ප්ලීස් කේසර දැන් ඔයා ශනායාව අමතක කරන්න.එයා ආයෙ එන්නෑ. දැන් මාස තුනකුත් ගෙව්නා.එයා ජීවතුන් අතර ඉන්නවා නම් මෙලහකටත් ඔයා ගාවට ඇවිල්ලනෙ.
ආවෙ නැතත් අඩුම තරමෙ කෝල් එකක් හරි දෙනවනෙ.එයාව අමතක කරලා දාන්න කේසර.ඔයාට ඕනම දේකට මං ඉන්නවනෙ.ශනයා වගේ මං ඔයාව දාලා කොහේවත් යන්නෑ……………………..”
මිෂෙල් සෑම උත්සහයක්ම දැරුවේ කේසරගේ සිත ශනායාගෙන් වෙන් කිරීමටය.නමුත් ඇයගේ සියලූම උත්සහයන් අසාර්ථක විය.කේසරගේ සිත ශනායාගෙන් වෙන් කිරීමට ඇයට කල නොහැකි විය.
“මගෙ යකා අවුස්සන්නෙ නැතුව කරුණාකරලා මෙතනින් පලයන් මිෂෙල්.උඹ මොන දේ කරත් ශනායාව මගෙ හිතින් අයින් කරන්න බෑ.මුලු ජීවිත කාලෙටම මං ආදරේ කරන්නෙ ශනායාට විතරයි.ඒකි මගෙ පණ.මට හොඳටම විශ්වාසයි මගෙ ශනායා කොහේ හරි ජීවතුන් අතර ඉන්නවා.
“නෑ ශනායා මැරිලා.ඒ බැල්ලි ජීවතුන් අතර නෑ…………………”
කෝපයෙන් ගිගුරුම් දෙමින් මිෂෙල් එලෙස කෑ ගැසුවා.කෝපයෙන් දත් මිටිකමින් උන් කේසර අත දිග හැර ඇගේ පහරක් එල්ල කරා.
“කියපන් මිෂෙල් උඹද මගෙ ශනායාව පැහැර ගත්තෙ?මට ඇත්ත කියපන් යකෝ තෝ ශනායට මොකද කරේ?…………………..”😡😡
කේසර මිෂෙල්ගේ කෙටි කෙස් කලඹෙන් අල්ලා ඇදගෙන ඇගේ කම්මුලට තවත් පහරක් ගැහුවා.ඒ පහර කාගෙනම ඇය පුටුවත් පෙරලගෙන බිමට වැටුනා.එලියේ උන් වික්‍රම් සහ රොනාල් ඇතුලු ආරක්ෂක භටයින්ට මේ ශබ්දය ඇසුනා.ඔවුන් සියලු දෙනාම කේසරගේ කාමරේට දුවගෙන ආවා.
“අනේ බොස් ඕක නවත්තන්න.මෙයා මැරෙයි.ඕක නවත්තන්න බොස්………………….”
සගයින් තිදෙනෙක් පැමිණ ඉතා අපහසුවෙන් කේසරව ඇද දැමුවා. කේසර සිටින්නේ කෝපයෙන් වියරු වැටීය.ඔහුව පාලනය කිරීම කිසිසේතම කල නොහැක්කකි.ඔහුගේ දෑස් තරහින්ම රතු වී ඇත.
“මම යන්නම් කේසර.ඒත් මං ඔයාට ආදරෙයි.මං කොහොමහරි මගේ ආදරේ ලබා ගන්නවා…………………..”
එසේ පැවසූ මිෂෙල් ඇගේ අත් බෑගයත් රැගෙන කේසරගේ නිවසින් එලියට ගියා.තරහින් කෝපයෙන් වෛරයෙන් ඇගේ තුන් සිතම පිරී ඉතිරී ගොස් ඇත. ඇය සිතුවේ මීට මාස තුනකට පෙර ශනායාව ඩගී සහ රෙජී මරා දැමුව බවයි.මිෂෙල් තාම දන්නෙ නෑ ශනායා ජීවතුන් අතර සිටින බව.ඇගේ සිත පුරා පැතිරී ඇත්තේ කෝපය පමණයි.
කේසරගේ නිවසේ සුවිසල් ගේට්ටුවෙන් සිය මෝටර් රථය එළියට ගත්තේ සිය නිවස බලා යාමටයි.නමුත් ඇය පාරේ විරුද්ධ පසින් අධික වේගයෙන් පැමිණි ටිපර් රථය දුටුවේ නැහැ.ටිපර් රියේ ගැටුනු මිෂෙල්ගේ මෝටර් රථයේ ඉදිරිපස පෙදෙස පොඩි විය.වහා ඉක්මනින් දුව ආ කේසරගේ නිවසේ ආරක්ෂක භටයින්ගේ දෑස් පවා විසල් වුනි.
“මොකක්ද බන් ඒ එකපාරටම ලොකු සද්දයක් ඇහුනෙ?වරෙන් යන්න බලන්න……………………”
කේසර වික්‍රම් රොනාල් ඇතුලු පිරිස ඉක්මන් ගමනින් ගේට්ටුවෙන් පිටතට දුව ආහ.අහල පහල සිටි මිනිසුන් පවා ඒ විනාඩි කීපයට අනතුර සිදු වූ ස්ථානයට පිරුණි.මිෂෙල්ගේ සිරුරින් වැගිරුණු රුධිරය පාර පුරාම විසිරුනි.
ඒ දෙස බැලූ සමහරු නෙත් වසාගෙන අහක බලා ගත්තා.වහා ක්‍රියාත්මක වූ කේසරගේ ගෝලයින් කුඩු පට්ටම් වූ මෝටර් රථයෙන් මිෂෙල්ගේ සිරුර එලියට ගත්තේ පැය බාගයක පමණ උත්සහයකින් අනතුරුවය.
“බොස් මිෂෙල් මැඩම්ට තාම පන තියනවා වගේ.අපි මෙයාව ඉක්මනට හොස්පිටල් එකට ගෙනියන්නම්……………………”
වික්‍රම් ඇතුලු තිදෙනෙක් මිෂෙල්ව හොස්පිටල් එකට අරන් ගියා.සිදු වූ කිසිඳු දෙයක් කේසරට සිතා ගැනීමට නොහැකි වූවා.මිෂෙල් ඔහුට කෙතරම් කුරුරුකම් සිදු කරත් කේසර ප්‍රාර්ථනා කරේ මිෂෙල්ගේ ජීවිතයට අනතුරක් සිදු නොවේවා කියාය.
“වික්‍රම් මිෂෙල්ට මොකද?ඒකිව බේර ගන්න පුලුවන් වෙයි නේද?…………………”📲
“අපි මිෂෙල් මැඩම්ව හොස්පිටල් ඇඩ්මිට් කරා බොස්.දැන් මැඩම් ඉන්නෙ අයිසීයූ එකේ.තාම මොකුත් කියන්න බෑ බොස්.ලේ ගිහින් තිබුනු හැටියට ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයි………………….”📲
“උඹලා ඉක්මනට වරෙන්කො…………………”📲
“හා බොස්…………………”📲
මිෂෙල් හිටියෙ හුඟාක් කේන්තියෙන්.ඒ හින්දා වෙන්න ඇති මෙලෝ සිහියක් නැතුව කාරෙක පාරට ගන්න ඇත්තෙ. ශික්……….ඔලුවට කිසිම නිදහසක් නෑ. හැම දේකටම කලින් ශනායාව හොයා ගන්න ඕනි.මට හොඳටම විශ්වාසයි ශනායා කොහේ හරි ජීවත් වෙනවා.ඒත් ඇයි එයා මට කෝල් එකක්වත් නොදුන්නෙ.කව්ද ශනායව හංගගෙන ඉන්නෙ.මාව ලබා ගන්න මිෂෙල්වත් ශනායව කිඩ්නැප් කරාද?
කේසරගේ සිතේ ප්‍රශ්න කෝටියකි. එහෙත් ඔහුට ඒ කිසිඳු ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගැනීමට නොහැකි විය.පුරා මාස තුනක් ඔහු ශනායාව සොයා නොගිය තැනක් නැත.මුලු රටම පීරමින් ඔහු සෑම අස්සක් මුල්ලක් නෑරම ශනායාව සෙව්වා.ඒත් ඔහුට ඇය පිළිඹඳව කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
තමා අවට සිටින සියල්ලක්ම පැවසුවේ ශනායා ජීවතුන් අතර නැතිව ඇතැයි කියාය.එහෙත් එය පිළිගැනීමට ඔහුගේ සිත සූදානම් නැත.ඇය මිය ගියා යැයි තමා විශ්වාස කරන්නේ ඇගේ සිරුර සියැසින් දුටුව පසුවය.එහෙත් එවැන්නක් නම් සිදු නොවේවා යයි ඔහු පැතුවේය.
“බොස්…………………”
“ආ වික්‍රම් මෙහාට වරෙන්කො පොඩ්ඩක්………………….”
“ඇයි බොස්.මොකක්ද ප්‍රශ්නෙ?…………………”
“උඹලට හිතෙන්නෙ නැද්ද අපි ශනායාව හොයපු නැති තැන් තියනවා කියලා…………………..”
“මේකයිනෙ බොස් අපිට සැක හිතෙන හැම තැනකම අපි ශනායා මැඩම්ව හෙව්වා.ඒත් අපිට පොඩි හෝඩුවාවක්වත් හම්බුනේ නෑනෙ.ඒත් අපි එක තැනක හෙව්වෙ නෑනෙ………………..”
“ඒ කොහෙද?………………..”
“ශනායා මැඩම්ගෙ අම්මගෙ ගෙදර. නුවර ගමේ…………………”
“එහෙ ගිහින් වැඩක් නෑ බන්.ශනායගෙ තාත්තා මට කිව්වා එයා එහෙ ගිහින් විස්තර බැලුවලු.ශනායගෙ අම්මා කිව්වලු ශනායා එහෙ ආවෙත් නැතිලු……………………..”
“සැකයි කියලා හිතෙන බොස්ගෙ හැම තරහකාරයෙක්ගෙම ගෙවල් වල බැලුවා.ඒත් මාස තුනක් ගිහිල්ලත් අපිට මැඩම් ගැන කිසිම තොරතුරක් ලැබුනෙ නෑනෙ…………………..”
“මගෙ දරුවා හොඳින් ඉන්නවද දන්නෙත් නෑ.මට ඒ දෙන්නෙගෙම ජීවිත මේ හැම දේකටම වැඩිය වටිනවා.එදා මං ගෙදර එනකල් ඒකි මග බලාගෙන ඉඳලා මං තාත්තා කෙනෙක් වෙන්න යන සුබ ආරංචිය මට කියන්න…………………”
ඔහුගේ දෙනෙත් වල කඳුලු පිරී තිබෙන බව වික්‍රම් දුටුවා.ඔහුට එය මහත් වේදනාවක් ගෙන දුන්නා.කොයි ලෝකෙක කවුරු මැඩම්ව හංගගෙන හිටියත් මං මැඩම්ව හොයාගෙන බොස් ගාවට ගේනවාමයි.ඔහු එසේ දැඩිව අධිෂ්ඨාන කර ගත්තා.සිය ප්‍රධානියා මෙලෙස දුකින් සිටිනවා බලන්නට ඔහුට සිතෙන්නේ නැත.
“ඒත් බොස් අපි එක පාරක් නුවර ගිහින් බලමුද?සමහර විට කාගෙන් හරි මැඩම්ට තර්ජනයක් එහෙම තිබ්බද දන්නෑනෙ බොස්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා.මැඩම් එයාගෙ අම්මා ගාව හැංගිලා වගේ ඉන්නවද දන්නෑ……………….”
“එහෙමනම් අඩුම තරමෙ ඇයි ශනායා මට කෝල් එකක්වත් නොදෙන්නෙ?හෙට උදෙන්ම ලෑස්ති වෙයන් නුවර ගිහිල්ලා බලමු…………………”
“හරි බොස්………………..”
🌺🌺
දවස් ගෙවී යන්නේ සිතෙහි දුක තුරුලු කරගනිමින් ය.කෙතරම් දුක් කන්දරාවක් ඉහිලුවද මා එය අම්මාට පෙන්නන්නේ නැත.ඇයත් සිටින්නේ අසනීප තත්වයෙනි.මා ගැන සිතා වද වෙමින් ඇය තවත් අසනීප වනවාට මාඅ කැමති නැත.ඇය ඉදිරිපිට සිනහවෙන් කල් ගත කලද මා උහුලන්නේ සුලු පටු ගින්දරක් නම් නොවෙයි.
ගෙවී යන සෑම තත්පරයක් තත්පරයක් පාසාම මගේ මතකයට නැගෙන්නේ කේසරවමය.ඔහු මාව හැම තැනකම හොයනවා ඇති.දැන් මාස තුනකුත් ගෙව්නා.සිදු වන්නේ එක් දෙයකි.ඒ මගේ කුසේ සිටිනා දරු ගැබ දිනෙන් දින වැඩීමයි.එයට පස් මසක් ගත වී ඇත.තාම මා සිටින්නේ කේසර නැති සොවිනි.
සමහර විට දැන් කේසර හිත හදාගෙන ඇති මම ජීවතුන් අතර නෑ කියලා.එයා මාව තාමත් හොයනවා නම් මෙහෙ එන්න එපායැ.මගෙ අම්මාගෙ ගම මෙහෙ කියලා කේසර දන්නවා.
එක වතාවක්වත් කේසර මං මෙහෙ ඉන්නවද කියලා බලන්න ආවෙ නෑ.එයා දැන් හිත හදාගෙන ඇති.අර මිෂෙල් කියන ගෑණි මේ වෙනකොට කේසරට ලං වෙලත් ඇති.එයා මගෙ දරුවගෙ තාත්තව මගෙන් උදුර ගත්තා.😭😭
“දූ මොකද කරන්නෙ මේ හවස් වෙලාවෙ ඔතෙන්ට වෙලා?………………”
ටක්ගාලා කඳුලු පිහදාගෙන අම්මා දිහා බැලුවා.ඇගේ මුහුණේ තිබුනේ සිනහවක්.ළදරු ඇඳුම් කිහිපයක්ම ඇගේ අතේ තිබුනා.
“අම්මා මොනවද මහන්නෙ?………………”
“මගෙ මුණුපුරාට හරි මිණිපිරීට හරි ඇඳුම්.රෝස පාටිනුයි නිල් පාටිනුයි දෙකෙන්ම මැහුවා.අපි තාම දන්නෑනෙ දුවෙක්ද පුතෙක්ද කියලා……………….”
“ඊගාව පාර හොස්පිටල් ගියාම අහන්න ඕනි අම්මෙ………………..”
“දුවෙක් වුනත් පුතෙක් වුනත් අපි සතුටින් බාර ගන්න ඕනි.හේදයක් කරන්න හොඳ නෑ……………….”
“මගෙ හිතේ එහෙම භේදයක් නෑ අම්මා.ඒත් මං ආසයි පුතෙකුට……………….”
“හරි අපි බලමුකො.තව කල් තියනවනෙ.මං අච්චාරුවක් හදලා ඇති.කුස්සියට ගිහින් කන්න.ඔයා ආසයිනෙ අඹ අච්චාරු වලට……………….”😋😋
කුසට අත තබාගෙන මං නැගිට්ටෙමි. කුස්සියට ගොස් අම්මා සාදා ඇති අඹ අච්චාරුව කෑවෙමි.එය ඉතාමත් රසය. මිරිස් සැර මුසු පැණි රසට මං ගොඩාක් කැමතියි.කේසර ලඟ ඉන්න මට වාසනාවක් තිබුනා නම් එයා කොයි තරම් සන්තෝශයෙන් ඉඳියිද?කේසර මොනවා කරනවද දන්නෑ.
අර ගෑණි මගෙ කේසරගෙ ජීවිතේට අනතුරක් කරලද දන්නෑ.අනේ මට හොරෙන් හරි කේසරගෙ මුහුණ දකින්න තියනවා නම්.මාස තුනකින් මං එයාව දැක්කෙ නෑ.
නැවත හමුවෙමු