මාත් දයාවතී නැන්දාත් නුවරඑළියේ පිහිටි අප්පච්චීට අයත්ව තිබූ නිවසට පැමිණෙන විට වෙලාව සවස තුනයි තිහ පමණ විය.උපන් දා සිට අවුරුදු හතරහමාරක් පමණ මා මේ නිවසේ ජීවත්ව ඇත.මේ නිවසේ මා ජීවත් වූ වසර හතරහමාර පිළිඹඳ මට මහා ලොකු සුන්දර මතකයක් ඇත්තේ නැත.
නමුත් සමහර මතකයන් මගේ සිතට පිවිසියේය.දයාවතී නැන්දා මා පසු පස දුව ඇවිදිමින් මට බත් අනා කැවූ හැටි මගේ මතකයට නැගුණි.ඇය මා ළදරු පාසල් රැගෙන ගිය හැටි,මා සමඟ සෙල්ලම් කෙරූ හැටි මගේ මතකයට නැගුනේ මේ හුරු පුරුදු පරිසරය පුරා ඇවිදිනා විටදීය.
“ලොකු බේබි,ගමන් මහන්සියත් තියන හින්දා අදට මේ කොහේ හරි අස් පස් කරගෙන නිදා ගම්මු.හෙට ඉඳන් වත්ත පිටියයි බංගලාවයි සුද්ද කරන්න පටන් ගම්මු.මං අඳුරන කාටහරි එන්න කියන්නම් උදව්වට…………….”
“හා නැන්දෙ.අපි දෙන්නා විතරක් මේවා අස් කරන්න ගියොත් දවස් සම්පූර්ණ දවස් දෙකක්වත් යයි……………”
ටව්න් එකෙන් ගත්තු කෑම පාර්සල් දෙක කාලා දයාවතී නැන්දයි මායි ගබඩා කාමරේ යාන්තං අස් කරගෙන පැදුරු දෙකක් එලාගෙන නිදා ගත්තා.
🌿🌿
පහුවදා උදෙන්ම නැගිටපු දයාවතී නැන්දයි මායි තේ බීලා ඉවර වෙලා ගේ අතු ගාලා සුද්ද කරන්න පටන් ගත්තා. දයාවතී නැන්දා කතා කරපු සිරිපාල මාමාත් අපිට උදව් කරා.මේ ගෙදර තිබුනු ගොඩාක් ලී බඩු ජාති අම්මා ඒ කාලෙම බාප්පගේ ගෙදරට අරන් ගියා. ඒ හින්දා බඩු අඩු හින්දා අස් කරන්න ලේසිත් වුනා.
මකුළු දැල් කඩලා දූවිලි පිහ දාලා ගෙයි පහළ තට්ටුව හේදුවා. ඊට පස්සෙ උඩ තට්ටුව ඒ විදියටම සුද්ද පවිත්‍ර කරලා මකුළු දැල් කඩලා එහෙම හේදුවා.ගේ සම්පූර්ණයෙන්ම අස් කරලා ඉවර වෙනකොට දවල් එක විතර වුනා.
අපි හිතුවෙ වත්ත හෙට සුද්ද කරලා දාන්න.ඒත් සිරිපාල මාමා දවල්ට කාලා ඉවර වෙලා වත්ත සුද්ද කරමුයි කිව්වා. වත්ත වටේටම වැවිලා තියන කැලේ උදලු ගාලා කොල රොඩු එක තැනකට දාලා පිච්චුවා.මිදුල අතුගාලා තාප්පෙත් සුද්ද කරා.ඔක්කොම වැඩ කරලා ඉවර වෙනකොට හවස පහයි කාල වුනා. සිරිපාල මාමාට සල්ලි දුන්නත් එයා ගත්තෙම නෑ.
“අනේ සල්ලි එපා නෝනෙ.ඩේවිඩ් මහත්තයා ඒ කාලෙ අපිට කොච්චර උදව් කරාද?අනේ නෝනගෙන් සල්ලි ගන්න බෑ.වැඩක් තිබුනොත් කියන්න මං එන්නම්……………”
එහෙම කියලා සිරිපාල මාමා ගෙදර ගියා.
දවස් දෙකකට පස්සෙ බාස් කෙනෙක් ගෙන්නලා මුලු ගෙදරටම තීන්ත ගාලා ගේ සම්පූර්ණයෙන්ම අලුත් වෑඩියා කෙරෙව්වා.
දයාවතී නැන්දා ඉන්නෙ පල්ලෙහා තට්ටුවෙ කුස්සිය අයිනෙ තියන කාමරේ.මං ඉන්නෙ උඩ තට්ටුවෙ තියන ඒ කාලෙ මං හිටපු කාමරේ.මගේ කාමරේටයි තව කාමරේකටයි අලුත් ඇඳවල් දෙකක් ගෙනාවා.මගේ කාමරේට ලොකු අල්මාරියකුයි කණ්ණාඩි මේසෙකුයි පොඩි මේසෙකුයි ගෙනාවා.
සාලෙට අලුත්ම සෝෆා කට්ටලේකුයි කෑම කාමරේට මේසෙකුයි පුටු කට්ටලේකුයි නිවසට අවශ්‍ය කරන තව ලී බඩු ඇතුලුව බඩු කිහිපයක්ම ගත්තා.කොහොමින් කොහොම හරි මේ දේවල් ටික කරගන්න සති දෙකක් වගේ කාලයකුයි ගත වුනේ.
“ලොකු බේබි දැන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?විභාගෙත් පාස් හින්දා විශ්ව විද්‍යාලෙ යනවද?…………….”
“නෑ නැන්දෙ.විභාගෙ පාස් හින්දා මොකක් හරි හොඳ ජොබ් එකක් බලලා කරනවා.හැමදාමත් නිකන් ඉන්න බෑනෙ.ලබන මාසෙ ඉඳන් ජොබ් එකකට යන්න ඕනි…………..”
මේ අතරවාරයේදී විරේන් නාලනීගේ නිවසට යන්නේ දේවාන්ශි මුණ ගැසීමටය.නමුත් ඇය ඒ වන විටත් නාලනීගේ නිවස අත් හැර නුවරඑළියේ සිය පියාට අයත්ව තිබූ නිවසේ පදිංචියට ගිය බව විරේන්ට නාලනී පවසනවා.බලාපොත්තු කඩ වූ දෑසින් නාලනීගේ නිවසින් විරේන් පිට වුවත් ඔහු දේවාන්ශිව තම සිතෙන් අතු ගා දැමීමට සූදානම් නැත.
“මොකෝ බොස් ගිය පයින්ම ආපහු?දේවාන්ශි මිස් ගෙදර නැද්ද?……………”
“ඒකි ගෙදරින් ගිහිල්ලා ඒ ගෙදර හිටපු සවන්ට් ගෑණිත් එක්ක.දැන් ඉන්නෙ නුවරඑළියෙ ඒකිගෙ තාත්තට අයිති ගෙදරලු……………”
“එහෙනම් බොස් අපි දැන් නුවරඑළි යනවද?……………”
“අද නෙවෙයි.තව පොඩි වැඩ වගයක් තියනවා කර ගන්නත්.උඹ මානවඩු කාරයට කෝල් එකක් දීලා කියපන් හොටෙල් එකේ වැඩේ දවස් තුනක් ඇතුලත ඉවර වෙන්න ඕනි කියලා. වැඩේ ඉවර වෙච්චි ගමන් උඹ මට කතා කරපන්…………….”
“හරි බොස්.මං ගානට වැඩේ කරන්නම්…………..”
සිය නිවසට පැමිණි විරේන් දුරකථනය රැගෙන දේවාන්ශිට ඇමතුමක් ගත්තේය.
“හෙලෝ මේ දේවාන්ශි නේද?……………”📲
“ඔව්.ඔයා කව්ද?…………….”📲
“අඳුරගන්න බැරිද මැඩම් මාව කටහඬින්වත්?…………….”📲
“කටහඬින් අඳුරගන්න තමුන් ජෝතිපාලද?📲
“මම විරේන්.විරේන් සචින්ත.මැඩම්ට මාව මතක ඇතිනෙ………….”📲
විරේන්🤔🤔මදක් කල්පනා කර බලන විටදී දේවාන්ශිට එක්වරම මතක් වූයේ විරේන් කියන්නෙ අම්මා තමාව විවාහ කර දෙන්නට තැත් කල පුද්ගලයා බවයි.ඒත් ඇයි ඒ මිනිහා මට කතා කරන්නෙ?මං ඌට කිව්වනෙ මං ඌව කසාද බඳින්න කැමති නෑ කියලා.
“මතකයි.ඇයි මට කතා කරේ?මට ඔයත් එක්ක කිසිම දෙයක් නෑ විරේන්……………”😠📲
ඇයගේ කටහඬේ කෝපය ගැබ්ව තිබුණි.
“මට නම් තමුන් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියනවා දේවාන්ශි.මං ඉක්මනට තමුන්ව හොයාගෙන එනවා. දේවාන්ශි එදා කිව්වනෙ මාව මැරි කරන්න කැමති නෑ කියලා.ඒත් මං ඒ තීරණේ පිළිගන්න ලෑස්ති නෑ.කවදා හරි මගේ බිරිඳ වෙන්නෙ තමුන් දේවාන්ශි……………”📲
“තමුසෙට මොලේ හොඳ නැති වීගෙන එනවද?සංසාරෙ කිසිම ආත්මෙක වැරදිලාවත් මම නම් තමුසෙගෙ බිරිඳ වෙන්නෑ……………”😠📲
“මම කව්ද කියලා මැඩම් තාම හරියට දන්නෑ.දන්නවා නම් ඔහොම කතා කරන්නෑ.මට පරක්කු වෙනවා.මං තියන්නම්.බායි.ලව් යූ ඩාලිං…………..”📲
විරේන් නම් දේවාන්ශි කියූ දේවල් ගානකටවත් ගනන් ගත්තේ නැත. කෙසේ හෝ දේවාන්ශිව තමා යටතට ගත් යුතුය.නැතිනම් ඔහුගේ සිතේ ඇති කිසිවක් ඉටු වන්නේ නැත.මීට අවුරුදු දහනවයකට පමණ පෙර තම පියා මිය ගියේ දේවාන්ශිගෙ මව වූ නාලනී නිසාය.තම පියාගේ මරණය විරේන්ගේ සිතේ සදාකාලිකව තැන්පත්ව ඇත.
කොයි මොහොතක හෝ තම පියාගේ මිනීමරුවා වූ නාලනීගෙන් පලිගන්නට විරේන් සැලසුම් කලේය.වසර ගනනක් ඇමරිකාවේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිණි විරේන් මුලින්ම සොයා බැලුවේ තම පියාගේ මිනීමරුවන්ගේ විස්තරය.ඔහු තම ගෝලයින් යොදවා නාලනී ගැනත් ඇයගේ පව්ලේ උදවියත් ගැන සොයා බැලුවේය.
ඒ වන විට නාලනී ගයන්ත හා විවාහ වී උන්නාය.ඔවුන් දෙපලට දරුවන් දෙදෙනෙකුද සිටී.ඇයගේ පෙර කසාදයේ දියණිය වූ දේවාන්ශි සිටියේ නේවාසිකව අධ්‍යාපනය හදාරමිනි.
නාලනීගේ සිතේ ඇගේ වැඩිමහල් දියණිය ගැන ඇති වෛරය තරහව විරේන් දැන උන් නිසා නාලනීගෙන් පලි ගන්නට දේවාන්ශිව ආයුධයක් කරගෙන වැඩක් නැත.දේවාන්ශිට කරදරයක් සිදු වූවත් නාලනී දුක් වන්නේ නැත.නමුත් ඒ වන විට විරේන් දේවාන්ශිව පින්තූරයකින්වත් දැක තිබුනේ නැත.
එක් දිනක් විරේන් නාලනීගේ නිවස අසල ගැවසුනේය.ඒ කාලයේ දේවාන්ශි හොස්ටල් එකේ නිවාඩුවට ගෙදරට පැමිණ උන්නාය. දේවාන්ශිගේ රුව දුටු විර
ේන් මොහොතකට තිගැස්සුනි.ඔහු ඕනෑ තරම් තරුණියන් දැක ඇත.ඒත් දේවාන්ශිව දුටු විට ඔහුගේ සිත කලබල විය.ඇය තම පියා මරණය පත් කල තැනැත්තියගේ දියණිය බවට ඔහුට මතක් වුවද දේවාන්ශිව නම් අතෑරීමට ඔහුට සිත සූදානම් නැත. නාලනී කෙතරම් දේවාන්ශිට වෛර කරත් දේවාන්ශි නාලනීට ආදරය කලාය.දැඩි සෙනෙහසක් දැක්වූවාය.
උසස් පෙල හදාරා නිවසට පැමිණ උන් දේවාන්ශි හට විවාහයක් කර දීමට නාලනී සූදානම් වන බව විරේන්ට ආරංචි විය.විරේන් ඔහුගේ සගයින් කිහිප දෙනෙකු මාර්ගයෙන් දේවාන්ශිගේ නිවසට විවාහ යෝජනාවක් යැව්වේය.
විරේන්ව දකින්නටත් පෙර නාලනී එම විවාහය සිදු කල යුතු යැයි ස්ථීර කරේ සිය වැඩි මහල් දියණියව ඉක්මනින් නිවසින් පන්නා දැමීමටය.නාලනී විරේන්ව අඳුරන්නේවත් නැත.නමුත් විරේන් ඇය ගැන හොඳින් දනී.
නොසිතූ අයුරින් තමාව ප්‍රථික්ෂේප කල දේවාන්ශි නුවරඑළියට ගිය බව විරේන්ට ආරංචි විය.විරේන්ගේ සිතේ ඇති වූයේ තදබල කෝපයකි.මීට වසර දහනවයකට පෙර තම පියා රැකියාව කලේ නුවරඑළියේ තේ කර්මාන්තශාලාවකය. ඔහු එහි මැනේජර්ය.එම ෆ්‍රැක්ට්‍රියේ අයිතිකරු වූයේ දේවාන්ශිගේ පියා වූ ඩේවිඩ්ය.
මුදල් හුටපටයක් නිසා ඩේවිඩ්/නාලනී හා තම පියා අතර බහින්බස් වීමක් ඇති වී ඇත.එය දුර දිග ගොස් ඩේවිඩ් තම පියාට පහර දී ඇත.රණ්ඩුව නවතාලන්නට නොහැකිව නාලනී ඩේවිඩ්ට අයත්ව තිබූ පිස්තෝලයකින් තම පියාට වෙඩි තබා ඇති අතර ඉන් පසු ඔවුන් දෙදෙනා එක්ව තම පියාගේ සිරුර කැලේකට විසික් කර පුලුස්සා ඇත.
එම මරණය කාටත් අභිරහසක් වූ අතර එය දැන උන්නේ තම මව පමණි.නමුත් ඩේවිඩ් නිතර නිතර විරේන්ගේ මවට තර්ජනය කර ඇත්තේ මේ පිලිඹඳ පොලීසියට දැන් වුවහොත් ඇයගේ පුත්‍රයා වූ විරේන්ව මරා දමන බවයි.තමාගේ ජීවිතයට හානියක් වෙතැයි බියට පත් වූ මව එය රහසක් සේ තබාගෙන ඇත.ඉන් වසර දහසයකට පසු තම මව මිය ගියේ සියල්ලම තමාට පවසාය.ඩේවිඩ්ගෙන් පලි ගන්නට සිතුවද ඔහු දැන් මිය ගොස් ඇත.එහෙත් ඔහුගේ දියණිය ජීවත්ව ඇත.
නුවරඑළියේ පෞද්ගලික ආයතනයක දේවාන්ශි රැකියාවට යයි.ඇය එහි සේවයට ගොස් සතියක් පමණ ගෙවී ඇත.ඇය ගැන උනන්දුවෙන් උන් එහි එක් තරුණයෙකු වූ රොෂාන් තමාගේ අදහස දේවාන්ශිට පැවසුවේය.රොෂාන් ගැන සොයා බලා මදක් කල් ගත් දේවාන්ශි තම කුලුඳුල් ආදරය රොෂාන්ට පුද කරේය.රොෂාන් ඉතාම කඩවසම් ගුණ යහපත් තරුණයෙකි.
ඔහු කෙදිනකවත් දේවාශිට අයුතු යෝජනාවක් කර නැත.ඇයව තම දෑස සේ රැක්කාය.තම මවගෙන්වත් නොලද අසීමිත ආදරයක් සෙනෙහසක් ඇය රොෂාන්ගෙන් වින්දාය.ඇයගේ මුලු ලෝකයම රොෂාන් විය.නමුත් ඔහුගේත් අයගේත් ආදරයට කන කොකා හඬලන්නට වැඩි කලක් ගත වූයේ නැත.