විරේන් සිය ජංගම දුරකථනයෙන් පෙර දින රාත්‍රියේ තමා සහ දේවාන්ශි සමඟ ගත් චායාරූප කිහිපයක් රොෂාන්ට පෙන්වීය.ඔහු ඒ ෆොටෝස් ගත්තේ දේවාන්ශිට නින්ද ගිය අතරතුරය.ඒ පින්තූර දුටු රොෂාන්ට සිය දෙනෙත් අදහගත නොහැකි විය.
සිය ප්‍රාණය සේ තමා ආදරය කර තමාගේ ආදරවන්තිය දේවාන්ශි විරේන්ට තුරුල් වී නිදාගෙන සිටියි.ඔහුගේ සිතෙහි ඇය ගැන හට ගත්තේ කෝපයකි.දේවාන්ශි තමාට බොරු කරා යන සිතුවිල්ල ඔහුගේ සිත පුරා පැතිර යන්නට විය.
රොෂාන්ගේ තැතිගැන්ම හා කෝපය දුටු විරේන්ගේ සිත සතුටින් පුරවාලීය. දේවාන්ශි අයිති තමාට පමණි.ඇයව කවුරුන් හෝ අයිති කර ගන්නට හදනවා නම් ඒ කෙනාට උරුම වනේ මරණයයි.
“දැන් තමුන් ඇස් දෙකෙන්ම දැක්කනෙ. මීට පස්සෙ දේවාන්ශිගෙ පස්සෙන් ඇවිත් තිබුනොත් එහෙම ඒක තමුසෙගෙ අවසානෙ මිස්ටර් රොෂාන්………….”😡
රොෂාන්ට එසේ පවසා තර්ජනේ කල විරේන් සිය ගෝලයින් දෙදෙනා සමඟ ඔහුගේ නිවසින් පිටවිය.විරේන් කාමරේට පැමිණෙන විට දේවාන්ශි සිටියේ තදබල කල්පනාවකය.ඔහු එනවා ඇය දුටුවේ නැත
“මොනවද තමුන් කල්පනා කරන්නෙ? තමුසෙගෙ මහ ලොකු ප්‍රේමවන්තයා රොෂාන් එන්නෙ නෑ.ඌ ආන් ඇඳේ කෙඳිරි ගගා ඉන්නවා…………..”
මොනවා දෙයියනේ විරේන් රොෂාන්ට ගහලද?මගෙ කේන්තිය ඇවිලෙන්නට වැඩි වෙලාවක් ගියෙ නෑ.දත් මිටි කාගෙන විරේන් ගාවට ගිය මං උගෙ කමිසෙ කොලර් එකෙන් අල්ලලා හෙලෙව්වා.
“ඇත්ත කියනවා විරේන්.තමුසෙ මොනවද මගෙ රොෂාන්ට කරේ?තමුසෙට තරහ තියෙන්නෙ වෛරෙ තියෙන්නෙ මාත් එක්කනෙ.ගන්න පලියක් මගෙන් ගනින් මිනිහො. රොෂාන් උඹට වරදක් කරලා නෑ.ඒ අහිංසකයගෙන් පලිගන්න එපා…………..”😡😡
කමිසෙ කොලර් එකෙන් අල්ලලා මං විරේන්ව අහකට තල්ලු කරා.කාමරෙන් එලියට යන්න හදද්දී විරේන් මගෙ අතින් අල්ලලා මාව ඌ ගාවට ඇදලා ගත්තා.
“තමුසෙ කොහෙද යන්නෙ?රොෂාන්ව බලන්නද?……………”
“ඔව්.ඇයි අහන්නෙ?……………”
“හා කමක් නෑ.ගිහින් එනවකො………….”
විරේන් බැල්කනියට ගොස් දේවාන්ශි යන දෙස බලා සිටියේය.උඹ දැන් මොනවා කිව්වත් රොෂානයා කවදාවත් තමුසෙට සමාවක් දෙන්නෑ දේවාන්ශි. උඹ ගිහින් වරෙන්කො.
🍁🍁
පැය බාගයක් යනකොට මං රොෂාන් ඉන්න ගෙදරට ආවා.අනේ දෙයියනේ අද රොෂාන් මාව හම්බවෙන්න ආවෙ නැත්තෙ මෙහෙම දෙයක් වෙච්චි නිසාද?මං හින්දා රොෂාන්ට විරේන්ගෙන් ගුටි කන්න වෙච්චි එක ගැන මට දැනුනෙ කියා ගන්න බැරි තරම් දුකක් කණගාටුවක්.නිවසේ විදුලි සීනුව නාද කරපු මං මිනිත්තු කිහිපයක් බලා සිටියදී මා ඉදිරිපිටට පැමිණියේ නිවසේ මෙහෙකාරියයි.
“ආන්ටි,රොෂාන් ඉන්නවද?…………”
“මහත්තයා කාමරේ ඉන්නවා නෝනා……………”
ඇය එසේ පවසා එතනින් ගියා.මං ඉක්මනින් රොෂාන් සිටි කාමරේට ගියා. රොෂාන් හිටියෙ නිදාගෙන.ඔහුගෙ නලල තුවාල ප්ලාස්ටරයක් අලවලා තිබුනා. එය දුටු මගෙ හිතට දරා ගන්න නොහැකි තරම් දුකක් ඇති වුනා.ඇස් වලට උනපු කඳුලු පිසදමාගෙන මං රොෂාන් ගාවින් වාඩි වෙලා ඒ ඔලුව අතගෑවා.
එක්වරම අවදි වූ රොෂාන් දුටුවේ කඳුලු පිරි දෙනෙතින් තම හිස අතගාමි සිටින දේවාන්ශිව.ඔහුගේ සිතට දැනුනේ ඇය ගැන විශාල කෝපයකි.මෙතුවක් කල් තමාව රවටා විවාහ වන්නටද පොරොන්දු ලබා දී තවත් පිරිමියෙකු සමඟ යහන්ගත වී සිටි ඇයව දුටු විට රොෂාන්ට ඇය ගැන දැනුනේ දැඩි පිළිකුලකි.වහා ඇඳෙන් නැගිටගත් ඔහු අත දිගහැර ඇගේ කම්මුලට පාරක් එල්ල කරේය.
“අනේ ඇයි රොෂාන් ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?……………”
කම්මුලත් අල්ලගෙන මං රොෂාන්ගෙන් එහෙම ඇහුවෙ එයා හිටියෙ ගොඩාක් කේන්තියෙන් වගේ නිසා.දෙයියනේ විරේන් කියපුවා රොෂාන් විශ්වාස කරලාද?
“පට්ට බැල්ලි මං තෝව ඕනවටත් වැඩිය විශ්වාස කරා.තෝ මාව රැවැට්ටුවා නේද දේවාන්ශි?උඹේ මිනිහගෙ ගෝලයො දෙන්නෙක් ඇවිත් උදේ මට ගැහුවා.උඹ ඒක දන්නවා ඇතිනෙ.උන් මොනවා කිව්වත් මං උඹව විශ්වාස කරා.ඒත් මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා මාව රවට්ටපු මට බොරුවට ආදරේ කරපු උඹ ඌව තුරුල් කරම් බුදියගෙන හිටපු හැටි.මං හිතුවෙ නෑ යකෝ උඹ මේ වගේ ජරා ගෑනියෙක් කියලා.මීට පස්සෙ උඹෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ.මං උඹේ මූණවත් දකින්න කැමති නෑ……………”😡😡
“අනේ ප්ලීස් රොෂාන් මං කියන දේ චුට්ටක් අහන්න.මං විරෙන්ට………..
ඇයට ඉතුරු ටික පවසන්නට ඉඩ නොදුන් රොෂාන් තවත් පහරක් වැරෙන් ඇගේ කම්මුලට එල්ල කලේය. එම පහරත් සමඟ ඇගේ කෙස් වැටියෙන් අල්ලාගෙන දොරකඩට පැමිණි රොෂාන් ඇයව තල්ලු කර දැමුවේය.
“මගෙ ඇස් දෙකට නොපෙනී ඕන දිහාවක පලයන් වල් වේ##……………”
මං ඔහේ ඉබාගාතේ ඇවිදමින් පාර දිගේම ආවා.මගක් දුරට එනකොට මහා වැස්සක් කඩන් වැටුනා.පාරේ තෙමෙමින් ඔහේ ඇවිදමින් යන මා දෙස මිනිසුන් හැරි හැරී බලන්නට වුනා.මට ඒ කිසිවක් දැනුනේ නෑ.හැම දෙයක්ම සිද්ද වුනේ මගේම අවාසනාවට.මගේම අප්පච්චියි අම්මයි කරපු වරදට අද දඬුවම් විඳින්නෙ මමයි.මං කව්දාවත් හිතුවෙ නෑ රොෂාන් මට මෙහෙම කරයි කියලා.මගෙ ජීවිතේ කුණාටුවකට අහු වෙලා වගෙයි.වර්ෂාවයි දරාගත නොහැකි සීතලයි මධ්‍යයේ මං පාර දිගේ ආවා.මං ඉස්සරහට ආවේ මෝටර් රථයෙන් බැස ආවේ විරේන්.
මේකිට පිස්සු හැදීගෙන එනවද මේ රෑ වීගෙන එන වෙලාවෙ වැස්සට තෙමි තෙමි එන්නෙ.
එසේ මුමුණමින් දැඩි වර්ෂාව මැද්දේ විරේන් දේවාන්ශි අසලට ගියා. එක්වරම ඇය ක්ලාන්තය වී ඇද වැටෙද්දී විරේන් ඇයව බිම වැටෙන්න නොදී අල්ලා ගත්තා.ඇයව දෝතින් ඔසවාගෙන කාරෙකට දමා ගත් විරේන් ඉක්මනින් නිවසට ගියා.
“අනේ දෙයියනේ ලොකු බේබිට මොකද වුනේ මහත්තයා?……………”
“මෙයා වැස්සට තෙමි තෙමි පාර දිගේ එද්දී සිහි නැති වෙලා වැටුනා.ඇන්ටි මෙයාට කෝපි එකක් හදාගෙන එන්න……………”
දේවාශිව රැගෙන බාතෲම් එකට ගිය විරේන් ඇයව බාත් ටබ් එකෙන් තැබුවා.ඇය ඇඳ උන් ඇඳුම් උනා දමා ඇයව නෑව්වා.ඇගේ සුන්දර නාරි දේහය දුටු විරේන්ගේ හැඟීම් උත්සන්න වුවත් ඔහු ඒ හැඟීම් ආයාසයෙන් මැඩගෙන හිටියේ ඇයගේ සිටින්නේ අසනීප ගතියෙන් නිසාය.ඇයගේ හිසත් ඇඟත් තුවායෙන් පිස දමා ඇයට තුවාය ඇන්දවූ විරේන් ඇයව ඔසවාගෙන ගොස් සයනය මතින් තැබුවා.දයාවතී පැමිණ කෝපි කෝප්පය මේසෙ උඩින් තබා ගියා.අල්මාරිය ඇර ගව්මක් රැගෙන දේවාන්ශිට ඇන්දවූ විරේන් ඇයගේ නලලට අත තබා බැලුවා.ඇය සිටියේ උණ විකාරෙන් දොඩවමින්ය. ඉක්මනින් වෛද්‍යවරයෙකු හට ඇමතූ විරේන් දේවාන්ශිගේ හිස අතගාමින් ඇය අසලම හිටියා.
මට සමාවෙන්න දේවාන්ශි.මං උඹෙන් රොෂාන්ව ඈත් කරාට.ඌ උඹට කරේ බොරුවක් කියලා මං කොහොමද උඹට කියන්නෙ.මං ඒ දේවල් වල ඇත්ත කිව්වත් උඹ ඒවා විශ්වාස කරන්නෙ නෑ.ඒ තරමටම උඹ උගෙ ආදරෙන් අන්ධ වෙලයි හිටියෙ.දවසක උඹම ඇත්ත තේරුම් ගනියි.
වෛද්‍යවරයා පැමිණ දේවාන්ශිව පරීක්ෂා කර ඇයට එන්නතක් ලබා දුන්නා.
“කලබල වෙන්න එපා.එයාට තව ටිකකින් සිහිය එයි.දවස් තුනක් ඇතුලත උණ අඩු නොවුනොත් ලේ එකක් චෙක් කරලා බලන්න……………”
“හරි.බොහොම ස්තූතියි ඩොක්ටර්…………….”
වෛද්‍යවරයා ගිය පසු විරේන් දේවාන්ශි අසලට ආවා.ඇය තවමත් සිටින්නේ නින්දේය.බෙඩ්ශීට් එක රැගෙන ඇයගේ ගෙල අසලට වෙන තෙක් පෙරවූ ඔහු ඇයට සිහිය එන තෙක් ඇය අසල සිට ඇය දෙසම බලා සිටියා.ටිකක් වෙලා යද්දී ඇය සෙමින් සෙමින් ඇස් ඇර ඔහු දෙස බියවී බැලුවා.
මේ…..මං කොහොමද ගෙදර ආවෙ?කව්ද මගෙ ඇඳුම් මාරු කරේ.මගෙ මුලු ඇඟම රස්නෙයි වගේ.හරිම සීතලයි. විරේන්ව දැක්කම මගෙ හිතේ තිබූ කෝපය නැවතත් ඉස්මතු වුනා.
“තමුසෙ…..තමුසෙද මගෙ ඇඳුම් මාරු කරේ?තමුසෙ ලැජ්ජ නැද්ද……………”😠
“මොකද ලැජ්ජ වෙන්නෙ තමුසෙවනෙ මං මැරි කරන්න ඉන්නෙ.මං කියපු දේවල් තමුන්ට මෙච්චර ඉක්මනට අමතක වුනාද?…………….”
“තමුසෙ මහා ජරා මිනිහෙක් ඕයි. තමුසෙට හෙන ගහන්න ඕනි…………….”😭😠
“කට වහගෙන හිටපන් ගෑනියෙ.මං තොට අහවල් වැඩේ කරේ නෑ.එහෙම කරන්න උවමනාවක් තිබ්බා නම් මෙච්චර දවසක් ඉන්න ඕන්නෑ.ඊයෙ රෑම කරන්න තිබ්බා…………….”
“තමුසෙ මාව රොෂාන්ගෙන් වෙන් කෙරුවා.මං රොෂාන්ට මොන තරම් ආදරේ කරාද?තමුසෙට කවදාවත්ම බෑ රොෂාන්ගෙ තැන ගන්න……………”😭😠
රොෂාන් ගැන සිහි කරමින් මං කඳුලු හැලුවා.දැන් හැම දෙයක්ම සිද්ද වෙලා ඉවරයි රොෂාන්ව කවදාවත් මට හිමි වෙන්නෑ.දැන් මං කොහොම හරි හිත හදා ගන්න ඕනි කියලා හිතලා සැනසෙන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ.කොහේ ගියත් මොනවා කරත් දුක ඇරෙන්න සතුට මට උරුම නෑ.
“තමුසෙ තාම දන්නෑ රොෂාන්ගෙ හැටි. දැන ගත්තු දවසට තමුසෙ ඔහොම කතා කරන්නෑ.තමුසෙ එකක් හොඳට මතක තියා ගන්නවා දේවාන්ශි,තමුසෙ ලොකු අනතුරකින් බේරුනා කියලා……………”
“නිකන් බොරු කියන්න එපා විරේන්. රොෂාන් මොන වගේ කෙනෙක්ද කියලා මං හොඳටම දන්නවා.තමුසෙ රොෂාන්ව මගෙන් වෙන් කරත් මගෙ හිතින් රොෂාන්ව අයින් කරන්න බෑ.මං ආදරේ රොෂාන්ට විතරයි………………”
“ඔහොම හිටපන්කො.මං ළඟදීම උඹට සාක්කිත් එක්කම ඔප්පු කරලා පෙන්නන්නම් ඌ කව්ද කියලා.ලෑස්ති වෙයන් මං උඹව ලඟදීම කසාද බඳිනවා……………..”
“හීනෙන් වෙන්න ඇති…………….”
මං එහෙම කියලා සීට් එක පොරවගෙන ඇඳෙන් ඇල වුනා.ඔලුව පුපුරන්න වගේ රිදෙනවා.
“මේ කෝපි එක බොනවා.තමුසෙට උණ. ඊට පස්සෙ මේ බේත් ටික බොනවා…………….”
කෝපි එක බීලා බෙහෙත් ටිකත් බීලා මං නිදා ගත්තා.ඊයෙ වගේම විරේන් මගෙ තුරුලට ආවත් මං එයාව අහකට තල්ලු කරා.ඔයාටම මාව එපා වෙයි විරේන්.ඒ දවස එනකල් මං බලාගෙන ඉන්නවා.
උදෙන්ම මං නැගිටලා වැඩට යන්න ලෑස්ති වුනා.දැන් නම් උණ හොඳයි වගේ.විරේන් තේ කෝප්පෙකුත් අරන් මං ගාවට ඇවිත් පුදුමයෙන් වගේ.
“කොහෙ යන්නද ලෑස්ති වෙන්නෙ?……………”
“වැඩට යන්න…………..”
මං අහක බලාගෙනම එහෙම කිව්වා.
“කොහෙද වැඩ කරන්නෙ?…………..”
“ලීන්‍යා එකේ……………”
“හ්ම්ම්.මැරි කරාට පස්සෙ ගෙදර නවතිනවා…………..”
“මට බෑ………….”
“මං දන්නවා තමුසෙව කැමති කර ගන්න විදිය…………..”
ඒකට උත්තරයක් නොදී මං වැඩට ආවා.රොෂාන් වැඩට ඇවිල්ලා හිටියත් මං දිහා බැලුවෙ නෑ.මං එයාට ගුඩ් මෝනින් කිව්වත් එයා මට ගුඩ් මෝනින් කිව්වෙ නෑ.
ටික දිනක් ගෙවිලා ගියේ මට ඒ ආයතනයේ රැකියාව කරන්න නොහැකි තත්වයක් උදා වුනා.එතන හැමෝම මගෙ මූණටම බැන්නා මං රොෂාන්ව රැවැට්ටුවා කියලා.මං මහ ජරා නරක ගෑනියෙක් කියලා රොෂාන් ඔෆිස් එකේ හැමෝම අතරේ කියලා තිබුනා.
කොයි තරම් හොඳින් රැකියාව කරගෙන හිටියත් මං ඒ අයගේ බරපතල චෝදනාවල් නිසා අස්වීම දීලා ගෙදර ආවා.ඒත් එතනින් නැවතෙන්න බෑ. දවස් ගානක් කල්පනා කරලා කරලා මං අලුත් ජොබ් එකක් හෙව්වා.
“දේවාන්ශි,ඔයා ජොබ් එකකට යන්න ඕන්නෑ.ඕනි දේවල් තියනවා නම් මේකෙන් අරගන්න…………..”
එහෙම කියලා විරේන් මට එයාගෙ ඒටීඑම් කාඩ් එකක් දුන්නා.
“මං කරන්නෙ මොනවද කියලා තීරණේ මං විරේන්.ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න………….”
“මතකයිනෙ උඹට මං කියපුවා……………”😡
එහෙම කියලා විරේන් මගේ අතේ බාහුවෙන් අල්ලලා ඇද්දා.
“මං ඔයාගෙ තාත්තා මරපු මිනීමරුවගෙ දුව විරේන්.ඉතින් ඔයා ඇයි මාව කසාද බඳින්න හදන්නෙ.මාව ඔයාට ගැළපෙන්නෙ නෑ.මං ඔයාගෙ පරම හැතිරියගෙ දුව විරේන්.ප්ලීස් ඒක තේරුම් ගන්න…………..”
“ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි දේවාන්ශි. මං තමුසෙට ආදරෙයි.මුලදි නම් හිතුවෙ තමුසෙගෙ අම්මාව හිරේ යවන්න.ඒත් තමුසෙව දැක්කට පස්සෙ ඒ අදහස වෙනස් වුනා.හැබැයි තමුසෙ මාව අතෑරලා ගියොත් තමුසෙට ගොඩාක් පසුතැවිලි වෙන්න වෙයි…………”
මතු සම්බන්දයි❤️😘❤️😘❤️😘❤️😘
යාලුවනේ එයාලට බාල්දි පෙරලන්න එපා කියලා බනින්න එපා ඉතින්😏😦😃☺️මේක කතාවක් විතරයිනෙ.සතුට වගේම මිනිස්සු දුකත් විඳිනවනෙ