ජීවිතය කියන්නෙ අපි හිතනවටත් වඩා මහා පුදුමාකාර දෙයක්.සමහරුන්ගෙ ජීවිත වලට සතුට ළඟාවෙනකොට තවත් සමහරුන්ගෙ ජීවිත වලට දුක විතරක් ළඟා වෙනවා.
ප්‍රශ්ණ් වලින් පැනලා යන එක නෙවෙයි ප්‍රශ්ණ වලට ශක්තිමත්ව මුහුණ දීලා ජීවත් වෙන එකයි ජීවිතේ කියන්නෙ.නිරුවතින් ඇවිල්ලා දහසක් දේවල් රැස් කරගෙන හිස් අතින් නික්මිලා යන යන මේ ජීවිතේ අපිට විවිධාකාර පුදුමාකාර මිනිසුන් මුණ ගැහෙනවා.
කාලය ගෙවිලා ගිහින් අපි හැමෝම ඒලෙවල් එග්සෑම් එකටත් මුහුණ දුන්නා.විභාගෙ ඉහළින්ම සමත් වෙලා මාව කැම්පස් එකටත් සිලෙක්ට් වුනා. මගෙ යාලුවා දුලාරිත් කැම්පස් සිලෙක්ට් වුනා.මගෙ හිතේ කැම්පස් යන්න ආසාවක් තිබුනෙ නෑ.ප්‍රශ්න වලට මුහුණ දීලාම මාව හෙම්බත් වෙලා.
මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.එග්සෑම් රිසාල්ට් ආවට පස්සෙ අම්මා මාව ගෙදර එක්කන් ආවා.ඒ වෙන කරන්න දෙයක් නැති කමට.මාව කැම්පස් තේරුන හින්දා අම්මා මට බල කරා කැම්පස් යන්නම කියලා.ඒ මට උගන්නන්න තියන ආසාවකට නම් නෙවෙයි.මාව එයාලා ගාව ඉන්න නිසා.
“දේවාන්ශි……………”
අම්මා මට කතා කරගෙන කාමරේට ආවා.වෙනදා කිසිම දේකට මට කතා නොකරන අම්මා අද ඇයි දන්නෑ මගෙ කාමරේට ආවෙ.මං හොස්ටල් එකේ ඉඳන් ගෙදර ආපු එකට හැමෝම සතුටු වුනා අම්මා ඇරෙන්න.මං මේ ගෙදර ජීවත් වුනේ පිට කෙනෙක් ගානට.අඩුම තරමෙ අම්මා මට නංගියි මල්ලියි එක්ක කතා කරන්නවත් දෙන්නෑ.
මාව දැක්කත් ඇති අම්මාගෙ කේන්තිය වෛරය වැඩි වෙන්න.එතරම් කේන්ති ගන්න වෛර කරන්න තරම් මං අම්මාට කිසිම වරදක් කරලා නෑ.
“ඇයි අම්මෙ?……………”
“කැම්පස් යන්න බැරි නම් මං තමුන්ට තවත් බල කරන්නෑ.ඒත් මට තව දුරටත් තමුන්ව මේ ගෙදර තියා ගන්න බෑ.හෙට තමුන්ව බලන්න මනමාලයෙක් එනවා.ඒ කටයුත්තට කැමති වෙලා තමුන් අපේ ජීවිත වලින් ඈත් වෙලා යනවා…………….”
අනේ දෙයියනේ මං මේ ගෙදර ඉන්න එක අම්මට මෙච්චර වදයක්ද මාව කසාද බන්දලා දෙන්න හදන්නෙ.
“මට කසාද බඳින්න බෑ අම්මෙ.ඔයාට මාව මේ ගෙදරින් පන්නන්න කොහෙත්ම අයිතියක් නැහැ.මේ ගේ අයිති බාප්පටනෙ.ඒත් ඔයා බය වෙන්න එපා මං තව වැඩි කාලයක් මෙහෙ ඉන්න එපා…………..”
“මේ අහපන් දේවාන්ශි,හිතුවක්කාර තීරණ අරන් උඹ පාරට බැහැලා මොනවා හරි වුනොත් මටයි මිනිස්සු ඇඟිල්ල දික් කරන්නෙ.ඉගන ගන්න බැරි නම් උඹව නිකන් මේ ගෙදර තියා ගන්න බෑ.උඹට දැන් අවුරුදු දහනවයක්නෙ.කසාදයක් කරන දෙන එක අම්මා විදියට මගෙ යුතුකමක්…………..”
“උපන්න දා ඉඳලම මට කිසිම යුතුකමක් ඉශ්ඨ නොකරපු අම්මා මගෙ කසාදෙට විතරක් යුතුකම් ඉශ්ඨ කරන්න එන්න එපා.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…………….”
“තොට කොහෙන්ද ඔච්චර හයියක් මට ඔහොම කතා කරන්න.මහ එකා මැරුණ දා ඉදලා මං උඹව හදාගන්න සෑහෙන්න දුක් වින්දා.උඹව ඒවා මතක නෑ.දැන් එනවා මෙතම මාත් එක්ක එකට එක……………”
“අප්පච්චි මැරුණ දවසෙ ඉඳලා මාව කවලා පොවලා නාවලා බලා ගත්තෙ දයාවතී නැන්දා.ඔයා නොමරා ජීවත් කෙරෙව්වට ගොඩාක් පිං අම්මෙ.ඔයා මට මෙහෙම කරන්නෙ ඇයි කියලා මං දන්නෙ නෑ.අම්මා ඉඳලත් මං මෙච්චර කාලයක් ජීවත් වුනේ අනාථයෙක් ගානට.යන්තන් තේරෙන කාලෙ ඉඳලා ඔයා මගෙන් නිදහස් වෙන්න මාව උගන්නන්න කියලා හොස්ටල් එකේ නතර කරා.සමහර නිවාඩු කාලවලත් මං හිටියෙ හොස්ටල් එකේමයි.මාව ගෙදර එක්කන් ආවත් මට සැනසීමෙ නිදහසේ ඉන්න දුන්නෑ.
හැම වෙලේම නොකල වැරදි කියලා මට ජීවත් වෙන එකත් එපාම කෙරෙව්වා.ඔයා යුතුකම් ඉශ්ඨ කරා කියලා කියන්නෙ බෝඩිම් ගාස්තුයි ස්කූල් ගාස්තුයි ගෙවපු එක වෙන්න ඇති.ඒවා නම් අම්මෙ ඔයා ගෙව්වෙ නැතත් කමක් නෑ……………”
වක්කඩක් කඩාගෙන වතුර ගලාගෙන යන්නා සේ දේවාන්ශිගේ මුවින් පිට වූ වදන් නාලනීගේ හිතට ඊතල මෙන් වැදුනා.ඇය සිතුවේ නෑ දේවාන්ශි එලෙස කතා කරාවි කියා.
“එහෙනම් කව්ද ඒවා කරන්නෙ?…………..”
“ඇයි අප්පච්චිගෙන් මට අයිති වෙන්න තියන දේපළ වල ආදායම.ඔයයි බාප්පයි නංගියි මල්ලියි සැප විඳින්නෙ ඒවගෙන්නෙ.මං දන්නවා මං අද මෙහෙමවත් ජීවත් වෙලා ඉන්නෙ අප්පච්චිගෙන් මට යමක් අයිති වෙලා තියන හින්දා කියලා……………”
“මට උඹේ බණ අහන්න වෙලාවක් නෑ දේවාන්ශි.හෙට අර මිනිස්සු ආවම වැදගත් විදියට හැසිරියන්.ඒ කටයුත්තට උඹ අකමැති වුනොත් එහෙම මං උඹව එක මොහොතක්වත් මේ ගෙදර තියා ගන්නෙ නෑ………….”😡
දේවාන්ශිට එලෙස පවසා නාලනී ඇගේ කාමරෙන් පිට වූවාය.ඇයට දේවාන්ශිව පෙනෙන්නට බැරිය.තම කුසින් වැදූ දියණිය වුවත් ඇය දේවාන්ශිට වෛර කලාය.නාලනී ඩේවිඩ් සමඟ විවාහ වූ අලුත ඇය ඔහුට කියා සිටියේ තමාට දැන්ම දරුවෙකු අවශ්‍ය නෑ කියාය. නමුත් ඩේවිඩ් ඇගේ මතයට කැමති වූයේ නැත.පියෙකු වීමට ඩේවිඩ් ආශා කලාය.
අන්තිමට ඩේවිඩ්ගේ බල කිරිල්ලට නාලනීට දේවාන්ශිව බිහි කිරීමට සිදු විය.නමුත් ඇය දේවාන්ශිට මව්කිරි දීම පවා තදබල ප්‍රතික්ෂේප කලාය.ඒ තදබල ප්‍රතික්ෂේප කිරීම් හමුවේ ඩේවිඩ් ඇයට පහර දුන්නේ ඇය ගැන උපන් කේන්තියෙනි.දිනක් දේවාන්ශි බඩගින්නේ කෑ මොර දී හඬනා විටදී ඩේවිඩ් ඉක්මනට දුව ගොස් දේවාන්ශිව දෝතට ගත්තේය. නාලනී සිටියේ බැල්කනියට වී නියපොතු වලට කිව්ටස් ගල්වමිනි.
දේවාන්ශිව ඇඳ මත තබා පාලනය කර ගත නොහැකි කේන්තියකින් නාලනී වෙත ගිය ඩේවිඩ් ඇගේ කෙස් වැටියෙන් ඇද ඇයට හොඳ හැටි පහර දුන්නේ තවමත් මසක් වයසැති කුඩා දියණියට ඇය කරනා වෙනස්කම් උහුලා ගන්නට නොහැකි නිසාය. ඩේවිඩ්ගෙන් ඇයට එල්ල වන පාරක් පාරක් ගානේ ඇය දේවාන්ශිටවෛර කලාය.ඩේවිඩ් මිය ගිය පසු නාලනී දේවාන්ශි දෙස ඇහැක් ඇර බැලුවේ නැත.එදා පටන් මවක් සේ දේවාන්ශිව රැක බලා ගත්තේ නිවසේ මෙහෙකාරිය වූ දයාවතීය.
“කට්ටිය ඇවිත්ද දයාවතී නැන්දෙ?……………”
“ඔව් ලොකු බේබි.ඔය දැන් ආවෙ?……………”
“ආපු හින්දා පල්ලෙහාට යනවා මිසක් මට නම් එපා වෙලා තියෙන්නෙ මෙහෙ ඉන්නත්………….. “
“මේවා ඔක්කොම ලොකු නෝනගෙ වැරදි.ලොකු බේබි දැන් ලෑස්ති වෙලා ඉන්න……………”
එහෙම කියලා දයාවතී නැන්දා කුස්සිය පැත්තට ගියා.මං කාමරෙන් එලියට ඇවිත් පල්ලෙහා සාලෙ දිහා බැලුවා. මනමාලයා කියලා හිතුනු කෙනා හිටියෙ ටිකක් අයිනට වෙන්න.ඒ නිසා හරියකට අඳුරගන්නවත් බෑ.ටික වෙලාවකින් අම්මා මගෙ ඇවිත් අතට හෙප්පුව දුන්නා.
“මේක අරගෙන හිනා වෙලා පලයන්…………..”
මගේ හිතේ බුර බුරා නැගුනු ගිනිදැල් ඇවිලී ගියා.අම්මා හදන්නෙ කසාදයක් කරලා දීලා මාව සතුටින් තියන්න නෙවෙයි මගෙ ජීවිතේ විනාශ කරන්න. හෙප්පුවත් අරගෙන මං සාලෙට ගියා.
“මේ ඉන්නෙ දුවේ මනමාලයා……………”
ඔන්න පටන් ගත්තා අම්මගෙ රඟපෑම. මනමාලයා කව්ද කියලාවත් අඳුර ගන්න බෑ.ඌ මගෙ අප්පච්චිගෙ වයස විතර ඇති කියලා මට හිතුණා.ඒත් මං ගිහින් තියෙන්නෙ මනමාලයා ගාවට නෙවෙයි.අම්මා පෙන්නපු කෙනා ගාවට ගිහින් මං ඌට බුලත් හෙප්පුව දීලා දණ ගහලා වැන්දා.
ඔහොම ඉන්න එපා.මොකක් හරි කරපන් දේවාන්ශි මුන්ට උඹව එපා වෙන්න…..මගෙ හිත කෑ මොර දීලා එහෙම කිව්වා.එවලෙම වගේ නංගි බීම බන්දේසියකුත් අරන් ඇවිත් ස්ටූල් එක උඩින් තියලා අනික් අයට නොපෙනෙන්න මට ඇහැක් ගහලා මං ගාවට ආවා.
“ඔයා ඕකෙන් බීම බොන්න එපා අක්කෙ………….”😁😁
නංගි මගෙ කනට කරලා එහෙම කියලා අම්මා ගාවින් වාඩි වුනා.
“දෙන්නත් එක්ක එලියට ගිහින් ටිකක් කතා බහ කරන්න…………..”
හිනාවෙමින්ම මනමාලයගෙ තාත්තා කියලා හිතන්න පුලුවන් කෙනෙක් එහෙම කිව්වා.මනමාලයා පුටුවෙන් නැගිටලා මටත් ඔලුවෙන්ම කතා කරගෙන එලියට ගියා.මාත් එයා පස්සෙන්ම ගිහින් බංකුවෙන් වාඩි වුනා.
“ඔයාගෙ නම මොකක්ද?…………..”
“දේවාන්ශි…………..”😡
“මොකද නිකන් තරහින් වගේ?ටිකක් හිනා වෙලා ඉන්නකෝ.මම ඔයාව මීට කලින් දැකලා තිබ්බා.ඒ හැබැයි ෆොටෝස් වලින්.මගෙ නම විරේන් සචින්ත………………”
එයා එහෙම කියලා මට අත දික් කරා. මං සද්දෙ නැතුව අහක බලාගෙනම හිටියා.ඊට පස්සෙ එයා අත අහකට ගත්තා.
“ඔයා ඇයි මේ තරහින් වගේ ඉන්නෙ?……………”
“මං දන්නෑ.හැබැයි මං එකක් කියන්නම් මිස්ටර් විරේන්.මං මේ කසාදෙට කැමති නෑ එච්චරයි.ආයෙ මගෙ තීරණේ වෙනස් වෙන්නෙ නෑ.ඔයාලා ආපහු ගෙදර යන්න……………..”
අවසන් නිවේදනේ දීලා මං ගේ ඇතුලට ආවා.
උඹව කැමති කර ගන්න හැටි මං දන්නවා දේවාන්ශි.ඔහොම ඉවසලා හිටපන්කො.උඹ මේ විරේන් ගැන දන්නෑ තාම.දවසක උඹේ කටින්ම අයි ලව් යූ විරේන් කියලා කියයි.
කට කොනකින් හිනා වෙලා එහෙම හිතපු විරේන් ගේ ඇතුලට ආවා.
“ආන්ටි අපි යමුද?මට හදිස්සි වැඩක් තියනවා……………”
විරේන් එහෙම කිව්වා.එතකොට මේ ඉන්නෙ විරේන්ගෙ අම්මයි තාත්තයි නෙවෙයිද?කට්ටිය හිටියේ ඈනුම් ඇර ඇර.නිදිමතෙන් වගේ.මං නංගි දිහා බලනකොට එයා මට ඇහැක් වහලා ඉඟි කරා.මට එතකොටයි වැඩේ තේරුනේ.නංගි බීම වකට නිදිපෙති කලවම් කරලා වගේ.මට හිත යටින් දැනුනේ මාර සන්තෝශයක්.
“අයියෝ ඇයි පුතා.ලන්ච් එක රෙඩි කරනකල් ඉන්නකො……………”
“කසාදෙට අකමැතියි කියලා කියද්දී තව මොකටද ලන්ච් ගන්නෙ?අපි යමු ඇන්ටි…………..”
“කව්ද කිව්වෙ කසාදෙට කැමති නෑ කියලා.අපි මේකට කැමතියි…………..”
“තමුන්ගෙ දුව කිව්වෙ අකමැතියි කියලා…………..”😠
අම්මා නපුරු විදියට මං දිහා බැලුවා.මං අහක බලා ගත්තා.මෙයාලා ගියාම අම්මා මාව ගෙදරින් එලවලාම දායි.
“මං මේකට කැමති නෑ එච්චරයි.ආයෙ මට බල කරන්න එපා.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…………..”
අම්මා ගාවට ගිහින් එහෙම කියලා මං මගේ කාමරේට ගියා.ආපු හැමෝම ගියාට පස්සෙ අම්මා මං ගාවට ඇවිත් මගෙ කොණ්ඩෙන් ඇදලා අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.
“තොට තවත් බෑ මේ ගෙදර ඉන්න. දැන්ම පලයන් යන දිහාවක.අර මිනිස්සු ඉස්සරහ අපේ නම්බුව කෑවා බැල්ලි…………”
“ඔව් අම්මෙ මං යනවා.හැබැයි ඒ නිකන් නෙවෙයි.අප්පච්චි මගෙ නමට ලියපු නුවරඑළියෙ ගෙදර ඔප්පුව මට ඕනි.අම්මා ඒක මට දෙනවද?නැත්නම් පොලීසියෙන් එක්කන් ඇවිත්ම මං ඒක ගන්නද?…………..”
යකෙක් වගේ මං දිහා බලන් හිටපු අම්මා හයියෙන් හුස්ම අරගෙන එයාලගෙ කාමරේට ගිහින් ඔප්පුව අරන් ඇවිල්ලා මට දුන්නා.අප්පච්චි මට ඒ ගේ ලියලා නොතිබ්බා නම් මට බහින්න වෙන්නෙ පාරට.
“ආ ගනින් ඔප්පුව.දැන්ම පලයන් මෙහෙන්.මීට පස්සෙ උඹට මේ ගෙදර පස් පාගන්නවත් බෑ තේරුනාද?…………..”
මං ඇඳුම් බෑග් එකත් අරගෙන පල්ලෙහාට එද්දී දයාවතී නැන්දත් බෑග් එකක් අරන් පහලට ආවා.දයවතී නැන්දා කොහෙද මේ යන්නෙ.
“ලොකු බේබි…..මාත් එනවා ලොකු බේබිත් එක්ක යන්න.අම්මා නැති අසරණියක් වගේ ලොකු බේබිට ගෙදරින් එලියට බහින්න දෙන්න බෑ. ලේ කිරි කරලා නොපෙව්වට මගේ කුසින් නොවැදුවට මං පුංචි බේබිව උපන්න දා ඉඳලාම බලාගත්තෙ මගෙ ඇස් දෙක වගේ.ගෑණු ළමේක්ව මේ විදියට ගෙදරින් එලියට දාන්න අම්මා කෙනෙකුට පුලුවන්ද?තුක් නොදකින් මේ වගේ අවලං ජරා ගෑණු……………”
දයාවතී නැන්දා අම්මට එහෙම බනිද්දී කෝපාවිශ්ඨ වූ අම්මා හැදුවේ දයාවතී නැන්දට ගහන්න.ඒත් මං අම්මගෙ අත ඇල්ලුවා.මට බෑ දයාවතී නැන්දට ගහන්න දෙන්න.
මගේම අම්මා මාව ප්‍රතික්ෂේප කරද්දී දයාවතී නැන්දයි මාව හදා ගත්තෙ.ඇයයි මගේ අම්මා කියලා කියන්න පුලුවන්.අම්මට මං වැන්දත් එයා අහකට වුනා.බාප්පා නම් මගෙ ඔලුව අතගාලා එයාගෙ පපුවට මාව හේත්තු කරගෙන කඳුලු හැලුවා. නංගියි මල්ලියි මට වැන්දා.එයාලා දෙන්නගෙ ඇස් වලත් කඳුලු.එයාලා දෙන්නගෙ ඔලුව අතගාලා මං දයාවතී නැන්දා දිහා බැලුවා.
“අපි යමු දයාවතී නැන්දෙ…………….”
මං දයාවතී නැන්දත් එක්ක එලියට එද්දී ගේට්ටුව ගාවට බාප්පා දුවගෙන ආවා පාර්සලේකුත් අතේ තියාගෙන.
“ඇයි බාප්පෙ?…………..”
“මේ වගේ දෙයක් වෙයි කියලා මට හිතුණා පුතේ.දයාවතී,දේවාන්ශිව හොඳට බලා ගන්න.මේක තියා ගන්න පුතේ…………….”
“මේ මොනවද බාප්පෙ?……………”
“මේකෙ සල්ලි වගයක් තියනවා.මේවා මිස්ටර් ඩේවිඩ්ගෙ සල්ලි.මේවා අයිති ඔයාට.දැන් යන්න…………….”
බාප්පා දීපු ලක්ෂ තිහත් අරගෙන මායි දයාවතී නැන්දයි නුවරඑළියට පිටත් වුනා.අද ඉදන් ජීවිතේට ඉර පායයිද?
මතු සම්බන්දයි