මහීමා එන්න යමු………………..”
සෙනේෂ් සර් මොකක්ද මන්දා ලොකු පාර්සලයක් අතේ තියාගෙන මං ගාවට ආවා.
“ආ මේ කෑම එක අම්මටයි තාත්තටයි දෙන්න.මේකෙ තියෙන්නෙ අයිස්ක්‍රීම් ෆෘට් සැලට් වගේකුයි.ඔයා කන්න…………………”
“අනේ තැන්ක්‍යූ සර්…………………”
“එහෙනම් අපි යමු…………………..”
සෙනේෂ් සර් එහා පැත්තෙන් කාරෙකට නැග්ගා.මෙහා පැත්තෙන් දොර ඇරගෙන සීට් එකේ වාඩි වෙද්දී මං දැක්කා බැල්කනියෙ ඉඳන් සෙනේෂ් සර්ගෙ මල්ලි අපි දිහා බලාගෙන ඉන්නවා.එයාගෙ බැල්ම හරිම අමුතුයි. ඒ බැල්මෙ මගෙ හිත අවුරුදු ගානක මතකයක් තියෙනවා කියලා මට දැනුනා.ඒත් මං ඒ ගැන නොහිතා කාරෙකට නැග්ගා.වාහනේ ඉදිරියට ඇදෙද්දී සෙනේෂ් සර් කිහිප වතාවක්ම උවමනාවෙන්ම මං දිහා බැලුවා.
“මොනවද කල්ප්නා කරන්නෙ මහීමා?……………….”
“ම්…..මේ මොකුත් නෑ සර්…………………”
“මහීමා අපෙ ඔෆිස් එකේ වැඩට ඇවිත් දැන් කොච්චර කාලයක් වෙනවද?……………….”
“මාස තුනක් විතර වගේනෙ සර්. ඇයි?………………..”
“මං දෙයක් කියන්න මහීමා මං ගැන වැරදියට හිතන්නෙ නෑ නේද?………………”
“අනේ සර්.ඕනම දෙයක් කියන්න…………………”
“මං කැමතියි මහීමාව මැරි කරන්න. මහීමා මොකද කියන්නෙ ඒ ගැන?මං කීප දවසක්ම උත්සහ කරා මේ ගැන මහීමාට කියන්න.ඒත් ඔෆිස් ටයිම් එකේදි මේ දේවල් කතා කරන්න බෑනෙ………………”
අනේ දෙවියනේ සෙනේෂ් සර් මොනවද කියන්නෙ?මං කොහොමද සෙනේෂ් සර්ට ආදරේ කරන්නෙ?මගෙ ඇස් වලට කඳුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.තද කරලා අමාරුවෙන් හරි හිතේ තියන හැඟීම් හිර කරගන්න හැදුවත් මගෙ හිතේ සෙනේෂ් සර් ගැන ආදරයක් ඇති වෙලයි තියෙන්නෙ.ඒත් මං මහාම මහා අවාසනාවන්තියක්.
ළඟ ඉඳලත් ආදරෙයි කියලත් මට සෙනේෂ් සර්ගෙ ආදරේ භාර ගන්න බෑ.ඒ තරමටම මං පව්කාරයි.අඬන්නෙම නෑ කියලා හිත හදා ගත්තත් මගෙ මුවින් මහ හයියෙන් ඉකියක් බිඳුනා.කාරෙක පාර අයිනෙ නවත්තපු සෙනේෂ් සර් මගෙ මුහුණ එයාගෙ පැත්තට හරව ගත්තා.
“මහීමා ඇයි ඔයා මේ අඬන්නෙ?මෙච්චර වෙලා ඔයා හොඳට හිටියනෙ. මං කියපු දේට ඔයා ඇයි අඬන්නෙ?…………………..”
මගෙ ඇස් වලින් වැටුනු කඳුලු සෙනේෂ් සර් එයාගෙ ඇඟිලි තුඩු වලින් පිහදැම්මා.මට මහ හයියෙන් ඇඬුනා. අනේ මේ වගේ රත්තරං ආදරයක් ලැබිලත් ඒක ලබාගන්න මං පිං කරලා නෑ දෙයියනේ.අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ.ජීවිතයේ එක් සිදුවීමක් නිසා අද මගෙ මුලු ජීවිතේම අඳුරු වෙලා ඉවරයි.😢😢
“අනේ ඇයි මහීමා ඔයා මෙහෙම අඬන්නෙ?ප්ලීස් මට කියන්න.හැම දෙයක්ම මට කියන්න.ඇයි මේ?………………….”
සෙනේෂ් සර් මාව එයාගෙ පපුවට වාරු කරගත්තා.ඒකට මගෙ විරුද්ධත්වයක් තිබුනෙ නෑ.මගෙ ඉකි බිඳුම නැවතුනේ නෑ.සෙනේෂ් සර් මගෙ ඔලුව අත ගෑවා. ඊට පස්සෙ කම්මුල් දෙකම දෝතින් අල්ලලා මගෙ ඇස් දිහාම බැලුවා.
“මේ බලන්න මහීමා,මං ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ ඔයා වැඩට ආපු මුල් දවසෙමයි.ඔයාගෙ මේ ඇස්,මේ කොණ්ඩෙ,මේ හිනාවට මං පිස්සුවෙන් වගේ ආදරේ කරා.ඒත් ඇයි මහීමා මං ඒ ආදරේ ඔයාට කිව්වම ඔයා මෙච්චර අප්සට් ගියේ?ඔයාට වෙන කෙනෙක් ඉන්නවද ආදරේ කරන්න?………………….”
“නෑ…..සර්………………..”😭
“එහෙනම් ඇයි මේ අඬන්නෙ?ඔයා අඬනවා මට බලන් ඉන්න බෑ.ඔයාගෙ දුක ගැන මටත් කියන්න මහීමා………………..”
මං මොනවා කියන්නද කොහොම මේ දේවල් ඔයාට කියන්නද සෙනේෂ් සර්. මං මහා අවාසනාවන්තියක්.වාසනාව ළඟටම ඇවිල්ලත් මට ඒක ලබා ගන්න පිනක් නෑ.ඔයාට මාව පිළිකුල් කරයි. ඒත් මං ඔයාට ආදරෙයි.මට ඒ ආදරේ ඔයාට කියාගන්න බෑ සර්.😭😭
“හිතේ තියන දුක මට කියලා හිත සැහැල්ලු කරගන්න මැණික.මං ඔයා වෙනුවෙන් හැමදාම ඉන්නවා…………………”
“මාව ඔයාට ගැළපෙන්නෙ නෑ සර්.මාව අමතක කරන්න………………….”😭
“ගැළපෙන්නෙ නෑ?ඒ මොකද?………………..”
“ඔයා ගොඩාක් අවංක ගුණ යහපත් කෙනෙක් සර්…………………”😭
“මං ඇහුවෙ මහීමා ඔයාව මට නොගැළපෙන්න තියන හේතුව මොකක්ද කියලා?මොකක්ද තියන අඩුව මගෙ?……………..”
“සර්ගෙ කිසිම අඩුවක් නෑ.අඩුව තියෙන්නෙ මගෙ……………….”😭
“ඔයාගෙ?ඒ මොකක්ද ඔයාගෙ තියන අඩුව?………………….”
“ඕනිම දේ………………….”
“ඒ මොකක්ද?………………….”
“කොහොම මේ දේවල් සර්ට කියන්නද කියලා මට හිතා ගන්න බෑ.සර් ගුණ යහපත් අවංක මනුස්සයෙක්.සර් මට ආදරේ කරන්නෙ අවංකවමයි කියලා මට තේරෙනවා.එහෙම අවංක ආදරේකට ද්‍රෝහි වෙන්න මට බෑ සර්.
කවදාහරි හරි මෙහෙම දේකට මුහුණ දෙන්න වෙයි මං දැනන් හිටියා.ඒකයි මං තීරණයක් ගත්තෙ කවදාවත්ම මං කසාද බඳින්නෙ නෑ කියලා.මං පිරිසිදු කෙල්ලෙක් නෙවෙයි සර්.මාව කසාද බඳින කෙනාට පෙන්නන්න මට පිරිසිදුකමක් ඉතුරු වෙලා නෑ………………”😭😭
අත් දෙකෙන්ම මුහුණ වහගෙන මං හොඳටම ඇඬුවා.සෙනේෂ් සර් සුක්කානමට අත් දෙකම තියාගෙන ලොකූ කල්පනාවක ඉන්නවා.සෙනේෂ් සර් දැන් හිතනවා ඇති මං මහ ජරා කෙල්ලෙක් කියලා.ඒත් කමක් නෑ සෙනේෂ් සර් මං ගැන කොහොම හිතුවත් වෙච්චි දේවල් වෙනස් කරන්න කොහෙත්ම බැනෙ.ඒ ගැන් හූල්ල හූල්ල ඉන්න විතරයි මට තියෙන්නෙ.
“මට කියන්න මහීමා ඔයාට එහෙම දෙයක් කරේ කව්ද?ඔයා කලින්…………….”
“අනේ නෑ සර්.මං එහෙම කාත් එක්කවත් යාලු වෙලා හිටියෙ නෑ.ඒක දිග කතාවක්………………”
“මහීමා කැමතියි නම් මට හැම දෙයක්ම කියන්න.අකමැතියි නම් මොකුත්ම කියන්න එපා……………..”
“මං සර්ට හැම දෙයක්ම කියන්නම්.ඒ හැම ඇත්තක්ම මං කියන්නෙ සර්ව විශ්වාස කරලා.මේ දේවල් කාටවත්ම දැන ගන්න ඉඩ තියන්න එපා……………..”
“සත්තකින්ම.ඔයාගෙ විශ්වාසෙ මං හැමදාම රකිනවා මහීමා……………….”
“මේ වගේ දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ සර්.මේ සිද්දිය වෙද්දි මට අවුරුදු දාසයයි.එක දවසක් රෑ මහ හයියෙන් වැස්සක් වැස්සා.අකුණු ගගහා ගොරව ගොරව වැස්සෙ………………..”
සිද්ද වෙච්චි දේ මං කෙටියෙන් සෙනේෂ් සර්ට කිව්වා.එයා ඒ හැම දෙයක්ම උවමනාවෙන් අහගෙන හිටියා.අවුරුදු පහකට විතර පස්සෙ ඒ අතීතය ආපහු මතක් කරපු හින්දා මගෙ ඇස් දෙකේ කඳුලු අලුත් වුනා.සෙනේෂ් සර් මගෙ උරහිසට අත තිබ්බා.
“කව්ද ඒ මනුස්සයා?ඔයාට ඒ මනුස්සය්ගෙ මුහුණ මතක නැද්ද?………………”
“නෑ සර්.මොකද ඒ කාලෙ මං අන්ධයි. මගෙ ඇස් දෙකම පෙනුනෙ නෑ.අවුරුදු දොළහෙදි වෙච්චි ඇක්සිඩන්ට් එකක් හින්දා මගෙ ඇස් දෙකේ පෙනීම අහිමි වුනා.ඊට පස්සෙ මං ජීවත් වුනේ ගොඩාක් දුකින්.ඔය සිද්දිය වෙලා මාස කිහිපයක් යද්දි පේරාදෙණියෙදි වෙච්චි ඇක්සිඩන්ට් එකක් නිසා මගෙ මුහුණට ලොකු ඩැමේජ් එකක් වුනා.මේ විදියට මුහුණ හදාගත්තෙ ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා……………….”😢😢
ඇය පවසන වචනයක් වචනයක් ගානෙ සෙනේෂ් හොඳට අහගෙන හිටියා.ඒත් ඇයවත් සෙනේෂ්වත් එක් දෙයක් දන්නෙ නෑ.මීට වසර හතරකට පමණ පෙර දෑස් අන්ධ දැරියක්ව සිටි මහීමාව දූෂණය කරේ වෙන කවුරුවත් නෙවෙයි සෙනේෂ්ගෙ මල්ලි සුරේෂ් දේවරාජ්.සුරේෂ්ව හිරේ යවපු එකට ඔහු පලි ගත්තෙ මහීමාගෙන්.නමුත් සුරේෂ්ගෙ සහෝදරයා වූ සෙනේෂ් වත් ඔවුන්ගේ මවවත් පියාවත් එකල දැන හිටියෙ නෑ සුරේෂ් හිරේ ගිය බව.ඔවුන් සිතුවේ සුරේෂ් අවුරුද්දකට රට ගිය බවයි.
“මහ පුදුම කාලකණියෙක්නෙ ඌ.ඇස් දෙකම පේන්නෙ නැති අන්ධ ගෑණු ළමේකුට මෙහෙම අපරාධයක් කරන්න මූ මහ තිරිසනෙක්නෙ……………….”😡😡
“වෙච්චි දේවල් වෙලා ඉවරයි.ඒ කාලෙ මං නොසෑහෙන්න ඇඬුවා.ඒත් පලක් වුනේ නෑ.දුකත් එක්කම මං ජීවත් වුනා. සර්ට මේ දේවල් කිව්වට පස්සෙ මගෙ හිතට සැහැල්ලුවක් දැනුනා.මං මේ ටික පයින් යන්නම්.සර් දැන් යන්න……………….”
එහෙම කියලා මහීමා දොර ඇරලා එලියට යන්න හැදුවත් සෙනේෂ් ඇගේ අතින් අල්ලලා ඇයව වැලැක්කුවා.ඊට පස්සෙ කාරෙක පදවගෙන කෙලින්ම ගියේ මහීමාගේ නිවසට.ඊට පස්සෙ දොර ඇරගෙන මහීමාත් එක්කම සෙනේෂුත් කාරෙකෙන් බැස්සා.
“සර් මේ………………..”
“යමු මට මහීමාගෙ අම්මවයි තාත්තායි හම්බෙන්න ඕනි…………………”
“ඒ……ඇයි සර්?………………….”
“කටවහගෙන එනවා මාත් එක්ක………………….”
මං සෙනේෂ් සර් එක්කම ගේ ඇතුළට ගියා.අම්මයි අප්පච්චියි සාලෙ පත්තරයක් බලමින් හිටියා.අපි දෙන්නව දැකලා අම්මයි අප්පච්චියි නැගිටලා ආවා.
“අප්පච්චි මේ සෙනේෂ් සර්.සර්,මේ මගෙ අම්මයි අප්පච්චියි…………………”
“ආ එන්න.වාඩි වෙන්න පුතා. කොහොමද බණ ගෙදර වැඩ හොඳට සිද්ධ වුනාද?………………..”
“ඔව් අංකල් හොඳට සිද්ද වුනා.මහීමාත් ගොඩාක් උදව් කරා………………….”
මං කුස්සියට ගිහින් සෙනේෂ් සර්ට බොන්න කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන ආවා.🍹
“මේකයි අංකල් මං මේ ගැන අදයි මහීමාට කිව්වෙ.එයා මට වෙච්චි හැම දෙයක්ම කිව්වා……………….”
“ආන්ටි මං කැමතියි මහීමාව මැරි කරන්න.ඔයාලගෙ අකමැත්තක් නෑනෙ. ඔයාලා මං ගැන හොඳට දන්නවනෙ. මගෙ තාත්තා අවුරුදු තුනකට කලින් මැරුනා.අම්මා ඉන්නෙ අසනීපෙන් ඉන්නෙ.එක්තැන් වෙලා………………..”
මහීමාගේ අම්මයි තාත්තයි දෙන්නම මුහුණට මුහුණ බලා ගත්තා.ඔවුන්ගේ හිත් වල ඇති අදහස් දේවල් තේරුම් ගන්න සෙනේෂ්ට පුලුවන් වුනා.ඔවුන් දෙදෙනාව තව දුරටත් අපහසුතාවයට ලක් නොකර සෙනේෂ් හැම දෙයක්ම පැවසුවා.
“වෙච්චි හැම දෙයක්ම මහීමා මට කිව්වා අංකල්.එයාගෙ වරදින් නෙවෙයිනෙ මේවා සිද්ධ වුනේ. නොකරපු වරදකට මහීමා තව දුරටත් දුක් විඳින්න දඬුවම් විඳින්න ඕන්නෑ.මං කැමතියි මහීමාව මැරි කරන්න.එයාගෙ අතීතෙ මට වැඩක් නෑ.මට ඕනි මහීමාත් එක්ක ලස්සන අනාගතයක් හදා ගන්න………………..”
අනේ දෙයියනේ මං මෙච්චර දෙයක් කියලත් සෙනේෂ් සර්ගෙ හිත වෙනස් වෙලා නැද්ද?තාමත් එයා මට ආදරේ කරනවද?
නැවත හමුවෙමු