ඇසි පිය ගසන හැමතැනම ඔබ ඉන්නවා…
නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා..
මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා..
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා..
හිත දවනවා නෙත ඉකිබිදිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා….
ඕ ඕ ඕ… හූ හූ හූ…. ඕඕඕඕ…… ආ ආ ආ ආ…”
ඔහූ මරහඩ දෙමින් නාන කාමරයේ සිට ගී ගයන හැටි ඇදේ කොනක හිදගෙන උන් දේදුනු අසා වුන්නේ හිනැහෙමිනි. ඈ නා අවහර වී බොහෝ වෙලාවකට පසුව රන්දෙව් කාමරයට ආවෙ පුරුදු නොසන්සුන් ගමනින්මය.
ඈ උන්නේ ඉවත බලාගෙනය. ඔහේ කල්පනා කරමිනි. මීදුම අතරින් ඔහේ ලාවට පෙරී එන සද එලිය සුන්දරය. ඈ පොඩි කල සිටම සදට පෙම් බැන්ද හැටි සිහි කලාය. කාමරයට ආ විගසම කෝට් එක ගලව ඔහු උඩින් විසි කලේ ඇදටය.
“අහ්හ් ඇති යන්තම් නාල.. මං හිතුව පැල වෙන්නවත් ඇති කියල… බඩගිනිද ඕයි….”
“නෑ සර්… තාම බඩගිනි නෑ.. සර් කාලද…”
“මං කාලද..අහන ලස්සන.. තමුසෙ බඩගින්නෙ හින්ද පව් කියල කෑම රූම් එකට ගේන්න කීව… මං යනව නා ගන්න දාඩියයි අෆ්ෆ…”
“දඩ්ඩ්ඩාස්ස්ස්ස්…..”
දේදුනු පිලිතුරු දෙන්නටත් පෙර රන්දෙව් නාන කාමරයේ දොර වසා ගත්තේය. දේදුණුගෙ කට දෙකොනින් නැගුනු සිනාව වලක්වා ගත්තේ අමාරුවෙනි.
“සර්ට නම් පිස්සු දෙයියනේ… “
ඈ හිතුවේ එහෙම්මමය. ඔහු කෑ ගසමින් ගී කියන අයුරු ඕ අසා වුන්නේ හිනැහෙමිනි.
“මොනව නැතත් සර්ට සිංදු කියන්න නම් පුලුවන් … “
“අත්තම්මයි ලොකු අම්මයි මොනා කරනවද මංද…. කෝල් එකක් ගන්න කියලද… පාලුයි එක්ක…”
ඈ ජනේලයට හිස තියා ගත්තාය.
ඈ නමින් දේදුණු ආමන්දි ජයසිංහය. කුඩා කල සිටම ඈ හැදුනේ අත්තම්මාත් අවිවාහක ලොකු අම්මාත් පමනකි. ඈ කුඩා කලදීම දෙමාපියන් මිය යන්නේ සරදමකටය. නමුදු ඇගේ අත්තම්මාත් ලොකු අම්මාත් ඈ රැක්කෙ ඇස් දෙක මෙනි. යන්තම් විසි දෙහැවිරිදි විය එද්දී ගෙදර හිග පාඩු ඔහුන්ට තවත් දරාගත නිහැකි වීය.
ඒ නිසාම ” සේරසිංහ හා පුත්‍රයෝ ප්‍රයිවට් කම්පැනි” යේ සාමාන්‍ය සේවිකාවක් ලෙස ඈ සේවයට බැදුනේ ඒ නිසාමය. ඇගේ දෛවය වෙසස් වූයේ එහිදීය. අහිංසකකමත් නිහඩබවත් උපතින්ම ගෙනා ආ වැඩි කල් නොයවාම කම්පැනියේ මහත් තැනක් දිනා ගත්තාය. සේරසිංහ කම්පැනි ප්‍රධානී වූ මිස්ට සේරසිංහ හා මිසිස් සේරසිංහ දිනක් ඇගේ දුප්පත් ගෙපැලට ඈ හොයා පැමිණිම ඇගේ දිවියම වෙනස් වීය.
“අපි කැමති මේ දුව අපේ බාල පුතාට බන්දල දෙන්න….මොක්ද මට හිටපු විශ්වාසම හොදම සේවිකාවක් දේදුණු …..ඒ විශ්වාස ඇති…අපෙ පුතාට දේදුණු වගේ කෙල්ලක් තමා හරියන්නෙ…”
“අනේ මහත්තයෝ මේ දුප්පත් අපි….”
“නෑ අත්තම්ම.. අපිත් දුක් විදල ආපු මිනිස්සු.. දේදුණු ගැන මං හොදට හොයල බලල මේ ගමන මං නෝනත් එක්ක ආවෙ…”
“ඒකනෙ.. මම නම් දුව දැකපු දා ඉදල කැමට්ජි උනා.. මහත්තය එක්ක කතා කරල බැලුවෙ ඒකයි… “
“අත්තම්ම අකැමැති දේදුනුට වෙන ප්‍රෆෝසල් එකක්වත්….”
“අනේ මහත්තයෝ ඕව කොහෙද අපෙ කෙලීට. යන්තම් විසිදෙක පැන්න විතරයිනෙ.. අපිත් වෙන කරන්ඩ දෙයක් නැත්වට ඔය රස්සාවකට යැව්වට.. අම්ම අප්ප නැතිව ලොකු එකී මායි මේකි හැදුවෙ මලක් වගේ ඕංං…”
” අත්තම්ම ටිකක් දේදුණු එක්ක කතා කරල බල්න්නකො… දේදුණු කැමති නම් අපිත් කැමති අපෙ පුතාට දේදුණු බන්දන්න… සල්ලි මිල මුදල් වල අඩුවක් තියෙද.. සැපෙන් ඉන්න පුලුවන් …”
කාමරයේ දොර අසල සිට එදා දේදුණු සියල්ල අකුරක් නෑර අසා වුන්නේ ගැහෙන හදවතිනි. සේරසිංහ මහතාත් මහත්මියත් නික්ම යන කල් සිට අත්තම්මා ඈ ඇමතූයේ ලොකු අම්මාද අසල සිටියදීය.
“සුදු මැණික……”
“අත්තම්මා…..”
“දැන් අහන් උන්නෙ කියල මං දන්නව හොර කෙල්ල ඔක්කොම…”
ඈ ඇගේ හිස අත ග හිනැහෙයි. දේදුනු බියට පත් වීගෙනය.
“සුදු මැණිකට මෙහෙම ඉදල බෑනෙ.. හොද තැනක්ට දීග දෙන්න ඕනා… වරදක් නොකර මං උබ හැදුවෙ මලක් වගේ….”
“අනේ අත්තම්ම….”
“සල්ලි තියෙන පවුලක්.. සුදු මැනිකට සැපෙන් හිටියැකි.. මොකද කියන්නෙ…..”
“අත්තම්මල කැමති නම්…..”
ඈ කීවෙ එපමණකි. සේවයට ගොස් යන්තම් මාස දෙක පිරෙද්දී ඈ රන්දෙව් අභිශේක සේරසිංහ නම් සේරසිංහ කම්පැනි තනි අයිතිකරු වූ විසි පස් හැවිරිදි තරුනයාගේ පතිනිය වූයේ එලෙසය. වරක් දෙවරක් ලගට ගොස් කතා කර තිබූ ඔහුව ඈ සමීපයටම දුටුවේ විවාහ දිනයේය. මන්ද සියල්ල සොයා බලා කලේ සේරසිංහ මහතා හා මහත්මිය නිසාමය. සැර පරුශ වූ ඔහු හා විවාහ වන්නට ඈ කැමති වූයේ අත්තම්මාගේ හිත රිදවීමට නොහැකි වූ නිසාමය.
” බඹර නාදේහ්හ්හ්හ්හ්…..
ඇසෙන මානේහ්හ්හ්හ්…..
රැදෙනු මාගේහ්හ්හ්හ්….
සුවද වාගේහ්හ්හ්හ්….
හූ හූ.. ඕ ඕ.. ලා ලා ලාහ්හ්… හු හූ….”
ඔහුගේ කෑ ගැසිල්ලට ඈ ගැස්සුනාය.
“සර්ට පිස්සු…”
ඈ සිතුවේ එහෙම්මමය.
වතුර සීතලය. රන්දෙව් සෑහෙන වේලාවක සිට නාන කාමරයේය. ඔහු වුන්නේ සිතින් බනිමිනි.
“ශික්… තාත්ති මේ මරාලයක් කරේ එල්ලුවනෙ.. අඩුම තරමෙ මගෙන් අහන්න තිබ්බ.. මං දැක්කෙත් හතර පස් වතාවයි.. තාත්ති ඇදිනුවාට මං දන්නෑනෙ…”
“ටානි… පව් දෙයියනෙ… අඩනව ඇති.. මට කරන්න දෙයක් තිබ්බෙ නෑ ටානි.. හදිස්සි උනානෙ සේරම…”
“කෙල්ල අවුලක්මත් නෑ.. ටානිට වඩා නම් ලස්සනයි…”
“බලමුකො බලමුකො… කසාදෙට මගෙ ජීවිතේම හිර කරා….”
තෙත හිස කෙස් දෑතින් ගසමින් රන්දෙව් කින්ඩියට හිනා පාර දැම්මේ කන්නාඩියටය.
“ශික්… ටවල් එක…. “
වට පිට බැලු ඔහුට කියවිනි. කෙල්ලට බැන ඔහු ආවෙ හදිස්සියටය. තුවාය ඇද උඩය. කෙල්ල කාමරේය.
“ශික්… වස නෝන්ඩිය.. ඉල්ලපන්කො දැන් තුවාය…”
ඔහු බාගෙට නාන කාමරයේ දොර හැරීය. කෙල්ල ජනේලය අසලය. රෝස පැහැ නයිට් ගවුම හැද ඈ ඔහේ බලාඅ හිදී.ඈට නොපෙනී උපන් හැටියෙන් තුවාය ගන්නට යාමෙන් වෙන්නෙ අමුවෙන්ම කාඩ් කුඩු කරගන්නටය. ඔහු හිමින් දොර වසා නාන කාමරයේ කන්නාඩියෙන් බැලීය.
“යකෝ මේ රන්දෙව් ටම මෙහෙම උනානෙ.. අම්මප මේ වෙලාවට තමා වැලක් දාල එල්ලෙන්න හිතෙන්නෙ… “
“මං බැනල බැනල ශිට්… තුවාය… කමින් කමින් පියා බලා හරි.. “
රන්දෙව් නළල ට ගත ගසා ගත්තේය. නළල පුරා ඇත්තේ වතුරද දාඩියද කියන්නට ඔහුට තෝරා ගන්නට බැරිය.
“කමක් නැ වෙන දෙයක් උනාවෙ මගුල…”
ඔහු යන්තමට නාන කාමරයේ දොර හැර ඔලුව දැමීය. කෙල්ල එහෙම්මය.
“ස්ස්ස්ස් ස්ස්ස්ස්ස්ස්ස්… “
කෙල්ල කතා නැත.
“ස්ස්ස්ස්… ඕයී……”
දේදුණු හැරී බැලුවේ එවිටය. රන්දෙව් බාගෙට දොරෙන් ඔලුව දමාගෙනය. කකුල් දෙකත් බඩෙන් බාගෙකුත් නාන කාමරය ඇතුලේය.
“මේ මොකද්ද දෙයියනේ…”
ඈට කියවුනේ ඉබේටමය.
“ස්ස්ස් සර්ර්ර්ර්ර්ර්…… මෙහෙම….”
රන්දෙව් ට උලත් නැත පිලත් නැත. කෙල්ල දිව විත් නතර වූයේ නාන කාමරයේ දොර අසලය. කොල්ලා ඉක්මනින් නාන කාමරයට ගොස් දොර වැසීය.
“ඈහ්හ්හ්… මොන මගුලක්ද … දොර වැහුවෙ… සර්…. සර්…. සර්….”
ඈ දොරට ගැසුයේ විශ්මයෙනි. ඔහු යලි දොර හැරීය. එලියට දැම්මේ ඔලුව පමනකි.
“ඉබ්බෙක් වගේ…”
කෙල්ල හිනැහිනි.
“සර්….”
“ට්ට්ට්ට් ටවල් එකහ්හ්… අර.. ඇද උඩහ්හ්….”
ඔහු කීයේ ඇඹරෙමින් බිම බලාගෙනය. කෙල්ල ඇසිල්ලකින් තේරුම් ගත්තාය. හිතෙන් හිනැහෙමින් තුවාය ගෙන ආවාය.
“සර්.. “
තුවාය උදුරා ගත් ඔහු දොර වැසීය.
“ශිට්….”
ඔහු තුවාය ගත පටලා ගත්තේ අමුතුම හැගීමකිනි.
“කට විතරයි.. කෑ ගහන්න විතරයි පුලුවන් …”
ඕ තනිව හිනැහුනාය. තුවාය ගත පටලා නාන කාමරයෙන් පිටතට ආ ඔහු දෙස ඈ බැලුවාය. මොහොතකට නෙත් පැටලිනි. ඔහු වහා බිම බැලීය. අතට හසු වූ බෑගය අදින්නට වූයේ සරම සොයා ගන්නටය.
“සරම…මේ මොන උලව්වක්ද.. ගෑණු රෙදි…”
“සර් ඕක මගෙ බෑග් එක.. සර්ගෙ එක මේ තියෙන්නෙ…”
කෙල්ල ඔහු අතට ඔහුගේ බෑගය දුන්නෙ යලිවරක් සිනා ගිලිමිනි.
“මෙහෙ දෙනව ඕක.. මගුල…”
ඔහු කෝපයෙන් ඈ අත වූ බෑගය උදුරා සරම හැදගෙන තුවාය පැන්නුවේය.
“හතර විලි ලැජ්ජයයි.. යකෝ.. මටම උනානෙ…”
ඔහු හිතින් බැන වැදුනේ තමාටමය.
“ඇයි බලන් ඉන්නෙ දැකල නැද්ද.. “
සර්ට් එක ඇගලා ගන්නා අතර තුර ඔහු කඩා පැන්නේ කෙල්ලගේ ඇගටමය.
“ස්ස්සර්ර්… සර්ට් එක කණපිට.. ඇදල ඉන්නෙ…”
“ඈහ්හ්හ්……”
ඈ හිනැහී ඉවත බලාගත්තාය.
රාත්‍රී ආහාරය ගන්න අතරතුරදී රන්දෙව් දේදුණු හා වචනයකුදු කතා නොකලේය. ඈද මුනිවත රැක්කා පමනි.
“සර්…..”
“මොකද ඕයි.. මං තමුසෙව කන්නෑ.. මට සර් කියන්න එපා… කී ගමනක් කියන්න ඕනාද…”
“හ්ම්ම්ම්…..”
ඈ බැලුවේ හොරෙනි. ඈට හිනැහුනේ ඉබේටමය.
“ඇයි…”
“මුනේ මොනාද තියෙනව.. “
“කොහෙද… මොනාද…”
රන්දෙව් පිස්සෙකු මෙන් රැවුල පිරිමැද්දේය.
“ඉන්නකො…”
ඈ දෙපතුල් ඇගිලිවලින් ඉස්සුනේ ඔහු ඈට වඩා උස හෙයිනි. රැවුල මත රැදුනු කෑම ස්වල්පය ඈ පිස දැමීය. ඔහුගේ උනුසුම් හුස්ම ඇගේ පපුව සිඹීය.
“ඇදේ නිදාගන්නව තමුසෙ.. මං සැටියට යන්නම්…”
“සර්….”
“කීව නේද… කීව දේ කරනව…”
කොට්ටයත් පොරොනයත් කිසිල්ලේ ගසාගෙන සොපාවට ලං වූ රන්දෙව් හිස සිට පාදාන්තය දක්වා බෙඩ් ශීටය පොරවාගෙන සැටියේ වකුටු විණි.
“නපුරු සර්…..”
ඈට කියවුනේ එහෙම්මමය