කේසර…………………..”
“ඒ පාර මොකද?………………….”
“හෝදපු රෙදි ගෙනත් නවලා අල්මාරියට දාන්නකො මහත්තයෝ. අනේ ප්ලීස් ඔයා ගොඩාරියක් හොඳයිනෙ අනේ…………………..”😁😄😉
මං දැක්කා කේසර මටත් රව රවාම බැල්කනියට පැත්තට යනවා රෙදි ටික ගන්න.නපුරා මට ඔය රවන්නෙ ආදරේට කියලා මං දන්නවා.පුතා ලැබුනට පස්සෙ මගෙයි පුතාගෙයි හැම වැඩක්ම වගේ කරේ කේසර.බෑ නොකියා හැම දෙයක්ම කරනවා ඉතින් මගෙ රත්තරං මහත්තයා.
කේසර බැල්කනියට ගිහින් පුතාගෙ වේලුණු නැපි ටිකයි ශනායාගෙ බෙඩ් ජැකට් ටිකයි චීත්ත ටිකයි අනික් ඇඳුම් ටිකයි ඔක්කොම ගත්තා.
“අනේ අම්මපා කව්දා කාපු කටුද මේ?මේ නපුරිච්චි නම් හිතුවට වඩා දරුණුයි වගේ.මාව ගෙදර වැඩ කාරයටම දාලා. මේ දවස් ටිකට මට කියලා ගෙදර වැඩ කීයක් නම් කර ගත්තද?කේසර අරක කරන්නකො මේක ගේන්නකො……….. මාත් ඉතින් පව්නෙ කියලා හිතලා හැම වැඩක්ම කරලා දුන්නා.හිටපන්කො සනීප වුනාට පස්සෙ මං උඹව අල්ල ගන්නම්.මං මෙහෙම වැඩ කරනවා අරුන් දෙන්නගෙන් කවුරු හරි දැක්කොත් එහෙම වස ලැජ්ජාව…………………..”
කේසර තනියෙන් කියව කියව කාමරෙට ආවා.ශනායා පුතාට කිරි දෙනවා.ඇඳේ පැත්තකට වෙලා රෙදි ටික නවපු කේසර ඇඳෙන් නැගිට්ටා.
“ඔය කොහෙද යන්නෙ?පුතාගෙ ඇඳුම් ටික බේබි කබඩ් එකට දාලා මගෙ ඇඳුම් අර කබඩ් එකට දාන්න…………………….”
“හ්ම්ම්……………………..”
කේසර ඒ ඇඳුම් ටිකත් කබඩ් දෙකට දාලා ශනායා දිහා බැලුවා.
“තව මොකක් හරි වැඩක් තියනවද?…………………..”😁😠
“ඔයා පුතා ගාවින් පොඩ්ඩක් ඉන්නකො මං නාගෙන එන්නම්.තව පරක්කු වුනොත් රෑ වුනාම නාන්න වෙන්නෙ නෑනෙ……………………”
ශනායා ටවල් එකකුයි බෙඩ් ජැකට් එකකුයි චීත්තෙකුයි අරන් බාතෲම් එකට ගියේ කේසරට ඇහැකුත් ගහලයි.කේසරට නම් දැන් කේන්තියිත් එක්ක.කේසර පුතාව අතට අරගෙන නැලෙව්වා.පුතාට දැන් සති දෙකයි. කේසර නම් පුතාට හැමෝටම වඩා හරිම ආදරෙයි.
“පුතා නිදිද කේසර…………………….”
ශනායා ඇවිත් කේසර ගාවින් වාඩි වුනා.පුතා හිටියෙ කේසරගේ පපුව උඩ. ශෝක් තාත්තියි පුතායි.ආදරේ හිතෙනවා මෙහෙම දකිනකොට.කේසර පුතාව තොටිල්ලෙන් තියලා කුඩා නෙට් එක දැම්මා.
“මොකද ඔහොම බලන්නෙ?මොනවා හරි ඕනි වෙලාද?………………….”
කේසර බලපු විදිය ශනායාට ඇල්ලුවෙ නෑ.හෙමින් හෙමින් පිටිපස්සට ආපු ශනායා ඇඳෙන් ඉන්දවුනා.ඇඳේ දෙපැත්තෙන් අත් දෙක තියපු කේසර ශනායාව මැදි කර ගත්තා.ඇය නම් හිටියෙ බියෙන් ගැහි ගැහි.නපුරා මොකාට එන්න හදනවද දන්නෑ.
“ඕනි තමුසෙව.හාද?…………………”
කේසර ඒක ඇහුවෙ ශනායගෙ මුහුණටම පාත් වෙලා.ඇය ඔහුගේ කටට ඇඟිල්ලක් තබා ඔහුව නිහඬ කරා.
“ඔයා අද හරි අමුතුයි කේසර…………………….”
“හ්ම්ම්.තමුසෙ මේ දවස් ටිකේම මගෙන් සෑහෙන වැඩ ගත්තා.නපුරිච්ච්.මාත් ඉතින් පව්නෙ කියලා වැඩ ටික කරලා දුන්නා.මගෙ කොල්ලව මාස දහයක් තිස්සෙ බඩේ තියාගෙන හැදුවනෙ ඉතින්……………………”
“ඉතින් මාත් පව්නෙ.මට තාම මහන්සි වෙලා වැඩ කරන්න හොඳ නෑනෙ. බබාගෙ තාත්ති ඉතින් වැඩක් කරලා දුන්නට පව් සිද්ද වෙන්නෙ නෑ……………………”
“එහෙනම් ඉතින් ඉක්මනට සනීප වෙනවකො.මාත් ගන්නම් තමුසෙගෙන් වැඩ.නපුරිච්චි…………………..”
එහෙම කියපු කේසර පාත් වෙලා මගෙ කන හැපුවා.මං ඌයි කියලා කෑ ගැහුවා.නපුරාට අහු වෙන්නෙම මගෙ කන,කට තමයි හැම වෙලේම.
“තමුසෙට දෙයක් කියන්න.කලබල වෙන්නෙ නෑ නේද?ඔයා දුක් වෙලා අඬලා මහන්සි වෙන්න හොඳ නෑනෙ.ඒ නිසයි මං මේ ගැන නොකිව්වෙ……………………..”
“ඔයා මොකක්ද කියන්ම හදන්නෙ කේසර?…………………….”
“මැණික……ඔයාට ආයෙ……….අම්මා කෙනෙක් වෙන්න බෑ රත්තරං.ඔයාට පුතා හම්බෙච්චි වෙලාවෙ මට ඩොක්ටර් මේ ගැන කිව්වෙ………………..”
අනේ දෙයියනේ මේ ඇත්තද කේසර. අනේ මොනවද මේ සිද්ද වුනේ?😭😭😭
ඇය කේසරට තුරුල් වෙලා සෑහෙන වෙලාවක් ඇඬුවා.කේසර ඇගේ හිස අතගෑවා.වචනයෙන් නොකිව්වත් කේසරටත් මේ ගැන සෑහෙන දුකක් තියෙන්නෙ.කේසරත් හීන මැව්වා දරු පැටව් ගොඩාක් හදන්න.ඒත් ඒ හීනෙ එක දරුවෙකුට පමණක් සීමා වෙලා. ඒත් ඔහු ඇයගේ සිත රිදෙව්වෙ නැහැ.
“අඬන්න එපා ශනායා.ආයෙ අපිට තව දරුවෙක් හදන්න බැරි වුනාට මේ දරුවා ගැන හිතලා සතුටු වෙමු.දැන් ඔය අඬන එක නවත්තන්න…………………….”
“ඒත්……ඒත් ඔයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන නේද හිටියෙ කේසර දරුවො හතර පස් දෙනෙක්වත් හදන්න.ඔයාගෙ ඒ හීනෙ මං නිසා නේද නැති වුනේ?……………………”😭😭
“අඬන්න එපා මැණික.පුතාට අවුරුද්දක් විතර වුනාම අපි තව දරුවෙක් හදා ගන්න ගම්මු.අඬන්නෙ නැතුව ඉන්නකො…………………….”
වසර හයකට පසුව👇👇👇
“ශනායා මොකද මේ පුතාගෙ අතෙයි කකුලෙයි වේවැල් පාර හිටලා.මොකටද තමුසෙ ළමයට ගැහුවෙ ආ?කතා කරනවා…………………….”😡😡
කේසර හිටියේ ගොඩාක් කෝපයෙන්. එයා දන්නෙ ඉතින් කේන්ති ගන්න විතරයිනෙ.පුතා මොන වැරැද්ද කරත් එයාට කිසිම ගානක් නෑ.තාත්තා වගේමයි පුතාත් හැදෙන්නෙ.
“ඔයා දන්නවද පුතා මොකද කරලා තියෙන්නෙ කියලා?……………………”😡
“ඇයි මොනවද පුතා කරලා තියෙන්නෙ?……………………”
“ඉස්කෝලෙදි කැඩිච්ච අඩිරූල් කෑල්ලකින් ගෑණු ළමේකුට ඇනලා.ඒ ළමයගෙ පපුව හීරිලා ලේත් ඇවිල්ලා.ඒ ළමයගෙ අම්මයි තාත්තයි අද ඉස්කෝලෙට මටත් බැන්නා.මං බොහොම අමාරුවෙන් ශේප් කර ගත්තෙ………………….”
ඒ පාර නම් කේසරගෙ සද්දෙ නැති වුනා.මූ මං දිහා හොරෙන් බලලා බිම බලාගෙන කල්පනා කරනවා.තාත්තා කරපු වැඩේමයි පුතා කරේත්.
“තාත්තා වගේ නැතෑ පුතාත්………………….”😁😉😊
මං එහෙම කිව්වෙ ඒ අඳේම පැත්තකින් වාඩි වෙලා.
“තාම ඒ අතීතෙ මතකයි වගේ නේද?කෝ බලන්න…………………..”
කේසර මගෙ ළඟින් වාඩි වෙලා ගව්මෙ කර චුට්ටක් පාත් කරලා බැලුවා.ඒ තුවාල කැලල තාම එහෙම්මම තියනවා.
“මේක මැකෙනෙකක් නැද්ද?……………….”
“නෑ කේසර.මෙච්චර ලොකු තුවාල කැලලක් මැකෙන්නෙ නෑ.කමක් නෑ ඔහෙ තිබුනු දෙන්.ආදර සිහිවටන එහෙම නැති වෙන්න දෙන්න හොඳ නෑනෙ……………………..”
මං එහෙම කිව්වෙ එයාගෙ දෙතොල් මත මගේ දෙතොල් තබන ගමන්.සිහින් සිරි පොද වැටෙන ආදරණීය රාත්‍රියක ගෙවන මේ හෝරාවන් කිහිපය එයාගෙත් මගෙත් ආදර හැඟීම් උමතුවෙන් වගේ ඉස්මතු වෙලා.එයාගෙ දෙතොල් මගේ මුව පුරා උමතුවෙන් වගේ සැරිසරන්නෙ මටවත් හිතන්න වෙලාවක් නොදී.මගේ හිතේ ආදරණීය හැඟීම් ගොන්නක් ඇති වෙද්දී ඔහු මහේ ළය මඩලේ හිස තබා ගත්තේ මරනයේදීත් කිසිදාක මාත් දරු දෙදෙනාත් හැර නොයන පොරොන්දුව පිටයි.❤️❤️❤️❤️❤️❤️❤️
අවසානයි