තරූ නිම්හානි” තමයි අපේ චූටි දෝණිට අපි දෙන්නම දාපු නම.දැන් දූට මාස දෙකයි.අපි දෙන්නගෙ පණ තමයි අපේ රත්තරං දූ පැටියා.තාම පුංචි වුනත් හරිම දඟ මල්ලක් වෙයි අපේ දෝණි මැණික.
රෑට ඇහැරිලා සමහර වෙලාවට නවත්තන්නෙ නැතුවම අඬනවා.ඒ වෙලාවට ගිම්හාන් මහත්තයා දුවව වඩාගෙන කාමරේ පුරාම එයාව නළවගන්න එක එක දේවල් කියමින් ඇවිදිනවා.සමහර වෙලාවට එයාට නිදා ගන්න කියලා මං දුවව වඩාගෙන ඇවිදිනවා.
“සමනලී කෙල්ලට බෙහෙත් විදින්න තියෙන්නෙ කවද්ද?……………”
“ලබන මාසෙ දාසය තියෙන්නෙ මහත්තයා……………”
“ඔන්න මගෙ සෝස මල බෙයියන් විදිනකොට අඬන්න බෑ ඔන්න.චෝයි පැටියෙක් වගේ ඉන්න ඕනි…………..”
කෙල්ලව දෝතට අරන් එයා එහෙම කිව්වා.තාත්තිගෙ අතේ ඉන්නකොට එයා හොඳට නැළවෙනවා.මට වඩා කෙල්ල තාත්තිට ආදරේ වෙයි.
“සමනලී………….”
“ඇයි මහත්තයා?…………..”
“මං අද දුවව නාවන්නද?හැබැයි තමුසෙත් ළඟ ඉන්නවා…………..”
“අනේ ශෝක්නෙ.මහත්තයට පුලුවන්ද දුවව නාවන්න?………….”
“ඇයි අම්මට විතරද පුලුවන් ළමයව නාවන්න?තාත්තටත් පුලුවන් මැණිකව නාවන්න.නේද මගෙ සෝස මල…………..”
බාතෲම් එකට ගිහින් ගිම්හාන් මහත්තයට බංකුවෙන් වාඩි වෙන්න කියලා මං දුවව එයාගෙ අතට දුන්නා. මං කියලා දීපු විදියටම එයා දුවව නෑව්වා.මට හරිම සතුටක් දැනුනේ. මගෙ දෝණියි මායි ගොඩාක් වාසනාවන්තයි.මේ වගේ පියෙක් සැමියෙක් ලබන්න.තාත්තිගෙ ආදරේ සෙනෙහස දුවට හොඳින් ලැබෙනවා.
කෙල්ලව රෝස පාට බේබි ටවල් එකෙන් පිහදාලා ඔලුවට ඕඩි කොලෝන් දාලා බේබි ක්‍රීම් ගාලා පව්ඩරුත් දාලා නැපියකුත් ඇන්දෙව්වෙ ගිම්හාන් මහත්තයමයි.එයාට ඒ වැඩ ගානට තේරෙනවා.දුවව කොට්ටෙ උඩින් තියලා කකුල් දෙකේ තියාගෙන නලවන්නෙත් එයාමයි.සමහර වෙලාවට මං කරන්නෙ කෙල්ලට කිරි දෙන එක විතරයි.කෙල්ලගෙ චූටි චූටි නැපි,රෙදි හෝදන්නෙත් එයාමයි.ඒවා ඔක්කොම හෝදන්නෙ අතේමයි වොශින් මැෂින් එකේ නෙවෙයි.
කාලය ටික ටික ගෙවිලා ගියා.දැන් දුවට මව්කිරි වලට අමතරව පිටි කිරිත් දෙනවා.පොඩි පොඩි දියර කෑම ජාතිත් දෙනවා.ඒත් පිටි කිරි දෙන්නෙ දවසකට එක සැරයක් විතරයි.දත් එන නිසා කිරි බොන සමහර වෙලාවට ඒ දත් වලට හැපිලා ලේත් එනවා.
“ආව්…..දෙනවා දෝණිට දැන් රිදෙන්න පාරක්……………”
“මොකද ඕයි ළමයට කිරි දෙනවද එහෙම නැත්නම් ළමයව කන්න හදනවද ඔහොම කෑ ගහන්නෙ?………….”😠
කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව මේ දුෂ්ඨයාත් මටමයි බනින්නෙ. මූටයැ රිදෙන්නෙ මටනෙ.
“අනේ මහත්තයා ආසාවට නෙවෙයි කෑ ගැහුවෙ.කෙල්ල හපනවා කිරි බොද්දී. දැන් දත් ඇවිල්ලනෙ තියෙන්නෙ රිදෙනවා එතකොට………….”
“ඉතින් පොඩි එකාට ඕක තේරෙනවයැ. බනින්නෙ නැතුව ඉන්නවා………….”😠
ගල් ඉබ්බා හපන්න හිතෙනවා මුගෙත් එතනම රිදෙනවද කියලා බලන්න.😁
“මොනවද කුටු කුටු ගාන්නෙ?හැපුවා කියලා ගහන්නෙ එහෙම නෑ කෙල්ලට. නපුරු ගෑණි…………”😉
“දුෂ්ඨ මිනිහා………….”😁
“මොකක්ද කිව්වෙ?ආයෙත් කියපිය බලන්න.දෙන්නෙ දත් ටික බඩට යන්න………….”😆😉
දෙයි දෙයි කියලා තමයි බය.
කෙල්ලව නිදි කරවලා තොටිල්ලෙන් තියලා මං රෑට කෑමත් කෑවා.අපේ කාමරේට එහා පැත්තෙන් තියන පොඩි කාමරේ අපි දුව වෙනුවෙන් ලස්සනට සූදානම් කරා.රෝස පාටින්ම සරසලා ලස්සන හැදුවා.බිත්තියේ පොඩි බබාලගෙ පින්තූර එල්ලුවා.ලස්සන සමනල්ලු,ටෙඩි බෙයාර්ලා ඇඳ වටේට තිබ්බා.හෙට කාමරේ ලයිට් එකක් හයි කරන්න ඕනි.
“කෙල්ල නිදිද?………….”
“හ්ම්ම්.කිරි බීලා සැපට නිදි…………”
“මොකෝ කෙල්ලගෙ අම්මටත් නිදිමතයිද?………..”
“හ්ම්ම්…………”
මං අහක බලාගෙන තොලකුත් හපාගෙන එහෙම කිව්වේ එලියෙ වැස්ස නිසා දැනෙන සීතලට දෙව්ර හකුලුවා ගනිමින්.
“අද නම් නිදා ගන්න දෙන්නෑ මැණිකෙට.එනවා මෙහාට හොර කෙල්ල.අද නම් මගෙන් බේරෙන්න හම්බෙන්නෑ තමුසෙට…………..”
එයා එහෙම කියලා මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.සීතල නිසා වෙව්ලන මගෙ දෙතොල් ඒ දෙතොල් වලින් අල්ල ගත්තේ සියුම් වේදනාවක් දැනෙද්දී.කාමරේ ලයිට් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක විතරක් ඔන් කරපු ගිම්හාන් මහත්තයා මං ගාවට ඇවිත් මාත් එක්කම ඇඳට වැටුනා.එලියෙ මහ හයියෙන් වහිනවා.
“මොකෝ සීතලයිද ගොඩක්?…………..”
“හ්ම්ම්.ගොඩාක් සීතලයි අනේ………….”
මං එහෙම කිව්වේ තව තවත් එයාගෙ නිරුවත් පපුවට තුරුල් වෙමින්.මගේ බ්ලව්ස් එකේ බට්න් එකින් එක ගලවපු එයා පපුවේ එක් පැත්තක් සිපගත්තා. නොනවත්වාම දෙතොලින් ඇරඹි ඒ සිප ගැන්ම මගේ මුලු සිරුරට පුරාවටම රැගෙන ගියා.මගේ කනේ එක් පැත්තක් හීනියට වගේ ඒ දත් වලට ග්‍රහණය වුනා.මගේ මුවින් නැඟුනු කෙඳිරිලි හඬවල් නිසා එයාගේ ස්පර්ශයන් තව තවත් රළු වුනා.අනුරාගී හෝරාවකට පසුව එයා මගෙ සිරුරින් ඈත් වුනේ මගේ නලලට හාදුවකුත් දීලයි.
“මහත්තයා?…………..”
“හ්ම්ම්…………..”
එයා මගේ පැත්තට හැරිලා නිරුවත් ළමැද මැද්දෙන් අතක් දාලා මාව තුරුල් කර ගත්තා.බෙඩ් සීට් එක පපුව ගාවටම පෙරවගෙන මං එයා දිහා බැලුවා.
“ආදරෙයි ගොඩාක් මහත්තයට………….”
“මාත් ආදරෙයි සමනලී.දැන් නිදා ගම්මු මැණික නිදි මතයි………….”
බාතෲම් එකට ගිහින් අපි දෙන්නා ඇඟ හෝදගෙන ඇවිත් නිදා ගත්තා.
වසර තුනහමාරකට පසුව👇👇👇
“තරූ…..දෝණි මෙහෙ එන්න මැණික. අම්මි ළඟට ආවිත් ගහනවා ඔයාට පාරක්.කියන දේ අහන්න ළමයො……………”
“බබාත බත් ඇති අම්මි.මේ බණ්ඩිය ගොදාක් පිරිලා……………”
ඇඳගෙනා හිටපු චූටි බ්ලව්ස් එක උස්සලා කෙල්ල එයාගෙ බණ්ඩිය පෙන්නුවා.බත් කන්න නම් හරිම කම්මැලියි.නූඩ්ලස්,කොත්තු,පීට්සා වගේ කෑම නම් හොඳට කනවා. ආසාවට බත් ඇටයක් කන්නෙ නෑ.
“බෑ බෑ තව ටිකක් කන්න ඕනි. ඉක්මනට ලොකු වෙන්න ඕනි නම් බත් ගොඩාරියක් කන්න ඕනි.කඩචෝරු දුන්නොත් නම් රහ කර කරා කයි. වේවැලක් ගෙනල්ලා ගහනවා මං ඔයාට……………”
කොහොමහරි කෙල්ලට සැර කරලා බත් සේරම ටික කවා ගත්තා. තාත්තිගෙ හුරතලේ තමයි කෙල්ලව නරක් කරන්නෙ.ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම අරන් දීලා කෙල්ල හොඳටම මුරණ්ඩු වෙලා නරක් වෙලා.
“අම්මී ආත්ති එක්ක පන්සල් නමූ…………..”
“අද බෑ මැණික.අපි හෙට යමු තාත්තිගෙ බූං එකේ.අද අම්මිට ගොඩාක් වැඩ තියෙයිනෙ……………”
මං එහෙම කියලා කෙල්ලව බාතෲම් එකට එක්කන් ගිහිල්ලා නාවලා කොට කලිසමකුයි හීනි පටි තියන බ්ලව්ස් එකකුයි ඇන්දෙව්වා.
“අම්මී තාත්තී තාම පලක්කු ඇයි?……………”
“තාත්ති එන්න තව වෙලා තියනවනෙ මැණික.තාම වෙලාව දෙකයිනෙ…………….”
කෙල්ල තාත්ති එනකල්ම බලාගෙන ඉන්නෙ එයා එනකොට මෙයාට මොනවහරි කඩචෝරු අරන් එනවනෙ. කඩචෝරු කන්න තියනවා නම් මෙයාට වෙන මොකුත් ඕන්නෑ.
කෙල්ල කාමරේට වෙලා බෝනික්කන්ගෙන් සෙල්ලම් කරන අතරෙ මං බැල්කනියට ඇවිත් වේලුණු රෙදි ටික අරගෙන කාමරේට එන්න හදද්දි සාලෙ කවුරුහරි අම්මා එක්ක කතා කර කර ඉන්නවා දැක්කා.අම්මගෙ යාලුවෙක් වෙන්න ඇති කියලා හිතලා මං කාමරේට යන්න හදද්දී ඒ ගෑනු කෙනාගෙ මුහුණ මං අහම්බෙන් වගේ දැක්කා.ඉක්මනට රෙදි ටික ඇඳෙන් තියලා මං උඩ තට්ටුවෙ කණුව ගාවට ඇවිත් කණුවට මුවා වෙලා ඒ ගෑණු කෙනා දිහා බැලුවා.
දෙයියනේ මේ ඒ ගෑණු කෙනාම තමයි. මට වැරදුනේ නෑ.අවුරුදු ගානක් ගෙව්නත් ඒ ඇස් ඒ මූණ තාම ඒ විදියමයි.වයසට ගියත් ඒ පෙනුම තාම ඒ විදියට තියනවා.මං ඉක්මනට කාමරේට ගිහින් අල්මාරිය ඇරලා මගෙ පරණ ඩයරියෙ තිබුනු ඒ ගෑණු කෙනාගෙ තරුණ කාලෙ ෆොටෝ එක අරන් බැලුවා.
අනිවාර්යෙන්ම මෙයා කව්ද කියලා හොයා ගන්නම වෙනවා. ඒත් මට සාලෙට යන්න බෑ.ඒ ගෑණු කෙනා හරියටම කව්ද කියලා දැන ගන්නකල් මට එයා ගාවට යන්න බෑ.
හරියටම මීට අවුරුදු දහඅටකට කලින් විතර වෙච්චි සිද්දියක් මගෙ මතකයට නැගුනා.එතකොට මට අවුරුදු හතක් අටක් විතර ඇති.මේ ගෑණු කෙනා නිතරම වගේ අපේ ගෙදරට ආවා.
එයා කව්ද කියලා මං ආච්චිගෙන් ඒ ගෑනු කෙනා කව්ද කියලා ඇහුවත් ආච්චි අම්මා මට කිව්වෙ නෑ.ආච්චි මැරුණට පස්සෙ මං ඒ ගෑනු කෙනාව දැක්කෙ අදයි.මෙයා මෙහාට ආවෙ මාව හොයාගෙනවත්ද?
පැයකට විතර පස්සෙ ඒ ගෑණු කෙනා ගියා.මං ගිම්හාන් මහත්තයගෙ අම්මව හොයාගෙන කාමරේට ගියා තේ එකකුත් අරන්.අම්මා අනිවාර්යෙන්ම දන්නවා ඇති එයා කව්ද කියලා.
“අම්මෙ තේ එක බොන්න.අර ආපු ඇන්ටි නෑදෑයෙක්ද අම්මලාගෙ?…………”
“ආ…..එයා ප්‍රියාණි.නෑදෑයෙක් නම් නෙවෙයි දුවේ.මහා පව්කාර ගෑණියෙක්…………….”
අම්මා ඒක කිව්වෙ ගොඩාක් තරහින් වගෙයි.අම්මාට ඒ තරම්ම තරහ ගන්න ඒ ගෑණු කෙනා කරපු පව්කාර වැඩේ මොකක්ද?මං නොදන්න තාලෙට අම්මට සැක නොහිතෙන්න අම්මගෙන් ඒ ගැන ඇහුවා.
“ඇයි අම්මෙ ඒ ඇන්ටි අම්මට මොනවහරි කියලා බැන්නද?…………..”
“මට නම් මොකුත් කිව්වෙ නෑ දුවේ.ඒත් ඔය ගෑණි මහා අපරාධයක් කරපු කෙනෙක්.දුව මෙහෙන් වාඩි වෙන්නකො……………”
මං අම්මගෙ ඇඳේ පැත්තකි වාඩි වුනා.
“මීට අවුරුදු විසිතුනකට විතර කලින් ඔය ගෑණි හිටියෙ කොස්ලන්ද පැත්තෙ.කාගෙදෝ මන්දා සල්ලිකාර පව්ලක ගෑණු කෙනෙකුට දුවෙක් ඉපදිලා.ඒ ඉපදුනු දරුවගෙ අම්මයි තාත්තයි මේ ගෑණු කෙනාට ඒ දරුවව දීලා තියනවා කාටහරි දෙන්න කියලා……………..”
“අනේ දෙයියනේ ඇයි ඒ අම්මයි තාත්තයි ඒ දරුවව එපා කියලා තියෙන්නෙ?අම්මා කෙනෙකුට පුලුවන්ද තමන්ගෙ කුසින් වදාපු දරුවව අහක දාන්න……………..”
“ඒක තමයි දරුවො.මහ කාලකණ්ණි දෙමව්පියො දෙන්නෙක්.ඒ දෙන්නට තව එක දුවෙක් ඉඳලා තියනවා.මේ දරුවා ලැබෙන්න ඉන්නැද්දී ඒ දෙමව්පියො බලාපොරොත්තු වෙලා තියෙන්නෙ පරම්පරාව ගෙනියන්නයි ඒ ව්‍යාපාර භාර ගන්නයි පුතෙක්ව.ඒත් හම්බුනේ දුවෙක් කියලා දැන ගත්තම ඒ දෙමව්පියො දෙන්නා ඉස්පිරිතාලෙ ඉඳන් ආවට පස්සෙ මේ ගෑණු කෙනාට ඒ දරුවව දීලා තියනවා.කර කියා ගන්න දෙයක් නැතුව මේ ගෑණි ඒ දරුවව කොහෙදෝ මන්දා දුෂ්කර පලාතක වයසක ගෑණු කෙනෙකුට හදා ගන්න දීලා.ඒ කෙල්ලට අවුරුදු අටක් වෙද්දී ඒ වයසක ගෑණි මැරිලා කිරි කට්ටියෙදි නයෙක් ගහලා.ඒ කෙල්ල ගැන කිසිම ආරංචියක් නැතිලු.මං නම් හිතන්නෙ ඒ ළමයා මැරිලත් ඇති දැන්……………”
හත් දෙයියනේ අම්මා කියන්නෙ මං ගැන නේද?ඒ දරුවා……ඒ දරුවා මම නේද?එතකොට😭😭මාව එපා කියපු මගෙ අම්මයි තාත්තයි කව්ද?විසඳගන්න බැරි ප්‍රශ්න කෝටියක මං අතරමං වුනා.කව්ද මගෙ අම්මයි තාත්තයි.ඒ ආපු ප්‍රියාණි කියන ගෑණු කෙනා ඒ ගැන දන්නවා ඇති.
දවස තිස්සෙම මං කල්පනා කරා මේ ගැන.ගිම්හාන් මහත්තයගෙ අම්මගෙන් අහන්නත් හිතයි.ඒත් මගෙ හිත කිව්වෙම ඒ ගැන අම්මගෙන් අහන්න එපා කියලයි.
“තමුසෙ මොනවද ඕයි කල්පනා කරන්නෙ ඔය හැටි?…………..”
“මොකුත් නෑ මහත්තයා.ඔලුව කැක්කුමයි වගේ……………”
“අම්මී…..බබාත කුක්කු බඩකිනී…………”
කෙල්ල ඇඳේ ඉඳන්ම දණ ගාගෙන ඇවිත් මගෙ ස්කිනි එකේ පටිය පාත් කරලා කිරි බොන්න පටන් ගත්තා. කොච්චර කල්පනා කරත් උපන්න මොහොතෙම මාව එපා කියපු අම්මයි තාත්තයි ගැන මොකටද මං හොයන්නෙ?එහෙම හිතලා මං ඒ ගැන නොහිතා හිටියා.
“දෝණී දැන් කුක්කු බිව්වා ඇති මැණික. හබුං කමූ.මගෙ හොඳ පැටියනෙ…………”
කෙල්ලගෙ ඔලුව අත ගාලා ආදරෙන් එහෙම කිව්වත් කෙල්ල කුක්කු කටේ තියාගෙනමයි හිටියෙ.අතෑරියෙ නෑ.බත් කන්න පුදුම කම්මැලිකමක් තියෙන්නෙ.කඩචෝරු බබෙක් මෙයා නම්.මං බලෙන්ම වගේ කෙල්ලව පැත්තකට කරලා බත් ගෙනල්ලා කැව්වා.කටයි දෙකයි කන්නෙ.ඊට පස්සෙ බෑ කියනවා.මං පාරක් ගහලා කෙල්ලට සැර කරා.ඒ පාර මේකි ඇස් රතු කරගෙන අඬනවා.
“මොකද ඕයි හැමදාම ඔය ළමයට කවන්න ගිහින් අඬවන්නෙ ලමයව?………….”
“එහෙනම් ඔයාව කවන්නකො බත් ටික.කඩචෝරු කාලා පුරුදු වෙලා බත් ඇටයක් කන්නෙ නෑ.ඔයා තමයි මෙයාව නරක් කරන්නෙ ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම අරන් දීලා…………”
“ගහන්නෙ නැතුව ආදරෙන් කියනවා. එතකොට ලමයා අහනවා.ළමයට ගැහුවොත් එහෙම කඩනවා තමුසෙගෙ කකුල් දෙක…………”
කඩයි ගල් ඉබ්බා.එයාට නම් මොකද. මමනෙ දුක් විඳින්න ඕනි අසනීපයක් හැදුනොත් නොකා ඉදලා හොස්පිට්ල් එකේ ඉදන්.
“කදනවා කකුල් ඔලාගෙ…………”
මේන් බලාපල්ලකො මේ කෙල්ල කියන කතාව.තාත්ති කියපු දේ අහගෙන ඉඳලා ඇඟිල්ල දික් කරලා කියනවා මගෙ කකුල් කඩනවා කියලා.ගිම්හාන් මහත්තයට නම් හොඳටම හිනා කෙල්ලගෙ කතාවට.තාත්තියි දුවයි එකතු වෙලා අම්මව හොස්පිට්ල් යවයි වගේ.
මතු සම්බන්දයි