“අම්මා කිව්වා තමුසෙවත් එක්කරගෙන පන්සල් ගිහින් එන්න කියලා.තව සතියකින් විතර කැළණි ගිහින් එන්න යමු…………..”

“අනේ හා.මාත් හරිම ආසාවෙන් හිටියෙ කොහෙ හරි යන්න.කම්මැලියි අප්පා……………”

“ලබන සතියෙ යමුකො…………..”

මං හරිම ආසාවෙන් හිටියෙ ගිම්හාන් මහත්තයා මාව පන්සල් එක්කන් යනවා කිව්වම.කසාද බැඳලා මාස දහයක් වුනා මේ යකා මාව කොහෙවත් එක්කන් ගියේ නෑ.කොච්චරවත් ඉතින් බිස්නස්ම තමයි.ආසාවට මලක් පහනක් පූජා කරලා පිනක් කර ගන්නෙ නෑ මේ දුෂ්ඨයා.

රෑට කාලා ඉවර වෙලා අපි දෙන්නා ටීවි එකේ ටැමිල් ෆිල්ම් එකක් බැලුවා.මරු ෆිල්ම් එක.සූර්යායි ත්‍රිෂා යි ඉන්නෙ.මාත් ආසාවෙන් ඒ ෆිල්ම් එක බැලුවා.ටිකක් වෙලා යනකොට ගිම්හාන් මහත්තයා ටීවි එක වැහුවා.

“අනේ ඇයි මහත්තයා ටීවි එක ඕෆ් කෙරුවෙ?අපරාදෙනෙ තව ටිකයිනෙ තියෙන්නෙ.අනේ බලමුකෝ………….”

“බලන්නම ඕන්නම් කාටුන් පීස් ගෙනල්ලා බලනවා.ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් කපාගන්න කොටාගන්න ඒවයි,පුච්චන ඒවයි මරන ඒවයි විතරයි.තමුසෙ ඒවා බලන්න එපා.බය වුනොත් එහෙම හොඳ නෑ…………..”😠😠

ගිම්හාන් මහත්තයා ඒක කිව්වෙ ටිකක් සැරෙන් වගේ.නපුරා මට ආදරෙයි.ඒත් අපරාදෙ ෆිල්ම් එකේ ඉතුරු ටික බලන්න බැරි වුනානෙ.

“මහත්තයා…………..”

“ඇයි?………….”

“ගොඩාක් ආදරෙයි…………..”

එහෙම කියලා මං එයාගෙ කම්මුලක් තද කරලා සිප ගත්තා.එයා දඟකාර හිනාවක් මූණට මතු කරගෙන මං දිහා බලාගෙන හිටියා.නපුරු දුෂ්ඨයගෙ මේ හිනාවට තමයි මං ආසම.මගේ බඩට දැන් මාස අටක් හින්දා බබා හොඳට පයින් ගහනවා.එයා සමහර වෙලාවට මගෙ බඩට කන තියලා බලනවා.

“බලන්නකො මහත්තයා මෙයා හොඳට දඟලනවා.හරිම චණ්ඩියෙක් වගේ…………..”

මං එහෙම කියද්දී ගිම්හාන් මහත්තයා මගෙ ගව්මේ බොත්තම් කිහිපයක් ගලවලා කුසට අත තියලා බැලුවා. දරුවා දඟලනවා ගිම්හාන්ගෙ දෑතට හොඳට දැනෙනවා.ඔහුට පුදුම සතුටක් දැනෙන්නෙ.දරුවා එහාට මෙහාට දඟලද්දී ඇගේ කුස ගැහෙනවා හැටි හොඳට පේනවා.

“අමාරුයි නේද තමුසෙට ළමයා හයියෙන් දඟලද්දී?…………….”

“ටිකක් විතර අමාරුයි මහත්තයා. කොහොම හරි දරාගෙන ඉන්නවා.අපේ පැටියා වෙනුවෙන්නෙ…………..”

“මොනවද අපේ දෝණිඇන්දා කියන්නෙ?…………….”😀

එයා එහෙම ඇහුවේ මගේ කුස අතගාන ගමන්.මට හිතුණා ගිම්හාන් මහත්තයව ටිකක් අවුස්සන්න.

“තාත්තිගෙ චණ්ඩි වැඩ නවත්තන්නලු. නැත්නම් අම්මගෙන් වදියිලු කොහුපාරක් හරි ඉදල් පාරක් හරි……………”😁😉

“ආ ඇත්තද මැණිකෙ.ඔය නම් අම්මි හදන්නෙ දත් නැතුව බත් කන්න. දෙනවා දෙකක් අම්මිට මං……………”

“අපි බය වෙයි නේද දෝණී.තාත්ති නපුරුයි.හරිම දුෂ්ඨයි.වෙලාවකට හරියට කේන්ති ගන්නවා.දවසක් අම්මිගෙ ඔලුවත් පැලුවා…………..”

“ඔය මොනවද තමුසෙ මගෙ කෙල්ලට කියන්නෙ?ළමයවත් නරක් කරන්නද හදන්නෙ ඕවා කියලා.තාත්ති නපුරු නෑ මැණික.අම්මි තමයි නපුරු……………”

එයා එහෙම කියලා ලාවට වගේ මගෙ කන් පෙත්තක් හැපුවා.වෙනදා වගේ නෙවෙයි දැන් ඇය මහත් වෙලා.අත පය කම්මුල් පිරිලා.හරිම ලස්සනයි.

“මහත්තයා……………”

“ඇයි මැණික?……………”

එයා එහෙම තමයි.වෙලාවකට මට තමුසෙ ඕයි කියලා වගේම මැණික, පැටියෝ වස්තු කියලත් කතා කරනවා.

“මට ආසයි ඇඹුල් පේර කන්න.මෙහෙ කොහෙවත් නෑනෙ ඒවා…………..”

“මං හෙට කොහෙන් හරි හොයාගෙන ගේන්නම්කො ඇඹුල් පේර ලොරියක් හරි…………….”

දෝණි බඩට ආපු දවසෙ ඉඳන් එයා මං කන්න ආසයි කියපු හැම දෙයක්ම මට ගෙනල්ලා දුන්නා.දවසක් ලොවි ඉල්ලුවම මාකට් එකේ හැම තැනකම ලොවි හොයලා.ඒ කොහෙවත් ලොවි තිබිලා නෑ.කිලෝ මීටර් ගානක් දුර ගිහිල්ලා තමයි ලොවි හොයාගෙන ඇවිල්ලා තියෙන්නෙ.

“කෝ ඔහොම ඉන්නවා මං තමුසෙගෙ ඔලුව පීරන්න.නෑවට හරියට ඔලුව පීරලා නෑනෙ…………….”

ගිම්හාන් මහත්තයා මගෙ ඔලුව පීරුවා.ඕඩිකොලොන් දාලා ඔලුව මසාජ් කරා.අම්මේ…..පුදුම සනීපයක් දැනෙන්නෙ දැන් නම්.

“ඒයි මොකෝ මේ ඉඳගෙන නිදි?……………”

“හරිම සනීපයක් දැනෙන්නෙ මහත්තයා.ඔයාට ගොඩාක් පිං මාව මෙහෙම බලාගන්නවට.ඊලඟ ආත්මෙත් මට ඔයාවම ලැබෙන්න ඕනි…………….”

“පිස්සු කෙල්ල ඊලඟ ආත්මෙ විතරක් නෙවෙයි හැම ආත්මෙකම මං තමුසෙගෙ විතරයි.ආයෙ වෙන එවුන් ඕන්නෑ…………….”

මාව ඇඳේ තියලා ඔලුවට කොට්ටයක් තියලා ෆෑන් එක දැම්මා.ඊට පස්සෙ මං ගාවට ඇවිත් මට අපහසුවයක් නොවෙන්න මගේ උරහිස හරියෙන් හිස තියා ගත්තා.

“මොකෝ නින්ද යන්නෙ නැද්ද මැණිකෙට?…………….”

එයා එහෙම ඇහුවෙ එයාගෙ කම්මුලක් මගේ කම්මුලේ ස්පර්ශ කරන ගමන්.

“එච්චර නෑ මහත්තයා…………..”

“එහෙනම් දැන්ම ඉඳන් නිදි මරලා පුරුදු වෙනවා.මෙයා රෑ තිස්සෙ ඇහැරිලා අඬන්න ගත්තම දෙන්නගෙන් මාරුවට ඇහැරිලා නලවන්න වෙයි…………..”

“තාත්ති ඉන්නවෙනෙ බබාව නලවන්න අම්මි දොයිය ගත්තම……………”

මං එහෙම කිව්වෙ එයාගෙ නිරුවත් පපු තුරුලෙ ඇඟිලි තුඩු යවමින්. වෙලාව රෑ නවයයි තිහ වුනත් අපි දෙන්නගෙන් කාටවත්ම නිදිමත නෑ.මට දවල් නින්ද ගිය හින්දා රෑට නින්ද යන්නෙ නෑ.

“තමුසෙ දැන් වෙනදාටත් වඩා ලස්සනයි.හරිම සිරියාවන්තයි.ආස හිතෙනවා දැක්කම මගෙ චීස් බෝලෙව.උම්මා දෙන්න හිතෙනවා රතු වෙන්නම……………”

“ඉතින් දෙන්නකෝ.එපා කිව්වෙ නෑනෙ මං…………….”

ටිකක් සරාගී විදියට බලලා හිනා වෙලා මං එහෙම කිව්වා.ඒ පාර ගිම්හාන් මහත්තයා මගෙ ගව්මෙ කර චුට්ටක් පාත් කරලා පපුවෙ වම් පැත්ත සිප ගත්තා.

“ඒයී……දැන් කුක්කු දෙන්නෙ බබාට විතරයි හොඳේ…………….”😊😉

මං එහෙම කිව්වෙ එයාගෙ තොල්පෙති වලට ඇඟිල්ලක් තබන ගමන්.එයා මනමාල විදියට කන කොනකින් බලලා හිනා වෙලා මගේ මූණට එබුනා.

“කමක් නෑ එකක් බබාට.අනික බබාගෙ තාත්තිට……………”

“ඊඊඊර් ඔයා හොඳටම වල්වෙලා මහත්තයා…………….”

“තමුසෙ හින්දා තමයි මං වල් වුනේ. පිස්සු කෙල්ල.ඉස්සර නම් මාව දැක්කත් ලැජ්ජාවෙන් ඇඹරෙනවා…………….”

“ඒ ඉතින් ඒ කාලෙනෙ මහත්තයා.දැන් හැම දෙයක්ම වෙනස්නෙ…………….”

“හිතා ගන්න බැරි තරම් ගොඩාක් දේවල් වෙනස් වුනා.ඉස්සර චූටියට හිටපු කෙල්ල දැන් මහත් වෙලා. කෙට්ටුවට තිබ්බ අත පය මූණ පිරිලා. චූටි බොල ගෙඩි දෙක කිරි වලින් බර වෙලා පිරිලා.බණ්ඩිය මහත් වෙලා තමුසෙට සිරියාවට ගේම එලිය වෙලා…………..”


“පණ්ඩිතයා වෙන්නැතුව ඉන්නවා ඕයි. තමුසෙ හරිම මුරණ්ඩුයි.කියන දෙයක් මෙලෝ සසරක් අහන්නෙ නෑ.එනවා මං නාවන්නම්…………….”

“අනේ බනින්න එපා මහත්තයා.මං පව්නෙ.බලන්න දෝණි තාත්ති අම්මිට බනිනවා……………”

කුසට අත් දෙකම තියාගෙන මං එහෙම කිව්වා.ගිම්හාන් මහත්තයා මං දිහා රවලා බැලුවා.හැබැයි ඒ දුෂ්ඨ විදියට නම් නෙවෙයි.හරිම ආදරණීය විදියට.

“බනින්න නෙවෙයි අනිනවා ටොක්කක් ඔලුව හිල් වෙන්න.කියන දේ අහන්නැති හින්දා.තමුසෙගෙ තියන දැඟලිල්ලට තනියම නාන්න ගිහිල්ලා ලිස්සුවොත් එහෙම…………….”

ගිම්හාන් මහත්තයා මාව නාවලා ඉවර වෙලා මගෙ ඔලුව පිහදාලා ඔලුවට ඕඩි කොලොන් දැම්මා.කාමරේට ඇවිත් ගව්මක් ඇඳගෙන නවකතා පොතක් අතට ගත්තා කියවන්න හිතාගෙන. කොන්ද පැත්තෙන් වේදනාවක් දැනුනු හින්දා මං පොත පැත්තකින් තියලා ඇඳෙන් ඇල වුනා.ගිම්හාන් මහත්තයා බාතෲම් එකේ නානවා.වෙනදාට මට කොන්ද කැක්කුමක් හැදුනොත් ගිම්හාන් මහත්තයාමයි කොන්දෙ බාම් ගාන්නෙ කොන්ද තවන්නෙත්.කකුල් ඉදිමිලා තියන වෙලාවට එයා කකුල තවනවා උණු වතුරෙන්.අනේ මං ගොඩාක් වාසනාවන්තයි මේ වගේ මහත්තයෙක් ලබන්න.මගේ හැම වැඩක්ම බෑ කියන්නෙ නැතුව ගිම්හාන් මහත්තයා කරනවා.රෑට මට නින්ද යනකල් මගෙ ඔලුව අත ගානවා. සමහර වෙලාවට කුසට අත් දෙකම තියලා දෝණිට කතා කරනවා.එයා කතා කරන වෙලාවට කෙල්ලට තාත්තිව දැනිලාද කොහෙද එහාට මෙහාට දඟලනවා.කෙල්ල මටත් වඩා එයාගෙ තාත්තිට ආදරේ වෙයි කියලා මට හිතුණා.

පැයක් හමාරක් ගෙවිලා ගියත් කොන්දෙ කැක්කුමෙ නම් අඩුවක් වුනේ නෑ.බඩ පෙරලගෙන එනවා වගේ වේදනාවක් දැනුනා.එන්න එන්නම වේදනාව වැඩි වුනා.මගෙ ඇඟටත් දාඩිය දාලා.මට බයකුත් දැනුනා ඒ වේදනාව නිසා.ගිම්හාන් මහත්තයා මහෙ එහා පැත්තට වෙලා ඇඳුම් වගයක් අල්මාරියට අහුරනවා.

“අනේ මහත්තයා……………..”😥😥

මං කතා කරපු තාලෙට ගිම්හාන් මහත්තයා බය වෙලා වගේ මං දිහා බැලුවෙ.නව නව හිටපු රෙදි ටික පැත්තකට දාලා එයා මං ගාවට පැන්නා.

“ඇයි මැණික ඔයාට අමාරුයිද?…………..”

“අනේ අම්මට කතා කරන්නකො මහත්තයා.මට ටිකක් අමාරුයි වගේ. කොන්ද හරියට රිදෙනවා………….”😥😥


පැය ගානක් වේදනාවෙන් මිරිකිලා හිටපු මගෙ අත් දෙකට ආවේ රෝසම රෝස පාට පුලුන් බෝලයක් වගේ ලස්සනම ලස්සනම දූ කුමාරියක්.චූටි ඇස්,ඒ අත පය,රෝස පාට කම්මුල් මට හරිම ලෝබ හිතුණා.විඳපු හැම වේදනාවක්ම නැති වෙලා ගියා ඒ මුහුණ දකිද්දි.ටික වෙලාවක් යද්දී ගිම්හාන් මහත්තයයි අම්මයිත් හොස්පිටල් එකට ආවා.මං ගාවට ඇවිත් මගෙ නලල සිප ගත්තු ගිම්හාන් මහත්තයා චූටි දෝණි දිහා බැලුවා.

“දුවෙක්.මහත්තයා වගේමයි…………..”

අම්මත් හරිම ආසාවෙන් චූටියා දිහා බැලුවා.එයාත් ආච්චියෙක්නෙ දැන්. ගිම්හාන් මහත්තයා දුවව වඩාගෙන තුරුල් කර ගත්තා.එයාගෙ ඇස්වල සතුටු කඳුලු.මං දැකලා නෑ එයා මේ තරම්ම සන්තෝශෙම් ඉන්නවා මීට කලින්.

“අම්මෙ මේ මගෙ දරුවා.බලන්න එයා රෝසම රෝස පාටයි.මට අද හරිම සතුටුයි.මාත් දැන් තාත්තා කෙනෙක්. මුලු ලෝකෙම මට ලැබුනා වගේ දැනෙනවා.මගෙ පුංචි රැජින.තාත්තිගෙ ලෝකෙම ඔයා මැණික……………”

අම්මයි මායි දෙන්නම හරිම සතුටින් ගිම්හාන් මහත්තයා දිහා බලාගෙන හිටියා.ගිම්හාන් මහත්තයයි අම්මයි දෙන්නා මාරුවෙන් මාරුවට දරුවව නලවනවා.

දවස් තුනකට පස්සෙ මගෙ ටිකක් කපලා මාවයි දුවවයි ගෙදර එක්කන් ආවා.අපේ කාමරේ රෝස පාරින් ලස්සනට සරසලා තිබුනා දෝණි වෙනුවෙන්ම.රෝස පාටින් ඇඳ ඇතිරිලි රෝස පාටින් මදුරු දැලක් එහෙම දාලා තිබුනා.කාමරේ අපේ ඇඳට එහායින් ලස්සන රෝස පාටින්ම සරසපු තොටිල්ලක් තිබුනා දෝණි වෙනුවෙන්.
දෝණිව නාවන හැටි එහෙම අම්මා මට කියලා දුන්නා.පලවෙනි දවස් දෙකේම දුවව නෑව්වෙ අම්මා.

“සමනලී…..දෝණිව නාවමුද?…………..”

බාතෲම් එකේ බේසමකට උණු වතුර දාලා දෝණිව නාවන්න ලෑස්ති කරලා තිබුනා.බංකුව උඩින් වාඩි වෙලා මං දෝණිව නාවනකල් ගිම්හාන් මහත්තයා ලඟටම වෙලා හිටියා.බේබි සබන් ගාලා දෝණිව නාවලා රෝස පාට බේබි ටවල් එකේ ඔතලා මං ගිම්හාන් මහත්තයගෙ අතට දෝණිව දුන්නා.

“අම්මි කුක්කු බීලා දොයියමු මගෙ සෝස මල……………”

එයා එහෙම කියලා දෝණිව ඇඳෙන් තිබ්බා.මාත් මූණ අත පය හෝදගෙන ඇවිත් වෙන බෙඩ්ජැකට් එකකුයි චීත්තෙකුයි ඇඳලා ඇඳෙන් වාඩි වෙලා දෝණිට කිරි දුන්නා.දෝණිව ඇඳෙන් තියලා නෙට් එක දැම්මා.ගිම්හාන් මහත්තයත් මං ගාවට ඇවිත් වාඩි වුනා.

“මොකෝ තාත්තිට දැන්ම නිදි මතයි වගේද ආ?……………”

“දැන්ම නිදා ගන්නෙ නෑ.අද රෑටත් මෙයා ඇහැරිලා ඇඬුවොත් එහෙම……………”

“අද අඬනෙකක් නෑ මහත්තයා.දැන්නෙ නිදා ගත්තෙ…………….”

එහෙම කියලා ගිම්හාන් මහත්තයා කෙල්ලගෙ සීට් එක ටිකක් උඩට පෙරෙව්වා එලියෙ වහින නිසා සීතලයිනෙ.ඊට පස්සෙ මං දිහා බලලා ඇහැක් ගාලා මනමාල විදියට හිනා වුනා.😀😉

“මොකෝ?…………..”😁😉

“ඉක්මනට සනීප වෙනවකො ඕයි.මාස දහයක ඇරියස් කවර් කරන්න තියෙයි හාද?…………….”

“ටිකක් ඉවසලා ඉන්න මහත්තයා…………….”

“හ්ම්ම්……………”

නැවත හමුවෙන තුරු විරාමයක්