ගිම්හාන් මහත්තයයි මමයි කතා වුනේ දෝණිව ලබන අවුරුද්දෙ ඉඳන් මොන්ටිසෝරි දාන්න.දැන් අවුරුදු හතරකටත් කිට්ටුයිනෙ.ඒත් කෙල්ල නම් මොන්ටිසෝරි යන්න කම්මැලියි.

“ඕවා ගනන් ගන්න එපා සමනලී. හුරතල් වයසනෙ.තව මාස දෙක තුනක්ම තියනවනෙ.ටික දවසක් යනකොට කෙල්ල පුරුදු වෙයි යාලුවො එහෙම හම්බුනාම…………….”

“ඒත් දෝණි හරිම මුරණ්ඩුයි මහත්තයා වෙලාවකට මම කියන කිසිම දෙයක් අහන්නෙ නෑනෙ.වැරැද්දක් කරන වෙලාම ටිකක් සැර කරන්න ඕනි. දැන්ම ඉඳලා වැරැද්දකට පාරක් නොගහා හුරතල් කරාම ලොකු වෙනකොට තව ලොකු ලොකු වැරදි කරයි……………..”

“අපේ කෙල්ල එහෙම වෙන්නෑ.එයා හොඳට හැදෙයි.තමුසෙ නිකන් බොරුවට බය වෙලා…………….”

ඔය කිව්වෙ දෙයක්.මේ යකා තමයි කෙල්ල ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා එයාව නරක් කරන්නෙ.වැරැද්දක් කරත් පාරක් නොගහා හුරතල් කරනවා.මට තමයි පොඩ්ඩ ගෑවෙන්න බෑ බැනගෙන එන්නෙ දුෂ්ඨයා.😁

“දෝණී මේ එන්නකො වස්තූ…………..”

ගිම්හාන් මහත්තයගෙ කටහඬට කෙල්ල සෙල්ලම් කර කර හිටපු බෝනික්කාවත් තුරුල් කරගෙන ඉක්මනට දුවගෙන ආවා.

“ඔන්න හෙට දෝණියි අම්මියි තාත්තියි බීච් යනවා……………”

“යේ……..ශෝක්නේ.තාත්ති බබාත ලොකූ බෝනික්කෙක් අලන් ඕනි.තව සෙල්ලම් බඩු ගොඩාලියකුත් ඕනි……………”

කෙල්ලට ෆුල් හැපි බීච් යනවා කිව්වම. දැන්ම තියා සෙල්ලම් බඩු ඉල්ලනවා තාත්තිගෙන්.තාත්තිත් ඉතින් කෙල්ල ඉල්ලන හැම දෙයක්ම අරන් දෙනවා බෑ නොකියා.

“තාත්ති දෝණිට සෙල්ලම් බඩු ගොඩාරියක් අරන් දෙන්නම්කො. හැබැයි දෝණි මොන්ටිසෝරි යන්න ඕනි අඬන්න බෑ ඔන්න.නරක ළමයි තමයි අඬන්නෙ.හොඳ ළමයි අඬන්නෙ නෑ…………….”

දෝණිගෙ කම්මුලකට හාදුවක් දීලා ගිම්හාන් මහත්තයා දෝණිව වඩා ගත්තා.

“බබා නලක නෑ.බබා කැමතියි මොන්ටිසෝරි නන්න…………….”

“කපටි කෙල්ල සෙල්ලම් බඩු අරන් දෙන්නම් කිව්වම තමයි මොන්ටිසෝරි යන්න කැමති වුනේ නේද?…………….”

මං කෙල්ලගෙ කම්මුලක් මිරිකලා එහෙම කිව්වා.

“තාත්තී අම්මිට පාලක් ගාන්න.බබාත කපති කෙල්ල කිව්වා……………”

කෙල්ල තාත්තිට උගන්නනවා අම්මිට ගහන්නලු.නපුරි තාත්තා වාගෙමයි.

“මේ මං ඔයාගෙ තාත්තිට බය නෑ තේරුණාද?……………”

මං එහෙම කියලා කෙල්ලට නොපෙන්නෙන්න ගිම්හාන් මහත්තයගෙ කනක් ලාවට වගේ හැපුවා.දුෂ්ඨයා මං දිහා රවලා බැලුවා. හී😁😁මං බය වෙයි එයාට.

පහුවදා උදෙන්ම අපි ලෑස්ති වුනා. දෝණිට දණිස්ස ගාවට තියන ඩෙනිම් කලිසමකුයි ලා නිල් පාට මිකී මවුස් ටී ෂර්ට් එකකුයි අන්දෝලා ඔලුව පීරලා චූටි කොන්ඩයක් ඔලුව මැද්දෙන් බැන්දා.එයාගෙ රෝස පාට චූටි ඔරලෝසුවත් අතේ බැඳලා සපත්තු දෙක දැම්මෙව්වා.

“ආව්ශ්…….මගෙ දෝණි ලස්සනයිනෙ. සුරංගනාවියක් වගේ මගෙ මැණික…………….”

ගිම්හාන් මහත්තයා එහෙම කියලා කෙල්ලව වඩා ගත්තා.කෙල්ලටත් හරිම සතුටුයි ඉතින් ගමනක් යන්න ලෑස්ති වුනාම.ඊයෙ රෑ ඉඳන් කියවන්නෙ.

“පුතාලා ලෑස්ති වුනාද?මං මේ අග්ගලා ටිකක් හැදුවා.යන ගමන් කන්න…………..”

අම්මා දීපු අග්ගලා පාර්සලේ මං බෑග් එකට දා ගත්තා.

“දෝණි,ආච්චිට සාදු කියන්න හොඳ ළමයා වගේ……………”

කියන පමාවට කෙල්ල තාත්තිගෙ අතින් බැහැලා ආච්චිට වැන්දා.


“අම්මී අල මොකද්ද?……………..”

යන ගමන් වටපිටාවෙ තියන දේවල් පෙන්නලා කෙල්ල එක එක ප්‍රශ්ණ අහන්න පටන් ගත්තා.ඒවට උත්තර දීලා දීලා මාව හෙම්බත් වෙලා.ටිකක් වෙලා යද්දී කෙල්ලට නින්ද ගියා.

“කියෝ කියෝ ඉදලම නිදා ගත්තා නේද?…………….”

“ඒක තමයි.එයා අහන ප්‍රශ්න වලට උත්තර දීලා ඉවරයක් නෑ.දැන් නිදි. හුරතල් වෙලා ඉඳලා ඉඳලා නිදා ගත්තමත් පාලුයි අනේ…………….”

“එහෙනම් ඉතින් බබාගෙ තාත්තිව හුරතල් කරන්න…………….”😀😉

“පිස්සු මෙයාට නම්…………..”😀😃

මං එහෙම කියද්දී ගිම්හාන් මහත්තයා එක අතකින් මගෙ කට මිරිකුවා.

“ඒයි……පාර දිහා බලාගෙන වාහනේ එළවන්න.හැප්පෙයි නැත්නම්…………….”

අපේ දඟ මල්ල බීච් එකට ඇවිත් එක තැනක ඉන්නෙම නෑ.තාත්තිගෙ අතේ එල්ලිලා හැම තැනකම දුවනවා.මුහුදු රැල්ල පෑගෙද්දී යටි ගිරියෙන් කෑ ගහනවා.වැලි ගොඩේ ඉඳගෙනම අතින් වැල්ලෙ වලවල් හාරනවා.ඇඟ හැම තැනකම වැලි.ගිම්හාන් මහත්තයගෙ ඇඳුම් පුරා වැලි.

“දෝණි……දැන් ඇති මැණික ගොඩට යමු.ඔයාට හෙම්බිරිස්සාව හැදෙයි මෙච්චර වෙලා වතුරෙ නටලා…………….”

“මත බෑ.තව තෙල්ලන් කලන්න ඕනි…………….”

“අනේ මහත්තයා දැන් හුඟක් වෙලා හිටියනෙ.කෙල්ලව අරන් ගොඩට යමු. මෙහෙම වතුරෙ නටලා හෙම්බිරිස්සාව හැදුනොත් එහෙම…………….”

මං එහෙම ගිම්හාන් මහත්තයා දුවව වඩා ගත්තා.

“මට නන්න බෑ තාත්තී.තව තිකක් වෙලස් ඉම්මූ……………..”

“බෑ බෑ.දැන් ඇති.කියන දේ ඇහුවෙ නැත්තන් තාත්ති ගහනවා පාරක්……………”

ගිම්හාන් එහෙම කියලා දෝණිට සැර කරද්දී එයා අඬන්න වගේ මූණ හදා ගත්තා.කාරෙකට ගිහින් ටවල් එක අරන් දෝණිව පිහදාලා එයාට වෙන ඇඳුමක් ඇන්දෙව්වා.

“මැණිකට බඩගිනියිද?අපි හබුං කමූ……………”

“හබුං අපා.අම්මා කුක්කු ඕනී…………..”

“අම්මා කුක්කු බීලා විතරක් බඩ පිරෙන්නෑනෙ දෝණි.බත් ටිකක් කමු. ඔයා දැන් නෝටි වෙලා…………….”

“මත බෑ.අම්මි කුක්කු ඕනී……………..”

“අම්මි කුක්කු බීලා හබුං කන්න ඕනි. නැත්නම් සෙල්ලම් බඩු අරන් දෙන්නෑ……………”

මං එහෙම කියලා දෝණිට සැර කරා. බ්ලව්ස් එකේ බොත්තම් දෙක තුනක් ගලෝලා දෝණිට කිරි දුන්නා.

“ඒයි මේ මොකද බත් කන්නැතුව අම්මා කුක්කු බොන්නෙ.ඔයා දැන් ලොකුයි දෝණි.ඒ හින්දා බොන්න බෑ……………”

ගිම්හාන් මහත්තයා එහෙම කිව්වෙ කෙල්ලගෙ කකුලට තට්ටුවක් දාලා.

“ඒනම් තාත්තිත් බොන්නෙ?…………..”

“මොකක්…………….”😳😲

“ආත්ති කිව්වා තාත්තිත් පොඩි කාලෙ අම්මා කුක්කු බිව්වා කියලා……………”

“ආහ්……පොඩි කාලෙද?මං හිතුවෙ මේ…………….”😉😉

එහෙම කියලා ගිම්හාන් මහත්තයා මට ඇහැක් ගැහුවා.මං හිනා වෙලා තොලත් හපාගෙනම අහක බලා ගත්තා.

කෙල්ලට කවලා ඉවර වෙලා අපි දෙන්නත් කෑවා.ඊට පස්සෙ සෙල්ලම් බඩු සාප්පුවකට ගිහිල්ලා කෙල්ලට ලොකු බෝනික්කෙකුයි තවත් සෙල්ලම් බඩු කිහිපයකුයි අරන් දුන්නා.

“මෙච්චර සෙල්ලම් බඩු මොකටද දෝණි.අච්චර ගොඩාරියක් සෙල්ලම් බඩු ගෙදරත් තියෙන්නෙ…………….”

මං එහෙම කිව්වම කෙල්ල මූණ ඇඹුල් කර ගත්තා.ගිම්හාන් මහත්තයා මට රැව්වා.

“ඔයා තමයි දෝණිව නරක් කරන්නෙ මහත්තයා…………….”

සෙල්ලම් බඩු අරගෙන පන්සලුත් ගිහිල්ලා අපි ගෙදර එද්දී හොඳටම හවස් වුනා.දෝණිත් හිටියෙ නිදිමතෙන් නිසා මං එයාගෙ ඇඟ හෝදවලා ඇඳුමකුත් අන්දෝලා නිදි කෙරෙව්වා.

“කෙල්ල නිදිද?……………..”

“මහන්සියටම නින්ද ගියා මහත්තයා……………”

“මං වොශ් එකක් දාගෙන එන්නම්. කෙල්ලත් එක්ක වැල්ලෙ නටලා ඇඟ හැම තැනකම වැලි……………”

ගිම්හාන් මහත්තයා එහෙම කියලා බාතෲම් එකට යන්න හදනකොටම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.එයා කතා කරන අතරෙ මං බාතෲම් එකට ගිහින් නාගෙන ආවා. මං කාමරේට එද්දි ගිම්හාන් මහත්තයා හිටියෙ ටිකක් කලබලයෙන් වගේ.

“ඇයි මහත්තයා කලබලෙන් වගේ?මොකද වුනේ?……………”

“මොකුත් නෑ…………….”😠

“මොකුත් නැත්නම් ඔහොම තරහින් වගේ කතා කරන්නෙ මොකද?……………”😠

“අර යකා නම් ශික්.මූ කියන දේ අහන්නෙම නෑ.අදත් අපේ කොල්ලෙකුට ගහලා.මං වොශ් එකක් දාගෙන හොස්පිටල් යන්න ඕනි මධුරව බලන්න…………….”

“කව්ද මධුරට ගහලා තියෙන්නෙ?………….”

“ලොයිඩ්ගෙ ගෝලයෙක්.ලොයිඩ් කාරයට ඉඳලා ඇති වෙලා වගේ.ඌ මං කව්ද කියලා දැනගෙනත් මාත් එක්ක හැප්පෙන්න එන්නෙ උගෙ මාරයා ලං වෙලා වගේ…………….”😡😡

ගිම්හාන් මහත්තයා ඉන්නෙ හොඳටම කේන්තියකින් කියලා මට තේරුණා.මේ වගේ කේන්තියෙන් ඉඳලා ලොයිඩ් කියන මනුස්සයත් එක්ක හැප්පිලා ගිම්හාන් මහත්තයට කරදරයක් වෙයි කියලා මට බය හිතුණා.

“අනේ මහත්තයා පරිස්සමින්.උන් මහත්තයගෙ ජීවිතේට අනතුරක් කරයි……………”

“තමුසෙ බය නැතුව ඉන්නවා.මට මොකුත් වෙන්නෑ……………”

“මධුරට ගහලා තියෙන්නෙ ඇයි මහත්තයා?ලොයිඩ් කියන මනුස්සයත් එක්ක කතා බහ කරලා මහත්තයලාට ඔය ප්‍රශ්ණ විසඳගන්න බැරිද?……………”

“කතා බහ කරලා විසඳගන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි මේවා.තමුසෙට ඕවා තේරෙන්නෙ නෑ සමනලී.ලොයිඩ් එච්චර හොඳ මිනිහෙක් නෙවෙයි. තමුසෙ ඌව දැකලා නැති උගෙ ගෑණිව දැක්කනෙ එදා.ඒ දෙන්නම මහ ජරා දෙමව්පියො දෙන්නෙක්…………….”

“ඇයි මහත්තයා ඒ දෙන්නා මොකද කරලා තියෙන්නෙ?…………..”

“අවුරුදු විසිතුනකට විතර කලින් ඔය ගෑණිටයි මිනිහටයි දරුවෙක් ඉපදුනා.ඒ ළමයා කෙල්ලෙක් නිසා උන් දෙන්නා ඒ කෙල්ලව කාටද මන්දා ගෑණියෙකුට දීලා තියනවා කාටහරි දීලා දාන්න කියලා.ඒ ගෑණි ඒ ළමයව කොහෙදෝ මන්දා වයසක ගෑණියෙකුට දීලා හදා ගන්න.ටික කාලයක් යද්දී ඒ වයසක ගෑණි මැරිලා නයෙක් ගහලා.ලොයිඩ් කාරයයි උගෙ ගෑණියි ඒ ළමයා දීපු ගෑණි මේ ළඟදී මෙහෙත් ඇවිල්ලා තියනවා කියලා අම්මා මට කිව්වා…………..”

දෙවියනේ……😱😱එතකොට මගෙ තාත්තා ලොයිඩ් වර්ණසූරියද?එදා හොටෙල් එකෙන් එලියට එද්දී හම්බවුනු ගෑණු කෙනා මගෙ අම්මද? අනේ දෙයියනේ මට නම් මේ මොකුත්ම හිතා ගන්න බෑ.ගිම්හාන් මහත්තයගෙ පරම හතුරා මගෙ තාත්තද?😭😭

මතු සම්බන්දයි