අනේ එපා අප්පච්චි.පොලීසි නම් යන්න එපා.එහෙම වුනොත් ඌ ඒ ෆොටෝ හැම කෙනාටම පෙන්නයි.මට සිය දිවි හානි කරගන්නයි වෙන්නෙ.අනික, පොලීසි ගියා කියලා මට නැති වෙච්චි දේවල් ආපහු ලැබෙන්නෑනෙ……………….”😭😭
අම්මාගේ පපුවට තුරුල් වෙමින් මම අඬමින්ම අප්පච්චීව පොලීසි යෑමෙන් වළක්වන්නට හැදුවා.අම්මාගේත් මගේත් බල කිරිල්ල නිසා අප්පච්චි ඒ නරුම මිනිහාට විරුද්ධව පොලීසි ගියෙ නෑ.අප්පච්චී කොහොම හරි ඒ අපරාධකාරයාව හොයා ගන්නවා කියලා ස්ථීර අධිශ්ඨානයකින් පැවසුවා.
“ඒ මිනිහාව හොයා ගත්තා කියලා අපි මොනවා කරන්නද උදයන්ත?අපේ කෙල්ලව භාර ගන්න කියන්නද?එහෙම වුනොත් ඌ මේ අහිංසකීව මරලා දායි. උගෙන් පලි ගත්තා කියලා අපේ දුවට යහපතක් වෙන්නෑනෙ.
මේ සිද්ධිය පිටට දැන ගන්න ඉඩ තියන්න එපා.එහෙම වුනොත් එහෙම ඒක අපේ දුවට හොඳ නෑ……………….”😭😭
අම්මාගේ ඒ වදන් වල ඇත්තකුත් තියනවා කියලා අප්පච්චී තේරුම් ගත්තා.ඒ අපරාධකාරයා හොයා ගත්තා කියලා දැන් වැඩක් වෙන්නෙ නෑ. නීතියෙන් ඌ ගැලවුනත් මට මේ කරපු දේට ඌට දෙවියන්ගෙන් හරි දඬුවම් ලැබෙන්න කියලා අම්මයි අප්පච්චියි ප්‍රාර්ථනා කරා.ඒ මිනිහා මොන තරම් තිරිසන් හිතක් තියන නරුමයෙක් වෙන්න ඇත්ද.
ඇස් දෙකම පේන්නැති අවුරුදු දාසයක කෙල්ලෙකුගෙ ජීවිතේ විනාශ කරන්න තරම් ඌ පාපිෂ්ඨයෙක් වුනේ කොහොමද?මගෙ එක ඇහැක් හරි පෙනුනා නම් මට ඒ මිනිහාව අඳුර ගන්න තිබුනා.
එදා ඒ සිද්ධියෙන් පස්සෙ අම්මයි අප්පච්චියි මං ගැන තිබුනු අවධානය තවත් වැඩි කරා.අපි අපේ පදිංචිය පවා වෙනස් කරා.අප්පච්චිගෙ යාලුවෙකුගෙ මාර්ගයෙන් ටිකක් දුර ප්‍රදේශයක පදිංචියට ආවා.අම්මා කිසිම මොහොතක මාව තනි කරේ නෑ.අම්මා අඳුරන ගෑණු කෙනෙක්ව නිවසේ වැඩට ගත්තා.මහා ලොකු වැඩක් කරන්න නොතිබුනත් ඒ ගෑණු කෙනා නිවසේ වැඩ කරද්දී අම්මා මං ගැන බැලුවා.
මේ විදියට දින සති ගනන් කාලය ගෙවිලා ගියා.ඒ සිද්ධිය වෙද්දි මට අවුරුදු දහ අටයි.ඒ කියන්නෙ ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ.හැම පෝයකටම අම්මයි අප්පච්චියි මාව පන්සල් එක්කන් යනවා.ඒත් එක මාසෙක අපිට පන්සල් යන්න බැරි වුනා. ඒත් අප්පච්චි මට පොරොන්දු වුනා ඊගාව දවසෙ මාවයි අම්මවයි ඇවිදින්න කොහෙ හරි එක්කන් යනවා කියලා.
ඉතින් අප්පච්චි ඒ පොරොන්දු වුන විදියටම පෝය තිබුන දවසට දවස් තුනක් හතරක් විතර පහු වෙලා අපි තුන් දෙනාම නුවර යන්න පිටත් වුනා. එදා පාන්දරම පිටත් වුනු නිසා උදෙන්ම අපි තුන් දෙනාම දළදා මාලිගාව වැඳලා පේරාදෙණිය මල් වත්තට ආවා.මට හොඳට මතකයි ස්කෝලෙ යන කාලෙ පහ වසරෙදි අපි පේරාදෙණිය මල් වත්ත බලන්න එක්කන් ආවා.
එදා ඇස් දෙකට දැකපු මල් වත්තෙ ඒ සුන්දරත්වය එදා දැක ගන්න මගෙ ඇස් පිං කරලා තිබුනෙ නෑ.සුදු සැරයටියේ ආධාරයෙන් මං අම්මගෙ අතක එල්ලිලා ගමන් කරා.මල් වත්තෙන් එද්දී දවල් දෙකහමාරයි කියලා අප්පච්චී කිව්වා.වඩේ සුවඳක් ආපු හින්දා මං අප්පච්චිට කිව්වා වඩේ කන්න ආසයි කියලා.අප්පච්චී වඩේ ගන්නකල් අම්මා මාව් ළඟ තිබුනු බංකුවල වාඩි කෙරෙව්වා.
“දුව ඔහොම පොඩ්ඩක් ඉන්න.මං ටක්ගාලා එන්නම්………………”
එහෙම කියලා අම්මා මං ගාවින් අහකට ගියා.විනාඩි දහයක් විතර ගියා අම්මාවත් අප්පච්චීවත් ආවෙ නෑ.මං සැරයටියේ ආධාරයෙන් ඉස්සරහට ගියා.ඒත් මට හරියකට පාර හොයාගන්න බැරි වුනා.එකපාරටම මහ හයියෙන් වාහනේක හෝන් සද්දයක් ඇහුනා.
කලබල වෙච්චි පාරට මට මොකුත්ම කර ගන්න බැරි වුනා. අම්මා දුවේ කියලා කෑ ගහන සද්දෙ ඇහුනා.මං ඉස්සරහින් ආපු බස් එකට මාව හැප්පිලා විසික් වෙලා පාරෙ තාර දාපු බැරල් එකක මූණ ගෑවිලා.මං යටි ගිරියෙන් කෑ ගහගෙන නැගිටිද්දී අම්මා ඇවිත් මාව අල්ල ගත්තා.මුලු මූණම පිච්චිලා දැවිල්ලයි අල්ලන්නවත් බැරි වුනා.
හොස්පිටල් ගෙනිච්චත් මගෙ මූණ තිබුනු තත්වෙට ගන්න බැරි වුනා.දවස් ගනන් ගෙවිලා ගියා.මාව හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආවත් මගෙ මූණෙ තුවාල එහෙම්මම තිබිලා.එක අතකින් මට සැනසීමකුත් දැනුනා පිච්චිලා විකෘති වුනු මගේ මූණ දකින්න බැරිවෙන්න මගේ දෑස් පෙනුනෙ නැති නිසා.ඒත් මගෙ අතේ ඇඟිලි වලට දැනුනා මගෙ මුහුණ ගොඩාක් කැත වෙලා කියලා.
ඊට මාස තුනකට පස්සෙ අම්මයි අප්පච්චි මාව සිංගප්පූරුවෙ පෞද්ගලික රෝහලකට ගෙනිච්චා.ඒ මගෙ මුහුණ යලිත් තිබුනු තත්වෙට ගන්න නම් ප්ලාස්ටික් සැත්කමක් කරන්න ඕනි කියලා වෛද්‍යවරු නිර්දේශ කරපු නිසා.දින කිහිපයකට පසුව මාව ඒ රෝහලේදී ඉතාමත් සාර්ථකව එම සැත්කමට මුහුණ දුන්නා.
ඉන් මගේ මුහුණ ඉතාමත් ලස්සන පෙනුමක් ලැබුනු බව අම්මාත් අප්පච්චීත් ප්‍රකාශ කරා.මං හිටියෙ ගොඩාක් සතුටින්.අනේ කොහොම හරි මගෙ ඇස් දෙකත් සනීප කරගන්න ලැබුනා නම් කොච්චර දෙයක්ද?මගේ හිතට ඒ බලාපොරොත්තුව ඇතුල් වුනා.ලංකාවට ඇවිත් අම්මයි අප්පච්චියි මගෙ ඇස් දෙක සනීප කරගන්න සෑහෙන මහන්සි වුනා.
මාව ලංකාවේ හැම ඩොක්ටර් කෙනෙක්ටම පෙන්නුවා.ඒ හැම ඩොක්ටර් කෙනෙක්ම වාගෙ කිව්වෙ ඇස් බද්ධ කිරීමක් කරන්න වෙයි කියලා.එහෙම නැතුව මගෙ ඇස් සනීප කරගන්න බෑ කියලා ඩොක්ටර් කිව්වා.
අන්තිමට මට ඇස් දෙකක් ලැබුනා.මට ඇස් දෙක දන් දීපු ඒ මිය ගිය කෙනාට මං පිං දුන්නා.කොළඹ ජාතික අක්ෂි රෝහලේදී මගෙ ඇස් බද්ධ සැතකම සිදු කෙරුනා.
යලිත් වර්ථමානයට👇👇👇🔥
“අම්මෙ අපි දැන් ගෙදර යනවා නේද?…………….”
“ඔව් දුවේ.මගෙ දුව දැන් කිසිම දේකට බය වෙන්න එපා.අවුරුදු ගානකට පස්සෙ ඔයා දැන් මේ ලෝකෙ හැම ලස්සනක්ම දකිනවනෙ.ඔයාගෙ ඇස් දෙක සනීප කරගන්න ලැබුනු එක ලොකු දෙයක් දුවේ.අපිට මීට වඩා වෙන සතුටක් නෑ……………….”
හොස්පිටල් එකෙන් ටිකට් කපාගෙන අම්මයි අප්පච්චියි මාව ගෙදරට එක්කන් ආවා.අපි මේ ගෙදරට ඇවිත් දැන් අවුරුදු තුනකට කිට්ටුයි.මං ගෙදර හැම තැනකම ඇවිදලා බැලුවා.
වෙනදා කලුවරේ අතපත ගගා ඇවිදපු ගෙදර අද මං ඒ ලස්සන මගෙ ඇස් දෙකෙන්ම දකිනවා.කනට ඇහෙන දේවල් විතරක් රස විඳපු මන් අද ඒ හැම දෙයක්ම මං සැබෑවටම දකිනවා.කියලා නිම කරගන්න බැරි තරම් සතුටක් හිතට ආවෙ.
“පුතේ එන්න තේ බොන්න……………….”
“අම්මෙ මේක නේද මගෙ කෝප්පෙ?……………..”
“ෂා……ඔයා කොහොමද අඳුර ගත්තෙ ඒකමයි කෝප්පෙ කියලා?……………..”
“මට දැන් ඇස් පේනවනෙ……………..”
ආඩම්බරකාර සිනහවකින් මුව සරසාගෙන මං එහෙම කියලා අම්මගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා.
“ඔයා දැන් ලොකු ළමේක් දුව.හුරතල් වෙන වයසක් නෙවෙයි තේරුනාද?………………..”
“ආ මං තාම පොඩි එකෙක්නෙ………………..”🙂
“හොඳ පොඩි එකා.තව මාස තුනකින් ඔයාට අවුරුදු විස්සයි.මහීමා නිම්නාදිනී දැන් අවුරුදු විස්සක තරුණ දුවෙක්……………….”
“අනේ ඒ වුනාට මට නම් දැනෙන්නෙ අම්මා මං තාම පුංචි එකෙක් කියලා…………….”
“අපිට නම් හැමදාම ඔයා අපේ පුංචි දුවම තමයි.ඒත් දැන් ඔයා කසාද බඳින්න ඕනි වයස තේරුනාද?……………….”
එසේ පවසමින් අම්මා අප්පච්චීගේ තේ කෝප්පය රැගෙන කාමරේට ගියා. කසාද බඳින්න😥😥මං……මං කොහොමද කසාද බඳින්නෙ?අවුරුදු තුනකට කලින් වෙච්චි දේවල් අම්මා කොහොමද අමතක කරේ?මගෙ අප්පච්චී ලෝයර් කෙනෙක් වුනාට එයාගෙ එකම දුවව කොහොමද වැදගත් මිනිහෙකුට කසාද බන්දලා දෙන්නෙ?
කොච්චර සල්ලි බාගෙ තිබුනත් ලොකුවට දෑවැද්දක් දුන්නත් කසාද බඳින මනුස්සයා ඉස්සරහ මට ඔප්පු කරගන්න පිරිසුදු කමක් ඉතුරු වෙලා නෑ.එදාට සිද්ද වෙන්නෙ මට ලෝකයා ඉස්සරහ අසරණ වෙන්න ලැජ්ජාවට පත් වෙන්න.ඊට වඩා හොඳයි සදාකාලිකව තනිකඩව ඉන්න එක.රැක ගන්න දෙයක් ජීවිතේ තවත් මට ඉතුරු වෙලා නෑ.
තේ එකෙන් බාගයක් විතර බීලා ඉතුරු ටික සින්ක් එකට හලලා කෝප්පෙ හෝදලා මං කාමරේට ආවා.ඇස් දෙක සනීප වුනි සතුට එහෙම් පිටින්ම මගෙ හිතින් ඈත් වෙලා ගියා කියලා මට දැනුනා.අම්මයි අප්පච්චියි මාව කසාද බන්දලා දෙන්න හදයිද කවදා හරි කාට හරි?
“ආ ඔයා කාමරේට ආවද?මං මේ හැම තැනකම බැලුවා දූ කොහෙද කියලා?……………..”
“කම්මැලි හිතුණා අම්මෙ.ඒකයි කාමරේට ආවෙ?කෝ අප්පච්චි?……………….”
“අප්පච්චි තේ බොනවා.දූ මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නෙ?………………..”
ප්‍රශ්න ඇති වෙන්න කලින් අම්මට මේ ගැන කියන්න ඕනි කියලා මට හිතුණා.
“අම්මෙ…..මාව……මේ………………”
“ඇයි දූ?ඔයා මොකක්ද කියන්න හදන්නෙ?……………….”
“අම්මෙ මං ඔයාලා දෙන්නත් එක්කම හැමදාම ඉන්නවා.මාව කාටවත් කසාද බන්දලා දෙන්න හදන්න එපා.ඒක කවදාවත් සිද්ද වෙන දෙයක් නෙවෙයි…………………”
අනුකම්පාවෙන් මගෙ මුහුණ දිහා බලන් හිටපු අම්මා සුසුමක් හෙලලා මගෙ ඔලුව අත ගෑවා.
“ඒ දේවල් සිද්ද වුනේ ඔයාගෙ වැරැද්දෙන් නෙවෙයිනෙ මගෙ දුවේ.ඒත් ඔයාගෙ අනාගතේ අඳුරු වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ.හැම දෙයක්ම හොඳින් විසඳෙයි……………….”
නැවත හමුවෙන තුරු විරාමයකට