අනේ දෙයියනේ මොකක්ද මේ සිද්ද වෙච්චි අපරාදෙ.කව්ද මේක කරලා තියෙන්නෙ?…………….”
ප්‍රේමා නැන්දගෙ විලාපය ඇහිලා මං ඉක්මනට සාලෙට ගියා.ප්‍රේමා නැන්දයි අම්මයි විලාප තිය තියා අඬනවා.මගෙ හිත ගොඩාක් කලබල වුනා.
“ඇයි නැන්දෙ මොකද වුනේ?ඇයි ඔයාලා මෙහෙම අඬන්නෙ?අනේ අම්මෙ ඇයි මේ?……………..”
“අනේ දුවේ……😭😭පුතාට කව්ද වෙඩි තියලා.දැන් එයා හොස්පිට්ල් එකේලු. අනේ මගෙ පුතා……………..”😭😭
දෑතින්ම පපුවට ගසාගෙන රේණුකා එසේ පවසද්දී සමනලී සිහිසුන්ව ඇද වැටුනා.ඇයව බිමට වැටෙන්න නොදී අල්ලා ගත් ප්‍රේමා ඇයව සෝෆාවේ හාන්සි කර දිය බිඳක් මුහුණට ඉස්සා. මද වේලාවකට පසු යතා තත්වයට පත් වූ ඇය මහ හඬින් විලාප තබමින් හඬා වැටුනා.
“අනේ අපි ඉක්මනට හොස්පිටල් එකට යමු.මට මහත්තයව බලන්න ඕනි අම්මෙ.අනේ අපි යමු අම්මෙ……………”😭😭
නින්දේ සිටි දුවව වඩා ගත් ප්‍රේමා නැන්දාත් අම්මාත් මමත් දයාපාල මාමාත් සමඟ වෑන් රියේම රෝහල වෙත පැමිණියා.රෝහලේ තිබුනු ඉතා කලබලකාරී ස්වාභාවයක්.තිස්තුන් කෝටියක් දෙවියන් සිහි කරමින් මං ප්‍රාර්ථනා කරේ මගෙ ගිම්හාන් මහත්තයගෙ ජීවිතේ බේරලා දෙන්න කියායි.එයාට මොනවා හරි වුනොත් මං ජීවත් වෙලා නම් වැඩක් නෑ.
පැය ගනනාවක් අපි දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසල සිටියා.අනේ ගිම්හාන් මහත්තයගෙ ජීවිතේට අනතුරක් නම් සිද්ද වෙන්න එපා දෙවියනේ🙏🙏.අම්මා සැරින් සැරේට කඳුලු හෙලමින් අඬනවා.දුවත් සැරින් සැරේට තාත්තිට මොකද වුනේ කියලා අහනවා.අඬලා අඬලා මගෙ මුලු මූණම කඳුලින් තෙමිලා.
කුසට අත තියාගෙන මං පුටුවකින් වාඩි වුනා.මගෙ හිත පුරාම පැතිරිලා ගියේ දැඩි බියක්. කාටවත් වරදක් නොකරපු ගිම්හාන් මහත්තයට කව්ද වෙඩි තිබ්බෙ?ඒ අපරාදෙ කරපු කෙනාට නම් හොඳක් සිද්ද වෙන්න එපා.තාත්තාට වෙලා තියන අනතුර දැනිලා වගේ දරුවත් ගොඩක් දඟලනවා වගේ දැනෙනවා.
කාලය තත්පර,විනාඩි,පැය ගනන් ගෙවී යද්දී දැඩි සත්කාර ඒකකයේ දොර ඇරගෙන ප්‍රධාන වෛද්‍යවරයා එලියට ආවා.මං ඉක්මනින් වෛද්‍යවරයා අසළට දුවගෙන ගියා.
“අනේ ඩොක්ටර් මගෙ මහත්තයට කොහොමද?අනේ එයාව බේරලා දෙන්න ඩොක්ටර්?……………..”😭🙏
අම්මාත් මමත් දෙන්නාම හඬමින් වෛද්‍යවරයාගෙන් එලෙස ඇසුවා. ඔහුගේ මුහුණේ තිබුනේ ලොකු බැරෑරුම් බවක්.
“මිස්ටර් ගිම්හාන්ගෙ බඩේ තිබුනු උණ්ඩ දෙකම අයින් කරා.එයා ඉන්නෙ ලොකු අවදානමක.තාම සිහිය ආවෙ නැති හින්දා මොකුත්ම කියන්න බෑ…………….”
“අපිට එයාව බලන්න පුලුවන්ද ඩොක්ටර්?…………….”
මං එහෙම අහද්දී ඩොක්ටර් ටිකක් වෙලා කල්පනා කරා.ඊට පස්සෙ නර්ස් කෙනෙකුට කතා කරා.
“නර්ස්,මෙයාලව මිස්ටර් ගිම්හාන් ගාවට එක්කන් යන්න.විනාඩි දෙකකට වඩා ඉන්න දෙන්න එපා…………….”
ඒ නර්ස් මගෙ අතින් අල්ලගෙන ගිම්හාන් මහත්තයා ගාවට එක්කන් ආවා.මගෙ රත්තරං මහත්තයා හිටපු හැටි දැකලා මගෙ මුලු ඇඟම සර්වාංගෙම පණ නැතිව ගියා.බඩ වටේටම සම්පූර්ණයෙන්ම බැන්ඩේජ් වලින් ඔතලා.අතට සේලයින් දීලා.එයා හුස්ම ගන්නෙ මැෂින්ස් වලින්.
පෙරදා අපමණ සෙනෙහසකින් මාත් සමඟ මගෙ දුක සැප බෙදාගෙන මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයලා මගෙ ජීවිතේම සතුටින් පුරවපු මගෙ රත්තරං සැමියා අද ජීවිතෙත් මරණෙත් අතර සටනක යෙදිලා ඉන්නවා.ඔහුව ඉක්මනින් සනීප කරලා දෙන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලුවා.
අපි හතර දෙනාම ආපහු ගෙදර ආවෙ කියා ගන්න බැරි තරම් දුකක් සිත් වල රඳවාගෙන.දවස තිස්සෙම මං කරේ අඬපු එක.
“අනේ නෝනෙ දැන් අඬන්න එපා. දෙයියන්ගෙ පිහිටෙන් මහත්තයට ඉක්මනට සනීප වෙයි.දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දී නෝනට ඔය හැටි කෑ ගහලා අඬා වැලපෙන්න හොඳ නෑ. මේ කෑම ටික කන්න නෝනා. බඩගින්නෙ හිටියොත් ඒක දරු පැටියට හොඳ නෑ……………..”
නිවසේ මෙහෙකාරිය වූ ප්‍රේමාගේ බලකිරිල්ල හමුවේ සමනලී බත් කටවල් තුන හතරක් පමණක් කෑවා. දියණියට කවා ඇයව නාවා නිදි කරවූ ප්‍රේමා,සමනලී අසලම ගැවසී සිටියා. රේණුකා සිය පුත්‍රයා වෙනුවෙන් දෙවියන් බුදුන් වැඳ ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරා.ඇයට සිහිපත් වූයේ මෙයින් වසර තිස් හතකට පෙර සිය පුත්‍රයාගේ අනාගතය ගැන එක්තරා ශාස්ත්‍ර කරුවෙකු කී අනාවැකියයි.
ඔහු පැවසූ පරිදි සිය පුත්‍රයාට ඇති මාරක අපලයද මේ සිදු වූයේ?ඇයට එම ශාස්ත්‍රකරුවා කියූ දේවල් සියල්ලම මතකයට නැගුණා.සිය පුත්‍රයාගේ ජීවිතයට අහිමි වූවොත් දරු පැටව් දෙදෙනෙකු සමඟ සමනලී තනිවෙයි. එවිට ගිම්හාන් පිළිඹඳ එම ශාස්ත්‍රකරුවා කියූ සියල්ලක්ම ඒ අයුරින්ම සත්‍ය වේ.සමනලීටත් දරු දෙදෙනාටත් එවැනි තත්වයක් උදා වූවොත් එයට තනිකරම වගකිව යුත්තේ තමායි.
“අනේ මධුර අයියෙ ගිම්හාන් මහත්තයට කව්ද වෙඩි තියලා තියන්නෙ?…………….”
ගිම්හාන් මහත්තයාගේ ප්‍රධානම ගෝලයා වූ මධුරගෙන් මම එලෙස විමසුවෙමි.
“බොස්ට තරහකාරයො නම් කිහිප දෙනෙක් හිටියා මැඩම්.ඒ අය බිස්නස් ෆීල්ඩ් එක නිසා ඇති වුනු තරහකාරයො.මේ දේ කරලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි අර…..ලොයිඩ් වර්ණසූරිය කියන මිනිහා.කොච්චර හතුරො හිටියත් ඌ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ගිම්හාන් මහත්තයට මෙහෙම දෙයක් කරන්න කවදාවත් උත්සහ කරලා නෑ……………..”
ලොයිඩ් වර්ණසූරිය😡😡👹️ඉපදිච්ච මොහොතෙම මාව එපා කියලා ප්‍රථික්ෂේප කරපු මගෙ තාත්තා. දෙමව්පියො ජීවතුන් අතර ඉඳලත් පුංචි කාලෙ ඉඳලම මං ළමා නිවාසෙක ජීවත් වුනේ අනාථයෙක් විදියට.මාව තත්වෙට පත් කරපු මගේ තාත්තා අද දෙවෙනි පාරටත් මගෙ ජීවිතේ නැති කරන්න ලෑස්ති වෙලා.
නෑ මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ.මගෙ මහත්තයගෙ ජීවිතේට මොනවහරි වුනොත් මං තරම් ලොයිඩ්ට නරක කෙනෙක් තවත් නැති වෙයි.😡😡
ඇගේ කේන්තියේ වෛරයේ ගිනිදැල් බුර බුරා නැගුනා🔥🔥😡👹️😡සිය සැමියාව මාරයා වෙත රැගෙන යාමට උත්සහ කරන තම පියා ගැන ඇගේ සිතේ ඇති වූයේ මහා සාගරයකටත් වඩා විශාල කේන්තියක් හා සදා නොමැකෙන වෛරයක්.ඇගේ මුහුණ පුරාම ඒ වෛරයෙ ගිනිදැල් මතු වුනා.
“දයාපාල මාමෙ වාහනේ එලියට ගන්න. මට පොඩි ගමනක් යන්න ඕනි…………..”
එහෙම කියපු මං ප්‍රේමා නැන්දට දුවව බලා ගන්න කියලා කාර් එකේ ඉස්සරහ සීට් එකට නැග්ගා.
“මාමා දන්නවා නේද ලොයිඩ් වර්ණසූරියගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ කියලා?…………….”
“ඔ…..ඔව් නෝනා.ඒත් නෝනව එහෙ එක්කන් ගියොත් ලොකු නෝනා මට හොඳටම බනියි……………..”
“මාමා බය වෙන්න එපා.මං රණ්ඩු වෙන්න නෙවෙයි යන්නෙ.අම්මා මොනවහරි කිව්වොත් මං බලාගන්නම්.අපි දැන් ඉක්මනට ලොයිඩ්ගෙ ගෙදරට යමු…………….”
සිතේ බුර බුරා නැඟුනු වෛරය සඟවාගෙන මම දයාපාල මාමට එහෙම කිව්වා.ඊට පස්සෙ පැයකට විතර පස්සෙ අපේ කාරෙක ලොයිඩ්ගේ නිවස අසලින් නතර කෙරුනා.දයාපාල මාමට කාරෙකේම ඉන්න කියපු මම ගේට්ටුවට තට්ටු කරා.ගේට්ටුව කඩාගෙන නිවස ඇතුළට යන්න තරම් මගෙ කේන්තිය වෛරය ප්‍රබල වුනා. විනාඩි කිහිපයකට පසුව මුරකරුවෙකු පැමිණ ගේට්ටුව විවෘත කරා.
“ලොයිඩ් මහත්තයා ගෙදර ඉන්නවද?……………..”
ඒ මනුස්සයා මගෙන් දෙයක් අහන්න කලින් එහෙම ඇහුවා.
“මහත්තයා ඉන්නවා නෝනා……………..”
“වෙන කව්ද ගෙදර ඉන්නෙ?………………”
“ලොකු නෝනයි පුංචි නෝනයි ඒ නෝනෙගෙ මහත්තයයි……………..”
ඒ මනුස්සයා එහෙම කිව්වා.මං අනවසරයෙන්ම වත්තට ඇතුල් වෙලා ඉදිරියට ගියා.අර මනුස්සයත් මගෙ පස්සෙන්ම ආවා.ගේ ඇතුලෙන් සිනහ හඬවල් කටහඬවල් කිහිපයක්ම ඇහුනා.මගෙ මනුස්සයගෙ ජීවිතේ අනතුරේ දාලා මුන් සතුටු වෙනවා.ගෙයි දොරකඩටම ගිය මන් අවසරයින් තොරව සාලෙට ඇතුල් වුනා.
“ලොයිඩ්……වරෙන් යකෝ එලියට.මගෙ මිනිහට වෙඩි තියලා උඹ සතුටින් ඉන්නවද?බැහැපිය එළියට……………..”😡😡🔥🔥
වෛරයේ කෝපයේ ගිනදැල් දලු ලා වැඩෙද්දී සමනලී ගිරි යටින් එසේ පවසා කෑ ගසද්දී නිවැසියන් සියලූම දෙනා සාලෙට පැමිණියා.සමනලීව දුටු ඔවුන් පුදුමයට පත් වුනා.ලොයිඩ් සහ ඔහුගේ බෑණා මින් පෙර සමනලීව දැක නොතිබුනත් ඉරේෂා සහ ඇගේ මව සමනලීව දුටු ගමන්ම අඳුරා ගත්තා. කෝපයෙන් වියරු වැටී සිටි ඇයගේ මුහුණ වෛරයේ ගින්දැල් වලින් දිලිසුනා.
“තමුන් කව්ද?…………..”
ලොයිඩ් එලෙස විමසුවේ ඇය තම දියණිය බව නොදැනයි.
“මමද😡🔥මම ගිම්හාන්ගෙ වයිෆ්.උඹ මගේ අහිංසක මනුස්සයට වෙඩි තිබ්බා.එයාට මොනවා හරි වුනොත් මං තරම් නරක ගෑණියෙක් තමුන්ට තවත් නැති වෙයි.මගෙ මිනිහගෙ ජීවිතේට මොනවා හරි වුනොත් මං…..මං ඔහේව ඉවරයක් කරනවා……………..”😡😡
දත් මිටිකාගෙන වෛරයේ ගිනි සිළුවෙන් ඇවිලුනු හැපින්නක් සේ ඇය කෑ ගසා පැවසූ වදන් හමුවේ ලොයිඩ් මදක් බිය වූවා.නමුත් ඒ බව ඔහු ඇයට පෙන්වූයේ නෑ.
“ආහ්…..තමුන්ද උගෙ ගෑණි.මෙහෙ ආවේ මට තර්ජ්නේ කරන්නද?ඔව් මං තමයි ඌට වෙඩි තිබ්බෙ.මේ ලොයිඩ් වර්ණසූරිය තමයි ඌට වෙඩි තිබ්බෙ. ඌ මැරුණු දවසට තමයි මට සැනසීමක් ලැබෙන්නෙ.තමුන්ගෙ කටට බෑ මාව බය කරන්න.අනාථ හිඟන බැල්ලි එනවා මෙතන මට තර්ජනේ කරන්න……………..”😡😡
ලොයිඩ්ගේ ඒ වචන සමනලීගේ ක්‍රෝධය තවත් වැඩි කරා.ඇය ඒ වදන් වලට මදක්වත් බිය වූයේ නෑ.තමා ගැබිනියක් බවද අමතක කෙරූ ඇය මෙහි සිටින්නේ තම පියා බවද අමතක කෙරූ ඇය දත් මිටි කාගෙන සිටියා.
“අනාථ නිවාසෙක හැදිච්ච හිඟන්නි එනවද මෙතන මගෙ මහත්තයට තර්ජනේ කරන්න?උඹේ මිනිහා ඉක්මනට පරලෝකෙට යයි.ඌ තවත් ජීවත් වෙන්නෙ නෑ.
මේ වහලෙ යටටම ඇවිත් අපිට මෙහෙම කතා කරන්න උඹට කොහෙන්ද හයියක් ආවෙ?බඩදරු ගෑණියෙක් නිසයි ඉවසුවෙ, නැත්නම් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නෙ.තෝ කවුද අපිට මෙහෙම චණ්ඩිකම් පෙන්නන්නෙ?………….”😡😡
ලොයොඩ්ගේ බිරිඳ ශ්‍යාමලී එසේ පැවසුවත් ඔවුන් කිසිම කෙනෙකු දන්නෙ නෑ ලොයිඩ් සහ ශ්‍යාමලී පැවසූ වදන් සමනලීගේ අත් බෑගයේ ඇති දුරකථනයේ රෙකෝඩ් වන බව.
“මං කව්ද කියලා තමුන්ලාට දැන ගන්නම ඕනිද?…………….”😡😡
“හිඟන්නි……තෝ අම්මා අප්පා නැති අනාථ හිඟන්නියක්…………….”
දත් මිටි කාගෙන එසේ පැවසූ ලොයිඩ් ඇයට ගහන්න අත ඉස්සුවත් ඉරේෂා ඔහුව වැලැක්කුවා.
“අනේ සමනලී ඔයා දැන් මෙහෙන් යන්න…………….”
“නෑ මං යන්නෙ නෑ.මං කව්ද කියලා තමුසෙලා පුදුම වෙයි.මං ආවෙ පලි ගන්න.උඹලා කවුරු වුනත් ගිම්හාන්ගෙ ජීවිතේට හානියක් වුනොත් මං ඒක ලේසියෙන් අතාරින්නෙ නෑ……………..”😡😡
“ඇයි තෝ අපිට මොනවා කරන්නද?පුදුම වෙන්න උඹ මහ රැජිනද?කව්ද උඹ?……………..”😡😡
“මමද??මං ප්‍රසන්න ගිම්හාන් එදිරිසිංහගෙ බිරිඳ.සමනලී සහන්‍යා එදිරිසිංහ.තවත් විදියකට කිව්වොත් මීට අවුරුදු විසි හතරකට කලින් පිරිමි දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉඳලා ගෑණු දරුවෙක් නිසා උපන්න මොහොතෙම එපා කියලා ප්‍රතික්ෂේප කරපු තමන්ට ඉපදුනු ඒ දරුවාව ඔහේලාට මතකද?ආන්න ඒ දරුවා තමයි මම.
හොඳට අහ ගන්නවා මම තමයි ඔහේලා දෙන්නගෙ බාල දුව. අම්මා තාත්තා ජීවතුන් අතර ඉඳත් අවුරුදු ගානක් තිස්සෙ අනාථයෙක් වගේ මං හැදුනෙ ළමා නිවාසෙක.තමුන් වගේ පහත් මිනිහෙකුට දාව ඔහේ වහේ පහත් ගෑණියෙක් කුසේ ඉපදුනු එකට මං ලැජ්ජ වෙනවා.හැබැයි මගෙ මනුස්සයට මොනවා වුනොත් මං ඔහේලාගෙන් පලි ගන්නවා………………”😡😡
සමනලීගේ වදන් ඇසුනු ශ්‍යාමලීගේ සහ ලොයිඩ්ගේ ඇස් විමතියෙන් ඇලී ගියා.මුහුණට මුහුණ බලා ගත් සිව් දෙනා මොහොතකට ගොලු වුනා.කතා කරගන්නට වචන නොමැති වුනා. තවත් එතන නොරැඳි පිටව ආ සමනලී කාරෙකේ නැඟ නිවසට පැමිණියා.
අපේ ප්‍රාර්ථනා ආයාචනා හැම එකක්ම සුනු විසුනු වුනා.දෛවයා අපිට කියා ගන්නටවත් නොහැකි තරම් කුරිරු වුනා.දවස් තුනකට පස්සෙ ගිම්හාන් මහත්තයා ගෙදර ආවා. හැබැයි ඒ වෙනදා වගේ නෙවෙයි.සුදු පාට ජාතික ඇඳුම ඇඳලා ලස්සනට සරසපු පෙට්ටියකින් තවත් කිහිප දෙනෙකුගේ කර මතින්.
මං ඇඬුවා කෑ ගහලා ඇඬුවා.මගේ දුක මෙතෙක් කියලා නිම කරන්නට බෑ.මුලු ජීවිතේම කුණාටුවකට අහු වුනා වගේ. කාත් කවුරුවත් නැති අනාථයෙක් අසරණයෙක් වගේ ජීවත් වෙච්චි මට ලස්සන ජීවිතයක් උරුම කරේ ගිම්හාන් මහත්තයා.මට මහා ගොඩාක් ආදරය කරා.දරා ගන්න බැරි තරම් ආදරය කරා. ඒ ආදරෙන් මාව පිස්සු වැට්ටෙව්වා. කාත් කවුරුවත් නැතුව හිටපු මට මගේම කියලා පව්ලක් හදලා දුන්නා.
දුකේදිත් සැපේදිත් මං ළඟම මගේ හෙවනැල්ල වගේ හිටියා.කවදාවත් මට දුකක් දීලා නෑ.සුළු සුළු ප්‍රශ්න ඇති වුනත් ඒක එවලෙට විතරයි.මගේ ජීවිතේ සන්තොශෙන් පුරවපු ගිම්හාන් මහත්තයා අද මට නොකියාම යන්න ගිහිල්ලා.පිස්සියෙක් වගේ මං එයාගෙ මූණ බදාගෙන ඇඬුවා.කකුල් දෙක බදාගෙන ඇඬුවා.ඒත් එයා නැගිට්ටෙ නෑ.මගේ විලාප හඬ ඇහිලාවත් එයාගෙ මූණෙ ඉරියව් වෙනස් වුනේ නෑ.
දෝණි තාත්තී කියලා අඬනවා.ඒත් තාත්තට වෙච්චි දේ ගැන දුවට තේරුමක් නෑ.රෑ තාත්ති ගාව දොයියන්න ඕනි කියලා එයා සෑහෙන්න ඇඬුවා.එයා උස නැති නිසා එයාගෙ පොඩි පුටුව උඩට නැගලා තාත්තිගෙ ගාවට යන්න හැදුවා.අම්මා එයාව නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්.අඬලා අඬලාම අම්මත් ගොඩාක් හෙම්බත් වෙලා.
සමනලී සිටියේ ප්‍රාණය අහිමි මළ කඳක් සේය.ගිම්හාන්ගේ වියෝව දරා ගත නොහැකි වූ ඇය කිහිප විටක්ම සිහි සුන්ව ඇද වැටුනි.රේණුකාද විලාප තබමින් ඉකි බිඳ ඇඬුවාය.ඇය සනසන්නටද මහත් වෙහෙසක් ගැනීමට සිදු විය.පුංචි “තරූ” ඇඬුවද ඇයට පියා යලි කිසිම දිනෙක තමා වෙත නොඑන බව නොතේරේ.
ලොයිඩ් වර්ණසූරිය තමා කල අපරාධය ගැන ලක්ෂ වාරයක් පසු තැවුනේය.සිහි විකල් වූ අයෙකු සේ හැසිරුනේය. එහෙත් සියල්ල සිදු වී අවසානය. ගිම්හාන්හේ අවසන් කටයුතු වූ දා ඔහු පොලීසියට බාර වූයේය.
තමා වෙනුවෙන් ලෝයර්ලා කිසිම කෙනෙකුට පෙනී නොසිටින්නැයි කීවේය.ඔහු බලාපොරොත්තූ වූයේ දඬුවමයි.තම බාල දියණියට යුක්තියයි.
සුසාන භූමියේ දැවෙනා චිතකය අසලට මම කඳුලු පිරි දෙනෙතින් ගියෙම්.ඔහු මගෙන් දුරස්ව ගියා කියා සිතා ගැනීමට නොහැකිය.කුසේ සිටිනා දරු පැටියා දඟලනු මට දැනේ.පුංචි දෝණී මගේ අතේ එල්ලී සිටියායා.අඬාගෙනම මං සොහොන් භූමියේ බිම වාඩි වූයෙමි.
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
කොහිද අප සෙවූ සුව සහනේ
එළිය නිවුනි දැල් වුව පහනේ
අඳුරේ නැති වුන ඉඳි කටුවක් සේ රිදී ඉරක් අද නැතිව ගියා……………..
සත්සර නිහඬය වීනාවේ
තත් පෙළ ඉකි බිඳ දැව්නාවේ
ඔහු ගැයූ ගීතේ අද මට නෑසේ
ඔබේ කනට නැසුනාවේ…………….
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
සඳ පායා සුනීල වූ අඳුරේ
ගිලුනා සේ වළාකුළු අතරේ
අප හදෙහි නැගී පෙම් මෙලෙස ගියා
අඳුරෙහි ගිලුනා
නිශ්පලයි ජීවත් වීම ලෝකේ
මේ දුෂ්ඨ ලෝකේ………………
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
පායා පහන් වූ රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා
යළි මා අනාථයි උතුරා ගලා යයි
සංවේදනා……………….
කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිලේ
දැන් ඈ දමා……………….
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ගිම්හාන්ගේ මරණෙන් වසර හයකට පසු ඔහුගේ මවද හෘදයාබාධයකින් මිය ගියා.සමනලී දරු දෙදෙනාද සමඟින් තනි වූයේ ගිම්හාන්ගේ මතකය සමඟ සදා කාලිකවම දුක තුරුල් කරගෙනය.
ගිම්හාන්ගේ මරණෙන් මාස තුනකට පසු සමනලී පිරිමි දරුවෙකු බිහි කරාය. ඔහුට ගිම්හාන ප්‍රශස්ත ලෙස නම් තැබුවාය.
වසර විසිපහකට පසුව👇👇👇
සියලු දුක් ගැහැට හමුවේ මං අද සතුටු වන්නේ මගේ දරුවන් දෙදෙනා ගැන සිතාය.මගේ දියණිය අද ගුරුවරියකි. විසිනව හැවිරිදි ඇය විවාහක දෙදරු මවකි.
මගේ පුත්‍රයා ශ්‍රී ලංකා පොලීසියේ ලාබාලතම ඒඑස්පී වරයාය.ඔහුගේ වයස අවුරුදු විසිපහකි.පෙනුමෙන් ඔහු තම පියාගේ හැඩරුව ඇත්තෙකි. නපුරුය,පියා සේම දුෂ්ඨයෙකි,එහෙත් ඉතාම ආදරණීය පුතෙකි, සහෝදරයෙකි,පෙම්වතෙකි.
ගිම්හාන් මහත්තයා ජීවතුන් අතර සිටියා නම් කියා සිතෙන වාර අනන්තය.ඔහු සිටියා නම් තම දරු දෙදෙනා දෙස බලා සතුටු වන්නේය.
මගේ ආදරණීය සැමියාට එදා ඒ ඉරණම අත් කල මාගේ පියා ඊට මාස හයකට පසු පොලිස් සිර මැදිරිය තුළදීම ගෙල වැලලාගෙන මිය ගියා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොටස් විස්සක් පුරාවට මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.සතුට වගේම මිනිස්සුන්ගෙ ජීවිත වල දුකත් තියනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කියවලා ඔයාලට හිතුණු දේ ලියන්න