අම්මා ආවෙ නැද්ද ඔයාව එක්කන් යන්න?මුලු නිවාඩුවෙම ඔයා හිටියෙ හොස්ටල් එකේද දේවාන්ශි?…………..”

නිවාඩුව අවසන් වෙලා හොස්ටල් එකට ආවම මුලින්ම දුලාරි මගෙන් ඇහුවෙ ඒකයි.

“ආවා දුලාරි.හැබැයි ඒ රෝසි මැඩම් කෝල් කරලා කියපු හින්දා…………..”

“එහෙම හරි ආවා මදෑ.ඔයාට ප්‍රශ්නයක් වුනේ නැද්ද ගෙදරදී?…………..”

“මං හින්දා හැමදාම බාප්පයි අම්මයි රණ්ඩු.මං හිතුවාට වඩා අම්මා ගොඩක් වෙනස් දුලාරි.එයා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ.එයා මට වෛර කරනවා. අම්මා කෙනෙකුට පුලුවන්ද දරුවෙකුට එහෙම වෛර කරන්න?අන්තිමට ඕලෙවල් එක්සෑම් එක අවුල් කර ගනියි කියලා බාප්පා මාව හොස්ටල් එකට ගෙනත් ඇරලුවෙ……………”

“දැන් දුක් වෙන්නැතුව ඉන්න දේවාන්ශි. අපි ඉන්නවනෙ.කොහොම හරි මහන්සි වෙලා ඕලෙවල් ගොඩ දා ගම්මු. රස්සාවක් කරලා තනියම ජීවත් වෙන්න පුලුවන් වෙච්චි කාලෙක ඔයාට ඕන්නෑනෙ අම්මලාගෙ පස්සෙන් යන්න…………..”

කාලය ගෙවිලා ගියේ හිතා ගන්නවත් බැරි තරම් වේගෙකින්.අපි හැමෝම ඕලෙවල් එග්සෑම් එකට ලිව්වා.රිසාල්ට් එන්න මාස තුනක් විතර යන හින්දා හොස්ටල් එකේ ළමයි හැමෝම ඒ නිවාඩු කාලෙට ගෙදර යන්න සූදානම් වුනා.මං හිතුවෙ වෙනදා වගේම ඒ මාස තුනත් මට හොස්ටල් එකේම ගත කරන්න වෙයි කියලා.ඒත් එහෙම වුනේ නෑ.මගෙ හොඳම යාලුවා දුලාරිගෙ අම්මා රෝසි මැඩම් එක්ක කතා කරගෙන මාව නිවාඩු කාලෙදි එයාලගෙ ගෙදරට එක්කන් යන්න ඇහුවා.රෝසි මැඩම්ගෙ අවසරය ලැබුනු හින්දා මං ගොඩාක් සතුටින් දුලාරිත් එක්ක එයාලගෙ ගෙදර යන්න ලෑස්ති වුනා.

“මාව ඔයාලට කරදරයක් වෙයිද දුලාරි?…………..”

“අනේ ඔව් බන්.අපි උඹව උස්සගෙනනෙ ඉන්නෙ.විකාර කියවන්නෙ නැතුව හිටපන් බන්.මාස තුනක් ෆන් එකේ ජොලියෙ ඉම්මු…………….”

දුලාරිගෙ අම්මයි තාත්තයි අපි දෙන්නව එක්කන් යන්න ආවා.රෝසි මැඩම්ට කියලා අපි දෙන්නම පිටත් වුනා. දුලාරිගෙ ගෙවල් තියෙන්නෙ කුරුණෑගල හරියෙ.පැය තුනක් විතර යද්දි අපි එහාට ආවා.තට්ටු දෙකට හදලා තිබුනු දුලාරිගෙ ගෙදර හරිම ලස්සනයි.ගේත් එක්කම ලොකු වත්තක් තිබුනා.

“මේ තමයි අපේ ගෙදර.යමු ඇතුළට…………..”

දුලාරිත් එක්කම මාත් ගේ ඇතුළට ආවා.අපි වගේ පොහොසත් නොවුනත් ඒ නිවස ඇතුලෙදි මට දැනුනෙ පුදුම නිදහසක් වගේම සැහැල්ලුවක්.ඒ සැහැල්ලු බව ඒ නිදහස් බව කවදාවත් මට අපේ ගෙදරදිවත් දැනිලා නෑ.ඒ ගෙදර මට දැනුනේ තනිකරම අපායක් වගෙයි.දුලාරියි මායි මුහුණ හෝදලා ඇඳුම් මාරු කරගෙන මිදුලෙ අඹ ගහ යට තියන බංකුවෙන් වාඩි වුනා.

“කොහොමද මේ පැත්ත හොඳයිද?……………”

“ගොඩාක් හොඳයි දුලාරි.හිතට ලොකූ සැහැල්ලුවක් දැනෙන්නෙ………….”

“අපි යමුද ගඟ පැත්තෙ ටිකක් ඇවිදින්න?…………….”

“අම්මා බනීද දන්නෑ දුලාරි…………..”

“ඔහොම ඉන්නකො මං අම්මගෙන් අහලා එන්නම්……………..”

එහෙම කියලා දුලාරි ගේ ඇතුළට දුවලා ගිහින් විනාඩියෙන් ආපහු ආවා.

“යමු අම්මා හා කිව්වා.දවල්ට කන්න ඉක්මනට එන්න කිව්වා……………”

මායි දුලාරියි ගඟ පැත්තට ආවා.මේ කාලෙ පායන හින්දා වෙන්න ඇති ගඟේ ගල් එහෙම පෑදිලා තිබුනා.පැයක් විතර ඇවිදලා අපි ගෙදර එද්දී වෙලාව එකහමාරට විතර ඇති.

දවල්ට කෑම කාලා ඉවර වෙලා මායි දුලාරියි හවස දෙකට විතර ටව්න් එකට ගියා.දුලාරි පළතුරු කඩේ පලතුරු තෝරද්දී මං එහා පැත්තෙ සෙරෙප්පු කඩෙන් මට හරියන රබර් සෙරෙප්පු දෙකක් ගත්තා.සෙරෙප්පු දෙක අරන් එලියට එනකොටම බිම බලාගෙන ආපු කොල්ලෙක් දඩාස් ගාලා මගෙ ඇඟේ හැප්පුනා.වැරැද්ද උගෙ අතේ වුනත් ඌ බැන්නෙ මං හිතා මතාම උගෙ ඇඟේ හැප්පිච්ච විදියට.

“අහක බලාගෙන යන්නෙ?………..”😡😡

“මම නෙමෙයි ඕයි තමුසෙනෙ අහක බලාගෙන ගියේ.ඇස් දෙක කටේ දාගෙනද තමුසෙ ඇවිදින්නෙ?…………..”😡😡

එහෙම කියලා බැනපු මං සෙරෙප්පු කඩෙන් එළියට ඇවිත් දුලාරිත් එක්ක ගෙදර ආවා.හවස් වෙලා දුලාරිගෙ අම්මා රෑට කෑම උයද්දී මාත් ගිහින් එයාට උදව් කරා.

“අනේ දූ පැත්තකට වෙලා ඉන්න. ගෙදරට ආපු මනුස්සයෙකුට කියලා වැඩ ගන්න එක හොඳ නෑනෙ………….”

“ඇන්ටි මට කියලා වැඩ කරව ගත්තෙ නෑනෙ.මං කැමැත්තෙන්නෙ කරන්නෙ. නිකන්ම ඉඳලා පුරුද්දක් නෑ ඇන්ටි මට………….”

“ඒකට ඔයාගෙ යාලුවා ආසාවට පරිප්පු හොද්දක් හදලා නෑ.ඕවා තේරෙයි බැඳපු දවසක මිනිහගෙන් එක දෙක වදිද්දි…………..”

දුලාරිගෙ අම්මා එහෙම කියද්දී දුලාරිගෙ මූණ ඇඹුල් වුනා.මං ඒකිට විරිත්තද්දී ඒකි මට කැරට් අලේකින් දමලා ගැහුවා.

“මං කවදා හරි මැරි කරන්නෙ චෙෆ් කෙනෙක්ව.එයා මට රසට උයලා දෙයි……………”

“ඇන්ටි,එහෙනම් දුලාරිට ගැළපෙන්නෙ පබිලිස් අංකල් වගේ කෙනෙක්ව……………”😁😉

මං එහෙම කියද්දී දුලාරිගෙ අම්මටත් හිනා.දුලාරි නම් මට එකසිය ගානට රවනවා.

“චෙෆ් කෙනෙක්ව නෙවෙයි කවුරු බැන්දත් කොයි මනුස්සයත් තමන්ගෙ ගෑණිගෙ අතින් හදපු කෑම වේලක් කන්න කැමතියි…………..”

“ඒක නම් ඇත්ත ආන්ටි.නේද දුලාරියෝ…………..”😁😉

“මං දැන්ම මැරි කරන්නෑ එච්චරයි………….”

එහෙම කියපු දුලාරි ශේප් එකේ කුස්සියෙන් ගියා.මං පොල් බෑයත් අරගෙන හිරමනෙන් වාඩි වුනා පොල් ගාන්න.දුලාරිගෙ අම්මා වත්ත පල්ලෙහාට ගියා බණ්ඩක්කා වගයක් කඩාගෙන එන්න.

“අද නම් රෑට හොඳටම වහියි වගේ. මෙයා පොල් ගානවනෙ පුදුමයි…………..”

කුස්සියට ආපු කවුරුහරි මනුස්සයෙක් එහෙම කිව්වා.ඒ කව්ද කියලා බලන්න මං ඔලුව ඉස්සුවා.දෙයියනේ මූ නේද ඉස්සෙල්ලා සෙරෙප්පු කඩේදි මගෙ ඇඟේ හැප්පුනේ.මට බැන්නෙ මාත් බැන්නෙ.මූ මොනවද මෙහෙ කරන්නෙ. මං වගේම ඒ කොල්ලත් මාව දැකලා පුදුම වුනා.

“තමුසෙ මොනවද මෙහෙ කරන්නෙ?…………..”

“මං…..මං…..තමුසෙ මොනවද මෙහෙ කරන්නෙ?……………”

මාත් ඌ අහපු එකම ඇහුවා.

“අම්මේ…..අම්මේ…………..”

අපොයි දෙයියනේ මේ දුලාරිගෙ අයියද? මට නිකමටවත් එහෙම දෙයක් හිතුනෙ නෑ.මට බයකුත් දැනුනා.එතකොටම දුලාරිගෙ අම්මා ගේ ඇතුළට ආවා බණ්ඩක්කා කවරෙකුත් අරන්.

“මොකද පුතේ බෙරිහන් දෙන්නෙ?……………”

“කව්ද මේ කෙල්ල?අලුත් සව්න්ට් කෙනෙක්ද?…………..”

“ඔයාට පිස්සුද පුතා.මේ ළමයා නංගිගෙ හොඳම යාලුවා.රිසාල්ට් එනකල් මෙහෙ නැවතිලා ඉන්නෙ…………..”

“ආ ඇත්තද?මං හිතුවෙ සවන්ට් කෙනෙක් කියලා……………”

එහෙම කියලා දුලාරිගෙ අයියා කුස්සියෙන් ගියේ මට ඇහැකුත් ගහලයි.මට බය හිතුණා මං දවල් බැනපු එක මෙයා දුලාරිට කියයි කියලා. ඒත් ඉතිං කිව්වත් මොකද?මං නෙවෙයිනෙ වැරැද්ද කරේ එයානෙ.

“දුවේ මං මාලුව හදන්නම්.ඔයා අපේ දුවත් එක්ක ගිහින් නාගෙන එන්න.දැන්

පහටත් කිට්ටුයි.ගෙදර බාතෲම් එකක් තිබ්බට එයා ඕන් ගඟට යන්න ලෑස්ති වෙනවා.පරිස්සමින් ගිහිල්ලා එන්න රෑ වෙන්න කලින්………….”

“හා ඇන්ටි………….”

මායි දුලාරියි ගඟට ගිහිල්ලා නෑවා. හොස්ටල් එකේ ඉන්නැද්දීත් ට්‍රිප් ගියාම අපි නාන්නෙ ගඟෙන්.ගෙදරීත් සමහර දවස් වල දයාවතී නැන්දත් එක්ක ගඟෙන් නාලා තියනවා.සබන් ගාලා ඉවර වෙලා මං දියට බැස්සා නාන්න. දුලාරි හිටියෙ මට ටිකක් එහා පැත්තෙන්.මැද්දෙ ලොකු ගලක් තියන නිසා ඒකිට මාව පේන්නෑ.ටිකක් ගැඹුරට බැහැලා නාද්දී එකපාරටම මාව ලිස්සලා ගියා.මං හයියෙන් කෑ ගැහුවා.

“අනේ දුලාරී…..අනේ මාව බේර ගන්න. අම්මේ……………”

මං කෑගහද්දියි දුලාරියි දුලාරිගෙ අයියයි දෙන්නම පැන්නා දියට.දුලාරිත් කෑ ගහනවා මං දියේ ගහගෙන යයි කියලා බයට.දියේ ගහගෙන ගිහින් ගිලිලා මං මැරෙයි කියලාමයි හිතුනෙ.මරණ බියෙන් මගෙ හිත කැළඹුණා.දුලාරිගෙ අයියා මාව ඇදලා ගොඩට ගත්තා.බයටම මාව හොඳටම වෙව්ලනවා.

“මොන මගුලකද ඕයි තමුසෙලා දෙන්නා ගඟටම ආවෙ නාන්න.ගෙදර වතුර නෑ වගේ හරියට.තව පොඩ්ඩක් මිස් වුනා මෙයා කෙලින්ම කිඹුලෙක්ගෙ බඩේ.යනවලා දෙන්නම ගෙදර…………..”😡

අයියා බනිද්දි දුලාරි හොඳටම බය වුනා. අපි දෙන්නා ගෙදර ආවා.දුලාරිගෙ අයියා වෙච්චි දේවල් එයාගෙ අම්මටයි තාත්තටයි කිව්වෙ නෑ.

රෑට කෑම කන්න අපි හැමෝම වාඩි වුනා.දුලාරිගෙ අම්මා වගේම තාත්තත් හරිම හොඳයි.

“පුතා……මොකක්ද හවස සෙරෙප්පු කඩේදි වුනේ?කව්ද කෙල්ලෙක් එක්ක බැන ගත්තා කිව්වෙ?…………..”

දුලාරිගෙ තාත්තා දුල්හාන් අයියගෙන් එහෙම අහද්දී තව පොඩ්ඩෙන් මට කෑමත් උගුරෙ හිර වෙනවා.දෙයියනේ මෙයා මාව අහු කරයිද?මට බයත් හිතුණා.😥😥

“ආ……උඩ බලාගෙන ගිය කෙල්ලෙක් ඇවිත් මගෙ ඇඟේ හැප්පුනා.මට හිතුණා ඒකිගෙ දත් ටික බඩට අරින්න. බලෙන්ම මගෙ ඇඟේ හැප්පිලා කට ගහගෙන ආපු හැටි………….”

දුල්හාන් ඒක කිව්වෙ කෑම මේසෙ යටින් කකුල දාලා මගෙ කකුල පාගන ගමන්. මං ටක් ගාලා කකුල් දෙකම පිටිපස්සට ගත්තා.

“අම්මා ඇඟේ හැප්පුනා නම් කෙල්ලෙක් නෙවෙයි ශුවර් එකටම ඇන්ටි කෙනෙක්…………”😁😆

දුලාරි කොලොප්පමට වගේ එහෙම කිව්වා.

“අනේ පල ගස් ගෙම්බි.අනිනවා හිල් වෙන්න ටොක්කක්…………”

“ඕන් ඉතින් කන්න ගියාමත් දෙන්නා රණ්ඩු.බලන්න මේ ළමයා කොච්චර තැන්පත්ව විනීතව සද්දෙ නැතුව කෑම ටික කනවද…………”

දුලාරිගෙ අම්මා එහෙම කියද්දී මට ආඩම්බර හිතුණා.මං දැක්කා දුල්හාන් සැරින් සැරේ මගේ දිහා බලනවා.මං එයාව ගනන් ගත්තෙ නෑ.


අද අවුරුද්දෙ පළවෙනි දවස.ජනවාරි පළමුවෙනිදා.උදෙන්ම බාප්පටයි නංගිටයි මල්ලිටයි අවුරුද්දට සුභ පැතුවා.අම්මාට සුභ පතන්න කතා කරත් අම්මා මාත් එක්ක කතා කරන එක ප්‍රතික්ෂේප කරා.”මේ අවුරුද්දත් හැඳිගෑවිලාම යයි එයත් එක්ක කතා කරොත්.”එහෙමයි අම්මා කිව්වෙ.තුන් හිතකින්වත් මං එහෙම ප්‍රාර්ථනා කරන්නෙ නෑ.මේ මගේ උරුමය,දෛවය වෙන්න ඇති කියලා හිතලා මං හිත හදා ගත්තා.මේ අවුරුද්දෙවත් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබුනොත් හොඳයි.උදෙන්ම දුලාරියි මායි එයාගෙ අම්මටයි තාත්තටයි බුලත් දීලා දණ ගහලා වැන්දා.එයාලා දෙන්නා මට ආශිර්වාද කරද්දි මට මතක් වුනේ මගේ අම්මයි තාත්තයි.ඊට පස්සෙ දුලාරිගෙ අයියත් වැන්දා.

“දේවාන්ශි චුට්ටක් ඉන්නකො………….”

“ඇයි අයියෙ?………….”

“මේ අවුරුද්දෙ මුල්ම දවස අපේ ගෙදර ඉඳන් ගත කරා වගේ හැමදාම මේ ගෙදර ඉන්න කැමතියිද?………….”

“මට හැමදාම මෙහෙ ඉඳන් ඔයාලට බරක් වෙන්න බෑනෙ අයියෙ.ඕලෙවල් රිසාල්ට් බලලා ඒලෙවල් කරන්න පුලුවන් වුනොත් මං ආපහු හොස්ටල් යනවා…………..”

“මං ඒක නෙවෙයි ඇහුවෙ…………..”

“එහෙනම්?…………..”

“මං ඇහුවෙ මේ පව්ලෙ ලේලි වෙලා මාත් එක්ක හැමදාම ජීවත් වෙන්න කැමතියිද?…………..”

මගෙ හිත ගැස්සුනා දුල්හාන් අයියා එහෙම අහද්දී.ආදරයක් ගැන මං කවදාවත් හිතලා නෑ.මං තාම ඉගන ගන්න වයසෙ පුංචි කෙල්ලෙක්.මට තාම අවුරුදු දාසයයි. ආදරයක්, විවාහයක් ගැන හිතන්න මට තව වයස තියනවා.

“අනේ….අ…..මේ…..මට එහෙම දෙයක් ගැන හිතන්න බෑ………….”

එහෙම කියලා මං මිදුලට ඇවිත් බංකුවෙන් වාඩි වුනා.ටික වෙලාවකින් දුලාරිත් ආවා මං ගාවට.

“මොනවද මේ අහස පොලව ගැටලන්න කල්පනා කරන්නෙ ආ?…………”

“ම්…..මොකුත් නෑ දුලාරි…………”

“බොරු කියන්නෙ නැතුව හිටපන්. අයියා උඹට කියපු දේවල් මං අහගෙන හිටියෙ…………”

“දුලාරි…………”

“ඇයි මේ බය වෙලා වගේ?…………”

“මං ගැන වැරදියට හිතන්න එපා දුලාරි. මගෙ හිතේ එහෙම අදහසක් නෑ ඔයාගෙ අයියා ගැන………….”

“ඒක හොඳයි.එහෙම අදහසක් නම් කොහොමටවත් හිතට ඇතුල් කර ගන්න එපා.මං කියන්නෙ උඹේ ගෞරවය ගැන හිතලා.එයා මගේ අයියා වුනත් එච්චර හොඳ මනුස්සයෙක් නෙවෙයි.එයාගෙන් පරිස්සම් වෙලා හිටපන්…………….”

දුලාරිගෙ අයියා එච්චරම නරක කෙනෙක්ද?ඒත් එයාගෙ මූණ දිහා බැලුවම නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.දුලාරි මට මේ කරන්නෙ අනතුරු ඇඟවීමක්ද?

“අයියා නරක මිනිහෙක්ද දුලාරි?………….”

“ඔයා මගෙ හොඳම යාලුවා.අපි දෙන්නා හතර වසරෙ ඉඳන්ම හොඳම යාලුවො. ඔයාට කියන්න බැරි දෙයක් මට නෑ. එයා මගෙ සහෝදරයා තමයි.ඒත් මාත් ගැණු ළමේක්.

තවත් ගෑණු ළමේක්ගෙ ජීවිතයක් නාස්ති වෙන්න දෙන්න බෑ. අයියට හැම තැනකම කෙල්ලො.අද එක්කෙනෙක්.හෙට තව එක්කෙනෙක්. ගෑණු ළමයින්ගෙ ජීවිත එයාට සෙල්ලම් බඩු වගේ.කිසිම හැදියාවක් නෑ.මොන තාලෙකට හැදුනු මිනිහෙක්ද දන්නෑ. ඔයා පරිස්සමින් ඉන්න දේවාන්ශි…………”

එදා මහා අනොරා වැසි දවසක් වුනා. දුලාරිගෙ අම්මයි තාත්තයි ගෙදර හිටියෙ නෑ.එයාලා දෙන්නා නෑදෑ ගෙදරක ගිහිල්ලා.මායි දුලාරියි විතරයි ගෙදර හිටියෙ.වැස්ස හින්දා ගොඩාක් සීතලයි.කෝපි එකක් හදන්න බැලුවත් කෝපි ඉවර වෙලා තිබුනු හින්දා දුලාරි වැස්සෙම කඩේ ගියා කෝපි පැකට් එකක් ගේන්න කියලා.මං විතරයි ගෙදර හිටියෙ.කාමරේට වෙලා පොතක් කියව කියව හිටියෙ.ටික වෙලාවකින් කාමරේ දොර ඇරෙන සද්දෙ ඇහුනා.

“මෙච්චර ඉක්මනට ආවෙ කඩේ වහලද තිබ්බෙ දුලාරි?…………..”

මං එහෙම අහලා පොත පැත්තකින් තියලා බලද්දී මං ගාව දුලාරි නෙවෙයි දුල්හාන් අයියා.මං හොඳටම බය වුනා. කෑ ගහගෙන දොරත් ඇරගෙන එළියට පනින්න හදද්දී දුල්හාන් අය්යා මගෙ අත අල්ලගෙන මට යන්න නොදී මාව බිත්තියට තද කර ගත්තා.

“අනේ අයියෙ මාව අතාරින්න.අනේ මට කරදර කරන්න එපා දෙයියනේ.මට යන්න දෙන්න………….”😥😥😭

“මේ ගෙදරම ඉඳලත් උඹේ තියෙන්නෙ පුදුම ලොකු කමක්.උඹ තාම හරියට දන්නෙ නෑ මේ දුල්හාන් ගැන……………”

දුලහාන් හැදුවෙ මට කරදර කරන්න. මං උපරිම උත්සහ කරා උගෙන් බේරෙන්න.

“අතෑරපිය වනචරයා මාව.මං දන්නවා තෝ මහ ජරා වනචර මිනිහෙක් කියලා………….”

කෑ ගහලා එහෙම කියපු මං දුල්හාන් අයියගෙ කම්මුලට ගැහුවා.ඒ නොහිතපු පහරින් එයාව විසික් වුනා.ඒ අතර වාරයේ මං දොරත් ඇරගෙන එලියට පැන්නා.මගෙ කකුල ලෙස්සලා සාලෙ මැදම මාව වැටෙද්දී දොර ගාවින් ගෙට ආවෙ දුලාරියි එයාගෙ අම්මයි තාත්තයි.ඒ තුන් දෙනා පුදුම වෙලා මං දිහා බැලුවෙ.කාමරේ හිටපු දුල්හාන් අයියා එලියට ආවා.අම්මවයි තාත්තවයි දුලාරිවයි දැකලා දුලහාන් අයියා බය වුනා.

“දෙයියනේ මොකද මෙතන සිද්ද වෙන්නෙ?……………”

දුලාරිගෙ අම්මා එහෙම අහද්දී දුලාරි මාව නැගිට්ටෙව්වා.මං අඬාගෙනම එයාගෙ ඇඟට හේත්තු වුනා.වුනේ මොකක්ද කියලා එයාට තේරෙන්න ඇති.

“දුව,කරුණාකරලා කියන්න.මොනවද මෙතන සිද්ද වුනේ?ඇයි ඔයා අඬන්නෙ? පුතා කියනවා ඇයි තමුන් සද්දෙ නැතුව ඉන්නෙ?…………..”

“තාත්තෙ…..මෙ…..මේ…..මේ……………”

“කතා කරනවා මොකද තමුන් ගොත ගහන්නෙ?……………”

“අංකල්…..දුල්හාන් අයියා මට කරදර කරන්න හැදුවා…………….”😭😭

සද්දෙ නොකර ඉන්නැතුව මං හැමෝටම ඇහෙන්න එහෙම කිව්වා. දුලාරිගෙ තාත්තා දුල්හාන්ගෙ කම්මුලට අත දිගෑරල පාරක් ගැහුවා.දුලාරිගෙ අම්මයි තාත්තයි දෙන්නම ඌට හොඳටම ගැහුවා.

“උඹ අපේ නම්බුව කෑවා දුල්හාන්.මේ අහිංසක කෙල්ලට ඒකිගෙ පාඩුවෙ ඉන්න දීපන්.උඹ ගැන එක එක ආරංචි අපට ආවා.ඒත් අපි ඒවා එච්චර විශ්වාස කරේ නෑ.උඹ නම් අපේ එකෙක් වෙන්න බෑ…………..”😡😡

“දුව ඔයාලා දෙන්නා කාමරේට යන්න…………..”

දුලාරි මාවත් අල්ලගෙන කාමරේට ආවා.මට බය හිතුණා මේ ගෙදර ඉන්න. හොස්ටල් එකේ ඉඳන් මං දුලාරිත් එක්ක එයාගෙ ගෙදරට ආපු දවසෙ හිතුවෙ මට සැනසීමෙන් ඉන්න පුලුවන් වෙයි කියලා.ඒත් මේ ගෙදරත් මට ඒ සැනසීම නැති වුනා.හැම දෙයක්ම සිද්ද වෙන්නෙ මගේම අවාසනාවට.අම්මා හැම වෙලේම කියන කතාව ඇත්ත.මං මහා කාලකණ්ණි කෙල්ලෙක්.අද දෙවියන්ට පින් සිද්ද වෙන්න මං බේරුණා.

“මගෙයි වැරැද්ද මං උඹව තනියම දාලා කඩේට ගියානෙ…………..”

“නෑ දුලාරි ඔයාගෙ වැරැද්දක් නෑ.අයියා කරන්න හදපු දේට ඔයා පලි නෑ. ඔයාලට පුලුවන්ද මගෙ තනි රකින්න. මං ඉක්මනට මෙහෙන් යන්නම්…………..”

“අනේ විකාර නැතුව හිටපන් දේවාන්ශි. රිසාල්ට් එනකල් මෙහෙ ඉඳපන්.මීට පස්සෙ උඹට අයියගෙන් ප්‍රශ්නයක් වෙන්නෑ.ඒලෙවල් කරන්න අපි ආපහු ඉස්කෝලෙ යනවනෙ…………….”

එදායින් පස්සෙ දුල්හාන් කිහිප වතාවක්ම මාව කොටු කරගන්න බැලුවා.ඒත් හරි ගියේ නෑ.දුලාරි මාත් එක්කම ගෙදර හිටියා.කොහේ හරි ගියත් දුලාරිත් මාත් එක්කම ගියා.මගේ ආරක්ෂාව ගැන එයාලා හොඳට බැලුවා. කවදාවත් අම්මාගෙන්වත් මට ඒ වගේ රැකවරණයක් ආරක්ෂාවක් ලැබුනෙ නෑ.

මේ අතර වාරයේ ඕලෙවල් එක්සෑම් රිසාල්ට් අවුට් වුනා.මට A9ක්ම තිබුනා. දුලාරිටA6,B1,C2 තිබුනා.හැමෝම මට සුභ පැතුවා.මං බාප්පටත් රිසාල්ට් කිව්වා.බාප්පත් මට සුබ පැතුවා. අම්මටත් කිව්වම අම්මා “හොඳයි” කිව්වා මිසක් වෙන මොකුත් කිව්වෙ නෑ.

ආපහු අපි හොස්ටල් එකට ආවා.දැන් මගෙ එකම ඉලක්කෙ වුනේ ඒලෙවල් ගොඩ දා ගන්න එක.කොහොම හරි ඒලෙවල් පාස් වෙලා හොඳ ජොබ් එකක් කරන්න ඕනි.කැම්පස් යන්න මගෙ බලාපොරොත්තුවක් නොතිබුනාම නොවෙයි.ඉස්සරහට ඒ ගැන්ත් හිතන්න ඕනි.

මතු සම්බන්දයි