ප්‍රියන්ත,අරක තමයි ගේ.මං කියපු විදියටම උඹ පලයන්………………..”

“හරි මචං……………………”

ශනායාගේ නිවසේ ගේට්ටුව ඇරි ප්‍රියන්ත වත්තට ඇතුලු වූයේ ෆයිල් එකද රැගෙනය.නිවසේ විදුලි සීනුව නාද කර ඔහු දොරටද තට්ටු කරා.මද වේලාවකින් ශනායාගේ නිවසේ මෙහෙකාරිය දොර ඇරියා.

“කාව හම්බවෙන්නද?…………………”

“මේ ගමේ ප්‍රෙග්නන්ට් අය කී දෙනෙක් විතර ඉන්නවද?අපි හොස්පිට්ල් එකේ ක්ලීනික් එකෙන් ඩීටේල්ස් ගත්තා. ඔයාලට කරදරයක් අපිට එහෙම අම්මලා කිහිප දෙනෙක්ව මුණ ගස්සන්න පුලුවන්ද?…………………..”

“එන්නකො.ඇතුළට ඇවිත් වාඩි වෙන්න.මං නෝනට කතා කරන්නම්……………….”

මද වේලාවකින් ශනායාගේ මව සාලෙට පැමිණියා.නමුත් ශනායා නොපැමිණියේ කිමදැයි ප්‍රියන්ත කල්පනා කරා.නමුත් ශනායා නිවසේ සිටින බව ප්‍රියන්ත සැක හැර සිතා ගත්තේ සාලේ පුටුවක් උඩ අලුත උපන් කුඩා දරුවන් අඳිනා ඇඳුමක් තිබූ නිසාවෙනි.

“ඔයා කව්ද?…………………”

ශනායාගේ මව ප්‍රියන්තගෙන් එලෙස විමසුවා.

“මැඩම් මං රත්නපුර.ජෙම් බිස්නස් කරන්නෙ.අපි අවුරුදු පතා බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට කෑම වේලකුත් පිරිත් දේශනාවකුයි සිද්ද කරනවා හාමුදුරුවො වඩම්මලා.තව අපි එයාලට දරුවට ඕනි කරන හැම දෙයක්ම ලබා දෙනවා.අපිට ඒ අම්මලාගේ විස්තර ටිකක් ලබා ගන්නයි ඕනි…………………..”

“ආ විනාඩියක් ඉන්නකො.මං දුවට කතා කරන්නම්.දූ ශනායා………………..”

වැඩේ හරියටම හරි.එසේ සිතූ ප්‍රියන්ත වික්‍රම්ගේ දුරකථනයට මිස් කෝල් එකක් දුන්නා.විනාඩි කිහිපයකින් ශනායා සාලෙට පැමිණියා.

“මේ ඉන්නෙ මගෙ දුව.මෙයාගෙ නම ශනායා………………..”

වික්‍රම් සහ රොනාල් පැමිණෙන තෙක් ශනායාව කතාවට අල්ලා ගත් ප්‍රියන්ත ඇය හා කල් තියා සිතා ගත් තොරතුරු හුවමාරු කරගත්තා.මද වේලාවකින් නිවසේ දොරටුවෙන් ඇතුළට පැමිණියේ වික්‍රම් සහ රොනාල්.ඔවුන් දෙදෙනා දුටු ශනායා එක්වරම පුටුවෙන් නැගිට්ටේ තිගැස්සීමෙන් ය.

“අපිට සමාවෙන්න මැඩම් උදේම මේ විදියට බොරු කියාගෙන ආවට…………………….”

“ඒ කියන්නෙ ඔයා මේ බොරුවක්ද අපිට මෙච්චර වෙලා කිව්වෙ?ඇයි එහෙම බොරු කිව්වෙ?කව්ද ඔයාලා?දූ මේ අය කව්ද?……………………”

ශනායාගේ මව කලබලයෙන් මෙන් එලෙස විමසුවා.

“මැඩම් බොස් දන්නවා මැඩම් මෙහෙ ඉන්නවා කියලා.ඊයෙ හවස මිෂෙල්ගෙ ගෝලයො දෙන්නා අපිට සේරම විස්තරේ කිව්වා.බොස් ගොඩාක් දුකින් ඉන්නෙ මැඩම් නැතුව.මැඩම් දැන් බොස් ගාවට යන්න මිෂෙල්ට බය වෙන්න ඕන්නෑ………………….”

“ඔයාලා මොනවද මේ කියන්නෙ?මට කොහෙත්ම ආපහු කේසර ගාවට යන්න බැහැ.මිෂෙල් දැන ගත්තොත් මං ජීවත් වෙනවා කියලා එයා මාව මරයි…………………..”

“මැඩම්ව මරන්න නෙවෙයි.මේ වෙනකොටත් මිෂෙල්ගෙ ජීවිතේ අනතුරේ තියෙන්නෙ.ආ මේ පත්තරේ බලන්නකො……………………”

එලෙස පවසා වික්‍රම් මගෙ අතට දුන් පුවත්පත මං පෙරලා බැලුවා.එහි කළු පැහැති ලොකු අකුරින් තිබුනේ මීට දින කිහිපයකට ඉහතදී මිෂෙල්ගේ මෝටර් රථය ටිපර් රථයක ගැටුනු බවයි.ඇය බරපතළ තත්වයේ කොලඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන බවද එහි සඳහන් වුනා.

“මැඩම්,බොස් කිව්වා අපිට මැඩම්ව එක්කන් මිසක් පැත්ත පලාතෙ එන්න එපා කියලා.මැඩම් දැන් ගෙදර යමු. මිෂෙල්ගෙ ජීවිතේ ගැන කොහොමටවත් විශ්වාසයක් නෑ.ජීවත් වුනත් ඒ ගෑණිට මැරුණා වගේ තමයි ඉන්න වෙන්නෙ.මැඩම් කිසිම දේකට බය වෙන්න එපා……………………”

“එතකොට මේ ඇක්සිඩන්ට් එක වුනේ කොහොමද?මේකට කේසරගෙ සම්බන්දයක් තියනවද?…………………..”

ශනායා එලෙස විමසුවේ කේසර කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඇය හොඳ හැටි දන්නා නිසයි.

“නෑ මැඩම්.මේ ඇක්සිඩන්ට් එක වෙච්චි වෙලාවෙ මිෂෙල් බොස්ව හම්බෙන්න ඇවිත් හොඳටම රණ්ඩු වුනා.බොස් මිෂෙල්ට හොඳටම ගැහුවා ශනායා මැඩම්ව හංගගෙන ඉන්නෙ මිෂෙල් කියලා.අපි ඇවිත් රණ්ඩුව බේරුවෙ.ඊට පස්සෙ මිෂෙල් තරහෙන්ම කාරෙක අරන් මෙලෝ සිහියක් නැතුව නැතුව පාරට දැම්මා.ඒ වෙලාවෙ තමයි අනික් පැත්තෙන් ආපු ටිපර් එකේ කාරෙක වැදුනෙ……………………”

හතුරෙකුට වුනත් කරදරයක් වුනාම සතුටු වෙන්න හොඳ නෑ.ඒත් මිෂෙල්ට නම් මේ මට කරපුවාට දඬුවම් ලැබුනෙ. මට සතුටක් දැනුනෙ නෑ.මට මිෂෙල් ගැන දුක හිතුණා.පුංචි කාලෙ ඉඳන්ම මට තිබුනෙ උණු වෙන හිතක්.ඒත් මට එක දෙයක් ගැන පුදුමයක් දැනුනා.ඊයෙ කේසර මාව හොයාගෙන ආවා නම් ඇයි අද මං මෙහෙ ඉන්නවා කියලා හරියටම දැනගෙනත් ආවෙ නැත්තෙ?

“ඒත් ඇයි කේසර ආවෙ නැත්තෙ?………………..”

“බොස්ට ටිකක් සනීප නෑ මැඩම්.ඊයෙ වැස්සනෙ.එපා කියද්දී වැස්සට තෙමුනා………………..”

“වැස්සට තෙමුනා??………………….”😱😱

“ඔව් මැඩම්.මැඩම් මෙහෙ නැති නිසා බොස් ඇඬුවා.අඬ අඬා වැස්සෙම එළියෙ තෙමි තෙමි හිටියා.දැන් බොස්ට හොඳටම උණ…………………..”😉😉

වික්‍රම් කීවේ බොරුවකි.ශනායා කලබල වන අයුරු ඔහු දුටුවා.දැන් නම් ඇය කොහොමටත් ගෙදර එන බව ඔහු දන්නවා.

අම්මාට වැඳ ඇගේ ආශිර්වාදයත් සමඟ මං කේසර ගාවට යන්න සූදානම් වුනා. මං මේ මාස තුනකට පසුවයි කේසරව දකින්නෙ.මාව මෙහෙම දැක්කම කේසර ගොඩාක් සතුටු වෙයි.ගෙදරට යනකල් මං ඉවසිල්ලක් නැතුව හිටියෙ. පැය කිහිපයකින් පසුව අපි නිව්සට ළඟා වුනා.මං වාහනයෙන් බැස්සා.

“මැඩම්?………………….”

“ඇයි රොනාල්?…………………..”

“බොස්ට උණ හැදිලා නෑ.අපි බොරුවට එහෙම කිව්වෙ මැඩම්ව එක්කන් එන්න…………………..”😆😁😂

“ඔයාලා නම්…………………….”😡😡

මාව ගෙන්න ගන්න මේ දෙන්නා කියපු බොරුවට ඇති වුනේ පුදුම තරහක්.උන් දෙන්නා හිනා වෙනවා.මට නම් කේන්තියිත් එක්ක.

“එහෙනම් ඇයි කේසර මාව එක්කන් යන්න ආවෙ නැත්තෙ?…………………..”😠

“මාස තුනක් තිස්සෙ බොස් නොවිඳිනා දුක් වින්දා මැඩම් නැතුව.ඒත් මැඩම් අම්මා ගාව හොඳින් ඉඳලත් බොස්ට කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ අඩුම තරමෙ.ඒකට බොස් ඉන්නෙ තරහෙන්. ඊයෙත් මැඩම් ගේ ඇතුලෙ ඉඳලා හොරෙන් බලාගෙන හිටියා බොස් පස්සෙ දන්නවා…………………….”

අපොයි දෙයියනේ🤦🤦දැන් නම් මං ඉවරයී.ඉවරෙටම ඉවරයි.පුතේ අම්මිව බේර ගන්න ඔයා යක්ෂ තාත්තගෙන්. මං බියෙන් බියෙන්ම පඩිපෙළ නැග්ගා කාමරේට යන්න.

කාමරේ දොරකඩටම ආවා.මාව කවුරු හරි පිටිපස්සෙ ඉඳන් බලෙන් තල්ලු කරනවා වගෙයි මට දැනුනෙ.මං දොර රෙද්ද අතරින් හිමිහිට බැලුවා.කේසර හිටියෙ ෆෝන් එක බල බල.ඊයෙ තිබුනු රැව්ල කොණ්ඩෙ කපලා අද නම් ලස්සනයි.මගෙ පපුව ගැහෙන්න ගත්තා.ඕනි දෙයක් වුනාවෙ කියලා හිතාගෙන මං කාමරේ ඇතුළට ගියා.

“කේස……ර මෙ……මං……මං ආවා……………………”

අමාරුවෙන් මං වචන ගැට ගහ ගත්තා. ඒත් කේසර මං දිහා නිකමටවත් බැලුවෙ නැහැ.මට දුකත් හිතුණා.එයා මාව ගනං ගත්තෙවත් නෑ.මං හිතුවෙ මාව දැක්කම කේසර සතුටු වෙයි කියලා.ඒත් එයා මං දිහා චුට්ටක්වත් බැලුවෙවත් නෑ.

“කේසර……ඔයා මාත් එක්ක තරහයිද? අනේ කියන්නකො…………………….”

ඇඳේ පසෙකින් වාඩි වෙලා මං එහෙම ඇහුවත් එයා නිශ්ශබ්දවම හිටියා.මං එයාගෙ උරහිසට අත තිබ්බා.

“මාත් එක්ක තරහ වෙන්න එපා කේසර.චුට්ටක් මං කියන දේ අහන්න. මිෂෙල්…………………..”

“ඇති………………….”😡

මට අත දික් කරලා කේසර මං කියන්න ආපු දේ වැලැක්කුවා.එයා ඉන්නෙ ගොඩාක් තරහින් කියලා මට තේරුනා. ඒත් ඇයි දෙයියනේ චුට්ටක් මගේ පැත්තෙනුත් හිතන්න බැරි?මං ආසාවට අම්මා ගාවට ගිහින් හැංගිලා හිටියා නෙවෙයිනෙ.මේ පුත්තලම් බූරුවාට ඒ ගැන හිතන්න බැරි ඇයි?😁

“අනේ ඇයි කේසර ඔයා ඔහොම කේන්ති ගන්නෙ?………………….”😔😔

“මාස තුනක් තිස්සෙ මාව රස්තියාදු කරාට මට හිතෙනවා තමුසෙගෙ බෙල්ල මිරිකන්න.ඒත් දරුවෙක් ලැබෙන්න ඉන්න හින්දා ඉවසුවෙ…………………….”😠

“චුට්ටක් මං කියන දේත් අහන්න කේසර…………………”

“මට ඕන්නෑ තමුසෙ කියන දේවල් අහන්න.තමුසෙ උදේට කාලද ඉන්නෙ?……………………”😠

නපුරාට මං ගැන ආදරේකුත් තියනවා එහෙනම්.

“ඔව්………………….”

“ඇත්ත කියනවා.තමුසෙ බඩගින්නෙ හිටියොත් මගෙ ළමයා පව්.තමුසෙ නම් පව් නෑ……………………..”😠

“මං කෑවා උදේ……………………..”

අහක බලාගෙන දුකින් වගේ මං එහෙම කිව්වා.එයාට ඒකෙ තේරෙන්න ඇති.මං දිහා තරහින් වගේ බලාගෙන හිටියෙ.

“මාස කීයද දැන්?……………………”

“පහයි…………………..”

“මොනවද කන්න ආස?ආස දේවල් මට කියනවා.මං ගෙනත් දෙන්නම්.ඒවා කිව්වා කියලා මං බනින්නෙ නෑ තමුසෙට…………………….”

“එහෙම විශේෂ දෙයක් නෑ.මුලදි නම් කිසිම දෙයක් කන්න බෑ අප්පිරියයි.දැන් නම් කන්න පුලුවන්………………….”

මගෙ ඇස් දෙකෙන් කඳුලු වැටුනා.මං හිතුවෙ නෑ කේසර මෙහෙම කරයි කියලා.ඇයි එයාට චුට්ටක්වත් මගෙ පැත්තෙන් හිතන්න බැරි.මං ඒ වෙලාවෙ මොන තරම් අසරණ වුනාද?මෙයාට නම් මං ගැන කිසිම ගානක් නෑ. දුෂ්ඨයා දුෂ්ඨයාමයි කිසිම අනුකම්පාවක් නෑ මූණෙ.

“මාත් එක්ක තරහ වෙන්න එපා කේසර.මං ඔයාට වරදක් කරේ නෑ. මගේ පැත්තෙනුත් චුට්ටක් හිතලා බලන්න.මං කොයි තරම් අසරණ වෙලා හිටියද කියලා ඔයා දන්නෙ නෑ………………….”😥😥

“මාස ගානක් තිස්සෙ මං තමුසෙව පිස්සෙක් වගේ හැම තැනකම හෙව්වා. නොකා නොබී දවස් ගානක් තිස්සෙ ඇඬුවා.මං හිටියෙ කොහොමද කියලා අර රොනාල්ගෙනුයි වික්‍රම්ගෙනුයි අහනවා.එහෙම නැත්නම් අයිරා ඇන්ටිගෙන් අහනවා එයාලා කියයි.මං මොන තරම් හිතේ ගින්දරකින්ද හිටියෙ කියලා තමුසෙ දන්නවද?උඹව හොයාගන්න බැරුව මං දහදුක් වින්දා. මුලු රටම පීර පීර උඹව හෙව්වා.

මං කොයි තරම් බයකින්ද හිටියෙ.තමුසෙට හරි දරුවට හරි අනතුරක් වෙයි කියලා ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම මං කොච්චර බයකින්ද ජීවත් වුනේ.මේ පපුවෙ පත්තු වෙච්චි ගින්දර දන්නෙ මං විතරයි.ඊයෙ මං උඹව හොයාගෙන ගෙදර ආවම උඹ හැංගිලා හිටියා.

උඹට මං ගාවට එන්න බැරි නම්, ඉන්න තැන කියන්නත් බැරි නම් අඩුම තරමෙ කෝල් එකක්වත් දීලා හොඳින් ඉන්නවා කියලා කියන්න තිබුනෙ නැද්ද?මාව සෙල්ලමකට ගත්තද ශනායා තමුසෙ?අම්මපා උඹ ළමයා හින්දයි බේරුනෙ.නැත්නම් මං උඹේ අණ්ඩක් කඩනවා……………………..”😡😡

මගේ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලගෙන කේසර එයාගෙ හිතේ තිබුනු හැම දුකක්ම ඒ විදියට වචන වලින් පිට කරා.මගෙ මූණ කඳුලු වලින් හේදුනා.අඬලාම ඇස් රතු වුනා.

“ඔහ්……සොරි.තමුසෙට රිදුනානෙ……………………”

මගෙ කට අතෑරපු කේසර මගෙ ඇස් වල කඳුලු පිහදැම්මා.

“මං ඔයා කියපු දේවල් අහගෙන හිටියනෙ කේසර.මං කියන දේත් චුට්ටක් අහන්නකො…………………..”😥

“ඉතින් කියනවා.මං අහගෙන ඉන්නෙ……………………..”

“මිෂෙල් මාව කිඩ්නැප් කරපු වෙලාවෙ මට හොඳටම තර්ජනේ කරා.ඔයාගෙන් ඈත් නොවුනොත් මාව මරනවා කිව්වා. ඔයාවත් මරලා දානවා කිව්වා.ඔයාට තිබුනු ආදරේ හින්දයි මං ඔයාව මගෑරලා හිටියෙ කේසර.මට ඔයාව රස්තියාදු කරන්න උවමනාවක් තිබුනෙ නෑ.මිෂෙල් එයාගෙ ගෝලයො දෙන්නට කිව්වා මාව මරලා දාන්න කියලා.

ඒත් ඒ මිනිස්සු දෙන්නා මාව මැරුවෙ නෑ.මට යන්න ඕනි තැන කියන්න කිව්වා.මං අම්මා ගාවට යන්න ඕනි කිව්වා.ඊට පස්සෙ එදා පාන්දර දෙකට විතර ඒ දෙන්නා මාව අම්මා ගාවට එක්කන් ආවා.මිෂෙල් දැන ගත්තා නම් මං ජීවතුන් අතර කියලා අපි තුන් දෙනාවම මරලා දායි.ඒකයි මං හැංගිලා වගේ හිටියෙ කේසර.මට සමාවෙන්න රත්තරං.මං ඔයාව හිතාමතා අසරණ කෙරුවෙ නෑ…………………….”😭😭

කේසරගෙ කකුල් දෙක අල්ලන් මං එහෙම කිව්වා.ඒත් එයාගෙ හිත නම් මං වෙනුවෙන් උණු වුනේ නෑ.

“තමුසෙ හොඳටම දන්නවා ශනායා මං කව්ද කියලා.තමුසෙ අහිංසකයි. ඒකෙන් මිෂෙල් ප්‍රයෝජන ගත්තා.මාත් එක්ක මිෂෙල්ට කවදාවත් හැප්පෙන්න බෑ.අද වුනත් මිෂෙල් වටේට ඉන්න ගෝලයො ටික මගේ පැත්තට නම්ම ගන්න පුලුවන්.එහෙම එකේ තමුසෙ ඒ ගෑණිට බය වුනානෙ…………………..”

“මේ අහිංසක ගෑණිට සමාවක් දෙන්නම බැරිද කේසර?……………………..”

“ලේසියෙන් බෑ මගෙ හිත හදාගන්න……………………”

“එහෙනම් හිත හැදිච්ච වෙලාවක සමාව දෙන්නකො…………………….”

“හ්ම්ම්……………………..”

දවස තිස්සෙම කේසර මාත් එක්ක වචන කිහිපයකට වැඩිය කතා කරේ නෑ.මං අප්පච්චිටයි දේවිකා ඇන්ටිටයි කෝල් කරලා කිව්වා මං ආවා කියලා. එයාලත් සතුටු වුනා මං ආපු එක ගැන.

හවස හයට විතර නාගෙන ඉවර වෙලා මං කාමරේට ආවා.කබඩ් එක ඇරලා ඇඳුමක් හෙව්වත් අඳින්න පුලුවන් සැහැල්ලු ගව්මක් තිබ්බෙ නෑ. ඔක්කොම ගව්ම් හිරයි බඩට.

“නෑවද මෙච්චර හවස් වෙලා?තමුසෙට මොංගල්ද ඕයි?ඒ මදිවට හවස් වෙලා නාලා ටවල් එක පිටින් තාම.ඇඳුමක් ඇඳ ගන්නවා…………………..”

“ඇඳුමක් නෑනෙ කේසර.මේ ඔක්කොම ඇඳුම් හිරයිනෙ මට.මේ ගව්ම් හිරයිනෙ අප්පා……………………..”

“ආ මේ කලිසම අඳිනවා.මේක සැහැල්ලුයිනෙ……………………..”

“උඩට එකක්?…………………….”

“ඔහොම ඉන්නවකො……………………”

කබඩ් එකේ අනික් පැත්ත ඇරපු කේසර එයාගෙ ටිකක් ලොකු බැනියමක් මට දුන්නා.මං ඒ දෙක ඇඳ ගත්තා.ටී ෂර්ට් එක මට ලොකු වුනත් අවුලක් නෑ මං දැන් ටිකක් මහත නිසා.

නැවත හමුවෙමු