ඒයි….. නැගිටිනව… මගුල….”
“ඕයි… කන් ඇහෙන්නැද්ද තමුසෙගෙ.. අපි ඇවිත් ඉන්නෙ.. නැගිටපන්….”
රන්දෙව් කාරයේ කොණක නින්දට වැටී වුන් දේදුණු තදින්ම සෙලවීය. කෙල්ල ගැස්සුනේ ඔහුගේ හඩටය. ඈ කොහොමත් ඒ හඩට බියය. පලාතම දෙදුරුම් කමින් ඔහු කෑ ගසනු අසන්නට ඈ බියය. කරුමයක මහත. ඈ උන්නේ නිදාගෙන නොවේ. ඇගේ මතක අස්සේ අතීතය පුරාම සැරිසරමිනි. ඒ හෙයින් ඈට රන්දෙව්ගේ කටහඩ නෑසුණු තරම් ය.
“ශික්.. මෙහෙමත් ගෑණු.. අම්මලත් මගුල් කතා කරා මෙහෙම ගෑණුන්ට.. කාලකණ්ණි ගෑනු අෆ්ෆ.. ඕයි නැගිටිනවහ්හ්හ්…. රෙද්ද….”
“සර්…. මං නැගිටල හිටියෙ.. අනෙ සර් කෑ ගහන්න එපාහ්හ්හ්… මිනිස්සු බලනව…”
“බලපුවාවෙ රෙද්ද… ගෑණි දැන ගන්න ඕනා සිහියෙන් එන්න.. මෙතන පත බෑ වෙලා නිදි.. මමද හෝටලේ තපින්න ඕනා තනියම.. මරු හනිමූන් ආපු හැටි…”
“අනේ හරි සර්.. කෑ ගහන්න එපා… අනේ වදින්නම් සර් කෑ ගහන්න එපාහ්හ්….”
දේදුණු රන්දෙව් දෙස බැලුවෙ බියට පත්වීය. කාරයේ ඉදිරිපස අසුනේ වුන් පියදාස ඩයිවර් ද මේ යුවල දෙස බැලූයේ ප්‍රශ්නාර්ථයක් මුව රදවාගෙනමය.
“අම්මෝහ්හ් මෙහෙම තරහක්.. රන්දෙව් සර්ට මොන යකා වැහිලද මංද…කසාද බැදල ගෙදරට ගේන ගෑණිට ඔහොම කෑ ගහනවද දෙයියනෙ.. පව් අර අහිංසක නෝනා…”
ඔහු හිතුවෙ එහෙම්මමය.
“නෝනා නම් මාර සී දේවි. සර්ගෙ නපුරු කමට නෝනා ගැලපෙයිද කියල තමා දන්නැත්තෙ.. සර්ටයි නෝනටයි හොදනම් අපට මොකෝ…”
පියදාස මුමුණා ගත්තේ හිමි හිමින් කාරයෙන් පිටතට බැසි දේදුණු දෙස බලමිනි.
“මෙහෙ එනව ඉක්මනට.. හවස් වෙලා හොදටම. මට මහන්සි යකෝ….”
“සර්ර්… හරි හරි සර්.. කෑ ගහන්නෙපා මං එන්නම්…”
සාරියත් උස්සාගෙන දේදුණු රන්දෙව් පසුපස ඇදුනාය. ඔහුගේ වේගවත් දිගු පියවර ඈට අල්ලාගත නොහැකි හෙයින් ඕ ඔහු පසු පස ඇදුනේ සාරියත් උස්සාගෙන දුවමිනි.
“මගුලෙ සාරිය… මේ රෙද්ද උස්සන් අර මනුස්සය පස්සෙ කෝම දුවන්නද මං.. අත්තම්මගෙ බල කිරිල්ලටයි සර්ගෙ අම්මයි තාත්තයි කියපු හින්දයි සර් ව බැන්ද මිසක්…”
“අනේ දෙයියනේ.. මිනිස්සුත් බලනව.. මේ මනුස්සයට ඒක තේරෙන්නෙවත් නෑ.. සර්ගෙ හැටිනෙ කොහොමත්….”
“ඒයිහ්හ්හ්හ්…..”
ආයෙම රන්දෙව් මරහඩ දෙයි.
“ඕඔ ඉන්න සර් මං එනව…”
“ඕයි…..”
රන්දෙව් හෝටල් පිවිසුම අසලදී දෙදුණුගේ බාහුව මිරිකා අල්ලා ගත්තේ දැඩිවය. ඔහුගේ ග්‍රහණයට නතුවු දේදුණු ඇඹරුනේ වේදනාවටමය. ඔහුගේ දෑතට දේදුණුගේ සුදු කෙට්ටු බාහු මදි තරමටය. ඈ කෙදිරිලි හඩින් ඔහු ඇමතූයේ බියටය.
“ආහ්හ්හ්….. රිදෙනව සර්…. අනේ සර්… රිදෙනව….”
“ඕයි මේහ්හ්හ්හ්හ්…. සර් සර් ගාන්න ලැජ්ජ නැද්ද යකෝ.. මිනිස්සු හිතයි මං තමුසෙව බලෙන් බැන්ද කියල.. මරන්ඩ ගෙනියනව වගේනෙ රෙද්ද…”
“අනේ සර්… සර්ට කොහොමද.. මං….”
“උඹට සර් කියන්න බෑනම් රන්දෙව් කියනව රෙද්ද සර් කියල ආයෙ කිවෝත් දත් ඇන්දම බඩට යන්ඩ ගහනව දැනගනිම්.. මෙහෙ එබව දැන්…”
කදුලු පිරුණු බොල ඇස් දෙස බලා මදක් පසුබා ගිය රන්දෙව් කෙල්ලගෙ බාහුව අත හැරියේය. ඔහුගේ ඇගිලි පහරවල් ඇගේ අතේ රත් පැහැයෙන් කැටයම් වී ඇති අයුරු ඔහුට පෙණී ගියේ අහම්බයකිනි. හෙමින් හෙමින් සාරියත් උස්සාගෙන එන කෙල්ල දෙස ඔහු හොරෙන් බැලීය.
“එනව මෙන්න මෙහෙ….”
හෝටල් කාමරයේ දොර හැරි ඔහු අවසානෙට ඈට කීවේය.
“මෙන්න මෙහෙ එනව නලවන්නැතිව.. “
ඈ කාමරයට වැදුනේ බියෙනි. කාමරයේ කොනක වූ විශාල ජනේලයෙන් සුන්දර හන්තානයේ විශාල ප්‍රදේශයක් පෙනේ. සද යන්තමින් මීදුම් අතරින් පායා එයි. හෝටලයේ නානාවිද විදුලි බුබුලු ආලෝකය දෙස ඕ බලා උන්නේ ආසාවෙනි. වෙහෙසකර මංගල දිනයකට පසු ඕ නිදහසේ හුස්මක් ගත්තාය. රන්දෙව් තවම දුරකතනයේය. ඈට ඔහුට කතා කරන්නටවත් බියය.
” රන්දෙව් සර් ෆෝන් එකේ.. මං කතා කරන්න ගිහින් බනීවිද මංද….”
“සර් ගැන මුකුත්ම නොදැන අත්තම්ම නිසා මං කැමති උනේ.. මොනව කරන්නද අද ඉදල මගෙ මහත්තයා මෙයානෙ.. මෙයා කියන විදියට ඉන්නව ඇරෙන්න මං මොනා කරන්නද…”
“සර්…..”
“ඕයි.. මං සැරයක් තමුසෙට කීව. රන්දෙව් කියන්න බැරි කටේ පිට්ටුද..”
“ආයෙ මගෙ මූණ දිහා බලන් ඉන්නව.. මගුල.. තමුසෙ මුලු රෑම ඔය මගුලෙ සාරිය ඇදන් ඉන්නද කල්පනා කරන්නෙ…”
“ආයෙ බලන් ඉන්නව මගෙ මූනෙද වොශ් රූම් එක තියෙන්නෙ….”
“නෑහ්හ්හ්…..”
බැනුම් කෝටියකට පසු ඕ කතා කලාය.
“සර් නාගන්නෙ නැතිනම්….”
“හා හා යනව යනව.. මං පස්සෙ නාගන්නම්…”
රන්දෙව් කෙල්ලගෙ මූණ දෙසවත් නොබල කීවේය.
“අම්මලගෙ උවමනාවට කරේ එල්ලුවනෙ මගුලක්.. නිදහසේ ඉන්න තියෙන කාලෙ.. ශික්.. එන්ජෝයි කරල ඉන්න තිබ්බ…”
ඔහුට කියවුනේ එහෙම්මමය. ඈ හෙමි හෙමින් නාන කාමරයට ඇදෙනු ඔහු නෙත් කොනෙන් බලාගෙනය. දාඩිය නිසා ටයි පටිය බුරුලට ඇද ගත් ඔහු යුගල යහන මත අත්පා විදහා ඇල වුනේය.
“සර් අනේ මංද.. ඔහොම මූණට පනින්නෙ මං හරියට එයාව බැදගත්ත වගේනේ… “
“සර්ට කෙල්ලෙක්වත් ඉන්න ඇති.. ඒකබෙ ඔය තරහ.. අනේ මංද.. මොනව වෙයිද මංද…”
සාරිය ඇගෙන් පන්නාගන්නට වෙර දරමින් ඕ සිතුවාය. වතුර සීතලය. නාගන්නටම ඈට හිතය. ඊට පෙර හැට්ටය ගලවා ගත යුතුය. පිටුපසින් ඇති බොත්තම් පේලිය කෙසේවත් ඈට උදව් නැතිව ගලවා ගත නොහැකිය.
“ශික් මේව මහන උන් දැනගන්න ඕනා ගලවන්න පුලුවන් විදියට මහන්න…”
ඕ ඒ මේ අත ඇඹරුනේ බොත්තමක් හෝ බුරුල් කර ගන්නටය. අවසානයේ ඕ පැරදුනාය.
“සර්ර්…….. අනේ රන්දෙව් සර්….”
දොර අතරින් ඔලුව දැමූ ඈ ඔහු ඇමතුවාය.
“ඇයි යකෝ ඒ පාර..”
“පොඩි උදව්වක් සර්…”
“ඇයි දැන් තනිද… මට කියන්නෙ නානකන් බලන් ඉන්න කියලද…”
“අනේ නෑහ්හ් සර්.. අනේ හැට්ටෙ…”
“ඇයි හැට්ටෙ මොකද්ද දැන්… මගුල ඕව ගෑණු මොකට අදිනවද මංද…”
“හ්හ්හ් හැට්ටෙ බොත්තම් පන්නල දෙන්න පුලුවන් ද …”
ඔහු ඉවත බලාගෙනය. රැවුල ශේප් කල සුදු මූණ පුරා හිනාවක සේයාවක් නැතිය.
“නපුරු කම…”
ඈට හිතුනේ එහෙමය.
“අන්තිමට කාටවත් සෙකන්ඩ් නොවුනු මේ රන්දෙව් ට ගෑණියගෙ හැට්ටෙ බොත්තම් ගලවන්න උනානෙ… මෙහෙ එනව මගුල…”
අකමැත්තෙන් ඔහු හිමි හිමින් ඇගේ හැට්ටේ බොත්තම් පැන්නුවේය. විවර වූ හැට්ටය අතරින් පෙනෙන චීස් පැහැ පිට රන්දෙව් යන්තමින් දිටීය.
“අනේ පින් සර්….”
“මට ඕනා පිනක් නෑ… මං යනව කෑම ඕඩර් කරල එන්න මට බඩගිනි…”
“ද්දඩ්ඩාස්ස්ස්ස්…..”
ඈ පිලිතුරු දෙන්නටත් පෙර ඔහු කාමරයේ දොර මහ හයියෙන් ඇදගෙන කාමරයෙන් පිටවිනි.
හැට්ටය පපුව මත අතින් රදවාගත් දේදුනු එහෙම්මම බලා වුන්නේ ගල් ගැසුනු සිතෙනි.
………..ඊලග කොටසින් ….
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අලුත් නවකතාවෙ පලවෙනි කොටස මෙහෙම තමා පටන් ගත්තෙ යාලුවනේ. මොකද ඔයාල කියන්නෙ. ඔයාලගෙ ප්‍රතිචාර උඩ කතාව ගෙනියන්නම්.. හොදද බලන්නකො..වෙනස්ම විදියෙ කතාවක් ලියන්න උත්සහ කරනව. රන්දෙව්ගෙයි දේදුණුගෙයි කතාව *