මීදුම් වරුසා
“ලොකු බේබි දැන් අඬන එක නවත්තන්න.මේ දේවල් ඔක්කොම බේබිගෙ අම්මගෙ වැරදි.ලොකු නෝනට තිබුනෙ විරේන් මහත්තයගෙ තාත්තට වෙඩි තියන්නෙ නැතුව වෙන විදියකින් ඒ රණ්ඩුව බේරන්න…………….”
“මේක මගෙ කරුමෙ නැන්දෙ.මං එහෙන් මෙහාට ආවෙ සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන.උපන්දා ඉඳලම මං වින්දෙ දුක විතරමයි නැන්දෙ. කවදාවත්ම මගෙ ජීවිතේට සැනසිමක් නම් ලැබෙන්නෑ…………….”😭😭
මං කවදාවත් හිතුවෙ නෑ මගෙ අම්මා මිනීමරුවෙක් කියලා.අද උදේ විරේන් අපේ ගෙදර ආවා.එයාගෙ තාත්තව මැරුවෙ මගෙ අම්මා කියලා කියලා කියද්දී මං ඒක කොහෙත්ම විශ්වාස කරේ නෑ.
ඒත් ඒක පිළිගන්න සිද්ද වුනේ දයාවතී නැන්දා නිසා.මගෙ අම්මයි අප්පච්චියි විරේන්ගේ තාත්තව මරලා එයාගෙ කැලේකට දාලා පුච්චලා.ඒ ගැන ඇත්ත දැනගෙන ඉඳලා තියෙන්නෙ දයාවතී නැන්දා විතරයි.ඒ කාලෙ මට මාස හතක් අටක් විතර ඇතිලු.ටී ෆ්‍රැක්ට්‍රි එකේ වෙච්චි මුදල් හුටපටයක් නිසා ඇති වුනු ආරවුලක් දුර දිග ගිහින් විරේන්ගෙ තාත්තයි මගෙ අප්පච්චියි රණ්ඩු වෙලා බැනගෙන.
රණ්ඩුව බේරගන්න බැරි වෙලා මගෙ අම්මා විරේන්ගෙ තාත්තට වෙඩි තියලා.අවුරුදු ගානක් තිස්සෙ විරේන් එයාගෙ තාත්තගෙ මිනීමරුවො හොයලා පලි ගන්න.මං විරේන්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා ඉල්ලුවා මගෙ අම්මව හිරේ යවන්න එපා කියලා.අම්මා මට මොන තරම් වෙනස්කම් කරත් මට බෑ අම්මගෙ ජීවිතේට අනතුරක් වෙනවා බලන් ඉන්න.විරේන්ගෙ යෝජනාවට කැමති නොවුනොත් එයා මගෙ අම්මව මරයි.
ඒත් මං විරේන්ට කැමති වුනොත් මට සිද්ද වෙන්නෙ රොෂාන්ව අමතක කරලා දාන්න.මං කොහොමද දෙයියනේ පණ වගේ ආදරේ කරපු රොෂාන්ව අමතක කරලා ජීවත් වෙන්නෙ.එයා තරම් කවුරුවත් ආදරේ කරලා නෑ.
රොෂාන්ගෙ අහිංසක මූණ ඒ හිනාව මට හැම වෙලේම මැවි මැවි පේනවා.අපි ආදරේ කරන්න අරන් සති කීයද ගෙව්නෙ.මේ තරම් ඉක්මනට මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.මේ හැම දෙයක්ම අමතක කරලා මං රොෂාන් ගාවට ගියොත් විරේන් අම්මගෙ ජීවිතේට අනතුරක් කරයි.එහෙම දෙයක් වෙන්න ඉඩ ඇරියොත් මට දෙවියො සාප කරයි.මට මොන වෙනස්කම කරත් ඒ මගෙ අම්මා.
මං කාමරේට ගියේ අරමුණකින් තොරව මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.මං යද්දී විරේන් මගෙ කාමරේ.
“විරේන් ඔයා එහා කාමරේට යන්න. මේක මගේ කාමරේ…………..”😠
“තමුසෙ ලඟදීම මගෙ වයිෆ් වෙනවනෙ.ඒ හින්දා තමුසෙගෙ කාමරේ මං හිටියට ප්‍රශ්නයක් නෑ…………..”
“මං තමුසෙට කැමති නෑ…………..”😠
මං එහෙම කියද්දී විරේන් ෆෝන් එක පැත්තකින් තියලා මං ගාවට ඇවිත් මගෙ කට හයියෙන් මිරිකලා මාව බිත්තියට හේත්තු කර ගත්තා.
“මං කියපුවා උඹට හොඳට මතක් කරලා බලපන් දේවාන්ශි.මට ඕනි දේ සිද්ද නොවුනොත් උඹේ අම්මා අඩි හයක් පොලව යට ඉඳියි තේරුනාද උඹට……………”😡
“අනෙ……අනේ අම්මගෙ ජීවිතේට අනතුරක් කරන්න එපා විරේන්.ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්. මගෙ අම්මට මොකුත් කරන්න එපා………….”😭🙏
“ගුඩ් ගර්ල්.තමුසෙ මෙහෙ වෙන දේවල් කාටවත්ම නොකියා හිටියොත් ඒක තමුසෙගෙ ශරීර සෞක්යට හොඳයි…………..”😠
“ඔයා මොනවා කරත් ඔයාගෙ තාත්තා ආපහු එන්නෑ විරේන්.ප්ලීස් මගෙ අම්මගෙන් පලි ගන්න එක අතෑරලා මට මගෙ පාඩුවෙ ඉන්න ඉඩ දෙන්න…………”😭🙏
මං එහෙම කියද්දී විරේන්ට හොඳටම කේන්ති ගියා.ඉනේ තිබුනු පිස්තෝලෙ අරන් මගෙ ඔලුවට තිබ්බා.මගෙ ඇඟත් වෙව්ලුවා මූ මට වෙඩි තියයිද?
“මං තොට අන්තිම වතාවට කියන්නෙ දේවාන්ශි.මං කියන විදියට උඹ හිටියෙ නැත්නම් මේකෙන් උඹටත් තියලා උඹෙ අම්මටත් තියනවා.අන්න ඒක දැන ගනින්………….”😡😡
එහෙම කියලා ඇඳගෙන හිටපු ජැකට් එක ගලෝලා විරේන් ඇඳෙන් හාන්සි වුනා.එතකොටම මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා රොෂාන්ගෙන්.මං ටක් ගාලා ෆෝන් එක අරන් කාමරෙන් එලියට යන්න හැදුවා.
“ඔහොම ඉන්නවා……………”😠
මං ගාවට ආපු විරේන් මගෙ අතින් ෆෝන් එක උදුරලා ගත්තා.මට බය හිතුනා විරේන් රොෂාන්ට මොනවා හරි කියයිද කියලා.එයා කෝල් එක කට් කරා.
“කව්ද මූ?………….”😠
“මෙ….මේ………….”
“කතා කරපන් කව්ද රොෂාන් කියන්නෙ?…………..”😡
“මං ආදරේ කරන කෙනා…………..”
එහෙම කියද්දී ආපහු රොෂාන්ගෙන් කෝල් එකක් ආවා.මං විරේන්ගෙ අතින් ෆෝන් එක උදුරලා අරගෙන බැල්කනියට ගියා.එයා මගෙ පස්සෙන් ආවෙ නෑ.
“හෙලෝ රොෂාන්…………..”📲
“දේව්…..ඇයි මැණික කෝල් එක කට් කරේ?………….”📲
“සොරි රොෂාන්.වැරදීමක් වුනේ………….”📲
“මේ ඒක නෙවේ.හෙට නිවාඩුයිනෙ.අපි ඇවිදින්න යමුද?දවල්ට මං එන්නම් ඔයාව ගන්න ගෙදරට………….”📲
දෙයියනේ මං දැන් රොෂාන්ට මොනවද කියන්නෙ?විරේනුත් ඉන්නැද්දී රොෂාන් ඇවිත් ලොකු ප්‍රශ්නයක් වෙයි.මට රොෂාන්ව නැතුව ඉන්න බෑ.මං හෙට මේ හැම දෙයක්ම රොෂාන්ට කියනවා.
“හා රොෂාන්.මං එන්නම්.ඔයා එන්නකො අපේ ගෙදරට මාව ගන්න……………”📲
“හරි මැණික.මං එකහමාර වෙද්දි එනවා ඔයාව ගන්න……………”📲
මං රොෂාන් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නැද්දී විරේන් බැල්කනියට ආවා.මගෙ අතින් ෆෝන් එක උදුරපු විරේන් කෝල් එක කට් කරා.
“මූත් එක්ක තියන සම්බන්දෙ නතර කරපන් මේ දැන්ම.එහෙම නොකරොත් වෙන දේ දන්නවනෙ……………”😡
“මං රොෂාන්ට ආදරෙයි…………..”😠
“උඹව අයිති මට.මට ඕනි දේ නොවුනොත් රොෂාන්ට වෙන්නෙත් මැරෙන්න……………”
“අනේ රොෂාන්ට මොකුත් කරන්න එපා විරේන්……………”
“එහෙනම් ඌත් එක්ක තියන සම්බන්දෙ නතර කරපන්.නැත්නම් මං නරක මිනිහා කියන්න එපා…………..”😡
දේවාන්ශි බාතෲම් එකට ගිය අතරේ විරේන් ඇගේ දුරකථනයත් රැගෙන මිදුලට ගියා.
“හෙලෝ ලාල් මං දැන් ෆොටෝ එකක් එවනවා.ඒකෙ ඉන්න මෑන්ගෙ නම රොෂාන්.ඌ ඉන්නෙ පෙරේරා මාවතේ ගෙදරක.උඹලා ගිහින් ඌට කියපන් දේවාන්ශිත් එක්ක තියන සම්බන්දෙ නතර කරලා දාන්න කියලා.බෑ කිව්වොත් දෙක තුනක් ඇනපන්.මෑන්ව ඉවරයක් කරන්න එපා දැන්මම…………..”📲
“ඕකේ බොස්.අපි බොස් කියපු විදියටම වැඩේ කරන්නම්…………..”📲
♨️♨️
විරේන්ගේ ගෝලයන් දෙදෙනෙකු රොෂාන්ගේ නිවසට ගියේ සවස හතරට පමණය.ඒ වන විට රොෂාන් සිටියේ මිදුලේය.ගේට්ටුවත් ඇරගෙන පැමිණි දෙදෙනා දෙස රොෂාන් විමසිලිමත්ව බැලුවේය.
“ඔයාලා කවුරු හම්බෙන්නද?…………”
“තමුන්ද රොෂාන් කියන්නෙ?………….”
ලාල් එලෙස ඇසුවේය
“ඔව්.මං තමයි රොෂාන් කියන්නෙ. ඇයි?……………?
“වැඩි කතා අවශ්‍ය නෑ.දේවාන්ශි ශනුල්‍යා එක්ක තියම සම්බන්දෙ අදම මේ දැන්ම නතර කරලා දාන්න.එහෙම නොකරොත් තමුන්ට ගොඩාක් කරදර සිද්ද වෙයි.දේවාන්ශි මැරි කරන්න ඉන්නෙ අපේ බොස් විරේන්ව……………”
එහෙත් ලාල් කියූ දේවල් රොෂාන් විශ්වාස කරේ නැත.රොෂන්ට දේවාන්ශිව තමාටත් වඩා විශ්වාසය. කුමන ප්‍රශ්නයක් ආවත් තමා ඇයව අත් හරින්නට නම් සූදානම් නැත.
“තමුසෙලෑ ඔය බොසාට ගිහින් කියනවා කවදා හරි දේවාන්ශිව මැරි කරන්නෙ මම කියලා.මාව දේවාන්ශිගෙන් වෙන් කරන්න ඌට බෑ……………..”
එය කියා කට ගන්නට හම්බුනේ නැත. ලාල් එල්ල කල පහරට රොෂාන් මල් පෝච්චියක් මතටම වැටුනා.ඉන් නොනැවතුනු ලාල් හා සුදත් රොෂාන්ට හොඳ හැටි පහර දී එතනින් නික්ම ගියා.
අකමැත්තෙන් වුවද දේවාන්ශිට විරේන් සමඟ එක ඇඳක නිදා ගන්නට සිදු විය. ඇය සිටියේ ඉමහත් බියකිනි.විරේන් යනු තම මව විසින් ඝාතනය කල මනුස්සයාගේ පුත්‍රයාය.ඔහු ඒ පලිය තමාගෙන් ගනීද?
“ටිකක් තුරුල් කර ගන්නවකො ඕයි සීතලයි…………….”
ඇගේ පොරෝනයෙන් අදිමින් විරේන් එලෙස පැවසුවා.
“මට බෑ.සීතල නම් සීට් එක පෙරව ගන්නවා මට වද නොදී……………”😠
මං එහෙම කියලා සීට් එක මගෙ බෙල්ල ගාවටම ඇදගෙන නිදා ගන්න හැදුවා.
“තමුසෙට මං වද දෙන්න පටන් ගත්තෙ නෑ තාම……………”
එක එක විකාර කියව කියව ඉඳලා විරේන්ට නින්ද ගියා.මට නින්ද අහලකටවත් ආවෙ නෑ.එහාට මෙහාට පෙරලුනු විරේන් අතක් මගෙ නහයෙ වැදුනා රිදෙන්නම.ඒ අත අහකට කරපු මං ඇඳෙන් නැගිටලා යන්න හදද්දී කකුලක් මගෙ බඩ මැද්දෙමන් දාලා මාව හිර කර ගත්තා.බොහොම අමාරුවෙන් මං විරේන්ව අහකට තල්ලු කරලා ඇඳ මැද්දෙන් කොට්ටයක් තිබ්බා.
🍁🍁
පහුවදා දවල් දෙකහමාර වෙනකල් බලන් හිටියත් රොෂාන් ආවෙ නෑ. කවදාවත් නැතුව එකපාරටම රොෂාන්ට මොකද වුනේ.එයා මට කවදාවත් මෙහෙම කරලා නෑ.
ඊයෙ පොරොන්දු වෙලත් එයා ඇයි අද ආවෙ නැත්තෙ.හවස් වෙනකල් බැලුවත් රොෂාන් ආවෙ නෑ.එයාගෙ ෆෝන් වැඩ කරෙත් නෑ.මට බය හිතුනා විරේන් රොෂාන්ට මොනවහරි අනතුරක් කරාද කියලා.
විරේන්ගේ ගෝලයින් දෙදෙනාගෙන් පහර කෑමට ලක් වූ රොෂාන් සිටියේ දැඩි වේදනාවෙනි.විරේන් රොෂාන්ව හමුවීමට ඔහුගේ නිවසට පැමිණියේ මේ අතරවාරයේදීය.
“මේකයි මිස්ටර් රොෂාන් තමුන්ට මං මේ කියන අන්තිම පාර.දේවාන්ශිත් එක්ක තියන සම්බන්දෙ නතර කරනවා.එහෙම නොවුනොත් ඊගාව පාර තමුන්ට මෙහෙම නෙවෙයි කියන්නෙ…………….”
“මට බෑ මං දේවාන්ශිට ආදරෙයි.මට එයාව විශ්වාසයි.එයා තමුන්ට නෙවෙයි ආදරේ…………….”
“හා ඇත්තද තමුන්ට එයාව විශ්වාසද? එහෙනම් මේ ෆොටෝස් බලලා ඉන්නවකො.තමුසෙගෙ විශ්වාසෙ එයා බොහොම ලස්සනට රැකලා තියන හැටි………………”
නැවත හමුවෙමු