කේසර………………..”
“මොකද?…………………”😠
ශික් ඒක අහපු හැටි?අනේ මන්දා මූට මොනවා වෙලාද කියලා?පුදුම නපුරු කමක් තියෙන්නෙ මුගෙ.පොඩ්ඩක්වත් මට ආදරෙන් කතා කරන්න බැරිද?අම්මපා මූ මෙහෙම ගෑස් පෙන්නන්න ගත්තොත් එහෙම මං යනවා අම්මා ගාවට මූට නොකියාම.
“ටිකක් හරි ආදරෙන් කතා කරන්නකො කේසර.ඔයා හරිම නපුරුයි……………….”
“මං නපුරු වුනු එකට තමුසෙයි වග කියන්න ඕනි.තමුසෙ මහ මුරණ්ඩුයි ඕයි.කියන කිසිම දෙයක් අහන්නෙ නෑ………………….”
“ඔයා හිතන්නෙ ඔයාගෙ පැත්තෙන් විතරයි කේසර.ඇයි ඔයාට මගෙ පැත්තෙනුත් හිතන්න බැරි?…………………….”
මං අහපු දේට කිසිම උත්තරයක් නොදී කේසර අනික් පැත්තට හැරිලා නිදා ගත්තා.මං හෙමින් හෙමින් එයාගෙ පැත්තට හැරිලා එක අතකින් එයාගෙ පපුව පිරිමැද්දා.ඒත් එයා සද්දයක් නෑ. නපුරා කිසිම ගානක් නෑ මං ළඟ ඉන්නැද්දී.අඩුම තරමෙ එයා මට කිස් එකක්වත් දෙයි කියලා මං හිතුවා.මං චුට්ටක් ඉස්සිලා කේසරගේ කම්මුල තද කරලා සිප ගත්තා.
“අහකට යනවා මට නිදා ගන්න දීලා. තමුසෙට නිදිමත නැද්ද?…………………”
“මට නිදිමත නෑ.කිස් එකක් දෙනවකො අනේ…………………….”😊😉
මං එයාගෙ පපුතුරුලේ ඇඟිලි තුඩු යවමින් හුරතල් හඬකින් එහෙම කිව්වා.එයා මගේ පැත්තට හැරිලා මං දිහා රවලා බැලුවා.මට දුක හිතුණා.
“කිස් එකක් නෙවෙයි දෙනවා කන පැලෙන්න එකක්.නිදා ගන්නවා වද නොදී…………………”
ඒකට නම් මට ගොඩාක් දුක හිතුණා. මං හිතුවෙ කේසර මං දිහා එක සැරයක් හරි ආදරෙන් බලයි කියලා. එයා අනික් පැත්ත හැරිලා හොඳටම නිදා ගත්තා.නිදාගෙන ඉන්නැද්දි නම් හරිම අහිංසක පාටයි.ඒත් ඉතින් මමනෙ දන්නෙ මෙයාගෙ තියන නපුරු දුෂ්ඨ කම.
“ඔයාගෙ තාත්තිට ගොඩාක් කේන්ති ගිහිල්ලා පැටියො.ඔයා හින්දා මං අද බේරුනෙ.නැත්නම් එයා අරක්කු බොන වෙලාවට මාව බයිට් එකට ගනියි. නපුරා……………………”
ශනායා කුස අත ගාමින් එහෙම කිව්වා. ඇය සිතුවේ කේසරට නින්ද ගිහින් ඇති කියලා.ඒත් කේසර හිටියෙ ඇහැරිලා. ඔහු එකපාරටම ගැස්සිලා වගේ ඇය දෙස බැලුවා.ඒ බැලිල්ලට ශනායා බිය වුනා.
“නපුරිච්චි,මොනවද තමුසෙ ඔය මගෙ ළමයට කියන්නෙ?අනිනවා හිල් වෙන්න ටොක්කක් මගෙ ළමයට අනං මනං කතා කිව්වොත් එහෙම………………….”😠
“මං ඇත්තනෙ කිව්වෙ ඉතින්………………..”
“නිදා ගන්නවා නපුරි.නැත්නම් දෙනවා දෙකක්…………………..”😠
පැයක් හමාරක් විතර ගියාට පස්සෙ කේසර බැලුවා ශනායා දිහා.ඇයට හොඳටම නින්ද ගිහින්.ඇයට සැරෙන් කතා කරලා බැන්නට ඔහුගෙ හිතට ඇය ගැන දුකයි.ඒත් මුරණ්ඩුකමට පාඩමක් උගන්නන්න ඕනි නිසා ඔහු සැරෙන් වගේම හිටියා.ඔහු බැලුවේ ඇයගේ කුස දිහා.ඇය ඇඳන් හිටපු ටී ෂර්ට් එක තිබුනේ ටිකක් ඉස්සිලා.
ඇයට නින්ද ගිහින් තිබුනු නිසා ඔහු ටී ෂර්ට් එක පපුව දිහාට යනකල් උස්සලා ඒ කුස සිප ගත්තා.හිමිහිට කුස මත ඇඟිලි තුඩු යැව්වා.දරුවා හෙමින් හෙමින් දඟලනවා ඔහුගේ සුරතට හොඳින් දැනෙනවා.ඔහු ඉතාමත් ආශාවෙන සහ භක්තියෙන් ඇගේ කුස පුරාවටම හාදු තැවරුවා.
පාන්දරම මට නැගිටින්න කම්මැලිකමක් දැනුනු නිසා මං හත විතර වෙනකල් නිදා ගත්තා.සීතලක් දැනුනු නිසා මං සීට් එක ඔලුවට එනකල්ම පෙරවගන්න හැදුවත් මට අමුත්තක් දැනුනා ඇඟ දිහා බලද්දී. නැගිටලා බලද්දී මං ඊයෙ ඇඳන් හිටපු ටී ෂර්ට් එක තිබුනෙ ඇඳේ පැත්තක.මේ මොකද මේ වෙලා තියෙන්නෙ?මං ඊයෙ නිදා ගත්තෙ ටී ෂර්ට් ඇඳගෙනනෙ.ඒක කොහොමද ගැලවුනේ?මං කල්පනා කරන්නට වුනේ මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා.
මං නැගිටලා ඔලුව අත ගගා වටපිට බැලුවා.කේසර නම් පේන්නවත් හිටියෙ නෑ.එහෙනම් නපුරා තමයි රෑ මට නින්ද ගිය වෙලාවෙ හොරෙන්ම මගෙ ටී ෂර්ට් එක ගලවලා තියෙන්නෙ.මගෙ පිස්සු හබියා මාත් එක්ක තරහ මූණක් පෙන්නගෙන හිටියට එයාට මං ගාවට එන්නැතුව ඉන්න බෑ වගේ.මූ මට හීනෙන් මොනවා කරත් මට දැනෙන්නෙ නෑනෙ. නපුරුකම් පෙන්නුවට හබියා මට ආදරෙයි.
“මේ මොකද මේ තමුසෙට වෙලා තියෙන්නෙ?……………………”
කේසර කිරි වීදුරුවකුත් අරගෙන කාමරේට ආවා.මං ටක්ගාලා බෙඩ්ශීට් එකෙන් පපුව වහ ගත්තා.තොලත් හපාගෙන මනමාල හිනාවක් දාගෙන මං ගාවට ආපු කේසර ඇඳේ පැත්තකින් වාඩි වුනා.මූ මොනවා කියයිද දන්නෑ දැන්.ලැජ්ජාවෙ බෑ දැන් නම්.මං තොලත් හපාගෙන අහක බලා ගත්තා.
“මොකද උදේ පාන්දර කුක්කු එලියෙ දාගෙන?කාටද ඊයෙ රෑ කිරි දුන්නෙ?…………………..”😁😉
“කේසර ඔයා නම්………………….”😁😁
“ඇයි මොකෝ ආ?…………………”
“ඔයා නේද මගෙ ටී ෂර්ට් ගැලෙව්වෙ ඊයෙ රෑ?ඔයා නරි නරකයි කේසර.මට නින්ද යනකල් ඉඳලා………………….”
මං අහක බලාගෙන එහෙම කිව්වා. කේසර මගෙ මුහුණ එයාගෙ පැත්තට හරව ගත්තා.මට ලැජ්ජාවකුත් ඇති වුනා.
“හරි ඉතින් ඕකට මොකද ඔච්චර ලැජ්ජ වෙන්නෙ?මං දැකපු නැති දේවල් නෑනෙ තමුසෙ ගාව.තියනවා නම් දැන්ම පෙන්නනවා…………………..”☺
“අනේ කේසර ඔයා නම්……………………”
“ඇයි මොකෝ ලැජ්ජද ආ?මේ කිරි එක බීලා ඉන්නවා මුහුණ කට හෝදගෙන ඇවිත්……………………”
“ඔයා මාත් එක්ක තාම තරහයිද කේසර?…………………..”
“හ්ම්ම්…………………..”
“එහෙනම් මට කිරි එපා.ඔයාම බොන්න.මාත් එක්ක තරහ නෑ කියනකල් මං කන්නෙත් නෑ බොන්නෙත් නෑ……………………”
“මෝඩි මං තරහ නෑ.තමුසෙට මොංගල් කියලා මං දන්නවා.මුරණ්ඩු ගෑණි.ගිහින් මුහුණ කට හෝදලා මේ කිරි එක බීලා ඉන්නවා…………………”
“ඔය ඇත්තමද කේසර.මං හිතුවෙ ඔයා මාත් එක්ක තරහ වෙලාම ඉඳියි කියලා. මගෙ හොඳ මහත්තයා ආදරෙයි සුද්දෝ………………….”😚😚
මං කේසරගේ නිරුවත් පපුවට තුරුල් වුනා.එයා මගේ පිට අතගෑවා. එතකොටයි මට මීටර් වුනේ මගෙ ටී ෂර්ට් එක නෑ කියලා.මං ටක්ගාලා ටී ෂර්ට් එක ඇඳගත්තා.
මං කිරි එක බීලා උදේට කාලා කාමරේට ඇවිත් අල්මාරිය ඇරලා කොට කලිසමකුයි ලොකු ටී ෂර්ට් එකකුයි ඇඳ ගත්තා.
“මොකෝ මේ ජංගි කොටයක් ඇඳගෙන?ඕවා අඳින්න එපා හිරයි නේද බඩට?………………….”
“ඇඳුම් නෑනෙ අඳින්න.තියන ඒවා ඔක්කොම බඩට හිරයිනෙ………………..”
“එහෙනම් ඇඳුම් නැතුව ඉන්නවා හුලං වැදි වැදී…………………..”
“ආ…………………”😠
“විහිලුවක් කරේ මැට්ටියෙ.ලෑස්ති වෙනවා ඇඳුම් ගන්න යමු. අම්මටයි බබාටයි දෙන්නටම…………………..”
“ආනේ……😀😃ශෝක්නෙ අප්පා.අනී😚ඔයා නම් හලී හොඳයි මහත්තයෝ. ආදලෙයි සුද්දෝ උම්ම්මා…………………..”
කේසරට උම්මා එකකුත් දීලා මං අල්මාරිය ඇරලා ඔක්කොම රෙදි ටික ඇදලා සැහැල්ලු දිග කලිසමකුයි ශල්වාර් ටොප් එකකුයි ඇඳ ගත්තා.
“ඒ පාරත් ඇඳ ගත්තා කලිසමක්…………………..”
“ඉතින් ඇඳුම් නෑනෙ මෝඩයො……………………”
“එහෙනම් එනවා ගන්න යන්න නපුරිච්චි…………………….”
මායි කේසරයි කොළඹ ලොකූ සාප්පුවකට ගියා ඇඳුම් ගන්න.බබාලා හම්බෙන්න ඉන්න අම්මලා අඳින පාට පාට ගව්ම් ගොඩාරියක් කේසර මට අරන් දුන්නා.
“අනේ මේ ඇති කේසර.තව මාස හතරක් වගේනෙ තියෙන්නෙ………………….”
“ඔය ටික ඔක්කොම ගන්නවා.ඊලඟ ළමයා හම්බෙන්න ඉන්නකොටත් අඳින්න පුලුවන්නෙ…………………”
අම්මෝ මේකා හිතලා තියන දුර.තාම පලවෙනි එකා බඩේ.මූ දෙවනියත් හදලා ඉවරයි.මූත් එක්ක නම් ලේසි වෙන්නෑ.
බබාට ඕනි කරන බඩු සේරම අපි ගත්තා.ඇඳුම් නම් ගත්තෙ නෑ.දුවෙක්ද පුතෙක්ද කියලා බලලාම ඒ පාටින්ම ගන්නවා කියලා මං හිතා ගත්තා.ඒත් කේසර නම් ඒකට කැමති වුනේ නෑ.ඒ හින්දා එයාගෙ කැමැත්තට ඉඩ දීලා අපි පාට දෙකෙන්ම ඇඳුම් ගත්තා.
“ඔයා කැමති දුවෙකුටද පුතෙකුටද කේසර?…………………..”
ආපහු එනකොට මං කේසරගෙන් එහෙම ඇහුවා.
“එහෙම බේදයක් නෑ.කෙල්ලොයි කොල්ලොයි කියලා මට වෙනසක් නෑ…………………”
“හ්ම්ම්………………….”
නැවත හමුවෙමු