පසුදා උදෑසනින්ම කේසර වික්‍රම් සහ රොනාල් සමඟින් නුවර පිහිටි ශනායාගේ මවගේ නිවස බලා පිටත් විය.උදෑසන එකොලහමාර පමණ වන විට ඔවුන්ට එහි යාමට හැකි විය.
“බොස් කියපු විදියට නම් මේක තමයි ගේ.අපි බැහැලා ගිහින් බලමු………………….”
වාහනයක හෝන් හඬක් ඇසුනු නිසා මම ජනේලයෙන් පිටතට නෙත් යොමා බැලුවා.දෙයියනේ😱කේසර.එයා මාව හොයාගෙන ඇවිල්ලා.ඒත් කේසර කොහොමද දන්නෙ මං මෙහෙ ඉන්නවා කියලා.මං ඉක්මනට අම්මා ගාවට දුවලා ගියා.
“මොකද දුවේ මේ කලබලෙන් වගේ?වාහනේක සද්දයක් ඇහුනා නේද?කව්ද ආවෙ?………………….”
“අම්මෙ කේසර ඇවිත් මාව හොයාගෙන.අනේ අම්මා එළියට ගිහින් කියන්න මං මෙහෙ නෑ කියලා.මං මෙහෙ ඉන්න බවක් නම් කේසරට කියන්න එපා………………..”
කලබලෙන් හෙමින් එලෙස පැවසූ මම කාමරේ දොර අයිනට වී එලියේ සිදුවන කතා බහට ඇහුම්කන් දුන්නා.කතා කරන දේ පැහැදිලිව ඇසුනේ නැතත් මං කේසරව හොඳින් දැක්කා.මේ මාස තුනට එයා ගොඩාක් වෙනස් වෙලා.
රැව්ලත් හොඳටම වැවිලා.කොණ්ඩෙත් උරහිස ගාවටම වැවිලා.වෙනදා වගේ පිළිවෙලට ජීවත් වෙන පිළිවෙලට අඳින පළඳින කේසර නෙවෙයි අද හිටියෙ. ඕනවට එපාවට රස්තියාදුකාරයෙක් වගේ ජීවත් වෙන කෙනෙක් අද හිටියෙ. කේසර අම්මත් එක්ක මොන මොනවදෝ කතා කරනවා.
කේසරගේ මුහුණේ තිබුනේ ලොකුම ලොකු දුකක සේයාවක්.එයා මෙහෙම හැසිරෙන්නෙ මං නැති දුකටද?ඒත් මට ඔයා ගාවට එන්න අවසර නෑ කේසර.
දොර ගාවට වෙලා මං කඳුලු හැලුවා. මට ඇහුනා ටික වෙලාවකට පස්සෙ කේසර ආපු වාහනේ ආපහු යන සද්දෙ. මිනිත්තු කිහිපයකට පස්සෙ අම්මා මං ගාවට ආවා.එයාගෙ ඇස් වල තිබුනෙත් ලොකු දුකක සේයාවක්.
“කේසර මොනවද කිව්වෙ අම්මෙ?…………………..”
“ඒ දරුවා පිස්සෙක් වගේ ඔයාව හැම තැනකම ඔයාව හොයනවා. හැමෝම වගේ කියන්නෙ ඔයා ජීවතුන් අතර නැතුව ඇති කියලලු.ඒත් ඒ දරුවගෙ හිත ඒක පිළිගන්න ලෑස්ති නෑ.කේසර පුතා කියන්නෙම ඔයා කොහෙ හරි ජීවතුන් අතර ඉන්නවා කියලා.
මාස තුනක් තිස්සෙ ඔයාව හොයන්න නොගිය තැනක් නැහැල්ලු.ඒ දරුවා බාහිරව වෙනස් වෙලා තියන හැටි දැක්කම හිතා ගන්න පුලුවන් දුවේ ඒ හිතේ ඔයා වෙනුවෙන් මොන තරම් ආදරයක් තියනවද කියලා…………………….”
“කේසර දන්නවද අම්මෙ මං ප්‍රෙග්නන්ට්
බව?………………….”
“ඔව් දුවේ.අයිරා ඒ ගැන කියලා නෑ කේසර පුතාට.එයා තවත් දුක් වෙලා විඳවයි කියලා හිතලා.ඒත් ඔයාගෙ හෑන්ඩ් බෑග් එකේ තිබුනු මෙඩිකල් රිපෝට් එක කේසර පුතා දැකලා.එයා සෑහෙන්න දුක් වෙලා ඔයා දරුවයි ගැන…………………..”
“මට අද වුනත් කේසර ගාවට යන්න පුලුවන් අම්මෙ.ඒත් අර මිෂෙල් කියන ගෑණි දැන ගත්තොත් මං ජීවතුන් අතර ඉන්න බව ඒකි මාව දරුපැටියත් එක්කම මරලා දායි.ඒ ගෑණි කේසරගෙ ජීවිතේට වුනත් අනතුරක් කරයි.මට බෑ අම්මෙ එච්චර ලොකු අවදානමක් ගන්න.ඊට වඩා හොඳයි දුක් විඳ විඳ හරි ඈත් වෙලා ජීවත් වෙන එක…………………..”
වේදනාවෙන් අපහසුවෙන් වුනත් මං එහෙම කිව්වා.මං කේසර ගාවට ගියොත් අර ගෑණි අපි හැමෝගෙම ජීවිත අනතුරේ දායි.මං ජීවතුන් අතර ඉන්නවා කියලා ඒ ගෑණිට ඉව වැටුනොත් එහෙම හැමෝගෙම ජීවිත වල අවසානය උදා වෙයි.මට එච්චර ලොකු විනාශයක් වෙන්න දෙන්න බෑ.
අමාරුවෙන් හරි හිත හදාගන්න ඕනි. මට දැන් හැම දේකටම දරු පැටියව වටිනවා.කවදාවත් මේ දරුවට එයාගෙ තාත්තගෙ ආදරේ උණුසුම විඳගන්න නොලැබෙයිද?මේ වෙලාවෙ මං හරිම අසරණයි.කියා ගන්න බැරි තරම් අසරණයි.
“අඬන්න එපා දුවේ.ජීවිතයේ අපි ආස කරන හැම දෙයක්ම අපිට උරුම වෙන්නෙ නෑ.මාත් හැම දෙයක්ම අහිමි වෙච්චි ගෑණියෙක්.අවුරුදු තිහේදී මට මගෙ මුලු පව්ලම අහිමි වුනා.මං ඔයාගෙ අප්පච්චිගෙන් දික්කසාද වෙද්දී ඔයාට අවුරුදු දහයයි.අපි දෙන්නා වෙන් වුනේ අපේ කැමැත්තෙන්මයි.
එදා උසාවියේදි ඔයාව එයාට අයිති වෙන්න ඇරලා මං නිශ්ෂබ්දව හිටියෙ මට ඔයාව තනියම ජීවත් කරවගන්න පුලුවන් තත්වයක් නොතිබුනු නිසා.මං සැරින් සැරේට අසනීප වෙන ලෙඩෙක්. ඒත් දැන් මට ඔයාව බලා ගන්න පුලුවන්.මං ඔයාවයි දරු පැටියවයි හැමදාම බලා ගන්නවා.ඔය දෙන්නා මට වැඩි නෑ.ගෑණු අපි හැමදාම දුක් විඳිනවා……………………”
අම්මා මාව පපුවට තුරුල් කරගෙන ජීවිතේ ගොඩාක් දේවල් කියලා දුන්නා. අම්මගෙ ආදරේ රැකවරණය ළඟ මං තනිවෙලා නෑ කියලා මට හිතුණා.මට ජීවත් වෙලා ඉන්න අලුත් බලාපොරොත්තුවක් තියනවා.මං කොහොම හරි දරුපැටියත් එක්ක මේ ජීවිතේට මුහුණ දෙනවා.
“මං උඹට කිව්වෙ වික්‍රම් ශනායා එහෙ නෑ කියලා.මගෙ කෙල්ල කොහේ ඉන්නවා ඇත්ද?කව්ද ඒකිව අරන් ගියේ?ඒකි කාටවත්ම වරදක් කරපු කෙනෙක් නෙවෙයි…………………….”
“බොස් අපිට තව දෙයක් කරන්න පුලුවන් හැබැයි…………………..”
“ඒ මොකක්ද?………………….”
ශනායාව හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තියනවා නම් ඕනම අවදානමක් අරන් කේසර ඒ වැඩේ කරන්න සූදානමින් හිටියෙ.තමාට කෙතරම් මිල මුදල් තිබුනත් කෙතරම් සැප සම්පත් තිබුනත් ශනායාත් දරු පැටියාත් තරම් කිසිම කෙනෙක් කේසරට වටින්නේ නැත.අවසන් සුසුම් පොද හෙලනා තෙක්ම ඔහු ශනායාව සෙවීම අත්නොහරින බව ඒකාන්තව සිතා ගත්තාය.
“බොස්ට සැකයක් තිබ්බනෙ මිෂෙල් මැඩම් ශනායා මිස්ව කිඩ්නැප් කරා කියලා……………………”
“ඔව්…………………….”
කේසර කුතුහලය මුසු මුහුණින් වික්‍රම් දෙස බැලුවා.
“මිෂෙල් මැඩම්ගෙ ලඟින්ම ඉන්න ගෝලයො දෙන්නා තමයි ඩගී යි රෙජී යි. අපේ කොල්ලො දෙතුන් දෙනෙක්ව දම්මවලා උන් දෙන්නාව ඉස්සුවොත් අපිට දැන ගන්න පුලුවන් වෙයි හරියටම මිෂෙල් මැඩම්ද ශනායා මිස්ව කිඩ්නැප් කරේ කියලා.දැන් මිෂෙල් මැඩම් ඉන්නෙ හොස්පිටල් එකේනෙ.
එයාගෙ ජීවිතේ ගැනත් කොහොමටත් විශ්වාස කරන්න බෑ කියලයි හැමෝම කියන්නෙ.ඒ හින්දා අපි උන් දෙන්නව බය කරොත් ඇත්ත දැන ගන්න පුලුවන් වෙයි.උන් දෙන්නම දරු පව්ල් කාරයොනෙ.ඉතින් ඇත්ත ගානට වමාරයි…………………….”
“ඒකත් එහෙනම් කරලා බලමු.මොකක් හරි කරලා කමක් නෑ මට ශනායව හොයා ගන්නයි ඕනි………………………”
“හරි බොස්.බය නැතුව ඉන්න.අපි ඉක්මනටම ශනායා මිස්ව හොයා ගම්මු……………………..”
වික්‍රම්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආපු නිසා ඔහු වාහනේ පාර අයිනට වෙන්න නතර කරලා එම ඇමතුමට සවන් දුන්නා.
“බොස් අපේ වැඩේ බාගයක් හරි වගේ. ඉක්මනට දැන් අපි ගෙදෙට්ට යමු…………………”
“ඒ කිව්වෙ?මොකක්ද උනේ?කව්ද උඹට දැන් කෝල් කරේ?…………………….”
“ප්‍රියන්ත කෝල් කරේ.ඩගී යි රෙජී යි දෙන්නා ඇවිත්ලු බොස්ව හම්බෙන්න. උන් දෙන්නට බොස්ව හම්බවෙලාම යන්න ඕනිලු………………….”
“එහෙනම් ඉක්මන් කරලා යමන්……………………”
වික්‍රම් වාහනය ඉක්මනින් කේසරගේ නිවස වෙත පැදෙව්වා.ඔවුන් දෙදෙනා නිවසට පැමිණෙන විටත් ඩගී සහ රෙජී සාලෙ වාඩි වී සිටියා.කේසරව දුටු ඔවුන් දෙදෙනා අසුනින් නැගිට්ටා.කේසර ඔවුන් දෙදෙනාට වාඩි වෙන්නයි කියා අතින් පෙන්නුවා.ඉන් පසු කේසර ඔවුන් දෙදෙනාට ඉදිරිපිට ඇති සෝෆාවෙන් වාඩි වුනා.
“ශනායා ඉන්නෙ කොහෙද?…………………”
කේසර එය ඇසුවේ ඉතාම පහත් හඬකින් වුවත් එම හඬට ඩගී සහ රෙජී මදක් බිය වූවා.
“බොස්……ශනායා මැඩම් ජීවතුන් අතර ඉන්නවා……………………”
“කොහෙද ඉන්නෙ?ඇත්ත කියපන්. උඹලා මගෙ ගෑණිට මොකද කරේ?මිෂෙල් නේද උඹලට කිව්වෙ මගෙ ගෑණිව කිඩ්නැප් කරන්න කියලා?…………………..”😡
“ඔව් බොස්.ඒත් අපි මිෂෙල් මැඩම්ට කිව්වා අපිට මේ වැඩේ කරන්න බෑම කියලා…………………..”
සිදු වූ සියල්ලම ඔවුන් දෙදෙනා කේසර හට පැවසුවා.කේසරගෙව් සිතට සැනසීමක් දැනුනේ එවිටයි.
“දැන් ශනායා ඉන්නෙ කොහෙද?…………………”
“එදා පාන්දර දෙකට විතර අපි දෙන්නා ශනායා මැඩම්ව නුවර මැඩම්ගෙ අම්මගෙ ගෙදරට ගිහින් ඇරලුවා.දැන් මැඩම් ඉන්නෙ එහෙ……………………”
“බොරු කෙලින්න එපා යකෝ.අපි දැන් එහෙ ගිහින් ආවෙ.ශනායා එහෙ හිටියෙ නෑ.ශනායගෙ අම්මා කිව්වා ශනායා එහෙ ආවෙ නෑ කියලා…………………”😡😡
“බොස් ශනායා මැඩම්ගෙ අම්මා එහෙම කියන්න ඇත්තෙ ශනායා මැඩම්ගෙ කීමට.ශනායා මැඩම්ව බොස් දැක්කොත් අනිවාර්යෙන්ම එයාව මෙහෙ එක්කන් එනවා.බැරි වෙලාවත් මිෂෙල් මැඩම්ට ආරංචි වුනොත් ශනායා මැඩම් ජීවතුන් අතර ඉන්න බවක් හැමෝගෙම ජීවිතේ අනතුරේ කියලා හිතන්න ඇති.ඒකයි ශනායා මැඩම් බොස්ව දැකලා හැංගෙන්න ඇති…………………..”
ඒකත් ඇත්ත බව කේසරට සිතුණි. මොවුන් දෙදෙනා පවසන ආකාරයට අද තමන් එහෙ යන විට ශනායා එහි සිට ඇත.ඇය නිවසේ කොහාට හරි වී තමා දෙස හොරෙන් බලා සිටින්නට ඇති. එතරම් ළඟට ගිහිල්ලත් තමාට ශනායා දැක ගන්නට නොලැබුනු එකට කේසරට පසුතැවීමක් දැනුනි.ඩගී සහ රෙජී ගිය පසු වික්‍රම් සහ රොනාල් කේසර ළඟට ආවා.
“බොස් අපි ආපහු ගිහින් මැඩම්ව එක්කන් එමුද?………………….”
“අපි මේ සැරේ ගියත් ඒකි හැංගෙයි. අම්මපා මට නම් මේ හු### ත් එක්ක පුදුම කේන්තියක් දැනෙන්නෙ.මං මෙච්චර ඇඟට ඇවිල්ලත් මේ හු## ති ගේ ඇතුලෙ හැංගිලා හිටියනෙ.මට තිබුනෙ ගේ ඇතුළට පැනලා බලන්න. මට එච්චර දෙයක් කල්පනා වුනේම නෑනෙ………………………”
දැන් නම් කේසරට ශනායා ගැන ඇති වෙන්නෙ පුදුම කේන්තියක්.මාස තුනක් පුරාවට ඔහු ඇයව සොයා ගන්නට නොගිය තැනක් නැත.
අඩුම තරමෙ මේකිට තිබුනෙ නැද්ද මට කෝල් එකක්වත් දෙන්න.අර වේ## ට බය වෙලා හැංගිලා හිටියා.යකෝ මේ හු## ති මං ගැන දන්නෙ නැතුව වගේනෙ අරකිට බය වුනේ.
“වික්‍රම් උඹ ප්‍රියන්ත එක්ක පලයන් හෙට උදෙන්ම ශනායගෙ ගෙදරට. රොනාල් උඹත් පලයන්.මෙහෙ වාහන වලින් යන්න එපා.ඒකි අඳුර ගත්තොත් එහෙම කොහේ පනියිද දන්නෑ.මිෂෙල්ට වෙච්චි දේ ගැන කියලා උඹලා ඒකිව අරන් වරෙන්………………….”
“එතකොට බොස් එන්නෙ නැද්ද?………………..”
“මං එන්නෙ නෑ.ඒකිට පාඩමක් උගන්නන්නම ඕනි මාව මාස තුනක් තිස්සෙ රස්තියාදු කරාට…………………”
“හරි බොස්.අපි ගිහින් මැඩම්ව එක්කන් එන්නම්…………………”
නැවත හමුවෙමු