්න පුලුවන් වුනේ දේවාන්ශිට විතරයි.ඇයගේ රුව දුටු මොහොතේ පටන් විරේන්ගේ හිතේ ඇය ගැන මහා සාගරයක් තරම් ආදරයක් ඇති වුනා.
කවදාහරි තමන්ගේ බිරිඳ වෙන්න ඕනි දේවාන්ශි විතරමයි කියලා ඔහුගේ සිතේ සිතුවිල්ලක් ඇති වුනා.ඔහු ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියේ සිය පියාගේ මිනීමරුවන් සෙවීමේ අරමුනිණි.ඒ මරණයට හවුල් වූ එක් අයෙකු මෙලොව හැර ගොස් සිටි අතර අනෙකා වූ දේවාන්ශිගේ මව පමණක් ජීවතුන් අතර සිටියාය.ඇය හෘද රෝගියෙකු බව දේවාන්ශි දන්නේ නැත. දේවාන්ශි වෙනුවෙන් විරේන් නාලනීගෙන් පලි ගැනීමට සිතූ සිතුවිල්ල අමතක කරේය.
“තාත්තෙ මට සමාවෙන්න.මං දේවාන්ශිට ගොඩාක් ආදරෙයි.මට එයාව නැතුව ඉන්න බෑ තාත්තෙ. අම්මත් නැති මට බැඳීමක් ඇති නොවුනත් මගේම කියලා කෙනෙකුට ඉන්නෙ දේවාන්ශි විතරයි.එයාගෙ අම්මගෙන් පලි ගත්තොත් මට දේවාන්ශිව නැති වෙයි තාත්තෙ.මට සමාවෙන්න……………”😭😭
තම පියාගේ පින්තූරය දෙස බලමින් එසේ මුමුණා ඉකි බින්ද විරේන් එය අල්මාරියට දමා දේවාන්ශි අසලට ගියා. ඇය සිටින්නේ තද නින්දකිනි.ඇයගේ මුහුණු කඳුලෙන් නැහැවී ඇත.කම්මුල දෙපස රතු වී ඇඟිලි පාර සටහන් වී ඇත.ඔහුට ඇය ගැන මහත් දුකක් ඇති විය.ඇයට නොදැනෙන්නට ඔහු ඇයගේ කම්මුල් මත දෙතොල් තැබුවාය.ඇයට පොරෝනය පෙරවූ ඔහු සිය මෝටර් රථයෙන් හෝටලය බලා පිටත් විය.
දින කිහිපයක් තිස්සේම මා රැකියාවක් සෙව්වෙමි.මට නිවසේ සිට යාමට හැකි රැකියා ස්ථානයක් සෙවීම මදක් අසීරු විය.අවසානයේදී මා එක් දෙයක් පිළිඹඳ තීරණයක් ගත්තෙමි.මා උසස් පෙළත් සමත් වී ඇති නිසා පෙරපාසල් ගුරු පුහුණුවකට අයදුම් කලෙමි.අයදුම් පත්‍රය පුරවා යවා සතියකින් පමණ පිළිතුරු ලැබෙන නිසා මා ඒ පිළිඹඳ දැඩි බලාපොරොත්තුවකින් සිටියෙමි.මා ඒ පිළිඹඳ විරේන්ට පැවසුවේ නැත.නමුත් පාඨමාලාවට පැමිණෙන්නයි කියා මට ඒ ආයතනයෙන් එවූ ලිපිය දුටු විරේන් මට බැන වැදුනේය.
“තමුසෙ කාගෙන් අහලද රස්සාවකට යන්න ලෑස්ති වුනේ?………….”😡
“කාගෙන්වත් අහන්නෙ මොකටද මං. මට ඕනි හින්දා මං රස්සාවකට යන්නෙ.ඒ ගැන අහන්න ඔයා කව්ද?………….”
නොසිතූ ලෙස ඇගේ මුවින් පිටවූ ඒ වදන් හමුවේ විරේන්ගේ කෝපය ඇවිස්සුනි.
“මමද?ඇයි උඹට අමතක වුනාද මං උඹේ කසාද මිනිහා බව?අපි අතරෙ බැඳීමක් නැති වුනාට නමට හරි මං උඹේ මිනිහා කියලා අමතක කරන්න එපා…………..”
“මේ විරේන්,ඔයා මාව කසාද බැන්දෙ ඔයාගෙ කැමැත්තෙන් මිසක් මගේ කැමැත්තකින් නෙවෙයි.මගෙ හිතේ කවදාවත් ඔයාට ඉඩක් ලැබෙන්නෙ නෑ විරේන්…………….”😠
“උඹේ කට වැඩියි දේවාන්ශි.මං උඹට මෙච්චර ආදරේ කරද්දි උඹ මාව සත පහකටවත් ගනන් ගන්නෙ නෑ.තෝ වැඩිය කට ගහගෙන ආවොත් උඹ මට නොදෙන උඹේ අයිතිය මම බලෙන් හරි ගන්නවා දැන ගනින්…………….”😡
එසේ පැවසූ විරේන් මාව පැත්තකට තල්ලු කරලා කාමරෙන් පිටවෙලා ගියා. නෑ…..කවදාවත් මට බෑ විරේන්ට ලං වෙන්න.එයාගෙ අයිතිය දෙන්න මට කවදාවත් බෑ.එයාට ඉක්මනට තේරෙයි මාව කසාද බැන්ද එක අපරාදෙ කියලා.
ලිපියේ තියන විදියට මට ඒ පාඨමාලාවට යන්න තියෙන්නෙ අනිද්දා ඉඳලා.සතියට දවස් තුනක් ඒ පාඨමාලාව තියනවා.ගෙදර ඉඳන් කිලෝමීටර් දෙකක් වගේ තියන නිසා මට යන්න එන්නත් ලේසියි.මං ඇඳුම් ටිකකුත් ලෑස්ති කර ගත්තා.විරේන් අකමැති වුනත් මං මේ ජොබ් එකට යනවා.
හවස තුනට විතර විරේන් ගෙදර එද්දී දේවාන්ශි හිටියේ ඇඳේ මුනින් අතට හැරිලා පත්තරයක් බලමින්.විරේන් එනවා ඇය දුටුවෙ නෑ.ඇය අසලට ගිය විරේන් ඇගේ පිටුපසට තට්ටුවක් දමා ඇඳෙන් වාඩි වුනා.
“තමුසෙට ලැජ්ජ නැද්ද?………….”
“ඒ මොකෝ තමුසෙ මගෙ කසාද ගෑණිනෙ.ඔහ්…..සොරි තාම කෙල්ලනෙ…………….”
එහෙම කියලා ඇඳේ ඇල වූ විරේන් මාව එයා ගාවට ඇදලා ගත්තා.
“මාව අතාරිනවා විරේන්.මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා…………..”
මං එහෙම කියද්දී විරේන් මාව අතෑරලා පැත්තකට වුනා.පොඩි වෙච්චි ඇඳුමත් හදාගෙන මං පත්තරේ ස්ටූල් එක උඩින් තියලා බැල්කනියට ආවා.ටිකක් වෙලා යද්දී විරේනුත් මං ගාවට ආවා.මේ මනුස්සයා මට මහා වදයක් දැන් නම්. මට මගෙ පාඩුවෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න කිව්වත් අහන්නෑ.
“තමුසෙට ඔය ජොබ් එකට යන්න ඕනෙම නම් යනවා කමක් නෑ……………”
“ඔයා කිව්වත් නැතත් මං යනවා.ඔයාට බෑ මාව පාලනය කරන්න…………..”
“මං තමුසෙගෙ කසාද මිනිහා දේවාන්ශි. තමුසෙ ජීවත් වෙන්න ඕනි මං කියන විදියට……………”
“හිතාගෙන ඇති……………..”😠
“ගොඩාක් දේවල් හිතාගෙන ඉන්නෙ. ආසයි තමුසෙත් එක්ක ලස්සන ජීවිතයක් ගෙවන්න…………..”
එයා එහෙම කියලා මගෙ ඉන වටේට අත් දෙක යවලා මාව තුරුල් කර ගත්තා හෙලවෙන්නවත් බැරි විදියට.
“මාව අතාරින්න විරේන්.ඇයි මට මේ විදියට වද දෙන්නෙ?……………”
“ආදරේටනෙ මැණික.තමුසෙව දැක්ක දවසෙ ඉඳන් මගෙ හිත පිස්සු වැටිලා තිබුනෙ……………”
“එහාට යනවද නැද්ද?…………..”😠
මං එහෙම ඇහුවෙ තර්ජනාත්මක ස්වරයෙන්.මං කොහොම බය කෙරුවත් විරේන් ඒවා ගනන් ගන්නෙවත් නෑ.
“නෑ ඇයි?……………”
“අහකට යන්න විරේන්……………”
බොහොම අමාරුවෙන් විරේන්ව අහකට තල්ලු කරා.හවස පහට විතර විරේන් පල්ලෙහා ගාඩ්න් එකේ වාඩිවෙලා යාලුවෙක් එක්ක කතා කර කර හිටියා.එයා එන්න කලින් මං බාතෲම් එකට ගිහින් උණු වතුරෙන් නා ගත්තා.නාගෙන කාමරේට එද්දී විරේන් හිටියෙ කාමරේ.
“නෑවද තමුසෙ මේ හවස් වෙලා?…………..”
“ඔව්………….”
අල්මාරිය ඇරලා ඇඳුමක් අරන් මං ආපහු බාතෲම් එකට යන්න හැදුවා. ඒත් විරේන් මගෙ අතින් අල්ලලා මාව නතර කරා.
“මොකෝ ලැජ්ජ හිතුනද මං ඉන්න තැන ඇඳුම් මාරු කරන්න?ලැජ්ජ වෙන්න එපා මං ඔය හැම දෙයක්ම එදා දැක්කා. තමුසෙ මගෙ ආදරේ තේරුම් ගන්න දවස එනකල් මං තමුසෙට මොකුත් කරන්නෑ.බය නැතුව ඉන්නවා……………”
එහෙම කියපු විරේන් පල්ලෙහාට ගියා. මං ඉක්මනට ඇඳගෙන කුස්සියට ගියා. විරේන් එයාගෙ යාලුවත් එක්ක එලියට වෙලා බොනවා.ඒ පාර මූ මගෙ ගෙදර බාර් එකක් දාන්නද දන්නෑ හදන්නෙ. එයාගෙ ගෙදර වගේ ඉන්නෙ හරියට.
“මහත්තයා දැන්ම කන එකක් නෑ වගේ බේබි.බේබි කනවද දැන්ම?………….”
“ඔව් නැන්දෙ මං කනවා.එයා පස්සෙ කයි…………..”
කාලා ඉවර වෙලා මං කාමරේට ගිහින් ජනේල් ටික වහලා දැම්මා.යාන්තමට වගේ වැස්සකුත් එනවා.ටිකක් වෙලා යද්දී විරේන් කාමරේට ආවෙ වැනි වැනී. ඉවසන්න බැරි තරම් එයා ගාවින් අරක්කු ගඳක් ආවා.
“විරේන් ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් නිදා ගන්න………….”
මං කියපු දේ ඇහුනෙ නෑ වගේ විරේන් ඇඳෙන් වාඩි වුනා.විරේන්ගෙ අතින් ඇදගෙන මං බාතෲම් එකට ඇවිත් එයාව බාත් ටබ් එකෙන් වාඩි කෙරෙව්වා.හිටපන්කො හොඳ වැඩක් කරන්න.නාවනවා සීතල වතුරෙන්ම. වෙනදාට රෑට සීතල වැඩි හින්දා නාන්නෙ උණු වතුරින් වුනත් අද මං විරේන්ට සීතල වතුරෙන්ම නාන්න දුන්නා.ටී ෂර්ට් එක ගලෝලා කලිසමේ බෙල්ට් එකත් ගැලෙව්වා.බොහොම අමාරුවෙන් කලිසමත් ගලෝලා දාලා ශෝට ඉතුරු වෙන්න ඇරලා නෑව්වා.මේ සද්දන්තයාව නාවන්න ගිහින් මාවත් නෑවෙනවා.
“ඔයා නාගන්න විරේන්.මං යනවා……………”
මං එහෙම කියලා යන්න හැදුවත් විරේන් මාව ඇදලා ගත්තා.ඒ ඇදපු පාරට මාවත් බාත් ටබ් එකටම වැටුනා.
“මොකක්ද ඒ කරේ.මාව අතාරිනවා විරේන් මට සීතලයි……………”
“මට ගොඩාක් වෙරි නෑ.ටිකයි බිව්වෙ. කොහෙද යන්න හදන්නෙ?දෙන්නත් එක්ක නාමු…………….”
එහෙම කියපු විරේන් මගෙ ගව්මෙ පටි දෙක පල්ලෙහාටම ඇද්දෙ මටවත් හිතන්න වෙලාවක් නොදී.
“අනේ එපා විරේන්……………”
ඇඳුමෙ පටි දෙක අල්ලගෙන මං නැගිටින්න හදද්දී විරේන් මාව එයාගෙ පපුතුරුලට ඇදලා ගත්තා.මට හෙල්ලෙන්නවත් බැරි විදියට මාව බදාගෙන තද කරගත්තු විරේන් මගේ මූණ පුරාම උමතුවෙන් සිප ගත්තා. මගේ ගෙල පුරාම ඒ දෙතොලේ පහසට නතු වෙද්දී මගේ අතින් ඇඳුමේ පටි දෙක ඇදලා අතෑරපු විරේන් එයාගේ දෙතොලින් මගේ පපුවේ එක් පැත්තක් ග්‍රහණය කරගත්තා.මටම මාව පාලනය කර ගත නොහැකි වෙද්දී විරේන් මගේ සිරුර පුරාම එයාගේ දෑත් රැගෙන ගියා.එක් වරම පියවි සිහියට ආවාක් මෙන් මාව විරේන්ව අහකට තල්ලු කරා.
“මොකෝ මේ ටිකක් ළඟට එනවකො. මාව බාතෲම් එක්කන් ආවා නම් නාවනවා බලන් ඉන්නැතුව…………..”
එහෙම කියපු විරෙන් එයා ඇඳන් හිටපු ශෝටත් ගලවන්න හැදුවා.මං ටක්ගාලා අහක බලා ගත්තා.
“අනේ එපා විරේන්.ඕක නවත්තන්න…………….”
මං එපා කියලා කිව්වත් මං විරේන් එයා
ඇඳන් හිටපු ශෝටත් ගැලෙව්වා.මං හොඳටම බය වුනා.මට නැගිටලා යන්නවත් බෑ.මුලු ඇඳුමම වතුරට තෙමිලා.
“මොකෝ බය වෙලා.මං තමුසෙගෙ මිනිහනෙ.පොඩ්ඩක් එනවා ලඟට……………”
“අනේ මාව අතාරින්න විරේන්.අනේ මට යන්න දෙන්න………….”
මුලු ඇඟේම වෙර යොදලා මං විරේන්ව අහකට තල්ලු කරලා බාත් ටබ් එකෙන් නැගිටලා කාමරේට දිව්වා.ඇඳුමක් මාරු කරගෙන ඔලුවත් පිහදාගෙන ඉවර වෙලා මුලු ඇඟම වැහෙන්න රෙද්දක් පොරවන් නිදා ගත්තා.
මතු සම්බන්දයි