කුඩා සියුම් බටයක් දිගේ රූටා එන සේලයින් බිංදු අතට සම්බන්ද කර ඇති කටුවකින් සිරුරට එක් වනු මට දැනෙයි.නාසයට දැනෙන බෙහෙත් ගඳ නිසා හිසරදයක් පවා දැනෙයි.රෝහලේ හෙදියන් හා ලෙඩුන්ගේ කටහඬවල් හතර අතින්ම ඇසේ.තව සුලු මොහොතකින් වසර ගනනාවක් තිස්සේ මාගේ සිතෙහි හට ගත් ප්‍රාර්ථනයක් ඉටු වෙයි.

එම ප්‍රාර්ථනාව මගේ සිතේ පමණක් නොව මගේ අම්මාගේත් තාත්තාගේත් සිත් තුළ ඇති වූ ප්‍රාර්ථනයකි.එය අද සැබෑවක් බවට පත් වෙයි.ජීවිතයේ සිදු වූ සෑම සිදු වීමක්ම මතකයට නැගෙනා කල එය රූපරාමු ලෙස පමණක් මගේ සිතේ ඇඳෙයි.එය වර්ණයෙන් දැකීමට මගේ දෑස් එකල පිං කර තිබුනේ නැත.ඒ මා දෑස් අඳ යුවතියක් වූ බැවිනි.

මා උපතින්ම අන්ධයෙකු නොවෙයි.ඉපදී වසර දොළහක් යන තුරු මාගේ දෑස් අන් අයගේ මෙන් හොඳින් පෙනුනි. මාගේ දොළොස් වන උපන් දිනය දා සිදු සිදු වූ රිය අනතුරක් නිසා මගේ දෑස් අන්ධ විය.

අනුකම්පාවක් නැති හිත්පිත් නොමැති දෛවයා විසින් මගේ නෙත් වල ආලෝකය උදුරා ගත්තේ පුරා සත් වසරක් මාගේ ජීවිතය අඳුරේ දමාය. අද මාගේ නෙත් වලට ආලෝකය ලැබුනත් අඳුරු වූ මගේ දිවියට කිසිදාක ආලෝකයක් නොලැබෙනු ඇත.

“කෝ ඔයා දැන් නැගිටින්නකො………………”

කාරුණික හඬින් එලෙස පැවසූ හෙදියක් මගේ අතට සේලයින් වැටුනු කටුව ගැලවීය.ඉන් පසු මාව නැගිටුවා ඇඳ වියලට හේත්තු කරාය.

“දූ අප්පච්චියි මායි ආවා ඔයාව බලන්න……………….”

මගේ හිස අත ගා අම්මා එලෙස පැවසුවාය.මම අම්මාගේත් අප්පච්චීගේත් දෑත් අල්ලා ගත්තෙමි. මට මහත් සතුටක් දැනුනි.අද අප සියලු දෙනාගේම බලාපොරොත්තුවක් ඉටු වෙයි.අම්මාගේත් අප්පච්චීගේත් මුහුණු දැකීමට මා ඇඟිලි ගැන ගැන බලා උන්නෙමි.

“දැන් මං ඔයාගෙ ඇස් වල තියන බැන්ඩේජ් අයින් කරනවා.අවුරුදු හතකට පස්සෙ ඔයාගෙ ඇස් වලට අද පෙනීම ලැබෙනවා.ඔයා කාවද ඉස්සෙල්ලාම දකින්න කැමති?………………….”

වෛද්‍යවරයා මගෙන් එලෙස විමසීය.

“අම්මගෙයි අප්පච්චිගෙයි මුහුණු දකින්න තමයි මං කැමති ඩොක්ටර්………………”

බලාපොරොත්තු දල්වා ගත් මුහුණකින් මං එලෙස පැවසුවෙමි.සුළු මොහොතකින් එම වෛද්‍යවරයා මගේ ඇස් වට ඔතා තිබූ බැන්ඩේජ් ඉතා පරිස්සමින් ගලවනු ලැබුවා.

දැන් මාගේ දෑස් නිදහස්.මා සෙමින් සෙමින් දෑස් හැර ඉදිරිය බැලුවා.මුලින් බොඳවී පෙනුනත් තත්පර කිහිපයක් ගත වූ විටදී මට මාගේ ආදරණීය අම්මාගේත් අප්පච්චීගේත් රුව පැහැදිලිව පෙනුනි. වසර හතකට පසුව අද මාගේ ජීවිතයට වචනයෙන් විස්තර කල නොහැකි තරම් සතුටක් දැනුනි.

මා වෙත පැමිණි අම්මාත් අප්පච්චීත් දෙදෙනාම එකවර මාව වැලඳ ගනු ලැබුවා.අම්මාගේ ඇස් වල සතුටු කඳුලු. අප්පච්චීගේ මුහුණේ වදන් වල පෙරලිය නොහැකි තරමේ සතුටක්.

“අම්මා,අප්පච්චී මට ඔයාලා දෙන්නව හොඳට පේනවා.මට මේ හැම දෙයක්ම දැන් හොඳට පේනවා…………………”😀😀

“අවුරුදු හතකට පස්සෙ දෙයියො මගෙ දුවගෙ මුහුණ දිහා බැලුවා.අනේ අපි කොයි තරම් දෙයියන්ට බාර හාර වුනාද ඉක්මනටම දූගෙ ඇස් පෙනීම ඉක්මනට ලබා දෙන්න කියලා.

මේ මිල මුදල් යාන වාහන මොන සැප සම්පත් තිබුනත් මගෙ රත්තරං දූගෙ ඇස් දෙක නිසා අපි හැමදාමත් හිටියෙ හරිම දුකෙන්.අද ඉඳන් ඔයාට මේ හැම දෙයක් එක්කම අලුතින් ජීවත් වෙන්න පුලුවන්.ඔයා නොදැකපු ඔයාගෙ ලස්සන මූණ ඔයාට දකින්න පුලුවන්………………..”

එලෙස පැවසූ අම්මා මට කණ්ණාඩිය දිගු කර පෙන්නුවා.වසර හතකට පසු මා මගේ මුහුණ දුටුවා.එය සැබැවින්ම වෙනස්ව ඇත.වසර හතකට පෙර මාගේ දොලොස්වන වන උපන් දිනය දා ගත් ජායාරූපයක් අම්මා මගෙ අතට දුන්නා.සත්‍ය වශයෙන්ම එම චායාරූප දෙකේ මුහුණෙහි විශාල වෙනසක් මම දුටුවා.

මුහුණ පුරා කිසිඳු තුවාල කැලලක් නැත.දෑස් මනස්කාන්තය. මුහුණ දීප්තිමත්ය.මට මෙය අදහගැනීමට පවා නොහැකිය. ප්ලාස්ටික් සර්ජරි එකකට මුහුණ මෙලෙස වෙනස් කිරීමට හැකිද?

“ප්ලාස්ටික් සර්ජරි එකට පස්සෙ අදනෙ දූ ඔයා මූණ දැක්කෙ.හිතා ගන්න බැරි තරමට ඔයා ලස්සනයි.ගොඩාක් ලස්සනයි පුතේ……………….”

මගේ කම්මුල් දෙකම අල්ලාගෙන අම්මා හදවතින්ම එලෙස පවසා සිනා සුනා.මෙය සිහිනයක්ද කියා මට සිතෙයි.නැත මෙය සිහිනයක් නොවෙයි සැබෑවටම සිදු වූවකි.රිය අනතුරු ද්විත්වයක් විසින් මගේ ජීවිතය සිතා ගැනීමටත් නොහැකි අන්දමින් වෙනස් කරාය.

එකල මා කෙතෙක් හඬා වැටුනත් පසු කලෙක හැඬීමෙන් පලක් නොවන බව හඟවී ගිය තැන එය මගේ දෛවය යයි සිතමින් සිත හදා ගැනීමට උත්සහ කරා.මාගේ දෑස් අන්ධ වූයේ මාගේ දොළොස් වන උපන් දිනය දාය.

එදින මාත් අප්පච්චීත් මගෙ උපන් දිනය සැමරීම සඳහා ගල්කිස්සේ මුහුදු වෙරළට යමින් සිටියා.ඒ අප්පච්චීගේ මෝටර් රථයෙනි.ගල්කිස්සෙ මුහුදු වෙරලේ අයිනේ පිහිටි මනරම් අවන්හලකින් දහවල් ආහාරය ගත් අපි එදින පුරාවටම ගල්කිස්සෙ මුහුදු වෙරලේ ගත කරා.

මා අප්පච්චීගෙන් ඉල්ලූ උපන් දින ත්‍යාගය වූ ලොකු ටෙඩි බෙයාර් කෙනෙකු මිලදී ගැනීමට ගල්කිස්සේ සාප්පුවකට ගියා.රියදුරු අසුනේ සිටි අප්පච්චීත් අම්මාත් කාරයෙන් බැස ගත් අතර මම ඉන් පසුව බැස්සෙමි.

මගේ කුඩා පර්ස් එක ගැනීමට අමතක වූ නිසා මා නැවතත් පාර අයිනේ නවතා තිබූ කාරෙක වෙත පැමිණියා.පර්ස් එකත් අරගෙන නැවතත් සප්පුව වෙත යන්නට හදද්දී පිටු පසින් පැමිණි වේගය පාලනය කර ගත නොහැකි වූ වෑන් රථයක මා ගැටී අඩි දහයක් පමණ උඩින් විසි වී ගියා. ඉන් පසුව සිදු වූයේ කුමක් දැයි කියා මගේ මතකයේ නැත.

නැවතත් මා හට සිහිය එන විටදී සිටියේ රෝහලකය. බාහිරින් කිසිඳු බරපතල තුවාලයක් නොමැති වුවත් කකුලේ සහ අතෙහි තැනින් තැන සීරීම් තුවාල පමණක් තිබුනි.දෑස් ඇර බලනා විට වටපිටාවම අන්ධකාරය.එවිට මා සිතුවේ රෝහලේ විදුලිය විසන්ධි වී ගොස් ඇතැයි කියාය. විනාඩි කිහිපයක් ගත වූ විට අවට ඇසෙනා කතා බස් වලින් මට අමුත්තක් දැනුනි.ඇසිපිය ගසා වටපිටාව බැලුවත් ඇත්තේ ඝන අන්ධකාරය පමණි.

මගේ දෑස් අන්ධ වී ඇති බව මට වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. ගිරි යටින් කෑ ගසා ඇඬුවත් පලක් නොවීය.අම්මාත් අප්පච්චීත් මා බදාගෙන නොනවත්වා කඳුලු හැලුවාය. නමුත් සියල්ල සිදු වී හමාරය. අවසානයේ වෛද්‍යවරු පවා කීවේ මගේ දෑස් සුවපත් කල නොහැකියි කියාය.

වසර දොළහක් මුලුල්ලේ කිසිඳු අතුරු ආබාධයක් නොමැතිව නිරෝගීව දිවිය ගත කල මා අවසානයේ දෑස් නොපෙනෙනා අන්ධයෙකු බවට පත් විය.

දෑස් නොපෙනුනත් අම්මාත් අප්පච්චීත් මට හයියක් විය.ඔවුන් නොසිටියා නම් මා මිය යනු නිසැකය.මගේ සෑම දෙයකටම මට සිටියේ ඔවුන් දෙදෙනාය. මා නිසා ඔවුන් තව දරුවෙකු ගැනවත් සිතුවේ නැත.දුව පැන සෙල්ලම් කරමින් අම්මාගේ අතේ එල්ලී පොත් බෑග් එක පිටේ එල්ලාගෙන පාසල් ගිය මම අවසානයේ සුදු සැරයටියක ආධාරයෙන් ගමන් කරෙමි.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉගෙන ගන්නා පාසලක වසර හතරකට අධික කාලයක් ඉගෙන ගත්තෙමි.එයටද සිහිනෙකින්වත් නොසිතූ නොපැතූ ලෙස කන කොකා හඬලන්නට විය.

එම සිද්දිය මගේ මුලු ජීවිතයම වෙනස් කරා. නොකරපු වරදකට මං මුලු ජීවිත කාලෙටම දඬුවම් වින්දා.දෑස් නොපෙනුන දා පටන්ම මං වින්දේ දුකම පමණි.මා ජීවත් වූයේ අම්මාත් අප්පච්චීත් නිසාය.

මගේ පියා වෘත්තියෙන් නීතීඟ්ඳවරයෙකි.බොහෝ මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ පුද්ගලයෙකි.මගේ පියා ඉතාම දක්ෂ අන්දමින් නඩු කතා කරේය.ඔහුගේ ඇති සුවිශේෂීත්වය නම් ඔහු කතා කර කිසිඳු නඩුවක් පැරදී නම් නැත.

“උදයන්ත ෆර්නෑන්ඩු ලෝයර් මහත්තයා නම් ඇල්ලුවෙ නඩුව අනිවාර්යෙන්ම දිනවා සිකුරුයි……………”

එකල මිනිසුන්ගේ මුවෙහි නිතරම මෙවැනි වදන් පිට විය.ඒ මගේ පියාගේ දක්ෂතාවයයි.කෙතරම් දක්ෂයෙකු වුවත් ඔහු කවදාවත් අනියම් අන්දමින් මිල මුදල් හම්බ කරේ නැත.වෘත්තියේ ගරුත්වය රැක ගනිමින් කටයුතු කලේය.අනිකුත් අයටද අප්පච්චී ආදර්ශයක් විය.

එක්තරා දිනයකදී අප්පච්චී වෙනදා මෙන් නඩුවාරයකට උසාවි ගියා. පුද්ගලයෙකු වාහනයට යට කර මරා දැමීමට තැත් කිරීමේ වරදට ප්‍රදේශයේ නම ගිය චන්ඩි මැරයෙකුට විරුද්ධව එම නඩුව උසාවියේදී ඇසුනි.අප්පච්චී කතා කරේ එම මැරයාට විරුද්ධ පාර්ශවයෙනි.අවසානයේ එම මැරයා අප්පච්චීගේ අති දක්ෂ කතා කිරීම් හමුවේ වසරකට රක්ෂිත බන්ධනාගාර ගත විය.

ඔහු කෙතරම් බල සම්පන්න මැරයෙක්ද කියනවා නම් ඔහුව හිරේ යැව්වාට අප්පච්චී ගැන බලවත් තරහකින් වෛරයකින් සිට ඇත. ඔහුගේ වසරක දඬුවම් කාලය අවසන් වී හිරෙන් නිදහස්ව පැමිණ ඇති බව අප්පච්චී අම්මාත් සමඟ කියනවා මට ඇසුනි.එය අම්මාටත් මටත් එතරම් විශේෂත්වයක් නොවුනි.ඒ මන්ද අප්පච්චීගේ කතා කිරීම් හමුවේ වැර්දිකරුවන් අපරාධකරුවන් රැසක්ම රක්ෂිත බන්ධනාගර ගතව ඇති නිසාය.

කාලය සෙමින් සෙමින් ගත වුනි. ඒ අඳුරු රාත්‍රිය උදා වන විට මට වයස අවුරුදු දාසයයි මාස නවයකි.වයස අවුරුදු නවයේ සිට රාත්‍රියේදී මා නිදාගන්නේ වෙනම කාමරයකය.

දෑස් නොපෙනුන දා පටන් වුවත් එය වෙනස් වූයේ නැත.රාත්‍රියේදී මා හට නින්ද යන තෙක් අම්මා මගේ ළඟටම වී මගේ හිස අතගාමින් සිටියි.මට නින්ද ගිය පසු ඇය පහල මාලයේ ඇති ඇගේ කාමරයට ගොස් නිදා ගනියි.මගේ කාමරය ඇත්තේ උඩු මහලේය.අම්මාත් අප්පච්චීත් නිදනා කාමරය ඇත්තේ පහල මාලයේය.

සුපුරුදු පරිදි වෙනදා සේම එදිනත් මා හට නින්ද යන තෙක් අම්මා මගේ ඔලුව අත ගා මට නින්ද ගිය පසු ඇය ගොස් ඇත.එදින මහා යයියෙන් වැසි වසින්නට විය. ඔරලෝසුවේ එලාම් එක වැදුනි.එ වෙලාව රාත්‍රී දහය වී ඇති බව මට වැටහුනි.හයියෙන් වැස්ස වහින නිසා මම පොරෝනයෙන් හිසේ සිට පාදාන්තය දක්වා වසා ගත්තෙමි.

බැල්කනියේ ජනේලය දෙසින් යම් ශබ්දයක් ඇසුනි.මා එය එතරම් ගනන් නොගත්තේ අධික වර්ෂාව නිසා අඹ ගසේ අත්තක්වත් කඩා වැටෙන්නට ඇතැයි කියා සිතමින්ය.නමුත් ජනේලය ඇරෙන ශබ්දයක් ඇසුනි.එවිට මගේ සිතට අමුතු බියක් ඇතුල් වුනා.ඇඳෙන් නැගිට දෑත් එහාට මෙහාට කරමින් දොර ඇරගෙන එලියට බහින්නට හැදුවත් මේසයේ හැප්පී මාව ලිස්සා වැටුනා.දොරේ අගුල එහාට මෙහාට කරකැවෙන ශබ්දයක් මට ඇසුනා.

මං සිතුවේ අම්මාත් අප්පච්චීත් වර්ෂාව අධික නිසා මාව බලන්න කාමරේට ඇවිත් කියලයි.නෑ දොර ඇරුනෙ නෑ කියලා මට හොඳටම තේරුණා.අම්මත් නෙවෙයි අප්පච්චිත් නෙවෙයි.මටත් අමතරව තව කවුරු හරි කෙනෙක් කාමරේ ඇවිදිනවා කියලා මට දැනුනා. මං හොඳටම බය වෙලයි හිටියෙ.

“ක…..කව්ද…..ඔතන ඉන්නෙ?අනේ කව්රු හරි ඉන්නවද කාමරේ?………………”

දෑත් ඒ මේ අත විහිදුවා මං බියපත් හඬකින් එහෙම ඇහුවා.එක්වරම කවුරුන් හෝ පුද්ගලයෙක් මවෙතට පැන මගේ කටින් තද කරලා වහ ගත්තා.කෑ ගහන්නට හැදුවත් මට කෑ ගහන්න බැරි වුනා.මාව ඇඳට පෙරලගත්තු ඒ මිනිහා මගේ කට තද කරගෙන වහගෙන හිටියා.

මරනාසන්න බියකින් මගේ මුලු සිරුරම වෙලා ගනිද්දී මං අත පය ගසමින් ඒ මේ අත දැඟලුවත් මට ඒ හැඩි දැඩි දෑතින් ගිලිහෙන්නට බැරි වුනා.මාව අල්ලගෙන ඉන්නෙ කව්ද කියලා මට තේරුනෙ නෑ.ඒ කෙනා පිරිමියෙක් කියලා විතරයි මට තේරුනේ.මගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.

“කට වහගෙන හිටපන්.උඹ කෑ ගැහුවොත් එහෙම මේ කිනිස්සෙන් අනිනවා උඹේ බෙල්ලටම.පනට ආදරයක් තියනවා නම් කෑ ගහන්නැතුව හිටපන්………………..”😡

ඒ කටහඬ මං මීට කලින් අහලා නෑ. ඒත් කවුරු හරි අපරාධකාරයෙක් කියලා මට හිතුණා.කිණිස්සෙන් අනිනවා කිව්වම මං පණ බයෙන් හිටියෙ.මගෙ පපුවත් ගැහෙන්න ගත්තා.මගේ ඇඟ උඩ ඉන්න ඒ මිනිහාව අහකට තල්ලු කරගෙන නැගිටින්න හැදුවත් මට ඒක කරගන්න බැරි වුනා.කොච්චර දැඟලුවත් මට ඒ මිනිහව හොලවන්නවත් බැරිව ගියා.

“අනේ මට කරදර කරන්න එපා.ඔයා කව්ද?මගෙ ඇස් දෙකම පේන්නෑ.මට අනුකම්පා කරන්න දෙයියනේ.අනේ මාව අතාරින්න………………”😭🙏

දෑත් එකතු කරලා මං ඒ මිනිහගෙන් මගෙ ජීවිතේට අනතුරක් කරන්න එපා කියලා ආයාචනා කරත් ඌ ඇහුවෙ නෑ. මගෙ කම්මුල දෙපැත්තට හත් අට සැරයක් විතර ගහගෙන ගහගෙන ගියා.දරා ගන්න පවා නොහැකි වේදනා දෙන ඒ පාරවල් හමුවේ මගේ තොල පැලිලා කටට ලේ රසයක් දැනුනා.

මං ඇඳගෙන හිටපු නයිට් ඩ්‍රෙස් එක කෑලි කෑලි වලට ඉරලා දාපු ඒ පාපතර නරුමයා උමතුවකින් වගේ වගේ දෙතොල් සිප ගත්තා.කොයිතරම් උත්සහ කරත් මට ඒ මිනිහගෙන් බේරෙන්නම බැරි වුනා.ඒ මිනිහගෙ දත් වලට මගේ මූණ,කට,බෙල්ල අහුවෙද්දි දරා ගන්න බැරි තරම් වේදනාවක් දැක්කා.ඇඟ පුරාම දැනුනේ දැඩි වේදනාවක්.

මගේ නිරුවත් ශරීරය පුරාම ඒ නරුම පාපතරයාගේ හැපුම් පාරවල් වලට ලක් වුනා.තව දුරටත් ඒ නරුමයාත් එක්ක ඔට්ටු වෙන්න මගෙ ඇඟට පණක් තිබුනෙ නෑ.ඒ ශක්තිය මගෙන් දුරස් වෙලා යද්දී ගොඩාක් දේවල් සිදු වුනා.දෑස් නොපෙනෙන අන්ධ මගෙ ජීවිතේ ඒ මිනිහා විනාශ කරා. නැගිටගන්වත් බෑ.මුලු ඇඟම රිදෙනවා. යටි බඩෙන් දැනුනේ උහුලන්න බැරි වේදනාවක්.

“මම කව්ද කියලා තමුසෙ දන්නෑ.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මාව හිරේට යවන තැනට වැඩ කරේ තමුන්ගෙ තාත්තා.අවුරුද්දක් තිස්සෙ ඒ පලිය ගන්නයි මං පෙරුම් පුරාගෙන හිටියෙ.

අද මං ඒ පලිය තමුසෙගෙන් ගත්තා.මට විරුද්දව පොලීසි ගියොත් එහෙම මගෙ ෆෝන් එකේ තියන තමුසෙගෙ මේ ෆොටෝස් ටික එෆ් බී දානවා හැමෝටම පේන්න.ඒ හින්දා සද්දෙ නැතුව ඉන්නවා.පොලීසි ගියොත් තමුසෙව මරනවා.මං යනවා……………..”

ඊට පස්සෙ මට ඇහුනා ඒ මනුස්සයා ජනේලෙන් එලියට පනිනවා.මං හයියෙන් කෑ ගහලා ඇඬුවා.ඇඳ සීට් එකෙන් ඇඟ වහගෙන අමාරුවෙන්ම ඇඳෙන් නැගිට්ටා.ඒත් ඇවිදගන්නවත් පුලුවන්කමක් නෑ.

මාව එහෙම්මම බිම ඉන්දුනා.මුලු ඇඟම තලලා පොඩි කරලා දාලා වගේ රිදෙනවා.එවලෙම වගේ අම්මයි අප්පච්චියි දෙන්නා හයියෙන් කාමරේ දොරට තට්ටු කරන්න පටන් ගත්තා.

“අනේ පුතේ ඇයි මේ දොර ලොක් කරගෙන?මේ දොර අරින්න මගේ පුතේ. මොකක්ද ඒ කෑ ගහන සද්දයක් ඇහුනෙ?……………..”

බිම වැටි වැටි ගිහින් මං අමාරුවෙන්ම දොර ලගට ගියා.එහෙ මෙහෙ අතපත ගාලා ලොක් එක කැරෙකෙව්වා.අම්මයි අප්පච්චියි දෙන්නා කාමරේට ආවා.

“මෙ…..මේ…..මොකද…..මොකද පුතේ මේ වුනේ?කියන්න මගෙ රත්තරං පුතේ ඔයාට මොකද මේ වුනේ?අනේ මගෙ පුතේ කතා කරන්න?ඇයි මේ?………………”

මාව හොල්ලලා අඬමින් අම්මා එහෙම ඇහුවා.මට කතා කරගන්නවත් බැරුව ගියා.

“දෙයියනේ ලේ😱😳මගෙ රත්තරං දුවේ කව්ද ඔයාට මේ අපරාධෙ කරේ?කියන්න දුවේ මොකක්ද ඔයාට මේ සිද්ද වුනේ?අනේ මගෙ අසරණ දරුවව විනාශ කරේ කව්ද දෙයියනේ?……………”😭😭

අම්මා මාව බදාගෙන සෑහෙන වෙලා ඇඬුවා.අප්පච්චීත් ඇඬුවා කියලා මට දැනුනා.මට මේ අපරාධෙ කරපු මිනිහගෙන් පලි ගන්නවා කියලා අප්පච්චි කිව්වා.

“එපා අප්පච්චි.ඒ මිනිහගෙන් පලිගන්න හදන්න එපා.එහෙම වුනොත් ඒ මිනිහා මගෙ ෆොටෝස් එෆ් බී දානවා කිව්වා. මාව මරනවා කියලත් කිව්වා.අනේ එපා අප්පච්චී………………”😭😭

නැවත හමුවෙන තුරු විරාමයක්