ලොයිඩ් වර්ණසූරිය කියන්නෙ මගෙ තාත්තා කියලා දැන ගත්තු මොහොතේ ඉඳන් මං හිටියෙ ලොකු මානසික පීඩනයකින්.මගෙ හිතේ තිබුනු සැහැල්ලු බව,සතුට,සැනසුම එහෙම් පිටින්ම නැති වෙලා ගියා.උපන්න මොහොතෙම මාව එපා කියලා ප්‍රථික්ෂේප කරත් ඒ මගෙ අම්මයි තාත්තයි.මාව ජාතක කරපු තාත්තා ගිම්හාන් මහත්තයගෙ පරම හතුරා.

ගිම්හාන් මහත්තයයි ලොයිඩ් වර්ණසූරියයි අතර තියෙන්නේ ලොකු වෛරයක්.ඒ දෙන්නා ව්‍යාපාර හින්දා ගහ මරා ගත්තු වාර අනන්තයි. ගිම්හාන් මහත්තයා ලොයිඩ් වර්ණසූරියට වඩා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළින් සිටියත් මගෙ හිතේ සෑහෙන්න ලොකු බියක් ඇති වුනා. ගිම්හාන් මහත්තයගෙයි ඉරේෂාගෙයි ප්‍රේම සම්බන්දෙ නවතින්න ඇති වුන ප්‍රධානම හේතුව ඒ දෙන්නා අතර තිබුනු අදහස් නොගැලපීම නෙවෙයි. ඉරේෂාගේ තාත්තා ලොයිඩ් වර්ණසූරිය නිසායි ඒ සම්බන්දෙ නැවතුනේ.

ගිම්හාන් මහත්තයා දැන ගත්තොත් මං ලොයොඩ්ගේ බාල දුව කියලා එයා මාවයි එයාගෙ ජීවිතෙන් ඈත් කරයි.මං කොහොමද ගිම්හාන් මහත්තයා නැතුව ඉන්නෙ?එයාගෙ පරම හතුරගෙ දුව එක්ක එයා ජීවත් වෙයිද තව දුරටත්.මේ ප්‍රශ්නෙ නිසා ගිම්හාන් මහත්තයා මාව දික්කසාද කරන්න වුනත් පුලුවන්.එහෙම දෙයක් වුනොත් මං ජීවත් වෙලා වැඩක් නෑ.

මේ ප්‍රශ්නෙ නිසා මං හිටියෙ දැඩි මානසික පීඩනයකින්.හැම වෙලේම මගෙ හිතට මේ ප්‍රශ්නෙ වද දුන්නා. මගේ වෙනස තේරුණු ගිම්හාන්ගෙ අම්මත් මගෙන් කීප සැරයක්ම ඒ ගැන ඇහුවා.නමුත් මං කිසිම දෙයක් අම්මට කිව්වෙ නෑ.මේක ගිම්හාන් මහත්තයා දැන ගත්තු දවසට මොනවයින් මොනවා සිද්ද වෙයිද දන්නෑ.

සමනලීගෙ මේ වෙනස ගිම්හාන්ගෙ අම්මා රේණුකාට හොඳට තේරුණා. කාමරේ දොර අසලට වී හොරෙන් වගේ ඇය සමනලී දෙස බලගෙන හිටියා. ඇද වියලට අත් තියාගෙන ඇය කල්පනා ලොවෙහි ගැඹුරින් ගිලී සිටියා.විටෙක තම දෙනෙතින් වැටුනු කඳුලු තම දෑතින් පිස දමා ගත් ඇය ගිම්හාන්ගේ ජායාරූපය රැගෙන එය පපුවට තබා ගනිමින් ඉකි බින්දා.

පපුවට අතක් තබාගෙන කොට්ටෙත් බදාගෙන ඇය කඳුලු සලනා හැටි රේණුකා හොඳින් දුටුවා.ඇයගෙන් මේ ගැන ප්‍රශ්ණ කරන්නට සිතුනත් ඇය පිළිතුරු දෙන්නේ නැත.තමා මේ ගැන් සමනලීගෙන් මින් පෙර කිහිප විටක්ම ඇසුවත් ඇය කිසිම දෙයක් තමාට පැවසුවේ නැත.පුත්‍රයා පැමිණි විට ඔහුට මේ ගැන කිව යුතුය.

රේණුකා සමනලී දුකින් සිටිනවාට කැමති විය. එවිට ඇයගේ සිතට එය දරා ගැනීමට පවා නොහැකි වෙයි.සමනලී තමාට ලේලියක් නොව දියණියකි.තමා අද දෙපයින් නැගිට සිටින්නේ ඇය නිසාය. ඉතින් සමනලීට ඉක්මනින් සතුට ලැබේවා කියා ප්‍රාර්ථනා කරාය.

සවස හතරයි තිහට පමණ ගිම්හාන් නිවසට පැමිණියේය.සමනලී සිටියේ කුස්සියට වී ප්‍රේමා සමඟ රෑ කෑම සූදානම් කරමිනි.රේණුකා ගිම්හාන් වෙත ගියාය.

“පුතේ මං ඔයාට ටික දවසක ඉඳන් කාරණාවක් කියන්න හිටියෙ සමනලී දූ ගැන…………….”

“ඒ මොකක්ද අම්මා?……………”

ඇඳ මත ඉදගෙන තම සපත්තු ගලවමින් ගිම්හාන් මවගෙන් එසේ විමසුවාය.

“මේකයි පුතේ සමනලී දුව දැන් සතියක හමාරක වගේ ඉඳන් මහ අමුතු විදියට හැසිරෙන්නෙ.මාත් එක්කවත් වැඩි කතා බහක් නෑ.මං එක්ක තියා එයා දුවත් එක්කවත් වැඩිය කාලය ගත කරන්නෙ නෑ.කොයි වෙලේ බැලුවත් කල්පනා කරන එකමයි වැඩේ.අපිට නොකිව්වට සමනලී දුව ඉන්නෙ ලොකූ ප්‍රශ්නෙකින් වගේ.

අදත් මං බලාගෙන හිටියෙ කාමරේට වෙලා ඔයාගෙ පින්තූරෙකුයි කොට්ටෙයි බදාගෙන අඬනවා.මොකාක් හරි ලොකූ ප්‍රශ්නයක් හිතේ තියාගෙන එයා විඳවනවා කියලා මට හිතෙනවා පුතේ. මං කීප වතාවක්ම ඇහුවත් සමනලී දුවගෙන් මේ ගැන ඇහුවත් එයා මට මොකුත්ම කිව්වෙ නෑ පුතේ.අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ පුතේ මේ දරුවට මොනවා වෙලාද කියලා……………..”

“මටත් සමනලීගෙ පොඩි වෙනසක් දැනුනා අම්මෙ.ඒත් මං ඒක වැඩිය ගනං ගත්තෙ නෑ.මං හිතුවෙ දුවගෙ වැඩ නිසා මොකක් හරි කියලා…………..”

“දුවගෙ ප්‍රශ්නයක් නෙවෙයි පුතේ.මේ දවස් ටිකේම දුවට කැව්වෙත් ප්‍රේමා. එයාව සමහර දවස් වල නෑව්වෙත් ප්‍රේමාමයි.ඔයා පොඩ්ඩක් හිමීට සමනලී දුවත් එක්ක කතා කරලා බලන්න.එයාට බනින්න එහෙම එපා. ගහලා බැනලා ප්‍රශ්න විසඳන්න බෑ……………”

“හරි අම්මෙ මං අද සමනලීත් එක්ක කතා කරලා බලන්නම්……………”

බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන රෑට කාලා ඉවර වෙලා සමනලීයි ගිම්හානුයි කාමරේට ආවා දුවත් එක්ක.

“දෝණී……නිදිමතයිද මැණිකට?…………..”

මං කෙල්ලගෙ කම්මුලක් සිපගෙන එහෙම ඇහුවා.කෙල්ල හිටියෙ නිදිමතෙන් වගේ.

“අම්මි කුක්කු ඕනී……………”

ඇඳට නැගලා මගෙ ඔඩොක්කුවට ආපු කෙල්ල මගෙ ස්කිනි එකේ පටිය පාත් කරලා කිරි බොන්න පටන් ගත්තා.පව් මගෙ චූටි කෙල්ල බත් කෑවත් රෑට නිදා ගන්න කලින් අම්මි කුක්කුමයි හොයන්නෙ.මං ගොඩාක් ආදරෙන් කෙල්ලගෙ ඔලුව අතගෑවා.කිරි බොන අතරෙම කෙල්ලට නින්ද ගියා.

මං කෙල්ලව ඇඳෙන් තියලා නෙට් එක දාලා ලයිට් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක දාලා දොර වහලා අපේ කාමරේට ආවා.ගිම්හාන් මහත්තයා හිටියෙ කාත් එක්කද මන්දා ෆෝන් එකෙන් කතා කර කර.මට පිටුපාලා හිටපු ගිම්හාන් මහත්තයා දිහා මං ටිකක වෙලා බලාගෙන හිටියා.මහ සාගරයක් තරම් පපුව පිරිලා ඉතිරිලා යන්න මට ආදරේ කරපු ගිම්හාන් මහත්තයා මගෙ දෙමව්පියො ගැන දැන ගත්තු දවසට මාව එයාගෙ ජීවිතෙන් අයින් කරලා දායි.

එයා දෝණිට ගොඩාක් ආදරෙයි.ඒත් මාව එයාගෙ ජීවිතෙන් අයින් කරත් දුවව නම් අයින් කරනෙකක් නෑ.තව කොච්චර කාලයක් තිස්සෙ මං මේ රහස හංගගෙන ඉන්නද දෙයියනේ.😥😥

දුරකථන ඇමතුම විසන්ධි කරපු ගිම්හාන් සමනලී දෙස බැලුවා.ඇය ඉන්නෙ ලොකු කල්පනාවක.තමා ඇය දෙස බලා සිටින බව ඇය දුටුවෙවත් නෑ. ෆෝන් එක මේසෙ උඩින් තියපු ගිම්හාන් ඇඳට ගොඩ වුනා.

අම්මා කියපු කතාව ඇත්ත වගේ. සමනලී ඉන්නෙ ලොකු ප්‍රශ්නෙකින් වගේ.වෙනදා එයා මෙහෙම හැසිරිලා නෑ.දැන් සතියක වගේ ඉඳන් මෙයා හරිම වෙනස්.මේක මොකක්ද කියලා මට අදම දැන ගන්න ඕනි.

එහෙම හිතපු ගිම්හාන් ලයිට් එක ඕෆ් කරා.එතකොටයි සමනලී ගැස්සිලා වගේ ගිම්හාන් දිහා බැලුවෙ.සයනය මතට පැමිණ ඇය වෙත නැඹුරු වූ ඔහු ඇගේ ඇගේ නිකටින් අල්ලා තමා දෙසට යොමු කර ගත්තා.

“මෙ…..මේ…..ම…..මහත්තයා නිදා ගන්නෙ නැද්ද?……………”

“නැහැ…………….”

එහෙම කියලා ගිම්හාන් මහත්තයා ටේබල් ලෑම්ප් එක ඔන් කරා.මං ගාවටම ඇවිත් මගෙ අතක් අරගෙන එයාගෙ අත උඩින් තියා ගත්තා.අද නම් ගිම්හාන් මහත්තයගෙ හැසිරීම හරිම අමුතුයි කියලා මට හිතුණා.මගේ මුවට නැඹුරු වූ ඔහු ඒ දෙතොල් වලින් මගේ දෙතොල් අල්ල ගත්තා.

සියුම් වේදනාවක් මට දැනුනත් ඒ වේදනාව අභිබවා හිතේ පත්තු වෙන ගින්න ප්‍රබල වුනා.අද ඔහු සමඟ අනුරාගී හෝරාවක් ගත කරන්නට හිත හදා ගන්න තරම් මානසික මට්ටමක් මට නෑ.ඒත් ඒ ගැන කියාගන්න බැරුව මං ලත වුනා.

ගිම්හාන්ට ඕනි වුනේ සමනලී සමඟ අනුරාගයේ වෙලෙන්න නෙවෙයි.ඇය විඳවනා මේ ප්‍රශ්නය ගැන දැන ගන්නයි. වෙනදාට නම් තමා මේ අයුරින් ඇගේ දෙතොල් මත දඟකාරකම් කරනා විටදී ඇය මෙසේ නිහඬව නිසොල්මනේ සිටින්නේ නෑ.ඒත් අද ඇය නිහඬයි. කුමක්ද මේ අරුමය.ඇගේ දෙතොල් වලින් ඈත් වූ ඔහු ඇයගේ මුහුණ තමා දෙසට යොමු කර ගත්තා.

“සමනලී……………”

“ඇ…..ඇයි මහත්තයා?…………….”

“සමනලී මට කියන්න රත්තරං මොකක්ද ඔයාට තියන ප්‍රශ්නෙ?ඔයා මේ විදියට දුකින් ඉන්නෙ ඇයි?…………….”

“මෙ…..මේ එහෙම මොකුත් ප්‍රශ්නයක් නෑ මහත්තයා……………”

ගිම්හාන් බලාපොරොත්තු වූ පිළිතුරම ඇය දුන්නා.අද කෙසේ හෝ ඇගෙන් මේ ප්‍රශ්නය ගැන දැන ගත යුතුය.

“මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා සමනලී.දැන් සතියක විතර ඉඳලා ඔයාගෙ හැසිරීම ගොඩාක් වෙනස්.ඒක මං විතරක් නෙවෙයි අපෙ අම්මත් කියනවා.සමහර වෙලාවට ඔයා කාමරේට වෙලා මගෙ ෆොටෝ එක පපුවට තියාගෙන කොට්ටෙත් බදාගෙන අඬනවා අම්මා දැකලා තියනවා.

දවස තිස්සෙම ඔයා කරන්නෙ කල්පනා කරන එක.ඔය තරම් කල්පනා කරන්න ඔයාට තියන ප්‍රශ්නෙ මොකක්ද සමනලී?ඇයි මට කියන්න බැරි?මං ඔයාගෙ මනුස්සයා.අපි කසාද බැඳලා දැන් අවුරුදු පහකට කිට්ටුයි. ඔයාට මට කියන්න බැරි දෙයක් තියෙන්න බෑනෙ.ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ?……………..”

මගෙ ඇස් වලට කඳුලු පිරුනා.තව දුරටත් මට මේ රහස හංගගෙන ඉන්න බැරි තත්වෙකුයි උදා වෙලා තියෙන්නෙ කියලා මට දැනුනා.ඒත් දෙයියනේ මං කොහොමද මේක ගිම්හාන් මහත්තයට කියන්නෙ?😥මං මේක නොකිව්වොත් ගිම්හාන් මහත්තයට ගොඩාක් කේන්ති යයි.

“ඔයා ඔහොම කල්පනා කරා ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ සමනලී.මං ඔයාගෙන් මෙච්චර හොඳින් අහලත් ඇයි ඔයාට මට කියන්න බැරි?මාව කේන්ති ගස්සන්නෙ නැතුව කියනවද?……………”

ගිම්හාන් මහත්තය කතා කරේ ගොඩාක් ඉවසීමෙන් කියලා මට තේරුණා.මගෙ ඇස් වලින් කඳුලු වැටුනා.

“අනේ……අනේ මට සමාවෙන්න මහත්තයා.මං මෙච්චර කාලයක් තිස්සෙ හිතින් දුක් වේදනා විඳපු කාරණේ මහත්තයා දැන ගත්තු දවසට මහත්තයා මං ගැන මොන තීරණයක් ගනීද කියලා මං දන්නෑ.මහත්තයා, මං…….මං…….මං මගෙ අම්මයි තාත්තයි කව්ද කියලා හොයා ගත්තා……………..”

“ඉතින් හු#### යෙ ඒක දුක් වෙන්න ඕනි කාරණයක්ද?සතුටු වෙන්න එපායැ ගෑණියෙ………………”

“ඒත් මහත්තයා , මහත්තයා දන්නෑනෙ මගෙ අම්මයි තාත්තයි කව්ද කියලා. ඒක දැන ගත්තම මහත්තයා මාව මේ ගෙදරිනුත් පන්නලා දායි……………”😭😭

“ඇයි ඒ?තමුසෙගෙ තාත්තා ප්‍රභාකරන්ද?……………”😁😂😆

“අනේ විහිලු නෙවෙයි මහත්තයා මගෙ තාත්තා මහත්තයගෙ ලොකුම හතුරා…………….”😭😭

“මගෙ හතුරා?🤔🤔ඒ කව්ද?……………..”

“ලො…..ලොයිඩ් වර්ණසූරිය…………….”

“මොකක්??……………..”😱😱

“ඔව් මහත්තයා මගෙ තාත්තා ලොයිඩ් වර්ණසූරිය.ඒක මං දැන ගත්තෙ ගිය දැනට සතියකට එකහමාරකට විතර කලිනුයි.එදා ඉඳන් මං ජීවත් වුනේ ගිනි ගොඩාක් මැද්දෙ මහත්තයා.මං හිතින් මහා සාගරයකට වඩා වැඩියෙන් වේදනා වින්දා…………………………….😭😭

සිදු වූ සියල්ලක්ම මං ගිම්හාන් මහත්තයට අකුරක් නෑරම පැවසුවා.ඒ හැම දෙයක්ම ගිම්හාන් මහත්තය අහගෙන හිටියා.මං බලාපොරොත්තු වූ පරිදිම ඒක අහලා ගිම්හාන් මහත්තයා කෝප වුනා.

“තොගෙ මහ එකාද එතකොට අර ලොයිඩ් කාරයා?තෝ දැන්ම තොගෙ ඇඳුම් ටිකත් අරගෙන මේ ගෙදරින් මගෙ දෑහට නොපෙනී පලයන් යන්න. හැබැයි මගෙ කෙල්ල මාත් එක්ක හිටපුවාවෙ…………….”

අඬ අඬාම මං බෑග් එකකට රෙදි ටික අහුර ගත්තා.මගෙයි දූගෙයි ගිම්හාන් මහත්තයගෙයි ෆොටෝ එක බෑග් එකේ උඩින්ම තියා ගත්තා.

සමනලී අඬමින්ම බෑගයට ඇඳුම් දමා ගන්න අයුරු ගිම්හාන් කට තද කරගෙන සිනහවෙමින්ම බලාගෙන සිටියා.පිස්සු ගෑණි……ගොඩාක් බය වෙලා ඇත්තෙ.පව් විහිලු කරන්න හොඳ නෑ.

“ඒයි……ඕක නවත්තනවා හලෝ.මං තමුසෙට විහිලුවට කිව්වෙ ගෙදරින් යන්න කියලා.මට පිස්සු නෑ තමුසෙව ගෙදරින් යවන්න.ලොයිඩ් කියන එකායි උගෙ ගෑණියි තමුසෙගෙ අම්මයි තාත්තයි වුනේ තමුසෙ කරලා තිබුනු කරුමෙකට වෙන්න ඇති.ඒ වගේ ජරා මිනිස්සු දෙන්නෙක් ගාව නොහැදි තමුසෙ ළමා නිවාසෙක හැදුනු එක හොඳයි.ඉපදිච්ච මොහොතෙම තමන්ගෙ දරුවව එපා කියලා අහක දාපු අම්මෙකුගෙනුයි තාත්තෙකුගෙනුයි වැඩක් තියනවද?උන් දෙන්නා තමුසෙ ගැන ඇත්ත දන්නවද?……………”

“නෑ මහත්තයා……………”

“කවදාවත්ම එයාලට තමුසෙ ගැන ඇත්ත කියන්න එපා.තමුසෙව එපා කියපු අම්මවයි තාත්තවයි තමුසෙට එපා.තේරුනාද තමුසෙට?……………….”

“ඔ…..ඔව් මහත්තයා………………”

“පිස්සු ගෑණි.තමුසෙට මං ඉස්සෙලා විහිලුවක් කරේ.මෝඩි හොඳටම බය වුනා නේද?සොරි හොඳේ……………”😁😉

“මං ගොඩාක් බය වෙලා හිටියෙ මහත්තයා.අනේ මං හිතුවෙ මහත්තයා මාව ඩිවෝස් කරයි කියලා.අනේ මහත්තයයි දුවයි නැතුව ඉන්න බෑ…………….”😭😭

ගිම්හාන් මහත්තයගෙ නිරුවත් පපුවට හේත්තු වෙලා මං එහෙම කිව්වා.මගේ කඳුලු වලින් එයාගෙ පපුව තෙමෙන්න ඇති.

“ඒයි මොකෝ මේ හොටු පෙර පෙර අඬන්නෙ?…………….”

“අනේ නෑ මහත්තයා………………”

“බය වෙන්න එපා තමුසෙවයි දෝණිවයි මගෙන් ඈත් කරන්න කාටවත්ම බෑ………………”

“ආදරෙයි මහත්තයට.මං ගොඩාක් බය වුනා………………”

“බය වෙන්න එපා මැණික.තමුසෙව කවදාවත් මං මගෙන් ඈත් කරන්නෙ නෑ……………….”

“දැන් නිදා ගම්මු මහත්තයා.ගොඩාක් රෑ වෙලා……………..”

“හොර කෙල්ල මෙහෙ එනවා.මේ දවස් ටිකේම මාව මගෑරියා විකාර ඔලුවෙ තියන් ඉඳලා.අද නම් මගෙන් බේරෙනවා බොරු හොඳේ………………”

මාව උස්සලා ඇඳෙන් තියපු ගිම්හාන් මහත්තයා මගෙ නෙත් වලට එබුනා. එයාගෙ මුහුනේ ඇඳුනු මනමාල හිනාව මගෙ හිතේ ලැජ්ජාවෙන් බර කරා. සරමේ ගැටේ බුරුල් කරපු ගිම්හාන් මහත්තයා එය බිම පතිත වන්නට ඉඩ හැර මගේ සිරුරට බර වූවා.මා ඇඳ උන් රෑ ඇඳුම මගේ මගේ සිරුරෙන් ඉවත් කරමින් ඔහු මගේ දෙතොල් උමතුවෙන් වගේ සිප ගත්තා.

සියුම් වේදනාවක් දැනෙද්දී මගේ මුවින් නැගුනු කෙඳිරිලි හඬවල් ඔහුට තවත් අනුබල දෙන්න ඇති.වෙනදා වගේ නෙවෙයි.අද ඇඟට හරිම අමුත්තක් වෙහෙසක් දැනුනා. ඔහුගේ අතැඟිලි මගේ කලවා දිගේ දිව යද්දී එක්වරම බඩ කලතගෙන ඔක්කාරෙට වගේ ආවා.එයාවත් පැත්තකට තල්ලු කරගෙන සීට් එකත් ගත දවටා ගත්තු මං බාතෲම් එකට දුවලා වමනෙ කරා.මුලු ඇඟම අප්‍රාණික වෙලා වගේ දැනුනා.

“සමනලී ඔයාට මොකද මැණික එකපාරටම වුනේ?………………”

එයා එහෙම අහද්දී මගේ දෑත් ගියේ කුස මතට.

“එයා ඇවිල්ලා මහත්තයා……………..”

“ක…..කව්ද?……………….”

“අපේ දෝණිට මල්ලියෙක්……………..”

“මොනවා……වාව් මරුනෙ මැණික………………”

මගේ මුහුණ කට හෝදවලා මාව වඩාගෙන ඇවිත් ගිම්හාන් මහත්තයා මට ඇඳුමක් ඇන්දෙව්වා.

“ගොඩාක් අමාරුද මැණිකට?අපි හොස්පිටල් ගිහින් බලමුද?…………….”

“හෙට යමු මහත්තයා.දැන් ඕන්නෑ……………..”


කාලය හෙමින් හෙමින් ගෙවිලා ගිහින් මගේ කුසට මාස පහකුත් සම්පූර්ණ වුනා.අපි හැමෝම හිටියේ ගොඩාක් සන්තෝෂෙන්.අම්මා මට මං ආස හැම කෑමක්ම හදලා දුන්නා.දෝණි එයාගෙ මල්ලි එන්නෙ කවද්ද කියලා හැමදාම මගෙන් අහනවා.

“සමනලී මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්.එද්දි මොනවා හරි ගේන්න ඕනිද?……………..”

“රතු ඇපල් අරන් එන්නකො……………”🍎🍎🍎

“හ්ම්ම්.මං අරන් එන්නම්…………….”

ගිම්හාන් සිය මෝටර් රථයෙන් පහල නෙලුවාව මාර්ගය හරහා යමින් සිටියදී ලොයිඩ් හා ඔවුන්ගේ මැරයින් නෙලුවාව පාලම අසල පාර හරස් කරගෙන සිටියා.මෝටර් රථය නතර කර ගිම්හාන් හෝන් එක ගැහුවත් ඔවුන් මාර්ගයෙන් ඉවත් වුනේ නෑ.දැන් නම් ගිම්හාන් ඉන්නෙ තදබල වෛරයෙන්.

දොරත් ඇරගෙන එලියට ගිය ගිම්හාන්ට අඩි දෙකක් ඉදිරියට යන්න ලැබුනෙ නෑ.ලොයිඩ්ගේ අත ඇති පිස්තෝලයේ උණ්ඩයක් ගිම්හාන්ගේ කුස හරහා ගියේ ඔහු පැත්තකට විසික් වෙමින්.

රුධිරය ගලනා කුසත් අල්ලගෙන මෝටර් රථයේ ඉදිරිපස රෝදය අසල බිමට වැටුනු ගිම්හාන්ගේ ඉදිරියට ආවේ ලොයිඩ්.තිරිසන් හිනාවක් මුහුණට නගා ගත් ලොයිඩ් ගිම්හාන්ගේ ලඟට කිට්ටු වුනේ සිය ගෝලයින් කිහිප දෙනාත් සමඟිනි. කෙඳිරි ගාමින් සිටින ගිම්හාන්ව දුටු විට ලොයිඩ්ගේ සිතට සතුටක් ඇති වුනි.

“ගිම්හාන්…..අදින් පස්සෙ උඹේ සෙල්ලම් ඉවරයි.උඹ මට සෑහෙන වද දුන්නා.ලෑස්ති වෙයන් පර ලෝකෙට යන්න…………….”

“මා……ම……ණ්……ඩී උඹ……දන්නෑ ය……කෝ මං……කව්ද කි……යලා……………ආ……………..”

නැවතත් ලොයිඩ්ගේ පිස්තෝලයේ උණ්ඩයක් ගිම්හාන්ගේ බඩ පසාරු කරගෙන ගියා.සිය ගෝලයින් සමඟ වාහනෙන් පිටත්ව ගිය ලොයිඩ් සිය හතුරෙකු විනාශ කර බව සිතා සතුටු වූවා.

මහා මාර්ගයේ ගමන් කල දාසය හැවිරිදි දරුවෙකු මේ සිද්දිය දැක ඇත්තේ සිය නිවසට යන අතරතුරය. ඉන් පසු කීප දෙනෙකුගේ උදව් ඉල්ලා ඔහු කෑ ගසා තිබෙනවා.ඔහුගේ කෑ ගැසීම ඇසුනු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ගිම්හාන්ව රෝහල් ගත කරා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින ගිම්හාන්ගේ ඉරණම කෙසේ විසඳේවිද?හෙට අන්තිම කොටසින් හමුවෙමු👹️👩

මෙය ප්‍රබන්දයක් පමණක්ම වේ

Advertisment