අද දිනය මෙරට ශාසනික වංශ කතාවට වැදගත් දවසක්. එක් වැදගත්කමක් වන්නේ මැදින් පුර පසලොස්වක පොහොය අදට යෙදී තිබීමයි. එමෙන්ම ඓතිහාසික කූරගල පුජා භුමියේ පළමු වරට ආගමික වතාවත් සිදු කෙරෙන්නේද අද දිනයේයි. ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ මූලිකත්වයෙන්.
ඓතිහාසික පුජා භුමිය විනාශ මුඛයට ඇද දමමින් ඉකුත් සමයේ සිදුවූ විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් ජාතියේ නාලිකාව ලෙස නෙත් එෆ් එම් වසර ගණනාවක සිට හඬ නැගුවා. ඒ, එහි එෛතිහාසික හා ශාසනික වැදගත්කම සමස්ථ ලෝකයාට පෙන්වා දීමේ අරමුණින්. ඒ අනුවයි හඩ නැගීමෙන් පමණක් නොනැවතී ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට ඉඩ හසර වෙන්වන පරිදි කූරගල ඓතිහාසික පුජා භුමියේ නව චෛත්‍යයක් ඉදිකිරිම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කළේ. එම ඓතිහාසික චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල් ගල තැබෙන්නේ අද දිනයේයි.
වසර ගණනාවක් පුරා මුස්ලිම් ජනතාව විසින් මහරහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල පුදබිමේ ගල් ලෙන් තුල ආගමික ස්ථාන ඉදිකරමින් සිදුකර තිබු අතර මේ වන විට පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකරමින් පවතිනවා. ඒ අනුව අද පස්වරුවේ ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑය‘ නමින් මෙම නව චෛත්‍ය රාජයාණන් වහන්සේට ඉදිකිරීමට මුල්ගල තැබීමට කටයුතු යොදා ඇති බවයි පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ.
නෙත් එෆ්එම් මාධ්‍ය නාලිකාව ද එෛතිහාසික කූරගල පුදබිමේ සංවර්ධන කටයුතු සහ අවට ජිවත්වන ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සඳහා සිය දායකත්වය ලබාදෙමින් සිටිනවා. එමෙන්ම මෙම නව චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඉදිකිරිම සඳහා දායකත්වය දැක්වීමට සැදැහැවත් ඔබටද දායක විය හැකියි.