“ඉක්මනට දේවාන්ශිව හොස්ටල් එකට යවන්න ඕනි ගයන්ත…………….”
“ඒ ඇයි?…………..”
“මං කැමති නෑ දේවාන්ශි මෙහෙ ඉන්නවට.මට ඒකිව පේන්න බෑ.ඒකි මහා කාලකණ්ණි කෙල්ලෙක්.ඒකි හින්දා මං සෑහෙන්න දුක් වින්දා.මගෙ දරුවො දෙන්නට ඒකිගෙන් අනතුරක් වෙයි කියලා මට බයයි…………….”
දෙයියනේ අම්මා මොනවද මේ බාප්පට කියන්නෙ?මං මොකටද නංගිටයි මල්ලිටයි අනතුරක් කරන්නෙ?දෙයියනේ……අම්මා කෙනෙකුට පුලුවන්ද තමන්ගෙ දුවට කාලකණ්ණි කෙල්ල කියලා කියන්න.ඇයි අම්මා මට මෙහෙම සලකන්නෙ?…….කාමරේ දොර ගාවට වෙලා මං අම්මගෙයි බාප්පගෙයි කතාව අහගෙන හිටියා.
“තමුසෙ මහ පුදුම අම්මා කෙනෙක්නෙ ඕයි.ඒ තමුන්ගෙ ලොකු දුව කියලා තමුන්ට අමතක වුනාද?ඇයි තමුසෙ දේවාන්ශිට ඔච්චර වෛර කරන්නෙ?තමුසෙට ඒ කෙල්ල ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද?……………”
බාප්පා තරම්වත් අම්මා මට අනුකම්පා කරේ නෑ.අම්මා මට ඇයි මේ තරම්ම වෛර කරන්නෙ?මොකක්ද මං එයාට කරපු වරද මට මෙහෙම කරන්න.
“දුක?මට ඒකි ගැන කිසිම අනුකම්පාවක් නෑ ගයන්ත.ඒකි මහ අවාසනාවන්තියක්.ඉපදිලා අවුරුද්දක් යන්න කලින් මහ එකා මළා.ඒකිව හදා ගන්න මං කොච්චර දුක් වින්ද්ද.මං ඒ කාලෙ ඩේවිඩ්ට කොච්චර මට දැන්ම දරුවෙක් එපා කියලා.එයාගෙ උවමනාවටයි මං දේවාන්ශිව බඩේදිම මරන්නැතුව ඉපදුවෙ……………”
අනේ දෙවියනේ අම්මා මොනවද මේ කියන්නෙ?එයා මාව ඉපදෙන්නත් කලින් මරන්න හැදුවද?එතකොට අප්පච්චි හින්ද්ද එයා මාව මරන්නෙ නැතුව මේ ලෝකෙට බිහි කරේ. අනේ………😭😭අම්මා කෙනෙකුට මෙච්චර දරුණු වෙන්න පුලුවන්ද?
“ඩේවිඩ් මළේ ඇක්සිඩන් එකකින්. ඒකට කොහොමද දේවාන්ශි වැරදිකරයෙක් වෙන්නෙ.තමුසෙගෙ විකාර නාලනී.මාත් දේවාන්ශිට මුලදි එච්චර කැමැත්තක් තිබුනෙ නෑ තමයි.
ඒත් අපි හිතනවා වගේ ඒ ළමයා නරක නෑ.අද අපේ දුවගෙ කරේ දේවාන්ශි එයාගෙ මාලෙ දැම්මා එයාගෙන් තෑග්ගක් විදියට.තමුසෙ ඒ කෙල්ලට කොච්චර වෛර කරත් ඒ කෙල්ලගෙ හිතේ අපි ගැන කිසිම තරහක් වෛරයක් නෑ…………….”
“එයා එහෙම කරන්නෙ අපේ හිත් දිනා ගන්න ගයන්ත.මං එයාට වෛර කරනවා……………”
“අපේ හිත් දිනා ගන්න නම් ලක්ෂ ගානක් වටින මාලයක් ඒ කෙල්ල දෝණිට දෙයිද?හිත් දිනාගන්න නම් කරන්න තව ඕන තරම් දේවල් තියනවා.අම්මා කියන නමටත් තමුසෙ අපහසයක් ඕයි.අපි මේ සැප විඳින දේපල වලින් බාගයක්ම අයිති දේවාන්ශිගෙ තාත්තට.කෙලෙහි ගුණ අමතක කරන්න එපා ගෑනියෙ…………..”
“තමුසෙට මොකද දේවාන්ශි ගැන ඔච්චර කැක්කුමක්?ඊළඟට මොකක්ද තමුසෙගෙ ප්ලෑන් එක?…………….”
“මට දේවාන්ශි ගැන අමුතු කැක්කුමක් නෑ.තමුසෙගෙ ඔය පව්කාරකම් කවදා හරි මේ දරුවො දෙන්නා පිටින් යයිද කියලයි මට බය……………”
අම්මයි බාප්පයි හොඳටම රණ්ඩු වෙනවා මං ගැන කියලා.මං කාමරේට ඇවිත් දොර වහගෙන හොඳටම ඇඬුවා.අනේ අප්පච්චී මාවත් ඔයා ඉන්න ලෝකෙට එක්කන් යන්න.මට බෑ මෙහෙ ඉන්න.අම්මා මට ආදරේ නෑ අප්පච්චී😭😭😭
“ලොකු බේබි…..ලොකු බේබි නැගිටින්න දැන් හොඳටම රෑ වෙලා……………”
“අනේ දන්නෙමත් නැතුව මට ගොඩාක් වෙලා නින්ද ගියා දයාවතී නැන්දෙ.දැන් නම් බඩගිනියි වගේ…………..”
“යමු කෑම කන්න බේබි.ගෙදර හැමෝම කෑම කෑවා.මං මේ සැරින් සැරේට ඇවිත් බලලා ගියේ ලොකු බේබි ඇහැරිලාද කියලා…………..”
මං දයාවතී නැන්දත් එක්කම කුස්සියට ගියා.දයාවතී නැන්දා බත් එක්ක හදපු පොලොස් මාළුවයි පරිප්පු හොද්දයි ගෝවා කොල මැල්ලුවමයි චිකන් කරියයි හරිම රසයි.ගොඩ කාලෙකට පස්සෙ මං මේ වගේ රසට කෑම වේලක් කෑවෙ.වෙනදා නම් මෙහෙම රසට කන්න ලැබෙන්නෙ නෑ.
“කෑම ටික නම් ගොඩාක් රසයි නැන්දෙ. නැන්දට ගොඩාක් රසට උයන්න පුලුවන්නෙ………….”
මං එහෙම කිව්වම දයාවතී නැන්දා හිනා වෙලා මගේ ඔලුව අතගෑවා.එයා තමයි මාව පුංචි කාලෙ ඉඳන්ම අම්මා කෙනෙක් වගේ රැක බලා ගත්තෙ.
කාලා ඉවර වෙලා මං සාලෙට යද්දී ගෙදර හැමෝම ටීවි බලනවා.අම්මා නම් මං දිහා බලලත් අහක බලා ගත්තා.නංගියි මල්ලියි මං ගාවට දුවලා ආවා.මං එයාලා දෙන්නව දෙපැත්තෙන් තියාගෙන සෝෆාවෙ වාඩි වුනා.
“අක්කෙ ඔයා ඇයි හොස්ටල් එකේ ඉඳන් ඉස්කෝලෙ යන්නෙ?මෙහෙ ඉඳන් අපේ ඉස්කෝලෙටම යන්න පුලුවන්නෙ. අනේ අම්මෙ අක්කව මෙහෙ ඉස්කෝලෙට දාන්නකෝ…………..”
නංගී අම්මට එහෙම කියද්දී අම්මා රවලා අපි දිහා බැලුවෙ.
“ඔව් ඔව්.දෙන්නත් එක්ක එකතු වෙලා නටන්න වෙන්න ඇති.අක්කා එයාගෙ පාඩුවෙ එහෙ ඉස්කෝලෙට ගියාපුවාවෙ.එයා මේ ඉස්කෝලෙට එන්න ඕන්නෑ……………”
“ඕකට ඉතින් ඒ ළමයට ඔච්චර හයියෙන් කෑ ගහන්න ඕනයැ නාලනී. ඔයාගෙ වැඩේම දේවාන්ශි ගෙදර ආපු වෙලාවෙ ඉඳන් මොකක් හරි ඇදයක් හොයාගෙන ඒ ළමයත් එක්ක රණ්ඩු වෙන්න හදන එකමයි…………..”😡😡
“බාප්පෙ අම්මට කෑ ගහන්න එපා.තව ටික දවසයිනෙ.මං ඉක්මනට හොස්ටල් එකට යන්නම්…………..”
මං බාප්පට එහෙම කිව්වෙ අම්මා තවත් නංගිට කෑ ගහයි කියලා හිතලා.
“නෑ නෑ.දේවාන්ශි නිවාඩුව ඉවර වෙලා මිසක් ඊට කලින් හොස්ටල් එකට යන්න ඕන්නෑ……………”
“ආ…..මේක මාර වැඩක්නෙ ගයන්ත.මේ ඉන්නෙ ඔයාගෙ දරුවො දෙන්නා මිසක් මේකි ඔයාගෙ දරුවා නෙවෙයි.ඔයාට කොහෙන්ද මේ දේවාන්ශි ගැන මෙච්චර කැක්කුමක්?……………”😡😡
“ඔයත් එක්ක නම් කතා කරලා වැඩක් නෑ නාලනී.දේවාන්ශි හොස්ටල් එකේ ඉඳන් ගෙදර ආවා විතරයි ඒ ළමයට පාඩුවෙ ඉන්න දෙන්නෑ.මට නම් දරුවො තුන්දෙනාම එකයි වෙනසක් නෑ. දේවාන්ශිට හොස්ටල් එකේම ඉඳන් ඉගන ගන්න ඇරියෙ මෙතන ආවොත් තමුසෙ ඒ කෙල්ලව මරාගෙන කන්න හදනවනෙ……………”😡😡
“අනේ දැන් ඇති බාප්පෙ ඕක නවත්තන්න.ඔයාලා දෙන්නා මං හින්දා රණ්ඩු කරගන්ම එපා.මං ආපහු හොස්ටල් එකට යනවනෙ.එතකල්වත් ඔයාලා මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…………..”
එහෙම කියලා අඬාගෙනම මං කාමරේට ආවා.මුලු ජීවිතේ ගැනම මට දැනුනේ මහා කලකිරීමක්.තව මාස තුනහමාරකින් මට ඕලෙවල් එක්සෑම් පටන් ගන්නවා.ඒකටවත් මුහුණ දෙන්න තරම් මගෙ හිත ශක්තිමත් නෑ.
ඒත් කොහොම හරි විභාගෙ පාස් වෙන්න ඕනි.අවුරුදු දහඅට ලැබුවට පස්සෙ රස්සාවක් කරලා තනියම ජීවත් වෙන්න උගත්කමක් තියෙන්න ඕනිනෙ. හොඳ රස්සාවක් කරන්නවත් විභාගෙ පාස් වෙන්න ඕනි.අම්මා මං ගැන් බලන්නෙ නැති නිසා මට ජීවිතේට මුහුණ දෙන්න ඕනි තනියම.
දින කිහිපයක්ම අසීරුවෙන් අමාරුවෙන් ගෙවිලා ගියා.මං හින්දා අම්මයි බාප්පයි හැමදාම රණ්ඩු විතරයි.ඒ රණ්ඩු වලට මුලත් අම්මාමයි.ඇයි අම්මා මට මෙහෙම වෛර කරන්නෙ?මං එයාගෙ දරුවෙක් නෙවෙයිද?අප්පච්චි මැරුණෙ මගේ අවාසනාවට කියලයි අම්මා කියන්නෙ.
එයාට අප්පච්චිගෙ මරණෙ ගැන දැන් දුක් වෙන්න උවමනාවක් නෑනෙ එයාගෙ ලෝකෙ සැමියෙක් ඉන්නවනෙ දැන්.මට මේ මොකුත්ම හිතා ගන්න බෑ. අම්මා මට කොච්චර වෛර කරත් මගෙ හිතේ එයා ගැන් තරහක් ඉපදෙන්නෙ නෑ.මොනවා කරත් ඒ මගෙ අම්මනෙ කියලා මට හිතෙනවා.
අප්පච්චිගෙ කීමට හරි එයා මාව මාස දහයක් බඩේ තියගෙන හැදුවනෙ.අප්පච්චි ජීවතුන් අතර හිටියා නම් මං කොයි තරම් සතුටින් ඉඳීඳ?අම්මා ඉඳලත් අද මං ජීවත් වෙන්නෙ අනාථයෙක් අසරණයෙක් ගානට.දෙමව්පියො නැතුව දරුවො මොන තරම් අන්ත අසරණ භාවයට පත් වෙනවද?
“දේවාන්ශි…..පුතේ ඔයා නිදිද?………….”
“නෑ බාප්පෙ.ඇයි?………….”
කඳුලුත් පිහදාගෙන මං බාප්පා දිහා බැලුවා.එයගෙ අතේ පොඩි පාර්සලයක් තිබුනා.ඒ මොනවද කියලා මං ඇහුවෙ නෑ.
“අම්මා කියන දේවල් ඒ හැටි ගනන් ගන්න එපා පුතේ.එයාට වෛර කරන්න එපා.මොන දේ වුනත් එයා ඔයාගෙ අම්මනෙ.මෙතන රුපියල් පනස්දාහක් තියනවා.
ඕලෙවල් එක්සෑම් ලඟයි නේද?හොඳට පාඩම් කරලා විභාගෙ පාස් වෙන්න.ඔයාට මෙහෙ ඉඳන් සැනසීමෙ පාඩම් කරන්නත් බෑනෙ.
මං ඔයාලගෙ රෝසි මැඩම් එක්ක කතා කරා.ඔයා කැමති නම් හොස්ටල් එකට යන්න.මං ඔයාට යන්න කියන්නෙ හිතකින් නෙවෙයි පුතේ.ඒත් ඔයාට මෙහෙ ඉඳන් පාඩම් කරලා විභාගෙ පාස් වෙන්න බෑ…………..”
මට බාප්පා ගැන දුකත් හිතුණා.එයා මට අප්පච්චී වගේ ආදරෙයි.ඒත් අම්මාගෙ ආදරේ නැතුව වැඩක් තියෙනවද?මට මෙච්චර වෛර කරන්න තරම් මං අම්මට වරදක් කරලා නෑ.බාප්පා කියපු දේ ඇත්ත. මෙහෙ ඉඳලා මට විභාගෙට පාඩම් කරන්න බෑ.ඒ නිසා මං ආපහු හොස්ටල් එකට යනවා.
“ඔයාගෙ කතාව ඇත්ත බාප්පෙ.මං හෙටම හොස්ටල් එකට යනවා.මට කොහොම හරි විභාගෙ පාස් වෙන්න ඕනි………….”
“ඒක හොඳයි පුතේ.ආ මේක ඔයාට පුතේ.මේ ඕලෙවල් වලට අවශ්‍ය පොත් වගයක්……………”
“තැන්ක්‍යූ බාප්පෙ……………”
අම්මාවත් කවදාවත් මට පොතක් පෑණක් පැන්සලක් අරන් දීලා නෑ.එයා කරන්නෙ එකම දෙයයි.ඒ මගෙ ක්ලාසස් වලට සල්ලි ගෙවන එකයි ස්කූල් පීස් ගෙවන එක විතරයි.
පහුවදා උදෙන්ම අම්මා මාව හොස්ටල් එකට ගෙනත් ඇරලුවා.ගේට් එක ගාවට දාලා අම්මා කාරෙකේම යන්න ගියා.අඩුම තරමෙ මං හොස්ටල් එක ඇතුලට යනකල් බලාගෙනවත් හිටියෙ නෑ.
මං එනකල් රෝසි මැඩම් බලාගෙම හිටියා.ආයෙ අමුතුවෙන් මුල ඉඳලා කියන්න දෙයක් නෑ.මගෙ පව්ලෙ හැම විස්තරයක්ම රෝසි මැඩම් දන්නවා.
මතු සම්බන්දයි