මගෙ වැරැද්දෙන් මේ දේවල් නොවුනත් විනාශ වුනේ මගේ ජීවිතේනෙ අම්මෙ. ඒත් මට මෙහෙම ගෙදරටම වෙලා ඉන්න ගියාම එපා වෙනවා.මොකක් හරි කෝස් එකක් හරි ජොබ් එකක් හරි කරන්න තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා………………..”

“එහෙනම් මං අප්පච්චිට කියලා බලන්නම්කො.මොකක් හරි හොඳ කෝස් එකක් හරි ජොබ් එකක් හරි තියනවා නම් ඔයා යන්නකො……………….”

“හා අම්මෙ………………..”

මේ අයුරින් දින කිහිපයක් ගෙවී ගියා. තනිකම නිසා දැනුනු පාලුව කාන්සිය මගේ ජීවිතේ ගිලගෙනයි තිබුනෙ.නෙත් වලට ආලෝකය ලැබුනත් ජීවිතය අඳුරේ ගිලිලා ඉවරයි.ඇත්තටම කව්ද ඒ මනුස්සයා?එදා මහ රෑම අපේ ගෙදර මගේ කාමරේට පැනපු මනුස්සයා කව්ද?අප්පච්චිගෙ දක්ෂ කතා කිරීම් හමුවේ ඒ මිනිහා අවුරුද්දක රක්ෂිත බන්ධනාගාර ගත කරපු එකට පලිය ගන්න මාව අමාරුවෙ දැම්මෙ.

එදා ඇස් දෙකම පේන්නැති මාත් එක්ක ඒ මිනිහට වෛරයක් තරහවක් තිබුනෙ නෑ.අප්පච්චි කරපු දේට දඬුවම් වින්දෙ මමයි.ඒ මිනිහා හිරේ හිටියෙ එක අවුරුද්දයි.ඒත් මගේ මුලු ජීවිතේම අඳුරෙ ගිලිලා ඉවරයි.

“මහීමා……දුව ඔයාට ගෙදරම ඉඳලා පාලුයි කම්මැලියි කිව්වනෙ.ඔන්න අප්පච්චි ඔයාට ජොබ් එකක් හොයලා………………..”

“අනේ හරිම ශෝක්නෙ අප්පච්චි. මොකක්ද ජොබ් එක?………………….”

“ලොකු පඩියකට ජොබ් එකක් නම් නෙවෙයි දුව.මේ නාලක අංකල්ගෙ බුක් ශොප් එක තියන පාරෙ අලුතින් ඕපන් කරපු ෆැක්ට්‍රියෙ ඔෆිස් එකේ.මාසෙකට විසි දාහක් විතර වගේ පඩි ගන්න පුලුවන් කියලා කිව්වා.ඔයා සහතික ටික එහෙම ලෑස්ති කරගෙන හෙට උදේ අට වෙනකොට ඉන්ටව් එකට යන්න………………..”

“අනේ හා අප්පච්චි තැන්ක්‍යූ.තැන්ක්‍යූ සෝ මච්.ගෙදරටම වෙලා ඉඳලා එපා වෙලා තිබුනෙ මට………………..”

ගොඩාක් ආසාවෙන් උදෙන්ම නැගිටලා ඉනට්ව් එකට යන්න සූදානම් වුනා. අම්මා හදලා දීපු කිරිබත් කෑල්ලකුත් කාලා තේ එකත් බීලා අප්පච්චිගෙ කාරෙකේම ඒ ඔෆිස් එකට ආවා.තට්ටු තුනක ලොකු බිල්ඩින් එකක්.ඒ බිල්ඩින් එක ඇතුලෙ සේවක සේවිකාවො දෙසීයකට අධික ප්‍රමාණයක් සේවය කරනවා.මගේ වාරය එනකල් මං අදාළ පුටුවේ වාඩි වෙලා හිටියා.විනාඩි කිහිපයකට පසුව ලැබුනු ආරාධනයෙන් මං ඉන්ටව් රූම් එක ඇතුළට ගියා.

“ඔයා උදයන්ත ෆර්නෑන්ඩු සර්ගෙ දුවද?………………”

එහි ඉනටව් කරන සර් එහෙමත් නැත්නම් මෙම ආයතනයේ හිමිකාරීතවය දරන සෙනේෂ් දේව්රාජ් මගෙන් එහෙම ඇහුවා.මෙයා එහෙනම් මගෙ අප්පච්චිව අඳුරනවා ඇති කියලා මට හිතුණා.

“ඔව් සර්.ඒ මගේ අප්පච්චි…………………”

මගේ ෆයිල් එකේ සහතික ටික බලපු සෙනේෂ් දේව්රාජ් සිනා මුසු මුහුණින් මං දිහා බැලුවා.

“හෙට උදේ හත වෙද්දි වැඩට එන්න. හත වෙද්දි එන්න කිව්වෙ හෙට පළවෙනි දවස හින්දා.අපි වැඩ පටන් ගන්නෙ හතයි හතයි තිහ වෙද්දි……………….”

“හරි සර්.තැන්ක්‍යූ සෝ මච්…………………”

රැකියාව ලැබීමේ ප්‍රීතියෙන් මගේ සිත පිරිලා ගියා.මං ගෙදර ආවෙ ගොඩාක් සැහැල්ලුවෙන්.ආපු ගමන්ම අම්මටයි අප්පච්චිටයි විස්තරේ කිව්වා.එයාලත් ගොඩාක් සතුටු වුනා.

“එහෙනම් දූට හොඳ ඇඳුම් ටිකක් එහෙම ගන්න වෙයි නේද?………………”

“දැනට මේ තියන ඇඳුම් ඇති අම්මෙ. ලබන මාසෙ බර්ත්ඩේ එකනෙ. එතකොටම ඔෆිස් ඇඳන් යන්නත් එක්කම ඇඳුම් ටිකක් ගන්නවා……………….”

“ඔෆිස් එක පටන් ගන්නෙ කීයටද දූ?……………..”

“පටන් ගන්නෙ හතයි තිහට.ඕෆ් වෙන්නෙ හතරයි තිහට………………..”

“දූට එහෙනම් උදේ යනකොට මාත් එක්කම යන්න පුලුවන්.එනකොට ටැක්සි එකක එන්න……………….”

“හරි අප්පච්චී…………………”

මට නව රැකියාව ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් ගෙදර රෑ කෑම වේල වෙනදාට වඩා වෙනස්ව තිබුනා.රයිස් හදලා,කුකුල් මස් කරියයි,බටු මෝජුවයි,චිලි පේස්ට් අතුරුපසට අයිස්ක්‍රීම් එහෙම තිබුනා.😋😋

“ෂා…..අද නම් මරු.පාටියක් වගේ නේද දූ?…………….”😋😋

“ඒකනෙ අප්පච්චි.අද නම් බඩ පැලෙන්න කන්න පුලුවන්………….”😋😋

උදේ පාන්දරින්ම නැගිටලා මල් තියලා පහන පත්තු කරලා බුදුන් වැන්දා.ඊට පස්සෙ අම්මා මට ලස්සනට සාරියක් ඇන්දුවා.අද පළවෙනි දවස හින්දා සාරියක් අඳින්න කියලා අම්මාමයි මට කිව්වෙ.ලා නිල් පාට සාරියට මං හරිම හැඩයි ලස්සනයි කියලා මට හිතුණා. ඉනෙනුත් ටිකක් පහළට වෙන්න තියන කොණ්ඩෙ උඩින් පීරලා කට්ටක් ගහ ගත්තා.හෑන්ඩ් බෑග් එකත් කරේ දාගෙන අම්මටයි අප්පච්චිටයි දණ ගහලා වැන්දා.

“මගෙ රත්තරං දෝණිට තුනුරුවන්ගෙ සරණයි……………….”

ඒ ආශිර්වාදයත් හිත දරාගෙන මං කාරෙකේ නැගලා ඔෆිස් එකට ආවා. තාම වෙලාව හතට දහයයි.කියපු වෙලාවට වඩා විනාඩි දහයක් මං කලින් ඇවිල්ලා.සෙනේෂ් සර් ඉන්න රූම් එකට ගියා.

“ගුඩ් මෝනින් සර්………………..”

“ආ……ගුඩ් මෝනින් මහීමා.එන්න වාඩි වෙන්න………………….”

ඉදිරිපස අසුන පෙන්නලා සෙනේෂ් සර් මට වාඩි වෙන්න කියලා කිව්වා.මාත් වාඩි වුනා.

“මේ ලියුම කියවලා සයින් කරන්න. මහීමාට කැමති මේ වේකන්සි එකට නම් මට මේක දෙන්න පුලුවන්. නැත්නම් ඩිසයින් සෙක්ෂන් එකට එකට වුනත් දාන්න පුලුවන්.හැබැයි මහීමාට මේක ලේසියි.මොකේකටද මහීමා කැමති?………………”

“මං මේ වේකන්සි එකට කැමතියි සර්………………”

“ඕකේ.එහෙනම් අර ටේබල් එක තමයි මහීමාට තියෙන්නෙ.එතෙන්ට යන්න. ඕල්ද බෙස්ට්………………..”🤝

“තැන්ක්‍යූ සර්…………………”🤝

මම මට නියමිතව තිබූ අසුනට ආවා. මට තිබුනේ සෙනේෂ් සර්ගෙ ප්‍රයිවට් සෙකට්‍රි විදියට වැඩ කරන්න.ඊට අමතරව ඩිසයින් සෙක්ෂන් එකේ වැඩ බලන්නත් තිබුනා.ඒකට අමතරව මුදලක් දෙනවා කියලත් කිව්වා.වෙලාව උදේ හතයි තිහ වෙද්දී වැඩ ආරම්භ කෙරුනා.මට මුලින්ම කරන්ම් ලැබුනේ ලියුමක් ටයිප් කරන්න.මට ඒකට ලැබුනු කාලයට ආඩා විනාඩි දෙකක් අඩුවෙන් අරගෙන ලියුම ටයිප් කරලා සෙනේෂ් සර් ගාවට ගියා.

“ෂා……වෙරි ගුඩ් මහීමා.ඔයා වැඩේ හොඳට කරලා තියනවා.ඉක්මනට ඔයාට වැඩ ටික අල්ල ගන්න පුලුවන් වෙයි………………”

“තැන්ක්‍යූ සර්………………”

“ඒක නෙවෙයි මහීමා ලන්ච් ගන්නෙ කොහෙන්ද?මම නම් අරලියා හොටෙල් එකට යනවා හැමදාම කෑම ගන්න. මහීමාත් යමු මාත් එක්ක කැමති නම්……………..”

“සර් මේ……අම්මා මට කෑම එකක් හදලා දුන්නා………………”

“හා හරි කමක් නෑ මහීමා.ඔයා විතරද ඉන්නෙ දරුවෙකුට ගෙදර?……………..”

“ඔව් සර්……………..”

“අම්මයි තාත්තයි ඔයයි විතරයි?…………….”

“ඔව් සර්.අපි තුන් දෙනා විතරයි……………..”

“පව්ලෙ එකම දරුවා විදියට අම්මයි තාත්තයි ගොඩාක් ආදරේ ඇති මහීමාට……………….”

“ඔව් සර්.අම්මයි තාත්තයි මට ගොඩාක් ආදරෙයි…………………”

“වෙන කවුරුවත් ආදරේ නැද්ද?………………..”

ඒ ප්‍රශ්නයට මගේ හිත ගැස්සුනා. සෙනේෂ් සර් මගෙන් ඇහුවෙ මට ආදරේ කරන්න කොල්ලෙක් නැද්ද කියලා මට හොඳටම තේරුණා.ඒත් ඇයි සෙනේෂ් සර් මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ?

“අයියෝ ඔහොම කල්පනා කරන්න දෙයක්ද මං ඇහුවෙ?හරි කමක් නෑ. දැන් යන්නකො ඉන්න තැනට……………”

දින කිහිපයක් ගත වුනේ ඔෆිස් එක මගේ ප්‍රියතම තැනක් බවට පත් වෙමින්.මට එහි මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම හමු විනි.ඔවුන් සැවොම පාහේ මට ඉතාමත් ලෙංගතු වුනා.

අරෝෂ,දිල්හාරා,මයුමි,කවිඳු,තෙනුජ…..වැනි යාලුවන් කිහිප දෙනෙක්ම සිටියා. අපි හැමෝම සහෝදරයින් වගේ සේවය කරා.ඔවුන්ගෙන් මට ලොකූ සහයෝගයක් ලැබුනා.දිනක් මට සෙනේෂ් සර් සමඟ අරලියා හොටෙල් එකට ලන්ච් එක ගන්න යන්නට සිදු වුනා.අපි දෙන්නා ගියේ කාර් එකෙන්. හොටෙල් එකේ කෙලවරේ ටේබල් එකකට ගිහින් අපින් දෙන්නම වාඩි වුනා.

“ආ සර් අද නෝනත් එක්කම ඇවිත් තියෙන්නෙ?……………….”

හොටෙල් එකේ සේවකයෙක් අපි දෙන්නා දිහා බලලා එහෙම කිව්වා.ඒ මනුස්සයා හිතන්න ඇත්තෙ අම්ං සෙනේෂ් සර්ගෙ වයිෆ් කියලා.ඒත් මං හිතුවෙ සෙනේෂ් සර් මං එයාගෙ වයිෆ් නෙවෙයි කියලා ඒ මනුස්සයට කියයි කියලා.ඒත් එහෙම මොකුත් කිව්වෙ නෑ.කෑම ඕඩර් කරලා සෙනේෂ් සර් මං දිහා බැලුවා.

“මොකෝ මේ අදමද මේ වගේ හෝටලේකට ආවෙ.ඔහොම වටපිට බලන්නෙ?………………”

“නෑ සර්.අම්මයි අප්පච්චියි එක්ක මං ඇවිත් තියනවා මගෙ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න………………..”

“කවද්ද මහීමාගෙ බර්ත්ඩේ එක තියෙන්නෙ?………………”

“අනිද්දා……………..”

“වට්?මේ තව දවස් දෙකනෙ තියෙන්නෙ?……………..”

“ඔව් සර්.අනිද්දා මගේ විසිවෙනි උපන් දිනේ………………”

“අපිට පාර්ටියක් එහෙම දෙනවද?………………”

“එහෙම පාර්ටියක් නම් ගන්න හිතුවෙ නෑ සර්………………”

“එහෙම කියලා බෑ.අඩුම තරමෙ කේක් කෑල්ලක්වත් ඕනි…………………”

“අනිවාර්යෙන්ම දෙනවා සර්………………”

“ඔන්න එහෙනම එදාට මං ගානෙ ලන්ච් එක අපි දෙන්නට…………………”

“අනේ සර්……………….”

“ඇයි අනේ කියන්නෙ?යාලුවෙකුගෙ බර්ත්ඩේ එකට එහෙම ගිෆ්ට් එකක්වත් දෙන්න බැරි නම් වැඩක් තියනවද?………………….”

හොටෙල් එකේ සේවකයෙක් ඇවිත් අපිට කෑම ගෙනත් දුන්නා.කන අතරේ සෙනේෂ් සර් මගෙන් විස්තර ඇහුවා.

“ඇත්තටම මහීමාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද?………………”

“නෑ සර්.ඇයි එහෙම ඇහුවෙ?………………”

“නෑ නිකමට වගේ ඇහුවෙ.ඒත් ඉතින් මහීමා තාම පුංචියිනෙ.අවුරුදු විස්සක් කියන්නෙ පොඩි වයසනෙ.මට නම් දැන් අවුරුදු තිහක් වෙනවා……………….”

සෙනේෂ් සර් මං ගැන ගොඩාක් විස්තර ඇහුවා.සමහර විට එහෙම ප්‍රශ්න අහන්නෙ මං එයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි නිසා වෙන්න ඇති.ඒත් මං කිසිම දෙයක් අහලා නෑ.එයා මගෙන් එචචර දේවල් අහලා මං සද්දෙ නැතුව ඉන්නත් හොඳ නෑනෙ.ඒත් මන් මොනවා අහන්නද?

“මහීමා ගොඩාක් නිශ්ශබ්ද කෙනෙක් වගේ?කොයි වෙලේ බැලුවත් කිසිම කතාවක් නෑ.පාඩුවෙ ඉන්නවා.එහෙම තමයි ඉන්න ඕනි………………”

“මං පුංචි කාලෙ ඉඳන්ම මෙහෙම තමයි සර්………………”

“තනියම හැදුනු නිසා වෙන්න ඇති ඒ. පව්ලෙ එකම දරුවනෙ………………..”

“සර්ට නැද්ද අක්කලා නංගිලා එහෙම?………………..”

නිකන් ඉන්න හොඳ නැති නිසා මාත් ප්‍රශ්නයක් ඇහුවා.

“සහෝදරියො නම් නෑ.එකම එක මල්ලි කෙනෙක් නම් ඉන්නවා.අපොයි කියලා වැඩක් නෑ………………..”

“ඒ ඇයි සර්?…………………”😱

“හරිම මුරණ්ඩුයි.කියන කිසිම දෙයක් අහන්නෑ.එයා පුංචි කාලෙ ඉඳන්ම හැදුනෙ එයාට ඕනි පිළිවෙලට මිසක් අම්මා තාත්තා කියන දෙයක් සත පහකට ගනන් ගත්තෙ නෑ.නොම්මර එකේ චන්ඩියෙක්………………….”

සෙනේෂ් සර් එයාගෙ මල්ලි ගැන කියපු විදියට මට හිනාත් ගියා.මල්ලිට වඩා අයියා හාත්පසින්ම වෙනස් කියලා මට හිතුණා.

“ඇයි මහීම හිනා වෙන්නෙ?………………..”

“සර් මල්ලි ගැන කියපු විදියට මට හිනා ගියා.මල්ලි චන්ඩියෙක් නම් ඉතින් හොඳයිනෙ.අයියාව ආරක්ෂා කරන්න හොඳ ආරක්ෂක භටයෙක්නෙ මල්ලි………………….”

“අපොයි ඕන්නෑ.මට පුලුවන් මගේ ආරක්ෂාව ගැන බලාගන්න.ආ මේ ඒක නෙවෙයි.පොඩි ආරාධනාවක් කරන්න තියනවා.ලබන සතියෙ ඉරිදා අපේ ගෙදරට එන්න පුලුවන්ද?එදාට අපෙ තාත්තගෙ දානෙ දෙනවා ගෙදර.මහීමා එනවා නේද?අම්මගෙන් අහලා එන්න. මං ඔයාව ගන්න ගෙදරට එන්නම්…………………”

“මෙ…..මේ මං අම්මගෙන් අහලා එන්නම් සර්.අම්මා එපා කියන්නෙ නෑ……………..”

“හරි එහෙනම් දැන් අපි යමු……………….”

ඔෆිස් එකේ දවසට නියමිත වැඩ ටික සේරම කරලා ඉවර වුනා.සමහර දවස් වල ඔෆිස් ඇරුනම මාව එක්කන් යන්න අප්පච්චි එනවා.එහෙම නැත්නම් මං ටැක්සි එකකින් ගෙදර යනවා.කීප දවසක්ම සෙනේෂ් සර් මාව ගේ ගාවින්ම බස්සගෙන ගියා.

“අම්මෙ හෙට මගෙ බර්ත්ඩේ එකට ඔෆිස් එකේ හැමෝටම කේක් දෙන්න ඕනි………………”

ඉරිදා උදෙ මං අම්මට එහෙම කිව්වා. වැඩට ගියාට පස්සෙ එන පලවෙනි බර්ත්ඩේ එකනෙ.තාම වැඩි දෙනෙක් දන්නෙත් නෑ හෙට මගෙ බර්ත්ඩේ එක කියලා.

“කේක් විතරක් දීලා මදිනෙ දූ.තව මොනවා හරි දෙමු.සැන්වීච්,කට්ලට් වගේ දේකුත් එක්ක.මං හදලා ඔෆිස් එකට ගෙනත් දෙන්නම් හවස තේ වෙලාවට……………..”

“ඒක නම් හොඳ අයිඩියා එක අම්මෙ. තුනට ටී ටයිම් එක තියෙන්නෙ.දෙකයි හතලිහ විතර වෙද්දි අම්මි කෑම ටික ගේන්නකො.මං දැන් ටව්න් එකට ගිහින් බඩු ටික අරන් එන්නම්…………….”

දහයට විතර මං ටව්න් එකට ගිහින් කේක්,කට්ලය් හදන්න බඩු එහෙම ගෙනාවා.


රෝස පාට අලුත්ම සාරිය ඇඳලා මං උදෙන්ම ලෑස්ති වුනා වැඩට යන්න.අම්මා උදෙන්ම කිරිබත් හදලා තිබුනා.කිරිබත් කෑලි දෙකකුත් කාලා බීම වීදුරුවකුත් බීලා මං ලෑස්ති වුනා වැඩට යන්න.

“මහීමා මිස් සුභ උපන් දිනයක් වේවා. මෙන්න මගෙන් පුංචි තෑග්ගක් මිස්ට…………….”

ඔෆිස් එකේ පියන් අංකල් මට පුංචි ප්‍රසන්ට් එකක් දීලා සුභ පැතුවා.

“අනේ ගොඩාක් ස්තූතියි අංකල්.ඔන්න අංකල් තමයි මට මුලින්ම විශ් කරේ.මං හවසට අංකල්ටත් කේක් කෑල්ලක් දෙන්නම්………………”

ඔෆිස් එකේ හැමෝම මට විශ් කරා සෙනේෂ් සර් ඇරෙන්න.ඒ ඇයි කියලා මට තේරුනේ නෑ.

මතු සම්බන්දයි.